À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 27 |

A+ A-

    ” අනේ පුතා දැන් දොයියන්නකො රත්තරං… ”

   කොල්ලගෙ ඇස්වලින් නිදිමත බේරිලා වැටෙනවා. ඒත් අර කිඹුලව එල්ලගෙන මගෙ කලිසම් කකුලක එල්ලිලා මං යන යන පස්සෙන් ඇදෙනවා.

      දරුවා ඉන්නෙ හරි සතුටින් මේ දවස්වල. මූ නිදාගන්නත් ලෝබ වෙලා.. දෙව් අයියා එක්ක දරුවා මාරම සතුටින් ඉන්නෙ.. දැන් අල්ලපුගෙවල්වල සද්දබද්ද නෑ… ටකරන් අස්සෙ මහ රෑටත් එක්ක තැම්බෙන්නෙ නෑ.. වැස්සම පින්න වැදිල හුස්ම හිර වෙන්නෙ නෑ..

   එක අතකින් අයියට බුදුබව අත්වෙන්නෝන.. මගෙ දරුවා දවසක් හරි මට පුළුවන්වට වඩා සතුටින් තියන එකට.

    ඒත් අයියගෙ මත්තෙ යැපෙන එක කොච්චර කිව්වත් මට දරාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මමත් පිරිමියෙක් නෙ දෙයියනේ.. අයියා කොච්චර කිව්වත් මට මේක දරාගන්න අමාරුයි..

  මට බැංකුවට යාගන්න දෙන්නෙ නැත්තෙ වන්දිය ලැබෙන එකත් මං වියදම් කරගනී කියල වෙන්න ඇති. ඒත් දැන් මට ඇවිදල කරල වැඩක්පලක් කරගන්න පුළුවන්..

   ඒ සල්ලි ටික අරගෙන පොඩියට හරි ශොප් එකක් දාගන්න මගෙ අදහස තිබුණෙ.

  අයියගෙ ලැප් එක අරන් මං පබ්ලිශින් කම්පැනීස් දෙක තුනකට ඊමේල් යැව්වා පොත් තොග මිලගනන් අහලා.. මං මේව දන්න එකක් කියලද.. ඒත් ඉගෙනගන්න පුළුවන් නෙ..

   මට බය තිබුණෙ.. මේ සල්ලි ටික මං අතින් නිස්කාරනේ නාස්ති වෙලා ගියොත් ඊටපස්සෙ මගෙ දරුවා ජීවත් කරන්න ක්‍රමයක් නැති ම වෙන එක ගැන.

   ඒත් බිස්නස් එකක් කරන්න නම් අවදානම් ගන්න පුළුවන් වෙන්න ඕන ලු. ඒත් බිස්නස් එකකින් සාර්ථක වුනේ පටන්ගන්න ව්‍යවසායකයන්ගෙන් ඉතාම සුලු ප්‍රතිශතයක් විතරලු..

   එතකොට අවදානම් ගන්න බය නොවීත් බෑ.. මේක මගෙ අන්තිම තුරුම්පුව.. ඒක නැති කරගත්තොත් මං මොකද කරන්නෙ ඊලඟට?..

    අනේ මංදා… බයයි.. ඒත් මේක කලු වලාකුළක් මැද්දෙන් පෑදුන රිදී ඉරක් නෙවේද? මේ අවස්ථාව මගෑරගත්තොත් මට ජීවිතේම සිමෙන්ති බාල්දි අදින්න වෙයි..

    මට බය මේ වෙනුවෙන් මං මගෙ දරුවගෙ බෙහෙත් වේල් කීයක් කැපකරන්න යනවද කියන එක.

     මට බයයි.. මං පොඩිකාලෙ හිතුවා කනත්ත තමයි මං දන්න භයානකම තැන කියල..

ඒත් මං අද දන්නවා.. මං දන්න බයම තැන තියෙන්නෙ මගෙ හදවතේ.. මගෙ පපුව අස්සෙ.. නොපෙනෙන තරම් දුරයි ඒ තැන.. අනන්තරයි.. ඝන අන්දකාරයි…. ඒ අස්සෙ ඉදන් මාරසේනා මහ රෑ යාමෙ ඉදල පාන්දර වෙනකල් යක්කු නටනවා.. පපුවෙන් පිටමං වෙලා ඉස්කබල හාරගෙන ගිහිල්ලා මොලගෙඩිය කනවා.. නින්ද යන්නැතුව ඒ වේදනාව මහ රෑ තිස්සෙම මාව වහලෙ හිල් අස්සෙන් පේන තරු දිහා බලන් ඇහැරවල තිබ්බා. ඒ බය තමයි.. අනාගතේ.

   හෙට…

හෙට තරම් බය හිතෙන තැනක් මං තවදුරටත් අදුරන්නෙ නෑ..

ඉගෙනීම කඩාකප්පල් කරගත්ත කොල්ලෙකුගෙ අනාගතේ ගැන බය..

පවුලෙන් පිටුවහල් වුන කොල්ලෙකුට අනාගතේ කියන වචනෙ ඇහෙද්දි දැනෙන බය..

පිරිමියෙකුට අනාගතේ ගැන දැනෙන බය…

ඒ ඔක්කොටම වඩා භයානකයි…. අප්පෙකුට අනාගතේ කියන වචනෙ ඇහෙද්දි දැනෙන බය.

තනි කොල්ලෙකුට මරණය කියන අන්තයේ හරි සැනසීමක් තිබුණත්.. තනි තාත්තෙකුට? උට මරණයෙන් වත් සැනසීමක් නෑ.. දරුපැටියා තනි කරලා මැරෙනවා කියන්නෙ ඊටවඩා කොයිතරම් බයක් ද?

මේ ඔක්කොම මතක් වෙද්දි මහ රෑට නින්දක් කොහෙ ඇස්වලට තුරුල් වෙන්නද?

   ඇස් බයයි ඒ කලුවරට..

ඒත් මගෙ අයියගෙ තුරුලට ගුලි වෙද්දි.. දැන් මට යන්තම් සැනසීමක් දැනෙනවා. දැන් මං කල්පනා කර කර නොයිද නින්දට වැටෙනවා..

මං මෙච්චර කාලයක් විදල තියෙන්නෙ මොනතරම් දුකක් ද වේදනාවක්ද… කැක්කුමක් ද කියල මට තේරුම් යන්නෙ ඒ පපුවෙ ඔලුව තියාගෙන ඒ උනුහුමට ඇස් පියාගත්තම.

මගෙම කියල පපුවක්.. මටම කියල පනගැහෙන පපුවක්..

ඒ පපුවට ඕනවට වඩා බර වෙන්න මට බය ඒකයි. අයියට බරක් වෙන්න මම බය ඒකමයි..

මගෙ රත්තරං අයියගෙන් අයුතු ප්‍රයෝජන අරන් ඒ පපුව උඩින් මගෙ ප්‍රශ්න තියලා… මට සැහැල්ලුවෙන් ඉන්න බැරිකමක් දැනෙන්නෙ.. අයියා මගෙන් තඹ දොයිතුවක දෙයක් ආපිට බලාපොරොත්තු නොවී.. ආදරේම විතරක් බලාපොරොත්තු වෙවී දෙන මේ උත්තරීතර හැඟීමට කිල්ලක් වෙන්න මං බය හින්දා..

අයියට මාවවත්.. මගෙ දරුවවත් බර නැතුවැති.. ඒත් මගෙ හිතට ඒ හැඟීම මහ බරක්.

   ” හංස.. ”

  ” ආහ්… ” හොට් ප්ලේට් එක උඩ තිව්ව වෑංජනේ දිහා බලාගෙන මං කල්පනාවක් දිගේ කොච්චර දුර ගිහින්ද කියල මටම තේරුනේ අයියා මං ලඟට ඇවිත් කතා කරාම..

මං උඩ විසිවුණා.. අයියා හයියෙන් කතා කරලවත් නෙවෙයි ඒ. අයියා මගෙ මූණ දිහා බලාගෙන ගොඩක් වෙලා ඉදලා වගේ.. මං ඒ ඇස් දිහා බැලුවම ලස්සන ඒ ඇස් හිනාවුණා..

අයියා වැඩට ගිහින් ආවෙ හය හමාරට විතර. මං තේ එකක් හදලා දුන්න එක බීල ගියෙ වොශ් එකක් දාගන්න. බැරි බව නොපෙන්නා බැනුම් අහ අහ මම වැඩ කරේ දැන් නිකන් කාල හුරු නැති නිසයි. අයියා වැඩ කරල ඇවිත් උයනකල් මට පුලුවන්ද ඇදට වෙලා ඉන්න? අයියනම් මේ දවස් ටිකේම ඉව්වා මාව බැනල කුස්සියෙන් පන්නලා… ඒත් අදනම් මං සරෙන්ඩර් වුනේ නෑ.

   මට උයන්න පරක්කු වුණේ අමාරු නිසයි.. තාම අතපය වැඩිය වෙහෙසන්න බෑ. දරුවා වුණත් ඒක තේරුම් අරන් වඩාගන්න කියල එහෙම කරදර කළේ නෑ මේ ටිකේම… ඒත් මේ මනුස්සයා එතනත් නැහිල ඇවිත් මෙතනත් නහිනකල් මට ඉන්න බෑ මොන අමාරු තියාගෙනවත්.

   ඉස්සර තිබ්බ රස්තා පෙනුම වෙනුවට දැන් දෙව් අයියගෙ තියෙන්නෙ මාරම වැදගත් ගරු ගාම්භීර පෙනුමක්. කොන්ඩෙ කොටට කපලා ඉන්නෙ දැන්. ජොබ් එකක් කරනකොට නීතියක් නොවුණත් ඒ ප්‍රිෆෙශනල් අවුට්ලුක් එක කොයිතරම් වැදගත්ද කියන දේ මං ඉගෙනගත්තෙ අයියගෙන්.

   අයියට හැමෝම ගරු කළා.. පෙනුමෙන් අයියා ජොබ් එකටත් ගෞරවයක් ගෙනාවා.

     අයියා මගෙ ඔලුව පිටිපස්සට අතින් ඇන්නෙ හරි හිමින්.. ආදරෙන්.

   ” ඔය වෑංජනේ කරවෙයි මැට්ටො.. මොනාද ඔයතරං කල්පනා කරන්න තියෙන්නෙ? ”

   ” මොනාද නැත්තෙ අහන්න. ” මං මස් එක අරන් පැත්තක තියල පරිප්පු මාලුව හොට්ප්ලේට් එකෙන් තිව්වා.

      ” මේ මාලු තුනක් ඇද්ද ඔයාට?.. මායි බබයිනං වෙලාවකට එකක් හරි කාල ඉන්නවා. ඔයාට එහෙම හුරු නෑ නෙ. ”

    ” මාලු? ”

  පරණ මලකඩකාපු විහිලුව.. ඒත් අයියා ඒ ඇස් උස්සල හිනාවෙද්දි ඒකටත් මට හිනාගියෙ පුරුද්දට..

       මෙයාල මාලු වලට කියන්නෙ වෑංජන ලු. ඒත් වෑංජන කියල අපිනම් කියන්නෙ දානෙ දෙනකොට… අනික.. බලන්න ඒ නමේ කැත. වෑංජන කිව්වම හෙන ඕල්ඩ් ෆැශන් නෙ අප්පා..

කෑගල්ලෙ කොල්ලෙක් සෙට් කරගන්න කලින් මෙයාට ඉන් ඉදිරියට කන්න ඕන මාලුද වෑංජනද කියල හිතන්න තිබුණනෙ.. රෙද්ද.

” කෝලං නැතුව කියන්නකො… මිරිස් කරල් ටිකක්වත් තව බඳින්නද? ”

    ” මායුට මිරිස් කන්න බෑ නෙ. “

” එයාට බත් කැව්වා ”

   ” ඒ කොහොමද? වෑංජන තාම ලිපේ තියෙද්දි? ”

    ” බිත්තරයක් බැඳල බත් එක්ක අනල කැව්වා. නින්ද යන්න වගේ ආවනෙ. එයා ආය කන්නෙ නෑ දැන්. ”

   ” පිස්සුද සුදූ..? අනේ ඇයි එහෙම කළේ? ”

     අයියා මගෙ කකුලෙ එල්ලිලා ඉදපු කොල්ලව උස්සල අරගත්තා.

    ” මායූ.. මගෙ කොල්ලා අප්පච්චි අතින් බත් ටිකක් කමු ආ?.. ”

  කොල්ලගෙ ඇස්වලින් නිදිමත බේරෙනවා. වැඩිය කතාබහක් නැත්තෙ ඒකයි. අයියගෙ පපුවට ඔලුව තියාගෙන ඇස් පියාගත්තා.. අතේ ඉදපු කිඹුලත් බිම වැටුණම කොල්ලා ගැස්සිල ආය ඇහැරුණේ..

    බෙහෙත් සෑහෙන සැරයි. බෙහෙත් බොන්න නැත්තං දරුවා කොච්චර කෑගගහ මේක දෙවනත් කරයිද? පව් දෙයියනේ.. වෙලාව හත හමාරයි. මේ කොල්ලට නින්ද යන්නෙත් නෑ ඇහැරල ඉන්නත් බෑ. ඒ නිදිමත එච්චර දරුණුයි.

    

     කොල්ලා කන්කෙදිරි ගාල නිදිමතේම චුට්ටක් අඩන්න ගත්තෙ මහත ඇගිලිකොටවලින් කැරලි කොන්ඩෙ කහන ගමන්…

    ” මත හම්බු කෑවා…. ”

” අනේ අයියෙ නිදාගත්තදෙන්… දැන් බඩ පිරෙන්න කැව්වා මම. ”

  ” බාගෙටනෙ කවල තියෙන්නෙ සුදූ ඔයා.. පව් දෙයියනේ.. මෙහෙම කවන්න එපා හංස දරුවට. ඇගට නියුට්‍රිශන්ස් එපැයි මේ හැදෙන වයසට… බිත්තරයක් එක්ක බත් ගිල්ලුවා කියල බැලන්ස්ඩ් මීල් එකක් වෙන්නෙ නෑ දරුවො ඒක. ”

   ” ඇහැරල ඉන්න බැරිනම් මොනා කරන්නද අයියෙ.. ”

   ” දරුවට නින්ද යන්න කලින් උයන්න. පව් නෙ හංස.. ”

” හෙට ඉදන් එහෙම කරන්නම්.. ”

    ” පව් හංස මේකා.. ” කොල්ලා ඇගිල්ලක් කටේ ගහගෙන අයියගෙ පපුවට ආය වැටුනම අයියා තුරුල් කරගෙන නලව නලව කුස්සියෙ දොරෙන් එලියට ගියා..

  මට ඇහෙනවට ලැජ්ජාවෙ ද මංදා.. කුටුකුටු ගාල නැලවිලි ගීයකුත් මුමුණද්දි ඒ ලස්සන කටහඩට දරුවට නින්ද නොගියොත්නෙ පුදුමෙ..

මට මතක් වුණේ බෝඩිමේ මං ගෙව්ව අසනීප රැයවල්..

        අයියා දරුවව ඔඩොක්කුවෙ තියාගෙන ම පුටුවක් හිමින් ඇදල වාඩි වුණා.

  ” හංස… ”

   ” ම්ම්.. ”

” ඔයා එක මාලුවක් කාල බඩෙන් බාගයක් බඩගින්නෙ තියන් නින්ද යන්න ඕන කොල්ලෙක් නෙවෙයි සුදුමැනික. ඔයා ජීවිතේ අන්තිම නරක තැනින් වරද්දගත්තා… ඔතනදි පුංචිම වැරැද්දක් වුනා කියන්නෙ ඒ වැරැද්ද ආය නිවැරදි කරන්න ලේසි නෑ හංස.. ඒ වැරැද්ද ඔයාගෙ ජීවිතේම ඉරිතැලුවා නේද රත්තරං.. ”

    ” …….. අනේ.. මං ආස නෑ අයියෙ ඕක ගැන හිතන්නත්.. ”

  ” ම්ම්…. ”

” …. අයියෙ.. ”

   ” ආ සුදූ? ”

  ” …… ඔයා කවදා ඉදලද මාලු කන්න පටන්ගත්තෙ?… ”

  මං හිනා වුණා. අයියා පුටුව ලගට ඇදල අරන් මගෙ තට්ටමකට අතින් ගැහුවෙ විරිත්තලා.

   ” තෝ හින්දා තමා.. වෑංජනවලට මාලු කියවෙන්න අරන් යන යන තැන මං සමාජෙට විහිලුවක් වෙලා ඉන්නෙ දැන්.. ”

    ” වන්නියෙ සමාජෙ නෙ.. එයාලට පොශ් භාෂාව අල්ලන්නෙ නැතුව ඇති.. ”

    ” මෙන්න පොශ්..! ගොඩේ හින්දා හිනාවෙන්නෙ.. ගොඩේ හින්දා. ”

    ” ආහ්… මාලු ගොඩේ.. වෑංජනද එතකොට මඩේ?! ”

      මං රැව්වෙ විහිලුවට.. ඒත් මේකා ඒකට බයත් වුනාද මංදා.. අතේ තිබ්බෙ පොල්කටු හැන්ද.. එහාපැත්තෙ එලවලු කපපු පිහිය.. දීල අදී කියල හිතුවද දන්නෑ.

   මූ මහ කෝලමක් වෙලාවකට.. මොනර පැටියා හොදයි තව.

    ” නෑ නෑ මාලු පොශ්.. මාලු කෝමත් මඩේනෙ ඉන්නෙ.. මේහ්.. බබාව ගන්නකො සුදුවො අත් සෝදලා.. අත්වල මිරිස් ඇති.. ”

   ” එයා ගිහින් ඇදේ තියල එන්නකො.. “

   ” බෑ බෑ පිස්සුද?.. මේ පොඩි එකා අර තඩි කාමරේක තනියෙන් දාල මෙහෙ ඉන්න පුළුවන්ද? ගන්නකො හංස බබාව……… කිව්වම අහන්න ඉතින්.. ”

  ” හා හා ඉන්න ඉතින්..”

   මං අත් සෝදල කිචන් ටවල් එකකින් පිහගන්නකල් ඉදලා මාව පුටුවෙ ඉන්දලා.. අයියා උයන වැඩවලට බැස්සා..

   මම චිකන් එක්ක පරිප්පු හදලා පපඩම් බැඳල ගොටුකොළ සම්බෝලෙකුත් හදලයි තිබුණෙ..

   අයියා ෆ්‍රිජ් එක ඇරලා දොඩම් ගෙඩියක් අරන් පොතු ඇරලා.. බික් ගලෝල ප්ලේට් එකක තියල මං ළඟින් ගෙනත් තිබ්බා..

   ” කන්න.. ”

  ” බොරුවට- ”

” අනේ කන්න හංස.! මං මාසෙකට මිලියන ගානක් හම්බකරනවා. ඔය දොඩම් ගෙඩි‍ය තමුසෙ කෑවයි කියල මං බංකොලොත් වෙන්නෑ. ”

   ” …….. ”

” පම්පෝරි ගහන්න නෙවෙයි කිව්වෙ හංස.. ඔයා කන බත් කටේ ඉදන් උගුරෙ හිර කරන් ඔහොම බලනකොට මට දුක හිතෙනවා බං.. මං මෙච්චර නෙවෙයි කොච්චර හම්බ කරත්.. උබ ඒ සල්ලිවලින් කන බත් කටක් සතුටින් සැහැල්ලුවෙන් කන්නෙ නැත්තං.. මෙච්චර කාලයක් මං කරපු දේවල වටිනාකම මොකද්ද? ඇයි හංස ඔහොම කරන්නෙ? දෙයියනේ.. මගෙ හැමදේම උබේ… උබෙයි මේ කොලුපැටියගෙයි. මං හම්බ කරන්නෙ අරන් යන්න නෙවෙයි නෙ. ”

   ” අනේ අයියෙ.. ”

” උබ හොද වැඩී හංස.. උබ අහිංසක වැඩී මේ ලෝකෙට. උබට හැමදාම වැරදුනේ ඒක හින්දා.. අනේ මට දුකයි හංස…. රත්තරං මාව පිට එකෙක් කරන්න එපා දෙයියො.. “

    ” කිසිම කොල්ලෙක් ආස නෑ අයියෙ තව කෙනෙක් මත යැපෙන්න. කොල්ලෙක් නෙවෙයි කෙල්ලෙක්වත් දැන් ආස නෑ ඒකට.. ”

    ” ඔයයි මායි අතරට සමාජෙ ගේන්නෙපා හංස. මං ආස නෑ ඕකට.  අපි දෙන්නගෙ බැඳීමයි.. සමාජ සම්මතයයි කියන්නෙ දෙකක්.මිනිස්සු මේව පටලගෙන මුලු ජීවිතේම මහ නූල් බෝලෙකින් ඔතාගෙන. මං කැමැත්තෙන් ඔයාට සලකනවනම්.. ඔයා ඒ වෙනුවෙන් මට දෙන්නෙ ආදරේ විතරක්ම වුනත් ඒ ආදරේ මට මුලු ලෝකෙටම වඩා වටිනවනම්… ඒක අපි දෙන්නගෙ ගනුදෙනුවක්. ඒක ඩිෆයින් කරන්න සමාජ සම්මත ඕන නෑ. ඔයා පිරිමියෙක් කියන්න මං තරම් දන්න කෙනෙක් මේ ලෝකෙ නෑ හංස. ඔයා ඒක දන්නවා. ඒත් ඒක ඔප්පු කරන්න මේ හැටි නටන්න ඕන නෑ. පිරිමි අපිත් අසරණ වෙන තැන් එනවා.. රෝල්ස් රිවර්ස් වුනානම්.. අසරණ වෙලා දරුවෙක් එක්ක තනිවුණේ මමනං.. ඔයා මට විදවපං කියල අතෑරල ඉන්නවද හංස? ඔයාට පුලුවන්ද මට එහෙම කරන්න? මිනිස්සු අසරණ වෙන වෙලාවල් එනවා හංස. මිනිස්සු සමාජෙට කොන්ද කෙලින් තියන් මූණදෙන්න ඕන ඇත්ත.. ඒත් හංස.. අපි ජීවිතේට එක විශේෂ මනුස්සයෙක් ලං කරගන්නෙ අපේ ලැබීම් වගේම නොලැබීමුත් බෙදාගන්න.. ශක්තිය වගේම දුර්වලකමුත් බෙදාගන්න. ඒ පපුව උඩ අන්තිම දුර්වල වෙන්න වුණත් බය නැති තැන තමයි ආදරේ ගැඹුරුම තේරුම්ගැනීම තියෙන්නෙ. අන්තිම දුර්වල කැත ගැඹුරු ඇත්තම ඇතුලාන්තය නිරුවත් කරන්න පුළුවන් තරම් ආත්ම විශ්වාසයක් දෙන කෙනා තමයි ආත්මීය සහකාරයා කියන්නෙ. මායූ කියවන සෝල්මේට් තමයි හංස ඒ.. ඒ ආත්ම ගානක ඉදන් පතාන ආව ලබ්බක් නෙවෙයි.. තේරුම් ගැනීම අන්තිම දශමෙටම තිබුණ තැනයි මිනිස්සුන්ට සෝල්මේට්ස්ලව මුණගැහුණෙ. ඔයා ඒ පදවිය මට නොදෙන එකයි මට දුක… මං ඉස්සරහ දුර්වල වෙන්න බය වෙන එක මට හරි දුකක් හංස. මගෙ ඇස්වලින් ඔයාගෙ වේදනාව හංගන එක මට දුකක්. සමහර විට අපි තාම සීයට සීයක් ගැලපෙන්නෙ නැතුවැති.. ඒත් ඔයාට ඒ කන්ෆිඩන්ස් එක දැනෙන තැනට මං වැඩ කරනවා. මේක පොරොන්දුවක්. ”

       ” ……… අයියෙ.. ” මගෙ ඇස්වලින් ආව කදුලු දරුවගෙ කම්මුල් උඩ වැටෙන්න කලින් අයියගෙ අත ඒව අල්ලගත්තා.. මගෙ කම්මුල ඒ අතින් පිහදාලා අයියා මගෙ ඔලුව ඒ පපුවට තුරුල් කරගත්තා. ” හංස… විකාර හිතන්නෙපා රත්තරං. ඔයා ජීවත් වුණ නරක හීනෙ දැන් ඉවරයි. ඈත කල්පනා කදුගහන් මනෝලෝකවල අතරමං වෙලා තවදුරටත් ඔයා ඉන්න ඕන්නෑ. මං ඉන්නවා හංස. අපි මේ ගමන යමු. මං ඔයාගෙ හෙවනැල්ල වෙන්නං. ඔයා ඔය ගමන යන්න ඕන. මං පිටිපස්සෙන් ඉන්නං.. ම්ම්? ”

   ” මගෙ අයියෙ.. ” මං ඒ පපුවෙ ඔලුව ගහගෙන ඇඩුවෙ ඒ වචන දරාගන්න බැරි තැන. ඔක්කොටම වඩා ඒ එක වචනෙක අංශුමාත්‍රාවක් අතිශයෝක්තිය ගෑවිල නොතිබ්බ බව මගෙ තුන් හිතම දන්න තැන.

    ” උබ අදින් පස්සෙ කවදාවත් එක මාලුවක් එක්ක බත් කාල නිදාගන්නෙ නෑ. තේරුනා ද? මං ඒක එහෙම වෙන්න ඉඩතියන්නෑ. මගෙ හංස ඒ එක මාලුව හොයාගන්න තරම් ශක්තිමත් බව මම දන්නවා. මට ඕන උබේ ඒ බත්පත තව ඩිංගක් රහ කරන්න විතරයි හංස. උබ කවදාවත් බඩගින්නෙ නින්දට යන්නැති බව.. දරුපැටියා බඩගින්නෙ නින්දට යවන්නැති බව මං දන්නවා. මං හදන්නෙ උබේ ඒ ශක්තිය හෑල්ලු කරන්න නෙවෙයි. ඒ ශක්තියට මට පුළුවන් විදියට ශක්තියක් වෙන්න. මගෙ හංස පැටියා කොහොමත් මේව අල්ලල දාන්නෙ නැති වග අමුතුවෙන් කියන්න ඕන්නෑ. ඔය වයසෙ වෙන කොල්ලෙක් නං ඔය පොඩි එකා මේ වෙද්දි ළමා නිවාසෙක… ඌ බීල වැටිල පාරක් අයිනෙ.. මේ දරුවගෙ වාසනා මහිමෙකට හංස උගෙ අප්පා උබම වුණේ. මේ උබ කරන හරිය ඔය වයසෙ ඔය තත්වෙට වැටුන කොල්ලෙකුට හීනයක්. දරුවත් බලාගෙන සල්ලිත් හම්බ කරගෙන දරුවගෙ බෙහෙත් ටිකේ ඉදල ඕන එපාකම් ඔක්කොම කරගෙන… තවත් මොනාද උබේ පිරිමිකම ඔප්පු කරන්න උබට කරන්නෝන? දරුවො අම්මගෙ කුසට දාල ඒ අම්මව දාල යන පිරිමි බාග අස්සෙ උබ පට්ට පිරිමියෙක් හංස. තව නහින්න ඕන්නෑ. මේ මදිද? ”

    ” ………….. ” මං අයියා කියන වචනවලින් නිව්නා. කවදාවත් කා අතින්වත් කරන කැපකිරීම්වලට හොදක් නොලබපු මම.. ඒ වගේ වචන අහන්න මෙච්චර මගෙ හදවත ආසාවෙන් ඉදපු බවවත් දැනන් හිටියෙ නෑ. මගෙ අයියා දෙවියෙක්. නොපැතූ වරම් ඉදන් ගෙනත් දෙන දෙවියෙක් මට.

   නැවත හමුවෙමු

🤍🦢

30 Oct 2024 |

දෙව්දුන් වගේ මනුස්සයෙක් මගෙ ජීවිතේටත් ඕන කියල දැනුනෙ ඒ වචන ටික ලිව්වට පස්සෙ..

ඇත්තටම… එහෙම මනුස්සයෙක් ලැබෙන්න කොච්චර පින් කරල තියෙන්න ඕනද?

ඒ අතින් අපි හෙනම පව්කාරයි 💔 ජීවිතේට එහෙම මනුස්සයෙක් හිතට ලගින්වත් ගිහින් නෑ..

ඒක නෙවෙයි.. ඔයැයිල දන්නවැයි වැඩක්..

මං අලුත් පොතක් පබ්ලිශ් කරා නේ.. 🙈🖤

මේක ගැන ඒම විස්සෝප වෙන්න කාරි නෑ.. මේක චැපි දෙක තුනේ කතා සීරීස් එකක්. ශර්ලොක් හෝම්ස් වගේ කතා කියවල ඇතිනෙ. ඒව ශෝට් ස්ටෝරීස් එකතු කරපු සීරීස් නෙ. අන්න ඒ වගේ. චැප්ටස් පහ/ දහයෙ කොටස්වලින් එක කොටසක් ඉවර වෙයි. මේකෙ mystery gang එක teenage guys ල තුන් දෙනෙක්. ශර්ලොක් හෝම්ස් එක්ක වොට්සන් වගේ.. ස්කූබි ඩූ මිස්ටරි ගෑන්ග් එක වගේ මේකත්.. ඒත් පොඩි වෙනස්කම් තියෙනවා. කතාව කියවන් යද්දි තේරෙයි.. mystery detective thriller horror වගේ genre  වල කතා එන්ජෝයි කරන අය කැමති වෙයි.. මං ආත්ම ගානක් පෙනුම් පුරන්නෙ මේ කතාව ලියන්න. ඔන්ගොයින් කතා වැඩි නිසා කල් දදා ඉදියෙ.  ඒත් මේව කෙටිකතා නිසා හිමින් ලියල දෙන්න පුළුවන් එකේ ඔන්න ඔහෙ ඒක පබ්ලිශ් කරා.. Check it out

Tags: read novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 27 |, novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 27 |, read À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 27 | online, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 27 | chapter, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 27 | high quality, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 27 | light novel, ,

Comment

Leave a Reply

Chapter 30