À¶†À¶ºà·” (Completed) Âœ” 17

A+ A-

සාමාන්‍යය විදිහට දවස් දෙකක් ගෙවිලා ගියෙ මාව හොදටම හොද කරලා. කකුලත් දැන් හොදයි. ඔලුවෙ තුවාලෙත් වේලිලා. අතේ ප්ලාස්ටර් එක අයින් කරන්න විතරයි දැන් තියෙන්නෙ. මම තාම ඉන්නෙ තේව්ගෙ ගෙදර. දැන් ගොඩක් හොද නිසාම මම  ඊයෙ මම ගෙදර යන්න ඇහුවත් තව දවස් දෙක තුනක් ඉන්න කියලා තේව් බලෙන්ම මාව නවත්ත ගත්තා. අම්මලත් කැමති උනෙ නැ මම යනවට. ඔෆිස් එකේ වැඩත් ගෙදර ඉදලම මම කරනවා.

දැන් වෙලාව දවල් දෙකට විතර ඇති. උදේ ඉදලා ඔෆිස් එකේ තිබුන වැඩ වගයක් කරපු මම හිටියෙ තේව් එනකම් මග බලාගෙන. එයාට exam ඉවර නිසා මේ දවස් වල campus එකේ නිවාඩු උනත් අද උදේම පොඩි වැඩකට ටවුන් එකට ගියා. දැන් ටිකකට කලින් මැසෙජ් එකක් දාලා තිබුනා එයා හන්දියෙන් එන ගමන් කියලා. ඒක නිසාම මම මේ එයා එනකම් බලාගෙන ඉන්නවා. මැසෙජ් එක දාලත් දැන් ටිකක් වෙලා ගෙදර එන්න නම් වෙලාව ඇති දැන්.. අනේ දැන් නම් බඩත් ගිනී අප්පා. එයා එනකම් කන්නත් බෑනෙ හුම්. ඉම්මනට ආවා නම් හලි.

” මොකද ලොකු පුතේ මෙතනට වෙලා ඉන්නෙ. ගේ ඇතුලට යමු. “

” නෑ අම්මා තේව් එන ගමන් කිව්වා ඒකයි බලාගෙන හිටියෙ. “

පාර දිහා බලාගෙන හිටිය මගෙ ලගට ඇවිල්ලා අම්මා කියද්දි මාත් අම්මට උත්තර දුන්නෙ හිනා වෙලා.

” තාම කාලත් නෑ දරුවො ඔයා. තේව් දැනගත්තොත් මටත් එක්ක බැනුම් අහන්න වෙනවා. “

” à·„à·“ à·„à·“ එයා ආවම එයත් එක්කම කන්නම් අනේ. එයා අම්මට බැන්නොත් මට කියන්නකො මම කරන්නම් එයාට හොද වැඩක්…”

” කරයි කියලා තමා බය… අපි දන්නවා නෙ ඉතින් මෙතන චන්ඩියා වගෙ කියෙව්වට එයා චුට්ටක් කෑ ගහපු ගමන් ඇස්වල කදුලු පුරවගන්නවා.”

මම චන්ඩියා වගෙ කියද්දි අම්මා මාව බයිට් කරන්න ගත්තෙ මම ලැජ්ජාවටම රතු වෙද්දී. අම්මා ඔය කියන්නෙ මේ දවස් දෙකේ එයාලට දකින්න ලැබුන දේවල් තමා. හේ හේ ලැජ්ජාව බාල්දියෙන් එකයි අප්පාව්.

” අනේ යන්න අම්මා යන්න. මම තරහයි..”

” අනෙ ඉතින් මෙහෙමත් කෝලමක්…”

” ඒම තමා හුහ්…”

මම අම්මගෙ අතත් අල්ලගෙන හුරතල් වෙන ගමන් තේව්ට බනිද්දි ගෙදර මිදුලට දැම්මෙ එයාගෙ බයික් එක. ඒත් මගෙ මූණෙ තිබුන හිනාව නැති වෙලා ගියෙ තේව්ගෙ බයික් එකේ පිටිපස්සෙ හිටපු කෙනාව දැකලා. ඔව් ඔව් එදා අර කැම්පස් එකේ දි තේව්ගෙ අතේ එල්ලිලා ආපු කෙල්ල.  මට ඒ කෙල්ලව දකිද්දි මතක් උනේ තේව් එදා මට ගහපු එක. මම ඔරවගෙනම බලාගෙන ඉද්දි ඒ කෙල්ල බයික් එකෙන් බැහැලා අම්මා ලගට ඇවිල්ලා කතා කරන්න පටන් ගත්තෙ මගෙ දිහත් බලලා අමුතු බැල්මක් දාලා. මට මේකිව පේන්න බැ. අම්මගෙත් මූණෙ හිනාවෙන් එකයි.

” කොහොමද නැන්දෙ ඉතින්. “

” හොදයි දරුවො… දැන් මේ පැත්තෙ එන්නෙවත් නෑ නෙ මේ නැන්දව බලන්න. අපිව අමතක වෙලාම ගිහිල්ලා.”

” කොහෙ එන්නද අනේ කැම්පස් එකේ වැඩ ගොඩ ගැහිලානෙ. ඒක නිසා එන්නවත් බැරි උනා.”

අම්මා ඒ කෙල්ලත් එක්ක කතා කර කර ඉන්නකොට තේව්ත් අපි හිටපු තැනට ආපු නිසා මම එයාගෙ අතේ එල්ලුනෙ එයා මගෙ කම්මුල මිරිකද්දි. මම ඇස් කොනින් දැක්කා අර කෙල්ල තරහෙන් වගෙ අපි දිහා බලාගෙන ඉන්නවා.

” හරි හරි යමුකො ගෙට. ඊට පස්සෙ බැරියැ කතා කරන්න. “

ඒ දෙන්නා ගේ ඇතුලට යද්දි මිදුලෙ ඉතුරු උනේ එයයි මායි විතරයි.

” ඔයා මොකටද ඒ කෙල්ලව එක්කන් ආවෙ ආ…”

” එක්කන් ආවෙ නෑ බං. ඒකිව හම්බ උනේ මේ හන්දිය ගාවදි. නොදැක්කා වගෙ එන්න බෑනෙ ඉතින් නවත්තලා කතා කරද්දි තමා දන්නෙ ඒකි මෙහෙ එනවා කියලා. ඉතින් මග දාලා එන්නද එබං එක්කන්ම ආවා.”

” හුම්ම්ම්”

” දැන් මොකද ආ මූණ එල්ලගෙන ඉන්නෙ.ම්ම්ම්. “

” මුකුත් නැ. යමුකො ගේ ඇතුලට. “

මායි එයයි කතා කර කරම ගේ ඇතුලට එද්දි අරකි ඉන්නවා සොෆා එකේ වාඩි වෙලා අම්මත් එක්ක කතා කර කර. මට මේකිව දකිද්දි දත් ටික ගලවලා දාන්න හිතෙනවා. අම්මගෙ අයියගෙද මල්ලිගෙද මංදා දුවෙක් කියලා කිව්වට මට ඒ කෙල්ල  ගැන හොදක් දැනෙන්නෙම නෑ.

” පුතා.. ලොකු පුතා එක්ක කාලා ඉන්න දරුවො. ඒ ලමයත් තාම කාලා නැ ඔයා එනකම් කියලා හිටියා. එයාටත් බඩගිනි ඇති. සුදු දුව ඔයා කාලද ආවෙ..”

අපි දෙන්නා එනවා දැකලා අම්මා කියද්දි තේව්ගෙ මූණ වෙනස් උනා. එයා වරදකාරී බැල්මකින් මම දිහා බලද්දි මට හිතා ගන්න බැරි උනා ඒ ඇයි කියලා. ඒත් අර කෙල්ල ඊලගට කියපු දේත් එක්ක මට ලොකු දුකක් දැනුනා..

” අයියෝ නැන්දේ මායි නිකේත් අයියයි කාලා ආවෙ.. අනික මේ අයියා මට ලොකු චොකලට් එකකුත් අරන් දුන්නා. “

ඒකි චොකලට් එකකුත් පෙන්නන ගමන් කියද්දි මම ඉක්මනට බැලුවෙ තේව් දිහා. තේව්  මට කිව්වෙ හන්දියේ දි දැකලා එයාව බයික් එකේ දාගෙන ආවා කියලා. එයත් එක්ක කාලා ආපු කතාවක් කිව්වෙ නැ නෙ.  අනික වෙනදට එයා මට නොකියා එහෙම කන්නෙ නෑ. ඒ ඔක්කොමත් හරි ඒ චොකලට් එක වෙනදට තේව් මට ගේන චොකලට් එක. ඒක තේව් එයාට අරන් දුන්නෙ ඇයි. ඒ දේවල් එක්ක මට දැනුනෙ දරාගන්න බැරි වේදනාවක්.  ඒ කෙල්ලත් එක්ක තිබුන තරහා තවත් වැඩි උනා වගෙ දැනුනා මට.

” අයියෝ එහෙමද.. එහෙනම් ලොකූ ඔයා කන්නකො.. මම බත් එකක් බෙදලා දෙන්නද. “

” එපා අම්මා දැන් කන්න බැ වගෙ. ඔෆිස් එකේ පොඩි වැඩක් තියනවා මම කාමරේට යනවා අම්මා.”

මම අම්මටත් එහෙම කියාගෙනම අම්මා ආයෙ මුකුත් කියන්නත් කලින් කාමරේට ආවෙ එතන හිටියොත් මගෙ වෙනස එයාලා දකී කියලා හිතුන නිසා. මම හිතුවෙ මම අවුලින් කියලා දැක්කම තේව්ත් මාත් එක්ක කාමරේට එයි කියලා. ඒත් ටික වෙලාවක් බලාගෙන හිටියත් තේව් ආවෙ නැ. එළියෙ එයාලා හිනා වෙවී කතා කරනවා ඇහෙනවා.

පැය බාගෙකට විතර පස්සෙ තේව් කාමරේට ආවෙ තඩි බත් එකකුත් අරගෙන. මම එයාව දැක්කත් නොදැක්කා වගෙ ජනලෙන් එළිය බලාගෙනම හිටියා. හ්හ් දැන් වෙන්න ඇති මාව මතක් වෙන්න ඇත්තේ. ගියා ද දන්නැ අර චිංචි මානවිකාව.

” සුදු මැණික. මේ පැත්ත බලන්නකො. අපි කාලා ඉමූ.ම්ම්ම් දැන් දෙක හමාරත් පහු වෙලා නෙ.”

“……………..”

“සුදු මැනික.. මම මෙ ඔයාට කතා කරන්නෙ.”

” මට කන්න බෑ.. “

” ඇයි කන්න බැරි ආ.”

” බඩගිනි නෑ..”

එයා මට කන්න කියලා බල කරද්දි මම බෑම කිව්වෙ මට කන්න තරම් පිරියක් දැන් නැති නිසා. ඊලගට එයා බත් පිගාන bed tabale එක උඩින් තියලා මෙච්චර වෙලා එයාගෙ දිහා නොබලා ජනෙලේන් එලිය බලාගෙන හිටපු මාව එයාගෙ පැත්තට හරව ගත්තා.

” එහෙම කියලා බෑනෙ ටිකක් හරි කමු.. බඩගිනි නැ කියන්නෙ කොහොමද හරියට කාලත් නැතුව..”

“…………”

” තරහා වෙලද  ඉතින් ඔයාගෙ තේව් එක්ක ම්ම්ම්.”

එයා මාව ඇදෙන් ඉන්දවලා මගෙ කම්මුලක් පිරිමදින ගමන් තරහද අහද්දි මෙච්චර වෙලා හිර කරගෙන හිටිය කදුලු ගලාගෙන යන්න පටන් ගත්තා. ඒත් එක්කම තේව් මාව එයාගෙ තුරුලට ඇදලා ගත්තෙ මම එයාගෙන් ගැලවෙන්න දගලද්දි. ඒත් කොහෙද එයාගෙ ශක්තියත් එක්ක මට හැරෙන්නවත් බෑ. විනාඩි ගානක් දගලලා එයාගෙ තුරුලට වෙලා පාඩුවෙ හිටියෙ දගලලා තේරුමක් නැ කියලා තේරුන නිසා. මම අඩ,අඩම එයාගෙ තුරුලට වෙලා හිටියා.

. කෙනෙක්ට හිතෙන්න පුලුවන් මම මේ තරම් දුක් වෙන්නෙ පොඩි දේකට බොරු දේකට කියලා. ඒත් මට ඒක ලොකු දෙයක්. ඒ කෙල්ල එන්නෙ මොකටද කියලා තේරෙන නිසා මට දැනුනෙ ලොකු බයක්. මට හිතුනෙම ඒ කෙල්ල මගෙන් තෙව්ව ඈත් කරන්න ආපු කෙනෙක් විදිහට.

” ඇති මැනික ඇඩුවා. මගෙ මැණිකට දුක හිතුනා ද.. මම දිනුල්‍යත් එක්ක කන්න ගියෙ නැ මැනික. ඒකි තමා ගොඩක් දවසකින් හම්බ උනේ කියලා resturant එකකට යමු කිව්වෙ. ඒ වෙලාවෙ ඒකිගෙ අම්මත් හිටියා බං  ලග. මට බැ කියන්න බැරි උනා ඒක නිසා. ඒකයි ගියෙ. ඒ ගියත් මම කෑවෙ නැ බං මම දන්නවා නෙ උබ මම එනකම් බලාගෙන ඉන්නවා කියලා. ඒකිට කන්න අරන් දීලා මම නොකා හිටියෙ. උබත් එක්ක ගෙදර ඇවිල්ලා කන්න ඕනෙ නිසා. මම ඒ වෙලාවෙ ඒක නොකියා හිටියෙ උබට දුක හිතෙයි කියලා. ඉස්සෙල්ලා උබ අවුලෙන් කාමරේට එනවා මම දැක්කා මැණික ඒත් මම එන්න යද්දි අරකි  මට එන්න දුන්නෙ නැ. නැතුව ඕනකමින් එන්නෙ නැතුව හිටියෙ නැ රන්. මම එතනින් ගැලවෙන්නෙ කොයි වෙලාවෙද කියලා බල බල හිටියෙ. කෝ දැන් අඩන්න එපා වස්තු. උබ අඩනකොට මට දුකයි නෙ.ම්ම්ම්.”

එයා කියනකොට මට තේරුනා එයා කියන්නෙ ඇත්ත කියලා. එයාගෙ ඇස්වල බොරුවක් නෑ. මට ඒක දැනෙනවා. ඒත් මට තව ප්‍රශ්නයක් තියනවා.

” ඒ..එතකොට  ක්.චොකලට් එක. ම්ම්හ්ක්”

මම අඩපු නිසාම බුරුල් උන නහයත් උඩට අදින ගමන් අහද්දි එයා සමාව ගන්න වගෙ මගෙ දිහා බලාගෙන හිටියා.

” ඒක මම දුන්නෙ නැ බං. උබ හිතුව ද මට පිස්සුද ඒකිට චොකලට් ඇරන් දෙන්න. ඒ උබට ගත්ත චොකලට් එක බබා. ඒකි  ඒක දැකලා බලෙන්මයි ගත්තෙ මගෙ අතින්. නැතුව මම දුන්නෙ නැ. උබ බලාගෙන ඉන්න නිසා හදිස්සියට ආව නිසා මට ආයෙ එකක් ගන්න අමතක උනා. ඇත්තමයි රත්තරන්. මට ඕනෙ තැනක දිවුරන්න පුලුවන්.”

මාව තුරුල් කරගෙන මගෙ හිස් මුදුනට හාදු තියන ගමන්  කියවගෙන ගිය එයා මගෙ මූන පුරා තිබුන කදුලු පිහදලා නලලය හාදුවක් දුන්නා. මට එයාව විශ්වාසයි. එයා බොරු කියන්නෙ නැ.

” ඒත් මම තරහයි..”

මම එයාගෙ තුරුලෙන් ඈත් වෙලා ගස්සලා අහක බලාගෙන කියද්දි එයා මම දිහා බලාගෙන හිටියෙ ප්‍රශ්නාර්ථයකින්.

” ඇයි මැණික ඒ.. ම්ම්ම්”

” එහෙම තමා”

” හරි එහෙනම් කියන්න බලන්න මගෙ මැණිකව යාලු කරගන්න මම මොනාද කරන්න ඕනෙ කියලා….”

” මම ඕනෙ ම්ම්ම්ම්ම්……”

_________________________________________

*හායි ලමයිනේ….. මම ආවා….

* ඔන්න දිනුල්‍යත් ආවා. මොනා වෙයිද දන්නැ…..

*ආයු මොනා ඉල්ලයි ද තේව් එක්ක යාලු වෙන්න නම්….?

* හැමෝටම ආදරෙයි…. ❤️💚

* ඉක්මනට ඊලග කොටසින් මුණ ගැහෙමු….

*ස්තූතියි….

…Nethu…

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 17, novel À¶†À¶ºà·” (Completed) Âœ” 17, read À¶†À¶ºà·” (Completed) Âœ” 17 online, À¶†À¶ºà·” (Completed) Âœ” 17 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 17 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 17 light novel, ,

Comment

Leave a Reply

Chapter 17