À¶†À¶ºà·” (Completed) Âœ” 45

A+ A-

ඇරලා තිබුන ගේට් එකෙන් කෙලින්ම බයික් එක මිදුලට දාපු මම හොද හුස්මක් අරගෙන හෙල්මට් එක ගලවලා අතට ගත්තා. අතේ බැදලා තිබුන ඔරලෝසුව දිහා බලපු මම දැක්කෙ වෙලාව තුනයි තිහයි කියලා. ම්ම්ම් පැය තුන හමාරක ගමනක්..

” නිකේත් අයියා… “

බයික් එකේ සද්දෙට ද මංදා ඒත් එක්කම මට ඉස්සරහා තිබුන තට්ටු දෙකේ ගේ ඇතුලෙ ඉදල මගෙ නම කියලා කෑගහගෙන එළියට ආවෙ මම මේ ගමන එන්න මූලික උන කෙනා. හෙල්මට් එකත් බයික් හැඩල් එකේ එල්ලපු මම බයික් එකෙන් බැහැපු  බර අඩි තියන ගමන් ගේ පැත්තට ගියෙ කට කොනට ආපු හිනාවකුත් එක්කමයි.

” නිකේත් අයියා ඔයා. කිව්වෙත් නෑ එනවා කියල් අහ්හ්..”

චටාස්..

මම ඉස්තෝප්පුවට යනවත් එක්කම විකාර කියවගෙන ආපු කෙල්ලට කියපු ඒක සම්පූර්ණ කර ගන්න බැරි උනේ මගෙ අතක් ගිහිල්ලා ඒ කම්මුලේ නතර උන නිසා. කොච්චර ඉවසනවා කියලා ආවත් ඒකි තොදොල් වෙවී ඇගේ එල්ලෙන්න ආපු එකෙන් උනේ මගෙ රතු කට්ට පැන්න එක. රතු උන ඇස් වලින් ඒකි දිහාම බලාගෙන ඉද්දි මම දැක්කා ඒකි ලොකු උන ඇස් වලින් කම්මුලත් අල්ලගෙන මගෙ දිහා බලාගෙන ඉන්න විදිහ. හ්හ් තාම දන්නෑනෙ සමරවීර කාරයට උන දේ. ඒක නිසා හිතනවා ඇති මම ගැහුවෙ ඇයි කියලා.

” අයියාහ්…”

” තෝ බැල්ලි. ලැජ්ජා නැතුව තෝ තව මට අයියා කියන්නත් එනව ද ඇ වේසියේ. දිනුල්‍යා..දිනුල්‍යා.. දිනුල්‍යා.. තෝ අද තම දැන ගන්නෙ මේ නිකේත් කවුද කියන එක.. මගෙ අහිංසකයෝ දෙන්නම තොපි හින්දා දුක් වින්දා යකෝ. මම පණ වගේ ආදරෙ කරපු එකාව දරුවෙක් එක්ක තනි කරන්න උනේ තොපි හින්දා. තව උබට ලැජ්ජා නැද්ද බැල්ලියේ. මගෙ ඇගේ එල්ලෙන්න තියන උවනාවට උබ කොහොමද යකෝ මේ වගේ පහත් වැඩක් කරේ. “

ඒකි මට ආය කතා කරන්න ගියත් තිබුන ආවේගෙටම මම අල්ල ගත්තේ ඒකිගෙ කොන්ඩෙන්. ඇත්තටම මට තේරුනේ නෑ මේ වෙලාවෙ මට ඉස්සරහා මේ ඉන්නෙ කෙල්ලෙක් කියන එකවත්. මට දැනුනෙ මරාගෙන මැරෙන්න තරම් ලොකු තරහක් විතරයි. මට මතක් උනේම මුන්ගෙ වැඩ නිසා දුක් වින්ද මගෙ කොල්ලගෙයි දරුවගෙයි අහිංසක මූණු..

චටාස්…

” උබ වගේ ජරා බැල්ලියෝ මේ ලෝකෙ ජීවත් වෙලා ඉන්න හොද නෑ. තොපි මේ මහ පොලවට බරක් යකෝ.. “

චටාස්…

” උබට පුලුවන් ද යකෝ මේ ගෙවුන කාලෙ ආපහු අපිට ගෙනත් දෙන්න. බෑ නේද. තොපි වගේ කාලකන්නි නිසා ජීවත කීයක් දුක් වින්ද ද යකෝ. මගෙ තාත්තා තාමත් අබ්බගාතයෙක් වගේ දුක් විදින්නෙ තොපි හින්දා යකෝ..”

චටාස්..

” මම ජීවිතේට ගෑනියෙක්ට අත උස්සන්න හිතලා නෑ. ඇත්තටම මම දුක් වෙන්නෑ යකෝ තෝ වගේ වේසියෙක්ට අත් ඉස්සුවා කියලා. තොපිට අත ඉස්සුවා කියලා මට පව් පිරෙන්නෙ නෑ. “

චටාස්..

” දෙයියනේ නිකේත් පුතා.. අනේ අත ඇරපන් කොල්ලෝ.. අනේ දෙයියනේ…”

මම දන්නෑ ඒකිගෙ මූණට මගෙ ලොකු අතෙන් කොච්චර පාරවල් වැදුන ද කියලා. ඒකිගෙ කොන්ඩෙන් අල්ලගෙන හැරෙන හැරෙන පැත්තට පාරවල් ගහපු මට අන්තිමට ඒකිව අත අරින්න උනේ ඒකිගෙ අම්මයි තාත්තයි ඇවිල්ලා ඒකිව මගෙන් ගලවගත්ත නිසා. අඩු නොවුන කේන්තියකින් මම  දිනුල්‍යා දිහ බලද්දි ඒකි හිටියෙ මගෙන් ගුටි කාලම හෙම්බත් වෙලා.

” උබට කොහෙන් ආපු හයියක් ද යකෝ මගෙ ගෙදරටම ඇවිල්ලා  මගෙ දරුවට අත තියන්න. උබ කවුරු කියල ද හිතාගෙන ඉන්නෙ. උබ මගෙ නංගිගෙ දරුවා උනාට මට වැඩක් නෑ යකෝ.”

අඩ අඩ ඉන්න දිනුල්‍යගෙ ලග හිටපු මාමා මගෙ කොලර් එකෙන් අල්ලගෙන සද්දයක් දාද්දි මම එයා දිහා බැලුවෙ කට කොනින් හිනා වෙලා. මම දැක්කා ඒ හිනාව දැකපු එයා ගැස්සිලා යනවා. ඒත් එයා ඒක මූණෙන් පෙන්නන්නෙ නැතුවම මගෙ කොලර් එකෙන් අල්ලගෙන හිටියෙ දිනුල්‍යගෙ අම්මා දිනුල්‍යව බදාගෙන අඩද්දි.

” à·‚à·Šà·‚à·Šà·‚à·Š.. සද්ද එපා තේරුනා ද. ඔයාගෙ ආදරණීය දරුවා කරලා තියන වැඩත් එක්ක මම වැඩිය දරුණු නොවී මේ විදිහට හැසිරෙන එක ගැන හරිනම් මාමා සතුටු වෙන්න ඕනෙ.. “

මගෙ කොලර් එක අත ඇරව ගත්ත මම දිනුල්‍යාගෙ තාත්තාගෙ උරහිසේ නැති දූවිලි පිහිදන ගමන් හරි ගැඹුරු කට හඩකින් එහෙම කියද්දි ඒ මනුස්සයා මගෙ දිහා බලාගෙන හිටියෙ පුදුම වෙලා වගේ. හිතා ගන්න බැරුව ඇති ආදරණීය දෝණි ඇන්දා මොන වගේ දෙයක් කරලා තියනව ද කියලා. මම දැක්කා ඒක කියනවත් එක්කම දිනුල්‍යා කලබල වෙනවා.

” තමුන් මොනාද මේ කියන්නෙ ආ.. මොනව ද දිනූ කරලා තියෙන්නෙ. “

” තමුන්ගෙ දුව කරලා තියෙන්නෙ ද. අහගන්නකො එහෙනම් අම්මයි තාත්තයි දෙන්නම දෝණි ඇන්දගෙ කෙරුවාව..”

ඉස්තෝප්පුවෙ තිබුන පුටුවක වාඩි වෙලා කකුලක් පිට කකුලක් දාගත්ත මම  මුල ඉදලා අගටම ඒකි කරපු දේවල් කියද්දි මම දැක්කා මෙච්චර වෙලා දිනුල්‍යව බදාගෙන හිටපු නැන්දා ඒකිව අත ඇරලා මාමට ඇවිල්ලා තුරුල් වෙනවා. නැන්දා ඉකි ගගහා ඇඩුවෙ තමන්ගෙ දුව මෙච්චර පහත් වැඩක් කරයි කියලා හීනෙකින්වත් හිතපු නැති නිසා වෙන්න ඇති. අහක බලාගෙන හිටියත් මම දැක්කා මාමගෙ ඇස් වල පිරිලා තිබුන කදුළු.

ඒකි මාවයි ආයුවයි ඈත් කරන්න කරපු දේවල්. සමරවීරකාරයා එක්ක එකතු වෙලා ගහපු ප්ලෑන් ඒ හැමදෙයක්ම මම කියද්දි නැන්දයි මාමයි කරේ හූල්ලපු එක. දිනුල්‍යගෙ මූණෙ තිබුනෙ මොන වගේ හැගීමක් ද කියලා මට තේරුම් ගන්න බැරි උනා.

ඇත්තටම මාමයි නැන්දයි කියන්නෙ  හරි අහිංසක හිත හොද මිනිස්සු දෙන්නෙක්. මම දන්නෑ දිනුල්‍යට මේ වගේ ජරා ගති ගුන කොහෙන් ආවද කියලා. එක අතකට ඒ මිනිස්සු දෙන්නා හරි පව්. දිනුල්‍යා වගේ ලමයි හින්දා හැමදාම දුක් වින්දේ කොහෙවත් ඉන්න අහිංසක දෙමව්පියෝ.

” ඇයි ලොක්කියේ උබ මේ වගේ ජරා වැඩක් කරේ. උබ කොහොම ද යකෝ දැන දැනම අර අහිංසක කොල්ලට එ වගේ දුකක් දුන්නෙ. ඒ දරුවා බඩින් කියලා  දැනගෙනවත් ඇයි උබ ඒක කාටවත් නොකියා මේ වගේ ජරා වැඩක් කෙරුවේ. මට උබ මගෙ දරුවෙක් කියන්නත් ලැජ්ජයි යකෝ..”

මම කියලා ඉවර වෙනවත් එක්කම මාමගෙ තුරුලෙ හිටපු නැන්දා දිනුල්‍යා ලගට ගිහිල්ලා ඒකිව හොලවන ගමන් අහද්දි ඒකි කරේ සද්ද නැතුව හිටපු එක.

” ඇයි දිනූ මෙහෙම කරේ. මම කවදාවත් හිතුවෙ නෑ මගෙ දරුවා එච්චර පහත් කෙනෙක් කියලා. “

මාමා අහක බලාගෙනම එහෙම කියද්දි මට තේරුනා  එයා ඉන්නෙ මට කෙලින් මූණ දෙන්න බැරුව කියලා.

” ඔව් මම පහත් වැඩ කරා තමා. ඒ හැමදෙයක්ම කරේ ඔයා වෙනුවෙන් අයියා. ඒ හැමදෙයක්ම කරේ ඔයා වෙනුවෙන්. මට ඕනෙ උනා ඔයාගෙ ආදරේ ලබා ගන්න. මම දන්නවා මම වැරදි ඇති ඒත් මට ඕනෙ උනේ ඔයාගෙ ආදරේ විතරයි අයියා. මාව තේරුම් ගන්නකො..”

මගෙ ලගට ආපු දිනුල්‍යා මගෙ කකුල් දෙක බදාගෙන එහෙම කියනකොට මම එයා දිහ බලාගෙන හිටියෙ හැගීමක් නැති ඇස් වලින්. සමහර විට එයා ඇත්තටම මට ආදරේ කරන්න ඇති. ඒත් එයා තේරුම් ගත්තෙ නෑ ආදරේ කියන්නෙ බලෙන් ලබා ගන්න පුලුවන් දෙයක් නෙවෙයි කියන එක. ආදරේ කියන්නෙ හදවතට දැනෙන්න ඕනෙ දෙයක්. හරියට  මට ආයු ගැන දැනුනා වගේ.

” ඒ කොල්ලගෙන් වැඩක් නෑ අයියා. ඔයාට මම ඉන්න්වානෙ.. අපිහ්..අහ්හ්

නෑ ඒකිට තව කියන්න හම්බ උනේ නෑ. මේ පාරත් ඒකිගෙ කට වැහිලා ගියා. හැබැයි මගෙ අත නිසා නෙවෙයි එයාගෙම තාත්තාගෙ අත නිසා. ඔව් මේ පාර ඒකි කෑවෙ ඒකිගෙම තාත්තාගෙන්.

” තව එක වචනයක් කියන්න ලෑස්ති වෙන්න එපා තෝ. ලෑස්ති වෙයන් ඔසී ඉන්න නැන්දා ලගට යන්න. තෝව හුරතල් කරලා හැදුව නිසා තමා මේ සේරම. තොපි වගේ ලමයි හැදුවට වැඩිය හොදයි යකෝ වැස්සියෙක් හැදුව නම්..

නිකේත් පුතා මෙයාගෙ වැරදි වලට අපිට සමාවෙන්න දරුවෝ. මම දන්නවා  සමාවෙන්න කිව්වා කියලා  හැමදෙයක්ම හරියන්නෙ නැ කියලා. ඒත් සමාවෙන්න දරුවෝ. ආය මෙයාගෙන් ඔයාට කිසිම කරදරයක් වෙන්නෙ නෑ මම ඒක ඔයාට පොරොන්දු වෙනවා. ආයෙත් පාරක් අපිට සමාව දෙන්න..”

මාම කියපු දේ අහගෙන හිටපු මම කිසිම දෙයක් නොකියා  එන්න ආවා. මට තවත් එතන ඉන්න ඕනෙ උනේ නෑ. මම දන්නෑ දිනුල්‍යා එයාගෙ වැරැද්ද තේරුම් ගත්ත ද නැද්ද කියලා හැබැයි මම දන්නවා ආය එයාට නටන්න ලැබෙන්නෙ නෑ කියලා.

.

.

.

නුවර කියන්නෙම ආදරණීයන්ගෙ නගරයලු. ප්‍රේමයේ තෝතැන්නලු. ආදරයේ නවාතැනලූ.. නුවර අහස යට ආදරේ හරි ලස්සනයිලූ..

හැමොම කිව්වෙ එහෙම. අනිවාරෙන් එහෙම තමා මොකද නැත්තෙ. මොකද මාත් වින්දා නුවර අහස යට ආදරයක්. මේ නුවරදිම මුණ ගැහුන ආදරණීය මනුස්සයෙක්ගෙ ආදරයක්. කවදාවත් අමතක කරගන්න බැරි උන අදටත් හිත අස්සෙ හැංහිලා මතක අවුස්සලා යන ලස්සනම ලස්සන ආදරයක්. ඔව් මමත් කාලෙකට කලින් නුවර අහස යට ලස්සන ආදරයක අයිතිකාරයක්.

මේ පාරවල් දිගේ අපි කොච්චර යන්න ඇති ද.අපි දෙන්නා  නුවර නොගියපු තැනක් නැතුව ඇති. අපෙ ආදරණීය මතක මේ නුවර පුරාම ඇති බං. මේ නුවර වැව අනිත් අයගෙ වගේම අපෙත් ආදර රහස් හංගන් ඇති නේද බං අදටත්. මගෙ කොච්චි කරල කොච්චර මාත් එක්ක රන්ඩු කරලා තරලා වෙලා ඇති ද මේ තැන් වල.

මම දන්නෑ ආයෙ මට ලැබීමක් තියෙයි ද කියලා. ලැබුනත් නොලැබුනත්;  මැණික මම උබට තාමත් ආදරෙයි බං.

මෙච්චර වෙලාම මගෙ අත උඩ වේලි වේලි තිබුන කඩල ගොට්ටෙන් ටිකක් කටට හලාගෙන ආදරණීය හදවත් වල රහස් හංගන් ඉන්න නුවර වැව දිහා බැලුවා. මම දන්නෑ මම  මෙතනට කීයට ආවද කියලා. දිනුල්‍යාගෙ ගෙදර ඉදලා ආපු මම කෙලින්ම නැවතුනෙ මම දැන් ඉන්න වැව රවුමෙ බංකුව උඩ. මට ගෙදර යන්නවත් හිතක් තිබුනෙ නැති තරම්. මෙතනට ආව වෙලාවෙ ඉදලා මම කරේ මගෙයි ආයුගෙයි මතක අවුස්සපු එක. උදේ ඉදලා නොකා හිටියත් මට බඩගින්නක් දැනුනෙ නැති තරම්.

ස්ස්ස්..ආව්.

වැව දිහා බලාගෙනම කඩල ගොට්ට ඇතුලට අත දාන්න ගිය මම ඒ පයින්ම අත එළියට ගත්තෙ දැනුන දැවිල්ල නිසා. දකුණු අතෙන් දැවිල්ල ආපු නිසා මම පොඩ්ඩක් බැලුවෙ මොකද කියලා. එතකොටයි මම දැක්කෙ ඇගිලි හතරම සීරිලා තියන විදිහ. ඒ සීරුන පාරවල්වල මිරිස් ගෑවුන නිසා තමා දැවිල්ල අල්ල්ලා තිබුනා. ඒත් එක්කම මගෙ කට කොනට හිනාවක් ආවෙ මේ විදිහට තුවාල උන හේතුව මතක් වෙලා.

සමරවීර.. ඔව් ඔව් සමරවීර නිසා තමා. මට මතක් උනේ කලින් දවසේ රෑ ඌට සලකපු විදිහ. ඒ සලකද්දි තමා උගෙ කරාඹුව වැදිලා මේ තුවාල උනේ.

ඌ ආයු ගැන ඇහැ ගහගෙන ඉදලා තියෙන්නෙ ආයුව දැකපු දවසේ ඉදලා. ඒ කියන්නෙ මීට අවුරුදු හතර හමාරකට විතර කලින් ඉදලා. ඌ හදල තියෙන්නෙ ජීවත කාලෙටම ආයුව උගෙ ලගට ගන්න. ඒකට තියන එකම බාදාව විදිහට ඌ දැකලා තියෙන්නෙ මාව. මාව ආයුගෙන් ඈත් කරන්න ඌ ගහලා තියෙන්නෙ එසේ මෙසේ ගේමක් නෙවෙයි.

ආයුගෙ තාත්තා අහු වෙන විදිහට මට තර්ජනය කරලා ආයුව ලගට ගන්න තමා ඌට ඕනෙ වෙලා තියෙන්නෙ. ලේසියෙන් ඒක කර ගන්න බැරි වෙනකොට ඌ අන්තිමට මාව මරලා දාන්නම හැදුවා. ඒත් උගෙ වැඩෙ හරිගියෙ නෑ. අන්තිමට උනේ මගෙ තාත්තා තාමත් කකුල් හොද කර ගන්න බෙහෙත් බදින එක.

කොහොම හරි ශේන් කාරයාගෙ මාර්ගෙන් දිනුල්‍යාත් මේකට සම්බන්ධ වෙලා තිබුනා. හැබැයි ඒකි තනිකරම රූකඩයක් විතරයි. අරූගෙ අතේ නැටවිලා තියෙන්නෙ. මගෙ ගැන ආයුගෙ හිතෙ වැරදි ප්‍රතිරූපයක් මැව්වෙ තනිකරම දිනුල්‍යා. උන්ට ඕන දේ උනා. ආයු මාව අවිශ්වාස කරා ඒකෙන් උන්ගෙ වැඩේ ලේසි උනා. ඒත් උන්ට ඕනෙ විදිහට හැමදේම සිද්ද උනත් අන්තිමට හිතුවෙවත් නැති විදිහට ආයු පැනලා ගිය නිසා උන්ගෙ ප්ලෑන් හැමදේම විනාශ උනා. කාටවත් හොරෙන් ආයු මෙහෙන් ගියාම උන් නිකන්ම පරාද උනා. හැබැයි උන් කොහොම හරි දැනගෙන තියනවා ආයු pregnant කියන එකත්. කේනු කියන්නෙ මගෙ දරුව කියන එක මම දැන ගත්තෙ එතනදි. දිනුල්‍යා පවා ඒක දැන ගෙන ඉදලා තියනවා. උන් හිතාගෙන ඉදලා තියෙන්නෙ ආයුව කොහොම හරි හොයාගන්න ඒක නිසාම තමා ආයු බදින්න රට ගියා කියන එක මට දැන ගන්න සලස්වලා තියෙන්නෙ. ඒ තරම් ආයුට පෙරේතකමේ ඉදලා තියෙන්නෙ මේ නාකියා.

ඒත් උන්ට ආයුව හොය ගන්න අවුරුදු හතරක් ගියා. ඇත්තටම හොයා ගන්න නෙවෙයි හම්බ වෙන්න. උන් ආයුව හොයන එක නතර කරලා තිබිලා තියෙන්නෙ. ඒත් අන්තිමට  දිනුල්‍යා ආයුව අහම්බෙන් මෙහෙදි දැකලා සමරවීරකාරයට කියලා තියනවා. ඊට පස්සෙ තමා ඌ මෙහෙට ඇවිල්ලා තියෙන්නෙ. ඇත්තටම එහෙම දෙයක් දන්න්වා නම් කවදාවත් මම දිනුල්‍යාට ආයුව මුණ ගැහෙන්න දෙන්නෙ නෑ.

මේ හැමදේම සමරවීරකාරයාම තමා ඊයෙ කිව්වෙ. ඌට දෙක තුන වදිනකොට ඔක්කොම වැමෑරුවා. බල්ලා.

ඇත්තටම සමරවීර කියන්නෙ නුවර තියන නීති විරෝධී ගණිකා මඩම් වැඩි ප්‍රමාණයකම අයිතිකාරයා. ඒ වගේම තව තව නීති විරෝධී ව්‍යාපාර ගොඩක් කරගෙන ගිය එකෙක් තමා ඌ. ඌ ඉදලා තියෙන්නෙ පොලිසියෙන් කට්ටි පැන පැන.   

ඊයෙ ඌට හොදට සලකලා මනුලගෙ උදව්වෙන් පාන්දරම පොලිසියට අල්ලලා දෙන්න පුලුවන් උනා. ඌට කොච්චර හොදට සලකව්වද කියනවා නම් අන්තිමට ඒකට සිහිය් තිබුනෙත් නෑ.  මුලින්ම අතවර නඩුවකට ඇතුලට දාන්න ගියත් අන්තිමට දවසක් යන්නත් කලින්  උගෙ ෆයිල් ඔක්කොම එළියට ආව එක තමා උනේ. නීතිය පැත්තෙන් උන හැමදේටම උදව් කරේ මනුලයා තමා ඉතින්. අපෙ නුවර පොලිසියෙ OIC නේ ඉතින්. ඌට බැරි නම් කාට ද පුලුවන් ඒ දේවල් කරන්න. උගෙ හැම ජඩ වැඩකටම උදව් කරපු ශේන් කාරයත් අන්තිමට ඇතුලට ගියා. තාම නඩුව නම් ගියෙ නෑ. ඒකත් ලගදිම තියෙයි. කොහොමත් ආය උන්ට ගැලවීමක් නෑ. තාම පරීක්ෂණ කරගෙන යන ගමන්. දිනුල්‍යාව ඇතුලට දාන්න තරම් වරදක් නැති නිසා තමා ඒකි එළියෙ ඉන්නෙ තාම.

හ්ම්ම්ම්… හැමදේම හොද විදිහට සිද්ද උනා.ආයෙ ආයුට කිසිම විදිහකින් කරදරයක් නෑ.

ඒත් මම දන්නවා ආයුගෙ හිතේ මට කිසිම ඉඩක් ආයෙ නැ කියලා. අද උදේ කියපු වචන වලින්ම ඒක තේරුනා මට. මට ආසයි මගෙ දරුවව පොඩ්ඩක් වඩාගෙන හුරතල් කරන්න. මෙච්චර කාලයක් නොදැන හිටියට ඒ ඉන්නෙ මගෙ දරුවා කියලා දැන ගත්තම මට දැනුනෙ ලෝකෙම දිනුවා වගේ හැගීමක්. සමරවීරකාරයා මුලදි කියද්දි මම තිබුනෙ සැකයක් විතරයි ඒත් ආයුම ඒක කියද්දි මට හිතුනෙම කේනුව බදාගෙන ඉබගෙන ගිහිල්ලා මම උබගෙ අප්පච්චි කියලා කියන්න. මම හිතන්නෙ ඒ වෙලාවෙ මගෙ හිතට දැනුන හැගීම වෙන්න ඇති හැම අප්පච්චි කෙනෙක්ගෙම හිතේ තියෙන්නෙ.

මට හරි ආසයි ආයු එක්ක මගෙ දරුවා එක්ක ජීවත් වෙන්න. ඒත් මමම ඒ අයිතිය නැති කරගෙන ඉවරයි. මම හැමදේම ආයුට කිව්වා නම් මේ දේවල් මෙහෙම නොවෙන්න තිබුනා. ඒත් මම එහෙම කරේ ආයු ගැන හිතලා දෙවියනේ. ආයු මානසිකව වැටිලා දුක් වෙනවට මම කැමති උනේ නෑ. මට ඒ උන හැමදෙයක්ම උනේ ආයු නිසා කියලා හිතනවට  මම පොඩ්ඩක්වත් කැමති උනේ නෑ. එයා ගැන හිතලා ගත්ත තීරනේම අන්තිමට අපිට අවුරුදු ගානක් විදවන්න හේතුවක් උනා. හැමදේටම වැරදි මම. මට කවදාවත් ඒ වැරැද්ද හදා ගන්න අවස්තාවක් ලැබෙන එකක් නෑ.

කොහොමත් ආයු මට දරුවට ලං වෙන්න දෙන එකක් නැති වෙයි. උදේ කිව්ව දේවල් ඇහුනනෙ. මට තේරෙනවා එයාගෙ වේදනාව. ඒත් මම මොනා කරන්න ද දෙවියනේ. මමත් ඒ වෙලාවෙ අසරණ උනානෙ. ආයුගෙ කටින් පිට උන ඒ වචන ඇහුනෙ නැතුව තිබුනා නම් කියලා හිතුන වාර අනන්තයි. ඒ තරමට ඒ වචන හරි තියුණුයි.

කමක් නෑ මම උන් දෙන්නා දිහා ඈත ඉදලා බලාගෙන සතුටු වෙනවා. උන් දෙන්නා සතුටින් නම් ඒ ඇති…

ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං

මෙච්චර වෙලාම උන දේවල් කල්පනා කරන ගමන් හිටපු මම ආයෙත් මේ ලෝකෙට ආවෙ මගෙ ෆෝන් එක ring වෙන්න ගත්ත නිසා. මම පොකට් එකට අත දාලා ෆෝන් එක අරගෙන බැලුවෙ කවුද කියලා. සේව් කරලා නැති නම්බර් එකක්. කවුද දන්නෑ. මම එහෙම හිත හිතම කෝල් එක ආන්සර් කරලා කනේ තියා ගත්තා.

” හෙලෝ..”

” හෙලෝ තමුන් කොහෙද ඉන්නෙ…?”

මේ කවුද යකෝ මේ. එහා පැත්තෙන් ඇහුනෙ බැරැන්ඩි උන කඩ හඩක්. හුරු පුරුදු උනාට හෙම්බිරිස්සාව හැදිලා කඩහඩ විකෘති වෙලා කියලමයි මට හිතුනෙ.

” කවුද මේ…”

” තමුන්ට මගෙ කටහඬ අදුර ගන්න බැරි ද ආ.”

තනිකරම ගහගන්න වගේමයි ඒකා කතා කරන්නෙ . ඇත්තටම මට අදුරගන්න බෑ ඒ කතා කරන්නෙ කවුද කියලා. මම හ්තන්නෙ වැරදි නම්බර් එකක් ද කොහෙද. මම ඒක කියන්න කට ඇරියත් ඊලගට එහා පැත්තෙන් කියපු දේත් එක්ක මට දැනුනෙ මගෙ කකුල් දෙකත් එක්ක පණ නැතුව යනවා වගේ.

” මම අයුක්ෂ කතා කරෙන්නෙ මනුස්සයො… ආඔව් ඉතින් ගෑනියෙක්ගෙ කටහඩක් නම් අදුර ගනී ඉක්මනට අපෙ කටහඩවල් කොහොම අදුර ගන්න ද…..”

___________________________________________

• හැම ප්‍රශ්නයක්ම ඉවරයි…. දැන් තියෙන්නෙ ආයුටයි තේව්ටයි යාලු වෙන්න තමා. මම නම් දන්නෑ ඒ දෙන්නා බලාගනී ඒවා… 😌❤️

• දෙන්නව යාලු කරන්න ද ඉතින්…?

• ආයු මොකටද තේව්ට කතා කරේ…?

• හොදටම මහන්සියෙන් ටයිප් කරේtyping mistake තිබුනොත් සොරි හොද ද..

• මගෙ කතාවට ආදරේ කරන හැමෝටම ස්තූතියි ඒ වගේම ආදරෙයි… ❤️💚

• ඉක්මනට ඊළග කොටසින් මුණ ගැහෙමු….

…Nethu…

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 45, novel À¶†À¶ºà·” (Completed) Âœ” 45, read À¶†À¶ºà·” (Completed) Âœ” 45 online, À¶†À¶ºà·” (Completed) Âœ” 45 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 45 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 45 light novel, ,

Comment

Leave a Reply

Chapter 45