À¶†À¶ºà·” (Completed) Âœ” 10

A+ A-

තේව්’s POV

” අඩෝ රනියා යමන්ද එහෙනම්.”

” යමන් යමන්”

මම රනිශ්කයවත් ඇදගෙන campus එකෙන් එළියට එන්න ආවෙ exam ඉවර නිසා කරන්න වැඩකුත් නැති නිසා ගෙදර යන්න හිතාගෙන. 

” කොහෙටද දැන් උබ යන්නෙ ගෙදර ද.”

” නැ බං resturant එකට පොඩ්ඩක් යන්න ඕනෙ.”

මෙච්චර වෙලා කණ හාරන  ගමන් ලොකු වැඩක ඉදපු රනිශ්කයා මගෙන් ඇහුවෙ ඒ කණේ ගහගෙන ඉදපු ඇගිල්ල උගෙ ටී ශර්ට් එකේ පිහිද ගන්න ගමන්. ඉව්ව් මල පෙරේතයා. ඌ දිහාවට අප්‍රසන්න බැල්මක් දාගෙන උත්තර දුන්නෙ මූත් එක්ක වසන මට ගහන්න ඕනෙ කියලා හිතන ගමන්. නොදකින් අමනයා. හරි හරි ඉතින් ඌත් එක්ක වසන මාත් එහෙම තමා ඉතින් හේ හේ.

” ඒ මොකෝ අද උබ වැඩ නෑනෙ.”

” නැ බං ආයු අයියව බලන්න යන්න ඕනෙ. දවස් දෙක තුනකින්ම දැක්කෙ නැ. අනික මට exam නිසා ඒකා මැසෙජ් එකක්වත් දාන්නෙ නැ හරියට මම පාඩම් කරන්නෙ නැති වෙයි කියලා.”

රනිශ්ක කියන්නෙ මට ඉන්න හොදම යාලුවා.  මගෙ පොඩි කාලෙ ඉදලම බොක්කෙ ෆිට් එක. අද වෙනකම් කිසිම රහසක් අපි දෙන්නා අතර තිබිලා නැ. හරිම අවංක කොල්ලෙක්. ඕනෙ දෙයක් බය නැතුව කියන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ මූ තමා. ආයු අයියත් එක්ක සම්බන්දේ ගැන උනත් හැම දේම මූ දන්නවා. ඒකයි බය නැතුව හැමදේම මූට කියන්නෙ.

” ආහ්හ්හ් එහෙමද.”

” ඔව් බං මාමණ්ඩියත් නැති නිසා බය නැ.”

මම එහෙම කිව්වම ඌ මම දිහා බැලුවෙ උබ කාටද බං ඔය බොරු කියන්නෙ වගෙ බැල්මකින්.

” මොකද යකො තෝ ඔහොම බලන්නෙ.”

” අනේ පලයන් යකෝ යන්න මෙච්චර කල් තෝ මාමණ්ඩි හිටියා කියලා බය උනානෙ.”

” නැ බං ඒක මෙහ්…

” අඩෝ හාවා.”

මම රනිශ්කයට කිය කිය හිටපු එක එහෙමම නැවතුනෙ පිටිපස්සෙන් ඇහුන හුරුපුරුදු කටහඬක් නිසා.

” අඩෝ මේ කේත් ප්‍රශ්න දාගන්නෙ නැතුව යමන් ඇ. මූ එනවා කියන්නෙ අනිවා මරාලයක් තමා.”

රනියා මගෙ කනට කරලා කිව්වෙ මගෙ පැත්තට ඇවිදන් එන ශේන් කාරයා දිහත් බල බල. ඔව් ඔව් ශේන් කියන්නෙ මේ campus එකේ මට ඉන්න එකම හතුරා. මුට මාව පේන්න බෑ මට මූව පේන්න බෑ. ආපු මුල් දවස්වල උන පොඩි කේස් එකක් නිසා තමා මූ මාත් එක්ක මෙහෙම දැක්ක තැන ඇරගන්න එන්නෙ. ගස් ගොබිලයා.

” උබලා දැන් අපිව දැක්කෙ නෑ වගෙ යනවා නේද. ඔහොම ද යකූ යාලුවොන්ට සලකන්නෙ.”

ශේනුයි උගෙ හෙන්චයියො තුන් දෙනයි අපි ලගට ඇවිල්ලා කතා කරන්න පටන් ගත්තෙ මම මට නෙවෙයි වගෙ පාඩුවෙ එතනින් යන්න හදනකොට . මට ඕනෙ නැ මූත් එක්ක මේ වෙලාවෙ ප්‍රශ්න දාගන්න. ඒකයි මම පාඩුවෙ එන්න හැදුවෙ. ඒත් මූ ඊළගට කිව්ව එකත් එක්ක මම ආයෙත් උගෙ පැත්තට හැරුනෙ අත් දෙකත් මිට මොලවගෙන.

” කෝ බං උබෙ අයියා බබා. උබට හොදට සැප දෙනවා ඇති නේ බං. “

” මොකක්ද යකෝ තෝ කිව්වෙ. “

” . පිස්සු හැදෙනවා ඕයි. ඊයෙ instagrm එකේ දාලා තිබුන ෆොටො එක අඩෝ මරු කද බං. මතක් වෙද්දිත් නගිනවා හුත්තෝ.දෙන්න බැරිද දවසකට. අම්මෝහ් සැප තමා ඉතින්.”

” උබෙ අ@#$ .”

මම පැනපු ගමන් ඒකගෙ මූණටම ගැහුවෙ ඒකා කියන ඒවා අහගෙන ඉන්න බැරි උන නිසා. මම පුලුවන් තරම් ඒකට බිම දාගෙන ගැහුවෙ රනිශ්කයයි උගෙ අනිත් යාලුවොයි ඇවිල්ලා මාව ශේන් කාරයාගෙන් ගලවන්න දගලනකොට. කොහොම හරි උන්ට අරූව බේරගන්න හෙන ගේමක් දෙන්න උනා. ඒ තරම් කේන්තියකින් මම හිටියෙ ඌත් එක්ක.

” උබ එකක් මතක තියාගනින්. ආයෙ ඔය කටින් ඔය වගෙ කතාවක් කියලා තිබ්බොත් ආයෙ උබ ජීවත් වෙන්න නෙවෙයි. කැ@#$”

මම පුලුවන් තරම් ඌට බැන්නෙ  රනිශ්කයා මාව ඇදගෙන ඒ ලග තිබුන bench එකකින් ඉන්දවනකොට. අරුත් උගෙ යාලුවොන්ට වාරු වෙලා යනවා දැකලා මගෙ කට කොනට ආවෙ හිනාවක්. ඔහොම වෙලා මදි ඕකට. බල්ලා

” මට මදි යකෝ ඕකට නෙලුවා. එන කේන්තියට මට පුලුවන් ඕකව මරලා හංගන්න.”

” අඩෝ කේත් ඉවසපන් යකෝ. ඌ ඕවා කියන්නෙ උබව අවුස්සන්න උබ දන්නවා නෙ ඕකගෙ හැටි.  ඌට කරන්න පුලුවන් දෙයක් නැ. ඒක නිසා පාඩුවෙ ඉදපන්.”

මම කොන්ඩෙ අතින් පිටිපස්සට කරගන්න ගමන් හූමිටි තිබ්බෙ ඌ කියන්නෙත් ඇත්ත නිසා. ඕකට කරන්න පුලුවන් දෙයක් නැ. කට විතරයි ගොන් කැ#@ගෙ.

” ඒක නෙවෙයි බං ඌ කොහොමද අයියා බබා ගැන දන්නෙ.”

විනාඩි ගානක් සද්ද නැතුව ඉදලා මගෙන් ඌ ඇහුවෙ අපෙ සම්බන්දේ ගැන ඌ ඇරෙන්න වෙන කවුරුත් දන්නෙ නැති නිසා වෙන්න ඇති.

” ඕකා දවසක් දැක්කා බං අපි දෙන්නා resturant එකක කෑම ගන්නවා. අරුත් ඉතින් මගෙ ඇගේමනෙ ඉන්නෙ meet වෙන්න ගියාම. එතකොට ඌට තේරෙන්න ඇති. ඌ විස්තර හොයාගන්න ඇති ඒක තමා මෙච්චර දවසක් පාඩුවෙ හිටියෙ.”

” එතකොට instagrm සීන් එක.”

” මූ අනිවාරෙන් request එකක් දාන්න ඇති නම හොයාගෙන. අර පිස්සු පගා ඕනෙ එකාගෙයි එපා එකාගෙයි හැම එකාගෙම request confirm කරනවා නෙ. එහෙම තමා වෙන්න ඇත්තෙ. අරුත් හිතාගෙන ඉන්නෙ සෙලිබ්‍රෙටි කෙනෙක් කියලා. ඕකා කරන්නෙම ig එකේ රගන  එක.”

මම ඌට මට හිතුන දේ කිව්වෙ ආයුත් එක්කත් මල පනිනකොට. අරූ ඉතින් හිනා වෙනවා.

” යමන් යමන් වෙලා යනවා. උබට resturant එකටත් යන්න ඕනෙ කිව්වා නෙ.”

අරූ මගෙ උරහිසටත් පාරක් ගහලා කියද්දි මාත් නැගිට්ටෙ ඉක්මනට යන්න හිතාගෙන. මොනා උනත් තාමත් මගෙ කේන්තිය අඩු වෙලා නැ.

” නිකේත් අයියා”

මායි රනියයි ඇවිදගෙන යනකොට කෑගහගෙන ඇවිල්ලා මගෙ අතේ එල්ලුනෙ දිනුල්‍යා. දිනුල්‍යා කියන්නෙ අපෙ අම්මගෙ අයියගෙ දුව. මට වැඩිය මාස ගානක් බාලයි ඒකි. අපෙ faculty එකේම තමා.මට නම් මගෙම නංගි වගෙ තමා. ඒකිගෙ හිතේ නම් මගෙ ගැන මොනාම හරි තියනවා කියලා තේරිලා තිබුනෙ මට. කොහොම උනත් ඒකි මට නංගිම තමා.

තව යාලුවෝ ටිකකුත් සෙට් උන නිස ඔක්කොලාම කියව කියව එලියට ආවෙ ගෙවල් වලට යන්න හිතාගෙන. මම වැඩිය කියවන්න ගියෙ නැත්තෙ තාමත් අරූ කියපුවා මගෙ ඔලුවෙ දෝන්කාර දෙනකොට. මට පුදුම තරහක් තියෙන්නෙ ඌත් එක්ක. ඕවා හිත හිතම අරුන් කියන ඒවට එහෙන් මෙහෙන් හිනා වෙවීම gate එකෙන් එළියට ඇවිල්ලා ටිකක් වෙලා කතා කර කර හිටියෙ ආයෙ සෙට් වෙන්නෙ මාසෙකින් නිසා. මොකද නිවාඩු නෙ. ඒත් එක්කම අරුන් මාවයි දිනුල්‍යාවයි ජෝඩු කරන්න කතා උනේ මම ඒවා සීරියස් ගන්න තරම් හිතක් නැති නිසා පාඩුවෙ ඉන්නකොට.

ඒත් එක පාරටම දිනුල්‍යව කවුරු හරි ඇදලා බිමට දැම්මෙ අපි ඔක්කොලාම ඒ කවුද කියලා බලනකොට. ඒ හිටපු කෙනා දැකලා මගෙ ඇස් දෙක පුදුමෙන් ලොකු උනේ එයාව මේ වෙලාවෙ මෙතනදි බලාපොරොත්තු උනේ නැති නිසා.

බිමට වැටුන දිනුල්‍යා දිහා බලාගෙන ආයු අයියා කෑ ගහන්න පටන් ගත්තෙ වටේ හිටිය ඔක්කොම ෆිල්ම් එකක් දිහා බලාගෙන ඉන්නවා වගෙ බලාගෙන ඉන්නකොට. ආයු ඒ කරපු වැඩෙන් මගෙ හැංගිලා තිබුන කේන්තිය ආයෙ එළියට ආවා. එයා මෙතන අනිත් මිනිස්සු ඉස්සරහා මෙහෙම හැසිරෙන එක මට ඉවසගන්න බැරි උනා. ශේන් කාරයා කියපු දේවලුයි ඔක්කොම මගෙ ඔලුවට ආවම මට මාවම පාලනය කරගන්න බැරි උනා. අනික මට ලැජ්ජා හිතුනා. ඒකයි මම එයාගෙ කම්මුලට ගහලා කෑ ගැහුවෙ. ඇත්තටම මම කරපු වැරැද්ද තේරුනෙ එයා කදුලු පුරවගෙන සමාව අරගෙන දුවලා ගියාට පස්සෙ. දෙයියනේ මම මොකක්ද මේ කරේ.

” මොනවද බලාගෙන ඉන්නෙ පලයව් යන්න.”

රනිශ්කයා වටේ හිටිය උන්ට කෑ ගහලා මාව ඇදගෙන එතනින් ආවෙ මමත් ඔහේ උගෙ පස්සෙන් යනකොට.

” මොකක්ද බල්ලො ඒ කරේ. යකෝ ඒ අහිංසකයට එහෙම කරේ ඇයි.”

” අනේ බං මට මාව පාලනය කරගන්න බැරි උනා බං අනේ  එයා එහෙම කෑ ගහනකොට. මොනාද බං දැන් මම කරන්නෙ.”

මම කොම්ඩෙන් ඇදගන්න ගමන් කෑ ගැහුවෙ ඒ කදුලු පිරුන ඇස් දෙක මතක් වෙලා.

” යකො ඌට තරහා යන්න ඇති. ඒකයි ඌ කෑ ගහන්න ඇත්තෙ. උබ මොකටද ඌට කෑගහන්න ගියෙ. ඉදකින් යකො උබ නම්. කොහෙ ගියාද දන්නැ ගනින් යකො කෝල් එකක් ඇරගෙන බලපන් කොහෙද ගියෙ කියලා.”

ඌ කිව්වට පස්සෙ මම ගැහෙන ඇගිලි වලින් ෆෝන් එක අරගෙන එයාට කෝල් එකක් ගත්තෙ එයාගෙන් answer එකක් නැති වෙද්දි.

_________________________________________

දැන් පැය ගානක් ගෙවිලා ගිහිල්ලා. පුලුවන් හැම තැනකම අයියව හෙව්වත් හොයාගන්න බැරි උනා. මේ වෙලාවෙ රනිශ්කයා මගෙ ලග නැති උනා නම් මට මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ.

මේ වෙනකම් හිතින් දහස්වාරයක්  සමාව ගන්න ඇති මම එයාගෙන්. මම දන්නවා මම කරපු වැරැද්දට සමාවක් නෑ කියලා. ඒ උනාට ඉන්න තැනකින් වරෙන් මගෙ මැණික. කොහෙද මැනිකෙ උබ ඉන්නෙ. උබගෙ සුදු මහත්තයාට සමාවෙයන්. අඩුම තරමෙ ෆෝන් එකවත් answer කරපන් බං. මාව මෙහෙම පුච්චන්න එපා බං.

දැන් රෑ දහයට විතර ඇති තාමත් අයියා ගැන  ආරංචියක් නැ.  මමයි රනියයි පාර අයිනෙ බයික් එකත් නවත්තගෙන කල්පනා කරේ ඊලගට මොකක්ද කරන්නෙ කියලා.ඒත් එක්කම මට මතක් උනේ එයලගෙ ගෙදර land line එක. හදිස්සියක් උනොත් කියලා එයා මට ඒක දීලා තිබුන එකට දහස් වාරයක් ස්තූති කරනගමන් ඒකට කෝල් එකක් ගත්තේ එයා  කරදරයක් නැතුව ගෙදර ගිහිල්ලා ඉන්න කියලා හිතන ගමන්.

” හෙලො කවුද මේ..”

” හෙලො ලලිතා අම්මා. මම තේව් ආයු ගෙදර ඉන්නවද.”

” අනේ මහත්තයෝ…..මගෙ පොඩි එකා.

එහා පැත්තෙන් ලලිතා අම්මා කෝල් එක answer  කරපු ගමන් මම ඉක්මනට ඇහුවත් එහා පැත්තෙන් දීපු උත්තරෙත් එක්ක මගෙ කකුල් දෙක පණ නැතුව වැටෙන්න ගියෙ ඉක්මනට රනිශ්කයා මාව අල්ලගන්නකොට.

” මොකක්ද යකෝ උනේ. බය කරන්නෙ නැතුව කියපන්කො.”

” අනෙ රනියා. අ.යු.. ආයු.. à·„à·Š..හොස්පිට්ල්  එ.කේලු  බ්..බං….”

____________________________________________

ආයු අයියා hospital එකේලු ලමයි….🙄

ඔන්න තේව් එයා කරපු දේවල්වලට පසු තැවෙනවා. මොකද කියන්නෙ සමාව දෙමු ද.. නැත්තම් ඔන්න ඔහෙ දිනුල්‍යාව දෙමුද…?

දිග කොටසක් අද නම් ම්හුක්….😪

ඊලග කොටසින් හම්බ වෙමු….❤️

ආදරෙයි හැමෝටම…..❤️💚

මම නෙතූ

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 10, novel À¶†À¶ºà·” (Completed) Âœ” 10, read À¶†À¶ºà·” (Completed) Âœ” 10 online, À¶†À¶ºà·” (Completed) Âœ” 10 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 10 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 10 light novel, ,

Comment

Leave a Reply

Chapter 10