À¶†À¶ºà·” (Completed) Âœ” 02

A+ A-

ඒත් එක්කම මට ඇහුනෙ වේගෙන් බයික් එකක් break කරන සද්දෙ විතරයි. මම ඇස් දෙක පියාගෙන හිටියෙ ඇස් ඇරගන්න බැරි තරමට මම බය වෙලා හිටපු නිසයි.
විනාඩියක් දෙකක් යන්න ඇති මට දැනුනෙ මාව පාවෙලා කොහෙට හරි ඇදිලා යනවා වගෙ. මම ඇස් ඇරලා බලනකොට මම හිටියෙ පාර අයිනෙ. මගෙ අත අඩුවකට හිර වෙලා වගෙ මට දැනුනෙ ඒ තරම් තදට මගෙ අත කාගෙ හරි දැඩි අතකට හිර වෙලා තිබුනා. මම හිමීට ඇස් උස්සලා බලනකොට මම දිහා බලාගෙන හිටියෙ නපුරු පාට ඇස් දෙකක්. ඒ බැල්මට නම් බයත් හිතෙනවා.ම්හුක්

“කොහෙද à·„à·”#@$ යන්නෙ.උබට ඕනෙ වාහනේකට යට වෙලා මැරිලා යන්නද. ආ යකෝ එහෙම ඕනෙ නම් පලයන් වෙන වාහනයක් හොයාගෙන අපිට වද දෙන්නෙ නැතුව…”

කන්දෙක කීන් ගාගෙන යන්නම ඒ නපුරු ඇස් මට බනින්න පටන් ගත්තා. ඔව් ඉව් එයාගෙ බයික් එකට තමා මම හැප්පෙන්න ගිහිල්ලා තියෙන්නෙ.මමත් බිම බලාගෙන සද්ද නැතුව හිටියෙ මගෙ වැරැද්ද නිසා. නැත්තම් මම දනී කරන දේ. දන්නැ මේ ආයුගෙ හැටි. මෝඩ නපුරු ඇස්. හිතින් පුලුවන් තරම් නපුරු ඇස්ට දෙහි කප කප හිටපු මම එක පාරටම ඒ ලෝකෙන් එළියට ආවෙ භූමි කම්පාවක් ආවා වගෙ දැනුන නිසා.. හී හී නෑ නෑ භූමි කම්පාවක් නෙවෙයි අර නපුරම තමා මාව හොලවලා තියෙන්නෙ. දැන් තමා මම ඒ නපුරව හරියටම දැක්කෙ. එයා නම් කුමාරයෙක් වගෙ. ඒ තරමට ලස්සනයි. තොලට යටින් පුංචි මෝල් එකකුත් තියනවා. මම හිතන්නෙ අවුරුදු විස්සක් විසි එකක් විතර ඇති. ඒත් දේහදාරි ඇගක් එයාට තිබුනෙ.ශක්තිමත්,දෙවියෝ නිදහසේ මවපු රූපයක් තමා එයාට තිබුනෙ. ඒ ඇස් තද දුඹුරු පාටයි නපුරුකමත් ගෑවිලා තිබුනට හරිම ලස්සනයි.

“ඈ යකො උබට කන් ඇහෙන්නෙ නැද්ද ඕයි.”

“ඇයි කියන්න.හුම්”

එයා මගෙන් කන් ඇහෙන්නෙ නැද්ද අහපු පාර මම හිමීට එයාට උත්තර දුන්නා.

“තමුසෙට පිස්සුද ඕයි වාහන වලට අඩ තියන්න යන්නෙ. ඇස් පේන්නෙ නැද්ද මෙච්චර වාහන එනවා”

“සොරි මම වෙන කල්පනාවක හිටියෙ. ඒක නිසා මම දැක්කෙ නැ ඔයා එනවා.ඇත්තටම සමාවෙන්න කරදරයක් උන නම්.”

මම එයාගෙන් සමාව ගත්තෙ මොනා උනත් මගෙ වැරැද්ද නිසා කට වහගෙන ඉන්න බැරි නිසා.

“හ්ම්ම් මීට පස්සෙවත් පාර බලාගෙන යනවා. පාරෙ යන මිනිස්සුන්ට පව් දෙන්නෙ නැතුව. පොඩි උන් වගෙ පාරෙ යනවා. අන්තිමට දුක් විදින්න වෙන්නෙ කොහෙවත් යන අපිට.”

“. මම දන්නවා මගෙ අතින් වැරැද්දක් උනා කියලා. ඒකට මම ඔයාගෙන් සමාව ගත්තා නෙ. අනික කාටවත් කරදරයක් උනේ නෑනෙ දැන්. Plz ඒක නිසා ඔය කියවන එක නවත්තන්න. ආයෙත් මම ඔයාගෙන් සමාව ඉල්ලනවා මගෙ අතින් උන වැරැද්දට.”

මටත් තරහා ගියා. මගෙ අතින් වැරැද්දක් උනා කියලා දන්න නිසා මම එයාගෙන් සමාව ගත්තා නෙ. අනික මම ඒක හිතලා කරපු දෙයක් නෙවෙයි. එහෙම වෙලත් තවත් මේ පොඩි කොල්ලා  මට බනිනකොට මට තරහා යන එක සාදාරන නැද්ද. ඒක නිසයි මම එයාට එහෙම කිව්වෙ. මම එයා දිහා බලනකොට එයා මගෙ දිහා කට කොණින් හිනා වෙලා බලාගෙන ඉන්නවා. මම රවලා අහක බලාගත්තා හුම්. ඒත් එයා හිමීට මගෙ ලගට එනවා මට දැනෙනවා. මම ආයෙත් ඉස්සරහා බලනකොට එයා මගෙ ලගටම ඇවිත් හිටියෙ. එයා මට වැඩිය ටිකක් උසයි ඒක නිසා මට එයා දිහා බලන්න උනේ ඇස් උස්සලා.

“තමුසෙ හෙන…..

“ඒයි කේත් ඉක්මනට වරෙන් යකො මොනාද කරන්නෙ උබ.”

එයා මගෙ කණ ලගට නැමිලා මොනා හරි කියන්න ගියත් එයාට ඒක කියාගන්න බැරි උනේ එයාගෙ යාලුවෙක් කියන්න පුලුවන් පොඩි කොල්ලෙක් එයාට කතා කරපු නිසා. ඒත් එක්කම එයා මගෙ ලගින් ඈත් වෙල් ඇහැක් ගහලා ආයෙත් හම්බ වෙමු කියාගෙන ගියෙ මාව ගල් වෙලා යනකොට.

කොහොම හරි එදා ඒ සිද්දිය නිසා මම company එකට යනකොට හොදටම වෙලා ගිහිල්ලා තිබුනා. ඒත් තාත්තට කාර් එක කැඩිලා සර්විස් එකට දාන්න උනා කියලා ඇත්තම කියලා ගුටි නොකා බේරෙන්න නම් පුලුවන් උනා මට. කොහොමින් කොහොම හරි පැය භාගයක් විතර පරක්කු වෙලා හරි meeting එක තියලා ඒ දවස ශේප් කරගන්න පුලුවන් උනා.

මොන හේතුවකටද මංදා එදා මුලු රෑම මට අර නපුරු ඇස්ව මතක් උනා. නින්දක් තිබුනෙත් නැති තරම්.

කොහොම හරි ඔය විදිහට දවස් ගානක් ගෙවිලා තිබුනා. සතියකට විතර පස්සෙ මම අපෙ resturant එකට ගියෙ මේ දවස්වල තාත්තා මට ඒක බලාගන්න දීලා තිබුන නිසා. මම එතනට ගිහිල්ලා කාර් එකෙන් බැහැලා ඇතුලට යනකොටම ට්‍රේ එකක් අතේ තියාගෙන tabale එකකට serve කරනගමන්  අපෙ resturant uniform එක ඇදලා හිටපු රූපෙ දැකලා මාව ගල් වෙලා ගියා. ඔව් ඔව් නපුරු ඇස් තමා. සතියක ඉදලා මගෙ නින්ද නැති කරලා මගෙ හිත අස්සෙ හැංගිමුත්තන් කරපු ඇස් දෙක දැන් මගෙ ඉස්සරහා. මගෙ හිතට දැනුන සතුට කියන්න වචන නැ. මම දන්නැ එක දවසක් දැකපු පොඩි එකෙක් නිසා මෙච්චර මගෙ හදවත ගැහෙන්නෙ කියලා. කමක් නැ මට දැන් හැමදාම දුර ඉදන් හරි එයා දිහා බලාගෙන ඉන්න පුලුවන් නේ හී හී. මම එක එක ඒවා හිත හිත ඇතුලට යනකොට එයත් මාව දැක්කා. ඒ ඇස් ගැස්සුනාද මංදා මාව දැකලා. ඒ කොහොම උනත් එදා වගෙ නැතුව එයා මාත් එක්ක ලස්සනට හිනා උනා. ඒ කියන්නෙ එයාටත් මාව මතකයි.මාත් එයත් එක්ක ආපිට හිනා වෙලා මගෙ කැබින් එකට ගියා.

      නිකේත් තෙව්හස් වීරවර්ධන
       අවුරුදු 20

ඔ

හොම මාස දෙකක් විතර ගෙවිලා ගියෙ එයයි මායි හොදම යාලුවෝ කරලා. එයා මුලදි මාත් එක්ක අශ්‍රය කරන එක ප්‍රතික්ෂේප කරේ සේවකයෙක්ටයි බොස්ටයි යාලුකම් ගැලපෙන්නෙ නෑ කියලා. ඒත් ඒවා කොහෙද  මාත් එක්ක අන්තිමට අපි දෙන්නා නැවතුනෙ  මාස දෙකක් ඇතුලත හොදම යාලුවෝ වෙලා.
හොදම යාලුවෙක්වත් හරියට හිටිය නැති මට එයා දෙවියො දීපු ලොකු තෑග්ගක් උනා. ඒ කාලෙ ඇතුලත අපි දෙන්නා හොදට අදුර ගත්තා. තේව් කියන්නෙ හරිම ආදරණීය අවංකව කෙනෙක්.එයත් එක්ක හිටපු කාලෙ ඇතුලත මට එයා ගැන දැනුනෙ එහෙම.
එයාට ඉන්නවා අම්මයි තාත්තයි තව චූටි නංගියෙකුයි. එයාගෙ තාත්තා ලොකු company එකක machine operator කෙනෙක් විදිහට වැඩ කරන්නෙ.අම්මා නම් house wife. එයා පුංචි පවුල හරිම ආදරණීයයි කියලා තමා එයා එයාගෙ පවුල ගැන කියපු හැමදේකින්ම මට තේරුනෙ.

ඒ කාලෙ ඇතුලත මට තේරුන තව දෙයක් තමයි. මගෙ හිතෙ එයා ගැන යාලුවෙක්ටත් එහා ගිය හැගීමක් තියනවා කියන එක. එයත් මට කැමති කියලා තේරුනත් මට බය හිතුනා මගෙ හිතේ තියෙන දේ එයාට කියලා අපෙ යාලුකම නැති කරගන්න. ඒක නිසා මගෙ හිතේ තියෙන ආදරේ මගෙ ලගම තියාගෙන එයත් එක්ක යාලුවෙක් වගෙ හිටියා.

එක දවසක් එයා මට නුවර view point ලගට එන්න කිව්වෙ හදිස්සියක් කියලා.  මට බය හිතුනෙ එයාට කරදරයක්වත් ද කියලා. ඒක නිසා වාහනේ අරගෙන ඉක්මනටම ගියෙ එයා එන්න කියපු තැනට. මම විනාඩි පහලවක් විතර යනකොට එතනට ගියා සතියේ දවසක් නිසාද මංදා සෙනගක් හිටියෙ නැ එතන. මම වාහනෙන් බැහැලා වටපිට බැලුවෙ තේව්ව හොයන්න.  ටිකක් ඉස්සරහට වෙන්න තේව් හිටියෙ මට පිටිපස්ස හරවගෙන. මම හිමීට හිමීට ඉස්සරහට ගියෙ එයාට කතා කරන්න.

“තේව්..”

“ආ සුදු අයියෙ ඔයා ආවද.?”

එයා මට කතා කරනගමන් මගෙ පැත්තට හැරුනා. හී හී ඔව් ඔව් එයා මට කතා කරන්නෙ සුදු අයියෙ කියලා තමා.   ඔයාලා හිනා වෙන්න එපා ඉතින් ම්හුක්.
තේව්ගෙ අතෙ සුදු රෝස මල් පොකුරක් තිබුනා. ඒ මල් පොකුර හරිම ලස්සනයි. ඒත් මට හිතාගන්න බැරි උනේ ඇයි රෝස් මල් කියලා.

” තේව් ඇයි මට මෙතනට එන්න කිව්වෙ මොකක් හරි ප්‍රශ්නයක් ද.?”

“ප්‍රශ්නයක් නම් නෙවෙයි සුදු අයියේ ඒත් මම හිතුවෙ මම ආදරේ කරන කෙනාට අද ඒ දේ ගැන කියන්න. හැමදාම හිතේ තියාගෙන ඉන්න බෑනෙ. අනික මම දන්නවා එයත් මට ආදරෙයි කියලා.”

තේව් කියපු දේ අහලා මට දැනුනෙ මගෙ පපුව කෑලි වලට කැඩිලා ගියා කියලා. දෙයියනේ ඒ කියන්නෙ එයා වෙන කෙනෙක්ට ආදරෙයි ද. ඇයි මටම මෙහෙම වෙන්නෙ. මගෙ ඇස්වලට කදුලු පිරුනෙ ඉබේමයි. ඒත් මම මගෙ ඇස්වලට තරවටු කරගෙන තේව් එක්ක කතා කරා.

“ඉතින් ඇයි මට මෙතනට එන්න කිව්වෙ.අනික කෝ දැන් එයා.”

“ඔයානෙ මගෙ හොදම යාලුවා ඒක නිසා ඔයා මගෙ විශේෂ මොහොතෙ මම ලග ඉන්නම ඕනෙ.අනික එයා දැන් මෙතනට ඇවිත් ඉන්නෙ.”

තේව් එහෙම කිව්වට පස්සෙ මම වටපිට බැලුවෙ එයා ආදරේ කරන කෙනා කොහෙද බලන්න. ඒත් අපෙ ලග වෙන කවුරුත් නැති නිසා මම ආයෙත් තේව් දිහා බැලුවෙ ප්‍රශ්නාර්ථයක් මූණෙ තියාගෙන. ඒ බලනවත් එක්කම තේව් කරපු දේ මම මේ වෙලාවෙ හීනෙන්වත් බලාපොරොත්තු උන දෙයක් නෙවෙයි.

එයා කරේ……

______________________________________

හායි ලමයි. අද නම් පොඩ්ඩයි ලියාගන්න පුලුවන් උනේ.අද කොටස අවුල් ඇති ඇත්තටම  පොඩි කරදරයක් උන නිසා හදිස්සියෙ ලියන්න උනෙ මේ කොටස නම්.

එහෙනම් ඉක්මනටම ඊළග කොටසින් හම්බ වෙමු

ස්තූතියි….❤️💚

මම නෙතූ..

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 02, novel À¶†À¶ºà·” (Completed) Âœ” 02, read À¶†À¶ºà·” (Completed) Âœ” 02 online, À¶†À¶ºà·” (Completed) Âœ” 02 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 02 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 02 light novel, ,

Comment

Leave a Reply

Chapter 2