À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්හත්වැනි කොටහා

A+ A-

” මේ දරුවා අර වලව්වේ තේ වත්තෙ වැඩට ආපු කොල්ලා කිව්වා නේද “

මන් පහු වෙනිදා හවස ගියේ අපෙ ගමේ ඉන්න වෙද රාළ මහත්තයව හම්බෙන්න. දවස් දෙකකුත් ගිහිල්ලා ඉවර වුණාට මයෙ කොල්ලට වරින් වර එනවා ඒ හිසේ කැක්කුම.

” මේ එහෙමයි වෙද රාළ. දැන් නම් මෙයා තේ වත්තෙ වැඩ කරන්නෑ. පොලීසියට බැදුනා . ඉන්නෙත් දැන් අපි තුන් දෙනාම ක්වාටස් එකක “

” ම් ඒක හොදයි. පොඩි එකාට දැන් කතා කරන්න පුළුවන් ද හොදටම “

වෙද රාළ මයෙ ඔක්කේ වාඩි වෙලා හිටපු නුරාද දිහාටත් බැල්මක් දාලා එහෙම කියද්දී මන් ඔලුව වැනුවා

” චූටි හාමුගේ නම මොකක්ද ම්…. “

” නුලාද අහස් මනමේදන් “

කොල්ලා එහෙම කියලා ආයේ වටපිට බල බල හිටියේ මයෙ පපුවට හේතතියකුත් දාන්.

” මන් ඔය තුන් දෙනාටම මාල තුනක් දෙන්නම්. හැබැයි මාලය විතරක්ම මදි. ඔයාලා තුන් දෙනාම උදේ හවස අනිවාරෙන් බුදුන් වැදලා මේ පිරිත් ටික තේරුම් අරන් කියන්නත් ඕනී. අපි බලමුකෝ ටික දවසක්. හාමු මහත්තයට පැය දෙකක් මෙහෙ ඉන්න පුළුවන්ද “

” පුළුවන් වෙද රාළ “

” තුන් දෙනාම එහෙනම් ඇතුළට යන්කො. මන් මේ මාල තුන පිරිත් කරන්නම් “

වෙද රාළ මහත්තයා ඇතුළට යද්දි මායි නුරාදයි නිලූෂයි ඇතුළේ හාන්සි පුටුවලින් ඉද ගත්තා.

” මොනාද වෙද රාළ ඔය කොළේ ලියලා තියෙන්නේ හාමු “

” අහ් බලන්න අමතක වුණා නේ “

උදේට බුදුන් වැදලා රතන සූත්‍රයයි කරණීයමෙත්ත සූත්‍රයයි මෝර පිරිතයි හවසට මෝර පිරිතයි ආටානාටි සූත්‍රයයි. ඊට පස්සේ පිරිත් පැන් ඉන්න තැනට ඉහින්න කියලා තිබ්බේ. මන් ඒ කොළේ කියවද්දී නිලූෂත් ඒ කොළේ කියවලා මයෙ දිහා බැලුවා.

” ආ ගන්න…..  මේ දරුවගේ ඔලුවට මේ බෙහෙත් තෙල් එක ගාන්න. මතක ඇතුව මන් ඉස්සෙල්ලා කිව්ව‍ ටික ඒ විදිහටම කරන්න. ඒවා තමයි ලෝකේ තියෙන බල ගතුම ආරක්ෂක යන්ත්‍ර මහත්තයා. විශ්වයේ තියෙන බලගතුම ශක්තිය තමයි හාමු බුද්ධ ශක්තිය. වෙන වෙන අදුරු ශක්තින් වලට ඒවා අභිබවා යන්න තියා හිතන්නවත් බෑ හාමු “

ඇත්තටම අපෙ අප්පච්චි කිව්වා වගේම වෙද මහත්තයා කියන්නේ එසේ මේසෙ මනුස්සයෙක් නෙවෙයි වගේ. මේ ගෙදරට ආවත් වගේ දැනෙන්නෙ හිතට පුදුමාකාර නිදහසක්. ගැට පිච්ච මල් වලින් එන සුවද හැමතැනම.

අපි ඔක්කොමලාම ක්වාටස් එකට එද්දි හතත් පහු වෙලා තිබ්බා. හොද වෙලාවට මන් කලින්ම ලොකු නුඩ්ල්ස් පැකට් ගත්තා. ඒකයි තව බිත්තර හොද්දකුයි හැදුවා නම් හරි. මන් උයන්න කලින්ම කේතලේ ලිපේ තියෙලා ගියේ නිලූෂව ඇග හෝදවන්න. එයාගේ ඔලුව වැහෙන්න ලොකු තොප්පියකුත් දාලා ඒ ඇගට පරිස්සමින් වතුර හැලුවා.

” මන් නිසා කරදරේ නේද මයෙ පුංචි හාමුට “

” මයෙ නිලූෂට මාව එහෙමද පේන්නෙ ම්…. ලෙඩක් දුකක් වුණාම අපි ගැන අපිමනේ බලා ගන්නෙ මයෙ නිලූෂ. ඉතින් කොහොමද කරදරේ වෙන්නේ. අපි දෙන්නම දැන් එක පවුලක් නේ…… “

කොහු ලෙල්ලෙන් පරිස්සමට ඒ කකුල් අතුල්ල අතුල්ල එහෙම කියපු මන් බැලුවේ මයෙ කොල්ලගේ දිලිසෙන ඇස් දිහා.

” ඔව් අපි පවුලක් දැන්. මයෙ පුංචි බේබිට නම් උප නූපන් ජිවිත වලදී නිරෝගී සම්පත්තියම ලැබෙන්න ඕනී “

මයෙ හිස් මුදුනට හාදුවක් තියපු එයා එහෙම කියලා මට දුන්නේ ලා හිනාවක්. මන් කැමති ඒ උප නූපන් හැම ජිවිතයකදීම මේ පුරුෂ ආත්මේ මයේම ස්වාමියා වෙනවා නම්.

” මන් උයන කම් චූටි අප්පච්චියි පැටියයි මේ පිරිත් ටික කියන්න. සිංහල තේරුමත් කියන්න “

” අලේ මත පූවන් වෙයිත අප්පත්ති පීත් කියන්ත “

” පුළුවන් පැටියෝ. චූටි කාලේ ඉදලමනේ පැටියා අකුරු ලියන්න කියන්න පුරුදු වුනේ. ඔය පොත බලාගෙනම කියන්න නුරාද “

බුදුන්ට මල් පහන් තියාපු මන් ඒ දෙන්නට පිරිත් පොතත් දීලා ආවේ කුස්සියේ පැත්තට උයන්න.  පැටියත් බැරි බැරි ගාතේ හරි අමාරුවෙන් පිරිත් කියද්දී මන් හරි ආසාවෙන් ඒවා අහන් හිටියා.

” ඉක්මනට සනීප වෙයි මයෙ නිලූෂ හොදද “

තුවාල වලට බෙහෙත් දාපු මන් එයාගේ ඔලුවට බෙහෙත් තෙල් ටිකත් ගාලා අත ගාද්දී එයාගේ ඇසුත් ලාවට ලාවට වගේ පිය වී ගෙන ආවා.පස්සේ පැටියයි මායි දතුත් මැදගෙනම කැසට් එකත් දාලා ආවේ නිදා ගන්න.

” අප්පත්ති හෙත මන් තූති අප්පත්ති එත්ත ගෙදල ඉන්නත ඈ අලේ “

” බෑ බෑ නිවාඩු ගන්න බෑ පැටියෝ. මන් කැමති නෑ ඔයා කම්මැලියෙක් වෙනවට “

” මන් ඒම වෙන්තෑ අයියූ…. ඒනම් අල සාහුල් කොත්තල නිවාදු ගන්නෝත ඈ අප්පත්ති….. බාන්න මන් ඒම නා. “

කොල්ලා මයෙ මයෙ කුක්කුවකුත් මිරික මිරික එහෙම කියන්නේ මයෙ ඇගට කකුලකුත් දාගෙන.

” ඕක දැන් මිරික මිරික ඉන්නැතුව නිදා ගන්න “

” හලි හලි අප්පා….. තූති අප්පත්තිත් මිලිකන්තේ ඔලාදේ කුක්කු “

” මොකක්…. ක් කොහොම ද එහෙම කියන්නේ ආ “

” අයියූ අලේ…… කුත්තියේ මන් දක්කා තූති අප්පත්ති ඔලාදේ කුක්කු කතේ දාන් උලනවා.  මතත් ඕලි අප්පත්ති කුක්කු තිතක් “

එක පාරටම නුරාද මයෙ කුක්කුව කටේ දා ගනිද්දී මන් ඒ දිහා බලන් හිටියෙ හිතා ගන්න බැරිව. හොද වෙලාවට නිලූෂ නිදි. තව තවත් පැටියවත් මයෙ අස්සටම අරන් මන් ඇස් දෙක පියා ගත්තේ ඇද උඩ හරි සනීපෙට නිදාගෙන ඉන්න මයෙ නිලූෂගෙ දිහත් බලාගෙන.

” සර් අවුරුදු නිවාඩුවට කොහෙවත් යන්නෑ “

” කොහේ යන්නද ළමයි. දැන් අවුරුදු කන්න හදන්නේ පාඩම් වැඩත් ඉවර කරලද ම්….. තව ලොකු විබහගෙට මාස හතරයි තියෙන්නේ “

” අයියෝ සර් ඒක කොහොමත් තියෙන එකනේ අප්පා… “

” අද වත් සර් ඕක පොඩ්ඩක් අමතක කරලා ඉන්නකෝ “

මුන් කියනවා වගේ කොහොමද විබහගේ අමතක කරන්නේ. මේ ළමයි මෙහෙම ඉදලා මොනවා ලියයිද දන්නෑ. ඉස්කෝලේ ඇවිල්ලා ඉගැන්නුවාට මොකද මයෙ කොල්ලා මොනවා කරනවද මන්දා. ලොකු සර්ට කියලා අදත් කලින් යා ගන්න තිබ්බා නම් හොදයි.

” අප්පත්ති තිකුලාදා ඉදා නිවාදු නේත ඈ අප්පත්ති….. තීත ඒම තමා කුව්වේ… “

” හ්ම් නිවාඩු නිවාඩු. ඇයි දැන් පැටියට මොකද්ද වෙන්න ඕනී ම්… “

” තීයා බාන්ත යන් අප්පත්ති “

” යන්කො යන්කො “

පැටියවත් පෙර පාසලෙන් එහෙන්ම අරගෙනම ආවේ මන් ක්වාටස් එකට. දිනුල හවසට මෙහෙ එන්නම් කිව්ව නිසා රාහු වත් එක්ක ආවා. ක්වාටස් එකට එනකම්ම රාහු අපෙ පැටියගේ ඔක්කේ ඔලුවත් තියා ගෙන කටත් ඇරන් බුදි.

” ඉන්න පොඩ්ඩක් පැටියෝ චූටි අයිය ඔහේ නිදි ගත්තාවේ තව “

වාහනේ නතර කරපු මන් නුරාද ඉන්න පැත්තට ගිහිල්ලා හෙමින් සැරේ නිදා ගෙන ඉන්න රාහුව වඩා ගෙන නුරාදට කිව්වා රාහුගේ බෑග් එකත් ගේන්න කියලා. එකොළහට කෑම කාලා දැන් හොදට නිදි.  නුරාද එයාගේ කොට්ට දෙකත් ගෙනාවට පස්සේ මන් පැටියව හාන්සි පුටුවේ හාන්සි කරවලා සපත්තු දෙකත් ගලවලා හුලන් වැදෙන්න කමිසෙත් ගැලෙව්වා. මන් ඒ හැමදේම කරන කම් නුරාදත් ඒ දිහා බලලා මටත් හිනාවක් දීලා දුවන් ගියේ අපෙ කාමරේට.

” තූති අප්පත්ති…. තූති අප්පත්ති කෝ අත් අලින්නකු.  අයියූ පැතියා ආවා නේ. මන් ඔලාගේ අපල් ගෙදියක් කනෝ හාද තූති අප්පත්ති……. “

” ඒයි ඇහැරවන්න එපා නුරාද… කෝ ඕවා කන්න කලින් අතපය හෝදලා ඉන්න. “

” මත බදගිනි අලේ…… පොද්දක් ඉන්තකු
අප්පා…. ආ….. අම්බෝ…….. මන් බා වුණා අලේ “

පැටියා නිලූෂ ළගම ඉදගෙන මයෙ පැත්තත් හැරීගෙන ඉන්නකෝ අප්පා කියද්දී නිලූෂ යන්න යන හිනාවක් කා ගෙන කොල්ලගේ පස්ස කොනිත්තව්වා. නිලූෂ කලින්ම නැගිටලා හොරා වගේ බොරුවට නිදා ගෙන.

” අලේ….. තූති අප්පත්ති ඔලා බොලුවත නේත බයි වදේ හිතියේ. අලේ අලේ හෝ ගෙදියා මදෙ …  “

R
ඇපල් ගෙඩියත් පැත්තකින් තියපු නුරාද නිලූෂගෙ මූණට එබිලා හොර ගෙඩියා මගෙ කිය කිය කම්මුල් මිරිකනවා.

” චූටි අප්පච්චිට පාලු හිතුනා මයෙ කොල්ලා නැතුව. අදත් කලින් එන්න පුළුවන් වුනාද හාමු ම්….”

” මන් කියලා ආවා නිලූෂ… උණු වතුර බෝතලේට දාපු කිරි එක බිව්වද …. “

” බිව්වා හාමු. ඒක බීලා තමයි ආයේ නිදා ගත්තේ මන් “

නුරාදවත් නාවපු මන් අපෙ කාමරේට ගිහිල්ලා ගත්තේ තුන් දෙනාගෙම හෝදන්න ගොඩ ගහපු රෙදි.

” හාමු……  “

” ඇයි බඩගිනිද “

කාමරෙන් යන්න ගියපු මන් ආයේ ගියේ නිලූෂගෙ ඇද ළගට.

” මේ රෙදි කෑළි ටික ගලෝලා දාන්න කෝ. බෙහෙත් තුවාල වලට දැන් හොදට අල්ලලත් ඇති නේ “

රෙදි ටිකත් පැත්තකින් තියපු මන් එයාගේ දකුණු අතේ තිබ්බ රෙදිකඩ ටිකයි පපුවෙ තිබ්බ රෙදි කඩ ටිකයි අයින් කරලා බැලුවේ තුවාල කොහොමද කියලා. පොඩ්ඩක් තුවාල නම් වේලිලා.

” එළියට යන්නැතුව කම්මැලි නම් ඉස්සරහට වෙලා ඉන්න “

” ඉද ගෙන ඉන්න ඕනී තමයි හාමු. ඉක්මනට එන්න රෙදි ටික හෝදලා “

එයා ඉස්සරහා සාලෙට යද්දී මන් ආවේ රෙදි හෝදන්න.

” සාහුල් අලහෙත්ත වෙලා ඉන්ත තිකක්. තූති අප්පත්තිගෙ ඌවා පෑලෙන්ත පූවන් “

” මන් පාලන්තෑ නුලාද. පාදුවේ මත මේත කන්ත දෙන්නකු “

” ඔලා ගුදක් පෙලේතයි සාහුල්. ඔත්තර ඕම පෙලේත විදිහත කන්තෑ. තුත්ත තුත්ත කතත දා ගන්ත “

පැටව් දෙන්නම කලිසම් කොට දෙකකුත් ගහගෙනම අයිස්ක්‍රීම් කකා ඔහේ දොඩවනවා. රාහු නම් නිලූෂගෙ වම් අතට හේත්තියකුත් දාගෙන ඉද්දි නුරාද රාහුව අරහෙට්ට කරන්න හැදුවත් රාහු ඉන්න තැනින් නම් අරහෙට්ට වුන්නෑ.

” අද නම් මයෙ හාමු මිරිස් අඩුවෙන් දාලා උයාපු නිසා හොදයි. රසට කන්න පුළුවන් “

” තව බත් පිගානක් බෙදන් එන්නද “

” නෑ නෑ දැන් ඇති… “

මයෙ නිලූෂගෙ රැවුලේ තැනින් තැන ඉදුල්. එයාගේ කට වටත් පිහලා කුස්සියේ පැත්තට ගිහිල්ලා අත හෝද ගනිද්දී පැටව් දෙන්නත් කුස්සියට ඇවිල්ලා තව අයිස්ක්‍රීම් බෙදා ගන්නවා.

” සාහු ඉන්තකු පොද්දක් ඕම “

” තොකලත් “

” ඕ අලේ… තොකලත් මේම කුදු කළලා දාපුවාම හලි සසයි සාහු. කාලා බාන්නකු “

පැටියා ලොකු චොකලට් එකක් ඇරගෙන එකේ කෑළි ටිකකුත් දැම්මා රාහුගේ අයිස්ක්‍රීම් කෝප්පෙට.

” ඉස්සරහට ගිහිල්ලා කන්න දෙන්නා ඉතින්. ඔය චොකලට් පෙට්ටියත් ගෙනියන්න නුරාද. චූටි අප්පච්චිටත් දෙන්න “

දවස් දෙක තුනක්ම වෙනදා වගේම ගෙවිල යද්දි අද මයෙ නිලූෂ පාන්දරම ගියේ වැඩට.

” තා බයි ගන්ත දෙන් න කූ….. “

තනියම උයන්න කම්මැලි නිසා තාම පාන්දර හය වුණත් මන් පැටියව නැගිට්ටවන්න හැදුවා වෙද්දී පැටියා කුණු කුණු ගගාම ඇදේ ගුලි වුණා. සෙනසුරාදා හින්දා මාත් පැටියට නිදා ගන්න දීලා ගියේ කුස්සියට. බුදු මැදුරේ පත්තු කරලා තියෙන හදුන් කූරු සුවද නිසාම මුළු ක්වාටස් එකම සුවදයි. වෙද රාළ කිව්ව විදිහටම අපි හැමදාම කරන නිසාද මන්දා ඉස්සර වගේ අපිට බයක් දැනෙන්නෙත් නෑ විකාර හීන පේන්නෙත් නෑ.

” කෝද යන්තේ අප්පත්ති මෙත්තල පාන්දල “

පැටියගේ නිදා ගත්තු ඇදුමට උඩින් මන් එහෙන්ම දැම්මේ එයාගේ ලා කහ පාට ඌල් ජේසිය.

” චූටි අප්පච්චිට කෑම එක දෙන්න පැටියෝ. අටහාමාර වෙද්දී ගේට්ටුව ළගට ඇවිල්ලා ඉන්නම් කිව්වා “

උදේට කැරට් කිරට හදලා කරෝලයි ගෝවයි තෙල් දැම්මා. මයෙ ඇලුමිනියම් බත් පෙට්ටියට උණු උණුවෙම කෑම එකත් දාලා ඉක්මනට ඇදුමත් දාන් දෙන්නම බතුත් කාලා පැටියගෙත් මූණ හෝදලා එළියට බැස්සේ නිලූෂට කෑම එක දෙන්න.

මන් එතැන්ට ගිහිල්ලා විනාඩි දහයක් විතර යනකොට තමයි එයා ආවේ.

” හාමු අද නම් පරක්කු චෙයි ගොඩක්. අලුත් කේස් එකක් ආවා ටිකකට කලින් “

” මොන කේස් එක කරත් කමක් නෑ. හැබැයි පරිස්සමින්. තාම ඔලුවේ තුවාලෙත් හරි නෑ නේ “

මන් කෑම එක එයාගේ අතට දීලා එහෙම කිව්වට පස්සේ එයා මයෙ අතත් මිරිකලා කොන්ඩේ අවුල් කළා.

” පැටියෝ ඔයා මොනාද චූටි අප්පච්චිට ගෙනාවේ ම්…. “

” මත කදේ යන්ත බලි වුණා අලේ… ගෙදල එන්තකූ.. මන් තූති අප්පත්තිත තොකෝ එතත් දෙන්තම් “

නිලූෂ පැටියගේ කම්මුලටත් හාද්දක් දීලා ඊළග හාද්ද දුන්නේ මයෙ හිස් මුදුනට වෙද්දී මන් බැලුවේ වට පිට.

” මයෙ හාමු මහත්තයා පරිස්සමින් යන්න එහෙනම් දෙන්නම “

” ඔයත් කරන වැඩ පරිස්සමින් කරන්න “

මන් ක්වාටස් එකට ආවත් හරි දැක්කේ ගුණේ මාමා එක්කලා ඇවිල්ලා ඉන්න අප්පච්චිව.

                💥💥💥💥💥💥💥

” ලොකු ලොක්කෙක්ගෙ වැඩක් වෙන්න ඇති බන්. නැත්තම් කොහොමද කියන්නකෝ බන් බයක් සැකක් නැතුව පොලීසිය ඇතුළටම ඇවිල්ලා හිරේ ඉන්න එකාවත් මරලා දාලා ඌත් එතැනම මැරෙන්නේ “

දමියා එහෙම කියද්දී අනිත් තුන් දෙනා බැලුවේ අපෙ පැත්තට එන ගයාන් සර් දිහා.

” ඔය දෙන්නා යන්කො මාත් එක්ක. ඉතිරි තුන් දෙනා තව කරුණු හොයා ගන්න “

එහෙම කියපු ගයාන් සර් මට බැල්මක් වත් නොදී එළියට යද්දි මායි දමියයි ගිහිල්ලා නැග්ගේ ගයාන් සර් නැගපු වාහනේට.

” අපි හොයා ගත්තා එයාලගේ තිත් පොලක්. තුන් දෙනාම යන්කො පොඩ්ඩක් බලන්න එහාට්ට “

ගයාන් සර් වාහනේ එළවන ගමන් එහෙම කියද්දී දමියා බැලුවේ මන් දිහා. අපි ආවේ තනිකරම කැලෑවකට. වාහනේ මගින් නතර කරපු ගයාන් සර් කැලෑ අඩි පාරවල් වලින් ඉස්සරහට යද්දී මාත් ඉස්සරහටම ගියේ වටපිටත් බල බලා. ගොඩක් දුර යනකොට අපිට හම්බුනේ ගරා වැටිච්ච පරණ ගෙදරක්.

” දවල්ට නම් කවුරුත් නෑ පේන්න. දමිත් ඔයා එළියේ ඉන්න. කවුරුහරි එනවා වගේ ඇහුනොත් ඉක්මනට ඇතුළට ඇවිල්ලා හෙමීට විසිල් එකක් ගහන්න “

පිටින් ගරා වැටිච්ච පරණ ගෙදරක් වගේ පෙනුනත් ඇතුළ යම්තාක් දුර‍ට පිරිසිදුයි.

” යටට වෙන්න තව කොටසක්ම තියෙනවා “

පොඩි මේසයක් තල්ලු කරපු ගයාන් සර් බිමට නැවිලා ලී කෑලි දෙක තුනක්ම අයින් කරද්දී දැක්කේ ඇතුළට යන්න තව පඩි පෙළක් තියෙනවා.

” නිලූෂ ගොඩක් ආදරෙයි වගේ නේද මහත්තයට. මන් දැක්කා අදත් ඔයා හම්බෙන්න ඇවිල්ලා ඉන්නවා “

” මගෙ කෑම එක දෙන්න ආවේ “

මේ සර් ඒකත් බලාගෙන ඉදලා. කෝකටත් කියලා මාත් ගයාන් සර්ගේ අතේ දුරින් තමයි හැමවෙලේම හිටියෙ.

” රන්දුනු තමයි හොයා ගත්තේ මෙතැන”

“……. “

ඕනී කරන කිසිම සාක්ෂියක් වත් හොයා ගන්න බැරි වෙද්දී අපි තුන් දෙනාම ආවේ වැඩ කරන තැනට.

මන් ක්වාටස් එකට එද්දි පැටියා එළියේ මිදුලේ හිටියෙ බයිසිකල් පැද පැද වෙද්දී කොල්ලා මාව දැක්ක හැටියේ බයිසිකලෙන්ම ආවේ මගෙ ළගට.

” හවස් වෙලා මොකද සීතලේ එළියේ ඉන්නෙ පැටියෝ.. “

” මත කම්මලි තූති අප්පත්ති. ආ..  ආන්නකු පොද්දක් තීයා ආවා අලේ මාව බාන්න “

” එහෙමද….. සීයට නම් පැටියව දැන් නැතුවම බෑ වගේ නේද. චූටි අප්පච්චි ඉක්මනට ඇග හෝදන් එන්නම් හාද. මයෙ තුවාය ගෙනල්ලා වස්තු “

පැටියගේ කම්මුලකුත් ඉඹලා මන් කුස්සියේ පැත්තට යද්දී හාමු මහත්තයා දෙකට තුනට නැවිලා යට පෝරනුව සුද්ද කරනවා.

” අහ් රිදෙනවා මනුස්සයෝ ඔහොම ගහන්න එපා “

” තේ එකක් වස්තු…. “

” මොකා……… ක් “

හාමු ඇසුත් ලොකු කරගෙන ඉදගෙනම මයෙ දිහා බලන් ඉද්දි මන් එහෙන්ම පාත් වෙලා ඒ තොලටත් හාද්දක් දීලා ආවේ ටැංකිය ළගට. හැමදාම හාමු මහත්තයා හාමු මහත්තයා කියන්නත් බෑ. ආදරේට චූටි අයියා කියලා වත් කියන්න බෑ  මහ ලොකු වයසක් පේන්නැති වුණාට උන්දැට දැන් මේ අවුරුද්දට හතලිහයි. මැණිකේ කිව්වොත් මට ටික දවසක් යනකම්ම දියර ජාති විතරක් බොන්න තමයි වෙන්නේ. ඒක ආයේ කියන්න දෙයක් නෑ.  

” තූති අප්පත්ති….. ඔලාත අප්පත්ති කීවා තේ බොන්ත එන්ත කීලා…….. “

පැටියා කොරිඩෝ එකේ ඉදන් මයෙ තුවායත් කර වටේ ඔතා ගෙන කෑ ගහනවා.  තාම ටිකක් අත අවුල් නිසා පැටියා ගන්න වෙන්නෑ .

” අයියෝ නිදා ගන්න වෙලාවට දාන්නකෝ “

කේක් කෑල්ලකුත් කටේ ඔබාගෙන මන් එහෙම කිව්වත් මයෙ හාමු ඇහුන්නෑ වගේ මයෙ පපුවේ බෙහෙත් උලනවා.  මන් ඉතින් වෙනදා වගේම එයා බෙහෙත් දානකම්ම ඒ මූණේ අංශුවක් නෑරම බලාගෙන ඉදලා නළලට වැටිලා තියෙන කොන්ඩෙට හුලං පිම්බා.

” ඉගුරු කෑල්ලකුත් දැම්ම නිසා තව රසයි මයෙ හාමු මහත්තයගෙ තේ එක “

” ඇගට හොදයි නිලූෂ ඉගුරු. මන් අද දවලුත් ඉගුරු අල ටිකක් හෑරුවා. මේ අද අප්පච්චි ආවා “

” මොකද කිව්වේ “

තේ එක බීපු මන් කෝප්පෙත් පැත්තකින් තියෙලා මයෙ හාමුගේ ඔක්කෙන් ඔලුවත් තියාගෙන ඒ මූණ දිහා බලන් හිටියා වෙද්දී එයා බැලුවේ මයෙ පපුවේ තිබ්බ තුවාල දිහා .

” අපිට වලව්වට එන්නලූ “

            💥💥💥💥💥💥💥💥

රාහුත් එක්කම බඩු වගයක් ගන්න ගියපු මන් වහින්න ගත්තත් හරි ඉක්මනට බඩු ටික අරන් නැග්ගේ වාහනේට.

” අප්පත්ති නුලාදගෙ ගෙදල යමුකෝ… “

” පැටියෝ වැස්ස සැරයි. අපි වෙන දවසක යන් හාද මයෙ පැටියෝ “

ලොකු හුස්මකුත් පාත දාපු මන් වාහනේ හෙමින් පාරට දාලා යන්න ගත්තා. දෙයියනේ අර බයික්කාරයා වැටුනා නේද.

” අයි නතල කළේ ඈ හලෝ…. “

” ඇතුළටම වෙලා ඉන්න රාහු. මන් පොඩ්ඩක් එළියට ගිහිල්ලා එන්නම් “

වාහනේ අයිනකින් නතර කරපු මන් කුඩෙත් ඇරගෙන එතැනට යද්දී අර මනුස්සයා අමාරුවෙන් නැගිටලා නොන්ඩි ගගහා ගිහිල්ලා බයික් එක අත ගගා බලනවා. බයික් පිස්සෙක් වගේ මිනිහා . මුළු මූණම වැහෙන්න හෙල්මට් එකකුත් දාලා ඒ මදිවට.

” ඔයාට තුවාලද “

ඒ කොල්ලාට කතා කරද්දී එයා ගැස්සිලා මයෙ දිහා බලන් ඉද්දි මන් ආයේ එයා ළගටම නැවිලා තුවාලද කියලා අහද්දී ඔලුව දෙපැත්තට වැනුවා. බයික් එකේ ඉස්සරහ පැත්ත නම් ගන්න දෙයක් නෑ.

” මේ ඔයා නේද දිනුලනේ….. මට නම් අවුලක් නෑ. ඒත් මෙයාට තමයි ඉතින් හොදටම අමාරු “

මයෙ කුඩේ තියෙන හින්දා හෙල්මට් එකත් ගලවපු ඒ කොල්ලා දිහා ටිකක් වෙලා බලන් හිටියට පස්සේ තමයි කෙනා අදුර ගත්තේ. එදා නිලූෂගෙ ක්වාටස් එකේ හිටපු කොල්ලනේ මේ.

” පුතාගේ කකුල “

” අහ් ඒක මේ උළුක්කුවක් විතරයි. ටිකක් ලෙලි ගියාට ඕක පස්සේ හරියයි “

” බයික් එක ඔය ගරාජ් එකකින් දාන්න දැන් “

කොල්ලා අමාරුවෙන් පාර දිගේ බයික් එක තල්ලු කරන් යද්දි මාත් වාහනේ අරන් ගියේ ඒ පස්සෙන්ම.

” යන් ගෙදර. මේක හෙට ගමු පුතා “

” නෑ අයියේ මේක අරගෙනම යනවා “

” සර් බයික් එක හදලා දෙන්න වෙන්නේ හෙට උදේට තමයි “

කොහොමින් කොහොම හරි ඒ කොල්ලවත් මන් වාහනේට නග්ග ගත්තේ කකුලේ ලේ ගලන තැනට ලේන්සුවකුත් ගැට ගහලා.

” රාහු එන්න අප්පච්චි ළගට “

” ආ…. කවුද මේ චූටි එක්කෙනා “

රාහු මැද හරියට වගේ එද්දි ඒ කොල්ලත් ඉස්සරහින් ඉදගෙන එහෙම අහද්දී රාහුත් බලන් හිටියෙ එයා දිහා.

” මගෙ දරුවා “

” ආ… ලස්සන බබෙක්නේ… මොකක්ද පැටියගේ නම “

” සාහුල් දිදුලත. ඔලාදේ නම මොකත්ත”

” අනුජ ගයාන් ඉද්දමල්ගොඩ “

ආ දැන්නේ හාදයාගේ නම දැන ගත්තේ. අනුජ කියන නම නම් ටිකක් හරි හොදයි.

” කෝ සාහු බබාගේ අම්මි…. ගෙදරද “

” පිත්තුද හලෝ… එලා එලෙව්වා අප්පත්තිව ගෙදලින් “

” රාහු…. කටපියා ගන්නවා “

මන් කෑ ගැහැව්ව පාර අනුජගෙත් මූණ කජු ලෙල්ල වගේ වුණා. කරන්න දෙයක් නෑ මේ මනුස්සයා අනවශ්‍ය දේවල් නේ අහන්නේ.

” දැන් කොහාට්ටද හරවන්න ඕනේ “

” අහ් දකුණට. දිගටම ගිහිල්ලා පන්සල පැත්තේ තියන පාරට හරවන්න “

එයා කිව්ව විදිහට අපි ආවේ පොඩිම පොඩි ගෙදරකට. මිදුල නම් හොදට ඉඩ පාඩු ඇතිව තියෙනවා. ගෙදරටම අල්ලලා හදපු ලොකු මඩුවකුත් තියෙනවා.

” කෝ කවුරුත් නැද්ද ගෙදර “

වැස්ස නිසාම වාහනේ ගෙදර ළගට අරන් ආවත් හරි කවුරුත් දොර ඇරියේ නැති නිසා මන් එහෙම අහද්දී එයා මට දුන්නේ හිනාවක්.

” එන්න ඇතුළට අයියේ “

සාක්කුවෙන් අර ගත්ත යතුරකින් එයා දොර අරිද්දි මන් කුඩෙත් ඉහළ ගෙන රාහුවත් වඩා ගෙන ඇතුළට ආවා. පොඩි සාල කෑල්ලක්.

” මන් විතරයි ඉන්නෙ. ආ පුටුවේ වාඩි වෙලා ඉන්නකෝ. මන් උණුවෙන් බොන්න මොනා හරි හදා ගෙන එන්නම් “

” එපා එපා අපි යන්න ඕනී දැන්… “

” බෑ බෑ තේ එකක් බීලාම යන් “

හෙල්මට් එකයි ජැකට් එකයි ගලවපු අනුජ කුස්සියේ පැත්තටද කොහෙදෝ යද්දි පැටියා හැරුනේ මගෙ පැත්තට.

” අයි මත සා කළේ….. ඔලත් මත ආදේ නද්ද හලෝ…. “

” මෙහෙ එනවා මයෙ පණ්ඩිත පැටියා. අපෙ දේවල් එහෙම අනිත් අයට කියන්න එපා පැටියෝ. ඒක කැත වැඩක් හාද “

මන් රාහුගෙ මූණ ඉඹ ඉඹ ඉද්දි අනුජ පුංචි මේසෙන් තිබ්බේ හුළං විස්කොතු පැකට් එකකුයි කිරි කෝප්ප තුනකුයි.

” අයියා කරන රස්සාව මොකක්ද “

” කන්තෝරුවේ වැඩ කරන්නේ. කෝ ගෙදර කට්ටිය “

” කලින් අපි හිටියේ බදුල්ලේ අයියේ. අප්පච්චි නම් මන් පොඩි කාලේ නැති වුණා. අම්මායි අයියයි තමයි ඉන්නේ දැන් . අයියා බැන්දට පස්සේ අක්ක එක්කම එහෙ අපේ ගෙදර ආපු නිසා මන් මෙහාට්ට ආවා ඉතින්. අයියට දැන් ළමයිනුත් ඉන්නවනෙ “

ලොකු හුස්මක් පාත දාපු අනුජ කොහෙදෝ පැත්තක් බලාගෙන කල්පනා කරද්දී මට තේරුම් ගන්න පුළුවන් වුණා එයාට ඔතන මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තමයි මෙහෙට ඇවිල්ලා තියෙන්නේ කියලා.

” ගෙවල් අයියලාගේ ගොඩක් දුරද “

” වීරන්කෙඩුව වලව්වේ ඉන්නෙ දැනට “

” ආ ඔයත් හාමු කෙනෙක්ද එතකොට “

“නෑ නෑ මන් මේ එහෙ ටික කාලෙකට නැවතිලා ඉන්නෙ. ගෙදරක් හොයනවා මන්. ඒත් හම්බුන්නෑ තාම “

මන් එහෙම කිව්වට පස්සේ අනුජ මයෙ දිහාම බලන් ඉදලා කිරි කෝප්පෙට විස්කෝතුවක් පොගව ගත්තා.

” අපෙ අල්ලපු ගෙදර නම් අයිතිකාරයෝ විකුනන්න දාලා තියෙන්නේ අයියේ ඒ ගෙදර . අයියා කැමති නම් ඒ ගෙදර පොඩ්ඩක් බලන්න. “

              💥💥💥💥💥💥💥💥

බුදුසරණයි 🙏

ගිහිල්ලා එන්නම් 🤗

අදහස් වෝට් වලට ගොඩාරියක් ඉස්තුතියි යාලූලාට ❤️❤️🙏

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්හත්වැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්හත්වැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්හත්වැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්හත්වැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්හත්වැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) පනස්හත්වැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 58