À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හය වැනි කොටහා

A+ A-

කන්නාඩියෙන් පේන මගෙම රූපේ දිහා මන් බලන් හිටියේ වෙන කවදාටත් වඩා සතුටින්ය. පොඩි බේබි අරන් දුන්නු කන්නාඩි කුට්ටම මටම හරි ගස්සපු දෙකක් වගේ. එහෙන්ම ඇදුම් මාරු කරපු මන් චූටියගේ ඇදුමත් අයින් කරලා එයාට සැහැල්ලු කලිසම් කොටයක් ඇන්දුවත් හරි එයා කකා හිටපු එකත් නතර කරලා මට මොන මොනවදෝ කියන්න හදනවා.

“   ආ  ති …. ”

එයා කියන දේ නොතේරුනත් මන් එයාගේ අතේ තිබ්බ චීස් කැටෙන් කෑල්ලක් කෑවේ චූටි ඇගිල්ලකුත් සූප්පු කරගෙනමය. පොඩි බේබිගේම කපාපු පලුව.  කොල්ලගේ කොන්ඩෙත් බෙල්ල ගාවට දිගයි. පොඩි බේබිගේ අම්මයි ලොකු හමුයි දෙන්නම ඇයි දන්නෑ මේ හුරතලේටම වෙනස් කම් කරන්නේ. මයෙ ඔක්කෙන් බැහැපු චූටියා මයෙ කාමරේට එයා ගෙනත් දාපු එයාගෙම සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කරන්න ගත්තේ මාවත් අඩ ගහගෙනමය.

” කොල්ලෝ කොල්ලෝ පුතේ ඩිංගිත්තකට එළියට වරෙන්කො ”

” ඉන්න නැන්දේ එන්නා   ම් ”

කමනි නැන්දා දොර ළගට වෙලා අඩ ගහපු නිසා පැටියවත් මෙතැන ම දාලා කාමරෙන් එලියට ආවා.

” අනේ පුතේ උබට මේ අපේ ගෙදර ඩිංගිත්තකට ගොහින් එන්න බැරිද. මයෙ කොල්ලා තනියම ඉන්නේ.  එකාට මේ බත් පාර්සලේයි කැවිලි ටිකයි දෙන්න හැකිද.  අපේ ගුනේ ලොකු හාමුත් එක්කලා ගමනක් ගොහින් නොවැ ”

” ආ හා හරි නැන්දේ මන් ගිහිල්ලා දෙන්නම් කෝ. ”

අම්මෝ කමනි නැන්දාගේ පාර්සලේ සුවද.  කෙසෙල් කොළේ ඔතපු බත් එකක් වගේ. නුරාදත් එක්කලා පොඩි බේබිගේ කාමරේට යන්න ගියත් මන් දැක්කේ සාලේ පුරාවටම ඉන්න පිරිස.

“  ආ  ති  ති “ 

කොල්ලා කෑ ගහගෙන මගෙ අතත් අතැරලා පොඩි බේබිගේ අම්මා කියලා හිතන්න පුළුවන් ගෑණු කෙනා ළගට දුවන්න ගියත් පොඩි බේබි ඉක්මනින්ම පොඩ්ඩව උස්ස ගත්තත් හරි අර ගෑණු කෙනා කෑ ගහන්න පටන් ගත්තා.

” පොඩි එකා තාම ගොතයි නේ චූටි පුතා. මේ රට කොල්ලා නම් චූටිගේ යාළුවෙක් වෙන්නැති නේද ”

” අම්මේ මේ අප්පච්චිට උදව් කරන්න ආපු කොල්ලෙක්. නිලූෂ ”

” ආ වැඩකාර කොලුවෙක් මොකෑ මේ සාලේ ක………. “

” චූටි තාත්තියේ ……… ”

ලොකු මැණිකේ මගෙ දිහාට නොරිස්සුම් බැල්මකින් කෑ ගහද්දී එක පාරටම අපේ දිහාට මට වඩා ටිකක් බාලයි කියන්න පුළුවන් කෙල්ලෙක් කඩාගෙන බිදගෙන ඇවිත් පොඩි බේබිගේ කරේ ලැග්ගේ මගේ හදට නොරිස්සුමක් එද්දී.

යකෝ පිරිසක් ඉස්සරහ කෙල්ලෙක් මොන විලිසන්ඟයක්වත් නැතිව මෙහෙම ජවුසම් නටන්නේ කොහොමද. අනික මොකක්ද ඒ වචනේ. චූටි තාත්තියෝ චික් විතරක්. ළමයෙක් ඉන්න අප්පෙක්ගේ කරේ නේ මේ බඩ්ඩ ලගින්නේ මේ. ඒත් වැඩි වෙලාවක් ගියේ නෑ තව ටිකකින් මේ පැත්තට ආපු කොල්ලා දැකලා මගේ මොළෙත් කුරුවල් වුනාද කොහෙදෝ. මේ දෙන්නගෙම පෙනුම ගොඩක් ගොඩාක් එක වගේනේ.

” මේ වෙනකම් රස්තියාදු ගහලා ගහලා දෙන්නා හාඩ්ඩෝ දෙන්නෙක් වගේ ඉන්නේ. ගිහින් ඇග හෝද ගන්නවලා ”

” අයියෝ තාත්ති කෑ ගහන්න එපා. නාකි වෙයි ඔයා.  නේද චූටි තාත්ති. ඔන්න ඔයා නම් හිටියටත් වඩා හැන්ඩි වෙලා ”

” අනේ පලයන් කෙල්ලේ බටර් ගාන්නැතුව. අයියේ ඔයාගේ දූ පොඩ්ඩ ගන්න. මයේ කොන්දත් කැඩෙන්න වගේ “ 

අහා එහෙනම් මේ ලොකු බේබිගේ දුවයි පුතයි. දෙන්නා නිවුන්නු. ලොකු බේබිගේ පුතා නම් ආපු හැටියේ නුරාදව වඩාගෙන උම්මා එකකුත් දීලා එලියට එක්ක ගියා.

වලව්වේ ඉදන් කමනි නැන්දලායේ දිහාට එද්දී හොද ගණන්. පැය බාගෙකටත් කිට්ටු වෙන්නැති මන් මෙහාට්ට එද්දී . සුනිල්ලගේ ගෙදරත් කවුරුත් නැති පාටයි.  කමනි නැන්දලාගේ ගෙදර දොර නම් ඇරලා දාලා හැබැයි සද්දයක් බද්දයක් නෑ.  කෝකටත් කියලා දොර ළගට ගියපු මන් ටිකක් උගුරත් පාදලා දොරට තට්ටු කලා.

ම් හ් සද්දයක් නෑ. කොල්ලා මේ සැරේ බෙල්ලවත් කපන්ද දන්නෑ. එහෙන්ම මන් ගේ ඇතුළට රින්ගුවත් හරි චූටි මැටි පැලේ පුදුමාකාර තරම් සනීපයක් දැනුනේ. පොඩි සාලේ කාමරේ ලී පුටු තුනකුයි,  චූටි ලී මේසෙකුයි, පොඩි ලී බන්කුවක් උඩ තිබ්බ පරණ කැසට් එකකුයි විතරමයි තිබ්බේ තවත් චූටි සාලේ කෑල්ලකට යද්දී දෙපැත්තේ කාමර හතරක්ද මන්දා තිබ්බා. අනේ මන්දා මෙහෙම ගේ ඇතුලකට රිංගන එක හරිද මන්දා.  තවත් ඉස්සරහට යද්දී කටුමැටි පොඩි කුස්සි කෑල්ලක් හම්බුනා.  කුස්සියේ පොඩි මේසේ උඩින් කෑම පාර්සලේ තිබ්බ මන් එහෙන්ම කුස්සියේ දොරින් ආවත් හරි දැක්ක දෙයින් බාගෙට මයේ කටත් අරුනා.

අතු පතර විහිදුණු සාමාන්‍ය පොඩි ගහක් උඩ ලී වලින් කරපු ලස්සන චූටි ගෙදරක්‌. ඒ ගෙදරට නගින්න පහළටම එල්ලෙන්න දාපු චූටි ඉනිමන් කෑල්ලකුත් තිබ්බා. දෙයියනේ නුවර ගම්මු ගස් උඩත් ගෙවල් හදලනේ බලන් යද්දී.      මේ සෙල්ලම් ගෙදර ඇතුලවත් පේන්නැතිවෙන්නම වටේටම ලී පතුරු ගහලා. තවත් නම් මට බිමට වෙලා උඩ බලන් ඉන්න බෑ මගේ කකුල් එහෙන්ම ඒ ඉනිමග ළගට ගිහින් පලවෙනි ලීයට අඩිය තිබ්බා. කොහොම කොහොම හරි ඉනිමගත් බදාගෙන මන් හෙමින් හෙමින් සෙල්ලම් ගෙදර ඇතුළට නැග්ගත් හරි දැක්ක දේ නිසා ආපස්සට හැරිලා ඉනිමග දිගේ පහලට බහින්න හැදුවත් පහල බලද්දීම මගේ කකුල් වන්නම් නටන්න පටන් ගන්නවා.

අයියෝ බෑ නේ දෙයියෝ. මට බෑ පහල බලන්නත් බෑ පහළට බහින්නත් බෑ.
මොකද කරන්නේ මන්.

මේ කොල්ලා මුළු සර්වාන්ගෙම එලිය දාන් පස්සත් උඩ දාගෙන කට කපලා බුදි. යකඩෝ කෙල්ලෙක් මේක ඇතුළට රිංගුවොත් නූල් බදින්න වෙන්නේ ඒකීට. කොල්ලෙක් වුනාට මොකො මුගේ පස්ස වට්ටක්කා පලු දෙකක් වගේ.  ලා තලෙලු පාට කොල්ලයේ මූණ පොඩ්ඩක් වත් පේන්නෑ මට . චුට්ටක් කොල්ලගේ මූණ බලන්න කියලා පහලට නැමුනත් හරි කොල්ලා අනිත් පැත්තට හැරුනේ මගේම කරුමෙට.

” මොන පිස්සෙක් ද අයිසේ අනුන්ගේ ගෙවල් වලට රිංගන්නේ .  යනවලා මෙතැ……. ඔ ඔයා ඔ යා දැකලා හුරු යි ”

මාව දැකලා දඩි බිඩි ගාලා නැගිට්ට කොල්ලා එතැනම තිබ්බ උගේ සරමෙන් යට කොටහා වහගෙන ටින් බෙලෙක්කේ ඇර ගත්තත් මට එයාගේ කටහඩ ඇහෙන්නේ හීනෙන් වගේ. මාව දැකපු උගේ ඇස් එන්න එන්න ලොකු වෙනවා දැක්කත් මට කිසිම දෙයක් හිතා ගන්නවත් බැරිව මන් ගල් වුනා.

ලබ්

ඩබ්

ලබ්

ඩබ්

ලබ්

ඩබ්

ලබ්

ඩබ්  ”

අවුරුදු කීයකට පස්සෙද එයාව මන් දැක්කේ. එදා හරි ලස්සනට පිරිලා හිටියත් අද වෙද්දී ඇදිලා ගිහිල්ලා. දැක්ක පලවෙනි බැල්මෙන්ම හිතක ආදරයක් ඇති වෙන්න පුළුවන් නම් මෙන්න සාක්ෂි. 

නළල් තාලෙට වැටිලා තිබ්බ ටිකක් කැරලි ගැහුනු තඹ කොන්ඩේ, වැඩි ඝනකමක් නැති ඇහි බැම, කෙටි ඇහි පිහාටු, තද දුබුරු ඇස්, ලා දුබුරු පාට තොල්, ලාවට නෙරපු උගුරු ගැටේ, තලෙලු පාට කටු බොඩිය දිහා කොච්චර වෙලා මන් බලන් හිටියද දන්නෑ. මගේ ඇස් තප්පර ගානක් ඇතුළත ඒ ඇග පුරාම දුවන්න ඇති.    පොඩි බේබි ගැන තිබ්බ ආකර්ෂණය මට මේ වෙද්දී එහේන්පිටින්ම නැත්තටම නැතිවෙලා යද්දී එදා දැකපු කොලු පැටියව අද දකිද්දී මේ පිරිමි හිතට මහා මොකොක්දෝ කියා ගන්න නොතේරෙන හැගීමක් ආවා. ඒකත් ටිකින් ටික නෙවෙයි   මේ ඉන්නේ ඒ කොල්ලා කියලා මන් අදුර ගත්ත සැනින්.

” ඒ මල්ලි ගිය සතියේ පිහියෙන් අත කපාගෙන ගොඩක් ලේ ගිහිල්ල තිබ්බා. අරුනි හවස වැඩ ඇරලා ගෙදර එද්දී මල්ලිගේ කාමරේ ලී විලක්ලු. කොල්ලා මැරෙන්න තමයි ගිහිල්ලා තියෙන්නේ ”

” ඇයි ඒකා මැරෙන්න ගිහිල්ල තිබ්බේ “

” අනේ මන්දා බන්. කාටවත් ඒකා ඒ ගැන කියන්නෑ. ඕකා හරි ගුප්ත මනුස්සයෙක් ”

( හතර වෙනි චැපියේ මේ කොටස් තියෙනවා )

එදා සුනිල් මාත් එක්කලා කිව්ව කතා ඔක්කොම එකින් එක මතක් වුණත් මන් ආයේ පියවි සිහියට ආවේ මේ කොල්ලා උර හිසට පාරක් ගගපු පාරෙන්.

” ඔයා නේද එදා වැව රවුමේදී මාවත් බිම පෙරලන් වැටුනේ ”

“  ම්   මතකද මාව ”

” ඇයි මන් මැරිලා ඉපදුනා කියලා
හිතුවද ”

ඌ මොන මොනවදෝ දෙඩෙව්වත් මන් තාම ඒකා දිහා බලන් භාවනා කරනවා. කී දවසකට පස්සෙද මන් දැක්කේ ඉතින් මගෙ මල්ලි බබාව.

” ඒක නෙවෙයි ඔයා මොකද මේකේ කරන්නේ ආ..     ඒ……… යී මේ……… ”

” ආ මේ කමනි නැන්දා බත් එකක් දුන්නා “

” ඈ අපේ අම්මා “  මේකාගෙ කියවිල්ල.

” නැත්තන් අපේ අම්මාද ”

එතැනින් පටන් ගත්ත අපේ කතාවට පැයකටත් කිට්ටු වෙන්න ඇති.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
..
.
.
.
.
.

.
.
.
.
.
.
.
.

.
.
.
.

.
.
.
.
.
.
.
.
.
.
.

” චූටි බාප්පි ආ…    නුරාද ඔයාවද කොහෙදෝ හොයනවා ”

අයියත් එක්ක කයියක් ගගහා ඉද්දි අයියගේ පුතා දෙනුවන් මයේ මැණිකවත් උස්සන් ආවා. අපෙ අම්මෝ පැටියගේ මූණ මහන්සියටම මැලවිලා. නිලූෂ කමනි නැන්දලායේ දිහා ගියපු පාර තාම වලව්වට ආවේ නෑ.

” ඈ බන් පොඩ්ඩට තාම හොද කර ගන්න ක්‍රමයක් හොයා ගන්න බැරි වුනාද ”

” මන් නොගිය තැනක් නෑ බන් කොල්ලව අරන්. අනේ මන්දා මයේ පැටියා වචනයක් වුණත් හරි අමාරුවෙන් කියන්නේ ”

” කොල්ලට රන්දුනි නැති අඩුවත් දැනෙනවා ඇති බං. කොහොමත් දරුවෙක්ට අම්මෙක් නැති අඩුව කොහෙන් කියලා පිරෙන්නද ”

” ඒවුනාට මන් මයේ කොල්ලට මොනවායින්වත් අඩු පාඩුවක් වෙන්න දෙන්නෑ. ”

” හරි හරි බන් එහෙම මොකුත් කියන්නෑ. මන් නිකම් කිව්වේ ”

නුරාද මයේ පපුවේ මූණ ඔබන් නිදි කිර කිර හිටපු නිසා පැටියවත් අරන් මගෙ කාමරේට එන්න ආවේ ඇදේ හාන්සි වෙන්නත් එක්කමයි. මයෙ මැණික වලස් පැටියෙක් වගේ මාව බදන් නිදි. ඇස් දෙක පියා ගත්තත් හරි මට මතක් වෙන්නෙම නිලූෂ.

” පො ඩි  බේබි නැගිටින් න. ලොකු මැණිකේ මේ කිරි එක දෙන්න කිව්වා. ”

පැටියත් එක්කම නිදා ගෙන හිටිය මන් නිලූෂගේ කටහඩින් නැගිට්ටා. මන් නැගිටලා නිලූෂගේ අතින් කිරි එක ගත්තත් හරි මෙයා කවදාවත් නැතිව නිදා ගෙන ඉන්න පැටියටත් බැල්මක් දාලා ඉක්මනින්ම කාමරෙන් එලියට යන්න ගියත් මන් කතා කරපු නිසා එයා නතර වුනා. එයාගේ ඇස් වල වෙනදට මන් කතා කරද්දී දැක්ක දිලිසීම දැන් මට පේන්න තිබ්බේ නෑ.   ඇයි ඒ…….

” පොඩි බේබි මට කතා කරේ  ”

නිහඩව මන් එයා දිහාම බලන් හිටිය නිසාද මන්දා එයා මට කතා කරා. හරියට එයාට මන් ඉන්න කියපු නිසා වෙලා යනවා වගේ.

” මේකෙන් ටිකක් බීලා බලන්න ”

” ඈ……..      බේබි මන් කමනි නැන්දා එක්කලා කිතුල් හකුරු එක්ක කිරි කහට එකක් බිව්වා නේ.

මගෙ කිරි එකෙන් ටිකක් උට‍ බොන්න කියද්දී ඒකා කලින් බිව්වලු    ඒ කියන්නේ උට‍ මයෙ කිරි එක එපා කියලනේ මේ නොකියා කියන්නේ.  මට මහා නොරිස්සුම් හැගීමක් දැනෙද්දී  කිරි එකෙන් උගුර දෙක තුනක් බිව්ව මන් එහෙන්ම ඇදෙන් නැගිටලා ඌ ළගට අඩියෙන් අඩිය ගියපු මන් ගෑවෙන නොගෑවෙන තරමේ ළං වුණත් වෙනදට මන් වෙනුවෙන් ගැස්සෙන දිලිහෙන කළු ඇස් හරි සාමාන්‍යයි, නිහඩයි.

” නොකියා කියන්නේ බොන්න බෑ කියලා ද   ම් “ 

මන් එහෙම කියද්දී නම් කොල්ලා ටිකක් ගැස්සුනා.

” නෑ බේබි මගෙ බඩ පිරිලා ඒකයි කිව්..”

” ඇයි අද පරක්කු. මෙච්චර වෙලා කමනි නැන්දලයේ දිහා මොකෝ කරේ ”

” කමනි නැන්දගේ පුතා නිර්මලත් එක්කලා කතා කර කර හිටියේ බේබි. ”

“  ම්  මට ඇති. ඉතිරි භාගේ බොන්න බැරි නම් විහික්කරලා දාන්න ”

එහෙම කියපු මම් මයෙ කිරි මග් එකත් දිලා එයා බලන් ඉද්දැද්දීම වොෂ් රූම් එකට රිංගුවා. මෙච්චර කල් තනිකඩව හිටිය නිසාද මන්දා දැන් දැන් මගෙ හදුන්පොතත් පිස්සු කෙලින්න පටන් ගන්නවා.
විරාජ් අහස්‍ය මනමේන්ද්‍රන් උබ කොල්ලෙක් නෙවෙයි දැන් පුංචි පැටියෙක් ඉන්න අප්පච්චියෙක්. සමහර විට නිලූෂ ටිකක් ලෝරාගේ වගේ පෙනුම නිසාද මන්දා මට එයා ගැන මේ විදිහට හැගීම් ඇති වෙන්නේ.

අද නම් අපේ කෑම මේසේ පිරිලා ගිහිල්ලා තියෙන්නේ පවුලේ අයගෙන්.

“  අ ප ති   “ 

මයෙ පැටියා අප්පච්චි කියලා පපඩමක් දික් කරද්දී අප්පච්චි නම් නුරාද දිහා නොපහත් බැල්මෙන් බලන් හිටියත් පැටියගේ කම්මුලකුත් ඉඹලා දික් කරන් හිටිය පපඩම කරස් ගාලා කැවා.

” කමනි ආන්ටිගේ පොලොස් නම් රසා ආ ආ ආ යී….. ”

දෙව්මි එක එක එව්වා කිය කිය කෑම කෑවත් දෙනුවන් නම් වැඩි කතාවක් නැතුව කෑම කන්නේ හරියට අපෙ අප්පච්චි වගේ.

උදේන්ම ස්කෝලෙට ආපු මට දෙව්මියි දෙනුවනුයි ඉන්න නිසා නුරාදව ගෙදර තියෙලා එන්න පුළුවන් වුනා. නිලූෂත් අද උදේන්ම සෝමේලත් එක්කලා තේ වත්තේ වැඩට ගියේ යන්න කලින් මයෙ කාමරේටත් ඇවිල්ලා පුතත් එක්කලා ටිකක් ඉදලමයි. පුතාගෙයි නිලූෂශගෙයි කෝලම් ටික දැක්කයින් පස්සේ නම් ඊයේ මයෙ හිතේ තිබ්බ නොරිස්සුමත් ටිකක් අඩු වෙලා ගියා. නිලූෂ ඇග පතෙන් කොච්චර ලොකු වුණත් නුරාදත් එක්ක ඉද්දි පොඩි එකෙක් වගේ.

විද්‍යාව උගන්නන්න ගුරුවරයෙක් වුනු මන් දොළහා ශ්‍රේණියට පන්ති භාර වුණා. මන් පන්තියට එනවා දැකපු ඩෙස් උඩන් වල ඉන්න කොල්ලෝ ටිකක් උන්ගේ බජව්වත් නතර කරලා එයාලායේ පුටු වලින් ඉද ගත්තේ මගෙ මුවගට හීන් හිනාවක් ඇදෙද්දී.

“  සර් ආර්ට් එකේ උන් පෙරේදා ට්‍රිප් එකක් ගියා. අපිත් යමු කෝ සර් ”

“  අනේ ඔව් සර් යමුකෝ ”

මේ පැත්තෙන් කොල්ලෝ ටික ට්‍රිප් එකක් යමුයි කියද්දී අනිත් පැත්තෙන් කෙල්ලෝ ටිකත් කෑ ගහන්න පටන් ගත්තා.

” හරි ළමයි… මන් ලොකු සර්ගෙනුයි අනිත් ගුරුවරු ටිකගෙනුයි අහලා බලන්නම්කෝ..  ඊට කලින් කියන්න කෝ මේ නෝනමහත්වරු ටික කොහෙද යන්න කැමති කියලා ”

මට එහෙම කියලා කට ගන්න වුන්නෑ මුන් ටිකට මන් ඉන්නවද කියලාවත් ගානක් නැතුව කෙල්ලොයි කොල්ලොයි මරා ගන්න යනවා.

” අපි නුවර එළියේ යා… මූ… ”

” පිස්සු ද වැස්සියේ අල්ලපු ගම්මාන වලට යන්න දගලන්නේ. ඇයි උබේ මිනිහා නුවර එළියෙද “

” අනේ මේ උබගේ අර දහය වසර ඉන්න කඩිකුලප්පුලි ගැන මගෙන් අහගන්න තමයි ඔය යන්නේ ඉතින් ”

” ගෑණියි මිනිහයි වගේ මරා ගන්නැතුව ඉදපියකෝ. අපි යාපනේ යමු සර් ”

” අහා කිවියෝ තන්ගච්චි කෙනෙක් සෙට් කර ගන්න නේද ලෑ… ”

” මන් කිව්වා කියලා හිතා ගනින් à·„à·”.. නෑ මේ…. ”

“  කෑ ගහන එක නතර කරහන් ළමයි. පස්සේ කතා කරමු ඔය ගැන. දැන් ගන්න පොත් ටික. පාඩම පටන් ගමු ”

මුන්ගේ ලැට් කටවල් ටිකට කෙලවරක් නැති නිසාම මන් පාඩම පටන් ගන්න හැදුවත් හරි මුන්ගේ මූණු ඇද වෙලා ගියා.

              ……………………….

  ගිහිල්ල එන්නම් යාලූ

  බුදුසරණයි හැමෝටම 🙏🙂

       ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හය වැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හය වැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හය වැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හය වැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හය වැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හය වැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 7