À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්හත්වැනි කොටහා

A+ A-

කැම්පස් පටන් ඇරගෙන සතියක්ම ගෙවිලා ගියා. ඒ සතිය ඇතුළත මට පුළුවන් වුණා කොස්තාපල් වරයෙක් විදිහට ඉස්සෙල්ලාම පොලීසියට බැදෙන්න. එහෙන් මට‍ ඉන්න ගෙදරක්‌ වත් නැති නිසා පොඩි ක්වාටස් එකක් මට‍ හම්බුනා. ටිකක් පරණ වුණත් සුද්ද බුද්ද කරලා ගත්තට පස්සේ ඒකෙ හොදට ඉන්න පුළුවන්. මෙහෙ ක්වාටස් ටිකක් ඈතට ඈතට වගේ තියෙන්නේ . ඒ නිසා හොදට ඉඩ පාඩු තියෙනවා. විවේක කාලයක් හම්බුනු හැටියේ මන් මුළු ඉඩමම සුද්ද කරනවා එළවලු කොටුවක් හරි දා ගන්න. එතකොට කඩෙන් එළවලු ගන්න ඕනිත් නැහැ නෙ.

ටික්කා ඇර කැම්පස් එකේ කවුරුත්ම දන්නෙත් නැහැ මන් දැන් පොලීසියේ කියලා. අර මහත්තයා නම් කිව්වා කැම්පස් එකේ කාටවත්ම මන් පොලීසියේ කියලා කියන්නවත් එපා කියලා.  මට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්ලූ. ගොඩක් වෙලාවට මට රස්සාව නිසා කැම්පස් එන්න බැරි වුණත් ටික්කා එයාලගේ යාලුවන්ගෙන් හරි සටහන් ඉල්ලගෙන මගෙ පොත් වල සටහන් ලියනවා. ටික්කා ඉතින් සමහර දවස් වලට මාත් එක්ක ක්වාටස් එකේ ඉන්නත් එනවා.

අද පාන්දරම නැගිට්ට මන් ඊයේ රෑ අයන් කරපු මගෙ නිළ ඇදුමත් ඇදගෙන කොටට කපාපු කොන්ඩේ තෙල් ටිකක් වෙන්න ගාලා හොදට පීර ගත්තා.

” නිලූෂ ඉක්මනට එන්න. සාජන් මහත්තයා කතා කරා අපිට. “

දමිත මට මෙහෙදි හම්බුනු අනික්‌ යාලුවා.

” ගිහිල්ලා වාහනේට නගින්න කොල්ලනේ . අපිට පණිවිඩයක් ආවා දියතෙන් බැරල් දෙකක් හම්බුනා කියලා. ඉක්මනට ගියා නම් වැඩේ ලේසි අපිට “

එහෙනම් ගංජා වත්තක් වත් ඒ පැත්තෙ හදලා ඇති මෙලහකට කවුරුහරි. අද හවස දේශනේට මට යන්න බැරි වෙයිද මන්දා.

” උබ කාලද ආවේ බන් “

” කහට එකක් බිව්වා මන්. බත් කන්න වෙලාවක් තිබ්බේ නැහැ දමියෝ “

” අයියෝ බන් කඩෙන් බත් එකක් වත් ඇරගෙන කන්න තිබ්බනේ “

වලව්වේ වැඩ කරාපු හරියෙන් හම්බුනු සල්ලි වියදම් වෙලා වියදම් වෙලා සොච්චමයි ඉතිරි වෙලා තියෙන්නේ දැම්.  මේ මාසේ පඩිය ගන්නකම් ඉතිරි සල්ලි සොච්චමත් තියා ගන්න ඕනී දවසකට එක බත් වේලක් හරි කන්න. පඩිය හම්බෙන්නත් තව දවස් පහක්ම ඉතිරි. පුළුවන් තරම් මන් කැම්පස් එකට යන්නෙත් පයින් . මගෙ දරුවවයි හාමුවයි බලන්න තාම ගොඩ දවසකින් ගියෙ නැහැ.  පුළුවන් තරම් දේශන වලට ගිහිල්ල ක්වාටස් එකට ඇවිල්ලා ඇදුමුත් මාරු කරගෙන යන්නෙ එහෙන්ම වැඩට. ඉතින් මට ආයේ කොහෙද ක්වාටස් එකේවත් ඉන්න වෙලාවක් තියෙන්නේ. සමහර දවස් වලට රෑට වැඩට ගිහිල්ලා උදේට දේශන වලට ගිහිල්ලා වාඩි වෙලා නිදි කිරනවා.

” පස්සේ කනවා “

සාජන් මහත්තයා පිටිපස්සේ මායි තව කොල්ලෝ හතර පස් දෙනෙක්ම වාහනෙන් බැහැලා ගියෙ වැටලීමට.

අවරුදු දහ අටක විතර පොඩි කොල්ලෝ තුන් දෙනෙකුත් වාහනේට දාගෙන බැරල් දෙක අනිත් වාහනේට දා ගත්තා. අනේ ඉතින් මේ පොඩි උන් විහින් නහත්ති වෙනවා නෙ.

උබ හොදටම පරක්කුයි නිලූෂ. දඩි බිඩි ගාලා ක්වාටස් එකට ආපු මන් කෙසෙල් ගෙඩියක් කාලා එහෙන්ම එතැනම ඇදුනුත් එකින් එක ගලවලා දාලා ගියෙ කාමරේට. පස්සේ ඇවිල්ලා අස්කරනවා. හාමු ඇරෙන්න මොකා කියලා ක්වාටස් එකට එන්නද ඉතින්.

මහ ලොකු වට අතපයවත් හෝද ගත්තේ නෑ. මගෙ ළග දාඩිය ගද ගොඩක් එනවද මන්දා. අලුත් සුවද විලවුන් එකත් ගන්න ඕනී.

” ඒයී සුද්දා මටත් අද පරක්කු වුණා “

ගේට්ටුවෙන් ඇතුළට යද්දිම හම්බුනේ නිසලි.

” යමු ඉක්මනට එහෙනම් බන් “

” ඇයි අනේ කොන්ඩේ ඔච්චර කැපුවේ. කමක් නෑ හැබැයි ඔහොමත් ලස්සනයි “

එහෙනම් හොදයි.  මන් හිතුවේ කොන්ඩේ කපලා නිසා මන් කැතට ඉදියි කියලා වෙද්දී නිසලි කිව්ව දේ නිසා මගේ
මූණට හිනාවක් ආවා.

” ඔයාට මේ දේශනේ විතරද තියෙන්නේ සුද්දා “

” ඔව් ඇයි “

” ආ අපේ අම්මා බත් ගෙඩියක් බැදලා දුන්නා මට‍ . මේක ඉවර වෙලා මට තවත් දේශනයක් තියෙනවානෙ ඒකයි. ඒත් මට‍ පස්සේ දේශනේට ඉන්න වෙන්නෑ ගමනක් යන්න තියේ…. කෑම එක දෙන්නද මගෙ “

අපෙ අම්මේ කොච්චර දෙයක්ද ඒක නම්.

” හරි බන් මන් ගෙදර ගිහිල්ලා හරි කන්නම් “

නිසලි හම්බ වුණු එක කොච්චර දෙයක්ද. බත් ගෙඩියකුත් හම්බ වුණා

දේශනේ ඉවර වුණු හැටියේ මන් ගියෙ ක්වාටස් එකට. විජහට විජහට අතත් හෝද ගත්ත මන් බත් එක දිග ඇරියා. අම්මේ සුවදටත් හිත පිරෙනවා. කරෝලයි පරිප්පුයි. අද බත් ගෙඩියක් ගන්න ගියාපු සල්ලිත් ඉතිරි ඉතින්. හොදට බඩත් පිරෙන්නම කන්නත් පුළුවන්.

හයටත් කිට්ටු නිසා තව තව කළුවර වෙන්න කලින් නා ගෙන මල් කඩලා පහන තියලා බුදුන් වැන්දා මන්. රෑට නම් කන්න ඕනිත් නැහැ. විස්කෝතුවක් කාලා කහට කෝප්පයක්‌ බොනවා. හෙට නම් පාන්දරම වැඩ මට‍. සපත්තු දෙකත් හොදට දිලිහෙන්නම පිරිසිදු කරපු මන් අව්වට පොඩ්ඩක් වේලෙන්න දාපු නිළ ඇදුම ගත්තේ අයන් කරන්න. හෙට සෙනසුරාදා නිසා හොදයි කැම්පස් නෑ නෙ. ඔහේ කල්පනාවක වැටිලා ඉද්දි මට‍ ඇහුනේ වාහනේක සද්දයක්. මේ වැස්සේ කව්ද දන්නෑ. එළියේ ලයිට් එකත් දාලා දොරත් ඇරලා බලද්දී හාමු මහත්තයා. වාහනේ තෙමෙන්නැති විදිහට කොරිඩෝ එකට දාලා නතර කරත් හරි පැටියව ගන්න මන් ගියෙ වාහනේ ළගට.

” මොකටද ඔච්චර බඩු මලු උස්සන් ආවේ බේබී “

අමෙ අම්මේ සතියකට හරියන්න බඩු ගොඩක්. නුරාද නම් ඌල් ජේසියට පොඩි වලස් පැටියෙක් වගේ.

” තව මලු දෙකක්ම පිටිපස්සේ තියෙනවා. පැටියව බිමින් තියෙලා ගන්නකො…. “

නුරාදව ගෙ ඇතුලින් තියාපු මන් ඇතුළේ තියෙන මලු දෙකත් ඇතුළට ඇරගෙන ආවා. එකක් නම් හාල් ගෝනියක්. මලු දෙක බිමින් තියෙලා නැගිට්ට හැටියේ හාමු කරේ මාව බදා ගත්ත එක.

” ගොඩක් දවසකින් නේද. මට‍ වැඩ මේ දවස් ටිකේම ගොඩ ගැහිලා තිබ්බා නිලූෂ.  අද ඉදලා ටිකක් නිදහස් “

“මටත් වැඩ වැටිලා තිබ්බා හාමු. පහ විතර වුණා අදත් ගෙදර එද්දි.”

එයා මගෙ බෙල්ල අස්සේ මූණ ගහගෙන මුමුණද්දී මන් එහෙම කියලා ඒ පිට දිගේ අත ගෙනිච්චා. ඒ අස්සේ නුරාද තව මල්ලකුත් උස්සගෙන ඇවිල්ලා මට දික් කළා.

” මොනාද අප්පේ මගෙ චූටි පැන්චා මට‍ ගෙනාවේ “

මන් එයා ගානටම නැවිලා මල්ලත් අරන් එහෙම කියද්දී එයා එයාගේ කට පෙන්නුවා.

” පැටියයි මායි කොත්තු එකක් ගත්තා අපි ටිකට . අපි දෙන්නා බතුත් කාලා ආවේ. මන් ඔයාටත් බත් එකක් ගෙනාව පෙට්ටියට දා ගෙන. “

” කාලෙකින් කොත්තුවක් කන්නේ.  ආ…. ඇයි මේ කොල්ලගේ කොන්ඩේ කපලා. ටිකක් වවන්න තිබ්බනේ. අපරාදේ ලස්සන කොන්ඩේ “

හාමු මහත්තයගෙ කොන්ඩේ ටිකක් රැලි ගැන්වුනත් පැටියට තියෙන්නේ තනිකරම කඩා හැලෙන හරි ලස්සන කොණ්ඩයක්‌.

” ඔයා නම් වවන්න කියයි. කොන්ඩේ දික් කරාම මෙයා තනිකරම කෙල්ලෙක් වගේනෙ. ඒකයි කොන්ඩේ කොටටම කැපුවේ මන් “

ඇත්ත තමයි හැබැයි මගෙ චූටි පැටියගෙ කොන්ඩේ දිගට තියෙද්දී හොයන්න බෑ කොල්ලෙක්ද කෙල්ලෙක් ද කියලාවත් හරියට .

” ඔයා ඇදිලා ගිහිල්ලානෙ ටිකක්. “

පැටියා ඉස්සරහ සෙල්ලම් කර කර ඉද්දි බේබියි මායි කුස්සියේ බඩු ඇහිරුවා. කිරි පිටි පෙට්ටියක්. රතු සීනි මල්ලක්. එයාලගේ තේ වත්තෙ ලොකු තේ කොළ පැකට් එකක්. විස්කෝතු පෙට්ටි. ටින් මාළු තුන හතරක්. පරිප්පු. මුන් ඇට. සුවද සබන් පෙට්ටි. තෙල් බෝතලයක්. පොල් මල්ලක්. තව එළවලු මල්ලක්.

” ඇයි මේ පොල් මල්ලක් උස්සන් ආවේ. මෙහෙත් පොල් ගහක් තියෙනවනේ හාමු “

” ඔයාට ඕනී ඕනී වෙලාවට ඔය ගහෙන් පොල් ගෙඩි වැටෙන්නෑනේ නේද ඉතින්. ඒකයි මන් ගෙනාවේ “

” හොදයි හොදයි… “

” දවල්ට බත් කෑවද ම් “

බේබී ළගට ගියපු මන් ඒ නිරුවත් පිටට හේත්තු වෙලා බද වටේට අත් දෙක දැම්මා.

” කෑවා හාමු. යාලුවෙක් දුන්නා “

” ම් එහෙනම් කමක් නෑ. කවුද යාලුවා “

” නිසලි “

මන් එහෙම කිව්ව පාර හාමු කර කර හිටපු වැඩෙත් නතර කරලා දාලා මගෙ දිහා බැලුවා.

” කැම්පස් එකේ ගෑණු එක්ක වැඩිය ඇයි හොදයියක් තියා ගන්න හදන්න නම් එපා හොදද. පස්සේ ඕකුන් කරේ ළගින්න එයි. දැන් හැමදාම ඔයාට බත් ගෙඩි උස්සන් එයිද දන්නෑ. එහෙම ආවොත් නම් හොද දෙකක් කියලා දාන්න හුරතල් වෙවී ඉන්නැතුව “

” ම් එහෙම කරන්නම්. හාමු ඉතින් හරී..,යට දන්නවා වගේ නේද ගෑණු ගැන නම් ම් “

” ටිකක් “

එහෙම කියපු බේබී ආයේ එයාගේ වැඩේ පටන් ගත්තා.

” මොකෝ පැටියෝ නින්දේ යන්නෑ “

” නා “

බේබී හාමු නිදන කාමරේ රෙද්ද බිම එළනකම් මන් පැටියව වඩා ගෙන නිදි කරවන්න ගත්තා ඇවිද ඇවිද. ඒත් එයාට නම් නින්ද යන පාටක් වත් නැහැ. මගෙ උරහිසේ ඔලුව ගහගෙන ඉන්නවා. අටත් පහුවෙලා නවයටත් කිට්ටුයි.

” පැටියට නින්ද යන්නෑ හාමු බේබී “

” එහෙනම් අපි දෙන්නා හරි නිදා ගමු දැන්. ඔයාට පාන්දරම වැඩට යන්නත් එපැයි. “

හාමු මහත්තයා මූණ නාළු කරගෙන කියද්දී මන් පැටියව මැදින් තියෙලා එහා පැත්තෙන් ඇල වුණා. ඇද පොඩි නිසා අපි තුන් දෙනාම බිම නිදා ගන්නෙ. පැටිය නම් කොහොමත් ටික වෙලාවයි බිම ඉන්නෙ. ටික වෙලාවකින් එනවා මගෙ ඇග උඩට.

මහන්සියටත් එක්ක ඉක්මනට මගෙ ඇස් පියවී ගෙන එද්දි කොල්ලා මගෙ අස්සට ඇවිල්ලා මාව තුරුල් කර ගත්තා.
මන් ආසයි මෙහෙම පැටියවත් තුරුල් කර ගෙන නිදා ගන්න.

” මොකද කරන්නෙ හාමු පාන්දර මේ නැගිටගෙන “

කුස්සියේ සද්ද බද්ද එද්දි මන් බැලුවේ ලා අඩ අදුරට පේන ඔරලෝසුව දිහා. හතරහා මාරයි. ලෑස්ති වෙන වෙලාවත් හරි. මන් කුස්සියේ පැත්තට එද්දි හාමු මහත්තයා ලිප පත්තු කරනවා. එයා ළගට ගියපු මන් පිටිපස්සෙන් එයාව මගෙ ඇගට තුරුල් කරගෙන ඒ බෙල්ලට හාදු තිබ්බේ කටවත් හෝදන්නැතුව.

” නැගිට්ටද මගෙ නිලූෂ. මන් මොනා හරි හදන්න කියලා. “

” දැන්ම ඕන්නැ. මන් අටට විතර එන්නම් කාලා යන්න හාමු.  නිදා ගන්න ගිහිල්ලා දැන් “

මගෙ හාමු මහත්තයා මහ ලොකුවට උයන්න දන්නේ නැතුවුනත් කටට ඇරගෙන අමාරුවක් නැතිව බඩට දා ගන්න පුළුවන් විදිහට උයනවා. පොඩි පොඩි අඩුපාඩු කම් තිබ්බත් ඒ කෑම රසයි කියන්නේ එයාගේ මහන්සියයි ආදරේටයි පොඩිම හරි වටිනා කමක් දෙන්න.

” කිරි එකක් බොමු එහෙනම්. මූණ කට හෝදලා ඇදුම දා ගන්න. මන් කිරි එකක් වක් කරන්නම් ඉක්මනට “

” ඒක නම් හොදයි. “

මගෙ පොඩි බේබීව තව තවත් ඇගට තද කරලා තුරුල් කර ගත්ත මන් ඒ නළලට සිපුමක් තියලා ගියෙ මූණ කට හෝදන්න.

” මගෙ නිලූෂ හරි පෙනුමයි ඔය ඇදුමට.”

” කොහොමත් මන් පෙනුමයි තමයි ඉතින් “

මන් කලිසමේ බෙල්ටෙක දාද්දි එයා භාගෙට ඇරිලා තිබ්බ කමිසේ බොත්තම් ටික දානවා.  එහෙන්ම ඒ අත් අල්ල ගත්ත මන් පාත් වුනේ ඒ තොල් පෙති වලට වෙද්දී එයාගේ රළු ඇගිලි කිටි කිටියේ මගෙ අත් අල්ල ගත්තා.

             💥💥💥💥💥💥💥💥

මගෙ නිලූෂගෙ අඩවන් වෙච්ච ඇස් දිලිසෙනවා. මෙච්චර වෙලා ඇරිලා තිබ්බ ඒ ඇස් පියවෙද්දී මාත් තව තවත් ඒ ඇගට වාරු වෙලා ඒ හැගීම තප්පර ගානක් යනකම් විදලා විදලා හුස්ම ගන්න ඕනී තැන එයා ගෙන් ටිකක් ඈත් වුණා.

” මට මදි වගේ “

වෙනදා මන් කියන ඒ වචන ටික අද එයාගේ කටින් පිටවුනා.

” ඇදුමත් ටිකක් පොඩි වෙලාද මන්දා. ඉක්මනට ලෑස්ති වෙන්න දැන් “

එයාට තව තව පරක්කු වෙන නිසා මන් එහෙම කියද්දී එයා හිනාවකුත් දාලා ගියෙ කන්නාඩිය ඉස්සරහට.

” පැටියා එක්කලා මගෙ හාමු මහත්තයා පරිස්සමින් ඉන්න එහෙනම්.  දැන් නිදා ගන්න ගිහිල්ලා. මන් එද්දි කොහොමත් අට පහු වෙයි හාමු “

” පරිස්සමින් ගිහිල්ල එන්න එහෙනම්. බලාගෙන ඉන්නවා එනකම්. බුදුසරණයි මගෙ නිලූෂට “

මන් උඩට ඉස්සිලා ඒ නළලත් ඉඹලා කම්මුලත් පොඩ්ඩක් හපලා ඈත් වුණා. ටිකක් පාරත් හිට්ටද මන්දා කම්මුලේ. රැවුල ගාලා හින්දා කැපිලා පේනවා. එයා කඩුල්ලෙනුත් එහාට්ට ගිහිල්ලා අත වනලා යන්න යද්දි මන් දොරත් ලොක් කරගෙන ලයිටුත් නිවලා දාලා ගියෙ නිදා ගන්න. නුරාදට නම් හොදටම නින්ද ගිහිල්ලා.

හත කිට්ටු කරලා නැගිට්ට මායි නුරාදයි දොරවල් ජනෙල් ඇරලා ගියෙ කුස්සියේ පැත්තට. පොඩි කුස්සි කෑල්ලක් නිසා උයලා ඉවර වුණු හැටියේ අස් පස් කරන්නත් ලේසි. පැටියා පොඩි බංකු කෑල්ල උඩ ඉදගෙන කිරි එකට විස්කෝතු පොගව පොගව කද්දී මන් ටින් මාළු එක කැඩුවා. ටින් මාළු එක හැදුවොත් අපිට රෑටත් එක්කම කත හැකියි. ටින් මාළු ටිකට දාන්න ඕනී සේරම ජාති ටික දාලා මැටි හට්ටිය ලිපේ තිබ්බා .

” පැටියා කැරට් කනවද බටු කනවද “

” ම් අප්පච්චි සසට එහෙනම් මගෙ පැටියට කැරට් ටික හදලා දෙන්නම්කෝ. බන්ඩි පිරෙන්න බත් කන්න ඕනී හැබැයි”

කොල්ලා කිරි එකත් බිමින් තියෙලා යට වට්ටියේ තිබ්බ කැරට් අලයක් මගෙ අතට දුන්නා. දවල්ටත් එක්කම කැරට් අල ටික කිරට හැදුවා නම් හරි එහෙනම්. රස්නියක් ආපු නිසාම කමිසෙත් ගලවලා පැත්තකින් තියෙලා සරමත් දණ හියට වඩා ටිකක් උඩට වෙන්න නවාගෙන ගැටයක් ගහලා කොණ්ඩෙට බූල දාලා කැරට් ගාන්න ගත්තා.

කැරට් හොද්දෙ රසක් එන්නැත්තේ ලුණු මදි නිසා වෙන්නැති. කමනි නැන්දගේ කැරට් හොද්ද නම් කහ පාටයි. මගෙ හොද්ද රතු පාටයි. මිරිස් ටිකක් වැඩි වුනාද මන්දා. පැටියට හෝදලා දෙනවා එහෙනම්. නිලූෂ වුණත් පුරුදු වෙන්න ඕනී කටට සැරට කන්න හොදට. හැමදාම පොඩි එකා වගේ සැර නැති මාලු කකා ඉදලම හරියන්නෑනේ ඉතින්. පැටියටත් සැර පුරුදු කරන්න වෙයි. නැත්තම් නිලූෂ වගේම වුනොත්.

” ඇයි එන්න පරක්කු වුනේ “

” පොඩි වැඩකට අහුවුනා හාමු. කෑවද මගෙ හාමු මහත්තයා “

පැටියටත් බත් කවපු මන් එළියේ බංකුවට වෙලා බලා ගෙන හිටියෙ කඩුල්ල දිහා වෙද්දී මන් දැක්කේ හෙමීට හෙමීට මේ පැත්තට එන නිලූෂව.

” තාම නැහැ. පැටියාට නම් කැව්වා “

” යමු කන්න එහෙනම්. ඉක්මනට මට‍ ආයේ යන්නත් ඕනී “

” ඇයි ආයේ යන්නෙ හවසටත් වැඩද එතකොට “

උදේ ඉදලා හරියට ගෙදරවත් නැහැනේ ඉතින් මේ මනුස්සයා.

” ම් ටිකක් හවස් වෙන්න පුළුවන්. කෑම රසයි මගෙ බේබී හාමුගේ.. කැරට් එකට ආයේ මිරිස් දාන්නැතුව ටැංකිය ගාව තියෙන කොච්චි ගහෙන් කොච්චි කරල් දෙකක් දැම්මා නම් හරි හාමු “

මේකා හරි කපටියා. කෑම රසයි කිය කියා අඩුපාඩු කියනවා. කැරට් හොද්දෙ සැරටද මන්දා කොල්ලගේ මූණත් රතු වෙලා නළලින් දාඩිය බේරෙනවා.

” ඔයා ඔහොම නම් බැහැ නිලූෂ. ටිකක් සැර කන්නත් පුරුදු වෙන්න ඕනී. “

” ටිකක් සැර කන්න පුළුවන් හාමු… හැබැයි ගොඩක් නම් සැර කන්න මට‍ අමාරුයි නෙ. බඩ දනවා “

එහෙම කියලා ආයේ කන්න ගද්දී මන් ඒ පිගානට තව බත් ටිකක් බෙදුවා. පව් කියලත් හිතුනා සැර වැඩියි කියලා කිව්ව‍ විදිහට නම්. එහෙනම් ආයේ උයද්දී සැර අඩු කරා නම් හරි.

” ආ…. “

නුරාද නිලූෂ අතට එයාගේ තොප්පියත් දෙද්දී එයා අපි දෙන්නවත් බදා ගෙන සිපුමක් තියෙලා යන්න ගියා. හෙට රෑට වලව්වට යන්න ඕනී කියෙලා හිතෙන කොටත් මගෙ පපුව පොඩ්ඩක් රිදෙනවා වගේ. මයෙ කොල්ලා එක්ක මෙහෙ ඉන්න ආස හිතෙනවා. හරිම නිදහස්. හිතටත් දැනෙන්නේ පුදුමා කාර සැනසීමක්.

           💥💥💥💥💥💥💥

මන් ඉස්සරහට වෙලා හැට්ට කට්ටෙන් මගෙ දත් කුට්ටම හාර හාර ඉද්දි වලව් පාරෙන් මේ පැත්තට එන බයිසිකලයක් දැක්කා. පියුම් කොල්ලා නෙ මේ.

” මන් බැලුවා මේ කවුද කියලා උදේ පාන්දරම එන්නෙ. “

” අද ඕන් වලව්වට ලිවුමක් තියේ ලොකු හාමු. හැබැයි ඉතින් පොඩි බේබීට තමයි එවලා තියෙන්නේ “

එහෙම කියපු පියුම් කොල්ලා දික් කරේ ලිවුම් කඩදහියක්.

” යන් කහට එකක් බීලම යමු එහෙනම් “

” අනේ හාමු මහත්තයා මන් වෙන දවසක එන්නම්කෝ නිවී හැනහිල්ලේ කහට කෝප්පයක් බීලා යන්න.  මන් එහෙනම් ගිහිල්ලා එන්නම් ලොකු හාමු “

” හොදයි හොදයි එහෙනම් “

මන් ලිවුමත් ඇරගෙන ගියෙ ඇතුළට. රාජකාරි ලිවුමක් වගේ. මොකක්ද දන්නෑ ලියලා එවලා තියෙන්නේ. පොඩි ආවට පස්සේ බලනවා. ඒකා අර කොල්ලා බලන්න වෙන්නැති ඊයේ රෑ තකහනියේ යන්න ඇත්තේ. නැත්තම් රෑම වලව්වට එනවනේ ඉතින්.

ලිවුමත් පොඩීගේ කාමරේ මේස ලාච්චුවට දාලා මන් ගියෙ මගෙ කාමරේට. මැණිකේ බෙහෙත් බීලා හොදට නිදි. බෙහෙත් සැර හින්දා ඉක්මනට නින්ද යනවා.

” සෝමේ… සෝ මේ…..  කොහෙද බන් උබ මකබෑවිලා හිටියෙ. මන් උබට කීයේ ඉදලද මේ අඩ ගහන්නේ ඈ බොල “

” සමාවෙන්න ඕනී හාමු මහත්තයෝ… මන් වත්තෙන් කොළ අතු ටිකක් හොයාගෙන ඒ ටික මේ තැම්බෙන්න තිබ්බා, “

” ඒ මොකෝ ඒ සෝමේ… “

” ලොකු මැණිකෙගේ ඇග රිදෙනවලු පාන්දර ඉදලා.  වේදමහත්තයා කියලා මැණිකෙට ඒ ඇගෙ රුදාව අඩු වෙන්න නම් මේ ටික තම්බලා ඒ වතුරෙන් ඇගපත හෝදන්න කිව්වා “

අනේ මන්දා අපෙ මැණිකෙට එන්න එන්න ලෙඩමයි බලා ගෙන යද්දි.

” අ ප්පු උ බ මැරිලා පලය න් මට‍ මේ දුන්නු ගින්දර ට.  මගෙ ල් ලොකු හාමු තෝ උ දුර ගත් තා. උබ ආ යෙ ඇවිල්ල මට‍ සැනසී මේ ඇස් දෙ ක පියා ග න්න දෙන්නැ ති හැටිය ක්‌ “ 

මගෙ මැණිකේ ඇදේ නිදා ගෙනම හීනෙන් දොඩවනවා. ඒකිගේ හිතේ තාමත් එහෙනම් ඉන්නේ අපෙ අයියා . අපෙ අයියා අප්පුවට ආදරේ කරන්න ගත්තේ ඒකා මේ වලව්වට ආපු දවස් වලම ඉදලද කොහෙදෝ.  මතක විදිහට අවුරුදු පහළවේදී වගේ වලව්වේ වැඩට ආපු ඒකට හරීයට අපෙ අම්මයි අප්පච්චියි බැනලා ඇති. ඒකා පොඩි එකා වුණත් වලව්වේ හැමෝටම රසට කන්න උයලා දුන්නා. උගෙ ඇගෙ දැලි නොගෑවෙන දවසක් නැතු ඇති.

ඒකාගේ කොන්ඩේ බෙල්ල ළගට වෙනකම් වැවිලා තියෙද්දී උගෙ කොන්ඩේ කපන්නේ අපෙ අයියා. උට‍ සනීප නැති වුනොත් වෙද මහත්තයා ළගට හරි ඉස්පිරිතාලේට හරි ඇරගෙන යන්නෙ අපෙ අයියා. අකුරක්‌ වත් ලියා ගන්න බැරිව හිටපු උට‍ අකුරු කියලා දුන්නේ අපෙ අයියා වෙද්දී අපෙ අප්පච්චිට නම් ඒකට තරහ ගියා. මොකද ඉස්සර කාලේ හොදට ඉගෙන ගත්තේ අකුරු සාත්තරේ එහෙම ඉගෙන ගන්නෙ යමක් කමක් තියෙන උදවිය.
අපෙ අයියා ඉස්සර දරුවෙක් බලා ගන්නවා වගේ තමයි අප්පු ගැන හොයලා බැලුවේ. අයියගේ එකම මල්ලි වෙච්ච මටවත් එයා ඔයවගේ බලන්නැති හින්දම වෙලාවකට මට‍ අප්පුවා ගැනත් ඉරිසියා හිතුනා.

” අහ් මහත්තයා කොයි වෙලේද ආවේ “

” ටිකක් වෙලා මැණිකේ. ඇයි එහෙම ඇහැව්වේ “

මන් ඔහේ ඇද කොනක වාඩි වෙලා කල්පනාවක ඉද්දි මට‍ ඇහුනේ මැණිකෙගේ හඩ. තරුණ කාලේ ලස්සනට පාටට හිටියට මොකද දැන් එයා වැරහිලි වෙලා පාටත් අඩු වෙලා තිබ්බා.

” කෝ පුතා තාම ආවේ නැද්ද වලව්වට හාමු “

” නැහැ හාමිනේ “

එහෙම කියලා මන් ගියෙ ජනේලේ ළගට. ඉස්සර අයියා මට අර ලොකු ඔන්චිල්ලාවට වෙලා බත් ගුලි කවනවා පොඩි කාලේ.   අපෙ අප්පච්චි වගේම අයියා ගොඩක් හැඩි දැඩි කෙනෙක්.

” මැණිකේ යමු ඇග පත හෝද ගන්න. සෝමේ වතුර උණු කරලා තියෙන්නේ ඕන් “

මන් එහෙම කිව්වට පස්සේ මැණිකේ ඇදෙන් නැගිටලා ගොතාපු සුදු කොන්ඩේ ලිහන්න ගත්තා.

” කමනි….. කමනි…….කෝ කමනි උබෙ මාළු ඇඹුල් තියලේ. “

මන් මාලු පිනි ටික බෙදාගෙන බැලුවේ ඊයේ හවස එයා හද හද හිටපු මාළු ඇඹුල් තියලේ මේසේ කොහෙද තියෙන්නේ කියලා.

” ලොකු හාමු මේ මාළු ඇඹුල් තියල් හට්ටියම පොඩි බේබී ගෙනිච්චා ඊයේ රෑ . එයාගේ යාලුවෙකුට වෙන්නැති “

ආ එහෙනම් ඒ අර සක්කිලි කොල්ලට වෙන්නැති අපෙ එකා මාළු හට්ටිය පිටින් ගෙනියන්න ඇත්තේ.

        💥💥💥💥💥💥💥💥💥

ගිහිල්ලා එන්නම් යාලූලා 🤗🤗

බුදුසරණයි හැමෝටම 🙏

අදහස් වෝට් වලට යාලූලා හැමෝටම ගොඩක් ස්තුතියි 🙏  ගොඩාරියක් පින් කතාවට දෙන ඒ වටිනාකමට 🙏💗💗

          💥💥💥💥💥💥💥💥💥

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්හත්වැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්හත්වැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්හත්වැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්හත්වැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්හත්වැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) තිස්හත්වැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 38