À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | |30 |

A+ A-

     පොඩි උන් දෙන්නෙකුයි… අවුරුදු දාසයක දා හතක ගෑණුළමයෙකුයි.. අත්තම්මා කෙනෙකුයි ගේට්ටුවෙන් ඇතුලට එද්දි බබා ඇවිත් මගෙ කකුල පිටිපස්සෙ හැංගිලා.. කලිසම් කකුලෙ එල්ලිලා හොරෙන් බලන් ඉන්න වුණා.

   අයියා අත්තම්මා අතේ තිබුන බෑග් එක ගත්තා.. ” කෝ වාහනේ? ”

     ” තෙල් ඉවර වෙලා බොහොම අමාරුවෙන් මේ ටිකත් ඇද්දෙ…. කපිල ගියා සෙඩ් එකට…. හරි මහන්සි සුදු පුතේ… ”

     අයියගෙ අතක එල්ලුනේ චූටි කෙල්ල… මං දැකල සේරම මඟ නැවතුනා. ෆෝන් එක ඔබ ඔබ චුයින්ගම් එකක් හපහපා හිටිය ලොකු ගෑණුළමයා ස්ට්‍රේට් කොන්ඩෙ අතින් කන පිටිපස්සෙ ගහගන්න ගමන් සේරමල්ලගෙ ඇස් පාරෙන් මං දිහා බැලුවා…

            ” කවුද අයියා ඒ.. ”

    ” හංස…. ” අයියා මං දිහා බලලා හිනාවුණා.. ” මගෙ… යාලුවෙක්.. යොවානා “

   මගෙ ඇස් බිමට නැඹුරු වුණා. ඊටවඩා දෙයක් මම බලාපොරොත්තු වෙන එක සාධාරණත් නෑ. මේක ලංකාව. දුර ගමනක් ගිහින් ආව පවුලෙ අයට ආහ් මේ මගෙ ජීවිතේට දරුවෙකුත් අරන් ආයෙත් රිංගගත්ත එක්ස්.. කියල පිරිමියෙක්ව හදුන්වල දෙන්න පුළුවන් තත්වයක් මෙහෙ නෑ.. ඒත් පපුවට බර එක අසාධාරණ නෑ ඒ වචනෙ….. යාලුවෙක්.

     යොවානා… අයියගෙ අවුරුදු දාසයක් වයස නංගි…. මං ෆොටෝස්වල මේ පවුලම දැකල තිබුණා. ඒ කාලෙ මුං හෙන පුංචියි..

    අයියගෙ කරේ එල්ලීගත්ත ගමන් ලු යොවානා නම්… පොඩි දෙන්නගෙ චූටි කාලෙ අයියා වැඩවලට හිරවෙලා.. ගෙදරින් පිට වැඩි කාලයක් ගත කරපු හින්දා ඒ දෙන්නා යොවානා තරම් අයියට සමීප නෑ කියලත් අයියා කිව්වා.. ඒත් අයියගෙ පපුවෙ උන් තුන්දෙනාට තිබුණෙ අප්‍රමාණ සෙනෙහසක්..

    කෙල්ල දැන් ලස්සනයි…. මේකප් තලියක් මූණෙ උලාගෙන නොහිටියනම් හුරතල් පාටකුත් තිබුණා.. ඒත් මං හිනාවුණත් කෙල්ල නෙවෙයි එක පොදක් හිනාවුණේ… අයියගෙම නංගි තමා ඒක..

  
      පොඩි උන් දෙන්නටත් අවුරුදු දොළහක් විතර ඇති… මං දන්න කාලෙ මීටත් ගොඩක් පුංචියි.. හුරතල් බෝල දෙකක්.. මං අස්සෙ ඉදපු හංස තාත්තියා ඇවිස්සුණේ උන් දෙන්නා මගෙ පිටිපස්සෙ හැංගිලා ඉන්න මොනර බෝලෙ දිහා බල බල දාපු සිරික්කියේ හැටියට…

    මේ දෙන්නා නිවුන්නු.. අයියා මට නම් කියලත් තිබුණා… මේ’ලි.. මේනව්….

      අත්තම්මගෙ හිනාවෙ හරි සිරියාවක් තිබුණා.. ඇස් හොදට පේන්නැතිවද මංදා.. අත්තම්මා මගෙ කොල්ලව දැක්කෙ ටිකක් වෙලා ගිහින්.. ඒ සැනින් එල්ලගෙන ඉදපු බෑග් එකෙන් එලියට ගත්තෙ චොකලට් එකක්…

   ” අනෙ අප්පේ… සුදුමහත්තයා මං දැක්කෙ දැන් නෙ… එන්නකෝ ….. අත්තම්මා සුදුමහත්තයට පොඩි තෑග්ගක් දෙන්න. ”

   කොල්ලා තව ලැජ්ජ වෙවී ඉන්න අතරෙ යොවානා නං ගස්සගෙන ගෙට ගියා.. පොඩි උන් දෙන්නත් පොඩි එකා දැකලා ආසාවෙ අයියගෙ අත් දෙකේ එල්ලිලා බලන් හිටියෙ හාවෙක් ගුලෙන් එලියට එනකල් අපි පුංචිකාලෙ බලන් ඉදපු හැටි මතක් වෙද්දි.

         ” ගන්න මායු.. අත්තම්මා නෙ දෙන්නෙ.. ” අයියත් කිව්වට කොල්ලා  මගෙ කමිසෙ පිටිපස්සෙන් ඇද්දා මිසක් අත්තම්මා ලඟටවත් ගියෙ නෑ..

    ” තාති…. ”

” ගන්න රත්තරං.. අත්තම්මට දුක හිතෙයි.. ”

   කොල්ලා මගෙ කමිසෙ තව තව එල්ලෙද්දි අදිද්දි මං නැවුණෙ ඒ රහසක් කියන්න ඕන වුනාම බව දන්න හින්දා..

    ” ඔයා අලන්… මත දෙනවද?… ”

  මොනර පැටියා මට රහසින් කිව්වා.. මුට පෙරේතකමත් තියෙනවා… ලැජ්ජාව ඊටවඩා තියෙනවා.. අයියා ලඟට ඇවිත් කොල්ලව වඩාගෙන අත්තම්මා ලඟට අරන් යද්දි කොල්ලා අයියගෙ පපුවෙ ඔලුව ගහගත්තා..

      ” අපෙ අප්පෝ ලැජ්ජාව.. ආ… සුදුමහත්තයෙක් ඉන්නවා කියල දන්නවනං අත්තම්මා ලොකු තෑග්ගක් ගේනවනෙ.. සුදුමහත්තයා එනවද අත්තම්මා එක්ක ගමේ යන්න? එහෙ නං දැන් වෙරලු තියෙනවා.. මෙහෙ කන්න කවුරුත් නැති හින්දා ගෙනාවෙ නැත්තෙ.. හෙට යං අත්තම්මා එක්ක.. ”

    අත්තම්මා පොඩි එකාගෙ කම්මුල අතගාලා ඔලුව ඉම්බෙ ආදරෙන්… දරුවා චොකලට් එකේ කොලේ කටේ ගහගෙන ටිකක් හිනා වුණා..

     කියවන්න ගත්තම අත්තම්මටම එපා වෙනකල් කියවයි.. ඒත් නෑ.. මුගෙ කියවිල්ල එපා වෙන්නෙත් නෑ.. ඒ මුකරි හුරතලේට ඇබ්බැහි වෙන්නෙ නැත්තෙ කවුද?

    ” තාත්ති කිව්වා… අතුරන්නැති කාලුත් දෙන තොපී ගන්නෙපා… කෝවත්.. යන්න එපා කියල. ඒම කලොත්… මත කෝතුපාර දෙකක් දෙනවා කිව්වා… ”

     ” ඇත්තනේන්නං සුදුමහත්තයා.. ගෝනිබිල්ලොත් එනවනෙ හොද අත්තම්මලා වාගෙ වෙස් වලාගෙන.. මට ඔය කියනකල් ඕක ගානක් වුන්නෑ.. සුදුමහත්තයට හොදට මොලේ තියෙන හින්දා හොදයි…. ඕන් චූටිමැනිකෙ.. ඇහුනා නේද මල්ලි කිව්ව කතාව?… ”

      ” මං හොතබබෙක්.. ”

” ඒකනේන්නං රත්තරනේ.. අනේ… තුනුරුවන්නේ සරණයි ඇස්වහක් කටවහක් නෑ… සිරියාවන්ත කොලුපැටියා… ”

    ” කිලිඅම්මත් කිව්වා ඒම.. ”

    ” පන්ඩිතයා.. ” අයියා පොඩි එකාව පොඩි දෙන්නා ළඟින් තිබ්බෙ උන් දෙන්නා ආසාවෙ බලන් ඉදපු හින්දා.

     ” ඔවාලා… මෙහෙද ඉන්නෙ?.. ” කොල්ලම කතාව පටන්ගත්තා… අයියා අත්තම්මව ගෙට එක්කන් ගිහින් හාන්සි පුටුවක වාඩි කලා..

       ” මාත් මෙහෙ ඉන්නවා.. අපත්ති කිව්වෙ මෙහෙ ඉන්න කියලා.. මේක අපත්තිගෙ ගේ ලු.. ඒ වුනාත… මේක තුලංගනා කාතල් එකක්.. අපත්ති ඒක කාතවත් කියන්නෑ.. මූතුබංකොල්ලකාලයො.. ඇවිත්.. අපි තේලම අල්ලගයි කියල.. “ 

        ” ඔයා මුහුදුමංකොල්ලකාරයො ගැන දන්නවද?… ” පොඩි උන් දෙන්නා කොල්ලගෙ අතින් අල්ලන් මිදුලෙ තණකොළ ගොල්ලට ගියෙ ඒ තරං ඉක්මනට යාලු වෙලා.. පොඩි උන්ගෙ ලෝකෙ කොච්චර සරලද..? මේ දැක්කා.. මේ යාලුවො.. උන්ගෙ හිත්වල කහට නෑ.. හවස තරහ වුනා… උදේ යාලු වුණා.. එච්චර සරලයි..

   ” ළමයි!.. වොශ් දාල තේ බොන්න එන්න.. දැන් කරුවල වැටීගෙන එන්නේ..! ” අයියා කෑගැහුවා.. ඇත්ත දැන් අඳුර වැටීගෙන එනවා.. සත්තු සර්පයො මිදුල්වලට එන වෙලාව.. පොඩි උන් ඒත් එන්න ආසාවක් තිබුන්නෑ.. මොනර පැටියගෙ කියමං අහගෙන බඩ අල්ලන් හිනාවෙවී උන් උන්ගෙ ලෝකවල..

   ගේට්ටුවත් වහල හින්දා මමත් ගෙට ආවා.. මහන්සි වෙලා ගෙට ගොඩවෙච්ච මිනිස්සුන්ට තේ එකක් හදල දෙන්න එපැයි.. අයියානම් ඒ වෙද්දිනුත් කුස්සියේ.. හීටරේ ගහල බිස්කට් පැකට් එකක් රාක්කෙකින් ගන්න ගමන්..

     ” අයියා බත් උයමු නේ?… ”

   ” අත්තම්මා උයයි.. එයාට අපි ඉව්වම කන්න බෑ..  සුදූ ගිහින් අත්තම්මා එක්ක කයියක් දාන් ඉන්නවකො.. මම තේ හදන්නං.. ”

   ” අත්තම්මා පව් නෙ.. මහන්සි ඇති… ”

    ” ඔව් රුවන්වැල්ලෙ ඉදන් එනගමන්.. ”

    ” රුවන්වැල්ලෙ?….. මං හිතුවෙ කුරුනෑගල ඔයාලගෙ මහගෙදර යන්නැති කියල… ”

    ” සුදූ, අත්තම්මා කියන්නෙ අම්මගෙ අම්මා. අපේ අප්පච්චි බැන්ඳෙ රුවන්වැල්ලෙන්.. එහෙ ඉදල තමයි පොඩි උන් ඔය එන්නෙ. හෙට ඉස්කෝලෙ නෙ ”

        ” ම්ම්…. ”

    ” යන්න. පොඩි එකා වැටෙයි කොහෙවත්.. ”

    ” නෑ පොඩි දෙන්නා එක්කනෙ ඉන්නෙ. අත්තම්මත් ඉස්තෝප්පුවෙ හිටියෙ. එයා බලයි.. දෙන්නකො මං තේ එක හදන්න.. ”

     අයියා පොඩ්ඩක් අහකට වුණා.. මම කහට සීනි කිරි දාල මට පුළුවන් උපරිමෙන් කිරි තේ එක හැදුවෙ… අයියගෙ පවුලෙ අය මං අතින් බොන්න යන පලවෙනි තේ උගුර ඒක හින්දා..

   ” චූටි එකාට නිවල දෙන්න වෙයි.. කෝ දෙන්න මං නිවන්න. ”

      ” ඌ දැන් තේ බොන එකක් නෑ අයියෙ.. බත් ම කවමු.. දැන් තේ බිව්වොත් රෑට කන්නෙ නෑ.. ”

    වෙලාව හයයි කාලට ඇති.. කොල්ලට අට වගේ වෙද්දි නින්ද යනවා බෙහෙත් දෙන්නෙ හතට හින්දා..

    ” ආහ්… අනිත් සේරම තේ බොද්දි කොල්ලට ආසාවට හරි ටිකක් දෙන්න වෙයි.. බෙරිහන් දෙයි ඊලඟට. ”

      අයිය එහෙම කියල මං කොල්ලට දෙන මග් එක හෝදල අරන් කිරි තේ ඩිංගක් දාල තව කෝප්පෙකට පෙර පෙර නිවන්න වුනා.. මම කෝප්ප සෙට් එකක් එලියට අරන් සෝදල තේ වක්කරලා බිස්කට් එක කැඩුවා..

      කිව්වත් වගේ… කොල්ලා අර දීපු තේ එක ආසාවටම බිව්වෙ අද නිවුන්නු දෙන්නා මැද ඉදගෙන.. අද කොල්ලා මාර සතුටකින්.. යාලුවො දෙන්නෙක් හම්බවෙලා නෙ.

    ” සුදුනෝනා චූටි අක්කිට එන්න කියන්න තේ බොන්න. ” අයියා මේලිගෙ කොන්දට තට්ටු කරලා කිව්වම කෙල්ලගෙ මූණ ඇද වෙලා ගියා.

    ” එයා කෑගහනවා අප්පා… නිදිත් ඇති දැන්.. ”

     ” බලලා එන්නකො. කම්මැලි නැතුව “

   ” අනේහ්.. සාපයක් අප්පා!… එහෙනං මල්ලිව එක්ක යන්නං?.. ”

   ” මට නං බෑ.. ඊයෙ වෙරලු ඇටේකින් ගහල තාම ඔලුව රිදෙනවා. මට බෑ ඒ යකින්නිගෙ ගුහාවට යන්න.. ”

   ” ඔයාට කිව්වෙ කවුද?.. මං ඇහුවෙ මොනර මල්ලිව එක්ක යන්නද කියලනෙ.. ”

   ” මල්ලි නෙවෙයි. එයා පුතා වෙන්නෙ.. ” අයියා මැදින් පැන්නම මට බැලුනෙ අත්තම්මා දිහා. වෙලාවට එයා ටීවී එකේ යන බණ කතාවකට කන් තියාගෙන හිටියා මිසක් ඒක ඇහුණෙ නෑ..

   පුංචි එකීගෙ මූණ ඇද වෙලා ගියා… ” පුතා??.. ඊව්.. මෙයා මල්ලි කෙනෙක්නෙ..! ”

     ” ඒ වුනාට නෑදෑකම කියන්න පුරුදු වෙන්න සුදුනෝනා.. ”

” ඉතින් අපි නෑයොත් නෙවේනෙ.. ම්හ්ම්! ”

    ” කිව්වම අහන්න.. ”

“  අයියෙ. ඒ ළමයි කියන එකක් කිව්වදෙන්. එයාල පුංචි ළමයි නෙ..  ” මං කනට කරල කිව්වෙ අයියා කතා කරන්නෙ අවසිහියෙන් ද නොදැන. මෙයා මේ කියන ඒවගෙන් අත්තම්මා මොනා හිතයිද? මේකට ඕන අතේ පත්තු කරගන්නද කියක හිතෙද්දි මටත් ආවෙ කේන්තියක්..

    ” එහෙම හරියන්නෑ නෙ. ”

   ” අනේ මොනර පැටියව එක්ක යන්නද කියන්නකො අයියෙ.. “

   ” මොනර පැටියා.. යනවද අක්කි එක්ක? ” මං කතාව එතනින් නවත්තලා පොඩි එකා ලඟට ගියා.. ඌ බිස්කට් එක පොගවන්න ගිහින් තේ එකට වට්ටගෙන ඒක ගන්න ගේමක..

    ” මත බෑ මත බෑ දැඩී!.. මත බකලකොත් මං මැයිනවා! ”

   ” මොනා කිව්වා? ” අයියා හිනාව කාගෙන ඇහුවෙ කොල්ලයි පොඩි උන් දෙන්නයි සේරම හිනාවෙද්දි.. කොල්ලා ආපහු ඒකම කිය කිය සාලෙ හෙල්ලෙන්න හිනා වුණා…

   ” සුහ්-දුමහත්තයා එයාට ඒක කියල දුන්නෙ..! අනේ මල්ලි ආය කියන්නකො ඒක..! ”

    ” මත බෑ මත බෑ දැඩී.. මත බයිලකොත් මං මැයිනවා… à·„à·’à·„à·’.. ”

   ” සුදුමහත්තයා තමුසෙත්- ”

    ” නෝතිම-නෝති-වචනයක්-කිව්වා!.. අප්-පත්-තී!.. තාත්ති-මෙයාගෙ-කත-පුත්තන්න! ”

    ” අප්පච්චිලු!.. ” පොඩි උන් දෙන්නා තව හිනාවෙන්න ගත්තට මටනම් තවදුරටත් හිනා ගියෙ නෑ.. මට දැනුනෙ බයක්..

පොඩි දරුවන්ට මේව කොහොම පැහැදිලි කරන්නද?..

   ” මොනර පැටියා.. එයා ඔයාගෙ අප්පච්චි නෙවේ අනේ… අර ඉන්නෙ ඔයාගෙ අප්පච්චි.. ” මේලි කොල්ලගෙ කම්මුල අතගාල හරි ආදරෙන් කිව්වෙ.. ඒත් මොනර පැටියට ඒකට කේන්ති ගියා..

   කොල්ලා පොඩි එකීගෙ අත අහකට තල්ලු කරලා අයියා ලඟට දුවගෙන ගිහින් ඇදන් ඉදපු සරමෙ කොනේ එල්ලුණේ..

    ” එයා තාත්තිනෙ!.. මෙයා අපත්ති!… ඔයා ඒකවත් දන්නෑනෙ à·„à·„à·Š!.. ”

    ” à·„à·‘..! එයා අපේ අයියා.. එහෙම තාත්තල අප්පච්චිල කියල දෙකක් එක බබෙක්ට නෑ හලෝ..! ඉන්නෙ අම්මයි තාත්තයිනෙ.. ”

   ” මත ඉන්නෙ ඒනම්!.. ඔයා මෝදම මෝද.. අල ගෙදියක්! ඒකයි දන්නැත්තෙ!.. මත ඉන්නවා.. අපත්තියි තාත්තියි.. තූති බාප්පියි.. කීඅම්මයි.. ඩොකුඅම්මියි.. මාමා තීයයි.. ඩොකුතාත්තියි… ලෙලුම් බබයි!.. ඔයා ඒකවත් දන්නෑ.. ”

     ” ඔයා දන්නවා වැඩි වෙලා..! අයියෙ මෙයාට කියන්නකො- “

    ” නංගා.. එයා චූටිනෙ.. ” අයියා මං දිහා බලලා… රවාගෙන පුපුරන මොනර පැටියා දිහා වගේම නංගියි මල්ලියි දිහාත් බැලුවා.. ” එයා දන්නෑ  නෙ.. කැමති දෙයක් කියපුදෙන් ඉතින්.. ”

   ” ඒ වුනාට ඔයා එයාගෙ අප්පච්චි නෙවේනෙ අයියා.. එක බබාට අප්පච්චි කෙනෙකුයි තාත්ති කෙනෙකුයි ඉන්නෙ කෝමද? මෙයා පිස්සු මොනර පැටියෙක්. ” නංගි කිව්ව එකට සුදු මොනර පැටියා රතු වෙනකල් කේන්ති ගියෙ නැද්ද?! නංගි ලඟට ගියානම් ගහන සයිස්.. මං කොල්ලව අල්ලගත්තෙ ඒකයි. මූ ඒ වෙනුවට හැපුවෙ මාව..

    ” මේ මෝද අක්කිත පිත්තු! මත පිත්තු මොලල පැතියා කියන්නෙ.. ඔයා තමා පිත්තු අක්කි! ”

   ” පිස්සු නැත්තං එක බබාට අප්පච්චිල දෙන්නෙක් ඉන්නවා කියල හිතයිද?! එක බබාට ඉන්නෙ එක අම්මයි.. එක තාත්තයි.. ”

       ” ඔයාත එකෙක්වත් නෑ නෙ! ” කොල්ලා කිව්ව වචනවලට මට මගෙ කන් අදහගන්න බැරි වුණා.. මගෙ අත කොල්ලගෙ කටේ නැවතුනේ.. කොල්ලා අඩන්න ගත්තා… මං අතින් කටට ගැහුවෙ ඒ වචනවලින් පොඩි උන් දෙන්නගෙ ඇස් රතු වෙන ව්දිය දකින්න මට ආසාවක් නොතිබ්බ හින්දා…

    මං කොල්ලව හැදුවෙ ඔය වගේ වචනවලින් මිනිස්සුන්ගෙ මූණට දමල ගහන එකෙක් කරන්න නෙවෙයි. කොල්ලට හොදටම රිදෙන්න ඇති. කට අත් දෙකෙන්ම අල්ලන් කට ඇරගෙන බෙරිහන් දීගෙන අඩන්න වුණා.. අත්තම්මත් ටීවී එක වහල දාල හැරුණෙ ඒකයි..

    

     අයියා මට රවනවා නොදැක්ක ගානට මම කොල්ලව බිම තිබ්බෙ පොලවෙ හැපි හැපී බිම දිගාවෙලා කොල්ලා අඩන්න ගනිද්දි… ” සොරි කියනවා අක්කිට මායුර්! මං කෝටුවක් ගන්න කලින්.. කාගෙන්ද ඕව ඉගෙනගත්තෙ?! ”

    ” තොලී.. ” කොල්ලා වැරැද්ද දැන හෝ නොදැන සොරි කියල එක දිගට කිය කිය අඩද්දි ගැහුව මටම දුක හිතුනා. ඒත් අර දරුවො දෙන්නගෙ මූණවල් බලද්දි නොගහ හිටියනම් මං කොච්චර වැරදිද…

    පොඩි එකා නොදන්නකමට කිව්වත්… ඒ දරුවො දෙන්නට ඒ වචනවලට ඇස්වල කදුලු පිරුණා බල බල මං පොඩි එකාගෙ ඒ වැරැද්ද නිවැරදි නොකර කොහොමද?

       ” ඉගෙනගත්තෙ ඉතින් මහ මිනිස්සු කරන කියන් දේවල් බලාගෙනම වෙන්න ඇති. ”

   යොවානා පඩිපෙළ බැහැල එන ගමන් බිම වැතිරිල ඇගිල්ලක් උර උර අඩන කොල්ලගෙ දිහා බැලුවෙ ඇස්වල හිරිකිතක් පුරවගෙන..

    අයියා ඇවිත් දරුවව වඩාගත්තා.. වඩාගෙන පපුවට තුරුල් කරගත්තා.

    ” නොදන්නකමට දරුවා- ”

” අයියෙ!. ඔයයි.. මේ.. මේ මිනිහයි නටන නාඩගම නොතේරෙන්න තරං නොදරුවොම විතරක් නෙවෙයි මේ ගෙදර ඉන්නෙ. ”

  යොවානා පොඩි උන් දෙන්නව තුරුල් කරගත්තෙ මං දිහා මහ අප්‍රසන්න ගතියකින් බලන ගමන්.. එයාලව විනාශ කරන්න ආව කොඩිවිනයක් දිහා බලනවා වගේ අප්‍රසන්න බැල්මක් ඒක…

    ” මොකද්ද චූටි මං නටන නාඩගම?! ආහ්?! ” අයියාගෙ සද්දෙ සැරෙන් නංගි දිහාට යොමුවෙද්දි මං අයියගෙ අතකින් අල්ලගත්තා.. ඒ අයියා අතින් කෙල්ලට පාරක් වදී කියන බයට මිසක් වෙන දේකට නෙවෙයි.

..ඒත් පොඩි එකී ඒකත් අභියෝගයක් විඳියට ගත්තෙ.. මට රැව්වා.. පිච්චෙනකල් රැව්වා..

     ” ලොකූ තමුසෙට ලොකු මේ ලැජ්ජ නැති ඩිස්ගස්ටින් රිලේශන්ශිප් එකද… නැත්තං අපිවද?!… තමුසෙ මොනාද කිව්වෙ?!.. අම්මයි තාත්තයි නැති වුනාට ඔයා අපේ අම්මයි තාත්තයි දෙන්නම වෙන්නම් කියලනෙ කිව්වෙ අයියෙ.. දැන් මේ… කොහෙවත් යන පොඩි උන්ගෙන් පවා මගෙ නංගියි මල්ලියි අනාථයො කියල අහගද්දි ඔයා උන්ව වඩාගෙන හුරතල් කරනවා මිසක්.. අපිට.හෙනගහල ගියත් කාටවත් වැඩක් නෑ… ”

      ” යොවානා!. ” අයියට ඒ වචන කොච්චර රිදෙන්න ඇද්ද?… මට දැනුනෙ මහ වරදකාරී හැඟීමක්.. මං දන්නෑ මම කරපු වැරැද්ද.. ඒත් පුතා ඒ වගේ කතාවක් කිව්වෙ මං එයාව හදපු විදියෙ වරදක් හින්දා කියලයි මට හිතුනෙ..

   නොදරුවා නොදන්නකමට කිව්ව බව තුන් හිතම දැන දැනත්… ඉන් එහා හිතන්න ශක්තියක් මට තිබුන්නෑ…

     කෙල්ල පොඩි උන් දෙන්නව ඇදගෙන උඩ තට්ටුවට ගියෙ අපිව නිහැඩියාව අස්සෙ අතරමං කරලා…

  අත්තම්මා බලන් හිටියෙ උත්තර වෙනුවෙන් වෙන්නැති. ඒත් අත්තම්මට තියා අපිටත් ඒවට උත්තර තිබුන්නෑ….

     කොල්ලා අඩ අඩම අයියගෙ පපුව උඩ නින්ද ගිහින් තිබුනා.. මම කුස්සියට ගියෙ තනිවෙන්න තිබුණ ඕනකම හින්දමයි..

      අයියාවත්…වෙන කවුරුවත් කුස්සියට ආවෙ නෑ.. අයියා දරුවා එක්ක ඇදේ ඇති කියල මම හිතුවා..

   ලොකුවට නැතත් මං මාලුපිනි දෙක තුනක් එක්ක බත් ඉව්වා.. ඉව්වට කන්න මටත් පිරියක්  නොතිබ්බත්… කෑම මේසෙට ඇරලා කතා කරාම ආවෙ අයියයි.. අත්තම්මයි විතරයි…

    මමත් නොකා ම කාමරේට ගියෙ අයියත් ආවෙ කන්න නෙවෙයි… මගෙ හිත රිදෙන හින්දා බව දන්න නිසා..

  මගෙ කොල්ලා ඇදේ මැද වැඩිලා.. අතපය හතර අතේ ගිහින්.. ඇදගෙන ඉදපු කමිසෙත් අයියා ගලවල දාල මං කොල්ලා.ළඟ දිගා වුණා..

   කට ළඟ යන්තම් රතු වෙලා.. මගෙ ඇහෙනුත් කදුලක් වැටුණා.. මං කොල්ලව අරන් පපුවට තුරුල් කරගත්තෙ ඉකියක් උගුරෙ හිරවෙද්දි..

නැවත හමුවෙමු

🤍🦢

යොවානා ආස නෑ ඕවට.. 🙂💔

මොනර පැටියා පව් 💔

යොවානා ලොකුවට බාල්දි පෙරලන එකක් නෑ කියල හිතමු

05 Nov. 2024 | 12:11

Tags: read novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | |30 |, novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | |30 |, read À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | |30 | online, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | |30 | chapter, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | |30 | high quality, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | |30 | light novel, ,

Comment

Leave a Reply

Chapter 34