À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 25 |

A+ A-

    එදා වෙසක් පුර පසලොස්වක පෝය දවසක්..

     අයියගෙ යාලුවො සෙට් එක ඇවිත් කොළඹ වෙසක් කලාපය බලන්න අයියව ඇදගෙන යන්න හවස් වරුවම දැගලුවා.

    අයියා කැමති වුණේ නෑ යන්න. මං ඒ අයියල ඔක්කොටම බාලයි. මාව එක්ක යන්න අයියගෙ කැමැත්තක් තිබුණෙ නෑ. ඒත් මාව දාල යන්නත් අයියා කැමති වුනේ නෑ.

     අන්තිමට කන්කරච්චලේ ඉවසගන්න බැරි තැන අයියා මටත් ලෑස්ති වෙන්න කියාගෙන සුදු ශර්ට් එකක් දාගත්තා සෝදන් ආව ඇගට උඩින්.

    අයියගෙ සුදුම සුදු කකුල්වලට බාටා දාගෙන කොන්ඩෙ ටිකක් විතරක් අල්ලල ඇවිස්සෙන්න ගැටගැහුවම සුපර් මොඩ්ල් ලුක් එකක් අයියට ආවෙ ඉබේටම.

   මං ගෙදරින් සුදු ඇදුම් ගෙනල්ලා තිබුනෙත් නෑ වැඩිය.. තිබුනෙ ලා පාට ශර්ට් දෙකක් විතරයි. ඩෙනිම් ගල් ශෝට දාල සුදු ශර්ට් එකක් ඇදල මං ස්ලිපර්ස් දෙකක් දාගත්තා. 

     ” මොකද්ද ඔය ඇන්දෙ..? ” දෙව්දුන් අයියා මට රවන හේතුව මං දැනන් උන්නෑ. ඇහිබැම ලං වෙලා සුදු මූණ රතු වුණා. ” මාරු කරන් එනවා.. ”

   ” මොකද්ද? “

    ” තොරන් පෙන්නන්නද යන්නෙ? ”

   ” ඇයි දැන් මොකද්ද අවුල? ”

    දෙව් අයියගෙ යාලුවෙක් අයියගෙ රූම් එකේ දොරරෙද්ද මෑත් කරගෙන හොම්බ දාපු හින්දා අයියා කතාව එහෙම්ම නතර කරගත්තා.

    ” හනිමූන් නෙවෙයි යන්නෙ. වරෙල්ලා අද.. දෙව්දුන් hurry the fu*ck up මචං ”

   ” යමං.. ”

දෙව්දුන් අයියා රූම් එකෙන් එලියට යන ගමන් ඒ අයියවත් තල්ලු කරන් ගියා.

     මං ශෝට ඇන්ද එකට උට කේන්ති ගියෙ ඇයි කියල මට තේරුණේ නෑ. මං ආදරේ කරල තියෙනවා.. ඒත් වියාරා කොටට ඇන්දා කියල මට කේන්ති ගිහින් නෑ.. වියාරා කොහොමත් කොටට ඇන්දෙ. එතකොට වියාරා ලස්සනයි..

  මුට මෙච්චර පැලියාව ඇයි කියල එදා මට තේරුන්නෑ.. මං ඒ තරම් සමාජෙ ගැන දැනන් හිටියෙත් නෑ..

     දෙව්දුන් අයියගෙ සෙට් එකේ අයියල දකිනකොට මට හිතුනෙ අපේ එකා වගේම හෙන ඔලුවෙන් ඉන්නවා ඇති කියල. ඒත් ටිකක් ඉද්දි ලොකුලයින් පොඩ්ඩක් අකාමකා ගිහින් පොලවට බැස්සෙ සෙට් එකේ කටවල් එක දෙක ඇරෙන්න ගන්නකොට..

    අපි ආවෙ බයික්වල.. මං අයියා දීපු පත හෙල්මට් එක අතේ එල්ලන් වනව වනව අයියල සෙට් එක පිටිපස්සෙන් ගියෙ දන්සල් පෝලිමක..

       පෝලිමේ අන්තිම.. මට ඉස්සරහින් අයියා හිටියා.

    කැම්පස් ලොකු අයියල සෙට් එකක් එක්ක රවුම් ගහන එක මගෙ වයසෙ කොල්ලෙකුට හීනයක්.. මටත් එහෙමම තමා. පුන් හඳ අහසෙන් එකක් පායලා.. වටේට රන් පාට වලල්ලක් ඇදිලා.. අද තරුවලටත් හඳෙන් ඈතට වෙලා බබළන්න වෙලා තිබුණා..

   අහසෙ හඳයි තරුයි යට පොළවෙ ගහක් ගලක් පාසා පැටලිලා නිවි නිවී පත්තුවෙන බල්බ් වැල්.. පහන් කූඩු.. වෙසක් දවසෙ හැඟීම වෙසක් දවසටම විතරයි.. ඒ හැඟීම විඳින්න බෞද්ධයෙක්වත්.. උපාසක මහත්තයෙක් වත් වෙන්න උවමනාවක් නෑ. අපි නත්තල් සැමරුවෙත් කතෝලික වෙලා නෙවෙයි.. ඒත් අපි කාටත් ඒ උත්සවශ්‍රීය එක වගේ දැනුනා පපුව පිරෙනකල්..

     ගෙදර බත් එකක් බෙදන් කනවට.. තේ එකක් බොනවට වඩා දන්සලකින් හකුරු කෑල්ලක් කාල බෙලි මල් විදුරක් කටයි අතයි පිච්චි පිච්චි බොන එක වෙනම එකක්. ගෙදරදි නං මං අම්මල පෙරැත්ත කලත් දන්සල් ගානෙ ගිහින් කන්න ලැජ්ජ හින්දා එදා දවසත් ගෙට කොටු වෙලා හිටියා. ඒත් අයියා එක්ක උරහිසේ ගෑවී නොගෑවී.. හීතලේ පිච්චි පිච්චි වෙව්ලගෙන දන්සල් වැදිල්ල මං මතකෙ සටහන් කරගත්තෙ ශිලා ලේඛනයක් ගානට..

   ඌ මට කැමති නෑ ලු.. ඒත් හිතින් හරි විඳින්න මට අවසර නැත්තෙ නෑ නෙ. සතුට වේදනාවක්.. වේදනාවම සතුටක් වෙන අමුතුම හැඟීමක්.. ක්‍රශ් එක.

        අනාගත ඉන්ජිනේරු මහත්තුරු ටික කියෙව්ව කුනුහරුප ඇහෙද්දි මට හිනාවෙන්නත් බෑ.. දෙව්කාරයා රවනවා දකිනකොට මං හිනාව කාගෙන බිම බලාගන්නවා. පිටිපස්සෙ ඉන්න ඇන්ටිල කුටු කුටු ගගා බනිනවත් මට ඇහෙනවා.

    සිරාවට ගෑනුන්ට තියා මටත් ලැජ්ජ ඇතුව අහන්න පුළුවන් කතා නෙවෙයි උන් කිව්වෙ.

     දෙව්දුන් අයියා නං වැඩිය ඒවට හවුල් වුනේ නෑ. අහංකාරකම ද වැදගත්කම ද මං දන්නෑ. සමහර විට එයාගෙ ශිෂ්‍යයෙක් ඉස්සරහ ඉන්න හින්දද මංදා..

   ඒත් කොල්ලෙක් වුනාම විහිලුවක් තේරෙන්නෝන.. මූ මට ඒ විහිලු තේරෙන එකටත් රවනකොට මට තව හිනා යන එක විතරයි..

අහංකාරයා මගෙ..

          ගෙදරින් කෝල් එකක් එන හින්දා මං ෆෝන් එකත් අරන් පෝලිමෙන් අයින් වෙලා පැත්තකට ගියා. සෙනඟ ඉන්න තැන අම්මා මාව හුරතල් කරනකොට එයාලට නෑහුනත් මට ලැජ්ජයි. අනික ඊට හපන් බනින්න ගත්තම…

        විනාඩි දහයක් විතර අම්මා ෆෝන් එක තිබ්බෙ නෑ. මං අම්මට ආදරේ නැතුව නෙවෙයි.. ඒත් මට ඒක කරදරයක් වගේ දැනුනෙ. ගෙදර කියන සිතිවිල්ලම මට ඇති කළේ පීඩනයක්. දෙව්දුන් අයියා ළඟ ගුටි කකා හරි මං සැනසීමෙන් හිටියා. ඒකයි වෙසක් කියලවත් මම ගෙදර නොයා නතර වුණේ..

     අම්මා අප්පච්චිගෙ ගුණ වයද්දි මං ආස නෑ.. අප්පච්චි කරන කියන දේවල් සාධාරණීකරණය කරනවා වගේ දැනෙනකොට මට දැනුණෙ අසරණකමක් එක්ක තරහක්.

      ෆෝන් එක තියල එද්දි අයියල ෆ්‍රයිඩ් රයිස් දන්සලේ දානෙට අත ගහලත් ඉවරයි. දෙව්දුන් අයියා මං එනකල් පුටුවක වාඩිවෙලා බලාගෙන ඉන්නවා මම දැක්කා. මං එතෙන්ට දුවන් ගියෙ අයියා අත වනන හින්දා..

      ” අයියා කන්න.. මට බඩගිනි නෑ..  ” මං කිව්වෙ පෝලිම දැන් ආපහු දික් වෙලා හින්දා. ආය යන්න කම්මැලී මට. අනික මේ අයියලට පරක්කු වෙයි මං හින්දා.. කන්න නෙවෙයි නෙ ආවෙ රවුමක් ගහන්නනෙ..

       අයියා මොකුත් කිව්වෙ නෑ.. මගෙ අතින් ඇදල ඔඩොක්කුවෙ වාඩි කරගත්තම මමත් පුදුම වුණා. පුටු නෑ වෙන.. අයියා බත් කටක් අනලා මගෙ කටට ලං කළා..

    ” තමුසෙ අත හෝදන්න ඕන්නෑ. ” මං කවන්නං නොකිය එහෙම කියද්දි මගෙ පපුව අස්සෙ අමුතු කිතියක් දැනෙන්න වුනා..

    අයියා මට කැව්වා.. එයා කනවට වඩා කළේ මට කවන එක.. කටවල් පහකට වඩා කන කොල්ලෙක් නෙවෙයි මම. පිට තැනකින් නම් කොහොමත් කන්න බෑ. ඒත් මූ බලෙන් අල්ලන් ගිල්ලද්දින් මමත් මැටි ගිලින කිඹුලා වගේ ගිල්ලෙ අයියා අතින් වශියකුත් අනලා කවනවද මං දන්නෑ… මට කොහෙවත් නැති බඩගින්නක් ආව හින්දා..

      

    
       අපි පාන්දර එක දෙක වෙනකල් බයික්වල එහෙ මෙහෙ ගියා.. අයියල නවත්තන්න හැම දන්සලකින් ම වගේ මමත් කෑවා බිව්වා.. දෙව්දුන් අයියා කෑවෙ නැතත් බලෙන් හරි ගෙනත් කඩල ගොට්ටක් හරි මගෙ අතේ ගුලි කරා.

    තොරණක් ගහල තිබුණෙ වෙසක් කලාපය මැද.. පටාචාරා කතා වස්තුව ලු.. කවියෙන් කතාව කියනවා අහගෙන තොරණෙ බැබළෙන බල්බ් මැද ඇඳුන වේදනාබර චිත්‍ර හින්දා මට පොඩි මූසල ගතියක් නොදැනුණේ නෑ.. ඒත් අන්තිමට පටාචාරා ත් නිරාමිස සැප හොයාගත්තා… ශාන්ත සිතිවිල්ලක් හිතට ආවෙ මගෙ විතර ද මං දන්නෑ. ඒත් තොරණ බලපු මං බල්බ් දිහා විතරක් නොබල ඒ කතාවත් වින්ඳෙ හදවතින් ම..
       

     මං හිටගෙන තොරණ දිහා එච්චර වෙලාවක් බලන් ඉදපු බව වත්.. අයියල ඒ අස්සෙ එහෙට මෙහෙට විසිරිල ගිහින් බවවත් මං දැනන් හිටියෙ නෑ.. ඇතුලෙ ලයිට් පත්තුවෙන නිවෙන… ප්ලාස්ටික් රෝස මලක් තියෙන විනිවිද පේන බැලුන් ගොඩක් අතින් අල්ලන් ලඟට ආව මාමා කෙනෙක් බැලුමක් ගන්න කියල වද දෙන්න පටන්ගන්නකල් දෙව්දුන් අයියා මගෙ පිටිපස්සෙ නෑ කියල මං දැනන් ඉදියෙත් නෑ..

     මං අතේ සල්ලි නෑ.. ඒත් ඒ බැලූන් දැක්කම මටත් ආස හිතුනා. ඕවට ආස්  කෙල්ලො.. එහෙම කියල හිත හදාගෙන මං තොරණ ළඟින් ගියෙ දෙව්දුන් අයියා හොයන්.

    අයියා ක්‍රේන් එකකින් බෝනික්කො අහුලන ක්ලෝ ක්‍රේන් මැශින් එකක් ළඟ ඉදල අතේ මාට්ටු වෙයි කියල මං හිතුවෙ නෑ..

       තෝරල තෝරලා අඩුව දැම්මෙ පුලුන් පුරවපු නැට්ට දිග කිඹුලෙක් ගෙ බෙල්ලට.. ඒක උස්සල අරගද්දි අනිත් ෆ්ලශීස්ලට වඩා ලොකුයි..

   මං වාත නොවී පිටිපස්සෙ ඉදන් බලන් හිටියෙ අයියා දිනනකල් ඉවසිල්ලක් නැතුව..

     ඌ වැටෙන්න යද්දි මාවත් වැටෙන්න ගියා වගේ.. ඒ මූණෙ හුරතල්.. මූ අතෑරියෙ නෑ. අයියා බෝනික්කව අර පොඩි සිදුරට දාලමයි ගේම අතෑරියෙ..

     ” යේ.. ” මං කන ලඟට ලං වෙලා හිනාවුණාම අයියා උඩ ගියා. බෝනික්කව එලියට ගන්න අත දාල අරන්.. ටිකක් හිතල ඌ මගෙ පපුවට තල්ලු කරලා අයියා හිනා වුණා..

    ” ආ.. “

” මට? ”

   ” නැතුව මං බෝනික්කො නලවන්න යැ.. ”

   ” මං බෝනික්කො නලවන වයසක ඉන්නවා වගේ පේනවද? ”

” එපාද? ” කැරිම ලොකුකමක් ඒක. තෑග්ගක් දෙන්නෙත් එකට දාහක් කියල..

   කමන්නෑ.. කොළපාට කිඹුලගෙ නැට්ට පාතට එල්ලෙනවා. මට උට ආස හිතුන හින්දා මං ඌ බෙල්ලෙන් එල්ලගෙන ඉස්සර වෙලා.. අයියව එහෙම්ම දාල ගියෙ.. මගෙත් පොඩි හරි ලොකුලයින් එකක් නොපෙන්නුවොත් මූ මාව දර මිටියට ගන්නවා.. ඒකයි.

         ” නිදිමතයි? ”

අයියල සේරම තව දන්සලකට රිංගුවා. මමයි අයියයි බයික් ළඟ නැවතුනේ තව කන්න බඩේ ඉඩක් නැති හින්දා..

       හඳ මෝරලා.. අහසම එකම නිවනක්…

  මං හිටියෙ නිදිමතේ.. වෙලාව පාන්දර එකට ඇති..

     ” දැන් ගෙදර යනවද? ” මං බයික් එකේ සීට් එකට මූණ තියල දිගා වුනා.

   ” මුංට එන්න කියල අපි යං.. ”

    ” හ්ම්ම්.. ”

” ඇහැරන් ඉන්න.. ” අයියා මගෙ ඉඟෙන් අල්ලගත්තෙ මං බයික් එක පල්ලෙ පෙරලෙයි කියල වෙන්නැති.

      ඒත් ඒක මට ලොකුවට දැනුනා.. නිදිමත එකපාර නැති වෙන තරම්..

       ” වැටෙයි තමුසෙ.. ”

   ” අයියෙ.. ”

   ” ම්ම්..? ”

    ” ඇයි මට බැරි.. ? ”

  ” …. හංස…. මට තමුසෙව දරුවෙක් හංස… ”

    ” මං බබෙක් නෙවෙයි.. ”

    ” ……… ” අයියා මොකුත් නොකිය ඉද්දි මං ආයෙත් අසරණ වුණා.. ඒත් මගෙ අත අරන් තොල් අතර තිව්වම.. මට බයික් එක පල්ලෙ පෙරලිලා නවතින්නෙ අයියා මාව අල්ල නොගත්තනම්..

   අයියා හිනා වුණා.. ඒ හිනාව ලස්සනයි.

මාව උස්සල බයික් සීට් එකේ වාඩි කරා… හඳ තව ලස්සනයි…

    මේ හරිය අදුරුයි. මට බයක් නොදැනුනේ ඒකයි.. හඳ එළිය තිබුණට මේ හරිය පාලුයි..

මං අයියගෙ පපුවට ඔලුව තියාගත්තා. අයියා තල්ලු කළේ නෑ…

මගෙ නළලෙ අත තියල තුරුල් කරගත්තා..

      මං ඒ පපුවට තව තුරුල් වුණේ හීතල කපාගෙන ඒ උනුහුම මාව වෙලාගනිද්දි…

       ” තාත්ති අල තබුතන්!! ”

කොල්ලා අත දික් කරලා පෙන්නපු පළතුරු ගහ මමත් මේ දකින්නෙ පලවෙනි වතාවට.. රඹුටන් වගේ.. ඒත් කටු නෑ..

    ” මත තබුතන් ඕන! ” කොල්ලා කිඹුලව නැට්ටෙන් එල්ලගෙන උඩ පැන්නට උගෙ හැටියට උඩපනින්න මට බෑ.. මං ලෙඩා…

     ” මත තබුතන් ඕන! මොලල පැතියත තබුතන් දෙන්න!! මොලල පැතියා අඩනවා ඔන්න..! ”

    ” ඔන්න ඔහෙ අඩන්න … ” මං හිනා වුණේ මුගෙ නාඩගම් බලන්.. ඒක කිව්වාම කට ඇද කරලා රවනකොට මට මූ අඩවන්නම හිතුනා..

   රත්තරන් ගෙ හුරතල්..

   ” මොනර පැටව් රඹුටන් කන්නෙ නෑ.  ඔයා මොනර පැටියෙක් වගේ වෙස් වලාගෙන ඉන්න කුකුල් පැටියෙක් නේහ්?.. චූටි බාප්පි හරි.. ”

   ” මොලල පැතව් තබුතන් කනව අනේ..! අර.. තීවී එකේ.. මොලල පැතව් තබුතන් කෑව..”

    ” ඒ කුකුල් පැටව්.. ”

         ” නෑ මොලල පැතව්! “

” සද්දෙ බොහොම වැඩී එන්න එන්න. ”

    ” මොලල පැතව් තද්දෙන් කෑකහනවා තමයි! නෑ….ව් … නෑ… ව් ගාල.. ඊතපත්තෙ.. එයාල පත්තපැත්ත මේම … මේම ඔල්ලනවා!. ”

කොල්ලා පස්ස නැටෙව්වෙ මං පැත්තට සයිඩ් එකෙන් හැරිල.. අත් දෙක ඉණේ තියාගෙන පස්ස දික් කරගෙන.. ඇදගෙන ඉන්නෙත් හිච්චං ජංගි කොටයක් අයියා ගෙනත් දීපු.. කමිසෙ ගලවලා විසිකරපු තැනක් නෑ. බාටා දෙකත් වැරදි කකුල් දෙකේ… ඒ මදිවට ජෝඩු දෙකක ඒවා… මං දාල දෙන්න හදද්දි අඩලා ඕවා තමා කරගන්නෙ… කමන්නෑ.. වැරදෙන්න එපෑ හරියන්න.

මූ එසේමෙසේ නසරාණියෙක් නෙවෙයි.

මගෙ ඇම්ඩා පැටියා..

      ” මගෙ ලෙලුම් බබා එනවත දැන්? ”

    මූ ඇවිදින් මගෙ ඔඩොක්කුවෙ ඉදගත්තෙ පරිස්සමට.. උදේ ඇගට පැනල මට චූ නොගිය ටික විතරයි. මගෙ ඇස්වල කදුලු පිරෙනවා දැකල කොල්ලට ඇඩුනා… ඊටපස්සෙ පැයක් විතර බැල්කනියට ගිහින් බිම ඉදගෙන ඇඩුවා..

   මගෙ ඇගට තාම කොල්ලා එක්ක ඔට්ටුවෙන්න තරම් සනීපයක් නෑ. මං කොච්චර දේවල් කිව්වත් බිම ගොලුබෙලි බබෙක් වගේ ගුලි වෙලා හිටියා මිසක් කොල්ලා මං දිහා බැලුවෙත් නෑ..

   අමාරුව දාල.. අයියා ඇවිදින් මාව හමගහයි කියල දැන දැන කොල්ලව අතින් අල්ලන් ‘ පලතුරු කැලේට ‘ යං කියල එක්ක ආවෙ ඒකයි…

       ඇත්තටම මේ වත්තෙන් එකක් පලතුරු තිබුනා.. මම ජීවිතේට දැකල නැති… රටෙත් නැති අනේකවිධ පලතුරු වර්ග..

    අයියට හීනයක් තිබුණා ලොකු ඉඩමක් අරන් ඒකෙන් එකක් පලතුරු පුරවන්න…. අමුතු ආසාවල් තමා.. ඒත් ඇයි ඇහුවම කිව්වෙ.. එයා ආදරේ කරන මිනිස්සුන්ට දෙන්න පුළුවන් වටිනම තෑග්ග පළතුරු ලු..

      අයියගෙ අම්මා නැති වෙලා තිබුනෙ කැන්සර් එකකින්.. ඉතින් අම්මා අන්තිම කාලෙ ජීවත් වුණේම පලතුරුවලින් ලු.. ඒත් වසවිස පුරවපු… නාවපු නැති පලතුරු හොයන්න අයියට කැලෑ ගානෙ ඉදන් රිංගන්න වුනා ලු..

     අම්මව අන්තිම වෙනකල් ජීවත් කරවපු රසට අයියා ඒ තරම් ආදරේ නම්.. අයියා අම්මට කොයි තරම් ආදරේ වෙන්න ඇතිද?…

   මුලින් අයියා බොළදයි වගේ හිතුව එකට අද මං දුක් වෙනවා. ඒ තරම් දරුණුවට මං අම්මගෙන් වත් ආදරේ වින්දෙ නෑ.. ඒක තමා ඇත්තම කතාව. ඒත් මොනර පැටියගෙන් මං දැන් ඒ සෙනෙහස විඳිනවා. මොනර පැටියගෙ අම්මත් අප්පත් මම… ඒ ආදරේ මම දැන් හරියටම දන්නවා සැකයක් නැතුව..
    

      ” නෙලුම් බබා එයි.. කුරුලු බබාට රඹුටන් කඩල දෙන්න කියමුකො අප්පච්චි ආවම… ම්ම්? ”

  අයියා ගියෙ කොල්ලට නෙළුම් පැළයක් හොයන් එන්න. එදා අනුරාධපුර ගිහින් අරන් දෙන්න පොරොන්දු වුන එක මටත් අමතක වුණාට.. අද උදේම ඒක මතක් කරන් මූ නැගිට්ටෙ අඩාගෙන.. අදම ගෙනත් දෙන්න පොරොන්දු වෙනකල් මූ අඩන එක නතර කළේ නෑ..

  මට කොල්ලව නාස්ති කරන්න එපා කිය කිය බණ කිව්ව මහ එකා කාර් එකේ යතුරත් අරන් එලිබැස්සෙ ගෙදරට ඇදන් ඉදපු සරම උඩින් කමිසයක් දාන්..

    මොනර පැටියා තමන්ගෙ වෙනකල් කාගෙත් පිලිතුරු දාර්ශනිකයි ලු.. කිව්වා හරිද මංදා..

      ” තාත්ති…. ”

” ඕ… “

    කොල්ලා.ටිකක් හිතලා මගෙ පපුවෙන් ඔලුව තියන් හේත්තු වෙලා මගෙ මූණ බැලුවා.

       ” ඔයාගෙ තොල්මත් අපත්ති ද? ”

“  ඈ?… හැදිල ඉන්නවා.. ”

     ” à·„à·’à·„à·’.. අපත්ති කිව්වෙ… ඒනම්.. ”

   ” අප්පච්චි මෙයාව හරියට නරක් කරනවා අප්පා….”

    ” මං නලක් නෑ…! නලක්නං මං ගඳ වෙන්නෙපෑයි! ”

   ” ගන්න දෙයක් නෑ. ”

   මං කොල්ලව ඉම්බා..

   ” මං ආවෙ…. ඔයාගෙ මෙතනින් ද? ”

මූ මගෙ බඩට ඇගිල්ල දික් කරේ..

ආශ්.. දෙව්දුන් පකයා තෝ….

  ” පිස්සුද අප්පා… ”

    ” ඉතින්… මගෙ මල්ලි බබා එන්නෙ මෙතන කියල අපත්ති කිව්වා… මාත් ආවෙ එතනින් ලු.. ”

    ” ඒ අප්පච්චි ආස විදිය.. ඇත්තම කතාව… ඔයා ආවෙ තාත්තිගෙ මෙතනින්.. ”

මං මගෙ පපුවට අත තිබ්බම කොල්ලා ඇස් ලොකූ කරල බලන් ඉදලා.. මගෙ පපුවට කන තිව්වා..

    ” ආහ්…! මල්ලි බබා ඉන්නවා! මත එයා ඇයිනවා තාත්ති!!… එයා කෑගානවා! ”

   ” එයා මොකද්ද කියන්නෙ ඉතින්? ”

” දොක්… දොක්…. දොක්… දොක්…. ”

    ” මොනර පැටියො ඔයා නං…! ඔයා අප්පච්චිගෙම තමා හලෝ.. නෝටි.. මං වගේ නෙවේ.. ”

     ” මොලල පැතියා.. තාත්තිගෙයි.. අපත්තිගෙයි.. තූති බාප්පිගෙයි.. කීඅම්මිගෙයි… ඩොකුතාතිගෙයි… ඩොකුඅම්මිගෙයි…… ඒත්… තාත්තිඅත්තගෙ නෙවෙයි.. “

     “  මොනර පැටියට තාත්ති තමා ආදරේම.. ”

   ” ඒ වුනාත… අපත්තිත් ආඩලෙයි… ”

     ” අනේ මොනර පැටියා… ”

  ” හලි අනේ…! මොලල පැතියා ඔයාත ආදලෙයි නෙ.. ඇදුවොත් ගුති දෙකක් දෙනවා ඔන්න.. ගුතිදීල දීල… ගෝනිඅත්තට දෙනවා උද එල්ලල දුම් ගාන්න..! ”

  ” හරි නපුරුයි අප්පා… ”

    ” නපුලු නෑ.. මොනල පැතියා කුමාලයෙක්. නපුලු මායාකාලයෙක් නෙවෙයි… “

     ” එහෙනම් ඔය කතා කියන්නෙ.. තාත්ති කොච්චර බය වෙනවද?.. ”

    ” ආයි කියන්නෑ….? ” මූ මූණම අතගාල මගෙ කම්මුලට හාද්දක් දුන්නා.. මං මුගෙ තාත්ති ද මූ මගෙ අප්පොච්චද කියල වෙලාවකට මටම අමතක වෙනවා. පන්ඩිත ඇටයා මගෙ..

     ” හා කො.. ”

   ” මේ තුලංගනා දෝකෙද තාත්ති..? ”

    කොල්ලා ඇහුවෙ එකපාරම වුනාට ටිකක් මගෙ පපුවට හේත්තු වීගෙන අහස දිහා බලන් ඉදලයි ඒම ඇහුවෙ කොල්ලා.. “  මත තුලංගනා දෝකෙත යන්න ඕන… ”

      ” මගෙ මොනර පැටියා ඉන්න ඕන තැනක් සුරංගනා ලෝකයක් තමයි.. ”

    ” මත…. මිම්මැති දෝකෙත යන්න ඕන.. “

     ” ඒ මොකද්ද වස්තුව? ”

    ” මිම්..නැති…ඩොව.. අනේ.. අල.. පීතපෑන් වගේ…”

   ” නිම් නැති ලොව.. ”

  ” ඒක තමානෙ කිව්වෙ! හුම්.. ”

   ” ඔයා මගෙ පීටර් පෑන්.. මගෙ නිම්නැති ලොව.. “

   ” බොලු කියන්නෙපා.. මං ඩෝකයක් නෙවෙයි නෙ… ඩෝකවල් රවුම් නෙ.. මේම.. ”

    ” ඔයත් බෝලයිනෙ ඉතින්… ”

   ” මත මිම්මැති දොවත යන්න ඕන… එහෙ දත්තනයි ලු තාත්ති.. ”

   ” ඉතින්… තාත්ති දාලද යන්න හදන්නෙ.. තාත්ති පව් නැද්ද මැනික..? “

     ” තාත්තිත අපත්තියි.. බංදි මල්ලියි දෙන්නෙක් ඉන්නෙ..! ”

    ” ඒ වුනාට ඔයාවෝන.. ”

    ” මං ඔයා දිහා එහෙ ඉදන් බලාගෙන ඉන්නං.. වලාකුලුවල ඉගිලෙන්න පුළුවන්… එහෙ දත්තනයි ලු ගොඩාලියක්.. මං වින්ති වගේ…. මැදික් කුඩු ඉහල මේම මේම.. පා වෙයි… “

    ” ඒව කොහෙද?! ගියොත් මාත් නිම්නැති ලොවට ඇවිත් තව්සෙව ඇදගෙන එනවා ආපහු. ”

     ” ඒ වුනාත.. මං ආතම තාත්ති එක්ක ඉන්න. ”

   ” එහෙනම් තාත්තිට දෙනවා උම්මියක්…. ”

    ” උම්ම්…මි… ”

මූ උම්මා කියනේව එහෙම ආවට ගියාට දෙන එකෙක් නෙවෙයි. මල්ලි රන්ඩු වුණේම ඕකට.. මුගෙන් උම්මා එකක් ඉල්ලුවොත් මැජික් කුඩු ඕන්නෑ.. මූ ගුවනෙ..

   මට විතරයි ඕම ලොකුකමක් නැතුව උම්මියක් දුන්නොත්.

  ඒ අතින් මට කුහක සතුටකුත් නාවෙ නෑ.

   අයියගෙ වාහනේ ගේට්ටුවෙන් ඇතුලට දානවා දැකල මූ මගෙ ඔඩොක්කුවෙන් පැන්නා… මං අල්ලගත්තෙ දුවන්න කලින්… පුදුම තදියමක් තිබුනෙ..

   අයියා වාහහෙන් බැහැල එද්දි සතුටු වුණේ හැබැයි… මොනර බබා විතරක් ම නෙවෙයි..

නැවත හමුවෙමු

🤍🦢

-23 Oct. 2024-

මං දැන් ඉන්නෙ දෙව්දුන් හංසයව කිමිදෙන්න එක්ක යනකල් බලන් ඉන්න වයසක.. 🤍

වසන්තෙ අයියා පව් නැද්ද හංසයො?!

ගැට කිඹුලා :

    

Tags: read novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 25 |, novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 25 |, read À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 25 | online, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 25 | chapter, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 25 | high quality, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 25 | light novel, ,

Comment

Leave a Reply

Chapter 28