À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | |• 08 •|

A+ A-

   ” අනේ රත්තරං.. තව හැදි පහක් බොන්න.. ”

මං කොල්ලට පින්සෙන්ඩු වුණාට ඌ කට තිත්තයි කිය කිය අඩන්නෙ කොල්ලට බැරිකමම වෙන්නැති. සුප් කෝප්පෙයි හැන්දයි එහෙමම පැත්තක තියල මං දරුවා කොට්ටෙන් හාන්සි කරා. සුප් හැදි හතක් පොවාගත්ත එකම මදෑ..

    වෙසක් දවසෙන් පස්සෙ මට දවස් හතරක් එක දිගට වැඩ නෑ. තව පර්ස් එකේ ඉතුරු වෙලා තිබ්බෙත් රුපියල් පන්සිය පනහයි. එච්චරමයි. මට හිතල හිතල ඔලුවත් එක්ක අවුල් වෙලා තිබ්බෙ.

    හදිස්සියකට ගන්න මං හංගල තියාගත්ත රුපියල් දෙදහෙන් එක්දාස් පන්සීයක් විතර දරුවට බෙහෙත් ගන්න වියදම් වුණා. දරුවගෙ කිරිපිටි එක ඉවරයි.. ඌ ආසාවෙන් බිව්වෙත් ඒ බ්‍රෑන්ඩ් එක විතරයි.

      වෙලාව හැන්දෑවේ හතට ඇති. මමත් ගෙනාව චිකන් හොදි පැකට් එකක් පිගානකට හලාගෙන පාන් කෑල්ලක් පොගවන් කාල  අත සෝදද්දි බෝඩිං කාමරේ ඉස්සරහ වීල් එකක් නවත්තන සද්දෙ ඇහුණා.

     වසන්තෙ අයියා ගෙට ගොඩවෙන්න කලින් මං කොල්ලා නිදාගෙන ඉන්න කාමරේ දොර ලොක් කරල යතුර අරන් හැංගුවෙ ලොකු අයියගෙ වචන මගෙ හිතේ තාමත් දෝංකාර දුන්න හින්දා.

           ” කෝ පොඩි එකා… නිදිද? ”

” කන්කෙදිරි ගගා ඉදල දැන් නිදාගත්තෙ.. ”

    ” ආ.. මේක අරන් තියපං.. ” අයියා මගෙ දිහාට දික් කරපු මල්ලෙ තිබුණෙ කිරිපිටි ටින් දෙකක්.

     එකක් අපේ ගෙදර තිබිච්චි හිස් ටින් එක. අනික අලුත්ම ටින් එකක්.

    ” මං ඔය ටින් එක පෙන්නලා ඒකෙන්ම එකක් ඉල්ලල අරගත්තෙ.. බලහං කොල්ලා බොන එකමද කියල.. ”

   මං බනින්න කට හදන දිහා හොර පූස් තඩියෙක් වාගෙ බලලා ඌ කුටු කුටු ගාද්දි මං වචන කෙලත් එක්කම ගිලගත්තා.

     ” කොහෙන්ද මේ ටින් එක? ”

    ” පොඩි එකා සෙල්ලං කරන්න අරන් සාලෙ දාල තිබිල අරගත්තෙ.. ඉල්ලුවනං හරි ඇහුවනං හරි උබ මගෙ බොටුව කන්න හදනවනෙ. ”

   ” මං මේ සතියෙ පඩි අරන් කිරිපිටි එකක් අරන් දෙන්නනෙ හිටියෙ.. ” මගෙ ඉවසීම නැති වෙන්න හේතු අයියගෙ වචන මතක් වෙන ගානෙ මගෙ ඔලුවට ආවා. ” උබ අතපය දිගෑරල වියදං කරයි කියල කොටන්න දෙයි කියලනං හිතන්න එපා අයියෙ.. මගෙ දරුවට සලකන්න බැරිනං මං ඌ හදන්නෑනෙ… ”

      ” උබෙං කොටන්න ඉල්ලුවද මං?.. බලු විදියට මං ගැන හිතන්න එපා හංස. මාත් මනුස්සයෙක් ”

    මට තවත් මොකුත් කියන්න හිත දුන්නෑ. පපුවට මහ බරක් දැනුනෙ.

     ” උබ වැඩ කරන්නෙ අර අලුත් අපාට්මන්ට් කම්ප්ලෙක්ස් එකේ නේද? ” මං නියපොතු හපන ගමන් වසන්තෙ අයියා ලග පුටුව ඇදල අරන් වාඩුවුණා.

    ” ඔව් බං.. ”

   ” ඒකෙ වැඩ කොහොමද? ”

” වැඩ හොදයි… ඇයි? ”

තක්බීර් වෙලා වගේ මං දිහා බැලුවට වසන්තෙ අයියා දැනගෙන හිටියා කතාව යන්නෙ කොයි අතටද කියල..

” වැඩ ලගකදි ඉවර වෙයිද? ”

    ” ඉවර වුණත් ඊලඟ බිල්ඩිම ගහන්න පටන්ගන්නවනෙ.. ප්‍රයිවට් කොම්පැනියකින් කොන්ත්‍රාත් අරං වැඩ කරන්නෙ. ”

   ” ඒකට බාස්ල විතරද අයියෙ ගන්නෙ?.. ”

වසන්තෙ අයියා උත්තර දෙන්දෝ නොදෙන්දෝ වගේ ඉදලා ටිකකින් උගුර පෑදුවෙ මගෙ බැල්මෙ තිබ්බ අසඑඅණකම නිසාම වෙන්නැති.

     ” අත් උදව්කාරයොත් ගන්නවා. ඒව දවස්පතා පඩියට වාගෙ ගන්නෙ. කොම්පැනියෙන් බදවගන්නෙ අපි විතරයි. ”

     ” එතකොට පඩි දෙන්නෙ කවුද?.. ”

” කොම්පැනියෙන් ම තමා.. අත් වැඩ කාරයින්ගෙ වගකීමක් උන් ලොකුවට ගන්න කැමති නෑ. ඒ හින්දා ලොකුවට… බදවාගැනීම් අනං මනං නෑ.. ”

   ” එතකොට අත්වැඩකාරයෙකුට වැඩබිමේදි ඇක්සිඩන්ට් එකක් වුණොත් වන්දියක් ගෙවන්නෙ නැද්ද?.. ”

    ” ගෙවනවා. සුලු අනතුරුකට පවා රුපියල් පනස්දාහෙ ඉදල ගෙවනවා. ඒව නොගෙවා කොහොමද ඒක තට්ටු අසූවක බිල්ඩිමක්. කකුලක් පැටලුනොත් ඇති සෙත්තපොච්චි….. ඇයි දැන් උබ ඒ ගැන ඔච්චර හාරාවුස්සවුස්ස හොයන්නෙ? ”

හූල්ලල ඇරල බිත්තියට ඔලුව ගහගෙන වහලෙ දිහා බලාගත්තට මගෙ ඇස්වල හිටියෙ මගෙ කොලු පැටියා.. මට මං ගැනම දැනුනෙ ලොකු කේන්තියක් එක අතකට.

   ඇයි මං අවුරුදු දාසයෙන් අසරණ පැටියෙක් මේ ලෝකෙට ගෙනාවෙ..? හැම මොහොතකම මේ ප්‍රශ්නෙ මගෙ ඔලුව නරකාදියක් කලා.

     “අර.. බාටා කෑල්ලක් අතගගා ඉදල හරියන්නෑ බං. හරිහමන් රස්සාවක් නැතුව මේ සුමේ කරන්න බෑ මට. දරුවට බඩ පිරෙන්න කන්න දීල අදින්න රෙදිකෑලි දෙක අරන් දීල බෙහෙත් ටික අරන් දීල හරියට උගන්නගත්තොත් එච්චරයි මට. අරක උදේ ඉදන් හැන්දෑ වෙනකල් මැරුණත් රුපියල් එක්දාස් පන්සීයක් දවසට හොයන්නෙ කැස්බෑවා වියසිදුරෙන් හඳ බලන්නා වගේ කල්පෙකට සැරයක්. ”

මේ පාර වසන්තෙ අයියට කේන්ති ගන්න අවසරේ ලැබුනා වාගෙ. වීඩිවලින් මැදිල ගොරහැඩිවෙච්ච කටහඩ උස්සල කතා කරද්දි මුලින් මාවත් ගැස්සිල ගියා.

    ” උබට පිස්සුද?.. උබට ඒ රස්සාව ගැලපෙන්නෑ. උබ ඔය කරන එකක් කරගෙන ඉදපං. මදි අඩුවක් තියේනං මගෙන් ඉල්ලපං. මං මොකාට කියල වියදං කරන්නද? ”

    ” මට කාගෙවත් මදිඅඩුවෙන් මගෙ දරුවා රකින්න බෑ බං. මං පිරිමියෙක්. ”

     ” උබෙ පිරිමිකම මේ ප්‍රශ්නෙට අදාල නෑනෙ. උබට ඒ රස්සා ගැලපෙන්නෑ. උබට හුරු නෑ. දැන් හැත්තෑ එක්වෙනි තට්ටුවෙ වැඩ තියෙන්නෙ. උබට පුළුවන්ද අඩුම උඩ ඉදල පහල බලන්න.. වැඩ කරන්න ඕන්නෑ. කලිසමේ මුත්‍රා වෙයි උබට… වැඩ නෙවෙයි. නිකන්.. නහින්න දගලන්නැතුව ඔය කරන එකක් කරගෙන ඉදපං. ”

ඌ කියන්නෙ මගෙ හොදට බව මම දන්නවා. ඒත් මට කේන්තියක් දැනුනෙ උට ඒ වගේ තීරණ ගන්න අයිතියක් නෑ කියල මගෙ හිතටම ඔප්පු කරන්න උවමනා වුනා වාගෙ.

   ” මටනෙ මුත්‍රා වෙන්නෙ.. උබ ඔය කාගෙන්හරි අහල මට එතන පොඩි හරි ජොබ් කට්ටක් සෙට් කරල දෙන්න බලහංකො බං අයියෙ. මට ඩිස්පෙන්සරියෙදි හම්බවෙච්ච කොල්ලෙක් කිව්වා අත්වැඩකාරයන්ටත් රුපියල් තුන්දහක් විතර පඩි වැටෙනවලු. අනතුරක් වුණොත් ලොකු වන්දියක් දෙනවලු… මැරුණත් අවුරුදු දහ අටට අඩු දරුවො ඉන්නවනං උන්ට දහ අට වෙනකල් රක්ෂණයක් විදියට රුපියල් පහලොස්දාහ ගානෙ මාසෙට දෙනවලු..- ”

     ” උබ මැරිලා උට පහලොස්දාහ හම්බුනාම උගෙ ප්‍රශ්න ඔක්කොම විසදෙයිද.. ගොං පකයො?! ”

වසන්තෙ අයියට එච්චර තරහ ගිය හේතුව මං දන්නෑ. ඒත් මගෙ කමිසෙ කොලර් එකෙන් ඇදල අත මිටමෙලෙව්වෙ මට ගහන්නම වාගෙ..

   ඒත් මිටමොලවගත්ත අතෙන් බිත්තියට ගහගෙන ඌ නැගිටල යන්න ගියා. 

   දරුවා ඇහැරල අඩන්න ගත්තෙ පොරගෙ කටට වෙන්නැති. මට කාමරේට ගිහින් ආපහු හින්ද යනකල් කොල්ලා වඩාගෙන ගේ පුරා ඇවිද ඇවිද නැලවිලි කවි කියන්න වුණා.

*******

වසන්තෙ අයියා කියපු වචන එකක් ගානෙ ඇත්ත. මට මුත්‍රා නොවුන ටිකම විතරයි වෙනසකට තිබුනෙ..

    පහළ බලද්දි මගෙ යටිපතුල්වල ඉදල හිරිවැටීගෙන ඇවිදින් කකුල් දෙකම කට කට ගාල වෙව්ලන්න ගත්තා.

     කහපාට හෙල්මට් එකයි හයිලයිට් පාට බැනියම් කෑල්ලයි මොනවා කරන්නද මේක පල්ලෙ පතබෑවුනොත්.. කොන්දෙ බෙල්ට් එකක් වගේ එල්ලල තිබුණට ඒක දැනෙන්නෙ නැති හින්දා මට බයක්මයි දැනුනෙ. අනිත් උන් දැන් හුරු වෙලා හින්දා බිම වාගෙ එහෙ මෙහෙ ගියාට මම මෙච්චර උඩකට ආව පලවෙනි වතාව.

    ඊට වඩා මට මතක් වුණේ පොඩි එකා.. පලවෙනි පාරට කොල්ලා ඩේ කෙයා එකක තනියෙන් දාල ආවට මගෙ හිතට මහා බරක් දැනුනෙ. අනිත් ළමයි මගෙ කොල්ලට ගහයිද.. ලෙඩෙක් කියල විහිලු කරයිද.. කෙයාටේක’ස් ල දරුවට හිරිහැර කරයිද.. කොල්ලා මං නෑ කියල අඩයිද..

   මගෙ ඇස්වලින් කදුලු බිංදු දෙකක් රූරා වැටුනම ඒක නැවතෙන තැනවත් මං දැනන් හිටියෙ නෑ. තට්ටු හැත්තෑ එකක් පහළට ඒක වැටෙද්දි මගදි වාශ්ප වුනාදවත් මම දන්නෑ.

        ” මල්ලි ඔය ලෑලි ටික ගෙනෙං ඉක්මනට.. උබ හීන බලනවද?! ”

  ගොරහැඩි හඩක් කෑහගපුවම මං පියවි සිහියට ආවෙ ගැස්සිල..  යෝද සැටලිම මැදින් මං වෙව්ලන කකුල් ඇදගෙන ගියෙ ලෑලි ටික පුළුවන් ඉක්මනට බාස්ලට දෙන්න හිතන්.

     ” මූ කොරවක්කා නෙලුම් කොළේ යන්නැහෙ… පියන්ත අන්න අර ලෑලි ටික අරගෙන වරෙං ඉක්මනට! ”

     ” හරි බං.. උට හුරු නැතුව ඇති තව.. ” පියන්ත කිව්ව අවුරුදු තිස් දෙකක විතර කොල්ලෙක් මං ලඟට ඇවිදින් ලෑලි ටික අරන් ආපහු යද්දි මට හෙන ලැජ්ජාවක් දැනුනෙ. ගන්න පඩියට සාධාරණව වැඩ නොකරන අයිස්කාරයෙක් වාගෙ හැඟීමක්. මං ඊලඟ ලෑලි ටික ගන්න යන්න පය ඉක්මන් කළේ ආපහු පහල නොබල ඉන්න තීරණය කරලා. එතකොට දැක්කෙ තාම මං එක්ක කතා කරන්න අප්පිරිය තරමට කේන්තියෙන් ඉදපු වසන්තෙ අයියව.. පොර මං බලනවා දැකල ආපහු වැඩේට ෆෝකස් කරා.

    මං ලොකු හුස්මක් එක්ක අඩි කීපයක් ඉස්සරහට යද්දි ඉලවේට’ර් එකෙන් බැහැල එන ඉන්ජිනේරු මහත්තුරු ටික මගෙ ඇස් ඉස්සරහම හම්බවුණේ..

කොහෙ කියල යන්නද.. මොකද මං දුවන්නද? ඒ ඇස් ඒ වෙද්දිත් මාව දැකල ඉවරයි. මං අහස මැදත් පුරුදු විදියට ඒ ඇස් ඉස්සරහ අසරණ වුණා.

     ෆේස්බුක් එකෙන් අහම්බෙන් දැක්ක රූපයක්.. ඇස් අල්ලගත්ත පලියට මට රික්වෙස්ට් නොදා ඉන්න තිබුනා. ඒ තනි රික්වෙස්ට් එක මගෙ ජීවිතේ අපායක් කරපු හැටි ඇස් ඉස්සරහ මැවිල පේන්න ගත්තා..

නැවත හමුවෙමු

තාම කතාව හරියට පටන්ගත්තෙත් නෑ කියල මතක් වෙද්දි මොකද හිතෙන්නෙ?..

🤍🦢
    

Tags: read novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | |• 08 •|, novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | |• 08 •|, read À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | |• 08 •| online, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | |• 08 •| chapter, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | |• 08 •| high quality, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | |• 08 •| light novel, ,

Comment

Leave a Reply

Chapter 8