À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 31 |

A+ A-

    අයියා පොඩි එකාව තුරුල් කරන් නින්දෙ හිටියා..

    මට නිදිමතක් තිබුන්නෑ. දරුවට ගහපු පාර මගෙ කන් අස්සෙ දෝංකාර දුන්නා. නිදි නැතුව මුලු රෑම ඒක ගැන හිත හිත දුක්වෙන එක මට ලැබුණ දඩුවම වෙන්නැති..

     මං ඇදේ දිගාවෙලා අයියයි පුතයි දිගා බලන් හිටියෙ අටවක හඳ එලියෙන් දීපු ලා හෙවනැල්ලෙ පිහිටෙන්.. පුතාගෙ කට චුට්ටක් ඇරිලා… කිරි දතක් දිලිසෙනවා හඳ එලියට. අයියගෙ අතක් පුතාට උඩින් වැටිල තිබුණත් නින්දෙන් පවා දරුවට බර නොවැටී ඉන්න ඒ මස්පිඩු මතක තියන් ඉන්න හැටි පුදුමයි..

   නොදරුවගෙ මොලකැටි ඇග වැහුණෙ චූටි කලිසම් කොටේකින් විතරයි. ඒ ළපටි ඇග එක්ක සන්සන්දනය වෙද්දි අයියා මහ යෝධ අයෝමය පුරුෂයෙක් වගේ පෙනුනෙ අයියත් කමිසෙ නැතුව සරම පිටින් නින්දෙ ඉදපු හින්දා..

       මං අයියා තරම් ම හැඩිදැඩි නැතත් හීන්දෑරී පිරිමි ඇගක් මට තිබුණා.. අයියා වර්ක් අවුට් කරල හදාගෙන මේන්ටේන් කරපු එයිට් පැක්ස් වගේම.. මං වැඩ කරලම ඉබේ මතුවෙච්ච සික්ස් පැක් එකක් මටත් තිබුණා.. අයියගෙ ගෙදර ජිම් ඒරියා එකක් තිබුණා.. අයියා දිනපතාම ඒකෙ යකඩ ගොඩවල් එක්ක ඔට්ටු වුණා. ඒත් මං සති ගාණක් වැඩක්පලක් නොකර ඉදලම අර මතුවෙච්ච සික්ස් පැක්ස් ටිකත් දියවෙල මැකිල යන ගමන් තිබුණෙ..

    මට ඕව ගැන හිතන්න කාලයක් තිබුණෙ නෑ. මම කොන්ඩෙ කැපුවෙත් වැඩ කරනකොට මූණට එන එක වදයක් වුණාම විතරයි.. දරුවගෙ ඇනෙන හින්දා රැවුල කපල දැම්මෙ ඌ ඉබින්න අම්මෙක් නැති හින්දා.. තවම දරුණුවට රැවුල වැවෙන්නෙ නැති හින්දා කැපුවට පස්සෙ ලොකුවට කටු ඇනෙන්නෙ නෑ කොල්ලගෙ..

      අවුරුදු දාසයෙදි මං කොච්චර මගෙ ඇග ගැන හිතුවද? අම්මලට හොරෙන් ක්‍රීම් තලි ගෙනත් ඇතිල්ලුවෙ.. මුලු ඇගම ශේව් කරා.. කොන්ඩෙ කපන්න මං කැමති බාබර් ලඟට ඇර වෙන කා ලගටවත් ගියෙ නෑ.. විශේෂයෙන්ම කොළඹ ඉද්දි.. අයියා එක්ක ඉද්දි මගෙ මේ ගති ඇබ්බැහියක් වෙන්න ගත්තා..

        ඒ කාලෙ ඉක්මනට රැවුල වැවෙන්නෙ නැති එක තරම් ප්‍රශ්නයක් මට තිබුනෙ නැති තරම්.. ඒ කේන්තිය පිට රැවුලම කපලා දාල.. ආය එනකල් ගිහින් කන්නාඩියට කුනුහරුප කිය කිය වද දුන්නා..

  මට හිතුනෙ මගෙ පෙනුම අඩු වුනොත් අයියගෙ ආදරෙත් අඩු වෙයි කියල… අද මෙහෙම අපතයෙක් වගේ ඉද්දිනුත් ඒ ආදරේ එදා විදියටම ලැබෙද්දි මට හිතුනා.. මං මහ මෝඩයෙක් කියන්න.

  
    මං අයියව තාම ඉගෙනගත්තෙ නෑ කියන්න..

      ඒත්… අයියා වෙනුවෙන් නොවුනත්.. මට මං වෙනුවෙන් හිතුනා ආය ඩිංගක් හරි පෙනුම ගැනත් හිතන්න. කන්නාඩිය දිහා බලද්දි එදා දැනුන ගැම්ම අදත් දැනෙනවනම් ජීවිතේ තව ලේසි වෙයි.. අඩුපාඩු තිබුනට කමන්නෑ.. ඒත් පිලිවෙලට හිටියයි කියල හෙන ගහන්නෑ.

   දරුවා වෙනුවෙන්ම ජීවිතේ දියවෙලා යද්දි.. මට මං ගැන හිතන්න මතක් වුණේ අයියා දරුවගෙ බර මගෙ කරෙන් මොහොතකට බිමට අරගත්ත හින්දා…

    ” හංස… ” අයියගෙ නිදිබර කටහඩ මට ඇහුණෙ ඒ අතරෙ.. දරුවගෙ නින්ද කැඩෙන්නෙ නැති තරම් හිමින් අයියා කතා කලේ.. ” නිදාගන්නෙ නැද්ද?… “

        ” මට නින්ද යන්නෑ.. ”

      මං කිව්වෙ පැමිණිල්ලක් කරන ගානට..

   අයියා ඔලුව උස්සලා බැලුවා.. ” ඇයි?… ”

    “………. ”

” එනවා ලඟට.. ”

     මං දරුවට උඩින් අයියගෙ පපුවට අත තියලා අයියගෙ එහා පැත්තට පැනල දිගා වුණා.. අයියා කිඹුල් පැටියව දරුවගෙ අත් අතර තියලා දරුවව එයාගෙ බ්ලැන්කියක් අරන් පෙරෙව්වෙ මගෙ පැත්තට හැරෙන්න කලින්..

   අයියා උගුර යටින් කරපු මිමිණිල්ල මගෙ කන උඩ දෝංකාර දුන්නා.. හුස්මක් උඩට ඇදලා පිට කරන යමන් මගෙ කෙස් මූණෙන් පිහදැම්මේ කෙස් ගස් ඇගිලිතුඩුවලින් පරිස්සමට අරන්..

    ” ඇයි… ම්ම්.. ”

    මං නියපොතු විතරක් හැපුවා.. ඒ අයියගෙ ලොකු බාහුවක් අස්සෙ හිරවෙන්න කලින්.. හපපු නියපොත්ත අතක හිර කරන්.. අයියා මාව පපුවට තුරුල් කරන් මගෙ ඉස්මුදුන සිපගත්තෙ තොල් යන්තම් තද කරලා..

     ” නිදාගන්න හංස.. ”

” මට නිදිමත නෑ… ” මං මිමුණුවා…

    අයියා උගුර යටින් හිනාවුණා.. නොපෙනුනාට ඒ ඇස් මට මැවිල පෙනුනා..

    ” ම්ම්… ”

අයියා මගෙ බෙල්ල පිටිපස්සෙන් අතක් යවලා මාව ලඟට ඇදල ගත්තෙ මගෙ තොල් උඩ ඒ තොල් තියන්න.. කමිසෙට යටින් මගෙ පපුවට අනිත් අතේ ඇගිලි තුඩු ලං වුනා..

    මං ඇස් විතරක් පියාගත්තා..

    ඇදුම් ඇදන් ඇදට ආව මාව ඇද උඩ නිරුවත් කරන්න අයියට මහ වෙලාවක් ඕන වුන්නෑ.. දරුවා නිදි.. මං තොල හපාගත්තෙ ඒකයි…

  මගෙ බෙල්ලෙ දත් ගහගෙන.. කඩාගෙන බිඳගෙන මං අස්සට රිංගගන්න අයියට ලොකු පරිශ්‍රමයක් දරන්න වුනේ නෑ.. මමත් කකුල් හරෝපු විදියට උස්සපු හින්දා..

  මගෙ ඇස්වලින් කදුලු පැන්නා.. අවුරුදු හතරකින්… මුල් වතාවට තරම්ම මට රිදුනා.. ලේත් එන්න ඇති.. ඒත් මං ඒක ඉවසුවා..

  මං දන්නවා මේක කෙලවර වෙන්නෙ කොතනින්ද කියන්න.. අයියා මට ඉගැන්නුවෙ කම්බයින්ඩ් මැත්ස්ම විතරක් නෙවෙයි.. ආදරේදි සුරදූතයෙක් වුණ මගෙ අයියම.. ඇදේදි යක්කුත් බය කළා.. යකෙක්වත් රෑ දොළහට ඒ බෝඩිම පැත්තෙ ගස්වල ලැග්ගෙ නෑ.. ඇද යට හිටපු උන්ගෙත් කොදු කැඩෙන්නැති මට වැදිච්ච පාරවල්වලට…

   ” වරෙන් ඇදට… උබ තියන්නෑ අද.. ” ඔන්නැති වැඩක් කරලා අහුවුනාම අයියගෙ දඩුකඳ.. ගිලටීනය… පෝරකය.. විදුලි පුටුව.. ඔය හැම එකකටම බෝඩිමේ හිටියෙ ඒ තනි ඇද.. ඒ තනි ඇද උඩ අයියගෙ දරදඩු අත් කියන මාංචු වැටුනට පස්සෙ.. කස, පොලු , කඩු සේරටම අයියා අතට ගත්තෙ එකම ආයුධයක්..

      දඩුවම් විඳින්න ඕනකමටම පව් කරන්න මාව පෙළඹුවෙ ඒ ආයුධෙන් කාපු පාරවල්. යක්කු අහලකත් නොලැග්ගට මං ඒ බෝඩිමේම ලැග්ගෙ තියෙන අසහනේ වැඩිකමට වෙන්නැති.. නිවාඩුවටත් ගෙදර නොගිහින් ලැග්ග ලැගිල්ලට කෙල්ලෙක් වුණානම් මං එකපිට දහ දොළොස් පාර බඩවෙලා..

        ගහල තෙල් ගාන්නා වගේ… සේරම දෙතිස් වද දීල ඉවර වෙලා නළලටයි ඇස් දෙකටයි හාදු දීල අන්තිමට තොල් උඩ හාද්දක් තිබ්බම තරහ මරහ සේරම අහවරයි.. මට හැම වතාවෙම ඒ තොල් උඩ නින්ද ගියා..

  අදත් නින්ද යන්නෑ ගගා ඉදපු මං අයියගෙ තොල් උඩ නිදාගත්තෙ එහෙමයි…. ..

      උදේම නැගිටල ඇගපත සෝදගත්තෙ අයියා වැඩට යන හින්දා..

    මං කුස්සියට ගිහින් මාලු තුනක් එක්ක බත් ඉව්වා.. උයල ඉවර වෙද්දි අත්තම්මත් නැඟිටල ආවෙ.. එයා අද ආපහු ගමේ යනවලු. පොඩි දෙන්නා ඉස්කෝලෙ යනවා.

කෑමපෙට්ටි අරන් සේරටම බත් අඩුක්කරලා.. අයියගෙ කෑම පාර්සලෙත් ලෑස්ති කරලා මම කාමරේට එද්දි අයියා දරුවව වඩාගෙන හිටියෙ සූට් පිටින්..

       ” ඔයා කොහෙද හංස ගියෙ?.. මේ පුතා අඩනවා.. ”

    ” කෝ.. ” මං අයියා අතින් දරුවා අරගන්න හැදුවට ඌ නෙවෙයි ආවෙ.. කන්කෙදිරි ගාගෙන අයියගෙ පපුවටම ඔලුව තියාගත්තා.

    ” මොනර පැටියට හම්බු උයන්නනෙ තාත්ති ගියෙ.. දැන් ඒකට තාත්ති එක්ක තරහ වෙනවද?.. මොනර පැටියා නෝටී. ”

    ” …… ” කොල්ලා මොකුත් කිව්වෙ නෑ.. අයියගෙ පපුවෙ ඔලුව තියාගෙන ඇස් පිහ පිහ ඉදියා.. ටිකකින් ආය නින්ද ගියෙ අයියා කොන්දට තට්ටුකර කර නැලෙව්ව හින්දා..

    ආයෙත් ඇදෙන් තියල පෙරෙව්වම කොල්ලා ඇගිල්ලක් කටේ ගහන් නින්දට වැටුණා..

    ” කවුද දැන් තමුසෙට උයන්න කිව්වෙ?.. කඩාගෙනවත් එකතැන ඉන්න බැරිද?!.. ”

   අයියා මගෙ අතකින් ඇදගෙන ගිහින් ඇදේ ඉන්දුවෙ අතේ බැන්ඩේජ් එක අල්ලල බලන්න කලින්.. ඊටපස්සෙ මට රැව්වා..

    ” ඇදට තියලා බඳිනවා සුදූ උබව මම.. ”

     ” ඕක නිකන් වෙලලා තියෙන්නෙ.. දැන් තුවාල වේලිලා ඒයි.. අනික.. එහෙ වගේ දර එක්ක ඔට්ටු වෙන්න තියෙනවා කියලද?.. මෙහෙ හොට් ප්ලේට් එකේ උයන්නෙ හැම දේටම මැශීන් තියෙනවා.. මහ ලොකු වැඩක් කරේ නෑ නෙ මම. ”

     ” ආය කියන්නෑ මම.. කඩාගනින්.. තව ටිකක් අඹරල දාල නිකන් ඉන්නවා..  ”

      මං ඇහැක් ගහල තොල හපන ගමන් හිනාවුණ එක අබ පුපුරන්න තරං ඒ මූණ රත් කළා.. පස්සට අතකින් ගහගෙන එළියට ගියාම මම බැල්කනියට ගිහින් බලන් හිටියා..

    උඩ බලලා.. මැද ඇගිල්ල මං දිහාට දික් කරේ මම අතට හාදුවක් තියල පිම්බම.. වනචරයා..

    මං අවුරුදු දාසයක කොල්ලෙක් වාගෙ හිනාවෙවී ඇවිත් ඇදේ දිගා වුණේ කොලුපැටියව තුරුල් කරන්..

     හකු රිදෙනකල් හිනාවෙන එක දැන් මගෙ මූණෙ මශල්ස්වලරත් හුරු වීගෙන එනවා..

     ආපහු නැගිටිද්දි මොනර පැටියා ඇදේ ඉදගෙන ඔලුවයි කොන්දයි කහනවා..

     ” අපත්ති… ”

කොල්ලා ගේමක් දීල කෝමහරි ඇදෙනුත් බැහැගත්තා.. බැහැල කලිසම් කොටේ පිටින්ම දොර දිහාට යද්දි මමත් ඇදෙන් බැස්සෙ දරුවට කතා නොකර..

     වෙනදා වගේ මගෙ පපුවට ඇවිත්  මාව ඉබින්නෙ නැති වෙද්දි මට රිදුනා.. ඒ එක්ක කොල්ලට මූණදීගන්න බැරිකමක් මට දැනුණා.

     කාමරෙන් එලියට කොල්ලා යද්දිම අත්තම්මත් හෝල්වේ එකේ ඉදලා වෙන්නැති.. කතා කරලා දරුවව අඩගහගෙන යනවා ඇහුණා.. මමත් ආය ඇවිත් බාටා දෙක දාන් ඒ පස්සෙන් ගියා.

    දරුවා කුස්සියෙ පුටුවක ඉන්දලා.. අත්තම්මා එයාට කිරි එකක් හදල පොවනවා මම දැක්කා.. මම එලියෙ ඉදන් බලන් ඉද්දි අත්තම්මා මාව දැක්කා.. ඒත් මම අතින් කිව්වෙ මං ඉන්නවා කියල මොනර පැටියට කියන්න එපා කියල.. කිරි එක බොන්නෙත් නැති වෙයි එහෙම වුණොත්..

   පොඩි දෙන්නත් ඉස්කෝලෙ ගිහින්.. යොවානත් ගිහින් ද දන්නෙ නෑ. අත්තම්මත් තව ටිකකින් යන්න ලෑස්ති වෙන්නෙ.  මොනර පැටියා සාලෙට වෙලා තනියෙන් සෙල්ලම් කරනවා.. මමත් සාලෙට ආවෙ ඒකයි..

    මං එනවා දැකල කොල්ලා නැගිට්ටා කිඹුලත් එල්ලන්.. නැගිටල මිදුලට දිව්වා.. මම පස්සෙන් ගිහින් අල්ලගත්තෙ ලිස්සල වැටෙන්න යද්දින්ම..

    ” සුදුමැනික… ඔයා වැටෙයි දෙයියො දුවන්නෙපා.. ”

     දරුවා පපුවට තුරුල් කරගත්තම දැනෙන කිරි සුවදට මාව පිච්චුනා. මගෙන් දුවන්න තරම් මං කොල්ලව බය කරලා.. ඒ හිත රිද්දලා.. මං කොල්ලව තුරුල් කරන් ගෙට ආවෙ ඌ අඩද්දින්..

   මං දරුවව තිබ්බෙ ඇදෙන්.. ඌ කදුලු පිහදදා මං දිහා බැලුවා.. තරහක් නෙවෙයි.. දරුවගෙ ඇස්වල තිබ්බෙ දුකක්..

    ” මත අපත්ති ඕන.. ”

” මොනර පැටියට තාත්ති එපාද රත්තරං?… ”

     ” ඔයා… නෝතිනෙ ඉතින්.. ” කොල්ලා පිට අත්ලෙන් කදුලු පිස්සෙ කදුලු අලුත් වුන හින්දා..

     ” මැනික.. මං ඔයාට ගැහුවෙ ඇයි කියල ඔයා දන්නවද?… ”

     ” …. අක්කිත බැන්න ඉන්දනෙ.. ”

   ” මොකක් කියලද බැන්නෙ.. ”

  ” ………… ”

   ” එයාට අප්පච්චිලා තාත්තිලා කවුරුත්ම නෑ කියලනෙ බැන්නෙ.. මැනික.. එහෙම වචන කාටවත් කියන්න හොද නෑ.. කොච්චර හිත රිදෙන දෙයක් කිව්ව කෙනෙකුටවත්.. ඔයාට තේරුණාද.. මගෙ මොනර පැටියා..? ඒව නෝටි වචන… ඒව හිත රිදෙන වචන මැනික.. ඒව කිව්වම අපි ඇතුලෙත් අපායක් හැදෙනවා… ඔයා ඇතුලෙ අපායක් හැදෙයි කියලයි මම ඔයාට ගැහුවෙ… ඔයා ආය කාගෙවත් හිතක් රිදෙන විදියට කතා කරන්නෑ නේද රත්තරං?… මගෙ මොනර පැටියා නෝටි නෑ නේද?.. ”

” …… නෑ.. ” කොල්ලා.ඔලුව දෙපැත්තට වැනුවෙ ඇස් යටින් මං දිහා බලන්. ඊයෙ මං ගැහුව තොල් උඩින් මගෙ තොල්වලින් හාද්දක් තියල මං දරුවව අරන් මගෙ පපුවට තුරුල් කරගත්තා.. මේ වතාවෙ කොල්ලා ආපස්සට ඇදුන්නෑ..

     ” තාත්ති ආය කවදාවත් මගෙ මොනර පැටියට ගහන්නෑ.. තාත්ති ප්‍රොමිස්.. හා ද?.. “

    ” තත්තයි කියන්න..? “

   ” සත්තයි.. මගෙ කොල්ලත් කාගෙවත් හිත් රිදවන්නෙ නෑ නේද? ”

    ” තත්තයි නෑ.. පින්කි පොමිත්.. ”

කොල්ලා චූටි සුලැගිල්ල මගෙ සුලැගිල්ලක පටලවලා මං එක්ක හිනා වුණාට පස්සෙයි මගෙ පපුවට හුළං පොදක් වැදුනෙ… මූ තරහ වෙලා ඉන්න එක මට ඒ තරම්ම දරාගන්න බැරි වෙලා බව මම දන්නෙත් ඒ එක්ක..

      ” මාව… අතම්මගෙ ගමේ එක්ක යනවද?.. අතම්මා කිව්වා… ඒ කතු තියෙනවලු.. ”

    ” අප්පච්චි ආවම අහමුකො.. ”

   ” මං ආය… කෝලෙ යන්න ඕන්නෑ ද?.. ”

   “…. ඒකත් අප්පච්චි ආවම අහමු “

ඇත්තටම.. දරුවට තාම අවුරුදු හතරයි.. ඩේකෙයා දාන්න වුනේ මං වැඩට ගියපු හින්දා.. ඒත් දැන් බුක්ශොප් එක දාන නිසා දරුවව දැන්ම ප්‍රීස්කූල් ගානෙ යවන්න ඕනෙමද?.. අයියා කියන දෙයක් බලලා තීරණයක් ගන්න හිතුවෙ.. දැනට මේ මොනර විගඩම අල්ලන් බත් චුට්ටක් කවාගන්න හිත හිත කුස්සියට යන අතර…

බුක්ශොප් එක ගැන අහන්න තරම් මං සනීප වෙලා තිබුණ එක ගැනත් මට සතුටක් තිබුනා..

නැවත හමුවෙමු

🤍🦢

08 | 11 | 2024   13:43

නම වෙනස් කරා….

සියොත් විලාපය | MOURNING AVES

‘ අරෙව්වා කර කර ඉද්දි මොනර පැටියා ඇහැරුණානම්..’ යන මැයෙන්.. වාක්‍යක් කියන්න බලන්න 😂💔

ෆස්ට් ටයිම් love making  scene එක ලියන්නත් ගිහින්… ආය නැවැත්තුවෙ.. ඒක හිමීට ලියනවා මොකද හදිස්සියක් නෑනෙ නේ..🌚🖤

Tags: read novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 31 |, novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 31 |, read À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 31 | online, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 31 | chapter, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 31 | high quality, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 31 | light novel, ,

Comment

Leave a Reply

Chapter 35