À¶†À¶ºà·” (Completed) Âœ” 40 (Bonus)

A+ A-

Happy birthday zhange…. ❤️🎂🎊️

Stay safe & be happy…. ❤️💚

_____________________________________________

තේව්’s POV

” අම්මලා කෝ බං. “

” කුස්සියේ උයනව ද කොහෙද..”

බයික් එකේ යතුර එළියෙ තිබුන සිමෙන්ති මේසෙ  උඩට විසි කරපු මම රනිශ්කයා ඉස්සරහින් වාඩි උනේ ඌ අහපු දේට උත්තර දෙන ගමන්.

” මචං නිකේත්. මම උබෙන් දෙයක් අහන්න ද…? “

විනාඩි දෙක තුනක්ම මගෙ මූණ දිහා බලාගෙන හිටපු රනිශ්ක එක පාරටම සීරියස් මූඩ් එකකින් එහෙම අහද්දි මාත් පුටුවෙ හරි බරි ගැහිලා වාඩි උනේ ඌ අහන්න යන්නෙ මොකක්ද කියලා දැන ගන්න ඕනෙ නිසා.

” අහපන් ඉතින්.”

” උබ ඇයි එක පාරටම දිනුල්‍යා බදින්න කැමති උනේ බං. මෙච්චර කල් බෑ කිය කිය ඉදලා එක පාරටම කැමති කිව්වෙ.. “

” හ්ම්ම්”

ඌ අහපු ප්‍රශ්නෙත් එක්ක මට ලොකු හුස්මක් පිට උනා. මූ අහන්නෙ මම ඊයෙ රෑ අම්මට කෝල් කරලා දිනුල්‍යාව බදින්න කැමති කිව්ව එක ගැන. මෙච්චර කල් බෑ කිය කිය ඉදලා එක පාරටම හා කියද්දි ඌටත් පුදුම ඇති ඉතින්.  මූ ඒක දන්නෙත් අද අම්මයි දිනුල්‍යායි එක පාරටම මෙහෙ ඇවිල්ලා කියපු නිසා නෙ.

” මෙච්චර කල් බෑ කිව්වෙ හේතුවක් ඇතුවනෙ බං. දැන් ඒ හේතුවෙන් වැඩක් නෑ. ඒ හැම දෙයක්ම ඉවරයි. “

” උබ කියන්නෙ ආයු අයියා ගැන ද..”

” හ්ම්ම්.. “

” උබට හිතෙන්නෙ නැද්ද බං අපි දන්නෙ නැති දෙයක් මෙතන තියනවා කියලා. මට නම් හිතෙන්නෙ මෙතන ලොකු පටලැවිල්ලක් තියනවා.”

” මොන පටලැවිල්ලක් ද බං. එයා දැන් වෙන කෙනෙක්ගෙ වෙලා ඉවරයි. දරුවෙකුත් ඉන්නවා. එයා මාව අමතක කරලා ඉවරයි.  එයා ඉස්සරහට ගියා වගේ මාත් ඉස්සරහට යන්නෙ ඕනෙ නැද්ද.. “

” ඒත් කේත්..”

” ඇති බං. මම යනවා වොශ් එකක් දාගන්න..”

තවත් එතන හිටියොත් මගෙ තරහා පාලනය කර ගන්න බෑ කියලා දන්න නිසාම මම ඌට වොශ් එකක් දාගන්න යනවා කියාගෙනම කාමරේට ආවා. මම තාම හවස පන්සල් යන්න ඇදපු ඇදුම පිටින්. ශර්ට් එකේ උඩ බොත්තම් දෙක ගලවලා දාපු මම එහෙමම ඇදෙන් වාඩි උනා.

මට ඒත් එක්කම මතක් උනේ රනියා දැන් ටිකකට කලින් මගෙන් ඇහුව දේ. ඇත්තටම ඇයි මම දිනුල්‍යාව බදින්න කැමති උනේ. මට ඒකි ගැන කිසිම හැගීමක් නෑ. මට ඕනෙ උනේ එයාට රිද්දන්න ද, නැත්තම් ඌට කරන්න පුලුවන් දේ මටත් කරන්න පුලුවන් කියලා පෙන්න ද. මට තෙරෙන්නෙ නෑ යකෝ.. කොන්ඩෙ අස්සෙන් මගෙ ඇගිලි යවපු මම කොන්ඩෙ ඇද ගත්තෙ පිස්සුවෙන් වගේ.

අයුක්ෂ හේෂව්.. මොකට ද බං උබ ආයෙ ආවෙ. මේ අවුරුදු හතරට මම උබව හොයපු නැති තැනක් නෑ බං. එකේක උන් එක එක ඒවා කියද්දි මම පිස්සෙක් වගේ උබව හෙව්වා. මම පිස්සෙක් උනා. එක පාරටම කිසිම දෙයක් නොකියා උබ වෙන එකෙක් එක්ක පැනලා ගියාම උබ හිතුව ද බං මම දරාගන්නෙ කොහොම ද කියලා. මම වැරදි ඇති යකෝ ඒත් ඒවට මට හේතු තිබුනා. ඒ කිසිම දෙයක් නොදැන උබ මාව දාලා වෙන එකෙක් එක්ක ඇවිල්ලා දරුවෙකුත් හදා ගත්ත ද බං. මම අරහෙ පිස්සෙක් නොවී පිස්සෙක් වෙද්දි උබ මෙහෙ සතුටින් හිටියෙ කොහොම ද යකෝ..

මගෙ පලවෙනි පත් වීම හම්බ උන ගමේදිම උබව දකින්න කිසිම බලාපොරොත්තුවක් තිබුනෙ නෑ බං මට. එක පාරටම උබ මගෙ ඇස් ඉස්සරහ ආවම උබ දන්නව ද මට දැනුන හැගීම. මටත් ඒක තේරුම් ගන්න බෑ බං. ඒත් මට මතක් උනේම උබ මාව දාලා වෙන එකෙක් එක්ක ආපු එක. උබගෙ ඇගෙ අම්මේ ගාගෙන පොඩි කොල්ලෙක් එල්ලෙද්දි මට දැනුනෙ මගෙ පපුව හත් කඩකට කැඩිලා යනවා වගේ හැගීමක්. උබව දැන් මට අයිති නෑ කියන එක ඔප්පු උනා ආයු. හැමෝම උබ ගැන එක එක දේවල් කියද්දි ඒවා කිසි දෙයක්  පිලිනොගෙන අවුරුදු අවුරුදු හතරක් උබ වෙනුවෙන් බලාගෙන හිටියා බං. මට හරි මහන්සි සුදු මැණික. තවත් නම් බෑ. අම්මලා තාත්තලා වෙනුවෙන් අල්ලගෙන හිටියට ඒ දෙන්නා නැත්තම් උබ මාව දාලා ගිය දවසේමයි මගෙ මලගමත් සිද්ද වෙන්න තිබුනෙ. මම තමා අන්තිම දවස් ටිකේ උබව මග ඇරියෙ ඇත්ත බං ඒක ඇත්ත. ඒත් උබ දන්නව ද බං ඒ ඇයි කියලා. හැමදේම විසදගන්න බලාගෙන උබ ලගට එනකොට උබ ගිහිල්ලා. උබගෙ සුදු මහත්තයව දාලා ගිහිල්ලා.

හොද හුස්මක් ගත්තු මම ටවල් එකත් අරගෙන බාත් රූම් එකට රිංග ගත්තෙ හිතේ පීඩනය අඩු වෙනකම් නා ගන්න කියලා. මෙච්චර වෙලාම දරාගෙන හිටපු කදුලු වතුරත් එක්කම එකතු වෙලා ගලාගෙන ගියෙ මගෙ දරා ගැනීමෙ සීමාව පහු කරලා. කවුද බං කියන්නෙ පිරිමින්ට කදුලු කැප නෑ කියලා. උන්ටත් කදුලු කැපයි. උන්ටත් දරා ගැනීමෙ සීමාවක් තියනවා බං. ලෝකෙට හොරෙන් හරි කෑ ගහලා අඩන්න පිරිමින්ටත් අයිතියක් තියනවා. හැමදේම දරාගන්න පිරිමියා එක දවසක් එක දරා ගැනීමෙ සීමාව පහු කරලා ඇඩුවා කියලා පව් නෑ.

ඇස් දෙක වහගෙන ෂවර් එක යටට උන මොහොතෙ ඉදලා මතක් වෙන්නෙ උබගෙ ඇස් දෙක ආයු. අවුරුදු හතරකට පස්සෙ මාව දැකලා උබ ගැස්සුන විදිහ.  සුදු ශර්ට් එකට සුදු පාටම කලිසමක් ඇදලා ගැට පිච්ච මලක් වගේ උබ අද පන්සල් ඇවිත් තිබුන විදිහ. උබෙ හිනාව තාමත් එහෙමමය් මැණික.  කොහොමද බං විශ්වාස කරන්නෙ උබ මගෙ නෙවෙයි කියලා. අනේ අර පොඩි එකා. ඇයි බං ඒකව දකින හැමවෙලාවෙම මගෙ පපුව වේගෙන් ගැහෙන්නෙ. අනෙ ඇයි කියපන් මැණික. මට තේරෙන්නෙ නෑ රත්තරනේ.

සමහර විට එදා ඒ දේවල් ඒ විදිහට නොවුනා නම් අද අපිට මෙහෙම නොවී තියෙන්න තිබුනා. මම උබට හැමදේම කිව්වා නම් සමහර විට හැමදේම හොද විදිහට වෙන්න තිබුනා. ඒත්.. ඒත් මම කොහොමද…ඒ මිනිහා..ඒ මිනිහා තමා මේ සේරටම මුල.. ඒ මිනිහා නිසයි මෙ දේවල් මෙහෙම උනෙ… නැ බං එක අතකට ඒ මිනිහත් වැරදි නැතුව ඇති . මමයි මේ හැමදේටම වැරදි. මමයි..  කමක් නැ බං උබ සතුටින් නම් එච්චරයි. උබ සතුටින් නම් එච්චරයි මගෙ මැණික.

.” කේත් උබ මොනාද ඔච්චර වෙලා ඕක අස්සට වෙලා කරන්නෙ. වරෙන් යකෝ..”

” අහ් ඉදපන් ඉවරයි.”

මෙච්චර වෙලාම ශවර් එක යටට වෙලා කල්පනා ලෝකෙක හිටපු මගෙ කල්පනාව බිදිලා ගියෙ රනිශ්ක ඇවිල්ලා දොරට ගහන ගමන් කෑ ගහපු නිසා. මම ඉක්මනට නාගෙන කරගෙන එළියට ගියෙ තව ටිකක් ඕක ඇතුලෙ හිටියොත් අරූ දොර කඩාගෙන ඇතුලට එන්න බැරිකමක් නැති නිසා. ඒ තරමට මිනිහා ඕකා. මම ටවල් එකත් පටලගෙන එළියට එනකොට අරූ ඉන්නවා මේසෙ ලග පුටුවට වෙලා ඉදගෙන. මම ඌ දිහාටත් බැල්මක් දීලා කබඩ් එක ඇරලා ඇදුම් අරගෙන ඇදගන්න පටන් ගත්තා.

” කේත් මචං.”

” කියපන්. “

ඇදුම් මාරු කරගෙන ඉවර වෙලා ඇදේ ඉද ගත්තු මම ටැබ් එක අතට ගත්තෙ පේශන්ට්ලාගෙ විස්තර ටිකක් ස්ටඩී කරන්න. ලොකු ඉස්පිරිතාලයක් නෙවෙයි නිසා වැඩ නම් ටිකක් අඩුයි. ටැබ් එකට ඔලුව ඔබාගෙන හිටපු මම රනිශ්ක කතා කරපු නිසා ඔලුව උස්සලා ඌ දිහා බලද්දි ඌ ඉන්නවා නිකන් මගෙ දිහා අමුතු විදිහට බලාගෙන. මිනිහගෙ මූඩ් එක නම් සීරියස් වගේ. මොකද දන්නෑ.

ටොක් ටොක් ටොක්.

” එන්න..”

රනියා සීරියස් කතාවක් පටන් ගන්න ගියත් ඒක මග නතර උනේ කවුරු හරි කාමරේ දොරට තට්ටු කරපු නිසා. මම එන්න කියනවත් එක්කම දොරෙන් ඇතුලට ආවෙ දිනුල්‍යා. එයාගෙ අතේ ට්‍රේ එකක් තිබුනා.

” ආ නිකේත් අයියා. තේ එකක් බීලා ඉන්න. “

ට්‍රේ එකෙ තිබුන තේ එකක් මට දික් කරන ගමන් දිනුල්‍යා කියද්දි මම බැලුවෙ ඔරලෝසුව දිහා. යකෝ හයටත් ලගයි මේ වෙලාවට තේ බොනව ද.. පිස්සු ද මංදා. මම ඉතින් මුකුත් කියන්න බැරිකමට ස්මයිල් ඊස් පේන් හිනාවක් දාලා තේ එක අතට ගත්තා. රනියත් ඒ වගේම තමා. අපි දෙන්නගෙන් ආයෙ කතාවක් නෑ කියලා තේරුන නිසාම ද කොහෙද කෙල්ල ට්‍රේ එකත් අරගෙන එළියට ගියා.

” කියපන් උබ මොකක්ද කියන්න ගියෙ..”

මම තේ එකෙන් උගුරක් බොන ගමන් උගෙන් එහෙම අහද්දි ඌත් තේ එකෙන් උගුරක් බීලා මගෙ මූණ දිහා බැලුවා. යකෝ මේ තේද. බලු හුජ්ජ වගේ යකෝ. නොදකින්. අරූගෙත් මූණත් එක්ක ඇඹුල් වෙලා ගිහිල්ලා. මේ ගෑනිට තේ එකක්වත් හදාගන්න බැරු ද යකෝ. මම කිසි දෙයක් නොකියා තේ එක මේසෙ උඩින් තිබ්බා.. ඒක බීලා වෙන  ලෙඩක් හැදෙයි.

” නෑ බං මම කියන්න ගියෙ. උබ ආයු අයියත් එක්ක කතා කරොත් නරක ද..”

ආයෙත් සීරියස් මූඩ් එකට ඇවිත් හිටපු රනියා එහෙම කියද්දි මම ගැස්සිලා වගේ ගියා.

” ඇයි උබ එහෙම කියන්නෙ. “

” උබ කොච්චර නෑ කිව්වත් මට හිතෙනවා බං මෙතන වෙනම සීන් එකක් තියනවා කියලා.  උබ පොඩ්ඩක් අයියත් එක්ක කතා කරලා බලපන්කො.”

” ඇති බං ඕක දැන්. එහෙම මුකුත් නෑ බං උබට පිස්සු ද..”

” උබ ඔහොම කිව්වට මට සැකයි බං. මම නම් හිතන්නෙ උබ අයියා එක්ක කතා කරන එක හොදයි. මොකක් හරි වෙයිනෙ.”

” හ්ම්ම් බලමුකෝ.”

හැමෝම වෙනුවෙන් කතා කරන්න උන් ඉන්නවා. ඒත් මගෙ වේදනාව අදුර ගන්න කවුද බං ඉන්නෙ. මට රනියා එක්කත් පොඩි තරහක් ආවා. ඌ කියන්නෙ සමහර විට ඇත්ත වෙන්න ඇති. ඒත් මම කොහොමද ආයු උබ එක්ක කතා කරන්නෙ. උබෙ ඇස් දිහා බලාගෙන කතා කරන්න තරම් ශක්තියක් මට නෑ බං. උබ වෙන කෙනෙක්ගෙ කියලා මතක් වෙනකොට මාව පිච්චෙනවා බං. අනික උබ මාව දකින්නවත් කැමති නෑ නේද බං. මට මේ දවස් ටිකට ඒක තේරුනා. සමහර විට උබට මාව එපා වෙලා ඇති. අප්පිරියා ඇති. උබට නිදහසේ ඉන්න දීලා ඉක්මනට මම යනවා බං. මට පොඩි කාලයක් දීපන් මගෙ මැණික. එතකොට උබට මේ මිනිහගෙ මූණවත් දකින්න වෙන එකක් නැති වෙයි.

” අනික මචං තව දෙයක්. “

” කියපන්..”

” උබ දිනුල්‍යාව බදින්න යන්නෙ ආයුට රිද්දන්න නම් ඒක කරන්න එපා බං. ඒකෙන් උබලා හැමෝටම වෙන්නෙ අසාධාරණයක් විතරයි. අන්තිමට හැමෝම දුක් විදි. තේරුනා ද.. පොඩ්ඩක් හිතලා බලපන්. “

මෙච්චර වෙලාම මේසෙ ලග පුටුවට වෙලා කියවපු රනිශ්ක මගෙ උරහිසටත් පාරක් ගහගෙන එළියට ගියා. ඌ ගියෙ නිකන් නෙවෙයි මගෙ හිතට ටොන් ගානක බරක් එකතු කරලා. ඇත්තටම මම දිනුල්‍යාව බදින්න හදන්න ආයුට පේන්න ද. මට දිනුල්‍යා ගැන කිසිම හැගීමක් නැතත් ඒ කෙල්ල මගෙ ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න එකෙන් මම ප්‍රයෝජන ගන්න ද මෙ හදන්නෙ.  අනික කොච්චර පොඩි කාලෙ ඉදලා දන්නවා උනත් ඇයි මට දිනුල්‍යා ගැන හොදක් දැනෙන්නෙ නැත්තෙ. ඇත්තටම රනියා කියනවා වගේ මෙතන අපි නොදන්න මොකක් හරි තියනවා ඇති ද. මට තේරෙන්නෙ නෑ දෙයියනේ.

මම එහෙමම ඇදේ දිහා වෙලා සුදු පාට සිවිලිම දිහා බලාගෙන කල්පනා කරන්න පටන් ගත්තා. කොච්චර වෙන දෙයක් ගැන කල්පනා කරන්න ගියත් මට මතක් වෙන්නෙම මගෙ මැණිකව. නෑ බං දැන් ඒ මගෙ මැණික නෙවෙයි ගොනෝ.. ඒ අස්සෙ මගෙ හිතත් මටම කින්ඩි දානවා.

උබව මුලින්ම දැක්ක විදිහ. උබ මට ටික ටික ලං උන විදිහ. ආදරෙයි කිව්ව විදිහ, උබ මගෙම උන විදිහ. නුවර පුරා උබ එක්ක ඇවිදපු හැටි. ආදරේ කරපු හැටි. උබගෙ හුරතල් වැඩ.. මේ හැම දෙයක්ම හීනයක් වගේ මට මතක් වෙනවා සුදු මැණික. උබට මතක ද බං ඒවා. කියපන් රත්තරන් මම මේවා අමතක කරන්නෙ කොහොම ද. උබ අමතක කරපු විදිහ මටත් කියලා දීපන් රත්තරන්.

උබ හරි ආසාවෙන් හිටියා නේද මැණික දරුවෙක්ට. පොඩි කොලු පැටියෙක්ට. අද උබ ඒ ආස උන විදිහටම දරුවෙක් ඉන්නවා නේද බං. ඒත් ඇයි බං උබ සතුටින් ඉන්නව කියලා මට හිතෙන්නෙ නැත්තෙ. ඇයි මට අමුත්තක් දැනෙන්නෙ. උබ ඇදිලා ගිහිල්ලා රන්, එක්කො මට පේන විදිහ ද. එහෙම වෙන්න ඇති.

ඇයි බං උබෙ දරුවව දකිනකොට මට අමුත්තක් දැනෙන්නෙ. ඒ උබගෙ දරුවා නිසා ද. අනේ ඒ පොඩි එකා දකිනකොට මට ලෝබයි මැණික. එක පාරක් ඌව තුරුල් කරගෙන ඉඹින්න තියනවා නම්. ඒත් කෝ මට අයිතියක්. කවුද බං ඒ දරුවගෙ අම්මා. මට ආසයි බං එයාව දකින්න. ඒ වාසනාවන්තිය කවුද කියලා දකින්න ආසයි බං. උබව මගෙන් උදුර ගන්න තරම් මට වැඩිය හොද උන කෙනාව දකින්න ආසයි මටත්.

” ආයිශ්..හුත්#@.”

මේ රෙද්දෙ ඔලුවෙ කැක්කුම නම් කරුමයක් යකෝ. පුදුම වේදනාවක් තියෙන්නෙ. ආයෙත් ඔලුව පුපුරන්න තරම් වේදනාවක් දැනුන නිසා මම ඇදෙන් නැගිටලා මේසෙ උඩ තියන බෙහෙත් දාලා තිබුන පෙට්ටිය අතට ගත්තා. දකිද්දිත් අප්පිරියයි. මේ අවුරුදු හතරට බෙහෙත් නම් එපා වෙලාම ගියා. මොනා උනත් දැන්ම මැරිලා යන්න බැරි නිසා මම ඒකෙන් අවශ්‍ය වෙලාවට ගන්න තියන පෙති දෙකක් අරගෙන බීලා දැම්මා.

” හාහ්..”

‘උබ මට දීලා ගිය තෑගි තමා බං මේ.’ බෙහෙත් ටික දිහා බලාගෙන මම මටම කින්ඩියක් දාගෙන බෙහෙත් පෙට්ටිය වහලා තිබුන තැනම තිබ්බා.

” මහත්තයා.. මහත්තයා..”

කාමරෙන් එළියට එන්න ගියපු මට එක පාරටම මිදුල පැත්තෙන් ඇහුනෙ හරි හිනී හුරු පුරුදු පිරිමි කට හඬක්. මම එළියට යන්න හදනකොට රනියත් කුස්සියෙ ඉදලා ආවෙ කතා කරේ කවුද කියලා බලන්න වෙන්න ඇති. ඌත් මගෙන් ඇස් වලින් අහනවා කවුද කියලා. මම දන්නව ද යකෝ කවුද කියලා. මාත් කාමරේ අස්සෙ හිටියෙ. ඒ අස්සෙ මට ඌත් එක්කත් මල. හැයි යකෝ. මම ඌට අත් වලින් දන්නෑ කියලා ගිහිල්ලා ගෙදර ඉස්සරහා දොර ඇරලා බැලුවා.

ඒත් ඒ හිටපු කෙනා දැකලා මගෙ ඇස් දෙක ලොකු උනා. ඇත්තටම පුදුම උනා. උබව දකිනකොට පපුව වේගෙන් ගැහෙන එක නම් මට කවදාවත් නතර කර ගන්න බැරි වෙයි බං.

” ආයු..”

මෙයා මොකද මේ වෙලාවෙ මෙතන. අනික තනියම නෙවෙයි. පොඩි දරුවත් එක්ක. පන්සල් ගිහිල්ලා එන ගමන් ද කොහෙද…

_____________________________________________  

• bonus පොඩි කොටසක්.. මට ඕනෙ උනේ තේව්ගෙ පැත්තෙන් එයාගෙ හැගීම් ඔයාලට පෙන්නන්න. මම දන්නෑ මම සාර්ථක ද කියලා..

• තාම අපහැදිලි තැන් ඇති. හිමීට ඒවත් ලිහා ගමු… තව කොටස් දෙක තුනකින් දුක සීසන් ඉවරයි ලමයි. ඉවසලා ඉන්න… වසන්ත අයියා ඉක්මනට එයි… 😌❤️

• අදහස් කියාගෙන යන්න… ආදරෙයි හැමෝටම…. ❤️💚

• ඉක්මනට ඊළග කොටසින් මුණ ගැහෙමු… ❤️

…Nethu…

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 40 (Bonus), novel À¶†À¶ºà·” (Completed) Âœ” 40 (Bonus), read À¶†À¶ºà·” (Completed) Âœ” 40 (Bonus) online, À¶†À¶ºà·” (Completed) Âœ” 40 (Bonus) chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 40 (Bonus) high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 40 (Bonus) light novel, ,

Comment

Leave a Reply

Chapter 40