À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්තුන්වැනි කොටහා

A+ A-

තාමත් හිතා ගන්න බෑ මට එදා වෙච්ච සිද්දිය.

මහ රෑ වතුර සද්දයක් ආවා වුනත් වොෂ් රූම් එකේ දොර ඇරියට පස්සේ මොකුත්ම නෑ පේන්නවත් තිබ්බේ. වතුර ඇරිලා තිබ්බද කියලා හොයා ගන්නවත් බැරි විදියට බිම නෙවෙයි එක වතුර බින්දු වක් වත් තිබ්බේ. ඒක එක්කෝ හීනයක් වත් වෙන්නැති

” මොනාද අප්පච්චියෙ ඔය හැටි කල්පනා කරන්නෙ මයෙ හාමු මහත්තයා “

” අහ් ඔයා…… එහෙම මොකුත් නෙවෙයි නිලූෂ. මන් අමුතු හීනයක්ද මන්දා දැක්කා. ඒත් හරියටම කියන්න බෑ “

” ලොකු මැණිකෙද දැක්කේ ම්….. “

එයා මයෙ මූණට එබිලා හිනා වෙවීම ලොකු මැණිකෙද කියලා අහද්දී මන් එයාගේ නළලත් තල්ලු කරලා ආයේ අපි තුන් දෙනාගේ ඇදුම් නව නව ලොකු බෑග් එකට දැම්මා.

” ලබ්බ තමයි. එහෙම එකක් නෙවෙයි මිනිහෝ පිස්සු තමුසෙට. මන් දැක්කේ වතුර වැටෙනවා වොෂ් රූම් එකෙන්. දොරත් ඇරන් ඇතුළට යනකොට වතුර බින්දුවක් වත් බිම තිබ්බේ නෑ “

” ඇයි අප්පා ඔච්චර කේන්ති ගන්නේ ඈ….. ඒක ඉතින් නිකන් හීනයක් විතරයි නේ “

මේ මනුස්සයා දැන් මාවත් ඒ ඇගට තද කරගෙන පිඹුරා වගේ වෙලන් මයෙ කනකුත් හප හප ඇයි කේන්ති ගන්නේ කියලා අහනවා

” අම්මා ගැන ඔහොම කියද්දී ඔයා කියන්නේ මට බක බක ගාලා හිනා වෙන්න කියලද ආ… එහෙම අම්මව මට හීනෙන් පේන්න තරම් එයා මේ වලව්වේ හොල්මන් කරන්නෑ නිලූෂ. අනික හොල්මන් පෙරේතයෝ ඉන්න තැන අපිට ඉන්න බෑ. පුළුටු ගදත් එනවා එතකොට “

” මන් නිකන් කිව්වේ ඉතින්. කේන්ති ගන්න එපා හාමු. මයෙ හාමු ඉක්මනට වයසට යයි “

” දවසින් දවස වයස යනවා තමයි මයෙ නිලූෂ “

බෑග් එකත් වහපු මන් එහෙම කියලා ගියෙ කබඩ් එකේ තියෙන පැටියගේ කඩචෝරු පෙට්ටිය ගන්න. හත් දවසෙ දානේ වැඩ කටයුතු ටිකත් ඉවර නිසා අපි අද ක්වාටස් එකට යන්න කියලා

” සාහුල් ගීල්ලා ඉක්මනත එන්තම් මන් “

පැටියා වාහනේටත් නැගලා නිලූෂගේ ඔක්කේ ඉදගෙනම රාහුල්ට යන්නම් කියනවා. රාහුල් දෙව්මිගේ අතින් අල්ලාගෙන මූණත් ඇඹුල් කරන් බලාගෙන ඉද්දි අපෙ අප්පච්චිත් ඇවිල්ලා රාහුල්ව වඩා ගත්තා. වාහනෙත් හරවගෙන යන්න යද්දි මන් ලාවට වගේ දැක්කේ ටිකක් ඈතට වගේ වෙන්න ඉස්තෝප්පුවේ ඉදලා ඇතුළට යන ජායාවක්. කමනි නන්දාවත් වෙන්න ඇති.

” හාමු වලව්වට යනවා නම් යමු හැමදාම එහෙට වෙලා ඉන්නත් එක්කල “

” බලමු නිලූෂ….. දැනට අපි තුන් දෙනාට ඉන්න තැනක් තියෙනවනෙ “

ඇයිද මන්දා නිලූෂ කොහොම මොනවා කිව්වත් මට වලව්වේ ඉන්න යන්න හිතුන්නෑ. අප්පච්චිව බලලා එන්න යන්න නම් වලව්වට යන්න පුළුවන්. ඒත් හැමදාම එහෙ ඉන්න එක ගැන නම් හීතල බලන්න වෙනවා.

” තූති අප්පත්ති ඔලා සාහුල්ත මොනාත ඉත්තෙල්ලා දුන්තේ…. “

පැටියා එහෙම කියද්දී මට පුදුම හිතුනා මයෙ නිලූෂ ඒවගේ වැඩක් කරා කියලා දැන ගත්තම. ඇයි ඉතින් මයෙ අලි පැටියා ඒ පොඩි එකාට කැමතිම නෑ නේ

” මයෙ සාක්කුවේ තිබ්බ පොඩි චොකලට් එකක් වස්තු “

” කෝ එතෝත මත තූති අප්පත්ති. ඔලා තොකලත් දෙන්තෙ මතනේ තූති අප්පත්ති. මත විතලනේ තොකලත් අරන් දෙන්තෙ “

” පැටියගේ කඩචෝරු පෙට්ටියෙ චොකලට් පිරිලනෙ දරුවෝ. ඒකයි රාහුට චොකලට් එකක් දුන්නේ චූටි අප්පච්චි “

අපි ක්වාටස් එකට මේ එන්නෙ සතියකට විතර පස්සේ. කඩින් කඩ වැස්ස වැටෙන නිසා හොද වෙලාවට අපෙ එළවලු කොටුව වේලිලා ගිහිල්ලා තිබ්බේ නෑ.

“තූතිඅප්පත්ති…. තූති අප්පත්තියෝ…….. බාන්න සාබු ලුකු වෙලා අප්පත්ති……. සා…… සස්සනයි ගුදා…….ලියක් අප්පත්ති “

පැටියා ආපු හැටියේ දුවගෙන දුවගෙන ගියෙ එයයි චූටි අප්පච්චියි එක්කහු වෙලා හදපු රාබු තවාන බලන්න. කොල්ලා ඒක දැකලා උඩ පනිනවා. නිලූෂ පූස් පැටියවත් ඇරගෙන ඇතුළට ගියපු පාර තාම නෑ.

” අයියූ ඔයාත තේලෙන්නත්ත ආ…. මදෙ පත්තෙන් එන්න එපානේ… තූ තූ…. මන් ඔයාදේ අම්මි නෙමේ…. කු කු යන්ත.. අලේ තූති අප්පත්ති මෙලා එත්ත බා නෙ. අපලාදේ සාහුල්ත දෙන්ත තිබ්බේ මෙලාව…. අලේ යන්ත කු…….”

පැටියගේ කලිසම් කොටෙන් නූලක් එල්ලේද්දී පූස් පැටියා නූලෙන් සෙල්ලම් කරන්න පැටියා පස්සේ පන්නනවා. මන් මේ මකුළු දැල් ටික කඩන ගමන් ඉද්දි මයෙ චූටි අප්පච්චි උන්හැයියෙ ජනෙල් පිරිසිදු කරනවා දාගෙන. මන් නහය වහගෙන හිටපු ලේන්සුකඩෙත් ගලෝලා පැටියව උස්සන් මේසේ උඩ තියලා චූටි කලිසම් කොටෙන් එල්ලෙන නූල අතින් කඩලා දැම්මා.

” දැන් හරි හාද “

” අම්බු අති යාත්තම් අප්පත්ති. මෙලා මදෙ පත්තටත් පන්නා අලේ බාන්නකු……. තා පොද්දෙන් මදෙ පත්ත ඌවා වෙනෝ නෙ අප්පත්ති “

” ආයේ එයා පස්සෙන් එන්නෑ හොදේ… දැන් පැටියා අරහෙට්ට වෙලා සෙල්ලම් කරන්න අප්පච්චි මෙහෙ මකුළු දැල් කඩනවා “

පැටියා මටත් උම්මා එකක් දීලා වෙන දිහාවකට යද්දි මන් ආයේ පටන් ගත්තේ මකුළු දැල් කඩන්න. උළු වහල ගොඩක් උස නැති නිසා හොදයි. මයෙ නිලූෂ දිහා නිකමට මන් බලද්දී එයත් මන් දිහා බලන් ඉදලා හිනාවක් දීලා ආයේ රෙදිකඩෙන් වතුර පොගවලා ජනෙල් පිහන්න ගත්තා.

” හා………. චු ස්… හා…………. චුස්. අම්මේ මයෙ හා මු හා…..චුස් “

” හරි හරි දැන් ඉවරයි “

වහලෙ උළු හිටන් දෙදරන්න තරම් හයියෙන් එයාට එක දිගට හචුස් යාගෙන යාගෙන යනවා දැන්. ටික වෙලාවක් යනකොට හරි යයි ඉතින් . නුරාදටයි මටයි නම් ගානක් වත් නෑ මකුළු දැල් කැඩුවා කියලා.

” අච්චාරු කන්නෑ “

” එපා හාමු කන්න බෑ “

දවල්ට මන් කමනි නැන්දට කියලා බත් මුල් දෙකක්ම බැද ගත්තා. ඒ අස්සේ මට දෙව්මි මාළු ඇඹුල් තියලුයි අච්චාරුයි ටිකකුයි දාලා තව ගෙනියන්නත් දුන්නා කැවිලි පාර්සල් ටිකක් .

” හෙට ඉස්කෝලේ යනවද දෙන්නම “

” යන්න එපැයි නිලූෂ. කීයටද මයෙ නිලූෂ හෙට යන්නෙ ම්….. “

“උදේ අට වෙද්දී තමයි වැඩට යන්නෙ. ආයේ හවසට කැම්පස් මයෙ හාමු. ඒකෙ විබහගෙත් ළගයිනෙ හාමු. “

ගෙදර නම් පරිප්පුයි මුන් ඇටයි මාළු ටින් දෙකකුයි විතරමයි තියෙන්නේ. පරිප්පුයි මාළුයි එහෙනම් උදේට හදලා ගන්නවා. වලව්වෙන් එද්දි අප්පච්චි නම් හාල් පොල් ටිකකුත් සෝමේ මාමයි නිලූෂයි එක්කලාම ගෝනි කරලා දුන්නා අපිට.

” තාම නින්ද ගියෙ නෑ හාමු. හොදට අත ගන්නකෝ “

මන් රෑ ටීවී බල බල ඉද්දි මයෙ අලි පැටියා ඇවිල්ලා මයෙ ඔක්කෙන් ඔලුවත් තීයා ගෙන හොදට හරි බරි ගැහිලා හාන්සි පුටුවේ ඇල වෙද්දී මන් ඒ ඔලුව හීන් සැරේ අත ගාගෙන ගියා.

” පැටියව නිදි කළාද ම් “

” හ්ම්…. පැටියව නිදි කරවලා ඇදෙනුත් තියෙලා ආවේ හාමු. පූස් පැටියත් පා පිස්සෙම නිදි ගුලි වෙලා “

ඇත්තටම මයෙ නිලූෂ වලව්වට යමුයි යමුයි කිව්වට එයා කැමති නැතිව ඇති වලව්වේ නතර වෙන්න යනවට. ටීවී එක ඔහේ වැඩ කර කරා තියෙද්දී මන් ඒ පියවිලා තියෙන ඇස් දිහාම බලාගෙන හිටියා.

” යමු නිදා ගන්න “

” අහ් මට නින්ද ගියානේ හාමු. බලලා ඉවරයිද ටීවී “

” ඉවරයි “

එයා නිදි මතේම නැගිටලා කාමරේට ගියාට පස්සේ ටීවී එකත් වහලා දාලා ලයිටුත් නිවලා ගියෙ මාත් කාමරේට. මන් කලින්ම බිම ඌල් රෙද්ද එලලා තිබ්බේ ආපු ගමන් නිදා ගන්න. ක්වාටස් එකට ආපුහාම දැනෙන්නෙ හිතට පුදුම සතුටක්. වෙනදට මන් මයෙ මහත්තයගේ අස්සේ ගුලි වෙලා නිදා ගත්තත් අද එයා මයෙ ළගට ඇවිල්ලා මයෙ අස්සේ ගුලි වුණා.

” අහ් කළුවරයි නෙ “

අයියෝ පාන්දර හතරහමාරට එලාම් තියෙලා නැගිට්ටත් මොකද ක්වාටස් ඒකෙ ලයිට් ගිහිල්ලා ඒ පාර . නිවාඩු ගත්ත නිසාම ආයේ ඉස්කෝලෙ නොයත් බෑ. දැන් ඉතින් කළු වරේම උයන්නකෝ. මයෙ නිලූෂට නම් හොදටම නින්ද ගිහිල්ලා වගේ . කළුවරේ උයන්නත් අමාරු නිසාම එයාවත් නැගිට්ටව ගෙන මන් හෙව්වේ ටෝච් එකයි චිමිණි ලාම්පුවයි.

” මන් ටින් එක කඩන්නම් හාමු. ගිහිල්ලා අනිත් ඒවා ටික ලෑස්ති කරන්න කෝ “

” පරිස්සමින් කඩන්නකෝ එහෙනම් “

එයාට පිහියයි ටින් එකයි දීලා මන් ගියෙ බිළුණු ගෙඩියයි මාළු මිරිස් පලුයි කපන්න. හොද වෙලාවට මන් මාළු මිරිස් පැළ තවන් කළේ.

” ඈ……………. අලේ අප්පත්ති……. තූ… ති අප්පත්ති ඈ………. කෝද ඔලාලා…… තූති අප්පත්ති………. “

අපි මෙහෙ කුස්සියේ උය උයා ඉද්දි නුරාද බෙරිහන් දිදී ඇඩුවත් හරි නිලූෂ ඉදන් හිටපු තැනින් ටෝච් එකත් පත්තු කරගෙන දුවලා ගියෙ කාමරේ පැත්තට. සාලේ පැත්තේ ලයිට් එකක් වත් නැති නිසා මයෙ කොල්ලා ගොඩක් බය වෙන්න ඇති. තනිකරම කට්ට කළු වරක් නෙ තියෙන්නේ ඒ පැත්තේ .

” ශ්…. කෝ ඉතින් මයෙ චූටි වලස් පැංචා ළග දැන් චූටි අප්පච්චියි අප්පච්චියි දෙන්නම ඉන්නවනෙ මයෙ පැටියෝ. ”

” මත ගුදක් බා හිතුලා තූ ති අප්ප ත් ති “

💥💥💥💥💥💥💥

නුරාදගේ කෑ ගැහිල්ල ඇහිච්ච හැටියේ ටෝච් එකත් පත්තු කරන් මන් දිව්වේ අපෙ කාමරේට. පැටියා ඇදේම ඉදගෙන කොට්ටෙකුත් බදා ගෙන හෝ ගාලා අඩනවා. මන් ඇද ළගට ආවා ගමන් නුරාදගේ ඇඩිල්ල තව වැඩි වෙලා මාව තද කරගෙන බදා ගත්තේ ඇගත් එක්ක සීතළ වෙලා තියෙද්දී පැටියගේ .

” නුරාද ඇයි වස්තු ඔච්චර ඇඩුවේ… ආ කුක්කු එක බීලා චූටි අප්පච්චි එක්ක දත් මැදලා මූණ හෝද ගන්නකෝ. ඉස්කෝලේ යන්නත් එපැයි “

” සා හුලු ත් අද එනවා කිව්ව ත අප් ප ත් ති “

” ම් යාලුවත් එනවා කිව්වා පැටියෝ “

නුරාද තාම මයෙ ඔක්කේ ඉදගෙනම කිරි එක බිබී අප්පච්චි එක්ක කතාව. ඇඩුව නිසා කොල්ලට තාම ඉකි ගැහෙනවා මයෙ හාමු මහත්තයා චිමිණි ලාම්පුව පෝරණුවේ අයිනකින් වගේ තීයා ගෙන මාලු පිනි බලනවා ඉදිලද නැද්ද කියලා .

” අද ලයිට් එන්නැති වෙයිද මන්දා. හොද වෙලාවට ඊයේ රෑ ඇදුම් ටික මයෙ නිලූෂ මැද්දේ “

” ඒකනේ හාමු. අපි දෙන්නා ගිහිල්ලා මූණ කට හෝදන් එන්නම්කෝ “

උදේ අට වෙද්දී අපි පස් දෙනාම ආවේ ඇතුළේ ලොකු කාමරේකට. හැමෝම බොටම් කලිසමට කළු පාට අත් කපාපු කමිසේ දාගෙන හිටියෙ . මේ සතියෙ අද ඉදලා තමයි අපෙ යෝග්‍යතා පුහුණු කරන්නෙ. ගොඩක් වෙලාවට රන්දුනු සරුයි එයාගේ ගෝලයෙකුයි තමයි කරන්නවා කිව්වේ නම්.

” රන්දුනු සර් කොහොමද මගෙ ළමයි ටික “

රන්දුනු සරුත් අපෙ ඇදුම වගේම ඇදුමත් ඇදගෙන අපිට යෝග්‍යතා කියා දිදී ඉද්දි ඇතුළට ආවේ ගයාන් සර්. රන්දුනු සර්ට අරහෙම කියලා ගයාන් සර් මයෙ යට ඉදලා උඩට වෙනකම් බැල්මක් දාලා ආයේ රන්දුනු සර් දිහා බැලුවා.

” හොදයි හොදයි ගයාන්. අල්ලන් යනවා හොදට. ටිකක් විතර එක්කෙනෙක්ට විතරයි අමාරුයි ඉතින් “

රන්දුනු සර් දමියා දිහා බලාගෙන එහෙම කියද්දී දමියා එයාට නෙවෙයි වගේ වෙන පැත්තක් බලාන් හිටියා.

” හරි හරි ඔයාලා කරන් යන්නකෝ ඔහොම. මන් මේ පස් දෙනාව බලලා යන්න ආවේ “

අවසාන ටික මයෙ දිහා බලාගෙන කියලා පැත්තකින් තිබ්බ පුටුවකින් ගයාන් සර් වාඩි වුණා

” හරි ළමයි…… පටන් ගමු දැන් “

ඇස් කොනින් වගේ ගයාන් සර් මේ පැත්ත බලාන් ඉන්නවා දැක්කත් මන් බැලුවේ නෑ ඒ පැත්තවත්.

” අනේ බන් නිලුවෝ මයෙ කොන්ද රිදෙනවා තාම “

ඇදුමුත් මාරු කරන් අපෙ මේස වලට ඇවිල්ලා ඉදගෙන වැඩ පටන් ගත්තා. ඒ අස්සේ දමියට අතන රිදෙනවලු මෙතන රිදෙනවලු. උට රිදෙන්නේ එක තැනක නෙවෙයි ඉතින්.

” ඒ මේ එදා මන් අක්කා එක්ක එයාට ඇදුම් තෝරන්න යද්දි අර මේ….. උබගේ ගජේ කියන්නේ අන්න එයත් ආවා. හැබැයි මන් වැඩිය කතා කරන්න ගියෙත් නෑ. පොර නම් ඉතින් මන් දිහා දෙතුන් තුන් පාරක් විතර බැලුවා. එයා යන යන තැනම ඇයි හලෝ තව කොල්ලෝ පස් හය දෙනෙක්ම යන්නෙ. එයාලත් හරි අමුතුයි “

” එයාගේ කට්ටිය දමියෝ…… උබ කටපියන් ඔය වැඩේ කරහන්. ඒකා උබට දැන් කැමතිද දන්නෙත් නෑ. අරූගේ අයියා කෙල්ලෙක් එක්ක යාලු වෙලනෙ ඉන්නෙත්. ගජේටත් ඒ අයියා පස්සේ ගිහිල්ලා එපා වෙලා ඇති “

මූගේ සතුට බලන්න එපැයි. මූණෙන් එකයි හිනාව. මන් ගජේ ගැන කලින්ම දැන ගත්තත් මුට මොනාවත් ඒ ගැන කිව්වේ නෑ ඉතින් .

” ඒකත් එහෙමද….. ඒ එහෙනම් මට ඌව සෙට් කරලා දියන්කෝ බන්. ටිකක් වසයි වුණාට කමක් නෑ නිලුවෝ. මන් ඊට වඩා සැරයි නෙ කොහොමත් “

” බලන්නම් බලන්නම් ඉතින්. උබ නම් පුදුම වදයක් තමයි “

මන් ඒ වැඩ ටිකත් කරලා ඉවර වෙලා කැම්පස් එකටත් ගිහිල්ලා දේශනේ පටන් ගන්න කලින් කෙසෙල් කොළේ හාමු ඔතලා දුන්නු බත් මුල කන්න ගත්තා. පරිප්පු තෙල් දාලා ටින් මාළු හදලා තිබ්බ කැකුළු බත් එක හරි රසයි. හාමු මට රතු ළුණු ගෙඩි දෙකකුත් සුද්ද කරලා බත් එකට දාලා. පරිප්පු තියෙද්දී මන් හරි ආසයි බත් කටකට රතු ළුණු කෑල්ලක් දා ගෙන කන්න

” උබ කොහෙද දැන් යන්නෙ එන්නෑ දේශනේට “

” හෙට බන් ට්‍රිප් එක යන නිසා ළමයි ටික රැස්සීමක් දා ගත්තා බන් දැන් . උබ පොඩ්ඩක් ගිහිල්ලා බලපන් පොඩ්ඩක්. කොහොමත් අද දේශනේ තියෙන් නැති වෙයි ළමයි එන්නැති නිසා සුද්දා “

මට දේශනේට යද්දී මගදී හම්බුනේ ටික්කයි උගෙ කාමරේ අනිත් උන් සෙට් එකයි.

” සුද්දා උබ මොකද බන් ට්‍රිප් එක එන්නැත්තේ. පලවෙනි වසර උන් ඔක්කොම එනවා. තෝ විතරයි නැත්තේ. හැමදාම ට්‍රිප් යනවා ඈ “

” අල වෙලා වගේ ඉන්නැතුව වරෙන් බන් ට්‍රිප් එක යන්න “

” මට පොඩි වැඩක් තියෙනවා බන්. එන්න වෙන්නෑ “

උන් ටික ගියාට පස්සේ මන් දේශන ශාලාවට ගියත් ඒකෙ නෙවෙයි ළමයි පේන්න හිටියෙ. අද එහෙනම් නැති වෙයි වගේ තමයි.

මන් අපෙ කැන්ටිමටත් ගිහින් පැටියටයි හාමුටයි මටයි තේ බොන්න කන්න දේවලුත් අරන් බස් එකට නැග්ගා. දැන් නම් හතරට කිට්ටු නිසා දෙන්නම ඇවිල්ලා ඇති ක්වාටස් එකට.

” පුතා ඔයාලගේ දිහත් කරන්ටෙක නෑ නේද “

” උදේ නම් තිබ්බේ නෑ මාමේ “

” ආ ඒක තමයි. අපෙ ලයින් එකේ මොකක් හරි වෙලා. විදුලි බල මණ්ඩලේට මන් කතා කරාම උන් කිව්වා හෙට ඇවිල්ලා බලන්නම් කියලා. අදත් ඉතින් කළු වරේම තමයි ඕන් ඉන්න වෙන්නේ “

ක්වාටස් පාරට හැරෙද්දී මට මගදී හම්බුනේ අපෙ අසල්වැසි මාමා කෙනෙක්. මන් ක්වාටස් එකට ආවත් හාමුයි පැටියයි දෙන්නම තාම නෑ. බඩු වත් ගන්න යන්නැති එහෙනම්.. හොදට නාලා කරලා ආපු මන් තුවායත් ඉනේ තියෙද්දීම ලිපට දර කෝටු හනසු කෑළි දාලා ලිපත් පත්තු කරලා කේතලේ තිබ්බා. පස්සේ චූටි පිගානෙට බත් එක්ක සෝදපු සැමන් කෑල්ලක් අනලා දැම්මා මයෙ ළග පුරු පුරු ගගා හිටපු පූස් පැටියට. එයාට හොදටම බඩගිනි වෙලා වගේ

” අහ් පැටියෝ….. ඔහොම චූටි අප්පච්චිව බය කරනවද “

” මාල වැදත් වුණේ අප්පත්තිතයි මතයි අයියූ ඔලා දන්තෑනේ ඉතින් “

පිගානේ හෝද හෝද හිටපු මන් ගැස්සිලා කඩාගෙන වැටෙන්න ගියපු තුවායත් අල්ල ගත්තේ එක පාරටම මාව පැටියා ඇවිල්ලා බදා ගත්ත නිසා. මේ කොල්ලා නම් ඇත්තමයි අනේ මන්දා

” මොකක්ද දැන් මයෙ පැටියටයි අප්පච්චිටයි වුණේ කියන්නකෝ. කෝ අප්පච්චි ආ…….. “

” අහ් පුතා අපෙ මල්ලිගේ වාහනේ මගදී කැඩුනනෙ. එයාව හොද වෙලාවට මට හන්දියට යනින් ගමන් හම්බුනේ. එයා ඒකත් හදා ගෙනම එන්නම් කිව්වා. මන් ඉතින් පැටියව මෙහෙට ඇරලුවා ඔන්න “

මන් නුරාදගෙන් හාමු කොහෙද කියලා අහන්න හදද්දී කුස්සියේ පැත්තට ආවේ ලොකු හාමු. එහෙනම් ඉතින් මයෙ හාමු
එන්න තව රෑවෙයි.

” මන් බොන්න මොනා හරි හදන්නම් හාමු “

” කිරි එකක් සීනි අඩුවෙන් “

එහෙම කියලා ලොකු හාමු ඉස්සරහට යද්දි මන් නුරාදගේ කම්මුලටත් හාද්දක් දීලා අනිත් ලිපේ පැටියට බිත්තරයක් තැම්බෙන්න තිබ්බා.

” ම් රසයි. කොහෙන්ද මේ පැටිස් “

” කැම්පස් එකේ කැන්ටිමෙන් ලොකු බේබී. ඒකෙ හරි රසයි කෑම වර්ග “

පැටියා යට කලිසම පිටින්ම හාන්සි පුටුවේ වාඩි වෙලා ඉද්දි එයාට බෙදපු බත් එකෙන් ලොකු බත් ගුලියක් කැව්වා. මයෙ හාමු උදේ උයාපුවා හවසටත් එක්ක ඉතිරි වෙන්න තමයි උයන්නෙ. ගොඩක් මෙහෙ සීතළ නිසා කෑම ඉක්මනට නරක් වෙන්නේ නෑ. මාළු පිනි ආයේ ටිකක් රත් කරගෙන කන්න තමයි තියෙන්නේ.

” තූති අප්පත්ති තදි බිත්ති කාල්ලක් කවන්තකු අයියූ…… ඔලා තූති කාල්ලක්නෙ දාන්තේ කතත අප්පා….”

කොල්ලා බත් පිගානේ දිහත් බලාගෙන කටත් උල් කරලා කියද්දී මන් ඒ කටට ආපහු තඩි බත් ගුලියක් එබුවා.

” පුතා මන් එහෙනම් ගිහිල්ලා එන්නම් රෑ වෙන්න කලින්. අපෙ මල්ලිත් දැන් එයි “

” හරි ලොකු බේබී “

එන්න එන්න කළුවර වැටීගෙන එද්දි මන් චිමිණි ලාම්පුව පත්තු කරලා ඉස්සරහ මේසේ උඩින් තිබ්බා. පැටියා නම් මයෙ කරේම එල්ලිලා ඉන්නෙ කළුවරට බය නිසා.

” ආන් තූති අප්පත්තියෝ….. අප්පත්ති එනෝ “

” හරි හරි ළමයෝ මටත් ඇහුනා. යන් බලමු “

රෑට උයන්න හාල් ටිකක් ගන්න යද්දිම මට ඇහුනේ මයෙ හාමුගේ වාහනේ සද්දේ. ඒකත් දාලා මන් ගියෙ ටෝච් එකත් අරන් කොරිඩෝ එකට.

” ලොතරැයියක් ඇදුනා චූටි අප්පච්චි “

” ආරංචිය ආවා. දැන් නම් අවුලක් නෑ නේ “

” අම්මේ නෑ….. දැන් හොදයි මයෙ කෙල්ල “

මන් වාහනේ පිටිපස්සේ තිබ්බ බඩු මලු දෙක අරන් එද්දි පැටියා හාමුගේ අතේ තිබ්බ පාර්සලේ අරන් හාන්සි පුටුවේ ඉද ගත්තා

” නුරාද ඕක දිග අරින්න එපා රෑට කෑම ගෙනාවේ පැටියෝ “

” මොනාත අප්පත්ති ඒ….. මොනාත “

” බත් එකයි කොත්තුයි “

හොද වෙලාවට මන් රෑට ඉව්වේ නෑ.

මයෙ හාමු ඇග පත හෝදන කම් මයෙ කර උඩ එල්ලිලා හිටපු පැටියා ඒ හරියට ටෝච් එක ගහගෙන හිටියා වෙද්දී මන් ඉතින් ඒ හාමුගේ මන මෝහනීය අග පසග දිහා බලාගෙන හිටියෙ සම වැදිලා වගේ. කොච්චර බැලුවත් කොච්චර ඇල්ලුවත් ඇති වීමක් නෑ

” යන් “

” අහ් හරි හරි යමු “

මයෙ අත් ගොබේකට ගහපු හාමු යමු කියාගෙන ඇතුළට යද්දි මන් දොරත් ලොක් කරලම ඉස්සරහට ගියා.

” පැටියෝ ටීච ගෙදර වැඩක් දුන්නෑ “

” මන් ඒවා ඉත්තෝලේදීම කළා නේ තූති අප්පත්ති. ඔතතොම කළලා ඉවලයි පැතියා. “

” මන් නුරාදගේ ගෙදර වැඩ ටික ඉස්කෝලෙදිම කරවනවා නිලූෂ. නැත්තම් ගෙදර ඇවිල්ලා ඕවා කරවන්න
හරි කරදරයි “

” ම් ඒක හොදයි “

අද කරන්ටෙකත් නැති නිසාම කෑම කාපු ගමන් අපි තුන් දෙනාම කාමරේ රෙද්ද එලාගෙන නිදා ගන්න ලෑස්ති වුණා. තාම අටයි ගානක් නිසා ඔහේ කියවනවා අපි. පැටියා නම් ඇදේ ඉන්නැතුව ආවේ මයෙ අස්සට වෙද්දී හාමුත් මයෙ එහා පැත්තේ ඉදන් මයෙ ඇගට කකුලක් දාගෙන මයෙ ඔලුව අත ගානවා .

” තූති අප්පත්ති තීත කිව්වලෙ මත සස්සනත තිත්ත අදින්ත පූවන් කීලා “

” මයෙ පැටියා කොහොමත් හරි දක්සයා නේද මයෙ හාමු…. “

” එහෙම තමයි ඉතින් අපෙ පැටියා වුණාම “

අද නම් වැඩට ආවේ ඇදුම් වත් මදින්නැතුව තමයි. උදේන්ම යෝග්‍යතා පටන් ගත්ත නිසා දවල් වෙද්දී හරි මහන්සි.

” නිලූෂ අංශ ප්‍රධානි තුමා කළා “

” ඇයි දන්නෑ උබට ලොක්කා සර් කතා කරලා තියෙන්නේ “

” දන්නෑ දමියෝ ගිහිල්ලම බලන්නම් මන් “

උඩම තට්ටුවට ගියපු මන් ලොකු සර්ගේ දොරට තට්ටු දාලා එන්න කියද්දී ඇතුළට ගියෙ පොඩි වෙලා තිබ්බ ඇදුමත් ටිකක් හදාගෙන .

” වාඩි වෙන්න පුතා “

” සර් මට කරේ…… “

මන් පුටුවෙන් වාඩි වෙලා ලොකු සර් දිහා බලාගෙන එහෙම අහද්දී සර් මට දුන්නේ කෙටි හිනාවක්.

” රාජකාරි ගැන කතා කරන්න නෙවෙයි මන් කතා කරේ නිලූෂට. ආරංචියක් ආවා වලව්වේ ලොකු මැණිකේ තොලොංචි වුණා කියලා “

එහෙනම් ලොකු සර් මාව කලින්ම අදුර ගෙන. මන් හිතුවා අමතකත් ඇති කියලා. ඒත් මන් වැරදි ලොකු සර් ගැන හිතුවා.

” ඔව් සර් ළගදි නැති වුණේ….. “

” හොදයි ඉක්මනට නැති වෙච්ච එක. කරපු හරියක්ම කරේ මහා දුෂ්ට වැඩ. ආ ඒක නෙවෙයි කොහොමද දැන් ඉස්සර හිටියට වඩා හොදයිනේ නේද. මන් හිතුවේ වත් නෑ පුතා පොලීසියට බැදෙයි කියලා “

ලොකු සර්ට මොකක් හරි පෞද්ගලික තරහක් ලොකු මැණිකේ එක්කලා තියෙනවා වගේ. නැත්තම් මෙහෙම කියන්නෑ නේ.

” හොදයි සර් වලව්ව නම්. දැන් නම් ක්වාටස් වල ඉන්නෙ. “

” ම්…. වලව්වේ ලොකු හාමුත් මන් පොඩ්ඩක් විතර අදුරනවා. මිනිහා නම් ගෑණි තරම් නරක නෑ. වැඩ කරන තැනින් පුතාට කිසිම ප්‍රශ්නයක් එහෙම නැහැනේ නේද “

” නැහැ සර් එහෙම ප්‍රශ්නයක් නැහැ හොදයි “

එකම එක පොඩි ප්‍රශ්නයකට කියලා තියෙන්නේ ඉතින් ගයාන් කාරයා තමයි.

” කැම්පස් වැඩ මග ඇරෙන්නැද්ද මේ වැඩ කරද්දි. දෙකම කර ගන්න පුළුවන්ද “

” ටිකක් අමාරුයි තමයි සර්. ඒත් ඉතින් මේ රස්සාව අත අරින්න බෑනේ “

” කමක් නෑ තව අවුරුදු තුනයිනේ නේද. කොහොම හරි මහන්සි වෙලා වැඩ ටික කර ගන්න. මගෙනුත් මොනා හරි උදව්වක් ඕනී වුනොත් මට කියන්න පුතා “

අම්මෝ ලොකු සර් මන් හිතුවා වගේ සැර නපුරු නෑ මූණෙන් පෙනුනට. ලොකු හාමුව කොහොම අදුරනවද දන්නෑ ලොකු සර්. ඕවා ඉතින් අහන්න බෑ නේ අපිට.

💥💥💥💥💥💥💥💥💥

ගිහිල්ලා එන්නම් යාලූ ලා 🤗

බුදුසරණයි හැමෝටම 🙏

අදහස් වෝට් වලට යාලූලා හැමෝටම ගොඩාරියක් ඉස්තුතියි 🙏❤️❤️❤️❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්තුන්වැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්තුන්වැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්තුන්වැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්තුන්වැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්තුන්වැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්තුන්වැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 54