À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූඅටවැනි කොටහා

A+ A-

” නුරාද… වස්තු මැණික… “

” කු ක්කු බා… “

මොනවා දොඩනවද මන්දා පැටියා. මයෙ හාමු මහත්තයා මන් නැගිටලා බලද්දි කාමරේ නෑ පේන්නවත්.

අද පාන්දර එයා හැසිරිච්ච විදිහත් අමුතුයි . මයෙ අතින් පුංචි බේබීට වැරැද්දක් වත් වුනාද . චූටි මැණිකෙව ඇහැරෙන් නැති විදිහට මන් නුරාදව නින්දේ ඉද්දි උස්සලා ගත්තෙ මයෙ ඔක්කට.

” ඒයි මේ කුක්කු එපා මට . චුට්ටක් නැගිටින්නකෝ වස්තු කොටේ. චූටි අප්පච්චි ආවා රන් “

” ආ.. “

මයෙ අස්සේ ගුලි වෙලා ආයේ හොදට නිදි . මේ ළමයා ලොකු වෙන්න ලොකු වෙන්න කම්මැලි වෙනවා වගේ. වෙනදා ඒකට උදේන්ම නැගිටලා අපෙන් කිරි ඉල්ලනවා බඩගිනි බඩගිනි ගාගෙන.

” තු ති අප්ප ත්ති “

මන් නුරාදවත් උස්සන් කුස්සියට යන්න හදද්දී චූටි මැණික නැගිටලා මයෙ දිහාවට එනවා ෂීට් එකත් බිම දිගේ ගාව ගාව.

” අයි මන් වදා ගන්තෑද තූති අප්පත් ති “

” පැටියා නිදි හින්දා ඇහැරවව්වේ නෑ චූටි කොටේ. ආ කෝ එන්න ඉතින් මයෙ රන්කද “

නිදාගෙන ඉන්න නුරාදව අනිත් පැත්තේ ඉද්දි මන් බිමට නැවිලා වඩා ගත්තෙ චූටි මැණිකව. නුරාදගේ කොන්ඩේ වගේ නෙවෙයි චූටි මැණිකෙගේ කොන්ඩේ. මයෙ හාමුගේ වගේ හතර වටේට වැටිලා ඇස් දෙකත් වැහෙන්න.

” තව කෑල්ලක් කන්න අප්පච්චි “

” ඇති පොඩි… කමනිත් ඕන් එන්ට ඇති. මන් කිව්වා රෑට පුතාලා දිහා ඉදලා උදේට එන්ඩම් කියලා “

ලොකු හාමුත් ඇවිල්ලා වයේ. මන් පැටව් දෙන්නවත් වඩා ගෙන කුස්සියට යද්දි මයෙ හාමු අපේ කිරි කෝප්ප වලට කිරි වක් කරනවා.

” වස්තු ඊයේ රෑ අප්පච්චි මන් ගැන මොනාම හරි කිව්වද ම්….. “

” තූති අප්පත්ති නතුව පාඋඉ කීලා කුව්වා. එත්තල තමා තූති අප්පත්ති “

එහෙම කියලා නුරාද ආයේ කිරි උගුරක්‌ බීලා බබා විස්කෝතුවක් කෑවා. ලොකු හාමු ගියාට පස්සෙ අහන්න ඕනී මොකද වෙලා තියෙන්නේ කියලා. මන් බලද්දී මයෙ හාමුගේ ඇස් ගෙඩි දෙකත් ඉදිමිලා රතු වෙලා තිබ්බේ උදේ පාන්දර කිරි වක් කරද්දි

” මෙහෙට එන්න “

ලොකු හාමු ගිහිල්ලා පොඩ්ඩ වෙලාවක් ගියාට පස්සෙ මන් හාමුගේ අතිනුත් ඇදගෙන ආවේ අපේ කාමරේට. ඒත් අහන්නම් කියලා මයෙ හාමුගේ මූණ දිහා බලද්දී එයා බය වෙලා වගේ බලන් හිටියේ මන් දිහා.

” මොකද වෙලා තියෙන්නේ ම්… ඇයි ඔහොම ඉන්නෙ හාමු “

” මට තේරෙන්නේ නෑ නිලූෂ “

මයෙ හාමු එහෙම කියලා ඇදේ ඉදගෙන ඔලුව අත් දෙකෙන්ම අල්ලන් පාත් කරගෙන ඇස් පියන් හිටියෙ මාත් ආතබූත වෙද්දී. හාමුගේ ඔලුව උස්සලා මන් ඒ මූණට වැටිලා තිබ්බ කොන්ඩේ කෑලිත් පිටිපස්සට කරලා එහෙන්ම හාමුගේ ඇද එහා පැත්තෙන් ඉද ගත්තෙ එයා ආයේ බිම බලා ගද්දි.

” අහන්න හාමු…. මොකක් හරි කියන්න තියෙනවද ම්….. ඒක මට කියන්න බැරි දෙයක්ද ආ. මාව විශ්වාස නැද්ද හාමු. මට බයයි ඔයා ඔහොම ඉද්දි. මන් රෑ නැති ඩිංගට මයෙ පුංචි හාමු මහත්තය ට මොකද්ද වස්තු වුණේ ම්….  “

” ඔ යාගේ අම් මා හරි අප්ප ච්චි හරි හම්බු නොත් ම් මොකද ක්‌ කරන් නේ “

” ඉන්න විදිහටම මන් මයෙ පවුල එක්ක ඉන්නවා හාමු. අප්පච්චි අම්මා මාව මේ ලෝකෙට ගෙනාවා. එච්චරයි. පොඩි කාලේ ඉදන් මන් හිටියෙ තනියමනෙ හාමු. චූටි කාලේ නම් බලන් හිටියා මාව හදා ගන්න හරි ඇරන් යන්න අම්මෙක්  අප්පෙක් හරි එයි කියලා. ඒත් එහෙම වුන්නෑ. ඉතින් දැන් මයෙ ඉස්සරහට අම්මා අප්පච්චි ආවත් මන් මේ ඉන්න විදිහටම ඉන්නවා හාමු. අනික ඔයාලා තුන් දෙනාව දාලා මන් කොහේ කියලා යන්නද ම්…  “

මයෙ හාමුගේ ප්‍රශ්නෙට සම්බන්දයි වගේ ඒකත්. මන් කිසිම කලබලයක් නැතුව මයෙ හාමුගේ කොන්ඩෙත් අවුස්සලා එයාගේ අත උඩින් මයෙ අත තියා ගත්තා.

” නිලූ…….à·‚ මාව අහගෙන ඉන්න පුළුවන් ද “

” පුළුවන් හාමු “

” මට හරි බයයි. හැමදේම නැති වුණා වගේ කියලා හිතෙද්දි මයෙ පපුව හිරවෙනවා වගේ නිලූෂ. අතීතයට අනාගතේ සම්පුර්ණ කණපිට හරවන්න පුළුවන්. මන් ම් මන් ආයේ මත් තනිවෙයි. මන් කියන්නේ කොහොමද කොහෙන්ද පටන් ගන්නෙ.. ම් මට à·„ රි බ් බ යයි “

” ශ්….. ඔයාව අහගෙන ඉන්නම් හාමු. මොන දේ ආවත් මන් මයෙ හාමුව තනිකරන්නේ වස්තු. කියන දෙයක් කැමති විදිහට කියන්න. කලබල වෙන්නේ ඇයි ආ… ඔයාට මොකුත් නැති වෙන්නේ නෑ රන් “

හාමු හිනා වෙනවා. ඇස් වල කදුළු වාන් දාද්දි හාමු හිනා වෙනවා.

” මේක ඇහැව්වයින් පස්සෙ උබ අප්පච්චිට වෛර කරයි “

” දෙයක් වෙන්න කලින් නිගමනය කළාට කමක් නෑ මයෙ හාමු. හැබැයි නිගමනේ හරියන්නේ සීයට හැත්තෑපහක් වෙන්න පුළුවන් “

එයාගේ ඇස් හරි කලබලෙන් මයෙ මූණ පුරා දුවලා දුවලා අවසානෙට නතර වුණේ එයාගේ අත උඩින් තිබ්බ මයෙ අත දිහාට. පොඩි උන් දෙන්නගේ සෙල්ලම් කරන හඩ ඇහෙනවා ඇරෙන්න අපෙ කාමරේ හරි නිහඩයි.

” නිලූෂ..  කැම්පස් එකේ පළවෙනි අවුරුද්දේ අපිට ලොකු අය පාටියක් ලෑස්ති කළා. මන් ඒ දවස් වල කැමැත්තෙන් හිටියා අයියගේ යාළුවෙක්ට නිලූෂ. දවස් ගණන් මන් ඒකිගේ පස්සෙන් ගියා. කොන්ඩේ කොල්ලෙක්ගේ වගේ කොටට කපපු හරි ලස්සන කෙල්ලෙක් නිලූෂ එයා. මාර ආඩම්බරයි. එදා පාටිය හින්දා අපිත් හොදට බීලා හිටියේ. මන් ඒකිට බීම එකක් බොන්න දුන් නා “

” කියන්න ඉතින් “

හාමු බිම බලාගෙන මයෙ අත මිරිකලා තද කරලා අල්ල ගත්තෙ මන් හාමු දිහාම බලන් ඉද්දි.

” මන් ඒ කෙල්ල එක්කලා හිටියා නිලූෂ. ම් එයාට සිහිය නැති වුණාට පස්සෙයි මන් එයත් එක්ක හිටියෙ. එදා ඉදලා මන් ආයේ ඒ කෙල්ලව කැම්පස් එකේදී දැක්කේ නෑ නිලූෂ.  අයියා උපාධියත් ගත්තට පස්සෙ තමයි එයා යාලු වෙලා හිටිය ගෑන් ළමයා ගැන අප්පච්චිට කිව්වේ. ඉතින් එයාව බලන්න අපි කට්ටියම ගියා කොළඹ. බලද්දී ඒ අර කෙල්ල නිලූෂ. ඒ එයා “

” ලෝරාද ම්… “

හාමුගේ කල්පනාව කැඩුනේ මන් ආයේ හාමුට කතා කරද්දි තමයි.

” ඔව් ඒ අපි ඉස්සරහට ආවේ මන් අතින් කිලිටි වෙච්ච ලෝරා තමයි නිලූෂ. හැබැයි අපෙ අයියා රට ගිහිල්ලා ආවට පස්සෙ බැන්දේ එයාව නෙවෙයි. එයාගේ අක්කා. එයාගේ නමත් ලෝරා. දෙන්නම නිවින්නු. එක අකුරකින් නම වෙනස් වෙන්නේ ඒ දෙන්නගේ . ම් මන් ඊ යේ රෑ දන්නේ ලෝරා නැති වෙලා කියලා නිලූෂ “

“…………. “

” එ යාට මයෙ අතින් ළමයෙක් හම්බෙන්න ඉදලා න් නි ලූෂ. මන් එච්චර  ද් දෙය ක් හිතු වේ න් නෑ “

කාමරේ ඇතුළට සීතළ හුළං හමා ගෙන එද්දි මට දැනුනේ නිකන් තව කවුරු හරිම මන් දිහා බලන් ඉන්නවා වගේ. ඒත් හාමු එයාගේ කතාව එහෙම කියද්දී මට නෙවෙයි අවට වටපිටාව ගැන උනන්දුවක් වත් තිබ්බේ.

” එයාට මොකද වුණේ ආ “

” මැරුණා නිලූෂ. එයා ළමයා හම්බෙද්දීම නැති වෙලා. නැති වෙන්න කලින් ළමයා එයාගේ අක්කට හොදට බලා ගන්න කියලා. ඒ චූටි ළමයව අනාථයෙක් කරන් නැතුව හොදට බලා ගන්න කියලා… ඒත් එහෙම කිසිම දෙයක් වෙලා නෑ. ඒ ළමයව අනාථ නිවාසෙට දාලා ගියා ලු “

හාමුගේ ඇස් වලින් ආයේ කදුළු වාන් දාද්දි මන් හිටියෙ එයාගේ වචන වල අතරමන් වෙලා. ඒත් එක්කම මන් ගියෙ හිත කොනක ලාවට වගේ තිබ්බ පුංචි මතකෙට.

අවුරුදු දාසයකට පෙර

” නිලූ ත කෝද ඔලා…. “

කොන්ඩේ කොටට කපලා හිටපු ලස්සන ගෑණු කෙනෙක්. සුදුම සුදුයි. ලා නිල් පාට ලොකු ගවුමක් ඇදලා මන් ඔන්චිල්ලාවේ වාඩි වෙලා ඉන්න දිහා බලාගෙන ඉන්නවා හිනා වෙලා. ඒත් එක්කම මන් ළගට ආවේ මගෙ හොදම මයෙ ළගින්ම හිටපු යාලුවෙක්.

” මාව එත්තන් යන්ත කාදෝ අවිල්ලලු හලු. මන් දන් යනෝ. එලාලා මත එන්ත කුව්වා “

” අලේ මත පාඋයිනේ… මාත් එන්තද ඔලා එත්ත “

” ආ එන්ත. මන් කීලා බලන්තම් මදෙ යාලුව එත්ත යන්තද කීලා “

මන් ලොකු මිස්ගේ ඇගේ එල්ලිලා ඉකි ගගහා බලන් හිටියෙ එයාලා යන දිහා. එයත් මාව බදාගෙන ඇඩුවා. ඒත් මන් කළු ලොකු ගේට්ටුව ඇතුළේ එළියට යන එයාලා දිහා තාමත් ඔහේ බලන් හිටියා. එයාලා ඈතටම යනකම් බලන් ඉදලා මන් දුවගෙන දුවගෙන ගියෙ අපි දෙන්නගේ චූටි සෙල්ලම් ගෙදර ඇතුළට. ඒත් මන් ආයේ සෙල්ලම් ගේ ඇතුළින් එළියට ආවේ සීනූ සද්දේ ඇහිලා. මන් කදුලුත් පිහ දදා දුවගෙන දුවගෙන යන්න හැදුවත් මයෙ කකුල වැදුනේ එතන තිබ්බ ගහ මුලක වෙද්දී මන් ඉස්සරහට විහික්කා වුනා. ඒත් මන් වැටුන්නෑ. සීතළ අත් දෙකක් මයෙ ඇග වටේට එතිලා මාව පස්සට ගනිද්දී මන් බැලුවෙ කවුද කියලා.

” පරිස්සමින් “

එච්චරයි කිව්වේ. ඒ ගෑණු කෙනා එහෙම කියලා මයෙන් ඈතට ඈතට යන දිහා මන් බලන් හිටියෙ බිම වාඩි වෙලා. එයාගේ කොට කොන්ඩේ දුඹුරු පාටයි. සුදුයි කෙට්ටුයි. එයා ගොඩක් සීතළයි.

ඔව් ඒ ගෑණු කෙනා ලාවට ලාවට වගේ මතකයි. හරියට හීනයක් වගේ. දෙනුවන්ගේ අම්මා වගේම තමයි. හැබැයි ටිකක් වෙනස්. කොන්ඩේ ගොඩාක් කොටයි. ඒ ඇස් හිනා වෙද්දී හීනි වෙනවා. එයා හිනා වෙද්දී ඇසුත් හිනා වෙනවා. ඉස්සර පොඩි කාලේ එයා බලන් හිටියෙ මන් දිහාම. ඒත් පස්සේ මන් ලොකු වෙන්න ලොකු වෙන්න ආයේ ඒ ගෑණු කෙනා දැක්කෙවත් නෑ. එහෙන්ම ඒ මතකෙත් හීනයක් වගේ වුනා.

” ඒ මගෙ අම්මද ආ….. එයාද මගෙ අම්මා “

ඇගේ ලේ හිටන් රත් වෙලා මයෙ නහර හිටන් ඉලිප්පෙද්දී මන් හරි අමාරුවෙන් මයෙ හැගීම් හන්ගන් පොඩි බේබීට කතා කරේ. මට දුකයි. සෑහෙන්න දුකයි. ඒ හා සමානව මට හරි කේන්තියි. ඒවගේම මට මාවම අප්පිරියයි. හාමු ඉතිරි ටික කිව්වේ නැතත් මට හිතා ගන්න පුළුවන් කතාවේ ඉතිරි ටික මොකක්ද කියලා.

” ඔ ව්‍. ඔයා ගේ අම් මා එයා. අප්පච් චි ම් මන්. ම් ම ට ස්……. “

” නවත්තපන් යකෝ නවත්තපන්… “

මන් කන් දෙකත් වහගෙන එහෙම කෑ ගහන් බිමම ඉන්ද වුණේ ඒත් එක්කම වගේ කාමරේ ගල් වෙන්න තරම් තිබ්බ සීතළ ගතියත් නැති වෙලා යද්දි. මන් ආයේ ජනේලෙ පැත්ත බැලුවත් දැක්කේ බොදවෙලා යන ලා නිල් පාට ගවුමක් ඇදන් හිටපු ඒ ගෑණු එක්කෙනා. වෙනදා වගේම එයා හිනා වෙලා.

” අ ම්මා…… මන් ආදරෙයි අම් මා “

” අම්මත් ආදරෙයි දරුවෝ. මට යන්න වෙලා…”

එච්චරයි එයාට කියන්න පුළුවන් වුණේ මයෙ අම්මගේ රූපේ මැකිලා ගියා. ඇයි මගෙ අම්මව මට කලින් අදුර ගන්න බැරි වුණේ. ඒත් එක්කම වගේ මට මතක් වුණේ ලොකු හාමුව. එතකොට එයා හැමදේම දැන ගෙන ඉදලා තියෙනවා.

” උබට පසු තැවිලි වෙන දවසක් එනවා. අන්න එදාට මතක් වෙයි උබට ලොකු හාමු කියපුවා. එතකම් උබ ඇති තරමක් ජිවිතේ විදපන් “

මයෙ ඔලුවේ ලොකු හාමුගේ වචන දෝංකාර දෙන්න ගත්තෙ මයෙ ඇස් වලිනුත් කදුළු පිටාර ගලද්දී. අත ඇරලා දාලා යන්න බැරි විදිහට මන් බැදීම් දෙකක දැන් හිර වෙලා.  කාට නැතත් චූටි මැණිකෙටයි නුරාදටයි මන් උන්ගේ චූටි අප්පච්චි වෙලා ඉවරයි. උන් දෙන්නම මයෙ දරුවෝ දෙන්නා වෙලා ඉවරයි.

             💥💥💥💥💥💥💥💥

” අහස්‍ය “

මයෙ කටේ තිබ්බ කෙලත් හිදිලා ගියෙ ලෝරාගේ ඡායාව ටික ටික මයෙ ඉස්සරහට එද්දි. මේක වෙන්නේ කොහොමද. ඉස්සර හිටපු ලෝරාම තමයි මේ.

” ඔ යා මෙහෙ “

එයා රූපේ බොද වෙවී තිබ්බත් එයාගේ කටහඩ හොදට ඇහෙනවා. මන් ටෝච් එක ගත්තත් හරි නිවී නිවී ගියපු බල්බේ නිවිලම ගියෙ මයෙ අතේ තිබ්බ ටෝච් එකේ ලයිට් එක විතරක්ම මුළු කුස්සිය ටම ඉතිරි වෙද්දී.

” මාව මතකද “

” ලෝරා ඔයා කොහොමද මෙහෙම. කොළඹනෙ ඔ යා à·„à·Š හිටි යේ “

” අහස්‍ය ඒ මන් කියලද හිතන් හිටියෙ. මන් ආදරේ කරපු මනුස්සයා බැන්දේ මාව නෙවෙයි. එයා මේ මොකුත් දන්නෑ අහස්‍ය. හරිනම් මන් මේ වෙද්දී උබේ බෙල්ල කදින් වෙන් කරලා දාන්න ඕනී උබ මේ කරාපු අපරාදෙට මට. ඒත් මට එහෙම කරන්න බෑ. ළමයි තුන් දෙනෙක්ගේ අප්පෙක් නැති කරලා දාන්න තරම් මන් තවත් පව් පුරව ගන්ටෙ මොකටද නේද අහස්‍ය. අනික උබ ඇත්ත දැන ගත්තට පස්සේ විදවයි සෑහෙන්න “

එයා එතකොට මැරිලද. එහෙම වෙන්නේ කොහොමද. එයාගේ සුදු මැලි පාට හින්දා අඩ අදුර හින්දා එයාව කැපිලා පේනවා. ලෝරට එක තැනක වැරදුනා.

” මට ළමයි දෙන්නෙක් ඉන්නෙ ලෝරා. ඇයි ඔයා මෙහෙට්ටත් ආවේ. මගෙන් පලි ගන්නද ම්…..”

” අහස්‍ය ඔයා මේ වෙනකම් ඇගට යට වුණේ ඔයාගෙම දරුවට තමයි “

” තමුසෙට පිස්සු හැදිලද ලෝරා. මල පෙරේතියක් කියන එකක් විස්වාස කරන්න තරම් මන් හරකෙක් වගේද පේන්නෙ ආ… උබ ඕනී කුණු කතාවක් කියපන්. මන් තොට බයත් නෑ. කොහොමත් උබලා වගේ උන්ට පවුල් විනාස කරන්න තමයි ඕනී. එහෙන් අපෙ අම්මා වද දෙනවා. මෙහෙන් උබ වද දෙනවා “

” කට වහ ගනින් අහස්‍ය. උබට මතක නැද්ද එදා උබමනේ උබේ ගෙදර කඩුල්ලෙන් මෙහාට්ට තොගේ අම්මණ්ඩිව ගන්ඩ හැදුවේ ආ ඉඩම ඇතුළට.  එහෙම ගත්තා නම් මේ වෙද්දී මයෙ පුතාගේ බොටුව නැති වෙන්ට තිබ්බා උබේ අම්මගෙ අතින්. හොද වෙලාවට උබව මන් දැකලා ඇදන් ආවේ නැත්තන් උබේ ආත්මේ උබේ අම්මව ඇරන් ඇතුළටම එක්ක එනවා. එහෙව් එකේ මන් තොට මොකටද බොරු කියන්නේ.  ඕන් නම් අහපන් ඇත්ත උබේ අප්පගෙන්ම. ඒකා හරි ලස්සනට කියයි කතන්දරේ. ඇයි අපෙ අක්කා අම්මා අප්පච්චි හැමෝම දන්නවා නිලූෂ අපි දෙන්නගේ පුතා කියලා. ගිහිල්ලා අහපන් ඉතින් තොට විස්වාස නැත්තම්. මන් උබව ඔහොම හරි ඉතුරු කරේ මයෙ පුතාගේ අප්පා හින්දයි අර කතා කරන්න බැරි දරුවගේ අප්පා හින්දයි. මන් මේක උබට කියන්න ආවේ. නැතුව මේකේ අස්සේ ළගින්න නෙවෙයි. මන් යනවා අහස්‍ය. උබ ළමයගේ අප්පච්චි නෙ. කලින් මොන විදිහට හිටියත් මින් පස්සේ වත් මයෙ දරුවා බලා ගනින් හොදට. උට අවුරුදු විසි එකයි නැතුව උබ වගේ මහ මිනිහෙක් නෙවෙයි මයෙ එකා. ඒකට බලන්න එහෙන් පිටින්ම මයෙ රූපේ ඇවිල්ලා තියෙන්නේ. ඒකගේ ඇස් දෙක හොදට බලපන්. ඒ ඇස් දෙක උබෙම තමයි “

ඒ වචනයක් වචනයක් ගානේ මයෙ පපුව පැලිලා යන්න තරම් වේදනාවක් එද්දි මන් එයාගේ වචන අහන් හිටියා. මන් මොන අපරාදයක්ද කළේ දෙයියෝ. මට පිස්සු වගේ.

” ඇයි කලින් කිව්වේ නැත්තේ ආ….. උබ දැන දැනත් ඇයි මොකවත් කිව්වේ නැත්තේ “

” කොහොමද හිතට දැනෙන්නෙ ආ… රිදෙනවද හිත. උබ ඔහොම හිතින් විදවපන්. මන් උබ වගේ නෙවෙයි සිය දහස් ගුණයක් විදෙව්වා. දරුවා බඩට ඇවිල්ලා මාස තුන හතරක් වත් ගියෙ නෑ අහස්‍ය මන් කාමරේම තනි වුණා. මට හිටියේ මේ බඩේ ඉන්න දරු පැටියා විතරයි. කන්න ආස කෑමක් වත් මැරෙන්න කලින් කටට දා ගන්න බැරි වුනා මට. මොන දේ වුණත් මන් හැමදාම දෙයියන්ගෙන් ඉල්ලුවේ මයෙ දරුවව රැකපන් කියලා විතරයි. මයෙ දරුවා මොනාද දන්නේ. මන් මට මොනා හරි වුනොත් දරුවව අක්කට හදා ගන්න කිව්වා. ඒත් ඒකි කරේ මයෙ පැටියා අර අනාථ නිවාසේ දාලා ගියපු එක. ඒකි පාරේ ඔහොන්ම ළමයා තියෙලා යන්න හැදුවේ. ඒත් උබේ අයියා මයෙ කොල්ලා ඇවිල්ලා තමයි මයෙ දරුවා අතට ගත්තෙ. පස්සේ තමයි දෙන්නම මගෙ දරුවා භාර දුන්නේ නිවසට. මන් කළේ මගෙ දරුවා දිහා බලා ගෙන හිටපු එක විතරයි අහස්‍ය. ළමයා අඩන අඩන සැරේට මන් පිච්චිලා ගියා. ඒකට බඩගිනි හැදිලා කිරි ඉල්ලන ඉල්ලන සැරේට මයෙ පපුව දාලා ගියා. මාත් à·„à·– තිය තියා කෑ ගැහැව්ව මයෙ දරුවට කිරි දීපන් කියලා. ඒත් කාටවත් මාව ඇහෙන්නේ නෑ. පේන්නෙත් නෑ අහස්‍ය. සමහර වෙලාවකට විතරයි මට මෙහෙම ඉන්න පුළුවන්. මගෙ ළමයා පොඩි කාලේ ඕනී තරම් වැටිලා ඇති. ඒත් මට දෙපාරක් තුන් පාරක් විතරයි මයෙ දරුවව ටිකකට හරි අල්ලන්න පුළුවන් වුණේ අහස්‍ය. මට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. මට කතා කරන්නත් අමාරුයි. දරුවා හොදට බලා ගනින් අහස්‍ය. මයෙ වස්තුව තමයි  උබ ළගින් ඔය ඉන්නෙ. එයාට කියන්න එයාගේ අම්මා ගොඩක් ආදරෙයි කියලා “

මන් ඉස්සරහට වෙලා චූටි මැණිකෙට පාඩම් වැඩ කියා දුන්නේ නිලූෂත් එක්කලා කතා කර කර ඉන්න නුරාදටත් අවදානේ දී ගෙන. උදෙ ඉදන් තාම නිලූෂ නෙවෙයි මගෙ මූණවත් බැලුවෙ. මන් හිතුවා වගේම එයාට මන් ගැන කළකිරෙන්න ඇති.

” ඈ තූති අප්පත්ති ඔලා මාලිතද ආදලේ මතත ගුදක් ආදලේ “

” දෙන්නටම ආදරෙයි ගොඩක් දරුවෝ “

” ආ ඒම බා තූති අප්පත්ති…. ඔලා හලි කපති නේත. ඔලා තූති මනිතත වදා මතනේ ආදේ. මන් තූති මනිතත කීලා දීලා තීන්නේ තූති අප්පත්ති මදේ කීලා “

එක පාරටම එහෙම කිව්ව‍ හැටියේ නිලූෂ බැලුවෙ මයෙ ළග පොත කියව කියව ඉන්න චූටි මැණික දිහා වෙද්දී මන් බැලුවෙ නුරාද දිහා . මේ නුරාද පොඩි එකාගේ ඔලුවට මොනා පුරවනවද මන්දා.

” තූති අප්පත්ති අයියදේ වුනාත අප්පත්ති මදේ කීලා මාත් අලයත කීලා තින්නෙ අප්පත්ති. ඔලා මත නේත ගුදක් ආදලේ ඈ අප්පත්ති “

” ඔයාලා දෙන්නටම අප්පච්චි එක වගේම ආදරෙයි දරුවෝ. හැබැයි ඔය දෙන්නටම වඩා මන් ආදරෙයි ඔයාලා දෙන්නගේ චූටි අප්පච්චිට “

මන් එහෙම කියලා නිලූෂ දිහා බැලුවත් එයා නුරාදවත් වඩා ගෙන මයෙ දිහාට බැල්මක් වත් නොදා කාමරේට ගිහිල්ලා දොර වහ ගද්දි මට පිටවුනේ ලොකු හුස්මක්‌.

” අලේ අයි ඔලා අදන්තේ මේ ඈ අප්පත්ති… “

” චුට්ටක් ඔලුව කැක්කුමයි වගේ පැටියෝ. අප්පච්චිගේ ඔලුව ඩිංගිත්තක් අත ගාන්න පුළුවන්ද ම්….. “

මන් හාන්සි පුටුවේ දිගෑදිලා චූටි මැණිකෙගේ ඔක්කෙන් ඔලුව තියා ගත්තා වෙද්දී එයත් හිමීට මයෙ ඔලුව අත ගාන්න ගත්තෙ මයෙ විඩාබර ඇස් දෙක ලාවට වගේ පිය වී ගෙන එද්දි.

           💥💥💥💥💥💥💥💥

” මයෙ පැටියා ඇත්තටම චූටි අප්පච්චිට ආදරෙයිද ම් “

” අයි ඒම ආන්නේ ඈ…. ඔලා මදේනේ තූති අප්පත්ති. නුලාදදේ තූති අප්පත්ති. මන් ඔලාතනේ ගුදාලියක් ආදරේ. මන් මාලිතත් කුව්වා තූති අප්පත්ති මදේ කීලා. බාන්නකු අලේ මාලි හබයි කුව්වේ එලා තූති අයියතලු වදි පුලම ආදලේ කීලා ඈ තූති අප්පත්ති. මාලි මතනේ ගුදක් ආදලේ “

හාමු අර විදිහට කිව්වත් හරි මන් නුරාදවත් අරන් ආවේ කාමරේ ඇතුළට.       මට හිතා ගන්න බෑ මන් මොකද කරන්නේ කියලා. මයෙ අම්මා ඇත්තටම මන් වගේම තමයි. එයා එහෙනම් මාත් එක්කම මගෙ ළගින්ම ඉදලා. මන් නුරාදත් එක්ක ඇදේ හාන්සි වෙච්ච හැටියේ වදුරු පැටියා ආවේ මයෙ පපුව උඩට.  හරි සුවදයි මගෙ පැටියා.

” මල්ලිට ඉන්න එකම අයියා ඔයානේ පැටියෝ. ඒ නිසා එයා හරි ආදරෙයි ඔයාට. ඇයි ඔය ආ…… කුක්කු එකක් හදලා ගෙනල්ලා දෙන්නද මයෙ වස්තුට බොන්න “

” අපා “

එයා එපා කියලා ආයේ චුට්ටන් කට මයෙ කුක්කුවෙ ගහ ගනිද්දී මන් පැටියවත් අනිත් පැත්තට හරවන් බදාගෙන නිදා ගත්තේ ආපහු වතාවක් මයෙ අම්මව මතක් වෙද්දී.

          💥💥💥💥💥💥💥💥💥

ගිහිල්ලා එන්නම් යාලුලා 🤗

ගෝතික්ව අරන් එන්නම් ඊළගට 🌻🌻

අදහස් වෝට් වලට යාලුලා හැමෝටම ගොඩාරියක් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි 🙏❤️

බුදුසරණයි හැමෝටම 🙏

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූඅටවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූඅටවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූඅටවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූඅටවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූඅටවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) අසූඅටවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 91