À¶†À¶ºà·” (Completed) Âœ” 43

A+ A-

” ම්ම්ම්හ්..”

මූණට වැටුන තද ඉර එළියත් එක්ක හිමි හිමීට ඇස් ඇරිය මම වට පිට බැලුවෙ කොහෙද ඉන්නෙ කියලා  මොලේට ප්‍රොසෙස් කර ගන්න එක පාරට බැරි උන නිසා. එතකොට තමා මට තේරුනේ මම ඉන්නෙ මගෙ කාමරේ කියන එක. ඒත් එක්කම මට බැලුනෙ සියුම් වේදනාවක් දැනුන මගෙ අත් වල මැණික් කටු දිහා. ඒවාට බෙහෙත් දාලා තිබුනා වගේම සුදු පාට ගෝස් වලින් ඔතලා තිබුනා. ඒ වගේම මට ඒ වෙලාවෙ තමා තේරුනෙ මම ඇදගෙන ඉන්නෙ ඊයෙ රෑ නින්දට යද්දි ඇදගෙන හිටපු ඇදුම් නෙවෙයි කියන එක. ඇගට දැනුනෙත් ලොකු සැහැල්ලුවක්.

විනාඩි ගානක්ම මගෙ අත් දිහා බලාගෙන හිටපු මට ඊයෙ උන දේවල් එක දිගට හීනයක් වගෙ මැවි මැවි පේන්න ගත්තා. අර මිනිහා ගෙදරට ආපු විදිහ. මට කරදර කරන්න හදපු විදිහ. කේනු අඩපු විදිහ වගේම අන්තිමට තේව් ඇවිල්ලා මාව බේර ගත්ත විදිහ එක දිගට මට මැවිලා පේන්න ගත්තෙ බෙඩ් ශීට් එක මගෙ අත් වලටම මිරිකිලා යනකොට.

” දෙයියනේ ඊයෙ තේව් එන්න පොඩ්ඩක් හරි වෙලා ගියා නම්..”

එක පාරටම ඇදෙ ඉදගත්ත මම පුලුවන් තරම් තදට මගෙ කන් දෙක වහ ගත්තෙ ඒ වගේ දෙයක් හිතන්න තරම්වත් මට ශක්තියක් නැති නිසා. මට දැනුනෙ තාමත් මගෙ වටේ අර මිනිහා කැරකෙනවා වගේ. ඒ මිනිහගෙ මත් උන කට හඩ මගෙ කන් ඇතුලෙ දෝංකාර දෙනවා. මට දැනුනා මාව වෙව්ලනවා වගේ.

” අනේ දරුවෝ…”

එක පාරටම දොර ඇරගෙන කාමරේට ආපු ලලිතා අම්මා මම ඉන්න විදිහ දැකල ද කොහෙද කෑ ගහගෙන මගෙ ලගට ඇවිල්ලා මාව බදා ගත්තා. මට දැනුනෙ ලොකු සනීපයක්.

” හැමදේම හරි දරුවෝ බය නොවී ඉන්නකො. කවුරුත් එන්නෙ නෑ මගෙ දරුවට කරදර කරන්න ආය. තේරුනා ද.”

විනාඩි ගානක්ම ලලිතා අම්මා කරේ මාව බදාගෙන සනසපු එක. ඒකෙන් හිතට දැනුනෙ ලොකු සහනයක්. ලලිතා අම්මගෙ තුරුලෙ ඉද්දි මට දැනුනෙ මට කරදර කරන්න කාටවත් බෑ වගේ හැගීමක්.

” අනෙ අම්මා පුතා කොහෙද..”

මෙච්චර වෙලාම ලලිතා අම්මගෙ තුරුලට වෙලා හිටපු මම ඉද්ද ගැහුවා වගේ කෙලින් උනේ මගෙ කේනුව මතක් වෙලා. උන දේවල් නිසා මට කේනුව මග ඇරිලම ගියා. මට දැනුනෙ මගෙ ගැනම ලොකු තරහක්. මොන දේ උනත් මට කොහොම ද මගෙ දරුවව අමතක උනේ.

” කලබල වෙන්න එපා දරුවෝ පුතා තේව් පුතත් එක්ක එළියෙ සෙල්ලම් කරනවා. “

” තේව් එක්ක…”

පුතා තේව් එක්ක සෙල්ලම් කරනවා කියලා කියද්දි මට දැනුනෙ ලොකු පුදුමයක්. ඒ කියන්නෙ තේව් ගෙදර ගිහිල්ලා නැද්ද. තේව් දැන ගනී ද පුතා ගැන. ඒත් එක්කම මගෙ හිතට ආවෙ මූසල බයක්. නෑ එහෙම වෙන්න විදිහක් නෑ. කොහොම දැන ගන්න ද.. බය නොවී හිටපන් ආයු….

” ම්ම්ම් ඔව්.. ඊයෙ රෑ ආපු පාර තාම ගෙදර ගියෙ නෑ. සාලේ සැටිය උඩ නිදාගත්තෙ ඊයෙ රෑ. “

” ම්ම්ම්ම් එහෙම ද..”

ලලිතා අම්මා කියපු දේට හූමිටි තියන ගමන් මම ලලිතා අම්මගෙ තුරුලෙන් ඈත් උනා. හිතන්න නම් දෙවල් ගොඩයි. ඒත් ඒවා දැනට නොහිතා ඉන්න තරමට හොදයි.

” මම ඊයෙ ගෙදරින් පිට නොගියා නම් එහෙම දෙයක් වෙන්නෙ නෑ. මම මම එක්කම තරහයි දරුවෝ. මම නිසා තමා මේ සේරම. බැරි වෙලාවත් තෙව් දරුවා ආවෙ නැත්තම් මොකද වෙන්නෙ.. අනෙ මට සමාවෙයන් පුතේ.”

එක පාරටම මගෙ අත් දෙක අල්ල ගත්ත ලලිතා අම්මා අඩන්න ගත්තෙ ඊයෙ උන දේවල් සේරම එයාගෙ වරදින් උනා කියලා. එයාගෙ මූණෙ තිබුනෙ ලොකුම ලොකු පසුතැවිල්ලක්. ඒ කියන්නෙ ලලිතා අම්මා උන දේවල් ඔක්කොම දන්නවා වගේ. සමහර විට තේව් කියන්න ඇති.

” මොනාද අම්මා මේ කියන්නෙ. අම්මගෙ කිසිම වැරැද්දක් නෑ. ඒ මිනිහා එයි කියලා අම්මා දන්නෙ නෑනෙ. අම්මා මොකුත් නොහිතා ඉන්නකෝ. අනික මට මුකුත් උනේ නැනෙ..”

මම පුලුවන් විදිහට ලලිතා අම්මගෙ හිත හැදුවා. නැත්තම් ඕක ගැනම හිත හිත ඉන්නවා. කොහොමත් ලලිතා අම්මගෙ කිසිම වැරැද්දක් නෑනෙ. කවුද හිතුවෙ ඒ වෙලාවෙ ඒ වගේ මිනිහෙක් ගෙදරට එයි කියලා.

” කෝ දැන් අඩන එක නවත්තන්නකෝ.. කේනුවත් ඔහොම අඩන්නෙ නෑ. “

තාමත් මගෙ අතින් අල්ලගෙන අඩන ලලිතා අම්මගෙ පිටත් අත ගාලා මම එහෙම කියද්දි ලලිතා අම්මා එයාගෙ කදුලු පිහද ගත්තා. කාමරේට ආපු වෙලාවෙ ඉදලා මගෙ හිත හැදුවට ලලිතා අම්මත් ඉදලා තියෙන්නෙ ලොකු වේදනාවකින් කියන එක මට මේ විනාඩි ගාන ඇතුලට තේරුම් ගන්න පුලුවන් උනා.

” හරි හරි.. දැන් ගිහිල්ලා මූණ අත පය සෝදගෙන එන්නකො දරුවෝ. මම කෑම බෙදන්නම්. වෙලාව දහයටත් ලගයි.. ඉක්මනට එන්න යන්න.”

ලලිතා අම්මා වෙලාව කියනකොට තමා මමත් බිත්තියේ තිබුන ඔරලෝසුව දිහා බැලුවෙ දෙයියනේ… දහයට දහයයි. මම මෙච්චර වෙලා නිදාගෙන ද. අවුරුදු ගානකින් තමා මම මෙච්චර වෙලා නිදා ගත්තෙ.. 

” උන හැමදෙයක්ම හීනයක් කියලා  අමතක කරලා දාන්න තේරුනා ද. බය වෙන්න එපා දරුවෝ ඔයාට අපි ඉන්නවා නේ.”

ලලිතා අම්මා මගෙ ඔලුවත් අත ගාන ගමන් එහෙම කියලා කාමරෙන් එළියට යද්දි මමත් ලොකු හුස්මක් පාතට දාලා ඇදෙන් බැස්සා. රැක් එකෙන් ටවල් එකත් අරගෙන මම කාමරෙන් එළියට ආවෙ ඇග පත චුට්ටක් සෝද ගන්න කියලා. මිදුල පැත්තෙන් කේනුගෙයි තේව්ගෙයි තව හුරු පුරුදු කට හඩකුයි  ඇහුන නිසා මම එහෙමම කුස්සිය පැත්තෙන් එළියට බැස්සා.

ලලිතා අම්මා කියපු කතාව ඇත්ත හැමදේම අමතක කරලා දාන්න ඕනෙ. ඒත් ඊයෙ සිද්ද උන දේ කොහොමද දෙයියෙනේ එහෙම ලේසියෙන් අමතක කරන්නෙ. මට මැවි මැවි පේනවා අර මිනිහව. ආයෙත් එයි ද ඒ මිනිහා. මම දන්නෑ ඒ මිනිහට මොනවා උනා ද කියලාවත්. තේව් මොනා කරා ද දන්නෑ.

මම එක එක දේවල් කල්පනා කර කරම ඇග පත සෝදගෙන ගේ ඇතුලට ආවා. මම ඉක්මනට කාමරේට ගිහිල්ලා ඇදුමක් දාගෙන කෑම මේසෙ ලගට එනකොට ලලිතා අම්මා මගෙ බත් එක බෙදල තිබුනා. ඒත් එක්කම එතනට ආවෙ ලලිතා අම්මා.

” ඔයාලා කෑව ද අම්මා..කේනු කෑවද..”

” ඔව් ඔව් අපි කෑවා.. කේනුත් කාලා ඉන්නෙ. ඔයා කන්නකො..”

ලලිතා අම්මා එහෙම කියපු නිසා මම ඉදගෙන කන්න පටන් ගත්තා. ඇත්තටම මම හිටියෙ ලොකු බඩගින්නක.

ඉක්මනට කාලා ඉවර කරපු මම මිදුලට බැස්සෙ කේනුව බලන්න. මම යනකොට එයා තේව් එක්ක ක්‍රිකට් ගහනවා. මදි පාඩුවට රනිශ්ක මල්ලිත් හිටියා. මට එයාලා ඉස්සරහට යන්න අපහසුවක් දැනුනත් කොල්ලා ලගට යන්න තියන උවමනාව ඊට වැඩිය ලොකු නිසා මම මිදුලට බැස්සා.  කේනුගෙ හිනාව මූණෙන් එකයි. එයා හරි සතුටෙන් වගේ ඉන්නෙ.

කේනු තේව් එක්ක හිනා වෙවී සෙල්ලම් කරනවා දැක්කම මට දැනුනෙ අමුතු හැගීමක්. ඒක හරියට සතුටක් එක්ක එකතු උන දුකක් වගේ දෙයක්. ඒ දෙන්නට දෙන්නා ඒ දෙන්නා ගැන ඇත්ත දන්නවා නම් මොනව වෙයිද…

” අම්මිහ්හ්…”

මම මිදුලට බහිනවත් එක්කම මෙච්චර වෙලාම සෙල්ලම් කර කර හිටපු කොල්ලා මාව දැකලා මගෙ ලගට දුවගෙන ආවෙ කෑ ගහගෙන. ඒ කෑගහගෙන දුවගෙන් ආපුපාරට අර දෙන්නගෙ අවදානයත් මට ලැබුනා.

” මොකද කරන්නෙ මගෙ මැණික..”

” අන්තල්ලා එත්ත තෙල්ලම් තලා අම්මි..එයාලා තෝයි. අලිම ඔදයි..”

මගෙ අතට පැනපු කොල්ලා අන්කල්ලා ශෝයි කියද්දි මම බැලුවෙ තේව් දිහා එයාගෙ අවදානය තිබුනෙත් අපි දෙන්නා දිහාවට. එයාගෙ මූණ  නම් හරි මහන්සි පාටයි.හැබැයි වෙනදා වගේ නෙවෙයි ඒ ඇස් වල නම් තිබුනෙ ලොකු සතුටක් වගේ.  මම ඒවා ගැන නොහිතම ආයෙත් මගෙ අවදානය කේනුට දුන්නා.

” ඒමද මැණික…”

” ඔව් අම්මි. තේනුව බිමින් තීන්නතෝ. මත ආයෙත් තෙල්ලම් තලන්න ඕනි. අන්තල්ලා බලාදෙන ඉද්දවා නේ..”

” ආ ඒමද. යන්නකො යන්නකො එහෙනම්..”

” අම්මි බලාදෙන ඉන්ද හලි ද. තේනු තෙල්ලම් තලන දිහා. “

” හරී..”

මගෙ අතින් බිමට බැහැපු කොල්ලා ආයෙත් සෙල්ලම් කරන්න ඕනෙ කියලා තේව්ලා ලගට ගිය නිසා මම හැරුනෙ ගෙට යන්න. මට එයාලත් එක්ක  සෙල්ලම් කරන්න එපා කියන්න බෑ. මම කොහොමද සාදාරන හේතුවක් නැතුව කොල්ලට එයාලත් එක්ක සෙල්ලම් කරන්න එපා කියන්නෙ. ඊට පස්සෙ කොල්ලා අහන දේවල් වලට කොහොම ද උත්තර දෙන්නෙ. අනික කොල්ලා ඉන්නෙ සතුටින්. ඒ සතුට නැති කරන්න ඕනෙ නෑ. බොරුවට කලබල නොවී හිටියම හරි. එයාලා සෙල්ලම් කරලා යයි..

” අයුක්ෂ…”

මම ගේ ඇතුලට යන්න ගියත් යන්න බැරි උනේ තේව් එක පාරටම මගෙ නම කියලා කතා කරපු නිසා. මම හැරිලා බැලුවෙ මොනවා උනත් මේ වෙලාවෙ එයාව මග ඇරලා යන්න බැරි නිසා. මොකද ඊයෙ එයා කරේ ස්තූති කරලා නිම කරන්න බැරි උදව්වක්. එයා ඒ වෙලාවෙ ආවෙ නැත්තම් මට අද මොනවා වෙලා තියෙයි ද කියලා හිතා ගන්න බෑ. එහෙම එකේ මම එයාව මග ඇරලා යන එක කොහොමත්ම සාධාරන නෑ. අනික මට ඕනෙ එයාට ස්තූති කරන්න.

” පොඩ්ඩක් කතා කරන්න පුලුවන් ද..”

” පුලුවන්.. අපි යමු අර පැත්තට..”

මම දන්නෑ එයාට මාත් එක්ක මොනවා කතා කරන්න තියනව ද කියලා. ඒත් එයා කතා කරන්න පුලුවන් ද අහද්දි මම මිදුලෙ මල් පැල හදලා තිබුන පැත්ත පෙන්නලා ඒ පැත්තට යමු කිව්වෙ එයාට මාත් එක්ක කතා කරන්න ඕනෙ තනියම කියලා තේරුන නිසා. බය වෙන්න දෙයක් නෑ. එයා අහන දේවල් වලට උත්තර දෙනවා එච්චරයි…

” අන්තල් තෝද නන්නෙ.  තෙල්ලම් තලන්න එන්නතෝ…”

අපි දෙන්නා අර දෙන්නා සෙල්ලම් කර කර හිටපු තැනින් පොඩ්ඩක් ඈතට යන්න ගියත් කේනු කෑ ගහලා තේව්ට කතා කරලා සෙල්ලම් කරන්න එන්න කිව්වා. ඒත් එක්කම තේව්ගෙ මූණට ලස්සන හිනාවක් එනවා මම හොදටම දැක්කා. එයා කේනුත් එක්ක ඉන්නෙ හරි ආසාවෙන්. ඒක එයාගෙ මූණ දිහා බැලුවම කියන්න පුලුවන්..

” අන්කල් ඉක්මනට එන්නම් සුදු මැණික… එතකම් ඔය මාමිත් එක්ක සෙල්ලම් කරන්නකෝ..”

තේව් කේනුට සුදු මැණික කියද්දි මගෙ ඇස් ගැස්සුනා. ඉස්සර් තේව් මට කියපු නම. එයා මොකට ද කේනුට සුදු මැණික කියන්නෙ.. මම ඒ කිසිම දෙයක් හිතන්නෙ නැතුව මට ඉස්සර වෙලා යන තේව්ගෙ පස්සෙන් වැටුනා. කොල්ලා නම් ආයෙත් රනිශ්ක මල්ලි එක්ක සෙල්ලම.

” මොනාද කතා කරන්න තියෙන්නෙ.”

වත්තෙ අයිනට වෙන්න තිබුන ගහක් යටට ඇවිල්ලා විනාඩි ගානක් ගෙවිලා තිබුනත් එයාගෙන් සද්දයක් නැති නිසාම මම මුලින්ම කතා කරන්න පටන් ගත්තා. ඒත් එක්කම මට ඇහුනා එයා ලොකුම ලොකු හුස්මක් පහතට දානවා. එයා හිටියෙ මට පිටු පාලා නිසා එයාගෙ මූණෙ හැගීම් කියවන්න මට බැරි උනා.

” හැමදේටම කලින් ඊයෙ උන දේ ගැන අමතක කරලා දාන්න. ඒ මිනිහා ආය එන්නෙ නෑ. ඒක නිසා බය නැතුව ඉන්න. කිසිම කරදරයක් නෑ ඌගෙන්.. “

ඈතින් පේන කන්ද දිහා බලාගෙන තේව් එහෙම කියද්දි මම එයා දිහා බැලුවෙ ඇස් දෙක ලොකු කරගෙන. තේව් ඒ මිනිහට මොනාද කරන්න ඇත්තෙ.. ආයෙ කරදරයක් නෑ කියන්නෙ..

” මොනාද ඒ මිනිහට කරේ..”

” ඒ මිනිහට දෙන්න ඕනෙ දඩුවම දුන්නා. නීතියෙන් වගේම මානුෂියවත්… ඒක ගැන නොහිතා ඉන්න. කොහොමත් ආයෙ ඒ මිනිහා එන්නෙ නෑ..”

තේව් එහෙම කිව්වට පස්සෙ මම ආයෙ ඒ ගැන මුකුත් අහන්න ගියෙ නෑ. නීතියෙන් දඩුවම් දුන්නා කිව්වා නෙ..  ඒත් මට ඕනෙ උනේ තේව්ට ස්තූති කරන්න…

” හ්ම්ම් මොනා උනත් ඊයෙ කරපු උදව්වට ගොඩක් ස්තූතියි.. ගොඩක් පින් ඔයාට. ඒ වෙලාවෙ ඔයා ආවෙ නැත්තම් මොනවා වෙයිද කියලා දන්නෙ නෑ. “

මට මගෙ හදවතට දැනුන ඇත්තම හැගීම කිව්වා. මම එයාට ස්තූති කරන්න ලැජ්ජා වෙන්න ඔනෙ නෑනෙ.

” හ්ම්ම්.. මම උදව් කරේ කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි.. මට එක දෙයක් ගැන දැන ගන්න ඕනෙ..”

” මොනා ගැන ද..”

මෙච්චර වෙලාම කතා කරපු කට හඩට වැඩිය ගැබුරු කට හඩකින් තේව් දෙයක් දැන ගන්න ඕනෙ කියද්දි මම මොනා ගැන ද කියලා ඇහුවෙ  හිතේ පොඩි බයකුත් තියාගෙනමයි..

” මම ඔයාගෙන් අහන්න ලොකු දේවල් නෑ ආයු.. මම උබෙන් එකම එක දෙයක් අහන්නම් පුලුවන් නම් මට ඇත්ත කියපන්..”

” මොකක්ද අහන්න තියෙන්නෙ..”

මට හිතාගන්න බැරි උනා එයා අහන්න යන්නෙ මොකක් ගැන ද කියලා. මට පිටුපාලා අත් දෙකත් පපුවට බැදගෙන හිටපු එයා මගෙ පැත්තට හැරිලා අහපු දේ ගැන කිසිම අදහසක් මට තිබුනෙ නෑ. ඒක නිසාම මම එයාගෙන් අහන්න තියන දේ මොකක්ද කියලා ඇහුවා…  ඒත් ඊලගට එයා අහපු දේ නිසා මට දැනුනෙ මගෙ ඔලුව උඩ අකුණක් පිපුරුවා වගේ හැගීමක්…

” ඒ ඉන්නෙ මගෙ දරුවා නේද…”

” ම්.. මොකක්..ද..?”

මම කොච්චර බය වෙලා ද හිටියෙ කිව්වොත් මගෙන් වචන පිට උනෙත් කැඩි කැඩි.. තේව් කොහොමද ඒක දන්නෙ…

” මොකක් ද නෙවෙයි යකෝ. ඒ ඉන්නෙ මගෙ දරුවා නේද… කියපන් ආයු ඒ ඉන්නෙ මගෙ දරුවා නේද..”

” නෑ ඒ ඔයාගෙ දරුවා නෙවෙයි. ඒ මගෙ දරුවා..”

මගෙ උරහිස් දෙකෙන් හොලවන ගමන් තේව් ඒ ඉන්නෙ මගෙ දරුවා නේද කියලා අහද්දි මම එයාගෙ ඇස් මග ඇරලා ඒ ඉන්නෙ එයාගෙ දරුවා නෙවෙයි කිව්වා. ඒත් එක්කම එයාගෙ කට කොනට ආවෙ හිනාවක්. ඒ උනාට ඒ හිනාවෙ ගැබ් වෙලා තිබුනෙ වේදනාවක් කියන්න හොදටම තේරුනා..

” බොරු කියන්න එපා බං. ඒ දරුවා මගෙ නෙවෙයි නම් කාගෙ ද… මම හැමදේම දැනගෙනයි අහන්නෙ.. දැන්වත් ඇත්ත කියපන් ආයු.. ඒ මගෙ දරුවා නේද…? “

මගෙ ලගට ආපු තේව් මගෙ මූණටම එබිලා හැමදේම ගැන දන්නවා කියද්දි මම කල්පනා කරේ එයා කොහොම ද ඒක ගැන දැන ගත්තෙ කියලා. ලලිතා අම්මා කියන්න විදිහක් නෑ. එහෙනම් කොහොම ද ඒක ගැන දන්නෙ. එයා බොරුවක් කියනවා වෙන්න බෑ මොකද එයාගෙ හැසිරීමෙන් කියන්න පුලුවන් එයා කියන්නෙ බොරුවක් නෙවෙයි කියලා..

” ඇයි බං සද්ද නැත්තෙ. කට ඇරලා කියපන්. ඒ දරුවා මගෙ නේද…? “

” ඔව් ඔව් ඒ ඉන්නෙ ඔයාගෙ දරුවා තමයි.. කේනු කියන්නෙ ඔයාගෙ දරුවා..”

මගෙන් කිසිම උත්තරයක් නැති නිසාම ද කොහෙද තේව් ආයෙත් එකම දේ අහද්දි මම එයාගෙ ඇස් දෙක දිහා බලාගෙනම ඇත්ත කියලා දැම්මා. ඇරත් තේව් ඇත්ත දන්නවා නම් තවත් මේ ගැන හංගලා කිසිම වැඩක් නෑ. . මම දැක්කා ඒ ඇස් ගැස්සෙනවා. ඒ පමාවෙන්ම ඒ ඇස්වල ලා කදුලු පටලයක් බැදෙනවා මම දැක්කා. මම දන්නෑ මේ තේව් ඇත්ත දැන ගත්තට පස්සෙ මොනවා වෙයිද කියලා.. ඒත් එන දේකට මූණ දෙනවා ඇරන්න කරන්න කිසිම දෙයක් නෑ.

” ඇයි බං ඒක මගෙන් හැංගුවෙ. මට මගෙ දරුවා ගැන කිව්වෙ නැත්තෙ ඇයි.. උබට මගෙ දරුවත් එක්ක පැනලා එන්න තරම් තිබුන හදිස්සිය මොකක්ද…ඇයි බං මගෙ දරුවව මගෙන් ඈත් කරේ. “

තේව් කියවනවා. ඒ රතු පාට උන ඇස් වල අසරණකමක් පේන්න තියනවා. එයාගෙන් කදුලු වැටෙන්නෙ නෑ ඒත් එයාගෙ ඇස් අඩනවා… ඒත් මට එයා ගැන දුකක් වෙනුවට දැනුනෙ කේන්තියක්…

” කොහොම කියන්න ද තේව්. කොහොම කියන්න ද. ඔයා වෙන ගෑනුත් එක්ක මගුල් නටද්දි. ඔයාට මම ගැන හොයන්න කාලයක් තිබුන ද. ඔයා මාව මග අරිද්දි මම කොහොම ද ඔයාට ඇත්ත කියන්නෙ. දරුවා ගැන කියන්න ඔයාට කෝල් කරත් වෙන ගෑනියෙක් කතා කරද්දි මම දරුවත් එක්ක මෙහෙම එන්නෙ නැතුව වෙන මොනවා කරන්න ද.. උන කිසිම දෙයක් දන්නෙ නැතුව ඔයා වෙන ගෑනු එක්ක ජොලි කරද්දි මම දරුවත් එක්ක පැනලා යනවා ඇරේන්න වෙන මොනවා කරන්න ද..”

මම හිතේ තිබුන ආවේගයටත් එක්ක කෑ ගහද්දි මම දැක්කා තේව්ගෙ ඇස් ලොකු වෙනවා. හරියට මම කියන දේවල් විශ්වාස කරන්න බෑ වගේ.

” කවුද යකෝ ජොලි කරේ. මම කවද්ද යකෝ ගෑනුත් එක්ක නැටුවෙ. උබ දැක්ක ද මම ගෑනුත් එක්ක නටනවා. මොනාද යකෝ උබ මේ කියන්නෙ..”

” බොරුව දාන්න එපා තේව් මම හැමදේම දන්නවා. තවත් බොරු නොකර ඉන්න.. ඔව් මම දැක්කා ඔයා ගෑනුත් එක්ක ඉන්නවා. ඔයාට ෂුවර් නෑනෙ නේද. පොඩ්ඩක් ඉන්න..”

තේව්ට පොඩ්ඩක් ඉන්න කියපු මම තරහෙන්ම මගෙ පොකට් එකට අත දාලා ගත්තෙ මගෙ ෆෝන් එක. තත්පර ගානක් ෆෝන් එකේ ගැලරිය පීරපු මම අන්තිමට හංගලා තිබුන ෆෝල්ඩර් එකක් ඕපන් කරලා තේව්ගෙ මූණ ඉස්සරහට කරලා පෙන්නුවා.

” මෙන්න බලාගන්නවා තමුන්ගෙ වැඩ.. මේ තියෙන්නෙ.මේවා දැක දැක මම කොහොම ද දරුවා ගැන ඔයාට කියන්න හිත හදාගන්නෙ..”

” දැන් තමුන් මේ ෆොටො දෙක තුන නිසා ද මම ගෑනුත් එක්ක නැටුවා කියන්නෙ.”

ඒ ෆෝල්ඩර් එකේ තිබුනෙ අවුරුදු හතරකට කලින් දන්නෙ නැති නම්බර් එකකින් එවපු තේව්ගෙයි තව ගෑණු ලමයෙකුගෙයි ෆොටොස්. ඒ ෆොටො වල තිබුනෙ තේව් ගෑනු ලමයෙක්ගෙ අතින් අල්ලගෙන ඇවිදගෙන යන විදිහ, ඒ ගෑනු ලමයා තේව්ට කවන විදිහ.. ඒ කෙල්ල තේව්ගෙ කම්මුලට කිස් එකක් දෙන එකක් පවා ඒ අතර තිබුනා.ගෑනු ලමයා පෙනුනෙ නැතත් ඒ ඉන්නෙ තේව් කියන එක හොදටම පැහැදිලිව පේන්න තිබුනා. මම දන්නෑ මොන හේතුවට ද කියලා. ඒත් ඒ ෆොටො ටික මම තියා ගත්තා.

” එතකොට මේක ගැන මොකද කියන්නෙ..”

මම තේව්ට පෙන්නුවෙ මම සිම් එක කඩලා අයින් කරන්න කලින් අදුරන්නෙ නැති නම්බර් එකෙන් අන්තිමට ලැබුන ෆොටො ටික.

( a/n – ඔයාලට මතකයි නේද ලමයි ඒ සීන් එක .)

” තමුන් මේවා විශ්වාස කරන තරමට මාව අවිශ්වාස කරා ද බං.. උබට තිබුනා පොඩ්ඩක් ඉවසන්න..”

ඒ ෆොටො එක දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු තේව් අසරණ විදිහට හිනා වෙලා එහෙම කියද්දි මාව ගැස්සිලා ගියා. ඒත් ඒ ෆොටොස් ටිකේ  තිබුනෙ තේව්ගෙ බෙල්ල කෙල්ලෙක් කිස් කරන එකක්. තේව් ඇස් දෙක පියාගෙන හිටියා  වගේම  ඒ කෙල්ල හිටියෙ තේව්ගෙ බෙල්ල අස්සෙ රිංග ගෙන. ඒ කෙල්ල තේව්ගෙ ලිප් කිස් කරන ඒවා පවා තිබුනා.  ඒ වගේ ෆොටො ගොඩක් තිබුනා. ඒ කිසිම දෙයක් එඩිට් නෙවෙයි කියන්න සීයට සීයක් ෂුවර්.

” මට වැඩක් නෑ ඒ දේවල් වලින්. ඔයා මාව රැවැට්ටුවා තේව්. මාව දරුවෙක් එක්ක තනි කරා. මට තවත් ඔයාව විශ්වාස කරන්න බෑ.. ඒක නිසා කරුණාකරලා අපෙ ජීවත වලින් ඈත් වෙලා ඉන්න. ”

තේව්ගෙ ඇස් මග ඇරලා මම එහෙම කියද්දි තේව් කලබල වෙන විදිහ මම හොදටම දැක්කා.

” උබට බෑ මගෙ දරුවගෙන් මාව ඈත් කරන්න. මම ඒකගෙ අප්පච්චි.. අනික මම කවදාවත් දැනගෙන හිටියෙ නෑ උබගෙ බඩේ මගෙ ලේ කැටියක් පණ ගහනවා කියලා…මම උබව දරුවෙක් එක්ක තනි කරේ නෑ. උබ තමා මාව අවිශ්වාස කරලා මාව දාලා ගියෙ.  “

” ඒකට මෙච්චර කල් අප්පච්චි කෙනෙක් හිටියෙ නෑ. මින් පස්සෙ ඕනෙත් නෑ ඒක නිසා අපිට පාඩුවෙ ඉන්න දෙන්න තේව්. ආයෙ අපෙ ජීවත වලට එන්න එපා.”

මම එහෙම කිව්වත් එයා පරාජය බාර ගන්න ලෑස්තියක් තිබුනෙ නෑ. කොච්චර තේව්ට ආදරේ කරත් මට ඕනෙ උනේ නෑ ආයෙ එයාට ලං වෙලා දුක් විදින්න. මම තේව්ට ආදරෙයි ඒක බොරුවක් නෙවෙයි. ඒත් ආයෙ ඕනෙ නැ.

” මම දන්නවා මම වැරදියි. ආයෙ හදන්න බැරි තරමට මම වැරදි ඇති. ඒත් ඒ මගෙ දරුවනේ.. ඒ දැන දැනත් මට බෑ ඒකව ඈත් කරන්න. උබ මොනවා කිව්වත් කමක් නෑ. මම දරුවට කියනවා මමයි උගෙ අප්පච්චි කියලා. උබට බෑ එතකොට මාව දරුවගෙන් ඈත් කරන්න.”

මගෙ මූණට ලං වෙලා කේන්තියෙන් එහෙම කියපු තේව් ගෙදර පැත්තට යන්න ගද්දි මට බයක් දැනුනෙ දරුවව මට නැති වෙයි කියලා.

ඔයාට කිසිම අයිතියක් නෑ එයාට ඇත්ත කියන්න. ඔයා එයාගෙ තාත්තා නෙවෙයි. එයාට ඉන්නෙ අම්මා විතරයි. ඔයාට කිසිම සුදුසුකමක් නෑ තාත්තෙක් වෙන්න. මගෙ දරුවගෙ තාත්තා වෙන්න කොහෙත්ම සුදුසුකමක් නෑ ඔයාට . ඔයා වැඩකට නැති නිකමෙක් විතරයි තේව් . මගෙ දරුවට ඔයාගෙන් වැඩක් නෑ. ඔයාට වැඩිය හොද තාත්තා කෙනෙක් දරුවට හොයලා දෙන්න මට පුලුවන්..න් “

කේන්තියටම කෑ ගහලා තේව්ට වචන වලින් දමලා ගහද්දි කේනු ලගට යන්න ගිය එයා මගෙ වචනත් එක්ක නැවතුනා වගේම ආයෙත් මගෙ පැත්තට හැරුනා.

” ඒකත් ඇත්ත බං. මම අප්පෙක් වෙන්න සුදුසු නෑ. දරුවා මගෙ කියලා දැන ගත්ත  සතුටට ඌට ආදරේ කරන්න ගියාට මට ඒක අමතක වෙලාම ගියා. මම වගෙ කාලකන්නියෙක් කොහොමත් ඒ දේවල් වලට සුදුසු නෑ තමා. හොද වෙලාවට උබ ඒක මතක් කරේ. “

දෙයියනේ මොනාද මම කිව්වෙ. ඒ වෙලාවෙ දැනුන බයට කටට ආවට ඒ දේවල් කිව්වට මට පස්සෙ තමා තේරුනෙ මම කිව්වෙ කොච්චර ජරා දේවල් ද කියන එක. තේව්ගෙ කදුලු පිරිලා රතු උන ඇස් වලින්ම තේරෙනව මම කියපු වචන වල බරපතලකම. දෙයියනේ මම මේ මොකක්ද කරේ…

” හැමදෙයක්ම මතක් කරල දුන්නට උබට පින්. සමහර විට ඇත්ත දැන ගත්තොත් උබ දුක් වෙයි. ඒක නිස මම ප්‍රාර්ථනා කරනවා උබ ඇත්ත දැන ගන්න එපා කියලා.  උබගෙයි දරුවගෙයි ජීවිතේට මම ආයෙ කවදාවත් එන්නෙ නෑ බං. පරිස්සමෙන් ඉන්න. බය වෙන්න එපා දරුවට මම කියන්නෙ නෑ මම උගෙ අප්පච්චි කියලා. උබ කිව්වා වගේ මම ඒකට සුදුසු නෑ. “

තේව් ගියා. මාව අර ගහ යට තනි කරපු තේව් යන්න ගියෙ මම කියපු දේවල් ගැන මුලු හදවතින්ම    පසුතැවිලි වෙද්දි.

මම අද දෙයක් දැන ගත්තා.  වචන වලට පුලුවන් මිනිස්සුන්ව පණ පිටින් මරලා දාන්න. ඒක මට හොදටම තේරුනේ අන්තිමට පාරට මගෙ දිහා බලපු තේව්ගෙ මැරිලා ගියපු ඇස් නිසා.

____________________________________________

• වචන කියන්නෙ අමු අමුවෙ මිනිස්සු මරලා දාන ආයුධයක්…..

• ඔන්න අද නම් මහන්සිය නොබලා දිග කොටසක් දුන්නා හොදේ

• තේව් කොහොමද ඇත්ත දැන ගන්න ඇත්තෙ..?

• ආයු කියපු දේවල් ගැන මොකද හිතන්නෙ..?

* ලමයි ඔයාලට කතාව එපා වෙනව ද මේ යන විදිහට… ඔයාලගෙ අදහස පොඩ්ඩක් කියාගෙන යන්න ලමයි. අකමැති නම් කියන්න..

• මගෙ කතාවට ආදරේ කරන හැමෝටම ආදරෙයි… ❤️💚

• ඉක්මනටම මුණ ගැහෙමු ඊලග කොටසින්….

…Nethu…

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 43, novel À¶†À¶ºà·” (Completed) Âœ” 43, read À¶†À¶ºà·” (Completed) Âœ” 43 online, À¶†À¶ºà·” (Completed) Âœ” 43 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 43 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 43 light novel, ,

Comment

Leave a Reply

Chapter 43