À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටතුන්වැනි කොටහා

A+ A-

” අලේ අප්පත්ති…… කු කු යන්ත දෙන්තකු අයියූ……… “

” ඇයි දැන් අප්පච්චිව පැටියට එපා වෙලාද ආ යන්න දගලන්නේ. චූටි අප්පච්චි එක්ක නම් ඉදියි දවසෙම “

” අලේ මත තූ බලයි අප්පා. කෝද ඉතින් ඔලා මාව මිලිකන්තේ ඉන්තෙ අප්පත්ති “

කොල්ලාට චූ බරේ නිසා තමයි එහෙනම් මෙච්චර මේ කුණු කුණු ගෑවේ. මන් අත ඇරියත් හරි වෙඩිල්ලක් වගේ දුවන් ගියේ ඉස්සරහ මිදුලට. මන් දන්නවා දැන් යන්නෙ රෝස පාත්තියට කියලා. කට කැඩෙන කම් ටොයිලට් එකට යන්න කිව්වට වැඩක් නෑ කොල්ලා චූ කරන්නේ රෝස පාත්තියේ.

” හරිද දැන් සනීපද “

” ඕ අලේ ගුදක් සනීපයි “

දුවගෙන දුවගෙන ආපු පැටියා ආයේ පැන්නේ මයෙ ඔක්කට වෙද්දී මන් පැටියව මයෙ අස්සට ගත්තේ ඒ කම්මුල් වලටත් හාදු දිදී. දැන් දැන් නම් පැටියගේ හුරතලෙත් වැඩි. පැටියගේ චූටි අප්පච්චි වගේ මන් වැඩිය නුරාදව හුරතල් කරන්නැති තරම්. මයෙ පපුව අස්සේ ඔලුව ගහන් හිටපු පැංචගෙ කඩාගෙන හැලෙන සිනිදු කළු කොන්ඩේ මයෙ ඇගිලි ගෙනියන ගමන් මන් කල්පනාවකට වැටුනේ අප්පච්චි අප්පු ගැන නැත්තම් මයෙ පැටියගේ කලින් ආත්මේ ගැන කියපුවා මට මතක් වෙද්දී. ආයේ නම් මයෙ රන් කදට අප්පච්චිලා දෙන්නගේ හුස්ම වැටෙනකම් කොයිම අඩුපාඩුවක් වත් කරන්නෑ.

” නුරාද….. පැටියෝ කමනි ආච්චි අම්මි තනියම කුස්සියේ වැඩ. මා පුතත් ගිහිල්ලා ආච්චි අම්මිත් එක්ක කතා කර කර ඉන්නකෝ….. “

පැටියා අපෙ කටවල් දිහාම බලන් ඉන්න නිසා මන් පැටියව යැව්වේ කුස්සියේ පැත්තට.

” ඇයි අප්පු පැනලා ගියේ අප්පච්චි “

” කුස්සියේ වැඩ කරන එක ඇත්තටම පොඩි එකෙකුට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි පොඩි .  ඉස්සර අපෙ අම්මා පුළුවන් තරම් අප්පුගෙන් වැඩ ගත්තා. අප්පුට අවුරුදු දාසයක් දාහතක් වගේ වෙද්දී වලව්වේ දර පැලුවේ ඉව්වේ රෙදි හේදුවේ ඔක්කොම වැඩ කරේ අප්පු. අම්මා වැඩිය වලව්වේ ඇතුළේ වැඩට වැඩ කාරයෝ ගත්තෙම නෑ අප්පු ඉන්න නිසා. කොහොම හරි උබේ අම්මා මයෙ මැණිකේ මේ වලව්වට ආවයින් පස්සේ තමයි අප්පු පැනලා ගියේ වලව්වෙන්. අපෙ අම්මයි මයෙ මැණිකෙයි අප්පුට වෙනස් කම් අරියාදු කම් කරද්දී උට ඉවසන්න බැරි වෙන්න ඇති පොඩි. කවුද කැමති හැමදාම ගුටි කකා ඉන්න “

” ඇයි ඔයාලට කිසිම හිතක් පපුවක් නැත්තේ ආ. එච්චර පොඩි ළමයෙක් මොන වරදක් කරාටද අප්පච්චි අප්පුට ඔච්චර දේවල් කරේ… පොඩ්ඩක් වත් අනුකම්පාවක් හිතුන් නැද්ද. හරි ඒකත් එහෙමයි කියමුකෝ. කොහොමද අපෙ පැටියට අප්පු කියලා කතා කරන්නේ අප්පච්චි. ඒකෙයි අපෙ කොල්ලගෙයි සම්බන්දෙ මොකක්ද. අනික කවුද පැටියට මෙහෙදි අප්පු කියලා කතා කරන්නේ “

මට මතක් වුණේ නුරාදව. මොකද එයාට එදා කවුරුහරිම අප්පු කියලා කතා කරලා තිබ්බා.

” උබේ අම්මා. මෙහෙ උබේ අම්මා තාම ඉන්නවා. එයා තමයි පොඩි…  නුරාදට අප්පු කියලා කතා කරන්නේ “

” අ පෙ අම්මා……. එයා ඉන්නවා “

” ඔව් හැබැයි දැන් නැහැ පොඩි.  වෙද රාළ මහත්තයයි මායි දෙන්නම පූජාවක් කරා. ඒක කරද්දී ආයේ මයෙ මැණිකෙට මේ වලව්වට එන්න තියා කිසිම මනුස්සයෙක්ට හානියක් කරන්න බෑ…… ඒකී කලින් කොහෙවත් ගිහිල්ලා හිටියේ නෑ පොඩි. මෙහෙමයි හිටියේ. මන් ඕනී තරම් දැකලා තිබ්බා.  දැන් ඒකත් ඉවරයි පුතා “

මොනාද මට මේ ඇහෙන දේවල්. ඒකට ද දන්නෑ මට එදා අම්මව හීනෙන් පේන්න ඇත්තේ . දුකයි මගෙ අම්මා ඒ වගේ තැනක ඉපදිලා ඉන්නවා කියලා හිතෙද්දි. ඒත් අම්මා අර වගේ අහිංසකයෙක්ට එහෙම කරා කියලා හිතෙන කොටත් මට කේන්ති හරියට

” ඇයි ඉතින් අම්මා මගෙ දරුවට අප්පු කියන්නේ. ඇයි අම්මට මගෙ දරුව ගැන එච්චර තරහක් තියෙන්නේ අප්පච් “

“  පුතා ආපු ගමන්මනේ ඉන්න පොඩ්ඩක් මන් කමනිට කියලා බොන්න ම්…… “

.

” අප්පච්චි…… කියන්න මන් ඇහුව දේට උත්තරේ “

නැගිටලා යන්න හදපු අප්පච්චි ආයේ පුටුවේ ඉද ගත්තේ ලොකු හුස්මකුත් පාත දාලා.

” පුතාට මතකද නුරාද බඩ ගාන කාලේ “

” හොදට මතකයි “

මන් හිතන්නෑ අප්පච්චි කෙනෙකුට තමන්ගේ දරුවා බඩ ගාන කාලේ අමතක වෙයි කියලා .  මට තාම හොදට මතකයි පැටියා බඩ ගගා බඩ ගගා හරියට පුරුදු කාරයෙක් වගේ වලව්ව හැමතැනම යනවා.

” උබට මතකද ඒ කාලේ නිතරම නුරාද ගිහිල්ලා හයියෙන් අඩන කාමරයක් තිබ්බා “

” ඔ ව් අප්ප ච්චි. පැටියා එදා මාලේකුත් අතේ තියන් ඇඩුවා මතකයි.  “

අප්පච්චි කිව්වා හරි. ඉස්සර නුරාද වැඩි පුරම බඩ ගගා යන්නෙම පරණ පොඩි කාමරේකට. බැරිම තැන තමයි ඒකට අගුළු දැම්මේ අපි .

” ඒ කාමරේ තමයි අප්පුගෙ කාමරේ. නුරාද නිතරම ගියේ අප්පුගේ කාමරේට.  දවසක් පොඩි ඉස්කෝලේ ගියපු දවසක පොඩි එකාව බලවන්න ගියා වෙදරාළ ළගට. එතකොට තමයි අපිත් දැන ගත්තේ නුරාද ඒ අප්පු කියලා. “

” ම් මොකක් එහෙම කොහොමද හරියටම කියන්නේ අප්පච්චි ඒ අප්පු කියලා. අනික ව්….. “

” නුරාද හරි ලේසියෙන් අප්පුගෙ බඩු අදුර ගත්තා පුතා. ඒකෙනුත් තමයි අපිත් හරියටම දැන ගත්තේ. අනික වෙද රාළ කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි පොඩි.  කිව්වොත් දෙයක් වරදින්නෑ වෙද රාළට “

කුස්සියේ පැත්තෙන් මට නුරාදගේ කටහඩ ලාවට ලාවට වගේ ඇහුනත් යට ගියපු සේරම මට එකින් එක මතක් වුණා. පොඩි කාලේ ඉදන් ඒකයි මගෙ දරුවට අම්මා අච්චර වෙනස් කම් කරේ. අප්පච්චිත් ඉස්සර ඒ තරම් හිත හොද කමක් තිබ්බෙම නෑ නුරාද ගැන. එහෙනම් ඒකයි ඔක්කොටම මුල.  ඒත් අප්පු ඇයි නැති වුණේ.

” අප්පච්චි ඇයි අප්පු නැති වුණේ “

” පැනලා ගියේ සියදිවි නසා ගන්නද දන්නෑනේ පොඩි. නැත්තම් මැරෙන්න තරම් මොනා හරි නස් බැද්දියක් වුනාද කියලා දන්නේ කව්දා. ගියා ගියාමයි ආයේ උගෙ හෙවනැල්ලක් වත් දැක්කේ නෑ පොඩි. “

මයෙ ඔලුවට කුළු ගෙඩියකින් ගැහැව්වා වගේ හැගීමක් දැනුනේ එවලේ . මේ වලව්ව ඇත්තටම ජරාවක්. මන් වලව්වේ මනුස්සයෙක් කියලා කටක් ඇරලා කියන්නත් ලැජ්ජයි. ඇයි ඒ අප්පුට කලින් කවුරුත් ම ආදරේ වත් කරලා නැත්තේ.  මොන තරම් තනිකමෙන් ඒ පොඩි දරුවා ඉන්න ඇත්ද “

මගෙ දරුවට මගෙ අස්සෙම නින්ද ගිහිල්ලා. දැන් නම් මයෙ පැටියට පෙර ආත්මේ මතකවත් නැතිව ඇති.  ඒ මතක නැති තරමට හොදයි. දැන් තියෙන්නේ පැටියට හරි ලස්සන ජීවිතයක්. මගෙ පුතාට අම්මෙක් නැති වුණාට මොකද ඉතින් අපි දෙන්නම පැටියට දැන් ඉන්නවා. අප්පුගෙ ජිවිතේ නම් තනිකරම දුක්ඛිතයි. ඒ මයේම දරුවා කියලා මතක් වෙන මතක් වෙන සැරේට මයෙ පපුව ඇදුම් කනවා වගේ.

මයෙ ඇගට දැනුනේ හුරු පුරුදු උණුහුමක්. ඇස් ඇර ගන්න ඕනී කම තිබ්බත් මන් එහෙන්ම හිටියෙ මයෙ ඔලුවට හරි සනීපයක් දැනෙද්දී.

ඇස් ඇරියත් හරි මන් බැලුවේ ඉන්නෙ කොහෙද කියලා වෙද්දී ලා කනා මැදිරි එළියෙන් මට පෙනුනේ අපෙ කාමරේ. පිරිත් සද්දෙත් ඒ අස්සේ ඇහෙනවා. ඇද උඩ හිටපු මන් දැන් තමයි වෙලාව දැක්කේ. නියමයි පාන්දර තුනයි. එහෙන්ම පහළ බලද්දී චූටි අප්පච්චියි එයාගේ වදුරු පැටියයි .  මාව ඇදේ තියලා දෙන්නා හොදට බුදි. නිලූෂ පැටියගේ පපුව අස්සේ මූණ ඔබන් ඒ ඇගට තඩි අතකුත් දාන් ඉද්දි කොල්ලත් එයාගේ චූටි අප්පච්චිගෙ ඔලුව බදන් නිදාගෙන ඉන්නෙ හරියට එයත් මහ උන්දෑ කෙනෙක් වගේ.

” ඇයි ඊයේ රෑ මාව ඇහැරෙව්වේ නැත්තේ….. “

” හොදට නිදා ගන්න දෙන්න ඕනී නිසයි මයෙ හාමු මහත්තයව ඇහැරෙව්වේ නැත්තේ “

හරි ශෝක් මයේ අලි පැටියා. මන් ඊයේ අප්පච්චි කිව්ව‍ දේවල් ආයේ නිලූෂට දැන් කියන්න ගියේ නෑ. පස්සේ හිමීට කියනවා. 

මයේ නිලූෂ දර පලන කම් මන් පොඩි පොඩි දර කෑළි අහුල අහුල දැම්මේ පෝරණුවට. නුරාදත් දර කෑළි අහුලන්න ආවත් මන් එයාට ඈතින් ඉන්න කිව්වේ රට ඉදි මල්ලකුත් දීලා. කොල්ලා රට ඉදි කකා මොකක්දෝ සින්දුවකුත් කියනවා.

“  දෙන්න දැන් මන් පලන්නම් “

” නෑ නෑ එපා හාමු. ඔයා මේ ටික ගෙනහිල්ලා දාන්නකෝ. “

” ඇයි එපා කියන්නේ…. මෙන්න මෙහෙ දෙන්න නිලූෂ. පුළුවන් නම් තේ එකක් වක් කරන්නකෝ තිබහයි මට . ආ සීනි අඩුවෙන් හැබැයි “

” පරිස්සමින් හැබැයි දර පලද්දී “

” අයියෝ ඔහේට මාව පේන්නෙ පොඩි එකෙක් වගේද බන් නිලූෂ ආ…. පණ්ඩිත කම් දාන්නැතුව ඉගුරු දාපු තේ එකක් ගිහිල්ලා වක් කරන්න  මන් මේ ටික පලනකම් “

එයාගෙන් පොරව ගත්ත මන් ලොකු ගැම්මක් අරන් ගැහැව්වේ කොටේ උඩ තිබ්බ ලී කෑල්ලේ කෙළවරකට වෙද්දී මයේ ඇස් නිලන්කාර වෙලා යන්න වැඩි වෙලාවක් ගියේ නෑ. ලාවට වගේ කටහඩවල් ටිකකුත් ඇහුනා ඇහුනා වගේ වුණත් මට දැනුනේ ලොකු සැහැල්ලුවක් මෙන්ම දැන් නම් දැඩි නිහඩ බවක්.

” නෑ පුතා බය වෙන්න එපා. ඇහැටත් මොකුත් වෙලා නෑ. තව ටිකකින් සිහිය එයි. ටිකක් වාඩි වෙලා ඉන්නකෝ “

” තූති අප්පත්ති…. මදෙ අප්පත්තිත් කිලි අම්මා වදේ මැලෙයිද තූති අප්පත්ති…. අයි ඕම බාන්නේ… මත ගුදක් බා හිතෙනෝ නේ ….. “

” සිහිය ආවාදෙන්කෝ පැටියගේ අප්පච්චිට මන් තමයි දෙන්නේ මැරිල වැටෙන්න. එසේ මෙසේ පණ්ඩිත කමක් නෙවෙයි ඔලුවට ගහලා තියෙන්නේ දැන්. තාම මයේ ඇග වේව්ලනවා “

” ඒත නම් අත්ත තූති අප්පත්ති….. අප්පත්ති ගුදක් පන්දිතයි අලේ.  මාත් ගානවා පත්ත ලත් වෙන්ත ගුති දෙතක්. මත තාම බා හිතෙනෝ තූති අප්පත්ති “

නහයට සැර බෙහෙත් ගදක් දැනෙද්දී ඒත් එක්කම මයේ ඔලුව පුපුරන්න වගේ ආවේ ලොකු වේදනාවක්. ඇස් පිහාටු ඇලවිලා ඇලවිලා වගේ තිබ්බත් පුළුවන් උපරිම ශක්තියක් අරන් ඇස් ඇරියත් හරි මන් දැක්කෙ වටේ ඇදන් උඩ ඉන්න මිනිස්සු. මන් ඇයි මේ ඉස්පිරිතාලේ.

” හාමු දැන් කොහොමද ඔලුව රිදෙනවද “

” දෙයියනේ නිලූෂ….. ඔහොමද මනුස්සයෝ තමුසේ ඉස්පිරිතාලේ ආවේ ආ….. කාට පේන්නද ඔහොම ආවේ. යටටත් නෑ උඩටත් නෑ. පපුවේ භාගයක්ම එළියේ දාන්. ඒකත් හරියි කියමුකෝ. මොකද ඔය වැඩට අදින කොටේ ගහන් ආවේ ආ….. තව පොඩ්ඩක් කොට වෙන්න තිබ්බේ වට්ටක්කා පලු දෙකත් බලා ගන්න පුළුවන් අනිත් උන්ටත් . මොළයක් ක්…. “

” ශ් කට කට… “

” ම් ම්… න්.. “

නිලූෂ ඉන්න විදිහ දැකපු මට ඇත්තමයි පපුවේ කැක්කුම හදුන්නැති එක විතරයි වුනේ. මන් ඒවා කියද්දී ඇත්ත අහන් ඉන්න බැරි කමට කරන්න පුළුවන් ලේසිම වැඩේ කරලා අහිංසකයා වගේ වටපිට බලනවා.

” ගෙදර නෙවෙයි ඉස්පිරිතාලේ මේ ඉන්නෙ “

ඒක මන් දන්නවා තමයි මනුස්සයෝ. ඒත් පොඩ්ඩක් ඉන්න ඉස්පිරිතාලේ. ඒ තප්පරෙන් මයේ ඇස් ලොකු වෙලා කටත් ඇරුනා වෙද්දී නිලූෂගෙ අත මයේ කටින් අහකට අර ගත්තේ ආයෙමත් වට පිට බලලා.  දර පල පල නේද හිටියේ මන්

” ඇයි මේ මන් ඉස්පිරිතාලේ “

මෙච්චර වෙලා තිබ්බ ඒ අහිංසක මූණට ලේ පිරෙද්දී මන් බැලුවේ මුට මොකද මේ වෙලා තියෙන්නේ කියලා.

” දර පලලා තමයි ඔච්චර වින්හැයියක් කරගෙන තියෙන්නේ. තව පොඩ්ඩෙන් වම් ඇහැක් නැතුව තමයි ඉන්න වෙන්නේ. මොන මෝඩ හරකද කියන්නකෝ දර කොටේ කෙළවරට ගහන්නේ ආ… දන්නෙම නැද්ද එතකොට අනිත් කෙළවර එන්නෙ තමුන්ගේ මූණට කියලා. ඇත්තමයි එවලේ බිම වැටිච්ච විදිහ මතක් වෙද්දී තාම මයේ ඇග කිලි පොලා යනවා හාමු . ඒ අස්සේ තමුසේ මෙතන රෙද්දක් ගැන කියවනවා. ආයේ එහෙම කරන්න බැරි දේවල් කරන්නැතුව ඉන්න “

මයේ මූණටම එබිලා හරි  හෙමීට වුණත් තදින් එහෙම කියවගෙන කියවගෙන ගියපු එයා මයේ නළල දිහත් බලලා ගියේ එළියට. එහෙම තමයි ඉතින් මිනිස්සුන්ට වැරදි වෙනවා. එච්චර ඒකට කෑ ගහන්නේ මොකටද මන්දා නිකන් පිස්සු තද වෙලා වගේ. වටා පිටාවේ හිටපු මිනිස්සුත් ඉන්නෙ මන් දිහා බලන්. හරියට මන් මෙතන ලෝක විනාසයක් කළා වගේ.

          💥💥💥💥💥💥💥💥💥

හවස හතර වෙද්දී අපි ආයේ ආවේ ක්වාටස් එකට. හාමුගේ නළල සම්පුර්ණ ඔතලා.   මන් පොරව දීලා එයා පලනකම් ටිකක් ඒ දිහා බලන් හිටියා විතරයි මයේ හාමු මහත්තයා දර කොටේ තිබ්බ ලී කෑල්ලේ කෙළවරකට පොරවෙන් ගැහැව්ව පාර ලී කොටේ පැත්තක් වැදුනේ ඒ නළලේ. හාමු ලේ පෙරෙන ඔලුවත් අල්ලන් වැටෙන්න ගියත් මන් ඉක්මනට හාමුව එහෙන්ම අත් දෙකට අරන් නුරාදවත් එක්කරන් ගියේ පාරට. මට ඇදගෙන හිටපු ඇදුමවත් නෙවෙයි මට මතක් වුණේ.

” අප්පත්ති…… ඔලා බයියන් බීලා බයි ගන්ත. මන්  ඔලුව තුත්තක් අල්ලන්නත “

” එපා පැටියෝ අප්පච්චිට එච්චර අමාරුවක් නෑ වස්තු “

මයේ හාමු මහත්තයා හාල් හෝදනකම් ඒ බැම්මේ උඩ හිටගෙන පොඩ්ඩා කියවනවා . කොහිල දළු එක ලිපේ තියලා තක්කාලි ගෙඩියකුයි තම්බපු කොස් ඇට ටිකකුයි දාලා මන් ආයේ ගියේ හාල්මැස්සෝ කඩන්න.

” ඉතිරි ටික මන් කර ගන්නම් හාමු. පහන තියන්න මල් කඩන්න දැන් රෑ වෙන්න කලින් “

හාමු  ගියාට පස්සේ මන් ආයේ පටන් ගත්තේ හාල්මැස්සෝ කඩන්න. මෙච්චර වෙලා හාමු අස්සෙම දැවටි දැවටි හිටපු නුරාද ඇවිල්ලා මයේ මූණට එබුනේ මොකක්දෝ ලොකු කතාවක් කියන්න වගේ.

” තූති අප්පත්ති බිත්තලයත් ඕලි මත “

” හාල්මැස්සෝ කැවෙන්න ඕනී පැටියෝ. මන් බිත්තරෙකුත් තම්බලා දෙන්නම්. හැබැයි මේවා චුට්ටක් කන්න ඕනී හොදද “

” හබයි සා අදුවෙන් තුත්තක් හාත මදෙ තූති අප්පත්ති……. “

” සැර අඩුවෙන් තමයි පැටියෝ මන් හදන්නේ….. හැබැයි බන්ඩි ගෙඩිය ඩෝලේ වෙන්න කන්න ඕනී හරිද ම්….”

නිදා ගන්න යන්න කලින් මන් කබඩ් එක ඇරලා ගත්තේ මයේ හාමු මහත්තයගෙ නළලට ගාන ක්‍රීම් එකයි බෙහෙත් ටිකයි. වතුර බෝතලේ නම් ඇද යටම තියෙනවා.

” ඇයි මේ “

” අමතක වුනාද….. රෑට නිදා ගන්න යන්න කලින් මේක ගාන්න කිව්වා “

ඇදේ හාන්සි වෙලා හිටපු හාමු මහත්තයා ඇදේ ඉදගද්දි මන් ඒ රෙදි පටි ටික ගලවලා තුවාලෙට පරිස්සමින් බෙහෙත් දැම්මා.

ඇහේ ඇහි බැමත් තුවාල වෙලා. හොද පාරක් තමයි වැදිලා තියෙන්නේ. කවදාවත් මයේ පොඩි බේබී පොරවක් අල්ලලා නැතුවද කොහෙදෝ උදේ දර පලන්න මයෙන් පොරව ඉල්ල ගත්තේ.

” න් නිලූෂ…. උදේ ම් මේ මන් කට්ටිය ඉස්සරහ කෑ ගැහැව්ව එකට සමාවෙන්න “

බෙහෙත් ක්‍රීම් එකත් පැත්තකින් තිබ්බ මන් බිමට හැරිලා තිබ්බ ඒ මූණ උඩට උස්සලා මාත් එබුනේ මයේ හාමුගේ මූණට. නහයට නහය ගෑවෙන තරමට අපෙ අපේ හුස්මවල් එකි නෙකට ගැටෙන තරමට දුරින්.

” මයේ හාමු මහත්තයට වඩා මන් බාලයි තමයි. ඒකත් අවුරුදු දහ නවයකින්. හැබැයි පොඩි බේබිගෙ මහත්තයා සැමියා වෙන පිට කවුරුත් නෙවෙයි මේ මන්. නිලූෂ සත්සර කියන මන් විරාජ් අහස්‍ය මනමේන්ද්‍රන්ගේ සැමියා. ඒක මේ ඔලු ගෙඩියෙම මතක තියා ගන්න හාමු. කට්ටියක්‌ ඉස්සරහ මට කෑ ගහන්න කලින් දෙපාරක් තුන් පාරක් නෙවෙයි සිය දහස් පාරක් හිතන්න. මයේ හාමු මහත්තයා මන් විතරක් ඉන්න තැනදි ඔහොම වාචාල වෙන්න . හැබැයි කට්ටියක්‌ ඉස්සරහ වාචාල නොවී ඉන්න. තමුන් ආදරේ කරන අයට වාචාල කම් කරන් නැතුව ඉන්න. මොකද වාචාල කම හරි කැතයි. ආයේ ඔහොම ඔය විදිහට කට්ටියක්‌ ඉස්සරහ මට කතා කරලා තිබ්බොත් නම් හාමු………. මයේ මේ අත මයේ හාමුගේ කම්මුලේ තියෙයි ඊලග පාර . මොකද එවලෙට මට ඉවසන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා මන් වත් දන්නැති නිසා. ආයේ ඔහොම දෙයක් නොවෙන්න මයේ හාමු මහත්තයා වග බලා ගන්න ඕනී තේරුනාද ම්……. මේ සැමියට දැන් නම් වයස් සීමාවක් අදාළම නෑ. ඒ නිසා පුළුවන් නම් මයෙ හාමු මන් ගැන ඔයිට වඩා ටිකක් හිතන්න…….. ආදරේ කරද්දී අපි ඒ අයගේ මානසික සතුට ගැනත් ඒ අයගේ හැගීම් ගැනත් තේරුම් ගන්න එපැයි නේද. ආවට ගියාට ආදරේ කරා කියලා හරි යන්නෑ නේ මයෙ හාමු. එදත් කිව්වා මන් අදත් කියනවා මන් මයෙ මෙතැන අරක් ගෙන ඉන්නෙ මයෙ හාමු මහත්තයා. සින්නක්කරව අයිති වෙලා තියෙන්නේ මයෙ හාමු මහත්තයට.  ඇබ්බැහි වෙන තරමට මයෙ වස්තුව වෙලා තියෙන්නෙම මයෙ හාමු මහත්තයම තමයි. අපි දෙන්නම චූටි චූටි අඩුපාඩු ටිකත් හදා ගෙන මේ ගෙවිල යන තප්පරේ වුණත් ආදරෙන් ඉමු. මන් කැමති මයෙ කියන එකාට ලෝභ නැතුව ආදරේ දෙන්න . ඒවාගේම එකාගෙන් මන් බලාපොරොත්තු වෙන්නෙත් ඒ වගේම ආදරයක්. මොකද මයෙ කියලා එක්කෙනෙක්ට කියලා ඉන්නෙ ඔයා නෙ මයෙ හාමු. මිනිස්සු අපෙ ආයු කාලය හරිම කෙටියි. එක්කෝ හෙට නැත්තම් අද මේ මොහෙතේදී වුණත් අපෙ ආයුෂ කියන දේ ඉවර වෙන්න පුළුවන් මයෙ හාමු. ඒ නිසා ඉන්න මේ කාලේ අපි දෙන්නා ආදරෙන් ඉමු……  “

මෙච්චර වෙලා ඒ බොද වෙලා තිබ්බ ඇස් වලින් කදුළු බිදු කැට එක දෙක කඩා ගෙන වැටෙද්දී මයෙ හාමු මහත්තයව මන් මයෙ පපුව අස්සට අරන් තුරුල් කර ගෙනම ඒ හිස් මුදුනට හාදු තිබ්බා.

” ඒයි මයෙ හාමු මහත්තයා… කෝ මයෙ හෝ මිරිස් කරල. ඔහොම අඩන්න එපා අප්පා. කෙටියෙන් කිව්වොත් පිට උන් ඉස්සරහ මට කෑ ගහන්න එපා බන්. තනියම ඉද්දි ඕනී තරම් බැනහන්. බනින්න බැරි නම් ගහපන්. මන් වුණත් කැමති ඩිංගක් මයෙ මහත්තයත් මන් විතරක් ඉන්න තැන හෝ මිරිස් කරලක් වගේ වෙනවට. කෝ ඉතින් “

” එ හෙනම් ඔච් චර හෑල්ල ක් කිය වන්න ඕනී ද තමුසෙට. හරියට ලෝකේ ඉන්න ලොකු ම අපරාද කාරයා වගේ නෙ කෑ ගැහැව් වේ ම ට “

” දංනැද්ද පොඩ්ඩක් ඇවිස්සුවා මයෙ හාමු මහත්තයව “

අමෙ අම්මෝ බලන්න ඕනී මයෙ හාමු ගෙ මූණ. උඩට කරලම ගැට ගහලා තිබ්බ කොන්ඩේ ගෙඩියෙන් කොන්ඩේ කෑළි පැනලා හැම තැනම. ඊටපස්සේ මයෙ ඇස් දෙක ගියේ ඔරවගෙන ඉන්න ඇස් දෙකට. ඇස් දෙකින් පස්සේ මයෙ ඇස් දෙක ගියේ අදුරු පාට වෙලා තියෙන   ඒ දිලිහි දිලිහි තියෙන තොල් දිහාවට.

” මට නිදි මතයි “

“………. “

” දැන් බෑ ඕවා කරන්න “

” මොනා කරන්නද “

ඒ තොල් දිහාවට පාත් වෙන්න හදද්දීම හාමු මයෙ ඇස් දිහාම බලන් නිදි මතයි කියද්දී මන් බලාගෙන හිටියෙ ටිකක් මලානික වෙලා තියෙන ඇස් දිහා. ඇත්තටම එයාට මහන්සි ඇති.

” තූ දාන්ත යන්නෑත තූති අප්ප ත්ති “

අප්පටසිරි පැටියට හාන්සි පුටුවෙම නින්ද ගිහිල්ලා දැන්ද කොහෙදෝ කොල්ලා ඇහැරිලා තියෙන්නේ. එක අතකින් ඇසුත් පොඩි කර කර අනිත් අතින් පස්සත් කහ කහ පැටියා ඇවිල්ලා හාමුවත් ටිකක් මෙහාට්ට කරලා ආවේ මයෙ ඔක්කේ අස්සට.

” අයි අප්පත්ති ඌවා ගුදක් සිදෙනෝ ද ඕම ඉන්තෙ ආ  …… තුත්තක් බයි ගත්ත නම් හලි අලේ…… “

” දැන් චූ බර දාලා එන්න යන්නැද්ද චූටි අප්පච්චි එක්ක.  ඉක්මනට දතුත් මැදන් එන්න නිදා ගන්න දෙන්නම “

හාමු පැටියට කම්මුලට උම්මා එකකුත් දෙද්දී මන් නුරාදවත් අරන් ගියේ එළියට.

උදේ ආවත් හරි තාම පැය ගානක් ගෙවිලා යනකම් අපි හිටියෙ පුටු රත් කර කරම.  අපිට භාර දීලා තිබ්බ වැඩේ ඔක්කොම ටික කරලා ඉවරයි කියලා හිතුවා වුණත් මට තාම සැකයි ඔතන කවුරු හරිම කෙනෙක් තව ඉතිරි වෙලා ඉන්නවා කියලා.

” දමියෝ…  මොකෝ උබ තනියම හිනා වෙන්නේ “

” අහ් නෑ බන් මේ නිකන් හිනා වුණේ බන් “

මන් නිකමට දමියා දිහා බලද්දී ඒකා ෆයිල් එකකුත් තියන් හිනා වෙනවා. මේකා මට මොකක් හරිම හංගනවා වගේ.

” හරි හරි ඔහොම යන්කෝ පුතා. උබට මට තමයි මොකවත් කියන්න බැරි නේද “

” නෑ බන් මේ…. මාර වැඩක් නෙ වුණේ. මේ අරකා මට අද හවසට ඇවිදින්න යමු කියලා කිව්වා . මට ඒක මතක් වුණේ “

” කවුද “

” වෙන කව්ද ඉතින් අර මේ ඔයාගෙ යාලු මල්ලි ගජේද කව්ද කියන්නේ කළු උස අන්න ඒ හාදයා “

හරි එහෙනම් දමියා. ඒක තමයි මේකා මේ සමහර දවස් වලට තනියම හිනා වෙන්නේ.

” උබට කොහොමද ඒකා හම්බුනේ. අනික උබලා දෙන්නා වැඩිය අදුරන්නෙත් නෑ නෙ”

” ඊයෙත් මට හම්බුනා. අපෙ ගෙදර ආවා    වතුර බෝතලේකුත් උස්සන් වතුර ටිකක් ගන්න. මන් එතකොට මිදුලේ අප්පච්චිගෙ බයික් එක හෝද හෝද හිටියෙ.  ඔය ගමනක් යනින් ගමන් කිව්වේ. අනේ මන්දා ඉතින්.  ගෙදර නිකම් ඉන්න එකේ මටත් පොඩ්ඩක් හිතුනා ඇවිදින්න ගියා නම් හොදයි කියලා “

” ඔව් නේද හැමදාම වේලි වේලි ඉන්න බෑ නෙ ඉතින්. කමක් නෑ උබට ඒකා හොදයි නම් එච්චරයි. “

” එහෙම දෙයක් නෑ නිලුවෝ “

               💥💥💥💥💥💥💥

බුදුසරණයි 🙏

ගිහිල්ලා එන්නම් 🤗

අදහස් වෝට් වලට යාලූලා හැමෝටම ගොඩාරියක් ඉස්තුතියි 🙏❤️❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටතුන්වැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටතුන්වැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටතුන්වැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටතුන්වැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටතුන්වැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටතුන්වැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 64