À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්හයවැනි කොටහා

A+ A-

” මොකක්ද වුණේ කියලා වත් මතක නැද්ද ම් “

ඊයේ රෑ මන් බුදු පහනත් තියෙලා ටිකක් එළියට ඇවිල්ලා බැලුවේ මොකද මේ තාම මයෙ නිලූෂ නැත්තේ කියලා. කොච්චර මන් කෑ ගගහා කතා කරත් එයාගේ සද්දයක් වත් ඇහෙන්නැති වෙද්දී මන් පොඩ්ඩක් ගිහිල්ලා බැලුවේ පාර ළගට. ඒත් එක්කම දැක්ක දේ නිසා මට යටි ගිරියෙන් කෑ ගැහුනේ මයෙ පැටියත් දුවගෙන දුවගෙන එද්දි.  මයෙ නිලූෂ ඔහේ බිම වැතිරිලා සිහියක් පතක් නැතිව ඉද්දි මන් එයාව උස්සලා ගන්න හැදුවත් එතකොට තමයි මන් ආයේ දැක්කේ එයාගේ ඔලුව තුවාල වෙලා කන ළගින්ම බේරීගෙන එන ඒ ලේ. ඒ මදිවට එයාගේ පපුවෙ හැමතැනම හූරලා ඒවගෙනුත් ලේ වැගිරෙද්දී මන් නුරාදවත් එක්ක මහ රෑම ගියේ ඉස්පිරිතාලේ.

එයා සිහිය නැති වෙලා බිමට වැටෙද්දි එයාගේ ඔලුව වැදිලා තිබ්බේ ගලක. කන උඩට වෙන්න ඔලුවේ තනිකර ලේ . ලොකු හානියක් නම් වෙලා නෑ කියලා ඩොක්ට කිව්වට මයෙ මුළු පපුවම පිච්චි පිච්චි තිබ්බේ. ඔලුවත් ඔතලා පපුවෙ තුවාල වලටත් බෙහෙත් දාලා ඔතලා තියෙද්දී පැටියත් හූල්ල හූල්ල ඇදේ ඔලුව තියා ගෙන ඉදලා මයෙ නිලූෂගේ අස්සෙම නින්ද ගිහිල්ලා තිබ්බා. හරියටම පාන්දර හතරයි මයෙ කොල්ලට සිහිය එද්දි.

” ම්හ් නෑ හාමු…. මයෙ ඔලු à·€ “

” හරි හරි ඉන්න දරුවෝ ඔහොම්මම. මොකුත් මතක් කරන්නත් ඕන්නෑ. කතා කරන්නත් ඕන්නෑ මන් ඉක්මනට ඩොක්ටට කතා කරලා එන්නම් “

මන් ආයේ දිව්වේ ඩොක්ට හම්බෙන්න.

” බය වෙන්න එපා. දැන් සිහිය ඇවිල්ලනේ ලෙඩාට. ඔලුවට ලොකු හානියක් නම් නෑ. ටිකක් විතර ලේ ගිහිල්ලා තිබ්බ එක විතරයි. සිහිය නැති වෙලා ඉද්දි ලොකු සතෙක්වත් පහුරු ගාන්න ඇති පපුව නම්. බලමුකෝ අපි තව ටිකක් “

නුරාදටත් එහෙන්ම එයා ළගම නින්ද ගිහිල්ලා තියෙද්දී ඩොක්ට නිලූෂ එක්ක කතා කරන කම් පැත්තකට වෙලා මන් හිටියා. මට හිතා ගන්න බෑ ඇයියේ මයෙ එකාට සිහිය නැති වුණේ කියලා.

ඩොක්ට ගියාට පස්සේ මාත් එයාගේ ළගම ඉදගෙන හිටියෙ ඒ නළල අත ගගා.

” මන් අර කතා කරපු වෙලේ ආවා නම් ඇතුළට යසට එහෙනම් ඉන්නවනෙ මයේ කොල්ලා. බලන්න දෙයියනේ ඔයිට වඩා තව දෙයක් වුණා නම් ම්…… “

මන් එයාව ඉඹ ඉඹ එහෙම කියද්දී අමාරුව නිසාමද මන්දා එයාගේ ඇස් පිය වුණා.

” නුරාද වැඩිය දගලන්න එපා පැටියෝ.. චූටි අප්පච්චිට අතක් පයක් වදියි “

තුවාල විතරක් තිබුණු නිසා උදේ හතට විතර ටිකට් කැපුවා.  මන් නිලූෂගේ අතිනුත් අල්ලන් එයාව වාහනේට නැග්ගුවට පස්සේ පැටියත් හරි පරිස්සමින් එයාගේ තුවාල වල වැදෙන්නැති විදියට පරිස්සමින් මන් අයිනට කරා.

” ඔලුව විතරයි රිදෙන්නේ හාමු. පපුවෙ තුවාල නම් ලොකු අවුලක් නෑ “

” මට පේනවා පපුවෙ තියෙන තුවාල අවුලක් නෑ කියලා “

අච්චර තුවාල වෙලා තියෙද්දී එයාට ඒක අවුලක් නෑල්ලු.

” තූති අප්පත්ති ඌවා එත ගුදක් සිදෙනවත…. “

” ම් ටිකක් රිදෙනවා පැටියෝ “

මන් වාහනේ පැත්තකින් නතර කරලා කෑම ටිකක් අරන් ආයේ වාහනේට එද්දි පැටියා නිලූෂගේ රෙදි පටි වලින් ඔතලා තිබ්බ ඒ තුවාල වෙච්ච පපුව අත ගානවා.

” හාමු මාව එක්ක යන්න පුළුවන්ද වැඩ කරන තැනට “

” පිස්සුද මිනිහෝ. මෙච්චර වින්හැයියක් වෙලා තියෙද්දී කොහොම වැඩ කරන්නද “

මට යකා නැග්ගේ ඇස් දෙක ඇර ගන්න බැරිව ඉද්දි එයා කියපු මේ කතාවට.

” සර්ට කියලා නිවාඩුවක් ගන්න “

ලා හිනාවක් දාලා එහෙම කියපු නිලූෂ ෂීට් එකේ ඔලුව ගහන් ඇස් පියා ගනිද්දී මන් වාහනේ පාරට දාලා ගියේ මෙයා වැඩ කරන තැනට.

ගෙදර ආපු ගමන්ම මන් කේතලෙත් ලිපේ තියෙලා ගියේ නිලූෂව ඇදෙන් හාන්සි කරවලා එයාගේ ඇදුම් මාරු කරන්න

” මන් ගලව ගන්න ම් “

” දැකලා නැති අමුතු එකක් නෙවෙයිනේ ඒක. පොඩ්ඩක් කට පියන් ඉන්න “

එයාගේ කලිසමත් ගලවපු මන් ඒ හරියත් ලා උණු වතුරෙන් පොගව ගත්ත රෙදි කඩෙන් පිහදලා එයාට සරම අන්දලා ෂීට් එක පෙරෙව්වා. එයාගේ දකුණු අතත් සම්පුර්ණ හීරිලා හීරිලා ගිහිල්ලා. මොන වගේ සතෙක්ද දන්නෑ මයේ කොල්ලව මෙහෙම කාලා තියෙන්නේ.

” පරිප්පු හොද්දයි මැල්ලුමකුයි නිලූෂ. බැදපු මාළු කෑළි දෙකකුත් තියේ තව. කෝ හොදට කට අරින්න “

පැටියත් ළග තියා ගෙන මන් ඒ දෙන්නට මාරුවෙන් මාරුවට බත් කවනවා ලොකු නෑඹිලියට බත් මුල් දෙකත් හලා ගෙන .

” නුරා……. ද     නුරාද…. “

” මොතත අප්පත්ති කා ගහව්වේ.. “

” මන් ඉක්මනට වලව්වට ගිහිල්ලා එන්නම් පැටියෝ. මයේ පුතා හොද ළමයා වගේ චූටි අප්පච්චි ළගම ඉන්න රත්තරන් හාද “

” ඔලා ගීල්ලා එන්ත අප්පා…. මන් තූති අප්පත්තිව හුදත බා ගන්තම්කු අප්පත්ති. ඔලා තුත්තත් වත් බා වෙන්ත එපා අයියූ “

මන් පැටියව මයේ නිලූෂ ළග ඉන්දලාම ගියේ අප්පච්චිව හම්බෙන්න වලව්වට . මන් හිතනවා අප්පච්චි එහෙම මොකවත්ම කරලා නෑයි කියලා මයේ කොල්ලට .  මන් ඒවගේ දේවල් විස්වාස කරන්නෑ. ඒත් අප්පච්චිලා වෙද රාළත් එක්ක ගනු දෙනු කරන නිසා මට ටිකක් සැක හිතුනා මයේ කොල්ලගේ ඇගේ තියෙන හීරිම් පාරවලුත් දැක්කට පස්සේ.

” අප්පච්චි අප්පච්චි අප්පච්චි “

” පොඩි බේබී මොකෑ මේ කෑ ගහන්නේ “

” පොඩි ඇයි කතා කරේ… “

මන් ඇතුළට ආපු ගමන් අප්පච්චිට හයියෙන් කතා කරත් හරි කමනි නැන්දත් දුවන් ආවා. ඊළගට කාමරෙන් එළියට ආවේ අප්පච්චි.

” අප්පච්චි මයේ මනුස්සයට සනීප නෑ. ඇග හැමතැනම හූරලා දාලා කවුරු හරි “

” ඉතින් උබ මට කියන්නේ ඒ වැඩේ මන් කරා කියලද පුතා “

” අප්පච්චි ඒ තුවාල සතෙක් කරපුවා එහෙම නෙවෙයි. අනික එයා හිටියෙ කඩුල්ල ළග සිහිය නැති වෙලා. අප්පච්චි ඒ කියන්නේ මොකවත්ම මේ ගැන දන්නෑ කියලාද “

මන් එහෙම කියද්දී අප්පච්චි මයේ ළගට ඇවිල්ලා මයේ යට ඉදන් උඩට වෙනකම් බලලා කමනි දිහා බැලුවා

” මන් වෙද රාළ එක්කලා ගනු දෙනු කළාට උබේ මිනිහට මන් නියපොත්තක කරදරයක් වත් කරවව්වේ නෑ පුතා. අනික වෙද රාළ ඕවගේ පව් වැඩ කරන මනුස්සයෙක් නෙවෙයි. උබ වෙද රාළ ගැන ඔහොම හිතන්න කලින් දෙපාරක් හිතපන් ඒ මනුස්සය ගැන.  “

මන් මයේ නළලත් අතින් පොඩි කර ගෙන ඉද ගත්තේ හාන්සි පුටුවේ. එහෙනම් නිලූෂට සිහිය නැතිව ඉද්දි සතෙක්වත් හූරන්න ඇති. එතකොට කොහොමද එයාට සිහිය නැති වුණේ.

” නිලූෂ කොල්ලව වෙද රාළට පෙන්නුවා නම් පොඩි බේබී. තුවාලත් ඉක්මනට සනීප කරයි.  අපි දන්නෑනේ ඇත්තටම එතැන මොකද වුණේ කියලා බේබී “

” මන් බලන්නම්කෝ නැන්දේ “

කමනි නැන්දා අපිට පෙට්ටි වලට මාලු පිනි ටිකක් දාලා දෙනකම් මන් නැන්දා එක්ක වෙච්ච දේවල් ගැන කතා කර කර හිටියා.

“  අප්පත්ති අප්පත්ති ඔලාත බා නම් දෙන්තකු. මන් තූති අප්පත්තිගේ ඌවා වලත බෙයියන් ගාන්තම්කු….. “

” පැටියෝ මේ උණු වතුර එකක් තියෙන්නේ. දගලන්න එපා වස්තු. අප්පච්චි පරිස්සමින් ඔයාගෙ චූටි අප්පච්චිට බෙහෙත් ගාන්නම්කො “

එයාගේ වෙලුම් පටි ටික ගලවලා ඒ තුවාල ඉස්සල්ලම රෙදිකඩක් ලා උණු වතුරෙන් පොගවලා පරණ බෙහෙත් කෑළිත් යන්නත් එක්ක ඇතුල්ලුවා.

” අහ් ම් හා මු “

” ඉන්න පොඩ්ඩක් “

මන් බෙහෙත් ගාද්දී එයා දත් මිටි කාගෙන වෙන පැත්තක් බලාන ඉන්නවා.

” තූති අප්පත්ති ඔලාත දන් හුදයිත ඈ තුති අප්පත්තියේ…. “

” ටිකක් “

අපෙ කොල්ලා නිලූෂගෙ මූණට එබිලා එහෙම අහද්දී මන් කොල්ලව උස්සලා ගත්තේ මයේ අස්සට.

” ඇග උඩ නගින්න එපා පැටියෝ. පොඩ්ඩක් ඈතට වෙලා කතා කරන්න “

” හා මු වතුර “

මයේ නිලූෂ වතුර ඉල්ලද්දී මන් බෝතලේට වතුර පුරවන් එයාගේ ඇද ළගින් තියෙලා වතුර කෝප්පෙන් මන් එයාට වතුරත් පෙව්වා.

දවල්ටත් නිලූෂට බත් කවලා මන් පැටියා එක්ක ගෙදර අස්පස් කරන්න ගත්තේ ආවත් හරි ගෙදරවත් අතු ගාන්න බැරි වුණු නිසා .

” අප්පත්ති මාල වැදේ වුලේ අලේ. මන් සිතලා කලේ නා අප්පත්ති අත්තමයි. බාන්නකු වුල දේ “

කොල්ලා ඔලුවත් කහ කහ අපෙ කාමරේ පැත්ත බලද්දී මන් ගියේ කොස්සත් දමලා ගහලා විජහට ඒ කාමරේට

” දෙයියනේ නිලූෂ…. “

” අලේ අප්පත්ති මන් හිතලා වතුන්තෑ අයියූ. එකපාත්ත අලේ වතුනේ. අප්පත්ති අප්පත්ති  ආන්කෝ මන් කීන දේ……… “

” ටිකක් විතරයි පෑරුනේ හාමු “

” මන් කිව්වා නුරාද චූටි අප්පච්චි ළග නටන්න එපා කියලා. බලන්න ඔයා කරලා තියෙන දේ “

මන් නුරාදටත් කෑ ගගහා පපුවෙ ඔතලා තියෙන රෙදි කෑලි ටික ආයේ ගැලව්වේ එතැන තුවාලෙත් පෑරිලා ලේ ගලද්දී. මන් යද්දි නිලූෂ ඒක අනිත් අතින් ගලවන්න හදනවා.

” මන් තූති අප්පත්ති සස්නිත කීලා බාන්න ගියේ අප්පත් ති. ඔලා බොලුවත මත සා කලනවා හලි ය ත “

” හරි හරි චූටි වස්තු… මයේ පැටියා චූටි අප්පච්චිට හිතලා එහෙම කලේ නෑ නේ. දැන් ඒක හරි. “

නිලූෂගෙ ළග ඇදේ ඉදගෙන හිටපු පැටියට එයා හාදුවක් තියෙලා එහෙම කියද්දී පැටියා ලා හිනාවක් දාලා ආයේ මූණත් බෙලි කරගෙන බැලුවේ තුවාලේ දිහා.

එච්චරයි පැටියා නිලූෂගෙ උණ බලන්න ගිහිල්ලා තියෙන්නේ. දැන් හරි. මන් ඔක්කොම ටික කරාට පස්සේ එයත් ඉන්නවා හිනා වෙවී මන් දිහා බලාගෙන.  කන්නාඩි නැති ඒ ඇස් දෙකේ මලානික ගතිය හොදට පේනවා.

” දැන් හරි “

” ඔලුව රිදෙනවා මයේ හාමු. පොඩ්ඩක් අත ගෑවා නම් “

” නුරාද පැටියෝ ඉස්සරහ තියෙන කුණු ටික කුස්සියේ පැත්තට අතු ගාගෙන යන්නකෝ අප්පච්චි එන්නම් චූටි අප්පච්චිගෙ ඔලුව අත ගාලා හොදද “

” හලි “

               💥💥💥💥💥💥💥

නුරාද කාමරෙන් යද්දි මන් ඇදේ ආයේ හාන්සි වුණා. හාමුගේ ඇගිලි මයේ නළල දිගේ හරි සනීපෙට යද්දි මට ආයේ මතක් වුණේ ඊයේ වෙච්ච සිද්දිය.

බිමට ඇලිලා වගේ තිබ්බ කොස් අත්ත අයින් කරලා ආයේ යන්න හදද්දී කවුරු හරිම මාව තල්ලු කළා වගේ ලාවට මතකයි. එහෙන්ම මන් බිමට වැටුනු පාර මන් ආයේ නැගිටින්න හැදුවත් එක පාරටම මයේ පපුවට ලොකු බරක් ආවා වෙද්දී මයෙ හුස්මත් හිරවෙන්න වගේ ආවත්  එක පාරටම ආපු ලොකු හුළගකුත් එක්ක මට දැනුනේ මන් සැහැල්ලු වුණා වගේ . හිතා ගන්න බෑ ඒක හරියට හීනයක් වගේ.  මෙච්චර වෙලා හාමු දිහාම බලන් කල්පනාවක හිටපු මන් හරි සිහියට ආවේ මයේ තොල් සීතළ වෙද්දී.

” ඇයි නතර කරේ “

මගෙ කට කකා හිටපු හාමු ටිකක් ඉස්සිලා මයේ දිහා බලන් ආයේ මයේ ඔලුව අත ගාද්දී හාමුගේ ඒ පහස මට තව තවත් ඕනී වුණා

” ඊළගට මයේ අතින් තුවාලේ පෑරෙන්න පුළුවන්. ඇත්තටම මයේ කොල්ලට ඊයේ වෙච්ච දේ මතක නැද්ද ම් “

” හාමු මට ටිකක් මතකයි. හැබැයි මට මොකුත් හිතා ගන්න බෑ ඒ ගැන. මාව කඩුල්ල ළගදි තල්ලු කරා හාමු. කෙනා නම් දැක්කේ නෑ… අනේ මන්දා “

හාමු මයේ දිහාම බලන් ඉද්දි මන් ඇස් පියා ගත්තේ මට‍ මේ වෙන දේවල් විශ්වාස කර ගන්න බැරි වෙද්දී.

” කොල්ලට හොදටම අමාරු වුනාද බන් “

” ඔව් බන් මන් ඊයේ රෑ හොදටම බය වුණා. අනේ මන්දා දිනුවෝ හිතා ගන්න බෑ වෙන දේවල් “

ලාවට වගේ කඩහඩවල් ඇහුනත් මන් එහෙන්ම හිටියෙ ඔලුවට දැනෙන බර ගතිය නිසාමයි.

මට ආයේ පාරක් නින්ද ගිහිල්ලා ඇහැරෙද්දි මයේ පැටියා මයේ ඇදේ ඉදන් කතන්දර පොතක් කියවනවා. පහටත් කිට්ටුයි.

” තූති අප්පත්ති ඔලා ඇත් අලිනකම් මන් බලාන් හිතියනේ අලේ…. දන් ඌවා අදුත තූති අප්පත්ති ඈ…. “

” ටිකක් පැටියෝ. චූටි අප්පච්චිගෙ අර කමිසේ ගෙනල්ලා පැටියට අන්දන්න පුළුවන්ද ම් “

” හලි අලේ… “

පුටුවේ උඩ තිබ්බ මයේ කමිසේ ගෙනාපු පැටියා මන් ඒක පරිස්සමින් ඇද ගත්තට පස්සේ පැටියා එයාගේ චූටි අත් වලින් සින්දුවකුත් කඩ කඩා මුමුණ මුමුණ මයේ බොත්තම් දානවා.

” නැගිට්ටද… ඇයි මට කතා කරා නම් මන් එනවනේ නිලූෂ. දැන් කොහොමද ම් “

මන් කාමරෙන් එළියට ආපු හැටියේ මාව දැක්ක හාමු දුවන් ආවේ මයෙ ළගට.  දැන් නම් මුළු ඇගම රිදෙන ගතිය නම් අඩුයි. කොහොමත් දිගටම කාමරේම ඉන්නත් බෑ නේ.

” දැන් හොදයි හාමු මහත්තයා. කොහෙන්ද මේවා “

” දිනුවා ආවා ඔයා බලන්න කියලා. නිදි නිසා ඇහැරවව්වේ නෑ “

මේසෙ උඩ තිබ්බ පලතුරුයි තව මොන මොනාදෝ පොඩි මලු දෙකකුයි හාමු මහත්තයා කාමරේට ගෙනියද්දි මන් ගියේ බර පොඩ්ඩක් නිදහස් කර ගන්න. හොද වෙලා වට වමත නැතුව දකුණු අත තුවාල වුණේ.

” තූති අප්පත්ති ගියාලේ තොතෝ බලක් හැදිලා තොතෝ එකත “

” රවි අයියටයි දමි අයියටයි විතරද දැන් කතා කරන්නෙ ආ…  හැබැයි ගෙනාපු ආසකීම් එක දේන්නෑ කතා කරන් නැති ළමයිට “

” ආසකීම් ගෙනාවත….. කූ නා නේ පේන්ත. ඔලා බොලු කීනවා මත “

මන් කුස්සියේ පැත්තේ ඉදන් එද්දි මට ඇහුනේ සාලේ පැත්තෙන් ගෝරනාඩුවක්

” මේන් “

” සා…….. ආසකීම් ගුදක්.  මන් ඉත්තෙල්ලා සිතුවේ විත්තෝතු කීලා අලේ….  මත ඉතින් ඔලාලා ඕම ඉද්දි ඇලලා බාන්න බා නේ. අප්පත්ති එතෝත සා දානවා මත ලැද්දා කලන්ත එපා කීලා “

” ආ.. නුරාද කොහෙද ඔය ටික අරන් දුවන්න යන්නෙ ආ… ගිහිල්ලා දාන්න ශීත බබා ඇතුළට. හොරෙන් එහෙම මේ හීතලේ කාලා අහුවෙන්නෑ “

පැටියා මූණත් එල්ලගෙන කුස්සියේ පැත්තට එද්දි මාව දැකලා කොල්ලා හිනා වෙලා දුවගෙන ආවා.

” අලේ තූති අප්පත්ති ආසකීම් තුත්තක් කන්තම්කු. මත ගුදක් බදගිනි නේ තූති අප්පත්ති “

” එපා පැටියෝ.. මේ හීතලේ අයිස්ක්‍රීම් කාලා ඔයා ලෙඩවුනොත් මහඅප්පච්චි අපි දෙන්නව බාල්කෙ එල්ලයි. හෙට කමු ඉතින් “

පොඩි පොඩි අයිස්ක්‍රීම් වර්ග ගොඩාරියක් පැටියට දීලා. මන් එද්දි ගජේයි රවියි දමියයි තුන් දෙනාම ඇවිල්ලා.

” උබ එතකොට ගජේ එක්ක ආවේ… “

” ඔව් ඔව්‍ නිලුවෝ ඔව්. මාව මගදී දැකලා මට ඉතින් කතා කරා. මාත් ඉතින් කිව්වා ඔයා මෙහෙමයි අරහෙමයි. එයාව බලන්න දැන් යන්නෙ කියලා “

මන් කාමරේට ඇවිල්ලා අලුත් සරමක් ඇද ගද්දි ඇතුළට ආවේ දමියා. මේකා කතා කරලා වත් නෙවෙයි එන්නෙ.

“  උබට ඉතින් ඔක්කොම දිගාරිනවනේ “

නුරාදටත් ආයේ දෙයක් නෑ ලොකු අයියලා තුන් දෙනා වටකරගෙන කයිය ගහනවා.

” නා නා අලේ මාත් අත්තතම ඌනවා. ඔය පපදම් කදුවේ මන්නේ අලේ .  ලූනුත්  සුත්ත කාලා. ම් තා තා මොනා ත ම් ……. “

පැටියා ඉතින් ඇගිල්ලකුත් නිකටේ තියා ගෙන තව මොනාද කරේ කියලා කල්පනා කරද්දි මාත් ගිහිල්ලා ඉස්සරහින් ඉද ගත්තා

” කා පින්තා මත්ති එතත දම්මා.  සම්පේ දම්මා. තා…. තූති වන් ගෙදියෙන් ගා මීස් කෙතුවා ඕනේ ගුදක් ඌලා දන් මහන්ති මත “

” අයියලා ගෙදර එහෙනම් යක් පැටියා එනවද. අපෙ ගෙදරත් උයන්න කවුරුත් නෑ. නේද ගජේ “

” පිත්තුද…. මත මොත්තතෝලි යන්ත තීනවා. දන් නම් තූති අප්පත්තිත් බා ගන්ත එපැයි මන් “

පැටියා හාන්සි පුටුවේ හාන්සි වෙලාම අපි දිහා බල බලා කියවනවා ඉතින්. කොහොම කොහොම හරි හාමු මහත්තයා දැලි ගාගෙන පරිප්පුවකුයි මසුයි පපඩමුයි හදලා තිබ්බා හත කිට්ටු වෙද්දී.

” ම් දැන් නම් රසයි නේ පොඩි හාමු මහත්තයගෙ කෑම. ටිකක් සැරයි තමයි හැබැයි රසයි “

” පුතාලා සැර කන්නැති වෙයි කියලා මන් මිරිස් අඩු කරලා තමයි හැදුවෙ. නැත්තම් අපි ඔයිට වඩා සැරට හදන්නේ පුතා “

මයෙ හාමු හිනා වෙලා පොඩි ඇටයට එහෙම කියද්දී මන් බැලුවේ ඇසුත් ලොකු කරන් පැටියට බත් ගුලි ගිල්ලන හාමු දිහා. දමියාගෙ නම් මුළු මූණම රතු වෙලා කනුත් එක්ක.

” පපදම් කු අප්පත්ති “

” ඒවා කුඩු කරලා බත් ගුලියට දාලා තියෙන්නේ. මීක් නොගා දෙන දේ ගිලින්න නුරාද බොරුවට මයෙන් ගුටි නොකා. බත් ටික කන්නකෝ තව පපඩම් ටිකකුත් දාන්න “

හාමුගේ අතින් කව්වා ගන්නවා නම් එයා බත් ගුලියට කොච්චියක් දාලා කැව්වත් පැටියයි මායි මීක් නොගා කන්න ඕනී. ඒක තමයි පොඩි හාමු මහත්තයගෙ නීතිය. පැටියා එයාගේ මහඅප්පච්චිගෙ හැටි දන්න නිසාම තඩි බත් ගුලි කොහොම හරි ගිලිනවා. මන් කැව්වොත් නම් පැටියට කවන්නෙත් මස් කෑල්ල වුණත් හොදට හෝදලා.  තාම මයෙ පොඩි එකාට සැර කන්න බෑ නේ ඉතින්.

” ආයේ එන්ත ඔලාලා මාව බාන්න. ආසකීම් ගුදක් ගේන්ත ගදේ අයියා. බායි බායි බුදු තරණයි. බායි සවි අයියා…… දමි අයියා බායි ඔලා ආයේ තොකලත් ගේන්ත සවි අයියා ……. බායි බා…….. යි “

” බා…. යි බා…යි අපි ආයේ එන්නම්කෝ ආසකිමුයි තොකලතුයි අරගෙනම. ඔයා අපිට උයලා කන්න දෙන්න ඕනී….. “

” හලි හලි අලේ ඌලා දෙන්තම් මන්. බා…….යි බා……… යි “

මයෙ පැටියා එයාලා යනකම්ම යටිගිරියෙන් බායි කිය කියා උඩ පනිනවා.

” යමු දැන් ඇතුළට චූටි අප්පච්චියි පුංචි බඩ්ඩයි “

අපි ඇතුළට ආව හැටියේ හාමු මහත්තයා දොරත් වහලා ලොකුත් කරලා යතුරත්  ගත්තා අතට .

” වෙනදා ඔච්චර ඔහොම ලොක් කරන්නෑනේ මයෙ හාමු “

” රෑ වුණාම දොර ජනෙල් ලොක් කරන එක හොදයි කෝකටත් චූටි අප්පච්චි “

එහෙම කියපු හාමු මහත්තයා මේසෙ ළගට ගිහිල්ලා කැසට් එකෙන් පිරිත් හයියෙන් දැම්මා වෙද්දී මාත් පැටියා එක්කලා ගියේ කාමරේට .

යානීධ භූතානි සමාගතානි

භූම්මානි යානිව අන්තලික්ඛේ

සබ්බේව භූතා සුමනා භාවන්තු

අථෝපි සක්කච්ච සුණන්තු භාසිතං

භූත පිරිස් කිසිවෙකු මෙහි සිටිත්ද රැස්වුණ

අහසේ හෝ පොළවේ හෝ ඒ හැම එක් වුණ

සියලු භූතයෝ සැප ඇති සිත් ඇති වෙත්වා

එමෙන්ම මා පවසන දේ හොදින් අසත්වා

ආටානාටිය ඉවර වීගෙන වගේ එද්දි ඇහැරෙච්චි පාර තාම නින්ද ගියේ නෑ මට. තාම පාන්දර දෙකයි ගානක්. ඔලුව ආයේ ආයේ රිදීගෙන ආවත් මන් කන් දී ගෙන හිටියෙ රතන සුත්‍රෙට. මයෙ හාමු මුළු ගෙදරම දෙදරන්න තරම් සද්දෙට පිරිත් දාන් හිටියටත් කාමරේ දොර වහලා තියෙන නිසා ටිකක් විතර සද්දෙ අඩුවෙන් තමයි ඇහැන්නේ.  මන් ඇදේ නිදා ගෙන ඉද්දි හාමුයි පැටියයි බිම නිදා ගෙන හිටියේ.

” නිලූෂ ඇතුළටම වෙලා ඉන්න හාද. මන් අද කලින් එන්නම් පැටියවත් අරන්. ඇදේම මන් එනකම්ම ඉන්න හාන්සි වෙලා හොදද “

” හරි හරි කලින් එන්න ඕන්නෑ. ඉස්කෝලේ ඉවර වෙලාම පරිස්සමින් එන්න “

මන් ඇදේ හාන්සි වෙලා ඉද්දි හාමු මයෙ නළලත් ඉඹලා ඇද ළගම තිබ්බ පොඩි ලී මේසෙන් පොඩි පොඩි කෑම බීමත් තියෙලා පැටියා එක්කලා ඉස්කෝලේ ගියා. මළ ගෙදර නිසා හාමු නිවාඩු ගත්ත එකෙන් වුණේ හාමුට ආයේ නිවාඩු ගන්න ඕනී වුණත් මේ මාසෙට නිවාඩු ගන්න බැරි වුණු එක. මේ මාසේ එයාගේ අසනීප නිවාඩු පහ සම්පුර්ණයි.
එයාලට මාසෙට නිවාඩු ගන්න පුළුවන් උපරිම දවස් පහයි. ඒකත් අසනීප නිවාඩු කියලා.

පැටියයි හාමුයි ගියපු නිසා මුළු ගෙදරම පාළුයි. මන් හාන්සි පුටුවට ගිහිල්ලා ටීවී එක දාගෙන වැඩි වෙලාවක් ගියේ නෑ කවුරු හරි දොරට තට්ටු කරන්න ගත්තා හයියෙන්. ලයිට් බිලවත් ආවද දන්නෑ. විසි පහත් පහු වෙලා නේ.

” ඊයේ මන් දැන ගත්ත හැටියේ එන්න හිටියෙ. කොහෙද ඉතින් අර කේස් එකට ආයේ යන්න වුණානේ මට. තුවාල වලට බෙහෙත් දැම්මද ම්…… කෝ ඔයාට අමාරුයි තනි අතින් බොත්තම් දාන්න “

” නෑ නෑ සර් එහෙම අවුලක් නෑ “

” ඔච්චර මුරණ්ඩු වෙන්න එපා. ලෙඩක්ට මන් මේ පිහිට වෙන්නේ “

මන් වම් අතින් ගයාන් සර්ව එහාට්ට තල්ලු කරන්න ගියත් එයා කොහොම හරි බලෙන්ම මයෙ පපුවෙ මැද හරියක් වෙනකම් බොත්තම් දාලා අරහෙට්ට වුණා.

” ඔය ටික ආයේ හුළං පොදක් හරි වැදෙන්න ඇරිලා තිබ්බාවේ.  හොද වෙලාවට මන් හරි ආවා. නැත්තම් ඉතින් මයෙ කොල්ලා ලෙඩක් වෙලත් තනියමනේ මේ ගෙදරනේ ඉදලා තියෙන්නේ “

මයෙ මූණට එබිලා එහෙම කියපු එයාට මන් පුළුවන් තරම් එරෙව්වා. ඒ අස්සේ මයෙ ඔලුව පුපුරු ගහන්න තරම් ආයේ රිදෙනවා. මේ මනුස්සයා මයෙ ලොක්කා නොවුනා නම් බෙල්ලෙන් ඇදලා එළියට දාන්න දෙපාරක් හිතන්නෑ.

” ආයේ ඉක්මනට මයෙ මහත්තයා ඉස්කෝලේ ඇරිලා එනවා කිව්වා සර්. එයා මාව කොහොමත් මේ විදියට තනියම තියන්න කැමති නෑ. සරුත් දැන් ගියා නම් හරි “

” තමුන්ගේම අයියට නිකන් බොරුවට මයෙ මහත්තයා කියන්න එපා බන් “

” ඒ මගෙ අයියා නෙවෙයි සර්. වලව්වේ පොඩි හාමුයි මායි බැදලා ඉන්නෙ. දැන් අපි තුන් දෙනාම එක පවුලක්. සර් වෙන කෙනෙක්ට ආදරේ කරලා ලස්සන පවුලක් තමන්ටම කියලා හදා ග…. “

” පුතා……. ඊයේ මේ විරා කිව්වා එයා ඉස්කෝලේ යනවා කියලා. මන් මේ පුතාව බලලා යන්න ආවා. කව්ද මේ “

මන් ගයාන් සර්ට කතා කර කර හිටියත් දොරෙන් මතුවෙච්ච රූපේ දැකලා කිය කිය හිටපු දේ මන් නතර කර ගත්තා. දිනුල මහත්තයගෙ තියුණු ඇස් දෙක එහා හාන්සි පුටුවේ වාඩි වෙලා ඉන්න ගයාන් සර්ට යොමු වුණත් හරි ගයාන් සරුත් බලන් හිටියේ දිනුල මහත්තයා දිහා.

” මොනා හරි බිව්වද පුතා.. උදේට බත් කෑවද “

” ඔව් හාමු මහත්තයා කවලා ගියේ “

” ඉන්නකෝ මන් බොන්න මොනා හරි හදා ගෙන එන්නම් “

එහෙම කියලා දිනුල මහත්තයා කුස්සියේ පැත්තට යන්න යද්දි මාත් ඒ පස්සෙන්ම යන්න හැදුවත් ගයාන් සර් කතා කරා මට.

” ම්… මන් ගිහිල්ලා එන්න ම් “

” ඉන්න සර් මොනා හරිම බීලා යමු. අපෙ මාමත් ඇවිල්ලනේ ඉන්නෙ දැන්. සර් පොඩ්ඩක් හිතලා බලන්න මන් ඉස්සෙල්ලා කිව්ව එක ගැන. ඒක දෙගොල්ලොන්ටම හොදයි. සර් වුණත් සමාජේ ඉහළම තනතුරක ඉන්න ගොඩක් බුද්ධිමත් කෙනෙක්නේ නේද “

මන් කුස්සියේ පැත්තට එද්දි දිනුල මහත්තයා ලිපත් පත්තු කරලා කෝප්ප තුනක් හෝදනවා.

” ආ පුතා බොන්න මන් කිරි කහට එකක්
හැදුවෙ කේක් තියෙන නිසා “

දිනුල මහත්තයා ගයාන් සර්ට බන්දේසියත් අල්ලලා එයා ළගින් තිබ්බේ කේක් දීසිය.

” පුතා පුතා ගාන්න එපා අයියේ…  මටත් දැන් තිහකට කිට්ටුයි මෙහෙම හිටියට “

                💥💥💥💥💥💥

ගිහිල්ලා එන්නම් යාලූලා ❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්හයවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්හයවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්හයවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්හයවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්හයවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්හයවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 57