À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දහඅටවැනි කොටහා

A+ A-

දොස්තරවරු මයෙ දිදුලව කොච්චර හොද කරන්න බැලුවත් එයාට නෙවෙයි ඒ ලෙඩේ පොඩ්ඩක් වත් අඩු වුනේ. අද මයෙ පුතා දිනුල කැම්පස් යද්දි මන් කෙලින්ම ආවේ මහරගම පිළිකා රෝහලට .  මන් යද්දී මයෙ අප්පු ලෙඩ ඇදේ ඉද ගෙන ඔහේ පැත්තක් බලන් කල්පනා කරනවා.

” දරුවෝ “

මන් ඒ හිස් මුදුනට සිපුමක් තියෙලා එයා දිහා මන් බලද්දී එයා දුන්නේ ලා හිනාවක්. ඒ ඇස් ගිලිලා වගේම හකුපාඩ හිටන් පෑදිලා තිබ්බා.

” ම් මහත්තයෝ ඕනී වෙයි කියලා ම න් එක්කහු කරපු සල්ලි ටිකක් ඇති. අනේ ඒ සල්ලිත් අරගෙන මන් මැරෙන්න කලින් මේ පිළිකා රෝහලට ඒ සල්ලි දෙන්න නඩත්තුවට. මට‍ මැරෙද්දි අරන් යන්න තියෙන්නේ ඕවා විතරනේ හාමු ”

එයා මට එහෙම කියද්දී මයෙ පපුව ඇදුම් දුන්නේ මට‍ කෙලිම් හිට ගන්න තරම් වත් පණක් නොවේද්දි.  මයෙ සොදුර මේ තරම් ඉක්මනින් මාව දාලා යයි කියලා මන් කීයකට වත් හිතුවේ නෑ. ඉතින් මන් එයා කිව්ව විදිහට පිළිකා රෝහලේ නඩත්තුවට එයාගේ අතින් ඒ සල්ලි දුන්නා . මන් එයා ලව්වාම පුළුවන් තරම් මේ දවස් ටිකේ පින්කම් කටයුතු කරා.

ඉතින් තව දවසක මන් එයත් එක්කම රෝහල් ඇදේ ඉද්දී එයාට ටිකක් අමාරු වුනේ වෙනදට වඩා එයාට කෙදිරිත් ගෑවේද්දී .  මන් දොස්තරට කතා කරන්න යන්න නැගිට්ටත් මන් ආයේ නැවතුනේ මයෙ මැණික කතා කරාට පස්සේ. අනේ ඒ ඇස් වල කදුළු පිටාර ගලනවා හෝ ගාලා.

” ම ට වැ ඩි වෙලාවක් නෑ. එන් න දෙයියෝ ටි ක ක් මෙ හාට්ට.  මයෙ හාමු ට මන් à·„ රි ආ ද රෙ යි. මන් ම න් ම යෙ ම à·„ ත්තයටයි පැටියටයි ආ දරෙයි මෙ ප පුව පි රෙන්න. මයෙ à·„à·’ ත ට සතු ටුයි දෙයියෝ…  ගොඩක් පි න් මන් ල ව්‍වා ම යෙ මහත්තයා යා පින් කෙ රෙ ව්… ”

එයා මෙහාට්ට එන්න කියද්දී මන් කරේ එයාව මයෙ උකුලට ගත්ත එක. ඉතින් එයා හරි අමාරුවෙන් වචන ගලප ගලප ඉද්දැද්දීම ඒ බෙල්ල කඩන් වැටුනා. මයෙ දිහාම බලන් හිටපු ඒ මාලානික ඇස් ඇස් පිහාටු ගහන එක නතර වෙලා  මයෙ පපුව උඩ තියන් හිටපු වැරහිලි වෙලා ගිය ඒ අත කඩන් වැටුනා. වා තලයට එයාගේ අවසන් හුස්ම පොද පිටවුණත් හරි මන් ඒ පුංචි සිරුර බදා ගෙන ඉකි ගැහුවේ එයාට ශක්තියමත්ව හිටියා වගේ පෙන්නුව මන් මුළුමනින්ම කඩන් වැටෙද්දී . 

” මයෙ පුංචි පහන් තරුව මන් උබැහේට නොකිව්වාට උබ නැතුව මට හුස්ම ගන්න අමාරුයි… ම මන් දන්නෑ නේ බම් උබ නැතුව කොහොමද ඉන්නේ කියලවත්. උබ උබ ඉන්න ටිකේම හිටියේ මයෙ උණුහුමේනේ මයෙ දෙයියෝ. මයෙන් ඒ උණුහුම හොයාපු මයෙ මැණිකේ නැතුව මන් පිච්චෙනවා බන්. මාත් මනුස්සයෙක් නේ . මට රිදෙනවා බන්. මන් මයෙ දෙයියෝ ළගට ඉක්මනින් එන්නම් පණ. එතකම් උබ මන් එනකම් ඉදින් මයෙ අප්පු . “

එයා සාලේ ඔහේ නිදන් ඉද්දී මන් හිටගෙන ඒ දිහා බලන් හිටියේ මොනතරම් අපි දෙන්නා ඉස්සර සතුටින්ද හිටියේ කියලා. ඒත් දැන් ඒ සතුට හොයා ගන්නවත් නැතිවෙද්දී මගේ කකුල් දෙකට හිටන් ඉන්න තරම් වත් වාරු නැතිව යද්දි මන් එහෙන්ම බිම ඇදගෙන වැටෙන්න ගියත් කවුරුහරිම මාව අල්ල ගත්තා. ඒත් ඒ කෙනා කවුද කියලවත් මන් නෙවෙයි ඔලුව උස්සලාවත් බැලුවේ.

” දිනුල යකෝ වරෙන් තාත්තා වැටුනා බන් “

” විරාජ් ස්තුති බන්. මෙයාට දැන් පණක් වත් නෑ බන්. මන් කොච්චර බත් කටක් ගිල්ල වන්න හැදුවත් අප්පච්චි නෙවෙයි කටක් අරින්නේ ”

ඒ දෙන්නා මොන මොන වදෝ කියෙව්වත් මන් නෙවෙයි ඇහුම්කම් දුන්නේ. මයෙ පුතා මාව උස්සන් ගිහිල්ල ඇදෙන් තිබ්බේ මයෙ මැණික ඔලුව තියන් හිටපු කෝට්ටේ අරන් මන් තුරුල් කර ගනිද්දී.

” දිනුල පු තේ මේ අ ප්පච්චිට à·ƒ මා වියන් බන් “

මයෙ අප්පුයි මායි ආදරෙන් හදාපු අපි දෙන්නගේ වස්තුවගේ මන් අත අල්ල ගත්තා.

” අප්පච්චි ඇයි ම් එහෙම කියන්නේ ආ…. එහෙම කියන්න එපා මට. ආ අප්පච්චි දන්නවද කව්ද ඔයාව අල්ල ගත්තේ කියලා. ඒ මගෙ කැම්පස් එකේ හොද යාළුවෙක්. විරාජ්. විරාජ් අහස්‍ය මනමේන්ද්‍රන්. එයත් ඔන්න මනමේන්ද්‍රන් කෙනෙක් අප්පච්චි ”

පුතා එහෙම කියලා හිනා වුණත් හරි මන් ගැස්සිලා එයාගේ මූණ බැලුවේ එයා මට එයාගේ අම්මගේ ෂීට් එකත් පොරවද්දී.

” පුතේ “

” ම් “

“අපේ අල්මාරියේ රහස් ලාච්චුවේ මන් ඉස්සර ඉදන් ලියාපු දින පොතක් ඇති කැමති නම් කියවහන්.”

පුතා යන්න යද්දි මන් එහෙම කිව්වේ එයාට කවදාහරිම ඕනී වෙයි කියලා හිතලා . 

මාත් දවසින් දවස දුර්වල වෙද්දී එක බත් ඇටයක් වත් මට කා ගන්න බැරි වෙද්දී සේලයින් වලින්ම මේ වෙනකම් හිටපු මට තව නම් හුස්ම අල්ලන්න අමාරු වුනා.

” ම් මයෙ දෙයියෝ ආ ඔයත් මේ මල් ටිකක් අරන් පූජා කරන්න “

මයෙ මැණික එහෙම කියද්දී එයාම හරි ගස්සපු නිල් මානෙල් මල් වට්ටියෙන් මල් දෙකක් අරගෙන මහ සෑ රජුට පූජා කරේ හිතේ පොඩි පැතුමකුත් එක්කලා.

“  යමු අතන ඉදගෙන ගාථා කියමු. පුතා එන්න යා..න් ”

මන් පුතයි මැණිකෙයි එක්කලා හෙවණක ඉදන් දොහොත් මුදුන් දී බුදු සමිදුට නමස්කාර කරා.

” මහත්තයෝ මන් කැමති හැම ආත්මයක් ආත්මයක් ගානෙම උබැහේගේ මැණිකේ වෙන්න මයෙ හාමු ”

වැදලා ඉවර වුණු එයා මයෙ දිහා බලන් කිව්වේ හරි නිවුණු කටහඩකින්. ඉතින් මන් ඒ පුංචි හීන් දෑරි ඒ අත මයෙ අතින් අල්ල ගත්තේ එයාගේ වචන ටිකට මයෙ හිත තව තවත් ආදරෙන් පිරෙද්දී.

” මයෙ දිදුල මේ සංසාරේ අපි කවදම හරි එතෙර වෙනකම් මන් උබගේ සංසාරික ඉරණම්කාරයාම වෙන්නම් මැණිකේ ”

ඉතින් ඒ මහා සෑ රජු ඉස්සරහ අපි දෙන්නා කරපු ඒ පැතුම ඉටු වෙන්න ඕනී කියලා මන් ආයේ ආයෙත් පැතුවේ අවසන් වතාවට සෑ රජුට නමස් කාර කරලා එද්දී.

” ම් ම න් එන්න ම්  ම යෙ මැ ණික…… “

අවසන් වතාවට අපි තුන් දෙනා මහා සෑ රජු ඉස්සරහට වෙලා වන්දනා කරපු ඒ අතීතේ මට මතක් වුනේ මයෙ හුස්ම හිර වෙනවා හිර වෙනවා වගේ දැනෙද්දී. ඒත් එක්කලම මන් දැක්කේ මයෙ දිහාම අහිංසක හිනාවකින් බලන් ඉන්න මයෙ මැණිකෙගේ බොදවෙච්ච ඡායාව.

ළමයි වීරසූරිය හාමුගේ කොටහා මෙතැනින් ඉවරයි……

දිනුල තනි වෙද්දී වීරසූරිය හාමුයි වීර සූරිය හාමුගේ පුංචි දිදුලයි දෙන්නම යන්න ගියා….

………………………………………………………………

වර්තමානේ……

කැම්පස් එකට ගිහිල්ල වලව්වට එද්දී හතරත් පහුවෙලා තිබුනා වෙනකොට මන් ආපු ගමන්ම ගියේ පොඩි බේබී ගේ කාමරේට.

” ඒ යී පිස්සුද ආ  පේන්නැද්ද නුරාදත් ඉන්නවා මෙතැන “

කාමරේ බිමට වැටිච්ච පොත් ටිකක් අහුල අහුල හිටපු බේබී හාමුව දැකපු මන් එයාව එක පාරටම ගිහිල්ල උස්සන් වඩා ගත්තා.

” හරි හරි අනේ. උදේ ඉදන් ඔයාව මතක් වුනේ අප්පා “

මන් එහෙම කියද්දී හාමු කරේ මට හික් ගෑවෙන්ට වැලමිටෙන් බඩට ඇන්න එක.

” බොරුව නොදා හිටහන් බන් “

” බොරු නෙවෙයි “

” ආ ඒක නෙවෙයි හෙට නිවාඩුයිද ආ “

” නිවාඩුයී තමයි හෙට සෙනසුරාදනේ “

” හෙට මයෙ කැම්පස් එකේ යාළුවෙකුයි එයාගේ ලොකු පුතයි මෙහෙට එනවා කිව්වා නිලූෂ “

” කව්ද කැම්පස් එකේ යාලුවා “

” ඔයා නම කිව්වට දන්නෑනේ ඉතින් දිනුල කියලා කෙනෙක්. කැම්පස් එකේ ගොඩක් උන් රැවටෙනවා හලෝ අපි දෙන්නා අයියයි මල්ලියි කියලා. අපි දෙන්නට ඉතින් හිනා කාලා මැරෙනවා හලෝ. ආවට පස්සේ බලා ගන්නකො ඔන්න “

” බලා ගමුකො “ 

එහෙම කියලා මන් ගියේ පැටියව වඩා ගන්න. කොල්ලයේ දැන් කොන්ඩේ කපන්න කාලේ හරි වගේ.  අප්පච්චි වගේ පුතණ්ඩියත් වැදි පැටියෙක් වගේ කොන්ඩේ වවන් හරි යන්නෑ නේ. අඩුම තරමෙ වත් පැටියා අයියා වගේවත් කොන්ඩේ කපලා ලස්සනට පිළිවෙලකට ඉන්න ඕනී.

මන් පොඩි එකාවත් අරන් උයනට ගිහිල්ල පොකුණ උඩ වාඩි වෙලා හිටියේ අපි දෙන්නගෙම කකුල් ඒ පොකුණ ඇතුළට දා ගෙන.

ඒත් එතැන වැඩි වෙලාවක් නිස්කලංකව ඉන්න හම්බුන්නෑ පැටියා කකුල් දෙකත් ගස ගසා මොකක්දෝ එකක් මට අතින් පෙන්නනවා. කන්නාඩි දෙක දා ගෙන නැති නිසා දුර පේන්නෙත් නෑ ඒ අස්සේ මට. පැටිය ගෙන් මොකක්ද කියලා ඇහුවට වැඩක් නෑ මෙයාට කතා කරන්නත් බෑ නේ.

” යා යා “

පැටියා නවත්තන්නේ නැතුවම කකුල් දෙකින් වතුරට ගහන නිසා මන් පැටියවත් උස්සන් පොකුණෙන් බිමට පැන්නේ මන් භාගෙට තෙත් වෙලා ඉද්දැද්දී.

” ඈ……… අයියෙ මේන් මෙහෙට එන්න අතන නයෙ…ක් ”

දෙව්මිත් මෙතෙන්ට ඇවිල්ලා මයෙ කමිසෙත් ඇදලා කෑ ගැහුව පාර මන් ලාවට ලාවට වගේ දැක්කේ අපිට ටිකක් එහායින් මේ පැත්ත බලන් පෙනේ පුප්පන් ඉන්න ලොකු කහ පාට නයෙක්ව.  අපි ඉක්මනට එතැනින් යද්දි මයෙ කොල්ලා නොතේරුම් කමට අර නයාට හිනා වෙවී අත වනනවා

” ආච්චි අම්මේ ඔයා දැක්කේ නෑ නේ…. දෙයි හාමුදුරුවනේ උගේ ඔලුව කුල්ලක් වගේ ආච්චි අම්මා. බලන්නත් බයයි දෙයියනේ. මන් හොද වෙලාවට ඒ පැත්තට ගියේ. නැත්තම් මේ දෙන්නා තවත් ඔහේ ඒකා ගාවම ඉන්නවා “

” මොකාද කෙල්ලේ ”

මන් ඒ ඉස්තෝප්පුවේ වාඩි වෙලා ඉද්දී දෙවිමි නුරාදත් එක්කලා සෙල්ලම් කර කර ඉස්සල්ල වෙච්ච සිද්දිය කියනවා.

” නයෙක් ආච්චි අම්මේ නයෙක් “

” දරුවෝ නයාට ගලකින් එහෙම වත් ගැහුවේ නෑ නේ කෙල්ලේ නේද “

” පිස්සුද ආච්චියේ අපි පුළුවන් තරම් පස්ස නොබලා දිව්වා නේද පැටියෝ ම් “

දෙව්මි එහෙම කියලා පැටියව විල් බැරෙක්කෙට දාලා තල්ලු කරද්දී එයත් මොන මොනාදෝ කියවනවා.

” ඕකා සුදු නයෙක් නේ.. “

” නෑ අනේ කහ පාට එකෙක් ඌ “

” ඒක තමයි කෙල්ලේ කහ පාට උන්ටත් සුදු නයා කියලා කියනවා. මට මතකයි මහත්තයා ගේ අම්මා ඉස්සර මන් මේ ගෙදරට අලුත ආපු දවස් වල කුස්සියේ පැත්තට එන පොඩි සුදු නයි පැටියෙක් ගැන දොඩව්වා. ඔය ඒකා මහා වෙලා වෙන්නැති ඔය දැන් ඉන්නේ. දැන් ඉතින් කොච්චර කල්ද  අපිත් වයසයි නොවැ.”

ලොකු මැණිකේ එහෙම කියලා ලොකු හුස්මක්‌ පාත දාලා ආයේ රෙදි කෑල්ලක්‌ මහන්න ගත්තා.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මන් ඉස්කෝලේ ඇරලා එහෙන්ම හන්දියට ගියේ බබාටයී බබාගේ අලි අයියටයි චීස් පෙට්ටි ටිකකුයි බබාලට දෙන ලොකු විස්කෝතු පැකට් ටිකකුයි ගන්න. ඇත්තටම මේ නිලූෂ ගේත් පුදුම පෙරේතකමක් තියෙන්නේ බබා විස්කෝතු කන්න. බබාටත් විස්කෝතු දෙන වෙලාවට එයාටත් ඒවායින් දෙක තුනක්ම ඕනී.

මන් ඒ බිස්කට් පැකට් ටිකක් අරගෙන අනිත් පැත්ත හැරිලා යන්න යද්දි මන් දැක්කේ මයෙ ළගට හිනා වෙවී දුවගෙන එන හරි ලස්සන පුංචි පිරිමි ළමයෙක්. දෙයියනේ ඒ ඇස් ජිල් බෝල දෙකක් වගේ හරි ලස්සනයි. හරි ලස්සන කහ පාට පැහැපත් හමක් තියෙන අවුරුදු පහක හයක පුංචි දරුවෙක්.

” මා………. මි ”

” පැටියෝ කෝ අම්මි ආ ”

මන් බිමට නැමිලා ඒ අත අල්ලන් කියද්දී කොල්ලා හිනා වෙලා මයෙ මූණ අල්ලලා බෙල්ලත් ඇල කරන් නෑ නේ කියනවා.

” නා…. නේ මමි නා ගෙදලනේ හිතියේ එනා….  ”

කොල්ලා ඔහේ වටපිටත් බල බලා ලොකු එක්කෙනෙක් වගේ මාත් එක්කලා දොඩවනවා.

” කාත් එ…. “

” පුතේ රාහුල් කොහෙද දෙ….  විරාජ් “

මන් පැටිය එක්කලා කාත් එක්කද ආවේ කියලා අහන්න හදද්දීම එතෙන්ට ආවේ දිනුල.  එකපාරටම එයාව දැක්ක මයෙ කටත් භාගෙට ඇරෙද්දි දිනුලගේ ඒ ඇස් ලොකු වෙලා විරාජ් කියලා මුමුණද්දි තමයි මම හරි සිහියට ආවේ.

” ද් දිනුල උබ කවද්ද නුවර ආවේ.. රට නේද හිටියේ. නුවර ආවා නම් වලව්වටත් ඒ ගමන්ම එන්න තිබ්බනේ උබට “

මට ගොඩක් සතුටු හිතුනා. ඇයි දෙයියනේ අවුරුදු කීයකට පස්සෙද මන් මූව මේ දකින්නේ.  ඒත් ඒත් දිනුල මාව දැකලා ටිකක් කලබල වුනා නිසක් මන් තරම් සතුටක් උගේ මූණේන් නම් පේන්න තිබ්බේ නැති තරම්.

” න් නෑ විරා මේ මන් හෙට ඉක්මනින් යන්නත් එක්ක මෙහෙ පොඩි වැඩකට ආවේ බන් ඒකයි ”

පස්සේ දිනූ හිනාවක් දාලා එහෙම කිව්වේ පැටියා එයාගේ ළගටත් ගන්න ගමන්.

” එහෙනම් බෑ කියන්නැතුව හෙට දවල් කෑමට එහෙ වලව්වට වරෙන් පැටියා එක්කලා හොදේ “

” හරි බන් මන් හෙට නවය දහය වෙද්දී එන්නම් මෙයා එක්කලා “

” කෝ හිච්චි නගා “

මන් එහෙම ඇහුවේ හිමන්සි පේන්නවත් හිටියේ නැති නිසා.

” එයා කොළඹ ගෙදර බම් ”

අපි දෙන්නා එහෙම ටික වෙලාවක් යනකම් කතා කර කර ඉදලා මන් එන්න ආවේ තව තව හවස් වෙන නිසා. මොනා නැතත් පැටියා නම් හරි ශෝක් බඩ්ඩ.

” පොඩි බේබී “

මන් කුස්සියේ ඉදන් උණු වතුර ටිකක් කෝප්පෙට හලන් උගුරට‍ දා ගද්දි මට ඇහුනේ කමනි නැන්ද යෙ කටහඩ.

” ඇයි නැන්දේ “

මාත් එහෙම කියලා පිටිපස්ස බලද්දී වට පිට බලපු කමනි නැන්දා මයෙ ළගට ඇවිල්ලා කිව්ව දෙයින් මන් බිබී හිටපු වතුර උගුරත් පිට උගුරේ ගියා.

අද නම් වෙනදා වගේ නෙවෙයි මට කෑම මේසෙදි අප්පච්චිගේ මූණ බලන්නත් මොකදෝ වගේ.

මන් පැටියට නිවලා බත් කටක් කටට දාද්දි අපෙ අම්මා මූණත් පුළුටු කරන් පුතාට මොකක් හරිම කියන්න වගේ කට හදා ගත්තේ මන් පුටුවෙන් පැටියව ඔක්කටත් ගනිද්දී.

“  අවුරුදු හතරක ලොකු කොල්ලෙක් ඔහොම බබා කරලා හරියන්නෑ පොඩි. බලන්ට මහත්තයෝ මේකා තාම බබෙක් වගේ නේ හැසිරෙන්නේ. ඉස්සර මයෙ ළමයි තු.. නෑ මේ දෙන්නා නම් අවුරුදු තුනේදී අතින්මයි බත් කෑවේ. මට කිසි වදයක් දුන්නෑ ඔයාලා දෙන්නා.. “

අපේ අම්මට එයාට ඉන්න ළමයි ගානත් පැටලවෙනවා.

” අම්මේ මට ඉන්න මේ එක ළමයා කොහොමත් මට‍ ගොඩක් පොඩි තමයි. අනික මෙයා අනිත් ළමයි එක්ක සසදන්න එපා අම්මා මන් කොහොමත් මෙයා ගැන විශේෂයෙන් බලනවා තමයි.”

අපේ අම්මාගේ මූණ රකුසු වුනේ තප්පර ගානකින්.

” උබ දැන් කොහෙවත් ඉන්න ළමයෙක් හින්…. ”

” කොහෙ…. ”

දඩස් “

” කටවල් පියා ගනිල්ලා කිව්වේ අම්මයි පුතයි දෙන්නම. නිදහසේ බත් කටක් කන්න නෑ මෙතැන “

අප්පච්චිට තද වුණු පාර වතුර කෝප්පෙකුත් පොලේ ගහලා කාමරේට යද්දි මාත් පැටියා එක්කලා කාමරේට ගියේ මන් දිහා බලන් ඉන්න අයියා දිහාටත් බැල්මක් දාලා.

මන් කාමරේ ඉදන් පැටියට චීස් කෑල්ලක් කව කව ඉද්දී පැටියා මයෙ මාලේ එක්කලා හරි හරියට සෙල්ලම්.  මයෙ පැටියා වැඩිය උස මහතක්‌ නැති තාම අවුරුදු දෙකක පොඩි ළමයෙක් වගේ වුණත් මයෙ කොල්ලායෙ මූණ පොඩ්ඩ හරි පින් පාටයි. මයෙ චූටි අහිංසකයා.

” බේබී හා මු “

” ඉස්සෙල්ලා මන් ඔයාව හෙව්වා. කොහෙද ගිහිල්ල හිටියේ “

මන් එහෙම කියද්දී එයා කරේ ඇදේ ඉදගෙන පැටියට කව කව හිටපු චීස් කෑල්ල මයෙ දිහාට නැවිලා ඇගිල්ලත් හපාගෙන කටට දා ගත්තු එක.

“  රෑ ට කෑවේ නැද්ද මයෙ ඇගිල්ලත් හැපුවේ “

මන් එහෙම කියද්දී මේකා කරේ මයෙ කම්මුලත් හපුව එක වෙද්දී මන් ඉක්මනින් එයාව තල්ලු කරා.

” පිස්සු තද වෙලාද පැටියත් ඉන්නවා “

“  මයෙ හාමු දැක්කට පස්සේ නම් මට කොහොමත් පිස්සු තද වෙන එක අහන්න දෙයක් නෑ නේ.. අනික පැටියට ගානක් නෑ “

මේකා මට ඇහැක් ගහලා එහෙම කියද්දීයී මට මතක් වුනේ ඉස්සෙල්ල කමනි නැන්දා මට කිව්වා එක.

” මේ නිලූෂ අප්පච්චි දැන් දෙතුන් තුන් සැරයක්ම දැකලා ඔයා මයෙ කාමරේට රිංගනවා. කමනි නැන්දත් ඉද්දී තමයි අප්පච්චි දැකලා තියෙන්නේ  “

” මොකක් “

” අහගන්නකො ඊට කලින්. ඊට පස්සේ කමනි නැන්දා කියලා ඔයා මයෙ කාමරේ අස්පස් කරන්න එන්නේ කියලා. අප්පච්චි නම් මොනා හිතුවද දන්නෑ. ආයේ එද්දී නම් නවය පහු වුණාම එන්නකෝ ඔයා. එතකොට බය වෙන්න දෙයක් නෑ නේ ”

මන් එහෙම කියද්දී නිලූෂ ලොකු හුස්මක්‌ පාත දාලා එයාගේ ඔලුව මයෙ ඔක්කෙන් තියා ගත්තේ මාත් මයෙ ඇගිලි තුඩු ඒ ඔලුව පුරා ගෙනියද්දි.

“  මයෙ හාමු එහෙනම් මන් ආයේ එන්නම් නවය පහු වුනාම ”

එයා එහෙම කියද්දී මන් ඒ රැවුල් කොට තියෙන කම්මුලක් ඉම්බේ හරි ආදරෙන්. 
ඒත් වැඩිය අපි දෙන්නට එහෙම ඉන්න වුන්නෑ පැටියා ඇවිල්ලා නිලූෂ ගේ බෙල්ලේ එල්ලුනේ එයත් මයෙ පැටියව එයාගේ තුරුලට ගනිද්දී.

“  මයෙ වස්තු අයියා ට හරි ආදරේයී වගේ නේද ම් “

මාත් පැටියට හාදුවක් දීලා එහෙම කියද්දී එයත් මොන මොනවදෝ කියන්න හදනවා.

” අප්පච්චි ට වඩා දැන් පැටියා ආදරේ අයියටලු ඔන්න. පැටියගෙ අප්පච්චි පැටියා ටිකක් මන් එක්ක යන්නම් හොදේ…. ”

” හොදා හොදා එහෙනම් දෙන්නා ගිහිල්ලා එන්නකෝ. “

නිලූෂ එහෙම කියලා පැටියත් එක්ක යද්දි මන් ඇග ටිකක් හෝද ගන්න වොෂ් රූම් එක අස්සට රිංගුවා.

         ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

බුදුසරණයි යාලූලා 🙏🙏

ගිහිල්ලා එන්නම් 🤗💗

වෝට් අදහස් වලට ගොඩක් ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  ………………………………………………..

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දහඅටවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දහඅටවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දහඅටවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දහඅටවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දහඅටවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) දහඅටවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 19