À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දහනමවෙනි කොටහා

A+ A-

” කොල්ලෝ මේ කොස් මදුලු ටික විජහට විජහට ගලෝලා කොරහට දාහන්කෝ ”

සෙනසුරාදා නිසා තේ වත්තේ වැඩට මන් උදේන්ම නැගිටලා යන්න හිටියත් අද ලොකු හාමු කිව්වා තේ වත්තේ වැඩ අද නැහැයි කියලා. 

ඉතින් කුස්සියේ පැත්තට ගියාපු මන් කහට කෝප්පයක් වක් කරන් තොල ගගා මනෝ පාරක කිමිදිලා ඉද්දී කමනි නැන්දා මට‍ කොස් මදුලු ගලවන්න කියලා කිව්වේ දඩාර කොස් ගෙඩියකුත් පෙන්නලා.

” මේ ටික දවල්ට නෙවෙයි ද නැන්දේ උයලා ගන්නේ “

මයෙ සරම් කොටෙත් ගැට ගහන් එහෙම ඇහැව්වේ කොහොමත් උදේ කෑම වෙලාවට කොස් ටික උයලා ගන්න වෙලා මදි නිසා.

“  දවල්ට තමා දරුවෝ උයන්නේ. පොඩි බේබිගේ කොළඹ මහත්තයෙකුත් අද එනවැයි කිව්වේ. ඒ මහත්තයත් ආසා වෙයි මෙව්වගෙ ගමේ කෑම කන්න “

වලන් මැද මැද හිටපු කමනි නැන්දා එහෙම කිව්වයින් පස්සේ තමයි මටත් මතක් වුනේ බේබී හාමුගේ යාලුවා එනවා කියලා.

උදේ කෑමත් කාලා මන් බේබීව බලන්න
කාමරේට යන්න ගියත් ඊයේ රෑ එයා කියාපුවා මතක් වෙලා එළියට ටිකක් ගියේ පැටියවත් එළියේ ඉන්නවද කියලා බලන්න.

මන් යද්දී පැටියා අඹ ගහ යටට වෙලා කෝම්පිට්ටු බත් උයනවා. හිච්චි සුදු පාට ජංගි කොටයක් ඇදන් හිටියට මොකද  කොල්ලා නැමී ගෙන ඉන්න නිසා පස්සෙන් භාගයක්ම එළියේ.  කොල්ලගේ කොන්ඩේ කපලා නැති නිසා බොකුටු ගතිය තවත් වැඩි. ඇත්තටම දැන් නම් චූටි කෙලි පැටික්කියක් වගේම තමයි බලාපු අතත් නෑ .

“  අද වත්තේ වැඩ නෑද කොලුවෝ “

පැටියා දිහා බලන් හිටිය මට ඇහුනේ ලොකු බේබීගෙ කටහඩ.

” නෑ බේබී අද නැහැයි කීවානේ ලොකු හාමු “

මන් බේබී එක්කලා කතා කර කර ඉද්දී මයෙ කටහඩ ඇහිලාද කොහෙදෝ පොඩ්ඩා එක අතකිනුත් කලිසම උස්ස උස්ස දුවන් දුවන් ඇවිල්ලා ඒ වැලි අත් වලින්ම මාව බදා ගනිද්දී මන් කරේ පහළට නැවිලා කොල්ලා ඇදන් හිටපු කලිසම් කොටේ ඉලස්සටික් එක තද කරපු එක .

“  කොල්ලා වලව්වේ ඉන්න අනිත් ඈයෝන්ට වඩා නිලූෂට ගොඩක් මනාපයි වගේ “

ලොකු බේබිගේ ඒ හීනි වෙච්ච ඇස් මයෙ මුළු මූණ පුරාම දුවන්න ඇති.  කොහොමත් මන් පැටියා ගැන අනිත් අයට වඩා බලන නිසා වෙන්නැති මට මේ තරම්ම පුංචි එකා ලැදි.

“  එහෙයි බේබී මාත් කොල්ලා එක්කලාම ගොඩක් වෙලාවට සෙල්ලම් කරනවා නි….  “

මන් ලොකු බේබී එක්කලා කතා කරන එකත් නවත්තලා බැලුවේ වලව් වත්ත ඇතුළට දාපු අලුත් ජීප් එකක්‌ නිසා.  මයෙ ළග හිටපු පැටියත් ඒ දිහා බලන් ඉද්දී මන් කොල්ලව උස්සලා අර ගත්තේ මයෙ අත් අතරට.

ජීප් එකේ සද්දේ නිසාද කොහේදෝ ලොකු හාමුයි මැණිකෙයි දෙන්නාම එළියට ආවේ දෙව්මිත් මැණිකේ පස්සේ මේ පැත්තට දුවන් එද්දී .  එහෙනම් මේ බේබී හාමු කියාපු එයාගේ කොළඹ යාලූවාවත් වෙන්නැති.

වාහනෙන් බැහැපු ඒ කෙනා අනිත් පැත්තට ගිහිල්ලා වාහනේ දොරත් ඇරලා එළියට ගත්තු පොඩි එකෙක්ගේ අතිනුත් අල්ලන් මේ පැත්තට එද්දියි මන් ඒ රූපේ දැක්කේ.  බේබීගෙ යාලූවා වුනාට මොකද පොඩ්ඩක් විතර බේබී වගේ පෙනුමෙන් නම් .

“  පුතා එනවැයි කියලා අපෙ පොඩී ඊයේ ඉදන් අපි එක්කලා කිය කියා හිටියේ නේද මහත්තයෝ “

ලොකු මැණිකේ කට පුරාම හිනා වෙලා එහෙම කියලා ඒ කෙනාගෙ අතින් අල්ලන් මයෙ අතේ හිටපු පැටියා දිහාම බලන් හිටපු ඒ පොඩි කොල්ලව අල්ලන්න ගියත් හරි කොල්ලා ඉක්මනට පිටි පස්සට වුනා.

” කෝ නැන්දේ වීරා පේන්නවත් නෑ. “

මට අහන්න ඕනී වෙලා තිබ්බ ඒ ප්‍රශ්නේ එයා අහද්දී මාත් ඒ ළගට ගියේ ලොකු මැණිකෙගේ කතාවත් අහන්නත් එක්කලමයි.

” ඕන් අපේ දෙනුවන් පුතා එක්කලා ගියා නොවෑ බඩු වගයක් ගේන්න හන්දියේ පැත්තට.  පුතා යමු ඇතුළට ගොහිල්ලම කතා කරමු “

එහෙම කියලා මාත් එයාලත් එක්කලා පස්සෙන් යන්න යද්දී මයෙ අතේ හිටපු නුරාද දගලලා දගලලා බිමට පැනලා තාමත් පිටි පස්ස හැරී හැරී අපේ පොඩ්ඩා දිහා බලන් යන පොඩි එකා ළගට රේස් එකේ දුවන් ගිහිල්ල එයා ළගින්ම ඇතුළට ගියේ මෙච්චර වෙලා හිටපු මාවත් අමතක වෙද්දී.

” ඒයී කොල්ලෝ මෙහෙ වරෙන් මේ කොල්ලව එහාට්ට ගන්න. බලන්න ඔලුවේ ඉදන් වැලි නාලා. ”

ලොකු මැණිකේ මට කතා කරද්දියි අර බේබිගේ යාලුවා මයෙ දිහා හොදට බැලුවේ.  මාත් එයා ළගටම ගිහිල්ලා එයාගේ ළමයගේ ළග හිටපු නුරදව මන්  ගන්න යද්දි මන් දිහා බලන් හිටපු ඒ ඇස් ටිකක් ගැස්සිලා ඉක්මනින් ආයේ වෙන පැත්තක් බැලුවා.  මාත් ඉක්මනින් පැටියව අරන් ළිද ළගට ගියේ පැටියත් එතැනින් එන්න අදි මදි කරද්දි .

“  ඇග තුත්තක් සෝදලා සූද වෙලා ඔයාගේ යාලුවා ළගට යමු හොදේ “

මන් කොල්ලයේ අත පය හෝද හෝද එහෙම කිව්වත් කොල්ලා නෙවෙයි පොඩ්ඩක් වත් කට හෙලෙව්වේ.  ඒත් පැටියාගෙ මූණට එකපාරටම හිනාවක් ආවත් හරි මන් හැරිලා පිටි පස්ස බලද්දියි දැක්කේ මේ පැත්තට ඇවිදගෙන ඇවිදගෙන එන පොඩ්ඩව. ඒ ළමය හරි ලස්සනයි බලා ගෙන ඉන්න ආස හිතෙන පෙනුමක්‌ තමයි තියෙන්නේ.

” පැටියෝ මල්ලි බබා හොයන්ද ආවේ ආ”

” මාමියෝ බබාව මත දෙනෝද මාමි ”

අප්පටසිරි මේ කොල්ලට මන් නාකියෙක් වගේද පෙන්නේ එතකොට මාමි මාමි කියන්න . කොල්ලා මයෙ ළගටම ඇවිල්ලා බෙල්ලත් උස්සලා එහෙම කියලා අපෙ නුරාද අතින් අල්ල ගත්තේ නුරාදගේ ඇසුත් දිලිහෙද්දි.

“  අයියා බබාව දෙන්නම්. අර ගල උඩින් දැන් ගිහිල්ලා ඉදන් ඉන්නකෝ. නැත්තන් මටත් ඔයාගේ ඇගට බාල්දියක් වක් කරන්න වෙන්නේ “

මන් එහෙම කියද්දී මෙයා නුරාදටත් හිනාවක් දාලා වෙලෙච්ච රෙදි අපුල්ලන ගලෙන් ගිහිල්ල ඉද ගත්තා.

” ඔලාගෙ නම මොකාත “

” නා නා….. “

අර කොල්ලා නුරාදගෙන් නම මොකද්ද කියලා අහද්දී අපෙ කොල්ලගේ කටින් පිට වුනේ නා නා කියන අකුරු දෙක විතරයි.

“  නුරාද ”

” නුලාද විතලද මදේ නම සාහුල් දිදුලත”

මන් නුරාද කියද්දී නුරාද විතරද කියලා අහපු ඒ කොල්ලා එයාගේ නම කිව්වා

” නෑ නෑ නුරාද අහස්. ඔන්න දැන් හරි ඇග හෝදලා “ 

එහෙම කිව්ව මන් පැටව් දෙන්නත් එක්කලා ගියේ බේබී ගෙ කාමරේට.

” මන් පීන්නම් මාමි “

” ආ මන් මල්ලි බබාට ලස්සන ඇදුමක් ගෙන්නම්කො. “

ඇද උඩ තිබ්බ නුරාද පිහද පිහද ඉන්නකොට අර කොල්ලත් ඇද උඩට ඇවිල්ලා මගෙන් තුවායත් ඇදලා මන් පිහන්නම් කියද්දි මන් ඒක දීලා බේබිගේ කබඩ් එක ළගට ගිහින් ඒක ඇරියා.

මගෙ දෙයියනේ පැටියගෙ රෙදි ටිකයි මහ උන්දැගෙ රෙදි ටිකයි පුළුවන් තරම් උන්ඩි කරලා උන්ඩි කරලා ඔහේ දාලා.  පොඩ්ඩක් එහෙම මට‍ මේක බලන්න බැරි වුනොත් ඉවරයි ඉතින්.

ලා කහ පාට චූටි කලිසමක් අරගෙන සුදු කමිසෙකුත් අරන් ඇදට යද්දි මයෙ චූටියා එක්කලා අරයා හෝ හෝ ගාලා කතා කරනවා.

” පැටියගෙ වයස කීයද “

මන් බේබී ක්‍රීම් ටිකක් අතට අරන් නුරාදගෙ මූණේ උලද්දි මන් පැටියගේ වයස ඇහැව්වේ ඒ මූණේත් ක්‍රීම් ටිකක් උලලා.

” හතලයි නේ මාමියෝ. මෙලාත කීද “

අපෙ අප්පේ මන් හිතුවේ එක වසරෙවත් ඉන්න කොල්ලෙක් කියලා. බැලින්නම් නුරාදගේම වයසේ පොඩි එකෙක්නෙ.

” මෙයාගෙත් හතරයි තමා “

මන් එහෙම කියද්දී කොල්ලා ඇසුත් ලොකු කරන් නුරාද දිහා බලද්දී නුරාදත් හිනා වෙලා ඇදෙන් පැනලා එයා ළගට ගිහින් හිට ගත්තා.

” සූති මල්ලි බබෙක් නෙවෙ. ලුකු බබෙක්.  මෙයා මාත් එත්ත ගොදක් කතා කලන්නේ නා නේ මාමියෝ “

” එයාට කතා කරන්න බැහැ නේ “

” ඇයියේ මාමි “

එයාට කතා කරන්න බැහැ කියලා අහද්දී මේ කොල්ලා ආයේ ඇයි කියලා අහනවා.

” මෙයාගේ කටින් වචන කියන්න අමාරුයි. කතා කරන්න බෑ ල “

” නිලූෂ දෙව්මි කිව්වේ ඔයා මයෙ කාමරේට ගියා කියලා. අප්පා දෙන්නා ඉක්මනට යාලූ වෙලානේ. අන්න දෙන්නට කිරි හදලා. පුතේ නුරාද රාහුල් වත් ඉස්සරහට ගෙනියන්න. අක්කි ගාව ඇති ඔයාගෙ කිරි එකත් “

බේබී එහෙම කියද්දී නුරාද රාහුල්ගේ අතිනුත් ඇදගෙන එළියට ගියත් හරි මයෙ අතින් ලොකු හුස්මක්‌ පිට වුනා.

” එන්න යමු අපි දෙන්නත් ඉස්සරහට. දිනුලලා තේ බොනවා “

” ඉන්න ටිකක් ”

එහෙම කිව්ව මන් එයා ළගට ගිහින් ඒ මූණට නැවිලා මන් කරේ ඒ ඇස් අස්සේ කිමිදෙන එක.

” න් නි ලූෂ. පහළ කට්……  ”

එයා මොන මොනාදෝ දොඩවන්න හදද්දී  මයෙ තොල් වලින්ම ඒ කට වැහුවේ මයෙ හිතම දැන් ආල රාගෙන් පිරිලා යද්දි.  දැන් තමයි බේබිත් පිස්සුවෙන් වගෙ වැඩ පටන් ගන්නේ.

එයාගේ අත මයෙ සරම් ගැටේට යද්දි මගෙ අතින් එයාගෙ දැනටමත් විවර වුණු පපුවෙන් එක පැත්තක්ම මිරිකෙද්දී එයා මයෙ ඇගට කෙදිරිල්ලකුත් පිට කරන් වාරු වුනා.  ඊයේ රෑ කරන්න බැරි වුනු රාග රැගුම් මේ ආවේලාවේ අපි දෙන්නා පිස්සුවෙන් වගේ කරන් කරන් ගියේ වේගෙන් පිට වෙන හුස්ම හඩවලුත් ලා කෙදිරිලිත් මැද්දේ.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.

” උබ නා ගෙන එන්නද මෙච්චර මේ වෙලා ගත්තේ ඈ වීරා “

නිලූෂ එක්කලාම මෙච්චර වෙනකම් හිටපු මන් දාඩියත් හේදිලා යනකම් නා ගෙන පහළට යනකොට දිනුලයි අපෙ අප්පච්චියි අයියයි හිටියේ බර කතාවක.
මන් එතැන්ට එනවා දැකපු දිනුල එහෙම අහද්දී මට‍ හිනාවක් ගියේ නිලූෂ ව මතක් වෙලා.

” ඔව් බන් රෙදිත් හෝදලා නා ගත්තා මන්. කෝ පැටව් දෙන්නා “

නුරාදයි රාහුල් වයි සාලේ පේන්නවත් නැති නිසා මන් එහෙම අහද්දී අයියා කරේ අතින් එළිය පෙන්නුව එක.

” දෙන්නට අපිව ගානක් වත් නෑ බන් “

දිනුල එහෙම කියලා සාලේ දොර දිහාවට යනකොට මාත් දොර ළගට ගිහින් එළිය බලද්දීයි දැක්කේ ඊයේ අඹ ගහේ අත්තක ගැට ගහලා නුරාදගේ පුංචි ලී පුටුවකින් හදාපු ඔන්චිල්ලාවේ ලාවට පැද්දි පැද්දි ඉන්න පැටව් දෙන්නව.  රාහුල් එයාගේ කකුල් වලින් පොඩ්ඩ පොඩ්ඩ වාරු අරන් ඔන්චිල්ලාව පදිද්දී අපෙ කොල්ලත් ඔක්කේ ඉදන් හිනා වෙවී ඉන්නේ දෙපැත්තෙන්ම පැද්දෙන ඒ ලණුවත් අල්ලගෙනම.

එළියට ඇවිල්ලා ලොකු ඔන්චිල්ලාවෙන් අපි දෙන්නා වාඩි වුනේ ඉස්සර කාලේ ඒවා ගැනත් කතා කර කර.

” ඈ බන් ලෝරා ඒ කියන්නේ එදා වෙච්ච දේවල් උබේ අප්පච්චිත් එක්කලා කියලාද “

” ඔව් බන්. ඒකිගේ තාත්තා එක්කලත් කියලා එක්කනේ. ලොකු වලියක් ගියා බන්. ඒකීට ළමයෙකුත් හම්බෙන්න හිටියද මන්දා . හැබැයි ඒකී අපෙ අයියා බදිද්දී නම් කිව්වේ එයාට ළමයෙක් හම්බෙන්න හිටියේ නෑයී කියලා.  කොහොමත් බන් එදා වෙච්ච එකෙන් කොහොමද කියන්නකෝ ඒකීට ළමයෙක් හම්බෙන්නේ. එතැන්ට කට්ටියත් ආපු නිසා අපි දෙන්නම හොස්ටල් එකට දිව්වනේ. ඒකීට ටික වෙලාවකින් සිහිය ඇවිල්ලා යන්නත් ඇති. ආයේ ඕකේ අස්සට මොකා රිංගන්… ”

” අප්පත්ති මන් බබාව ගෙදල එත්ත නන්නද ආ අප්පත්ති ”

රාහුල් දුවන් දුවන් ඇවිල්ලා එහෙම කිව්වේ නුරාදත් ඇවිල්ලා මයෙ ඔක්කට පනිද්දී.

” එතකොට මේ මාමිට බබෙක් නෑ නේ “

” එලාත බබෙත් ගේන්න කීන්නකෝ. මෙලා මදේනේ අප්පත්ති “

රාහුල් ඒ කිව්ව විදිහට අපි දෙන්නටම බකස් ගාලා හිනා ගියා. මන් ඉතින් ඒ චූටි හුරතලේව ඔක්කට ගනිද්දී අපෙ කොල්ලත් ඔන්චිල්ලාවට නැගලා මයෙ බෙල්ලේ එල්ලුනේ හරියට හීනිවට ඉරිසියාවක්‌ හිතිලා වගේ.

” නුරාද බබී එන්න මාමි ළගට. උබේ මූණම තමයි බන් කොල්ලට තියෙන්නේ.    ඇයි මෙයා මෙච්චර පොඩි කන්නැද්ද කොල්ලා. බලන්න කෝ අපෙ එකා මෙයා වගේ දෙකක් ඉන්නවා ”

” බත් කන්න හොරයි බම්. චීස් නම් හැබැයි කන්න හරි පෙරේතයි. ඒක නෙවෙයි බන්  උබ එතකොට ආයේ කොළඹමද ඉන්නේ ආයේ කැනඩා යන්නෑ ”

” නෑ බන්. අප්පච්චිගෙ හොටල් එකත් දැන් නම් හොදට කෙරීගෙන යනවා. ඉස්සරට වඩා ඒක හොදයි. කොච්චර වුණත් මයෙ පැටියත් හරි කැමති ඒ ගෙදරට.  මාත් අප්පච්චියි අම්මියි එක්කලා පොඩි කාලේ ඉදන් හිටපු ගෙදරනේ ඒ. ඒ දෙන්නා ඉන්න කාලේ හරි ආදරෙන් එකට හිටියේ. හොද        තැන ක ඇති දැන් ඒ දෙන්නම. ”

ලොකු හුස්මක් පාත දාපු දිනුල ඔහේ ඈතක් බලන් ඉද්දී අපෙ පැටියා කරේ එයාගේ අතේ බැදලා තිබ්බ ඒ ඔරලෝසුව අත ගගා හිටපු එක. ඒක දිනුලගේ අප්පච්චිගෙ වෙන්නැති. ගොඩක් පරණ එකක්.

” පැටියා ඒකට ආසයි ද ම් “

” ඔ “

දිනුල දිහා බලන් මයෙ පැටියා ඔ කියලා ආයේ හිනා වෙවී ඒ ඔරලෝසුව අත ගගා හිටියෙ පැටියට ඒකට ආස හිතිලා වගේ .

” මේක අපෙ අප්පච්චි අපෙ අම්මිට එයාගේ සල්ලි වලින් ඉස්සෙල්ලම අරන් දුන්නු ඒ ඔරලෝසුව.  මන් ඉතින් ගත්තා”

ටිකක් වෙලා කතා කරපු අපි ආවේ ඇතුළට.  අපි ඇතුළට යද්දි අපෙ අම්මයි කමනි නැන්දයි දෙව්මියි කෑම මේසේ ලෑස්ති කරනවා හෝ ගාලා.

” අම්මේ කෝ පලතුරු ටික මේසෙට ඇරියේ නෑ ”

ඇත්තටම මේසේ මන් උදේ අරන් ආපු පළතුරු ටික පේන්න නැති නිසයි මන් අම්මගෙන් එහෙම ඇහැව්වේ.

” අර කොල්ලා ඒ ටික සුද්ද කරන් ගෙනෙයි පොඩි. එන්න දරුවෝ ඇවිල්ලා බත් ඩිංගිත්තක් බෙදන් කෑවා නම් ”

ආ දැන් එහෙනම් නිලූෂ දා ගෙන අන්නාසිත් සුද්ද කරනවා ඇති.  මායි දිනුලයි කුස්සියේ පැත්තට යද්දි මන් හිතුවා වගේම ඉන්නවා නිලූෂ ගස්ලබු වල පොතු රැහැ රැහැ.

” ඒ කොල්ලා කවුද “

දිනුල මන් දිහා බලන් එහෙම අහනකොට අපෙ කතාව නිසා නිලූෂත් මයෙ දිහා බැලුවේ පළතුරු කපන ගමන්.

” මෙහෙ නතර වෙලා කැම්පස් යන ළමයෙක්.  ආ අත හෝද ගන්න “

ඉතින් දිනුල අත හොදද්දී මයෙ නිලූෂ මට හිනාවක් දීලා ආයේ එයා පලතුරු ටික කපන්න ගත්තා. මට හිතුන්නෑ නිලූෂ තේ වත්තේ වැඩ කරන කෙනෙක් කියන්න. කොහොමත් එයා කැම්පස් ගිහිල්ල රැකියාවක් කරන්න පටන් ගත්තට පස්සේ මේ තේ වත්තේ වැඩ කොහොමත් කරන්නෑ.

“  ඒ කොල්ලා කොහේ එකෙක්ද. දැකලා හුරුයි දැකලා හුරුයි වගේ ”

දිනුලයා එහෙම කියද්දී මාත් ගැස්සුනා. මු කොහොමද දැකලා හුරුයි දැකලා හුරුයි ගාන්නේ.

” එයා කොළඹ “

” ම් à·„à·Š. එහෙනම් කොහේදී හරි හම්බෙලා ඇති මට මතක නැතුවට “

කිරි කොස් මාලුවයි   කන්කුන් තෙලේ දාලා හදපු මැල්ලුමයි  කුකුළු මසුයි පපඩම් වලිනුයි බැදපු කජු වලිනුයි කෑම මේසේ සුවද වෙලා තිබ්බා. අප්පච්චිත් කෑම මේසෙට ඇවිල්ලා බත් බෙදා ගනිද්දී අපිත් බත් බෙදා ගත්තා.

ඒත් එක්කම වගේ ආවේ දෙනුවන්.

” කොහෙද මේ වෙනකම් ගිහිල්ල හිටියේ පුතා. චූටි බප්පීගේ යාලුවෙකුත් ඇවිත් ඉන්නේ. උබ උදේ ඉදන් නෑ. රස්තියාදුවේ. පුතා උබත් කටපියන් හිටපන්  මේකා ඔහේ රෝන්දේ ගහනකම්. “

අපෙ අම්මා දෙනුවන් ආපු හැටියේ කරේ දොස් තියාපු එක. 

” හරි හරි අච්චම්මා මනුජ අයියලා එක්ක බෝල් ගැහුවා මන් “

අප්පටසිරි මේකා මයෙ ළමයි එක්‌කලාද සෙල්ලම් කරන්නේ උදේ හවා. පන්තියේදී මනුජ නිකමටවත් කිව්වේ නෑ නේ.

දිනුල දිහාට බැල්මක් දාලා මේ පැත්තට ඇවිල්ලා පළතුරු ටික මේසෙන් තියාපු නිලූෂටත් හිනාවක් දාලා ගියේ එයාගේ කාමරේට.

” කොල්ලෝ අඹ ටික මේ හරියෙන් තියාපන් “

” හරි ලොකු හාමු. ”

නිලූෂ මයෙ ළග තිබ්බ මාලු දීසි ටික එහාට්ට කරලා අඹ වට්ටිය තියන්න යද්දි අප්පච්චි එයාට අඩ ගැහුවේ අඹ ටික මෙතැනින් තියන්න කියලා. මන් එයා දිහාම බලන් ඉද්දැද්දි මටත් බැල්මක් දීලා නිලුෂ අප්පච්චි ළගට ගිහින් අඹ වට්ටිය තිබ්බා .

” පුතා කොස් ටිකක් දාගෙන කන්ටකෝ තව ඩිංගිත්තක් “

අම්මා කොස් එක පෙන්නලා දිනුලට එහෙම කියනකොට එයා කරේ බඩත් පෙන්නලා ඇති කියාපු එක.

රාහුල් නම් එයාගේ චූටි අතින් පිගානෙත් අනිත් අතින් අල්ලන් බත් කද්දී මන් මයෙ  පැටියට වෙනදා වගේම බත් කටවල් ගිල්ලන්න පටන් ගත්තා.
මෙයාට තනියම කන්න දුන්නොතින් ඇට දෙක තුනක් ගිලලා පිගානේත් විසි කරලා යයි යන්න සෙල්ලම් කරන්න.

හවස් ජාමේ වෙද්දී කහට කෝප්පයකුත් බිව්ව දිනුල අම්මටයි අප්පච්චිටයි වැදලා එළි බැස්සේ ගෙදර යන්න කියලා.
ඒත් ඉස්සරහ හිටපු පොඩ්ඩා දෙන්නා පේන්නවත් නැති වෙද්දී මන් අඩ ගැහැව්වේ නිලූෂට.

” කෝ ළමයි දෙන්නා “

” බේබී ටිකකට කලින් බයිසිකල් පැද පැද තමයි හිටියේ. මන් වතුර ටිකක් බොන්න කුස්සියේ පැත්තට ගිය හැටියේ පැටව් දෙන්නා කොහේ ගිහිල්ලද දන්නෑ. මන් ටිකක් බලලා එන්නම් ”

එහෙම කියලා නිලූෂ උයන පැත්තට යද්දි මාත් ගිහිල්ල ළිද පැත්ත බැලුවේ දිනුලත් එක්කමයි. නුරාද නම් කොහොමත් වලව්වේ කඩුල්ලෙන් පිට යන්නෙත් නෑ අපි කවුරුහරි නැත්තන් උයනටවත් වත්තේ පැත්තටවත් යන්නෑ.
අද ඒකට දෙන්නා එක්කලා කොහේ ගිහිල්ලද මන්දා.

” චූටි තාත්ති පොඩ්ඩෝ දෙන්නා හොයා ගත්තා “

” මත බෑ යන්න. ඔලා යන්නකූ. ”

දිනුල කොල්ලගෙන් ගෙදර යමුයි කියලා අහද්දී පොඩ්ඩා කරේ නුරාදගේ අතිනුත් අල්ලන් එයාගේ ළගින්ම හිටපු එක. තරහ  ගිහිල්ලම රාහුල්ගෙ මුළු මූණම රතු වෙලා.

” අම්මි එපාද. එයා බලන් ඇත්තේ ඔයා එනකම්. කෝ මේ සපත්තු දෙක දා ගන්න ඉක්මනින් “

කොල්ලා නෙවෙයි සපත්තු දෙක දිහා ඇහැක් ඇරලා බැලුවේ.

” ඒනම් බබා ගෙදල එත්තන් නමු අප්පත්ති ”

” වීරා මේකව උස්සන් තමයි යන්න වෙන්නේ. එහෙනම් මන් ගිහිල්ල එන්නම් බන්. යන්නම් නැන්දේ “

එහෙම කිව්ව දිනුල පැටියගේ චූටි සපත්තු දෙකත් අරන් රාහුල් ව උස්සලා අතට ගනිද්දී කොල්ලා බිමට බහින්න හදලා හදලා බැරි වුනු තැන හූ තිබ්බා.

” ගෙදල යන්න බෑ…  ඈ ඈ ඈ ඈ. බබා එත්ත යමුකු ”

පැටියව අරන් යන්න යද්දි නුරාදත් දඩි බිඩි ගාලා දුවන්න ගියත් නිලූෂ කොල්ලව ඇදලා අරන් උස්සලා ඒ අත් අතරට ගත්තේ අපෙ කොල්ලත් බිමට බහින්න දගලද්දි.

ඉතින් අපිත් ඒ ජීප් එක ළගට ගිහින් හිටගෙන ඉද්දී රාහුල් ජනේලෙන් මේ පැත්ත බලන් හිටියේ හූල්ල හූල්ල.

” මාමි ඔයාගේ බබාව ලොකු වුණාම පැටියා ළගටම නුරාදව එක්ක එන්නම්කෝ හොදද. දැන් අඩන්න එපා පැටියෝ ”

” ඇත් ත තමද… බබා à·€ ලුකු වුනාම මත දෙනෝද.  සාහුල්ත නුලාදව දෙනෝද මාමි….  “

මන් එහෙම කියද්දී තමයි මෙච්චර වෙලා අඩ අඩ හිටපු රාහුල්ගෙ මූණට හිනාවක් ආවේ.

” ඔව් ඔව් ඔන්න මාමි ඔයාට නුරාදව දෙනව කියලා තමයි තියෙන්නේ. ඒ නිසා ඔයත් බත් ගොඩක් කාලා ඉක්මනට ලොකු වෙන්නකෝ මයෙ පණ්ඩිත සීයා. එහෙනම් අපි ගියා. ආයේ දවසක හම්බෙමු විරා ”

එහෙම කිව්ව දිනුල හිනාවක් දාලා යන්න යද්දි ජීප් එක යනකම්ම ඒ දිහා බලන් හිටපු අපෙ පැටියා නිලූෂ ගෙ බෙල්ල අස්සේ ඒ මූණ ඔබා ගත්තේ එයාගේ පුංචි ඇස් වලිනුත් ලොකු කදුළු බින්දු දෙක තුනක් පහළට කඩන් වැටෙද්දී.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

වලව්වේ ඉදන් ඇවිල්ලා දැන් පැය දෙක තුනක් ගියත් රාහුල් තාම හූල්ලනවා. අපරාදේ මල්ලි මට එන්න කිව්වත් මන් ඒ වලව්වට ගියේ. අප්පච්චි එදා මට එයාගේ දින පොත කැමති නම් කියවන්න කිව්වත් හරි තමයි මන් ඒක සතියකට පස්සේ අරන් කියෙව්වේ.

අප්පච්චි අවුරුදු පහළවේ ඉදන් ලියාපු ඒ දින පොත දවස් ගානක් යනකම් කියවපු නිසයි මන් අප්පච්චියී අම්මි ගැනයි වීරන්කෙඩුව වලව්ව ගැනයි දැන ගත්තේ.  මන් ඒ වීරන්කෙඩුව වලව්ව ගෑවුනු තැන ඉන්න අකමැති නිසා ඇත්ත දැනගෙන වුණත් මයෙ මල්ලිව එයාගෙම අයියා විදිහට හම්බෙන්න ගියෙ නෑ .  හැමදාම මට ඔයා මයෙ යාලුවාම තමයි විරා.. අපි මේ ඉන්න විදිහ අපි හැමෝටම හොදයි.

ඉස්සර අපෙ අප්පච්චි හිටපු කාමරේ දැන් මල්ලිගේ කාමරේ වෙලා තිබ්බා. යන්න යද්දි පැටව් දෙන්නව එළියේ දා ගෙන හොයද්දි පැටව් දෙන්නා අප්පච්චිගෙ කාමරෙ ඇද උඩට වෙලා මන් ගෙනාපු චොකලට් අයිස්ක්‍රීම් ලොකු පෙට්ටික්‌ අරගෙන දෙන්නා ඒකටම හැදී දෙකකුත් දා ගෙන කකා හිටියේ මේ ලෝකේ සිහියකින් නෙවෙයි.

” රාහුල් යෝගට් එකක් අරන් දෙන්නම් අප්පච්චි “

ඒත් කොල්ලා නෙවෙයි මයෙ දිහා බැලුවේ.

” මත නුලා ද à·€ දෙන්නකු අප්ප ත් ති “

කොල්ලා ආයේ ආයේ මගෙන් නුරාදව ඉල්ලද්දී මන් කරේ ඉස්සරහ බලන් වාහනේ එලවපු එක.

” පෙර පාසලේ යාලුවෝ ගොඩක් ඉන්නවා නේද. ආ හෙට යන්නකෝ එහෙනම් අමිදුගේ ගෙදර සෙල්ලම් කරන්න ම් ”

” මත කාලුත් එ පා.  නුලා දව ඕනී….
එලා මදේනේ අප්පත්ති.  ඒ මාමිගේ නෙවෙ… “

කොල්ලා ආයේ ආයේ කුණු කුණුව පටන් ගත්තේ දැන් නම් මට‍ කේන්තිත් යද්දි.

” අඩන්න එපා රාහුල්.  ඔයා ලොකු වුණාම අප්පච්චි මයෙ කොල්ලට ඔයාගේ නුරාදව ගෙන්නල්ලා දෙන්නම් හොදද “

” හලි අප්පත්ති. “ 

මයෙ කොල්ලා දිලිසෙන ඇස් වලින් කට පුරා හිනා වෙලා මයෙ දිහා බලන් හරි අප්පච්චි ගෑවාත් හරි මගෙත් මූණට හිනාවක් ආවා.

         ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ගිහින් එන්නම් යාලූලා 🤗🤗💗

බුදුසරණයි හැමෝටම 🙏🙏

ඔයාලගේ අදහස් වලට ගොඩාරියක් ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

කතාවට දෙන වෝට් එකටත් ගොඩාරියක් ස්තුතියි යාලූ 🙏💗💗💗

…………………………………………………..

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දහනමවෙනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දහනමවෙනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දහනමවෙනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දහනමවෙනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දහනමවෙනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දහනමවෙනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 20