À¶†À¶ºà·” (Completed) Âœ” 12

A+ A-

මට නම් දැන් එපා වෙලා තියෙන්නෙ අප්පා මේ hospital එක අස්සට වෙලා ඉදලා. එදා මාව accident උන දවසෙ ඉදලා දවස් දෙකක් ගෙවිලා ගියෙ හරිම ඉක්මනින්. දැන් නම් තුවාල ගොඩක් දුරට හොදයි. ඔලුවෙ තුවාලෙ තමා ටිකක් තියෙන්නෙ. අනේ අදවත් ගෙදර යන්න දුන්නොත් හොදයි ම්හුක්. මොනවා උනත් එදා ඉදලා තේව් මාත් එක්ක කොච්චර කතා කරන්න හැදුවත් මම එයාව මග ඇරියා. එයා එදා ඒ කරපු වැඩේට හොදටම පසුතැවෙනවා ඒක හොදටම තේරෙනවා මට. මගෙ හිතෙත් එයත් එක්ක තරහක් නැ දැන්. ඒත් එදා කරපු දේට return එකක් තියෙන්නත් එපැයි අනේහ්. හේ හේ.

මේ hospital හිටපු දවස් දෙකේම තේව්ගෙ අම්මා පුලුවන් හැමවෙලාවෙම මොනාම හරි කෑමක් හදලා එව්වා. එයාට මාව බලන්න තාම එන්න බැරි උනත් හැමවෙලේම කතා කරලා විස්තර ඇහුවා මගෙන්. මේ දවස් දෙකේ එයයි මායි හිටියටත් වැඩිය ලං උනා. තේව්ගෙ අම්මා කියන්නෙ හරිම ආදරණීය චරිතයක්. එයාත් එක්ක කතා කරන හැමවෙලේම මට හිතෙන්නෙ එහෙම. තාත්තයි නංගිත් පුලුවන් වෙලාවට කතා කරලා සැප සනීප ඇහුවා මගෙන්. මගෙ තාත්තටත් කතා කරලා ලලිතා අම්මා විස්තරේ කියලා තිබුනා. ඊට පස්සෙ එක දවසක් කතා කරලා පරිස්සමින් ඉදපන් කියලා කිව්වා ඇරෙන්න මේ වෙනකම් ආයෙ msg එකක්වත් එයාගෙන් ආවෙ නැ. කමක් නැ මට දැන් ඒවා පුරුදුයි නෙ. රනිශ්ක මල්ලිත් පුලුවන් හැමවෙලාවෙම ඇවිල්ලා බලලා ගියා. මට සතුටුයි දැන් මටම කියලා පවුලක් ඉන්නවා. මම ගැන හොයලා බලන්න කට්ටිය ඉන්නවා. ඒ ගැන හිතෙනකොටත් මට දැනෙන්නෙ හරිම ලස්සන හැගීමක්.

දැන් වෙලාව උදේ දහයට විතර ඇති. අද අම්මට මාව බලන්න ඕනෙ කිව්ව නිසා තේව් උදේම ගියා අම්මව එක්කගෙන මගෙ ඇදුමුත් අරගෙන එන්නම් කියලා. මොනවා උනත් මේ දවස් ටිකේම මගෙ හැම වැඩක්ම උනේ තේව්ගෙ අතින්. මට පුලුවන්කමක් තිබුනත් තේව් මට වැඩක් කරගන්න දුන්නෙ නැ. හැමවෙලාවෙම එයා ලගින් හිටියා. එක වෙලාවකට මට හිතෙනවා මම හින්දා එයාට කරදර විතරයි ද කියලත්. මම නිසා එයාට සැනසීමක් නැ. එයත් එක්ක තරහා වෙලා ඉන්න එක ලේසි නැ. කොහොමද දෙයියනේ ඉතින් මගෙ පණ මගෙ ලගම ඉදලා කතා නොකර ඉන්නෙ. එයාගෙ වේදනාව පිරුන ඇස් දිහා බලාගෙන කතා නොකර හිටියෙ පුදුම අමාරුවෙන්. එයත් එක්ක තරහා වෙලා හිටියට එයාට වැඩිය ඒකෙන් රිදුනෙ මට.

” ලොකු පුතේ..”

ඔලුවට දැනුන සනීපයක් එක්කම ඇහුන හුරු පුරුදු කටහඬක් නිසාම මම මෙච්චර වෙලා හිටපු කල්පනා ලෝකෙන් එළියට ආවා. මම ඉක්මනට ඔලුව හරවල ඉස්සරහා බලනකොට ලස්සන හිනාවකින් මූණ පුරවගෙන මගෙ දිහා බලාගෙන හිටියෙ අම්මා. අනේ එයාගෙ ඇස්වල කදුලු. මම කොච්චරටම කල්පනා ලෝකෙ ගිලිලද කියනවා නම් අම්මා මගෙ ලගට ඇවිල්ලා කතා කරනකන්ම මට තේරුනෙ නැ. අම්මා එක්ක තේව් වගේම නංගිත් ඇවිත් හිටියා. මම ඒ දෙන්නටම හිනා වෙලා තේව්ට රවලා අහක බලාගත්තා. මම රවලා බලපූ නිසාමද කොහෙද එයාගෙ මූණ තැලිච්ච කජු ලෙල්ලක් වගෙ උනා. හොද වැඩේ බූරු පැටියට.

” දැන් කොහොමද පුතේ.”

” දැන් හොදයි අම්මා. ඔලුව තමා පොඩ්ඩක් රිදෙන්නෙ. වෙන කිසී…ම අමාරුවක් නැ. “

මම අම්මගෙ අතිනුත් අල්ලගෙන හුරතලේට මූණ හදාගෙන අම්මට උත්තර දෙද්දි අම්මත් හිනා වෙලා මගෙ මූණ අත ගෑවෙ මම සනීපෙට ඇස් පියවෙද්දි.

” දැන්ම ගෙදර යවන එකක් නැද්ද පුතේ. “

” සමහර විට අද discharge කරයි අම්මා. අද බලලා ප්‍රශ්නයක් නැත්තම් ගෙදර යන්න පුලුවන් වෙයි කිව්වා doctor නම් ”

පැයක් විතර හිනා වෙවී කියව කියව ඉදලා අම්මයි නංගියි ගියෙ කාලා බෙහෙත් ටික බොන්න කියලා ලොකු කෑම බෑග් එකකුත් අතට දීලමයි. අම්මගෙ කෑම නම් කොච්චර කෑවත් ඇති වෙන්නෙ නැ. හරිම රසයි. පුදුම අත් ගුණයක් තියෙන්නෙ. මේ දවස් ටිකේ රස කෑම වලින් නම් අඩුවක් උනේ නැ අම්මා නිසා. ලලිතා අම්මත් රසට උයනවා තමා ඒත් අම්මා උයන ඒවගෙ අමුතුම රසක් තියෙන්නෙ.

” සුදු මැණික..”

විනාඩි දහයකට විතර පස්සෙ අම්මවයි නංගිවයි ඇරලවලා එන්න ගිය තේව් ආයෙත් ආවෙ හා දත් දෙකත් එළියෙ දාගෙන හිනා කටක් මූණෙ පුරවගෙන. හිතාගෙන ඇති මම රැවටෙයි කියලා ඔය හා හිනාවට හුම්.

” අම්මලා ගියාද. “

මම අහක බලාගෙනම ඇහුවෙ එයාගෙ මූණ දිහා බලාගෙන හිටියොත් හිනා යන නිසා.

” ම්ම්ම් ඔව් ගියා. දැන් අපි කමු නේද බෙහෙත් බොන්නත් එපැයි.”

” හ්ම්ම්ම්.”

එයා කාලා බෙහෙත් බොමු කියද්දි මම හූමිටි තිබ්බෙ එයා අම්ම ගෙනාපු බෑග් එක ඇදලා කෑම ටික එළියට ගද්දි. ඊට පස්සෙ මට කෑම ටික කවපු එයා බෙහෙත් ටිකත් අතට දීලා බොනකම් බලාගෙන හිටියෙ මාව ඒ තරම් විශ්වාස නිසා. මෙහෙමනෙ ඉතින් එක පාරක් අසනීප උන වෙලාවක මම බෙහෙත් බොන්න තියන අකමැත්ත නිසා ඒ ටික බොන්නෙ නැතුව විසි කරලා එයාට මාට්ටු උන දවසෙ ඉදලා එයා මම බෙහෙත් ටික බිව්වා කියලා තහවුරු කරගන්නකම් මගෙ ලගින් හෙල්ලෙන්නෙ නැ. හේ හේ. හරිම සෝක් නේත.

” සුදු මැණික. උබ මාත් එක්ක කතා කරන්නෙම නැද්ද බං. ඇති නැද්ද මාව රිදෙව්වා. සමාවෙයන්කො බං. උබෙගෙ තේව්ට සමාව දෙන්නෙ නැද්ද…”

බෙහෙත් ටිකත් බීලා ඉවර වෙලා මම තේව්ව ගණන් ගන්නෙ නැතුව ඉදගෙන ඉද්දි තේව් මගෙ ලගට ඇවිල්ලා මගෙ අතින් අල්ලගෙන කතා කරන්න පටන් ගත්තෙ මූණ පුරා පැතිරුන වේදනාවක් එක්ක. එයා එහෙම ඉද්දි මට දරා ගන්න බෑ දෙයියනේ.

තේව් ආයු දිහා බලාගෙන හිටියෙ ඇස් වල කදුලු පුරවගෙන. එයාගෙ ඇස්වල තිබුන පසුතැවීම පැහැදිලිව පේන්න තිබුනා. ඔව් එයා දුක් වෙනවා එදා හැසුරුන විදිහට. පසුතැවෙනවා එයාගෙ ආයුව රිද්දුවට.

” කතා කරපන්කො බං. උබ ඔහොම කතා නොකර ඉද්දි මාව පිච්චෙනවා වගෙ බං. සමාවෙයන් මැණික. කවදාවත් හිතුවෙ නැ මැණික උබව එහෙම රිද්දන්න. මම ඒ වෙලාවෙ එහෙම හැසිරුනෙ ඇයි කියලා මට හිතාගන්න බෑ ඕයි. මම මගෙ වැරැද්ද තේරුම් ගන්නකොට පරක්කු වැඩී බං. එක වචනයක් කත කරපන් මැණික. මීට වැඩිය හොදයි උබ මට පිහියක් අරගෙන ඇනලා මරලා දැම්මා නම්….”

” අනේ තේව්..”

මට දරාගන්න බැ මගෙ තේව් අඩනවා. හැමවෙලේම ශක්තිමත්ව ඉන්න තේව් අඩනවා. මම ඉක්මනට මගෙ අතින් එයාගෙ කට වහලා අඩාගෙන එයාට තුරුල් උනේ එයා අන්තිමට කිව්ව වචන මට දරාගන්න බැරි උන නිසා. විනාඩි දහයක් ද පහලවක් ද පැය භාගයක් ද මන් දන්නෙ නැ ඇඩුවා. අපි දෙන්නම ඇඩුවා. මෙච්චර දවස් හිතේ හිර කරගෙන හිටිය දුක හේදිලා යනකන්ම ඇඩුවා.

” අනේ ත්..තේව් අ..ආයෙ ඒ..එහෙම ක්..ක්රන්න එපා පණ. මම හිතුවෙ මම මැරිලා යයි කියලා. මට ඔයා විතරනෙ ඉන්නෙ. මට ඒ වෙලාවෙ දැනුනෙ මේ ලෝකෙ මම තනි උනා කියලා…අ..නේහ්. ම්..මාව ද්..දාලා ය්..යන්න. එපා.à·„à·Š.”

” ඇති මැනික. ඇඩුව ඇති බං. උබ ඔහොම අඩනකොට මම දරාගන්නෙ කොහොමද. උබ නැතුව කොහොමද මගෙ මැණික මම ජීවත් වෙන්නෙ ආ කියපන්. උබව දාලා ගිහිල්ලා මම ජීවත් වෙන්නෙ කොහොමද. කවදාවත් උබව දාලා යන්නෙ නැ මගෙ මැනිකෙ.මම පොරොන්දු වෙනවා ආයෙ කවදාවත් මේ ඇස්වලට කදුලු දෙන්නෙ නැ කියලා. කවදාවත් උබව රිද්දන්නෙ නැ ආයෙ. දැන් නාඩා ඉදින් මගෙ වස්තුව.. “.

මම තේව්ගෙ පපුවට වෙලා ඉකි ගහනගමන්ම මාව දාලා යන්න එපා කියලා ඇඩුවෙ තේව් මගෙ හිස් මුදුනට හාදු දෙනගමන් හිත හැදෙන වචන දාහක් කියලා මාව සනසද්දි. ඒ වචන වල කිසිම වංචාවක් නැ මට ඒක තේරෙනවා, දැනෙනවා. එයාගෙ ඇස්වල උතුරන්න තියෙන්නෙ ආදරේ විතරයි.

අඩලා අඩලම හෙම්බත් වෙලා මම තේව්ගෙ පපුවට වෙලා හිටියෙ මේ දවස් දෙක තුනට මට මග ඇරුන එයාගෙ උණුසුම විදින ගමන්. තේව් මාව තද කරලා බදාගෙන මගෙ හිස් මුදුනට හාදු දුන්නෙ සැනසීමෙන් හුස්ම ගන්න ගමන්.

” උබගෙ තේව්ට සමාව දෙනවා නේද මගෙ වස්තුව. මම තාමත් පසු තැවෙනවා රන් මම එදා හැසිරුන ව්දිහට. මම පොරොන්දු වෙනවා ආයෙ කවදාවත් එහෙම වැරැද්දක් මගෙන් වෙන්නෙ නැ කියලා. “

තේව් ආයෙත් මගෙන් එයාට සමාව දෙනවාද කියලා ඇහුවෙ තවත් මාව තද කරලා බදාගන්න ගමන්.

” මම ඔයාට සමාව දුන්නෙ ඒ වෙලාවෙමයි තේව්. දැන් ඕක අමතක කරන්නකො. අපි එහෙම දෙයක් උනේ නැති විදිහට ඉමු. ආයෙ මතක් කරොත් තරහම තරහයි හරිද හුම්.”

මම තොලත් කනපිට පෙරලගෙන තේව්ට නෝක්කඩු කිව්වෙ එයාගෙ සමාව ගැනිල්ලෙ ඉවරයක් නැති නිසා. මේ පොඩි වෙලාවට එයා කීපාරක් මගෙන් සමාව ඉල්ලුවද කියලා මට මතකත් නෑ.

” හරි හරි මැටි අලෙ මගෙ. උම්ම්මාහ්.”

එය මාව හුරතල් කරන ගමන් මගෙ තොල් වලට පෙක් එකක් දුන්නෙ මම රතු වෙලා යනකොට. දැනට අවුරුද්දක් අපි ආදරේ කරන්න පටන් අරගෙන ඒත් තාමත් එයාගෙ වැඩ වලට මාව රතු වෙනවා.

හවස් වෙනකන්ම මම තේව්ගෙ තුරුලට වෙලා ඉදගෙන විකාර කර කර හිටියෙ මේ දවස් ටිකෙම එයත් එක්ක හුරතල් වෙන්න බැරි උන නිස. හවස් වෙලා doctor ඇවිල්ලා මාව චෙක් කරලා report එහෙම බලලා හෙට උදේට discharge කරන්න පුලුවන් කිව්වෙ මට සතුටට උඩ පනින්න හිතෙද්දි. කවුද අනේ කැමති මෙහෙම hospital එකට වෙලා ඉන්න.

රෑ වෙලා තේව් මාව සෝදවලා ඕඩිකොලොන් ටිකකුත් දාලා ඇදෙන් වාඩි කරලා එයාගෙ ගියෙ wash up වෙලා එන්න. මම චූටි කාලෙ ඉදලම ආස ඕඩිකොලොන් දාන්න. කොච්චර වටින perfume තිබුනත් මට ඕනෙ ඕඩිකොලොන් හී හී.

(අපෙ සූද ආයු බබා…)

” සුදු මැනික මේ අහන්නකො…”

Bathroom එකේ ඉදලා තේව් එලියට එන ගමන් මට කතා කරේ සීරියස් මූඩ් එකකින්. මමත් එයාගෙ පැත්තට හැරුනෙ එයා මොනාද කියන්නෙ යන්නෙ කියලා දැනගන්න.

_________________________________________

හායි ලමයිනේ….. මම ආවා…. අද තමා ඉතින් free උනේ. Typing mistake තිබුනොත් සොරි ලමයිනෙ.

* ඔන්න තේව්ට සමාව දුන්නා කමක් නෑනෙ නේද …. නැත්තම් පව්නෙ අපෙ කොල්ලා

* තේව් මොනාද කියන්න හදන්නෙ..?

~කතාව ගැන අදහසක් කියාගෙන යන්න….

ඉක්මනට ඊලග කොටසින් මුණ ගැහෙමු….❤️

ආදරෙයි හැමෝටම…..❤💚

…Nethu…

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 12, novel À¶†À¶ºà·” (Completed) Âœ” 12, read À¶†À¶ºà·” (Completed) Âœ” 12 online, À¶†À¶ºà·” (Completed) Âœ” 12 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 12 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 12 light novel, ,

Comment

Leave a Reply

Chapter 12