À¶†À¶ºà·” (Completed) Âœ” 44

A+ A-

සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
සුන්දර වැව රවුමට යන්නේ නෑනේ තවම
ඇවිලෙන මතකය මට ගන්න බෑනේ හිතට

ඔබගේ තුරුලේ
ගිලිහී පරවූ
මලක සුළගේ පාවූ

අහසත් කලු වී
අකුණුත් බොද වී
කදුලේ පැටලී තනිවී

සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම…..

අත්වැල් පටලාගෙන පියඹුව හන්තාන
තවමත් උන්නු ලෙසම ඉන්නවානේ තනිව

වැව්දිය නිසල වෙලා මගේ හදවත වගේම
දළදා සමිදු පිහිට විතරයි අද හිතට….

” පුතේ.. පුතේ..”

මෙච්චර වෙලාම සෙංකඩගල නුවරට වහින වැස්සත් එක්ක තනි වෙලා පරණ මතකයන් වල ගිලිලා හිටපු මම ආයෙත් මේ ලෝකෙට ආවෙ ලලිතා අම්මා මට කතා කරපු නිසා. මම ඉක්මනට ඇස් වල පිරිලා තිබුන කදුලු පිහදගෙන ලලිතා අම්මට කතා කරා.    

” එන්න අම්මා.”

ඒත් එක්කම කාමරෙන් එළියේ ඉදලා කතා කරපු ලලිතා අම්මා කාමරේ ඇතුලට ආවෙ එයා වෙනදට කඩේ අරන් යන මල්ලත් අරගෙන.

” පොල් තෙලුයි හාලුයි ඉවර වෙලා දරුවෝ. දැන් උයන්නවත් නෑ. මම ඉක්මනට කඩේට ගිහිල්ලා එන්නම්..”

කාමරේට ආපු ලලිතා අම්මා එහෙම කියද්දි තමා මටත් මතක් උනේ දවල් උයද්දි  හාල් තෙල් ඉවර උනා නේද කියලා. දැන් ලලිතා අම්මා කියනකම් මට මතක් උනේම නෑ ඒක ගැන.

” අම්මා දැන් යන්න ඕනෙ නෑ මම ගිහිල්ලා එන්නම්..”

ඒත් ලලිතා අම්මගෙ කකුල් කැක්කුමත් එක්ක කඩේ යවන්න මගෙ කැමැත්තක් තිබුනෙ නෑ. ඒක නිසාම මම ගිහිල්ලා එන්නම් කියද්දි ලලිතා අම්මගෙ මූණ අමුතු වෙලා ගියා. හරියට මාව එළියට යවන්න බෑ වගේ.

” නෑ නෑ ඔයා ගෙදර ඉන්න. මම ගිහිල්ලා එන්නම් ඉක්මනට. කොහොමත් තනියම තියලා යන්නෙත් නෑ. එහා ගෙදර පසිදු කොල්ලව එවන්නම්. හතරත් පහු වෙලා නිසා ගෙදර ඇති කොල්ලා. මම එනකම් ඉදී ඒකා.”

ලලිතා අම්මා මූණට බැරෑරුම් පෙනුමක් අරගෙන කියාහෙන යද්දි මගෙ මූණ නම් අපායට ගහපු කැලැන්ඩරේ වගේ වෙන්න ඇති. ලලිතා අම්මා ඉන්නෙ තාම බය වෙලා. එයාගෙ ඇස් වල ඒ බය හොදටම පේන්න තියනවා.  ඊයෙ උන දේ එයාට තාම අමතක කර ගන්න බැරුව ඇති. කොහොමත් දැන් කඩේ යන්නම ඕනෙ නිසා මිසක් නැත්තම් මාව කීයටවත් දාලා යන්න හදන්නෙ නෑ. ඒකනේ අර කොල්ලව තියලා යන්නම් කියන්නෙ.

ඔය පසිදු කියන්නෙ අල්ලපු ගෙදර ඉන්න කොල්ලා. මේ පාර ඕලෙවල් කරන්නෙ. හරි හොදයි. තනියම තියලා යන්න බය නිසා එයාව එවන්නම් කියන්නෙ ඔය. අර තේව් තමා ඔක්කොම කරන්නෙ එයා තමා ලලිතා අම්මට ඔක්කොම විස්තරේ කියලා තිබුනෙ ගෙදර ආපු ගමන්. හැබැයි ඉතින් තේව්ලා එක පාරටම මෙහෙ ඉද්දි , ගෙවල් දොරවල් හැඩි වෙලා තියෙද්දි මොකක්ම හරි  ප්‍රශ්නයක් වෙලා කියලා නොතේරෙන්න තරම් අම්මා පොඩි ලමයෙක් නෙවෙයි නෙ එක අතකට.

” අයියෝ බය වෙන්න එපා අම්මා. ආයෙ එහෙම දෙයක් වෙන්නෙ නෑ. ඔයා ඉන්නකො බය නැතුව මම කඩේට ගිහිල්ලා එන්නම්. “

” ඒත් දරුවෝ…”

” බය නැතුව ඉන්න අනේ. ඒ මිනිහා ආයෙ එන්නෙ නෑ. මම ඉක්මනට එන්නම්. අනික පාරෙ මිනිස්සු ඉන්නවා. කොහොමත් කුඹුරු වල වැඩ නිසා අනිවාරෙන් මිනිස්සු ඉන්නවා. ඒක නිසා කොහොමත් බය වෙන්න් දෙයක් නෑ. මම ගිහිල්ලා එන්නම්.”

මම ගිහිල්ලා එන්නම් කියලා කිව්වත් ලලිතා අම්මා මූණත් බෙරි කරගෙන මොනා හරි කියන්න ගිය නිසා ආයෙත් ඉක්මනට මම කතා කරා නැත්තම් හරියන්නෙ නෑ. හුහ්. ඇත්තටම මට පාරෙ බැහැලා යන්න බයක් තිබුනෙ නෑ. මොන දේ කිව්වත් කරත් අද උදේ තේව් කියලා ගිය වචන ගැන ලොකු විශ්වාසයක් තිබුනා. ඒක නිසාමයි මම ලලිතා අම්මට බය නැතුව ගිහිල්ලා එන්නම් කියලා කිව්වෙ.

” අම්මි තෝද යද්ද යන්දෙ..”

මෙච්චර වෙලාම කිසිම දෙයක් ඇහෙන්නෙ පෙන්නෙ නෑ වගේ  ඇද උඩට වෙලා එයාගෙ පිංතූර පොතේ පිංතූර පාට කරන ගමන් හිටපු කොල්ලා චෝක් ටිකත් පැත්තකට විසි කරලා මගෙ අතේ එළ්ලිලා කොහෙද යන්නෙ අහද්දි තමා මම තේරුනෙ මේ කොල්ලා කොච්චර වැඩ වගේ හිටියත් අපෙ කතාවට කණ දාගෙන ඉදලා තියෙන්නෙ කියලා. කපටියා. දැනගෙන තමා ඔය අහන්නෙ.

” අම්මි මේ න’සරි එකට යන්න කියලා.”

” බොලු තීන්න අපා අම්මි. තේනුට ඇඋනා. ඔලා තඩේ යන්න අදන්නෙ තීලා. “

මම කිව්වෙ මම කිව්වෙ මේ කොල්ලා දැනගෙන බොරුවට අහනවා යන්නෙ කොහෙද කියලා. ඔය මාත් එක්ක යන්න ඕනෙ වෙලා තියෙන්නෙ කොල්ලට… මට ඇහුනා ලලිතා අම්මත් හිනා වෙනවා මේ කොල්ලගෙ කතා වලට.

” එහෙනම් දෙන්නම පරිස්සමෙන් ගිහිල්ලා එන්නකෝ.. පරිස්සමින් හරි ද දෙන්නම.”

කොල්ලගෙ ඔලුවත් අත ගාලා ලලිතා අම්මා ගිහිල්ලා එන්න කියද්දි මමත් ලලිතා අම්මට හිනාවක් දීලා ඇදෙන් නැගිට්ටෙ කඩේට ගිහිල්ලා එන්න කියලා.

ලලිතා අම්මගෙ උපදෙස් රැසක් සමග අවසානයේ මට ගෙදරින් එළියට බැහැගන්න පුලුවන් උනා.  සමහර අයට හිතෙයි මේ පොඩි දුර යන්න ඔච්චර කැටයම් දාන්න ඕනෙ ද කියලා. ඒත් කවුරු මොනවා කිව්වත් එයා විතරයි දන්නෙ ඊයෙ එයාට දැනුන හැගීම. අම්මා කෙනෙක් විදිහට එයාට දැනුන බය එයා විතරයි දන්නෙ. ඒක නිසාම මට එයාගෙ වචන විහිළුවක් උනේ නෑ. කොච්චර සාමාන්‍ය විදිහට ඉන්න ගියත් එයාගෙ ඇස්වල තිබුන බය මම හොදටම දැක්කා. ඇත්තටම අම්මගෙ උපදෙස් වචන මට කරදර උනේ නෑ. මට ඒ වචන වලින් දැනුනෙ ඒ මනුස්සයගෙ ආදරේ විතරයි.

හිමි හිමීට පාර දිගේ ඇවිදගෙන ආපු මම ඈත තියාම දැක්කෙ තේව්ලගෙ ගෙදර. මට මතක් උනේ අද උදේ තේව් එක්ක උන කතා බහ. අන්තිමට තේව් යන්න ගිය විදිහ. ඒ ඇස්වල තිබුන වේදනාව. මම වැරැද්දක් නොකරත් ඒ ඇස්වල තිබුන වේදනාව එක්ක මට දැනුනෙ ලොකුම ලොකු වරදකාරි හැගීමක්. බරක් පතලක් නොහිතා කියපු වචන නිසා මම අද උදේ ඉදලා විදවනවා. මට හැම වෙලාවෙම මැවි මැවි පේන්නෙ අන්තිමට තේව් මගෙ දිහා බලපු විදිහ. කොච්චර දුක් උනත් මට බෑ ඒ වචන ආයෙ ඇදලා ගන්න. ඒක මට නොතේරෙනවා නෙවෙයි.

ඒ වෙලාවෙ තේව් ගිහිල්ලා තිබුනෙ අඩුම කොල්ලටවත් කියන්නෙ නැතුව. තේව් ගිය වෙලාවෙ ඉදලා කේනු ඇඩුව එකමයි කරේ. කේනු කවදාවත් එහෙම අඩලා නෑ කාවවත් ඉල්ලලා. ඉදුවර ඉදලා ඉදලා ගියාමවත් කොල්ලා අඩන්නෙ නෑ. කොල්ලට අප්පච්චිගෙ සුවද දැනිල ද මංදා පැය ගානක් ඇඩුවා තේව්ව ඉල්ලලා. කවදාවත් අඩපු නැති විදිහට කේනු අද ඇඩුවෙ.කොල්ලා අඩපු විදිහ දැකලා මට දැනුන වරදකාරි හැගීම තවත් වැඩි උනා කිව්වොත් හරි.  මම  පුදුම අමාරුවකින් එක එක ඒවා කියලා කොල්ලව නලව ගත්තත් මට දැනුන වරදකාරි හැගීමෙන් මිදෙන්න මට බැරි උනා.

කල්පනා කර කරම තේව්ලගෙ ගේ ලගට ආපු මම  පොඩ්ඩක් එබිලා බැලුවෙ කවුරු හරි ඉන්නව ද කියලා. කවුරුත් පේන්න නම් නෑ වගේ. ඇත්තටම ලලිතා අම්ම එපා කියද්දිත් මේ ගමන ආවෙ ලලිතා අම්මා ගැන හිතලා වගේම යටි හිතේ තේව්ව බලන්න ඕනෙකමක් තිබුන  නිසා කියන එක මට පිලිගන්නම වෙනවා. මට  ඕනෙ උනා තේව්ගෙන් සමාව ගන්න උදේ කියපු වචන වලට. මොකද මොනදේ උනත් ඒ වචන දරාගන්න බැරි තරමට බරයි. හැබැයි මට සමාව ගන්න ඕනෙ උනේ ඒ කියපු වචන වලට විතරයි. එච්චරයි වෙන කිසිම දෙයක් නෑ.

කොච්චර එබි එබි බැලුවත් මිනිස් පුලුටක්වත් පේන්න නැති නිසා මම හිමීට ඉස්සරහට ඇදුනා. ඒත්  අඩි දෙක තුනක් ඉස්සරහට ගිය මම ආයෙත් හැරිලා ඇරලා තිබුන ගේට් එකෙන් තේව්ගෙ ගෙදර මිදුලට ආවෙ කෝකටත් කතා කරලා බලනවා කියලා හිතාගෙන. මම කතා කරන්න කට ඇරියත් මම දැක්කෙ අඹ ගහ යට තියන සිමෙන්ති බංකුවක වාඩි වෙලා ඉන්න රනිශ්ක මල්ලිව. එයා හිටියෙ මට පිටුපාල නිසා මාව දැක්කෙ නෑ. 

මම පොඩ්ඩක් මල්ලිට ලං උනේ තේව් ගැන අහන්න උනත් එයා කොල් එකක ඉන්නෙ කියලා දැක්ක නිසාම සද්ද නැතුව හිටියෙ කෝල් එක ඉවර උනාමම අහනවා කියලා හිතාගෙන. මොනවා උනත් එහෙම කරදර කරන එක හරි නෑනෙ. ගේ ඇතුලෙ කවුරුත් නෑ කියලා දැනුන නිසාම මට ‍රනිශ්ක මල්ලි එනකම් ඉන්න වෙනවා කියලා තේරුනා. බැනුම් අහන්න වෙයි කියලා සාදාරන බයකුත් තියනවා හැබැයි.

අඩි ගානක් මෙහා හිටපු මට අහන්න ඕනෙකමක් තිබුනෙ නැතත් ‍රනිශ්ක කතා කරපු දේවල් හොදට ඇහුනා. එහා පැත්තෙන් මොනවා කියනවද කියලා ඇහුනෙ නැතත් රනිශ්කගෙ කියන දේවල් පැහැදිලිව ඇහුනත් මම පාඩුවෙ වට පිට බල බල හිටියෙ ඒ දේවල් මට අදාල නැති නිසා. හොද වෙලාවට කොල්ලා එන්න බෑ කිව්වෙ. නැත්තම් මෙතන ඉදලා මදුරුවෝ තලන්න තමා වෙන්නෙ කොල්ලට. කොච්චර කඩේ යන්න ඕනෙ කියලා නැටුවත් අන්තිමට tv එකේ ගිය කාටුන් දැක්කා විතරයි කොල්ලට ගෙදර ඉන්න ඕනෙ උනා. ඒකත් හොදයි හැබැයි.

” නෑ බං බලපන්කො කගවේනා වගේ ආවා. මට තියන බය අර දිනුල්‍යා කියන එකී ජීවත් වෙයි ද කියලා බං. “

“……..”

” නෑ බං අපි මෙච්චර කල් හිතාගෙන හිටියෙ මේ හැමදෙයක් පිටිපස්සෙම හිටියෙ ආයු අයියගෙ තාත්තා කියලා නේ. මට හිතාගන්න බැරි උනා බං අර නාකියා මේ හැමදෙයක් පිටිපස්සෙ හිටියා කිව්වම..”

“……….”

රනිශ්කගෙ කෝල් එකට අවදානය නොදී වට පිට බල බල හිටපු මගෙ අවදානය රනිශ්ක මල්ලි ලගට ගියෙ මල්ලි එක පාරටම කියපු දේ නිසා.  මොකක්ද ඒ කිව්වෙ. අපෙ තාත්තා මොනවද කරේ. එතකොට අර කියපු නාකියා කවුද… කතා කරන්නෙ මට අදාල දෙයක් නිසාම මම වැරදි වැඩක් උනත් කතාවට කන් දෙන්න හිතා ගත්තා.

” අනේ මංදා බං මට තේරෙන්නෙ නෑ. ආයු අයියා මේ මොකුත් දන්නෑනෙ බං. එයාගෙ තරහා සාදාරණයි.  මට හිතෙනවා ඕයි මේ ඔක්කොම කියලා එන්න. එතකොට ඔක්කොම ඉවරයි නෙ…”

“……..”

” නෑ නෑ උදේ මේකා ගියෙ ඔක්කොම කියන්න තමා. ඒත් අයියා මොනවා හරි කියලා මම හිතන්නෙ. ඒක  නිසා හිත රිද්දගෙන තමා ආවෙ. මුකුත් කියන්නෙත් නෑනෙ මේ වේ&#. ආවා විතරයි  අනිත් අතට පිඹගෙන ගියා. අර නාකි පකා නිසා තමා ඔක්කොම. à·„à·”@#$”

“…….”

” හ්ම්ම්. මොකක් හරි අවුලක් නම් කතා කරපන්කො. පොඩ්ඩක් බලපන් අරූව මොනවා කරගයි ද දන්නෑ. “

මෙච්චර වෙලා කාත් එක්ක හරි අගක් මුලක් නොතේරෙන විකාරයක් කියවපු රනිශ්ක මල්ලි කෝල් එක කට් කරලා ලොකු හුස්මක් ගත්තා. ඇත්තටම මම හිටියෙ මේ ලෝකෙ නෙවෙයි. මට හිතාගන්න බෑ මොනව ද වෙන්නෙ කියලා. හැබැයි මෙතන මම නොදන්න ලොකු දෙයක් තියනවා කියන්න මට හොදටම තේරුනා. තේව් උනත් උදේ කිව්වෙ මම නොදන්න දෙයක් තියනවා කියන එකනෙ. ඒ වෙලාවෙ ඒක ලොකුවට ටච් නොවුනත් දැන් මට ඕනෙ ඒක දැන ගන්න.

” අ..අයියා…”

සිමෙන්ති බංකුවෙ ඉදගෙන හිටපු රනිශ්ක මල්ලි එතනින් නැගිටිනවත් එක්කම මෙච්චර වෙලා එයාට පිටිපස්සෙ හිටපු මාව දැක්කා වගේම ඒ ඇස් දෙක ලොකු උනා. හරියට මාව මෙ වෙලාවෙ බලාපොරොත්තු උනේ නෑ කියන්න වගේ. මගෙ තරහා ගියපු මූණ දැකපු රනිශ්කට වචනත් පැටලෙද්දි මම තව ටිකක් එයාගෙ ලගට ගියා.

” මට හැමදේම කියන්න. “

” ඇ..”

” ඔයාලා ඔය කියන ඇත්ත කතාව මට කියන්න කියලා මම කිව්වෙ.. “

මම කොල්ලගෙ ලගට ලං වෙලා පොඩ්ඩක් තදින් කියද්දි මම දැක්කා ඒ ඇස්වල තිබුන තිගැස්ම. ඒත් මට මේ දේ දැන ගන්නම ඕනෙ. ඒක නිසාම මම කොල්ලා දිහා ඇස් දෙකත් රැලි කරගෙන බලාගෙන හිටියා. කොල්ලට තේරෙන්න ඇති මම ඉන්නෙ කේන්තියෙන් කියලා.

” ඒත් අයියා..”

” මම කිව්වෙ මට කියන්න කියලා. වෙන දේවල් වලින් මට වැඩක් නෑ. මට මුල ඉදලා අගට උන හැමදෙයක්ම කියන්න.

ඒත් එක්කම ලොකු හුස්මක් පාත දාපු මල්ලි මට එතන තියන සිමෙන්ති බංකුව පෙන්නලා ඉද ගන්න කියන ගමන් එහා පැත්තෙ බංකුවෙන් වාඩි උනේ ලොකු කතාවක් පටන් ගන්න වගේ. මම ඉක්මනට ලලිතා අම්මට කෝල් එකක් දීලා කිව්වා එන්න ටිකක් වෙලා යයි බය වෙන්න එපා කියලා. නැත්තම් එයා බය වෙනවා නේ.

” මොනාද දැන් අයියට දැන ගන්න ඕනෙ.”

” හැමදෙයක්ම. මීට අවුරුදු හතරකට කලින් උන හැමදෙයක්ම මට දැන ගන්න ඕනෙ.”

විනාඩි ගානක්ම සද්ද නැතුව හිටපු කොල්ලා අහක බලාගෙන මගෙන් මොනාද දැන ගන්න ඕනෙ අහද්දි මම පොඩ්ඩක් තදින් උත්තර දුන්නෙ කිසිම බුරුලක් පෙන්නන්නෙ නැතුව. මගෙ දිහා තත්පර ගානක් බලාගෙන හිටපු මල්ලි අත් දෙකෙන්ම කොන්ඩෙ පිටි පස්සට කරගෙන එයාගෙ කතාව පටන් ගත්තෙ  මමත් කිසිම දෙයක් නොකියා මල්ලිගෙ කතාවට ඇහුම්කන් දෙද්දි.

” මේ හැමදෙයක්ම පටන් ගත්තෙ අයියා පැනලා යන්න සති දෙකකට විතර කලින්. මට හරියටම දවස නම් මතක නෑ. දවසක් මම තේව්ලගෙ ගෙදර  ඉන්නකොට තේව්ට කෝල් එකක් ආවා අදුරන්නෙ නැති නම්බර් එකකින්. ඕන තරම් අදුරන්නෙ නැති නම්බර් වලින් කෝල් එන නිසා තේව් ඒක ආන්සර් කරලා කතා කරත් ඒ ඔයාගෙ තාත්තගෙ සෙක්ට්‍රි කියපු නිසා තේව් speaker දැම්මා මටත් ඇහෙන්න. ඌ එක පාරටම නිකියට තර්ජනය කරලා කිව්වෙ ආයුව අත ඇරපන් නැත්තම් පස්සට පසුතැවිලි වෙන්න වෙයි කියලා. දන්නවානෙ ඉතින් නිකියගෙ හැටි ඌ ඒක ගනන් ගත්තෙ නෑ. අපි හිතුවෙ අයියගෙ තාත්තා නිකියව බය කරන්න කරපු වැඩක් කියලා. ඌ අරූට බැනලා කෝල් එක කට් කරා පුලුවන් දෙයක් කරපන් කියලා.

පස්සෙ මේක දිගටම වෙන්න ගත්තා. එක එක නම්බර් වලින් නිකියට තර්ජනය කරලා කෝල් එන්න ගත්තා. උන් හැමවෙලාවෙම කිව්වෙ ඔයාව අත ඇරපන් නැත්තම් ප්‍රශ්න වෙයි කියලා. ඌ ඉතින් ඕවා ගනන් ගත්තෙ නෑ. ඌ හැමවෙලාවෙම කිව්වෙ අයියව ඉක්මනට ලගට ගන්න ඕනෙ නැත්තම් ලේසි වෙන්නෙ නෑ කියලා. දවසක් කැම්පස් එක ලගටත් මිනිස්සු දෙන්නෙක් ඇවිල්ලා අරූට තර්ජනය කරගෙන ආවත් අන්තිමට උන් දෙන්නට යන්න උනේ අඩු කඩාගෙන. අපෙ සෙට් එකේ උන් දෙන්නට නෙලුවා. පොලිසි නොයා බේරුනේ අනූ නමයෙන්. එදා තමා හැම කරදරයක්ම පටන් ගත්තෙ.

එදා උන් දෙන්නට නෙලලා මට ගෙදර යන්න හම්බ උනේ නෑ මගක් යද්දිම කෝල් එකක් ආවා නිකියා accident වෙලා කියලා.”

” දෙයියනේ..”

මල්ලි කියපු දේවල් කන් අදහා ගන්නවත් බැරුව අහගෙන හිටපු මගෙ ඇග වෙව්ලලා ගියෙ තේව් accident  උනා කියද්දි. දෙයියනේ මම කොහොමද ඒක නොදැන හිටියෙ.

” ඔව්.. මම ගෙදර නොයා එහෙමම hospital එකට ගියා. යනකොට ඇන්ටි අන්කල් එහෙම ඇවිත් හිටියා. බයික් එකේ යනකොට ඉස්සරහින් ආපු ලොරියක් තමා හප්පගෙන ගිහිල්ලා තියෙන්නෙ. කොහොම හරි වැඩ දන්න නිසා ලොකු  අමාරුවක් නැතුව කොල්ලට බේරෙන්න පුලුවන් වෙලා තිබුනා.   ඒත් ඌට දවස් එක හමාරකට පස්සෙ තමා සිහිය ආවෙ.  කකුලක උන  ඩැමේජ් එකක් නිසා ඇවිදගන්න බැරි උනා ඌට. මාස ගානක් ඌට අඩිය ගහලා යන්න බැරි උනා. ඇත්තටම නිකියට ඕනෙ උනේ නෑ අයියා මේ දේවල් දැන ගන්නවට. ඌ  කිව්වෙම මේ දේවල් නිසා ඔයා මානසිකව වැටෙයි කියලා. අනික එක පාරක් කියලා තිබුනා මේ දේවල් ඔයාට කියලා තිබුනොත් ඔයාටත් කරදරයක් කරනවා කියලා. ඌ බය උනා ඔයාට කරදරයක් වෙයි කියලා.

ඔය accident එක උන දවස්වල තේව්ට හරියට ඔයා ගැන බලන්න බැරි උනා කිය කිය ඕකා නහයෙන් අඩ අඩ හිටියෙ. අනික ගොඩක්  වෙලා ඔයත් එක්ක කතා කරන්න කැමති උනේ නෑ කටහඩකින්ම හොර අල්ලගනී කියලා. ඌ කිව්වෙම මගෙ හැමදෙයක් ගැනම තේරෙන එයාට මම ඉන්නෙ අමාරුවෙන් කියලා හොයා ගන්න බැරි නෑ බං ඒක නිසා මේ දවස් ටික පොඩ්ඩක් මග ඇරලා ඉමු කියලා.

තේව්ගෙ accident එක කරලා තිබුනෙත් ගුණවර්ධන තමා. උගෙ හෙන්චයියෙක් නිකියට සිහිය ආපු දවසෙ කෝල් කරලම ඒක කිව්වා. ඌ කිව්වෙ ඊලගට ඔහොම නෙවෙයි මිනී පෙට්ටියෙ ගෙදර යන්න ලෑස්ති වෙයන් කියලා. අරූ ඉතින් කෑ ගහලා උබට පුලුවන් දෙයක් කරපන් මම බය වෙන්නෙ නෑ කියලා. ඒ කියපු එක තමා හෙනේට හිටියෙ.

එදා තේව්ගෙ තාත්තා මූව බලන්න එන ගමන් ඉද්දි කට්ටියක් ඇවිල්ලා ගහලා තිබුනා.  හොදටම ගහලා පාර අයිනෙ දාලා ගිහිල්ලා ඉද්දි පාරෙ ගියපු මනුස්සයෙක් තමා hospital එකට ගෙනත් තිබුනෙ. ඔලුවට වැදුන පාරක් නිසා අන්කල්ට සිහිය එන්න සති එක හමාරක් විතර ගියා. ඒ සිහිය ආවත් අන්කල්ට තාම ඇවිදින්න බෑ. එදා තේව් කෑ ගහපු එකට පලිය තමා ගත්තේ  කියලා තමා අරුන් කෝල් කරලා කිව්වෙ. මේ උන කිසිම දෙයක් අයියට කියන්න තරම් මානසිකත්වයක නිකියා හිටියෙ නෑ ඌ හිටියෙ තනිකරම පිස්සු හැදිල වගේ. කකුලකුත් බැරුව හැමදේම කරේ ඌ.  ඇත්තටම මම උනත් ඒ දවස්වල ඔයාට කතා කරලා විස්තර කියන්න පුලුවන් තත්වෙක හිටියෙ නෑ.

අන්කල්ට සිහිය ආවට මේ හැමදේම කරේ ඔයාගෙ තාත්තා කියලා ඇන්ටියි අන්කලුයි දැන ගත්තා. ඒත් ඒ දෙන්නා කිසිම දෙයක් කිව්වෙ නෑ. කිව්වෙ පුලුවන් තරම් ඉක්මනට කොල්ලව එළියට ගන්න් අපි බලාගමු ඊට පස්සෙ වෙන දේවල් කියලා.

දවසක්  තේව් ගියෙ කොහොම හරි මොනදේ උනත් කමක් නෑ ඔයාව පන්නගෙන එනවා කියලා. ඇනටි උනත් කිව්වෙ ඒක තමා හොදම දේ කියලා. අන්කල් hospital හිටියෙ එතකොටත්. කොච්චර කෝල් කරත් ෆෝන් එක වැඩ කරෙත් නෑ. අන්තිමට ඔයාගෙන් කෝල් එකක් ඊට කලින් දවසෙ ඇවිත් තිබුන නිසා තේව් ඔයාලගෙ ගෙදරටම ගියෙ මාත් එක්කමයි. ඒත් ගිහිල්ලා බලද්දි ඔයා හිටියෙ නෑ. ඔයා රට ගියා කියලා  තමා අපිට ආරංචි උනෙ. බිස්නස් කරන කොල්ලෙක් එක්ක කසාදෙ තීන්දු උනා ඒක නිසා රට ගියා කියලා තමා ආරංචි කරපු හැමතැනින්ම කිව්වෙ.. ෆොටො වගේකුත් අදුරන්නෙ නැති නම්බර් එකකින් ආවා. තේව් ඒත් පිලිගන්න් ලෑස්ති උනේ නෑ ඌ හැමතැනම ඔයාව හෙව්වා. ඌ කිව්වෙම අයියා එහෙම කරන්නෙ නෑ කියලා. අන්තිමට ඌට දරා ගන්න බැරිම තැන ඩිප්ප්‍රෙෂන් වලට ආවා. හැබැයි මුලින්ම අදුර  ගන්න පුලුවන් උන නිසා හොද කරගන්න පුලුවන් උනා. අන්කල්ටත් බැරි නිසා අන්තිමට හැමදෙයක්ම තේව්ගෙ කර උඩට වැටුනා. පුදුම කට්ටක් කාලා තමා අද ඕකා මේ තැන ඉන්නෙ. ඒත් ඔයාව හොයන එක නම් නතර කරේ නෑ.  අන්තිමට හොදටම හති වැටිලා නැවතුනේ. “

” දෙයියනේ මොනවද මේ වෙලා තියෙන්නෙ.”

මෙච්චර වෙලාම රනිශ්ක මල්ලි හුස්මක්වත් නොගෙන කියපු කතාව අහගෙන හිටපු මම හිටියෙ අඩලම හෙම්බත් වෙලා. දෙයියෙනේ තේව් මේ තරම් දුක් විදලද. ඇයි මම මේ දේවල් දන්නෙ නැත්තෙ.. අනේ දෙයියනේ.

” තේව් කවදාවත් ඔයාට බොරුවක් කරේ නෑ අයියා. ඒත්  ඔයාව මග ඇරපු කාලෙ ඌට ගෑනුත් එක්ක ඉන්න විදිහක් තිබුනෙ නෑ මොකද ඌ තනිකරම පිස්සෙක් වගේ හිටියෙ hospital එකේ. “

එතකොට මොනවද ඒ ෆොටෝස්. අනේ මට තේරෙන්නෙ නෑ දෙයියෙනේ. එතකොට මේ හැමදෙයක්ම කරේ මගෙ තාත්තා ද..

” එතකොට මේ හැමදෙයක්ම කරලා තියෙන්නෙ මගෙ තාත්තා ද..”

” ම්හු… නැහැ. අපි මේ වෙනකම් හිතාගෙන හිටියෙ එහෙම තමා.. ඒත් අපිට වැරදුනා. මේ හැමදෙයක්ම පිටිපස්සෙ ඉදලා තියෙන්නෙ සමරවීර කියන මිනිහා..”

” මොකක්ද..”

රනිශ්ක මල්ලි කියපු දේත් එක්කම මගෙ ඇස් ගෙඩි දෙක එළියට එන්න තරම් ලොකු උනා. එහෙම වෙන්නෙ කොහොමද.

” ඔව් අපි දැන ගත්තෙත් ඊයෙ. ඊයෙ මායි රනියය් ශිෆ්ට් එක ඉවර වෙලා එනකොට ටිකක් රෑ උනා. අපි දෙන්නා ඇවිල්ලා බයික් එක ගේට් එකෙන් ඇතුලට දාන්න ය්ද්දිම වාහනයක් ඇවිල්ලා අපි ලගින් නැවැත්තුවා. ඒකේ හිටපු උස මහත මිනිහෙක් ඔයාගෙ නම කියලා ඇහුවා එයාගෙ ගෙදර කොහෙද කියලා. ඇයි කියලා අහපුහම කිව්වෙ පොඩි දෙයක් කතා කරගන්න තියනවා කියලා. තේව්ට සැක හිතිලද මංදා ඌ කිව්වා දන්නෑ කියලා අපි මෙහෙට අලුත් කියලා. ඊට පස්සෙ ඒ වාහනේ විදගෙන යන්න ගියා.

නිකියා ගේ ඇතුලට ඇවිල්ලත් එහෙට මෙහෙට ඇවිද ඇවිද කල්පනා කර කර හිටියා. ඊට පස්සෙ ඌ කිව්වා මට හිතට හරි නෑ බං යමන්කො අයියලාගෙ ගෙවල් පැත්තට ගිහිල්ලා එමු කියලා. අපි දෙන්න එනකොට ගේ ලග කාර් එකකුයි ඒ ලගම මිනිහෙකුයි හිටගෙන හිටියා. කරදරයක් නැතුව ඇති කියලා ආපහු එන්න ගියත් ගේ ඇතුලෙන් ඔයා කෑ ගහන සද්දෙ ඇහුනා විතරයි අපි දෙන්නම ආයෙ දුවගෙන ආවා. ඊට පස්සෙ උන දේවල් දන්න්වානෙ.

ඊට පස්සෙ මම ඒ මිනිස්සු දෙන්නම දාගෙන මේ ගෙදරට අරගෙන ආවා. Hospital එකේ වැඩ කරන විශ්වාසවන්ත තව යාලුවො දෙන්නෙක්ටත් කතා කරා තනියම බැරි නිසා. උන්ව ගේ ඇතුලෙ බැදලා දාලා ඉද්දි පැය දෙකකට විතර පස්සෙ නිකියත් ආවා ඔයාලගෙ ගෙදර ඉදල. එතකොට ඔයාට නින්ද ගිහිල්ලා කිව්වා.

ඊට පස්සෙ අරූට දෙක තුනක් අනිද්දි තමා ඔක්කොම කිව්වෙ. ඔයාගේ තාත්තව මාට්ටු කරලා තේව්ව ඔයාගෙන් ඈත් කරන්න තමා මෑන්ට ඕනෙ වෙලා තියෙන්නෙ. ජීවත කාලෙටම ඔයාව ලගට ගන්න තේව් නිසා බැරි වෙනකොට ඌ ඒකට ප්ලෑනක් ගහලා. ඔයාගෙ තාත්තගෙ නම මුලට දාලා හැමදෙයක්ම කරලා තියෙන්නෙ ඌ..ඒකට ඌට උදව් කරලා තියෙන්නෙ දිනුල්‍යා…

” අනෙ දෙයියෙනේ…”

” හ්ම්ම් ඔව්.. අපෙ ෆැකල්ටි එකේ හිටියා ශේන් කියලා එකෙක්. තේව් එක්ක ඒකා ඇරියස්.  ඌ සමරවීරගෙ එකෙක්ලු. ඔය ශෙන් කියන එකාගෙන් තේව්ගෙ විස්තර අහලා තියනවා සමරවීර. තේව්ගෙ ඔක්කොම විස්තර සමරවීරට කියලා තියෙන්නෙ ඔය ශේන් තමා. දිනුල්‍යා තේව්ට try කියලා දන්න නිසාම දිනුල්‍යවත් අල්ලගෙන මූ උගෙ ප්ලෑන් එකට.

දිනුල්‍යා තමා ඔයාට එවපු හැම ෆොටො එකකම තේව් එක්ක ඉන්නෙ. ඒකිගෙ මූණ පේන්නෙ නැති වෙන්න ෆොටො වලට ෆේස් කරන්න තරම් ඒකි කපටි වෙලා තිබුනා. ඒකි තමා ඔයාට ඒ ෆොටො එවලා තිබුනෙ. ඒ ඔක්කොම  තේව් hospital එකේ ඉද්දි ගත්ත ඒවා අයියා. සමහර ඒවගෙ දිනුල්‍යාගෙ අතින් අල්ලගෙන ඉන්නෙ තේව්ට ඇවිදගෙන යන්න බැරි නිසා. අනික ඒ එක ෆොටො එකකවත් තේව්ගෙ ඉනෙන් පහල තිබුනෙ නෑ කියලා අයියට මතක නැද්ද.”

රනිශ්ක මල්ලි කියනකොට තමා මට ඒක මතක් උනේ. මේ දිනුල්‍යා කියන එකිත් එක්ක මට ආවෙ එසේ මෙසේ තරහවක් නෙවෙයි. මම හිතුවෙ නෑ මේකි මේ තරම් පහත් ඇති කියලා.

” අර අන්තිමට ගහපු ෆොටො නම් තේව් නිදාගෙන ඉද්දි අරගෙන තියෙන්නෙ. මම දන්නෑ අයියා මේවා විශ්වාස කරනව ද කියලා . ඒත් මම දන්න තරමින් උන දේවල් ටික කිව්වා. අයියගෙ අතේ තමා තියෙන්නෙ විශ්වාස කරනව ද නැද්ද කියන එක. තව මොන හරි දැන ගන්න ඕනෙ නම් තේව්ගෙන්ම දැන ගන්න. මට නම් දැන් හති..”

” එතකොට අර මිනිහට මොකද උනේ. “

” ආ ඌ හොදටම ගුටි කාලා හිරේට ගියා බෙහෙත් දාගන්න. ආය නම් ඌ එළියට එනවා බොරු. ඌව බෙල්ල මුලටම හිර කරලා තියෙන්නෙ. වැඩි විස්තර තේව්ගෙන් අහගන්න…..”

ඒ කියන්නෙ ඌ දැන් හිරේ.. මම දැන් මෙතනට ඇවිල්ලත් පැයකට වැඩිය ගෙවිලා ගිහිල්ලා තිබුනා. මට දැන් ඕනෙ තේව් එක්ක කතා කරන්න.

” තේව් කොහෙද එතකොට.”

මම ඒක අහනවත් එක්කම රනිශ්කගෙ මූනෙ ඇදුනෙ හරි නසරානි හිනාවක්..

” ඌ ගියා දිනුල්‍යාව බැහැ දැකලා එන්න…”

__________________________________________

• තේව් තාමත්  වැරදි ද..?

• තවත් අපහැදිලි තැන් මොනා හරි තියනවද…? වැඩි විස්තර තේව්ගෙන් දැනගමු

• ඊළග කොටස තේව්ගෙ pov එකෙන් බලමු නේද….? දිනුල්‍යාට මොනා ද උනේ කියලත් බලමු නේද..?

• ආදරෙයි හැමෝටම… ❤️💚

• ඉක්මනට ඊලග කොටසින් මුණ ගැහෙමු…

…Nethu…

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 44, novel À¶†À¶ºà·” (Completed) Âœ” 44, read À¶†À¶ºà·” (Completed) Âœ” 44 online, À¶†À¶ºà·” (Completed) Âœ” 44 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 44 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 44 light novel, ,

Comment

Leave a Reply

Chapter 44