À¶†À¶ºà·” (Completed) Âœ” 41

A+ A-

” මහත්තයා… මහත්තයා..”

කොයි අනේ මේ ගෙදර මිනිස්සු. කවුරුත් නැද්ද දන්නෑ. හැබැයි වෙන්න බෑ ලයිට් එහෙම නම් දාලා. අනික තේව්ගෙ බයික් එකත් තියනවානේ.

” මහත්තයා..”

දෙපාරක් තුන් පරක්ම කතා කරලා නැති තැන මම හයියෙන්ම මේ පාර නම් කතා කරා. හැයි යකූ.

” දෙදල නමුකො අම්මි. “

” පොඩ්ඩක් ඉන්න මැණික. අපි මේක දීලම ඉක්මනට යමු හරි ද. “

මම මගෙ අතේ ඉන්න කොල්ලගෙ ඔලුව අත ගාන ගමන් කියද්දි කොල්ලා ඔලුව හොල්ලලා මගෙ බෙල්ල අස්සෙ මූන හංග ගත්තා. කොල්ලට මහන්සි වගේ. මේක දීපු ගමන් ඉක්මනට ගෙදර යන්න ඕනෙ. නැත්තම් අතේම නිදා ගනී කොල්ලා. ඉදුවර ගෙදර ගියා ද දන්නෑ. එයාටත් කෝල් එකක් දීලා බලන්න ඕනෙ.

මම එක එක ඒවා කල්පනා කර කර ඉන්න අතරෙ මට ඇහුනෙ තේව්ගෙ ගෙදර ලොක් එක ඇරෙන සද්දෙ. මම ඉක්මනට බෙල්ල හරවලා බැලුවෙ කවුරු උනත් කමක් නෑ මේක දීලා ඉක්මනට යන්න ඕනෙ කියලා හිත කියද්දි. පොඩ්ඩක් කලබල වෙලා ඉන්නෙ මම. තේව්ව හම්බ වෙන්න ආව නිසා වෙන්න ඇති. මට නම් මෙතනට එන්න කිසිම උවමනාවක් තිබුනෙ නෑ. ඒත් එන්නෙ නැතුව බැරි උනා නෙ. ඒත් එක්කම ගෙදර දොර ඇරගෙන එළියට ආවෙ තේව් එක්ක රනිශ්ක මල්ලි. ඒ දෙන්නාගෙ මූණෙ නම් තියෙන්නෙ අපිව දැකලා පුදුමයක්. ඔව් ඉතින් මේ වගේ වෙලාවක අපිව බලාපොරොත්තු වෙන්න නැතුව ඇති එයාලා. තේව් හිටියෙ පොඩි ගල් ශොර්ට් එකට ලොකු ටී එකක් ඇදලා වාව්. සෝ හැන්ඩ්සම්.. අයිති නැති උනාට බලන්න තහනමක් නෑනෙ ඉතින්. ම්හුක්.

” මහත්තයා මම මේ ආවෙ…”

” තමුන් මොකට ද මෙහෙ ආවෙ ආ..”

තාමත් ඒ දෙන්නා අපි දිහා සද්දයක්වත් නැතුව බලාගෙන ඉන්න නිසා මම හැදුවෙ ඉක්මනට ආව කාරනාව කියලා යන්න. තව හිටියොත් රෑ වෙන එක විතරයි වෙන්නෙ. ඒත් මම කියන්න ගියපු දේ සම්පූර්ණ කර ගන්න බැරි උනේ ගේ ඇතුලෙ ඉදලා සුනාමියක් වගේ දිනුල්‍යා කෑ ගහගෙන එළියට ආපු නිසා. අපෝ ඉවරයි. මගෙ අතේ හිටිය කොල්ලත් ගැස්සුනා ඒ සද්දෙට.

දිනුල්‍යගෙ සද්දෙට ද කොහෙද ගේ ඇතුලෙ ඉදලා ආවෙ ලස්සන ගෑණු කෙනෙක්. එක පාරටම අදුර ගන්න බැරි උනත් ටිකක් වෙලා මූණ දිහා බලාගෙන ඉද්දි තමා අදුර ගන්න පුලුවන් උනේ. දෙයියෙනේ ඒ තේව්ගෙ අම්මා.  අවුරුදු හතරකට කලින් හිටියා වගේමයි. හිටියට වැඩිය වයසට ගිහිල්ලා තිබුනත් එයාගෙ ලස්සන අඩු වෙලා තිබුනෙ නෑ. එයාගෙ ස්භාවික ලස්සන ඒ විදිහටම තිබුනා අම්මගෙ. එයාව දැක්කට පස්සෙ ඇස් වලට කදුලු පිරුනෙ එයා මට දුන්න ආදරේ මතක් වෙලා. මම මගෙ කදුලු අනිත් අයට පේන්නෙ නැති වෙන්න ඉක්මනට ඇහි පිල්ලම් ගහලා හංග ගත්තා. අම්මාගෙ මූණෙ නම් තිබුනෙ මාව දැකල ලොකු පුදුමයක්. මම හිතන්නෙ තේව් කියලා නෑ වගේ.

” මම මේ ආවෙ…”

” ඔව් ඔව් හිතා ගන්න පුලුවන් ආව ඇයි කියලා. හිතාගෙන ඉන්නෙ ආයෙත් නිකේත් අයියව දැලේ දාගන්න නම් ඒවා නම් හරියන්නෙ නෑ පුතෝ. තේරුනා ද. තමුන්ගෙ මායම් මදි නිකෙත් අයියව දැලෙ දාගන්න තරම්.  “

මම කතා කරන්න ගියත් මට කතා කරන්න නොදීම දිනුල්‍යා කෑ ගහන්න ගත්තා. මට නම් ලොකු තරහක් ඇයි අප්පා. මම ආවෙ ඒකි කියන දේවල් කරන්න නෙවෙයි.  මම දැක්කා අනිත් තුන් දෙනත් පුදුම වෙලා වගේ දිනුල්‍යා දිහා බලාගෙන ඉන්නවා.

” මේ මිස් මම ආවෙ ඔයා කියන දෙයක් කරන්න නෙවෙයි. මම ආවෙ….

” අනෙ මෙ කට වහගෙන ඉන්නවා. හිතාගෙන ඇති මායම් දාලා නිකේත් අයියව අල්ල ගන්න. දැන් මෙහෙ ආවෙ අපි කවුරුත් නෑ කියලා හිතාගෙන ද.  දාලා ගියා නම් ඒ විදිහට ඉන්නවා. ආයෙ නිකේත් අයියා තමුසෙට රැවටෙන්න තරම් මෝඩ නෑ. දැන් නම් අයියලාව මෙහෙ දාලා යන්නත් බයයි. මට නම් තමුන්ව පේන්න බෑ. . “

” දිනුල්‍යා කට වහ ගන්නවා..”

මගෙ ලගටම ආපු දිනුල්‍යා මගෙ දිහාවට ඇගිල්ලත් දික් කරන ගමන් කෑගහලා බනිනවා. මම හිටියෙ පුදුම ඉවසීමකින්. මට ඕනෙ උනේ නෑ මේ වගේ ගෑනුත් එක්ක පැටලෙන්න යන්න ඒකමයි මම සද්ද නැතුව හිටියෙ. ඒත් එක පාරටම මාව ගැස්සිලා ගියෙ හරිම සීතල කටහඩකින් තේව් දිනුල්‍යාට කෑ ගහපු නිසා. මට තේරුනා කෙල්ලත් ඒකෙන් බය උනා කියලා. රැස් බැස්සා ගෑනිගෙ.

” ඒත් තේව්..”

” මම කිව්වෙ කට වහ ගන්න කියලා දිනුල්‍යා.. මගෙ යකා අවුස්සන්නෙ නැතුව ජරා ගෑනියෙක් වගේ කියවන එක නවත්තනවා.”

දිනුල්‍යා ලගට ආපු තේව් එයාගෙ අතකින් තද කරලා අල්ලන ගමන්  හරිම පහත් හඩකින් ඒ කියපු විදිහට මගෙ ඇගම සීතල වෙලා ගියා. කෙල්ල නම් ඉන්නෙ හොදටම තරහා ගිහිල්ලා  වගේ. තේව් ඉන්න නිසා මුකුත් කියා ගන්න බැරුව ඉන්නෙ. හොදෑඩෙ. මම එහෙමම හිමීට බැලුවෙ අම්මගෙ මූණ දිහා.  එයා නම් වැරැන්ඩා එක යටට වෙලා දිනුල්‍යා දිහා බලාගෙන හිටියෙ කින්ඩි හිනාවක් මූණෙ තියාගෙන කියලමයි මට හිතුනෙ. හෑ යකූ එහෙම වෙන්න පුලුවන් ද. සමහර විට මට පේන විදිහ ද දන්නෑ.

” එයාගෙ හැසිරීමට සොරි. දැන් කියන්න අයුක්ෂ.  මේ වෙලාවෙ ආවෙ මොකක් හරි උවමනාවක් ද. “

දිනුල්‍යාට වෝන් කරපු තේව් මගෙ දිහාවට හැරිලා මොකක්ද උවමනාව කියලා අහද්දි තමා මටත් මතක් උනේ මෙතනට මොකටද ආවෙ කියලා. එයා කතා කරේ නම් දිනුල්‍යාට කතා කරා වගේ සීතල කටහඩකින් නෙවෙයි හරිම සොෆ්ට් කටහඬකින් තමා කතා කරේ. වට පිටේ ඉන්න හැමෝටම පොඩි බැල්මක් දීපු මම ඉක්මනට පන්සල් ගෙනියපු බෑග් එක ඇරලා අතට ගත්තෙ මම මෙතනට එන්න හේතු උන දේ. තේව් එක්ක මෙහෙම කතා කරන්න තරම් ශක්තියක් නම් නෑ වගේ මට ඒත් මොනවා කරන්න ද හිත හයිය කරගෙන කතා කරන්න එපැයි.

” මම ආවෙ මේක දීලා යන්න මහත්තයා. “

” ඔහ් මයි ගෝඩ් මගෙ වොලට් එක.”

ඔව් පන්සලේ වැටිලා තිබිලා මට හම්බ උනේ වොලට් එකක්. කාගෙ ද කියලා දන්නනෙ නැති නිසා බලද්දි තමා දැක්කෙ ඒක ඇතුලෙ තිබුන තේව්ගෙ අයි ඩී එක. ඉතින් අකමැත්තෙන් උනත් ඒක දෙන්න ඕනෙ නිසා අරගෙන එන්න උනා. එහෙමම තියලා එන්න හදලත් ඒකේ සල්ලි, ක්‍රෙඩිට් කාඩ් තව චිට් අරවා මේවා ගොඩක් තිබුන නිසා දාලා එන්න හිතුනෙ නෑ. මොකද වෙන කෙනෙක් දැක්කොත් අරගනී කියලා හිතුනා. අත්‍යාවශ්‍ය දේවල් නේ. ඉදුවර නම් බැන්නා ඔහොම දාලා යන්න තනියම ඕක දෙන්න් යන්න එපා කියලා. ඒත් ඉතින් එහෙම බෑනෙ. එහෙම කරා නම් ඊට පස්සෙ හිතටත් හරි නෑ.

මම වොලට් එක තේව්ගෙ අතට දෙනකොට එයාගෙ ඇස් දෙක ලොකු උනා. මම හිතන්නෙ එයා දන්නෙ නෑ තාම වොලට් එක නෑ කියලා. මාර මනුස්සයෙක් තමා.

” කොහෙද මේක තිබුනෙ. “

” පන්සලේ වැටිලා තිබුනෙ. ඔක්කොම තියනව ද බලන්න මහත්තයා. අඩු නෑ නේද මුකුත්. “

මම එහෙම අහනවත් එක්කම තේව් මුකුත්ම නොකියා වොලට් එක එයාගෙ ශොර්ට් එකේ පොකට් එකට දාගත්තා. බැලුවෙවත් නෑ. මට මොකද.

” මම එහෙනම් යන්නම් මහත්තයා.”

තවත් මෙතන ඉන්න හේතුවක් නැති නිසාම මම හැමෝම දිහා බලලා පොඩි හිනාවක් දෙන ගමන් යන්නම් කියලා හැරිලා එන්න ගියත් මම ආපහු හැරුනෙ දෙයක් මතක් උන නිසා. මම කෙලින්ම බැලුවෙ අම්ම ලගට වෙලා  ඉන්න දිනුල්‍යගෙ මූණ දිහා. එයා නම් ඉන්නෙ තරහා පාලනය කර ගන්න උත්සහ කරන ගමන් කියලා හොදට පේනවා.

” මේ මිස්. මිස් කිව්වා වගේ හැසිරෙන්න මට කිසිම උවමනාවක් නෑ. මට එහෙම උවමනාවක් තිබුන නම් එන්නෙ මීට කලින්. ඒක නිසා බය නොවී ඉන්න. තේව් à·€ දැලේ දාගන්න කිසිම උවමනාවක් නෑ මට.  මට කියලා ජීවිතයක් තියනවා. ඔයා තේව් එක්ක සතුටින් ඉන්නකො..

දෙයක් කෙනෙක්ට කියන්න කලින් හොදට හිතලා බලන්න. තමන්ගෙ උපන් ගති හැම තැනම පෙන්නන්න යන්න එපා. ඒක හරි කැතයි. තමුන්ලා වගේ අය කට ඇරපු ගමන් තියන වැදගත්කම නැති වෙලා යන්නෙ ඉබේමයි.. අනික හැමොම ඔයා වගේ කියලා හිතන්න එපා තේරුනා ද. හැමොම තමුන් වගේ අනුන්ගේ මිනිස්සු පස්සෙන් යන්නෙ නෑ…. යන්නාම්..”

දිනුල්‍යා ලගට ගිහිල්ලා උපරිම ඉවසීමෙන් හරිම සංසුන්ව ඒ ටික කියපු මම කා දිහාටවත් එක බැල්මක්වත් නොදී එන්න ආවා. ගේට් එකෙන් එළියට ආපු මට ඉබේම හිනාවක් ගියෙ මගෙ දිහා හොල්මනක් දැක්කා වගේ බය වෙලා බලාගෙන හිටිය දිනුල්‍යාගෙ මූන මතක් වෙලා. මෝඩ ගෑනි. හිතන්න නැතුව ඇති මම එහෙම කතා කරයි කියලා.

” ඒ දෙදල ඉන්න ඔත්තොලාම හලි ඔද නෑ අම්මි. “

” ඇයි මැණික එහෙම කියන්නෙ. “

මෙච්චර වෙලාම මගෙ බෙල්ල අස්සෙ මූණ හංගගෙන හිටපු කොල්ලා ඔලුව උස්සලා එහෙම කියද්දි මම කොල්ලා දිහා බැලුවෙ ඇයි එහෙම කියන්නෙ කියලා අහන ගමන්. 

” ඒ දෙදල ඉන්න අන්තල්ලා ආන්තිලා ඔත්තොලාම තෑ දගනවා බොලුවට. අද ඉතිය ඇන්ති නම් නකෙක් වදේමයි අම්මි. පිත්තු ද මංදා. තේනු හොදතම බය ඉතුනා. ඒ ආන්තිත ඩිසුම් කීලා දුටියක් දෙන්ද ඉතුනේ තේනුත නම්. නකා ඇන්ති.. “

කොල්ලා ඇස් දෙකත් ලොකු කරගෙන අකුරු ඇහිද ඇහිද කියපු එක ඇහිලා මගෙන් ලොකු හිනාවක් එළියට පැන්නා. හපොයි. යකා ආන්ටිලූ දිනුල්‍යට. කොල්ලා කියපුවා එයැයිට ඇහුනා නම් දිව හපාගෙන මැරෙන්නෙ ගෑනි. කොච්චර මේකප් කරලා ලස්සනට ඇදලා වැදගත් විදිහට ඉන්න හැදුවත් ඉතින් උපන් ගති යවන්න බෑනෙ. අන්තිමට පොඩි ලමයින්ගෙනුත් කතා අහගන්නවා. ඉව්ව් මෝඩ ගෑනු. පව් ඉතින්.

” දැක්කා නේද පුතු. ඒ ආන්ටි තමා බයි කන්නෙ නැති බබාලව අරගෙන යන්නෙ.  මගෙ මැණිකත් බයි කෑවෙ නැත්තම් අරගෙන යයි හරි ද අපි නම් දන්නෑ ඉතින්. “

” දෑ දෑ තේනු බයි තනවා අම්මි. ඒ ආන්තිත එන්ද එපා තීන්න හලි ද.  පුතු බයි ඔත්තොම තනවා නේ. නසලි එතේ අත්තලා අයියලා තමා තන්නෙ නැත්තේ. තේනු ඊස් ගුඩ් බෝයි. බයි දොඩත් තනවා.”

” ඒකනේ ඒකනෙ. මගෙ මැණික තමා ගුඩ් බෝයි. උම්ම්මා.”

හා හා.. අන්තිමට දිනුල්‍යාගෙනුත් වැඩක් ගන්න පුලුවන් උනා.

°°°°°°

                                  

එදා පන්සල් ගිහිල්ලා ආව දවසට පස්සෙ දවස් දෙකක් ගෙවිලා ගියෙ හරි ඉක්මනින්. පුදුම වේගෙකින් අප්පා දවස් ගෙවෙන්නෙ. මේ බලාගෙන ඉන්නකොට දවස් ගෙවිලා ඉවරයි. මේ දවස් දෙක ඇතුලත් කිසිම විශේෂ සිදුවීමක් නම් උනේ නෑ ඉතින්. ආ පෙරේදා දිනුල්‍යායි අම්මයි නම් ආයෙ ගිහිල්ලා තිබුනා. ලලිතා අම්මා තමා කිව්වෙ එයා කඩේ ඉන්නකොට යනවා දැක්කා කියලා.  ඊට අමතරව කිසිම විශේෂ දෙයක් නම් උනේ නෑ. දිනුල්‍යාගෙ පිහිටෙන් කේනුට නම් දැන් වෙනදට වැඩිය  ලේසියෙන් බත් ටිකක් කවා ගන්න පුලුවන්.

” දොයිමත නැද්ද මගෙ මැණිකට ආ.. සෙල්ලම් කර කර ඉන්නෙ තාම.”

” දෑ අම්මි. තේනුට තා දොයි ගන්ද බෑ. තා තුත්තක් තෙල්ලම් තලන්න පුලාන් නෙ.”

” ඒනම් සෙල්ලම් කරන්නකො මගෙ මැනික.”

තාමත් එයාගෙ කාපට් එක උඩට වෙලා සෙල්ලම් කරන ගමන් ඉන්න කොල්ලා ලගට ගිහිල්ලා නිදා ගන්නෙ නැද්ද අහද්දි කොල්ලා එයාගෙ කිරි දත් ටිකත් පෙන්නලා දැන්ම දොයිය ගන්න බෑ කියපු නිසා මම පාඩුවෙ අයින් උනා. බලෙන් නිදි කරන්න හොද නෑ. එයාටම දොයිමත උනාම එන්නෙ නැතෑ. අනික දොයිය ගමු ද කියලා ඇහුවට තාම අට හමාරට විතර ඇති. කොල්ලා කොහොමත් නිදා ගද්දි නමය පහු වෙනවා.

අද ලලිතා අම්ම නෑ. මායි පුතයි විතරයි ගෙදර. ලලිතා අම්මා ගියා මේ ලග පිරිත් ගෙදරක් තියනවා කියලා. නොයාම බැරි නිසා ගියා මිසක් එයා නම් කැමති උනේම නෑ රෑ වෙලා අපි දෙන්නව තනියම දාලා යන්න. එහෙම කියලා බෑනෙ ඉතින්. අදුරන අය අනික අනිවාරෙන් එන්න කියලා ගියෙ. එහෙම තියෙද්දි නොයා කොහොම ද. මටත් අමතක වෙලා තිබුනේ. අම්මා තමා දවස් නසරි ගිහිල්ලා ආවට පස්සෙ මතක් කරේ. කොහොම හරි අමාරුවෙන් අම්මව පිටත් කරා. අකමැත්තෙන් ගියාට අනිවාරෙන් පුලුවන් විදිහට හෙට දානෙටත් උදව් කරලා තමා එන්නෙ. ඒක නිසා අම්මත් දැන්ම එන එකක් නෑ.

” අම්මියේ තේනුට තුත්තු තුත්තක් ඕනි.. “

කාපට් එකේම අයිනක ඉදගෙන හිටපු මගෙ ඇගට පැනලා කොල්ලා කියද්දි මම කොල්ලවත් අරගෙන නැගිට්ටා. දැන් දොයිමත වෙලා ඉන්නෙ මගෙ පන්ඩිතයට. කොල්ලවත් වඩාගෙනම දොරත් ලොක් කරලා මම කාමරේට ආවා. නින්ද ගියත් අවුලක් නෑ අම්මා අනිත් යතුර අරගෙන ගියෙ රෑ වෙයි කියලා. සාලෙ ඉස්තෝප්පුවෙ ලයිට් ඕෆ් කරේ නෑ. ලලිතා අම්මා තව ටිකකින් එන නිසා.

” තුත්තු ඕනීහ්..”

ඇදට නැග්ගා විතරයි මේ කෝලම මගෙ ටී ශර්ට් එකෙන් ඇද ඇද කුක්කු ඕනි කියලා නහයෙන් අඩනවා. මම  කොල්ල ලගින්ම හාන්සි වෙලා ටී ශර්ට් එක උස්සලා නිපල් එක පාදලා දුන්නා ඇති වෙනකම් උරපන් කියලා. හැයි යකූ.

ටොක් ටොක් ටොක් ටොක්…

ලාවට නින්ද යාගෙන එනකොටම මට ඇහුනෙ දොරට තට්ටු කරන සද්දයක්. මම ඒ එක්කම බැලුවෙ බිත්තියෙ තියන ඔරලෝසුව දිහා වෙලාව නමයයි දහයයි. මම කොල්ලා දිහා බලද්දි කොල්ලට නම් හොදට නින්ද ගිහිල්ලා. තාම කට නම් වැඩ හැබැයි.. 

මම කොල්ලගෙ කටින් නිපල් එකත් අරවගෙඅ ඇදුමත් හදාගෙන ඇදෙන් බැහැලා එලියට ගියෙ හිතේ පොඩි බයකුත් තියෙද්දි. ලලිතා අම්මා නම් ඉතින් දොරට තට්ටු කර කර ඉන්නෙ නෑ. හැබැයි ඉතින් වෙන කවුරුත් වෙන්න ව්දිහක් නෑනෙ. මම ඇහැරලා ඉන්නවා ඇති කියලා හිතාගෙන තට්ටු කරනවා ඇති.

මම ඉක්මනට ඇවිල්ලා දොර ඇරියෙ ලලිතා අම්මව බලාපොරොත්තුවෙන් උනත් එළියෙ හිටියෙ හුරු පුරුදු මූණක්. ඒත් අදුර ගන්න අමාරුයි නෙ. එලියෙ කලු පාට කාර් එකකුත් නවත්තලා තිබුනා වගේම ඒක ලග තව කවුරු හරි හිටගෙන ඉන්නවා කියලා පෙනුනෙ ලයිට් එලිය නිසා. මට මේ මිනිහගෙ බැල්ම නම් අල්ලන්නෙම නෑ.අනේ ලලිතා අම්මවත් හිටිය නම්..ඇත්තටම  මට දැනුනෙ ලොකු බයක්.. හොදක් දැනුනෙම නැති තරම්. මේ මූණ කොහෙදි හරි දැකලා පුරුදුයි වගේ දැනුනත් මට එක පාරටම මතක් වෙන්නෙත් නෑ.

ඉතින් baby boy. After a long time noh.. Do you remember me..? “

ඌ දොර  ලග හිටගෙනම මගෙ දිහා බලන ගමන් අමුතුම තාලෙකට එහෙම කියද්දියි මට එක පාරටම මතක් උනේ. අපි හම්බ වෙලා තිබුනෙ අතේ ඇගිලි ගානටත් වැඩිය අඩුවෙන් නිසා ඇත්තටම මේ මිනිහව අදුර ගන්න මට අමාරු උනා. අනික දැන් අවුරුදු ගානකට කලින් නෙ හම්බ උනේ.

දෙයියෙනේ… මේ ඉන්නෙ…. මේ ඉන්නේ… අර මිනිහා….

_____________________________________________

• කවුද ඒ මිනිහා… ?

• සමහර විට මේ හැමදෙයක්ම පිටි පස්සෙ ඉන්නෙ අපි කවුරුත් නොහිතන කෙනෙක් වෙන්න පුලුවන්…. 😕

• ඊලග කොටස් දෙක ඇතුලත හැම ප්‍රශ්නෙකටම උත්තර හොයා ගමු….

• හැමෝටම ආදරෙයි… ❤️💚

• ඉක්මනට ඊළග කොටසින් මුණ ගැහෙමු…

…Nethu…

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 41, novel À¶†À¶ºà·” (Completed) Âœ” 41, read À¶†À¶ºà·” (Completed) Âœ” 41 online, À¶†À¶ºà·” (Completed) Âœ” 41 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 41 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 41 light novel, ,

Comment

Leave a Reply

Chapter 41