À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූතුන්වැනි කොටහා

A+ A-

” මාගේ ආදරණීය පුංචි සර් වෙත මහත් වූ ප්‍රේමයෙන් උතුරා යන සෙනෙහසින් මන් මේ වචන ටික අකුරු කරමි “

” අයියෝ ඕයී මොකක්ද අප්පා…”

” හැමදාම මන් මග බලාගෙන ඉන්නෙ මගෙ ගැහෙන පපුවේ හිමි කාරයා එනකම්. ඒ නපුරු කළු ඇස් දකින්න මා පෙරුම් පුරමි හැමදාමත් “

” තමුසෙටත් ඕන් නැති මගුලක් නෑ රෙද්ද. “

මන් හොද වයින් දෙකකුත් ඔරවගෙන ආයේ අහක බලා ගත්තේ මගෙ කටින් හිනාවකුත් පනිද්දී. ඒවුනාට මට ලැජ්ජයි. මේ මනුස්සයටත් ආයේ දෙයක් නෑ දැන්. මටමයි ඔහොම වෙන්නේ

” වියපත් බඹරෙක් කියා කියන්නත් බැරි තරම් නුබ තරුණ කමින් උතුරන හැඩි දැඩි පිරිමියෙකි. දළ දෙකෙ මාලය නුඹටම ගැළපෙන හරි අපූරු මාලයකි… මන් හරි ආදරෙයි මගෙ සර්ට. කොච්චර බලන් හිටියත් මට කිසිම ඇති වීමක් නෑ. හිත නිවන රූපයක්. හැගීම් අව්…. “

” ඇති ඇති ඕයී. තමුසේ හරියට රචනාවක් කියවනවා වගේනේ කියවන්නේ. මන් ඕවා ගත්තට බලන්නවත් හම්බුන්නෑ. ඇයි ඔහොම බලන්නේ මන් බොරු නෙවෙයි කරන්නේ “

මයෙ නිලූෂ ඒක අතේ තියා ගෙන මගෙ උසස් පෙළ රසායනික විද්‍යා පොතෙන් තව ලිවුමක් ගද්දි එයාට වැරැද්දක් කළේ නැතත් මට තඩි කෙළ ගුලියක් ගිලුනා. එයා ලිවුම් තුන හතරක්ම මගෙ මූණට ළං කරලා පෙන්නලා අත් දෙකත් බැදන් ඇහි බැමි දෙකත් එකට පූට්ටු කරම් බලන් හිටියේ මගෙ දිහා. ශික් කවදාවත් නැතුව මෙයා මගෙ පොත් අස්සවල් බලලනේ. අල්මාරිය අස්සට හෝදපු රෙදි ගුලි කරලා දාන්න කාමරේට ආවත් හරි මන් දැක්කේ මොකක්දෝ කඩදහියක් කියවන නිලූෂව. මන් ආවා කියලා දැක්කට පස්සේ මටත් එක්ක ඇහෙන්න කියවනවා අකුරෙන් අකුර.

” දවසකට කීයක් විතර මගෙ මහත්තය ට මේවගේ ලිවුම් එනවද “

” එහෙම මහ ලොකුවට ලිවුම් එන්නෑ ඕයී. අනේ මන්දා තමුසෙත් . දැන් ඔයා ඔය කියන්න හදන්නේ මාව විශ්වාස නෑ කියලද ආ… ඔයා ඔහොම හිතන එක වැරදි නිලූෂ… ගොඩක් වැරදි. ඉස්සර නම් ඉතින් කෙල්ලෝ හිටියා තමයි . මට ආයේ වැඩිය තේරුමක්‌ තිබ්බේ නෑනේ. ඒත් දරුවා ආවට පස්සේ මගෙ ගෑණි තියා මොන කෙල්ලෙක් වත් හිටියේ නෑ ඕයී . මන් ගුරුවරයෙක් නිලූෂ. ළමයින්ට හොද වැදගත් ආදර්ශමත් සර් කෙනෙක්. අනික දරුවෙක් ඉන්න ගුරුවරයෙක් මන්. ළමයි මට එවන ලිවුම් මේ ගත්තා දැම්මා පොත අස්සට. උන්ට කොච්චර එපා කිව්වත් අහන්නෙත් නෑ. ඒකයි ඔය එකතු වෙවී එකතු වෙවී ඔච්චර ලිවුම් කැටියක් ඇවිල්ලා තියෙන්නේ නිලූෂ. බලන්න මන් කඩලා බලලවත් නැති ඒවා තියෙ නවා. ඔයා ඔය වගේ ඔහොම හිතද්දී තමුසෙට ආදරේ කරන මට කොච්චර නම් රිදෙනවද කියලා දන්නවද ආ… ඇයි ඔයවගේ කැත විදිහට මන් ගැන හිතන්නේ ආ… මන් දිහා ඔහොම පිස්සෙක් වගේ බලන් ඉන්නැතුව ඔය කටින් මොනා හරි කියන්න. මගෙ හිත දන්නවා මන් කිසිම වැරැද්දක්‌ කරේ නෑ කියලා නිලූෂ. ඒ න්… “

” හාමු….. හොද හුස්මක් ගන්නකො ඉස්සෙල්ලම. ඊට පස්සේ කියන්නකෝ මගෙ හාමු මහත්තය කොහොමද මන් හිතන දේවල් දැන ගත්තෙ කියලා “

 

           💥💥💥💥💥💥💥💥

මන් එයාගේ ලිවුම් ටිකයි පොතයි ඇද උඩින් තියෙලා පුපුර පුපුර ඉන්න මගෙ බිම් බෝම්බෙව තුරුල් කර ගත්තා. ඇත්තටම කිව්වොත් මේ ලිවුම් කියවද්දී මයෙ කට තද කරන් ඉන්නෙ මගෙ හිනාව හිර කර ගන්න. හාමු හිතලා තියෙන්නේ වෙනම විදිහකට. ලිවුමක් වත් හරියට ලස්සනට ලියන්න දන්නෑ මේ ළමයි. අනේ මන්දා.

” ඔයා බලන් ඉන්න විදිහෙන්ම තේරෙනවා මට “

” මන් ආයේ එහෙම මොකවත් නෙවෙයි හිතුවේ හාමු. මේ ළමයි ඉගෙන ගන් නැතුව ඔයවගේ මනස්ගාතද හිත හිත ඉන්නෙ කියලා. අනික සිංහල රසාස්වාදය බැරිද මන් අහන්නේ…. අපෙ කොල්ලෝ වුණත් කෙල්ලොන්ට කොච්චර ලස්සනට ලිවුම් ලියනවද. “

” හරි හරි ඒයි එයාලා සිංහල බැරි හින්දනෙ විද්‍යා අන්ශෙට ආවෙ. මටත් බෑ මහ ලොකුවට ල්….  නෑ මේ සිංහල අමාරුයි. ඒක හැමෝටම බෑ නිලූෂ “

” මොකක්ද අර ඉස්සෙල්ලා කියන්න හැදුවේ.. “

” නෑ නෑ ඒක නෙවෙයි නිලූෂ අප්පච්චිව හම්බෙන්න යන්න ඕනී මට අරක ගැන කතා කරන්න. බලන්නකෝ අප්පච්චි මට මේ වෙනකම් වත් කියලා නෑ නෙ අයියා කෙනෙක් ඉන්නවා කියලා “

” අප්පච්චි එක්කලා කතා කර ගන්න එහෙනම්. මට හන්දියට යන්නත් ඕනී මයෙ හාමු….  කොන්ඩේ ටිකක් අඩු කර ගත්තා නම් හොදයි වගේ “

මයෙ හාමු මහත්තයා ලොකු හාමු හම්බෙන්න ගියත් හරි චූටි මැණිකෙත් එයාගේ බයිසිකලේ අරන් එහාට්ට යන්න ලෑස්ති. මන් ගිහිල්ලා පැටියට ආයේ අඩ ගහලා එක්ක ආවා.

” ආ තූති අප්පත්ති මාලිව විතලද වදා ගන්තේ කූ මාවත් වදා ගන්ත හුම් “

” අප්පෝ ඔහොම ගස්සන්න කා ගෙන්ද පුරුදු වුණේ ආ. මෙහෙ එන්න ඉතින් මගෙ පිස්සු කෝලම “

මන් එයාවත් වඩා ගෙන දෙන්නවම එක්ක ගියෙ ඇතුළට. චූටි මැණිකෙ නම් මහත් වෙලා. දැන් ටිකක් එයා බරයි ඉස්සරට වැඩිය . ලොකු මැණිකෙ තමයි හිටිය ගානම ඉන්නෙ.

” බාන්නකු තූති අප්පත්ති නූෆි ගියාලේ අප්පත්ති පත්තෙ. මන් කුව්වා තූති මනිතත දූලා ගීල්ලා නූෆි ගේන්ත කීලා. කෝත ඉතින් ඔලා එලාව එත්ත ආවානේ…. “

ආ ඒක තමයි එහෙනම් මන් බලද්දී චූටි මැණිකෙ තනියම පාර දිගේ යන්න හැදුවේ.

” මගෙ වස්තු එහෙම මල්ලිව තනියම එහෙ මෙහෙ යවන්න එපා රත්තරන්. ලොකු අයියෙක් වුණාම මල්ලිව නිතරම බලා ගන්න ඕනී අයියනෙ ඔයා . අනික අපෙ චූටි මැණිකෙ කාටද කියන්නකෝ ආදරේ වැඩියෙන්ම “

උත්තරේ දන්න නිසාම මන් එහෙම කියලා බැලුවේ මන් දිහාම බලන් හිටපු චූටි මැණිකෙ දිහා.

” තූති අයියත තමා “

” ඒකනේ බලන්න මාලි වැඩියෙන්ම ආදරේ මේ ලොකු අයියට තමයි. ඔයා හොදට ඔයාගෙ මාලි පරිස්සම් කර ගන්න ඕනී “

නුරාද හරි ආඩම්බරෙන් හිනා වෙලා මයෙ කම්මුලට උම්මෙකුත් දීලා ඊළග උම්මා එක දුන්නා එයාගේ චූටි මාලි පැටියට.

” අලේ තූති අප්පත්ති මදේ කොන්දේ දඉ ගාන්ත අපා අයියූ “

” පොඩ්ඩක් කොට කරමු. බලන්න ඔහොම කොන්ඩේ වවාගෙන ඉද්දි කෙල්ලෙක් වගේනේ. ලැජ්ජාවේ බෑ “

මන් සැලුන් එකට ගිහිල්ලා චූටි මැණිකව උස්සලා අරන් හිස් පුටුවකින් වාඩි කරවද්දී පැටියා ඔලුවත් අත් දෙකෙන් වහගෙන මට එහෙම කිව්වේ මූණත් එක්ක මොකක්දෝ කරගෙන.

” බොලු කිලන්ත අපා පතියත. තූති අප්පත්ති ඒනම් අප්පත්තිත් කේලෙත් වදේ ඉන්ත අපයි. ඔලා නිතලම තත්තනයි තත්තනයි කීලා කොන්දේ අත ගාන්තේ අප්පත්තිදෙ….. මත බා කොන්දේ දඉ ගාන්ත හුම් “

කොල්ලා ඔලුවත් ගස්සලා පස්සත් ගස්ස ගස්ස ගිහිල්ලා පැත්තකින් තිබ්බ පුටුවෙන් වාඩි වෙලා කටත් ඇද කරන් පුංචි හෙල්මට් එක ඉක්මනට දා ගත්තෙ ඔලුවට.

” කමක් නෑ සර් මන් අල්ලන් කපන්න ම්කෝ දරුවගෙ. සමහර ළමයි කොන්ඩේ කපන්න හොරයි තමයි “

චූටි මැණිකෙගෙ කොන්ඩේ කප කපා ඒ අයියා එහෙම කියද්දී මන් ගිහිල්ලා වාඩි වුණේ කන්නාඩිය ඉස්සරහ උස පුටුවෙන්. නුරාද හෙල්මට් එකත් අල්ල ගෙනම කන්නාඩියෙන් පේන මගෙ මූණ දිහා බලා ගෙන ඉන්නවා .

” මත අපා. මන් තලා…… යි. පතියදෙ කත බාන්නකු හුම්.. “

මන් බයික් එක නතර කරේ ගහක් යට ළමයි දෙන්නව කන්න එක්ක යන්න. මගෙ චූටි පැටියට නම් හොදටම තරහ ගිහිල්ලා. එයා ඉන්නෙත් දැන් මන් එක්කත් තරහින්. තරහ කොච්චරද කියනව නම් එයා හයියෙන් හොටු හූරලා හූරලා මගෙ කමිසෙන් හොටු උලනවා මගෙ දිහත් හොරෙන් බල බල. ඒ ගමන්ම පපුවත් හපලා එයා හැපුවේ නෑ වගේ ඉන්නවා අහක බලාගෙන. මන් ඊට පස්සේ ආයේ ඇහැව්වේ නුරාදට එහා පැත්තේ වාඩි වෙලා ඉන්න චූටි මැණිකගෙන්. අපි තුන් දෙනාම ඉදන් හිටියෙ තාමත් බයික් එක උඩ.

” මගෙ චූටි වස්තුට මොනාද ඕනී ම්… “

” ම්…… මාව් පාන් “

” යන්කෝ එහෙනම්. චූටි අප්පච්චි අරන් දෙන්නම් හාද “

කොල්ලෝ දෙන්නගේ අත් දෙකෙනුත් අල්ලන් මන් ගියෙ කඩේ ඇතුළට. මාළු පාන් ගෙඩි තුනයි. උණු උණු චොකලට් කිරි තුනයි. මට එපා කිව්වට මොකද නුරාද හොදට දාගෙන ගිලිනවා මාළු පාන් ගෙඩිය.

” මාලි කන්ත බාද මාව් පාන්. කන්ත බා නම් අයියත තුත්තක් දෙන්තකු බාන්න “

” කන්ත පූවන් අලේ “

” නුරාද වස්තු තව බනිස් ගෙඩියක් ගෙනල්ලා දෙන්නද ම්…  හරි ඔය ටිකත් කාලා ඉන්නකෝ මගෙ මැණික “

බනිස් ගෙඩියේ භාගෙට භාගයක් එහෙන්ම තියාගෙන මල්ලිගේ බනිස් ගෙඩියටත් වැඩේ දෙන්න ලෑස්ති.

ළමයි දෙන්නා සෙල්ලම් කරනකම් මන් ආවෙ පොත් කාමරේට පාඩම් කරන්න. ගෙඩි පිටින් සටහන් තියෙන හින්දා හොදයි ඉතින්. මන් පොතත් අතේ තියාගෙන ජනෙල් පඩියෙන් වාඩි වෙලා මතකෙන් මන් පාඩම් කරපු ඒවා කියන්න ගත්තා.

ඒත් එක පාරටම මගෙ ඇස් දෙක ඇරුනේ හයියෙන් සද්දයක් කාමරේ ඇතුළින් ඇහෙද්දී. බැලින්නම් මයෙ හාමුගේ සුදු මහත්තයා කබඩ් එක උඩ ඉදන් ඇදට පැනපු සද්දෙනෙ .

” නිලූ…….à·‚ නිලූෂ “

” ඇයි හාමු. මොකද කතා කරාද අප්පච්චි එක්ක “

හාමුගේ කටහඩ ඇහුණු හැටියේ මන් ගියෙ ඉස්සරහට. මොකක් නමුත් මයෙ බේබිගෙ මූණ අමුතුයි.

හාමු එළියේ මිදුලේ බංකුව උඩ ඉදන් කොහෙදෝ ඈතක් බලන් ඉද්දි මන් ගියෙ අපි දෙන්නගේ කිරි කෝප්ප දෙකත් ඇරගෙන එතැන්ට.

” රසයිද…… ම් “

” රසයි. හැබැයි ඔයාගෙ අරෙව්වා තරම් රස නෑ “

මගෙ තොලට සිපුමක් තියෙලා එහෙම කියපු හාමු දිහා මන් බලන් හිටියෙ එයාගේ වචන ටික මගෙ කන් දෙකේ දෝං කාර දෙද්දී.  මගෙ හාමුත් දැන් ඉදලා ඉදලා හරි කතා තමයි කියන්නේ.

” මන් රෑට දෙන්නම්කෝ මගෙ අරෙව්වා වල රහ බලන්න එහෙනම් “

මාත් කිරි උගුරක්‌ බීලා ඒ කන් පෙත්ත ළග මිමිනුවේ මයෙ හාමුගෙ ඉන වටේට අතකුත් ඔතන්. 

” අප්පච්චිට අයියා කෙනෙක් හිටියලුනෙ නිලූෂ. එයාව වලව්වෙන් එලෙව්වයි කියන්නේ අපෙ සීයා. එයාගෙ වලව්ව එක්කලා කිසි සම්බන්දයක් නෑයීලු දැන් “

” ෆොටෝ එකක් වත් හම්බුන්නැද්ද හාමු “

” ලොකු අප්පච්චිගෙ වලව්වේ තිබ්බ ඔක්කොම ෆොටෝ පිච්චව්වලු සීයා වලව්වට දැලි ගාපු එකෙක් කියලා “

හාමුගේ මූණෙන් ඇස් අහක්‌ කරලා මන් බැලුවේ පුවක් පාරු පදින නුරාදයී චූටි මැණිකෙයි දිහා. චූටි මැණිකෙ ඉදන් ඉද්දි නුරාද චූටි මැණිකෙව ඇද ගෙන යනවා. ඊට පස්සේ ආයේ දෙන්නා මාරු වෙනවා.

         💥💥💥💥💥💥💥💥💥💥

රෑට හැමෝම පැදුරු සාදයක් දාන්න කියලයි හදන්නේ  මිදුලේ කෙළවරකට වෙන්න . මගෙ නිලූෂගෙ තමයි අදහස නම්.

” කපලා ඉවරයිද ම්…… “

” ම් දැන් හරි හාමු. මන් පොඩ්ඩක් අර දෙන්නා ගැන බලලා එන්නම්කෝ “

එයා ගානට කපපු පාන් පෙති වලට මන් චීස් ගාවලා මාගරිනුත් තැවැරුවා. පස්සේ ඒවාට කෑලි කපපු රතු ලූණු පොඩ්ඩයි ටින් මාළුයි පොඩි කරපුවයි චුට්ට චුට්ට දාලා ආයේ ඒකට උඩින් මාගරින් හලලා පාන් පෙත්තක් උඩින් දාලා වට්ටියේ තිබ්බා. පොඩි යක් පැටව් දෙන්නා එන්න කලින් මේ ටික ඔක්කොම ඉවර කරලා වට්ටියත් කබඩ් එකට දාලා ලොක් කරලා යතුර හංගන්න තමයි වෙන්නේ. නැත්තම් අපෙ නුරාදගෙන් බේරෙන්න හම්බ වෙන්නෑ.

” à·„à·– ……………  “

අනතුරු දැනුම් දීමයි. මන් ටක් ගාලා කර කර හිටපු වැඩෙත් නවත්තලා පාන් ඔක්කොම ටික වට්ටියටම දාලා කබඩ් එක උඩින් ඒක තියලා පැදුර දැම්මා විතරයි කුස්සියේ පැත්තට ආවෙ හිච්චි කොටේ ගහන් නුරාද. අම්මේ නිලූෂ හූවක් දැම්ම හින්දා හොදයි. මන් කලින්ම කියලා තිබ්බේ එයාට පොඩි දෙන්නව කුස්සියට එවන්න එපා කියලා. බැරිම වුනොත් හූවක් දාන්න කිව්වා.

” මොතත අලේ….. මොනාත කලන්තේ මදේ අප්පත්ති.. ඈ…. “

” උයන්න කියලා වස්තු හැදුවේ “

මන් ඔලුවත් කහ කහ එහෙම කියලා ලොකු පියනක් අරන් මාගරින් පෙට්ටියත් වැහුවා හෙමීට . අම්මේ ගොඩක් වතුර තිබහා හැදිලා වගේ කොල්ලට. බන්ඩිය දිගේ වතුරත් බේරෙනවා.

” බාන්නකු අලේ තූති අප්පත්ති à·„à·– කීනවා තූති මැනිතත. පව් එලා. අම්මේ අප්පත්ති තූදක් එනෝනෙ පතියත “

” අප්පච්චි මගෙ පැටව් දෙන්නට බොන්න බඩ්ඩක් හදනවනෙ වස්තු. කෝ දැන් ගිහිල්ලා සෙල්ලම් කරන්න…… අප්පච්චි හදලා කතා කරන්නම් “

ලිපත් පත්තු කරලා කේතලෙත් තිබ්බ මන් නුරාදව ආයේ එළියට යවලා කුස්සියේ එළියේ දොරත් වහගෙන ආයේ පටන් ගත්තෙ පාන් පෙති ටික අහුරන්න.

” මාලි…….. මාලි… තූති මනිත එන්නකු අලේ……. “

” ගීල්ලා එන්තම්.. “

අපෙ පැටියා කතා කරපු හැටියේ මයෙ ඔක්කේ හිටපු චූටි මැණික මගෙ දිහා බලලා එහෙම කියලා පටස් ගාලා දුවගෙන ගියෙ කාමරේට.

” චූටි මැණික හරි එකතුයි නෙ අප්පච්චි එක්ක “

” ඇයි ඒකටම හරියන්න නුරාද චූටි අප්පච්චි එක්කම ඉන්නෙ හුරතල් වෙවී “

මයෙ චූටි අප්පච්චිගෙ හිනාව බලන්න ඕනී අම්මේ. එයාටම හරියන්න එයාගේ පුංචි වදුරු පැටියා. අද අපිට එළියේ වෙනුවට ඇතුළේ තමයි පැදුරු සාදයක් දාන්න වෙන්නේ. කලින් කළු කරලා තිබ්බ අහස දැන් ගොරව ගොරව අඩන්න ගත්තා වෙද්දී මයෙ නිලූෂ ගිහිල්ලා ටීවී එක නිවලා දාලා ආයේ මගෙ එහා පැත්තෙන් ඉද ගත්තා.

” නිලූෂ….. ඉටි පන්දම් පෙරලෙන් නැති වෙයි නේද ආ…. මට බයයි පොඩි දෙන්නවත් පෙරල ගනියිද කියලා “

” එහෙම නෑ හාමු. පොඩි උන් දෙන්නට එහෙම තේරෙනවා . අත දරුවෝ නෙවෙයි හාමු එයාලා “

මෙයා නම් හිනා වෙයි. මට බයයි මේවා එකක් හරි පෙරලිලා මුළු වලව්වම ගිනි ගයිද කියලා. නුරාදට චූටි මැණිකෙවත් තියන් ඉස්සරහින් ඉන්න කියලා නිලූෂයි මායි අපෙ කාමරේ වටේට ලොකු මේස ඉටිපන්දම් පත්තු පත්තු කරා. එළියේ වහින වැස්ස නෙවෙයි තාම අඩු වුණේ වත්.

” මන් ළමයි දෙන්නව එක්කරන් එන්නම්කෝ. දැන් ඔක්කොම හරීයි නේද “

” හරි නිලූෂ “

මන් මුළු කාමරේ දිහාම බැලුවේ මොකක් හරි අඩුපාඩුවක් තියෙයිද කියලා. ඒත් එක්කම මන් ගැස්සිලා ගියෙ එක පාරටම කළු පාට බැලුමක්‌ පිපුරුනු නිසා.

” සා………… සස්සනයි අලේ…….. “

” මදෙ දෙයියලේ… “

පොඩි දෙන්නා ඇසුත් ලොකු කරන් දොර ළගට වෙලා කාමරේ ඇතුළ බලද්දී මයෙ නිලූෂ දෙන්නවත් ඇතුළට දාලා දොර වැහැව්වා.

” ආ දෙන්නා ඉතිරි පන්දම් ටික පත්තු කරන්න පරිස්සමින් හාද “

” අදේ තූති අප්පත්ති අයි පතව් දෙන්තත මොලාවත් කුව්වේ නත්තේ ආ… හනේ හනේ මදේ හොල ගෙදියෝ දෙන්තා හුම් “

” මතත් දෙන්තකු තුත්තක් “

චූටි මැණික නුරාදගෙ ඇගේ එල්ලිලා එහෙම කියද්දී පැටියා  ඉටි පන්දම දුන්නේ චූටි මැණිකට. කාමරේ එන්න එන්න ඉටිපන්දම් එළිය වැඩි වුණත් හරි ලස්සනට පෙනුනා අපෙ කාමරේ. කැසට් එකේ යන සින්දුවකුත් ලාවට ඇහෙද්දී පොඩි පැටව් දෙන්නා බිම තිබ්බ බැලුම් බෝල වලින් සෙල්ලම් කරන දිහා මන් බලන් හිටියෙ මගෙ නිලූෂගෙ අත් දෙකත් මගෙ ඉන වටේ එතෙද්දි.

” මගෙ අදහස හොදයි නේද ම්… “

” ඒකනේ රන්… මන් ආසයි රෑ සාදෙට. බඩගිනිද සිදු…. “

මගෙ ගැට ගහපු කොන්ඩේ ලිස්ස නිලූෂගෙන් මන් එහෙම අහද්දී එයා පිටිපස්සේ ඉදන් මගෙ බෙල්ලේ මූණ ඔබන් නැහැ කියලා ඔලුව හෙලෙව්වා. මන් තව ටිකක් හරි බරි ගැහිලා එයාගේ ඔක්කේ ඉදගෙන මගෙ අත් දෙකත් ඒ අත් උඩින් තියා ගෙන ඉස්සරහ බලා ගත්තේ එයත් මාව තව එයා ළගට තුරුලු කර ගනිද්දී. සත්සිදු හින්දා මන් එයාට වෙලාවකට කතා කරන්නෙ සිදු කියලා.

” ඌයි….. රිදුනා “

” චුට්ටක් ඕක ලොකු කරලා ගන්නනෙ මන් හදන්නේ.. “

” ඔය මිරිකන මිරකිල්ලට ගැලවිලා අතට එයි දැන්. අනික ළමයි දකියි ඒයි. වෙන වෙලාවක ඕවා කරමු “

මේ මනුස්සයට ලැජ්ජාවක් නැති හැටියක්. මගෙ කමිසේ යටින් අත දාලා පපුව මිරිකනවා තියා ගෙන. ඒ අස්සේ එයාගේ පැටියත් නැගිටලද කොහෙදෝ. දැන් මාවත් අවුස්සන්න හදනවා.

” සෙල්ලම් කරද්දි ආයේ අපි ගැන බල බල ඉන්න සිහියක් නෑ හාමු “

” ආ……. ඔලාලා දෙන්තත් එන්තකු අලේ ඉදදෙන ඉන්තතුව “

මගෙ කමිසෙන් ඉක්මනට අත ගත්තු නිලූෂ මගෙ ඉනත් මිරිකලා පැටියා ළගට ගිහිල්ලා එහෙන්ම උස්සගෙන එයාව බදාගෙන උම්මා දීගෙන දීගෙන ගියෙ අපෙ පැටියත් හයියෙන් හිනා වෙද්දී. මාත් ඊටපස්සේ නැගිටලා ගියෙ ඒ දෙන්නගේ කෝලන් බලාගෙන තනියම හිනා වෙවී ඉන්න චූටි මැණික ළගට.

” මෙහෙ එන්න මගෙ චූටික්කා.  අර දෙන්නට පිස්සු හැදිලා ඕන්. අපි දෙන්නා කේක් එක කපමුද ම්. රස කුක්කු එකකුත් බොමු “

” ආ…. “

ඒ කම්මුලට උම්මෙකුත් දීලා චූටි පැටියව වඩාගෙන ඇවිල්ලා ඉදගත්තේ පැදුරෙන්. මන් එහෙන්ම කේක් පෙට්ටියත් දිග ඇරලා පිහිය අතට දුන්නේ චූටි මැණිකට.  මාත් ඒ පොඩි අත උඩින් මගෙ අතත් තියා ගෙන ගානට සාමාන්‍ය ලොකු කෑළි හතරක් කපල දීසියෙන් තියෙලා උණු වතුර බෝතලේ අරන් කෝප්ප හතරට කිරි වක් කරව්වා රස්නිපිටම බොන්න.

” චූටි අප්පච්චියි ලොකු පුතණ්ඩියයි එන්න කිරි බොන්න “

” තූති අප්පත්තිත කන් අයෙන්තත්ත කෝදෝ අප්පත්ති. ඉන්තකු එත්ත එන්ත මන් “

උණු වතුර බෝතලේ තිබ්බ හින්දා කිරි එක තවත් රසයි. තිබ්බ හීතලත් නැති වුණා මේක බොද්දි. කේක් එක කකා කිරි එක බීපු මන් ඊළගට කරපු දෙයින් අපෙ පැටියට හීල්ලුනා.

“  අප්පදහුතු …….. බාන්නකු අලේ…… කෝන්ද මේවා… ඈ අප්පත්ති. ඔලා හන්දුවා නේත පතියා කයි කීලා ඈ අප්පත්ති  “

” හැංගුවා තමයි වස්තු. නැත්තම් චූටි අප්පච්චි මේ ඔක්කොම ගිලලා දානවනෙ. අපිට පාන් කෑල්ලක් වත් ඉතිරි කරන් නැති වෙයි. චූටි අප්පච්චි හරි පෙරේතයිනෙ මැණික “

” ආ ඒතත් අත්ත තමා නේත අප්පත්ති… තූති අප්පත්තිත් දන් පෙලේත වෙලා ගුදක්. ගුති දෙතත් දීලා හුදත හදා ගන්ත වෙයි අප්පත්ති. නත්තම් හලි යන්තෑ…. “

මගෙ නිලූෂ කටත් තද කරන් පාන් කෑල්ලක් කකා මගෙ ඉන මිරිකනවා ආයේ දාගෙන. පැටියා නම් වට්ටියේ තියෙන පාන් කෑලි ටික දිහා බල බල කාගෙන කාගෙන යනවා හරියට කලින් කාලා නෑ වගේ. ඒකට චූටි මැණික චුට්ට චුට්ට හරි ලස්සනට කනවා.

මන් ඔහේ ගලක් උඩ ඉදගෙන බලන් හිටියෙ ඉස්සරහ. මහ වලව්වේ පරණ ගතියක් ඇත්තෙම නැති තරම් දැන් නම් . බලන් ඉන්න ආසයි. කම්මැලි කම යන්නත් එක්ක මන් නැගිටලා යන්න අඩිය තිබ්බේ වලව්වේ කුස්සියේ පිටි පස්සේ කෑල්ලට. ඇතුළින් යන් නැතුව මන් සරමත් කැහැ පොට ගහන් ගියෙ මිදුලේ වටෙන්මයි. ඒත් මන් නැවතුනා. පොඩි ළමයෙක්. අවුරුදු තුන හතරක පොඩි කොල්ලෙක් බිමට පාත් වෙලා තටමලා තටමලා කක්කා කරනවා. ඒත් එක්කම කුස්සියේ පැත්තෙන් ආපු රූපේ දැක්කත් හරි මගෙ ඇගම හිරි වැටිලා ගියා. ඒ එයා. ලොකුම ලොකු කුණු බාල්දියකුත් උස්සන් ආපු රූපේ ඒක බිමින් තියෙලා නළලේ තිබ්බ දාඩියත් අතින්ම පිහාගෙන මාවත් පාස් කරන් ගියෙ ළමයා ළගට.

” චූටි බේබී යන් එන්න හෝදන්න පැටියෝ “

” එපා ඔලා යන්ත. ඊයා ඔලා ලන්ත මත අපා.. “

අප්පු කියන එක්කෙනා තමයි මේ. ඒත් මට පේන්නෙම එයා දිනුලගෙ අම්මි වගේමයි.  මන් ඒ දෙන්නගේ තව ළගට ගියා. ඉරිච්ච බැනියමේ දැලියි ඉදුලුයි ගෑවිලා තිබ්බා. පොඩි එකා එක පාරටම අප්පුගේ අතටත් ගහලා දුවන්න හැදුවත් පොඩි එකා වැටෙන්න ගියා. ඒත් වැටුන්නෑ අප්පු එයාව උස්සන් ළිද ළගට ගිහිල්ලා කොල්ලගේ පස්සට සබන් දාලා හොදට අතුල්ලනවා වතුර බාල්දියකුත් හලලා .

” අමි වදා…. වදා… “

තව පොඩි කොල්ලෙක් ඇවිල්ලා අප්පුගෙ සරම් කොනෙන් අදිනවා අනිත් පොඩි එකාට රව රව. ඒ පොඩි එකත් දිව දික් කර කර දැන් ආපු ළමයව අවුස්සන්න බලනවා.  මගෙ ඇස් නිකන් තෙත් වෙනවා වගේ. මට මොනා හරිම මග ඇරිලා වගේනෙ දැනෙන්නෙ. අනික මට මේ දේවල් හරියට හුරුයි හුරුයි වගේනේ දැනෙන්නෙ .

” අම්මිගේ වස්තු කොටේ චුට්ටක් අරහෙට්ට වෙලා ඉන්න  මල්ලිව හෝදන කම්. එයා කක්කි දාලා හෝදන්න එපැයි. ආන් අප්පච්චි එනවා…. “

නල දත. අප්පු හිනා වෙලා අර පොඩි එකාට ආන් අප්පච්චි එනවා කියලා අතත් දික් කරලා පෙන්නුවා වුණත් මන් බලන් හිටියෙ හිනාව පිරිණු අප්පු දිහා. මේ ඇස් හිනාව මූණ දිනුලගෙ අම්මගෙම තමයි. එයාගේ ඇස් දිලිසෙනවා. අදුරු පාට මූණ හරි ලස්සනට හිනාවෙන් පිරිලා තියෙද්දි  බලන් ඉන්න ආස හිතෙන තරමට ඒ මූණ හරි පියකරුයි . ඒත් එක්කම එයා කලබලෙන් බැලුවේ වටපිට. මන් අප්පු දිහාම බලන් ඉද්දි මට ඇහුනේ අපි ළගට කවුරු හරි එන අඩි සද්දයක්.

ඉතිරි කොටස ඊළග චැපියෙන්…

ගිහිල්ලා එන්නම් 🤗

බුදුසරණයි 🙏

අදහස් වෝට් වලට යාලුලා හැමෝටම ඉස්තුතියි ගොඩාරියක් 🙏🙏🙏❤️❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූතුන්වැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූතුන්වැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූතුන්වැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූතුන්වැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූතුන්වැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූතුන්වැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 86