À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටහතරවැනි කොටහා

A+ A-

” කෝ බන්. තාම ගයාන් සර් නෑ නෙ. මිනිහට අමතක වෙලාද දන්නෑ අද අර රැස්සීමට යන්න තියෙනවා කියලා “

” කවුද බන් ඕවා දන්නේ “

දමියා අරුන්ට එහෙම කියද්දී මන් ආයේ බැලුවේ ලියකියවිලි ටික. හරි නම් අපි මේ වෙද්දි ඉන්න ඕනී උඩ රැස්සීමේ.

” අහ් ළමයි යන් උඩට ඉක්මනට. මට එන්න පරක්කු වුණා “

කඩා ගෙන බිද ගෙන ආපු ගයාන් සර් දිහා තමයි අපි හැමෝම බැලුවේ. තාම ඒ මූණේ දාඩිය පෙරෙනවා. ගයාන් සර් එක්කම අපි දහ දොළොස් දෙනාම උඩ තට්ටුවේ රැසසීම් ශාලාවට ගිහිල්ලා පුටු වලින් ඉද ගත්තත් හරි ඒත් එක්කම බර අඩි තිය තියා ආවේ ලොකු සර්.

” හැමෝම ඇවිල්ලද ඉන්නෙ රන්දුනු ගයාන් “

” ඔව් සර් දෙගොල්ලොම ඇවිල්ලා ඉන්නෙ “

රන්දුනු සරුයි ගයාන් සරුයි එහෙම කියලා වාඩි වුණේ එයාලගේ පුටු වලින්.

” මන් හිතනවා සතියකට කලින් වෙච්ච යටි වැල්ල සිද්දිය ඔයාලට මතක ඇති කියලා. ඒකට සම්බන්ද අපරාද කාරයෝ ටිකම අල්ල ගත්තා අපි.  එහෙම නේද ගයාන් රන්දුනු…… “

” ඔව් සර් අපරාද කාරයෝ පස් දෙනාම අල්ල ගත්තා “

ලොකු සර්ගේ තියුණු ඇස් අපෙ සර්ලා දෙන්නට යොමු වෙද්දී අපෙ ඇසුත් ගියේ ඒ දිහාවට.

” එහෙම නෑ. තව අපරාදකාරයෝ දෙන්නෙක්ම නිදැල්ලේ ඉන්නවා ගයාන් රන්දුනු. තාම අපිට ඒ දෙන්නා ගැන කිසිම සාක්ෂියක් නෑ. සැක පිට ඒ දෙන්නව විමර්ශනේට ගන්නත් බෑ අපිට අතටම සාක්ෂි ටික අහු වෙනකම් ඉන්න වෙනවා . ඒ සිද්දිය ආයේ ආයේ අපිට තව බලන්න වෙනවා අර වැඩේට යන්න කලින් “

” සර්ට සැක කවුද “

රන්දුනු සර් ලොකු සර්ගෙන් එහෙම ඇහැව්වත් සර්ට හම්බුනේ ලොකු සර්ගෙන් හිස් බැල්මක්.

” ඒ බන් උබට ගයාන් කාරයා එන්න කිව්වා කාමරේට.  උට මොනා හරි ඕනී වෙලාද දන්නෑ නේද “

” වල් කතා නොකියා ඉදපන් “

අරකා ඇහැකුත් ගහලා එහෙම කියද්දී මන් කටේ තිබ්බ නෙල්ලි ඇටෙන් දමලා ගැහැව්වේ උගෙ මූණට වෙද්දී ඒක වැදුනේ දමියගේ ඔලුවට.

” හෙට ඉදලා  අපි කට්ටියටම මුල ඉදලා ආයේ අර සිද්දිය ගැන හොයන්න තියෙනවා නිලූෂ “

” සර් මට අඩ ගැහැව්වේ ඔය සිද්දිය කතා කරන්න නෙවෙයි නෙ “

ගයාන් සර්ගේ කට කොනට ආවේ කෙටි හිනාවක්. සර්ට මහ රෑටත් හරීයට වෙන වැඩ තියෙනවා වගේ පේන්නෙ. ඒ මලානික වෙච්ච ඇස් වලින් හොදට නිදි මරපු ගතියක් පේන්න තියෙනවා.

” නිලූෂට මන් ගැන මොනාද හිතෙන්නේ “

” සර් ඒ ගැන කතා කරන්න තරම් දෙයක් නෑ මට. මොකද ඊට වඩා හිතන්න සෑහෙන්න දේවල් තියෙනවා “

” ඒකෙන් අදහස් කරේ “

මෙච්චර වෙලා සැහැල්ලු වෙන් වගේ තිබ්බ ඒ මූණ ටිකක් බැරෑරුම් වුණත් මන් නෙවෙයි ඒක ගණන් ගත්තෙ වත්. ඒ වෙනුවට මන් බැලුවේ මේසේ උඩ තිබ්බ පුංචි ඔරලෝසුව දිහා.

” නිලූෂ ඔයා මන් ගැන මොනවා හිතුවත් කමක් නෑ. ඒත් ඉස්සර මන් හිටපු විදිහෙන් මන් ගැන ඔක්කොම දේවල් දන්නවා වගේ අනිත් අයට කියන්න යන්න එපා “

” අනිත් අය කිව්වේ සර් ඔය කියන්නේ දිනූෂ ගැන වෙන්නැති “

” ඇයි මන් ගැන අරහෙම දේවල් කිව්වේ එයාට “

” මොකද සර්ට දුකද දිනුලගෙ ඇගේ එල්ලෙන බැරි වෙච්ච එකට .  මේකනේ සර් ඇත්තටම අපි කැමති නෑ අපේ අයව ඇස් පනා පිටම කරදරේ වැටෙනවා දකින්න. ඉතින් අපි කොහොම හරි ඒකෙන් බේර ගන්න තමයි හදන්නේ. සර්ගේ ඔක්කොම චරිත සහතිකේම දැන් දන්නවා දිනුල. දැන් වත් ඔය කරන වැඩ නවත්තලා පොඩ්ඩක් වැදගත් විදිහට ඉන්න බලන්න සර්. මොන දේ වුණත් සර්ට නම් බෑ දිනුල සර්ට ළං වෙන්න තියා හිතන්න වත්. අනික දිනුල කියන්නේ ගොඩක් කටු කාපු මනුස්සයෙක් .  මන් හිතන්නෑ ඒ වගේ මනුස්සයෙක් ආයේ ආයෙමත් කලින් වැටුනු මඩ ගොහොරුවටම වැටෙයි කියලා “

සර්ගේ ඇස් බලා ගෙන ඉද්දි රතු වෙනවා.

” කෝද තූති අප්පත්ති ඒත නා නෙ අලේ…….. “

” බලන්න පැටියෝ සාක්කුවක ඇති “

ආපු ගමන් නයි මල්ලත් පැත්තකින් තිබ්බ මන් ගියේ නා ගන්න. මයෙ හාමු මහත්තයත් මන් එද්දි ඇග හෝදනවා. මට පැටියා අහනකම් එයාගේ අතට කඩෙන් එද්දි ගත්තා ජෙලි එක දෙන්න බැරි වුණා.

” හෙටත් වැඩද “

” ම් ඔව් හෙටත් කලින්ම යන්න වෙනවා. දවල්ට එන්න පුළුවන් වෙයි හාමු “

මයෙ පිටේ කුණු අතුල්ලපු හාමු එහෙන්ම දැම්මේ පිටට සීතළ වතුර බාල්දියක්. සීතළට හාමු මහත්තයගෙ කටින් දුම් පිට වෙනවා.

” බොමුද උණු උණු කොත්තමල්ලි එකක්. සීතළයි හාමු “

තුවායත් ඇදගෙනම කුස්සියේ මොනාදෝ  මන්දා මයෙ හාමු තෙල් දානවා. තාම නළල පොඩ්ඩක් එයාගේ ගෙඩි ගැහිලා නිල් වෙලා තිබ්බා.

” මන් වක් කරන්නම්. බලන්නකෝ හීන් සැරේ ගිහිල්ලා මේ අල්ලපු කාමරේ. පැටියා ඕන් පන්තියක් කරනවා “

හාමු මහත්තයා එහෙම කියද්දී මන් ගියේ දොරකඩ ළගට.  අම්මේ කළුවත් ඉන්නවා කොට්ටයක් උඩින් නිදා ගෙන. ඒ පැත්තකින් ලොකු ටෙඩි බෙයාලා තුන් දෙනයි හා පැටියයි. ඔක්කොමලා ළගම පැටියගේ කතන්දර පොතුත් තියලා. අම්මේ පැටියා බිත්තියේ පාට කූරක් අරන් මොනාදෝ ලියනවා මයෙ කන්නාඩි කුට්ටමත් දාන්. පුංචි මේසේ උඩ හීනි පොඩි කෝට්ටක්.

” කු බාන්න දන් මන් දියා. මේම තමා අ අකුල ලියන්තේ. කු ඔලා දන් ලියන්ත බාන්න. ආ ඕම කම්මලි වෙලා බා….. දෙන්තෙ ගුති හලිද…… “

“…………. “

චටස්  “

” කීලා තීනවා මන් බයි ගන්ත එපා කීලා.  ආ…… ව් වා අයියූ තූති අප්පත්ති…. “

හීන් සැරේ කොල්ලා ළගට ගියපු මන් පස්ස පොඩ්ඩක් මිරිකුවට පස්සේ කොල්ලා පස්සත් අල්ලන් ආව්වා කියලා මාව දැක්කට පස්සේ හිනාවක් ගියා

” ඇල්බම් එක බලනවද හාමු “

” ම්…. ටිකක් බලන්න හිතුනා. මයෙ නිලූෂ පැටියගේ ලස්සන ෆොටෝ එකක් අරන් තියෙන්නේ. “

කොල්ලා මයෙ කන්නාඩි දෙකත් දාන් ඉන්න වෙලේ ඉක්මනට ගත්තු ෆොටෝ එකක්.

පැටියවත් ඔක්කේ තියන් හාමු හැදුව කොත්තමල්ලි එක තොල ගෑවේ පැටියගේ කකා හිටපු කේක් කෑල්ලේනුත් පොඩ්ඩක් කටට දාන්.

” තා කාල්ලක් කපා
ගේන්තන්නත තූති අප්පත්ති “

“  එපා එපා රෑට බත් කන්න බැරි වෙයි “

කොල්ලා බය වෙලාද කොහෙදෝ එයාගේ අතේ තියෙන අනිත් කෑල්ලත් මන් කටට දා ගයි කියලා.

” අම්මේ…. මේ යාපනේ ගිහිල්ලා එදා අපි දෙන්නා රණ්ඩු වුණේ මතකද මයෙ නිලූෂට.  මේක නම් මනුජ අතින් හොදට වැදිලා නේද මොක නැතත් “

” අප්පේ ඔව් ඔව්. මයෙ හාමු මහත්තයටම කියාපු ගෝල බාලයෝ ටික “

” ආපූ තුත්තක් ඉනා වෙන්ත තිබ්බා තූති අප්පත්තිත. බාන්නකු ඉන්ත විදිය. ආයේ නම් ඕම ඉන්ත එපා අලේ.  තී….ස් කීලා හොදත ඉනා වෙන්ත. පොතෝ ගාද්දී සස්සනත ඉන්ත එපැයි තූති අප්පත්ති “

” ම් මන් ආයේ පැටියා කියන විදිහට හිනා වෙන්නම්කො හාද “

හාමුගේ අතින්ම බත් ගුලි ගිල ගිල හිටපු පැටියට නින්ද යාගෙන එද්දි ආයේ ඇහැරවව්වේ ඊලග ගුලිය ගිල්ලවන්න වෙද්දී දැන් නම් නුරාදගේ මූණත් එක්ක මොකක්දෝ වෙලා.

” අලේ අති කියන්තකු තූති අප්ප ත්ති. මත බා මතයි “

මයෙ ළගට දුවගෙන ආපු පැටියා ඔක්කට පැනලා මයෙ පපුවේ ඔලුවත් ගහන් කියවද්දි මට හිනාවක් දීපු හාමු ගියේ පිගානේ හෝදන්න. නුරාද දන්නේ වත් නෑද කොහෙදෝ එයාගේ බත් එක ඉවර වෙනකම්වත්.

” යන්කෝ දත් මැදලා චූ කරන්න. කෝ කෝ නැගිටින්න “

” ආ……. “

කොල්ලගේ බෙල්ල ආයේ කඩන් වැටෙද්දී මොන දත් මැදිලිද කියලා මන් පැටියව උස්සන් ගිහිල්ලා තිබ්බේ ඇදෙන් . මන් අලුතින් අරන් දුන්නු එයාගේ උසටම වෙන්න ටෙඩි බෙයාවත් එයා ළගින්ම තියලා දෙන්නම වැහෙන්න ෂීට් එකත් දාලා මන් ගියේ කුස්සියට.

” ඉතිරි වෙලා තියෙන දත් දෙක තුනෙත් දත් පණුවෝ ගැහැව්වොත් ඔයාම බලා ගන්න හොදේ “

” අනේ අනේ මෙහෙ එනවා “

” ආව් බන් “

හාමු මහත්තයා කොල්ලගේ දත් පනුවෝ ගැන කියවද්දී මන් එහෙන්ම මයෙ හාමු මහත්තයවත් බදන් හැපුවේ බෙල්ල.  මයෙ පුංචි හාමු දැන් දැන් මට බන් කියන්නත් පුරුදු වෙලා.

” ඔච්චර ඕක උ ඌ……යි “

” අහ් අ ම්මෝ හා මු “

මයෙ අතින් සැරටම එයාගේ කුක්කුවක් හැපෙද්දී එයාගේ අතින් මිරිකුනේ මයෙ පැටියව වෙද්දී මට තරු පෙනුනා. මොන දේ වුණත් ඒකෙන් පළි ගන්න එක නම් කැතයි හාමු. ඒක නම් සෑහෙන්න රිදුනා

” බොරු කරන්නැතුව නැගිටින්න. මන් ආයේ එහෙම හයියෙන් මිරිකව්වේ නෑ “

” ඉන්නකෝ මාත් ඇවිල්ලා මිරිකන්න. දැනෙයි එතකොට රිදෙනවද නැද්ද කියලා “

බිමට නැවිලා හිටපු මන් ඉක්මනට නැගිටිද්දී හාමු ගියේ දිවත් දික් කරන් අපේ කාමරේ පැත්තට. කැසට් එකේ පිරිත් ටිකත් දාගෙන කාමරේට එද්දි පස්සත් උඩ දාන් නිදි වගේ ඉන්නවා.

” නිදිද….. “

“……… “

” නිදා ගන්න එහෙනම් “

මන් අනිත් පැත්තට හැරිලා ෂීට් එකත් පොරවන් නිදා ගන්න හදද්දී කොහෙද ඉතින් අලි පැටියෙක් වගේ මයෙ ඇගට ආවේ මයෙ හාමු මහත්තයා.

” කිසිම සාක්ෂියක්‌ තාම හම්බුන් නැද්ද “

” නෑ බන් . දැනට මේක විතරයි තියෙන්නේ.  ගෙදර පොඩ්ඩක් බැලුවා නම් “

” දැන්ම ගෙදර බලන්න බෑ. තව මොනා හරිම සාක්ෂියක්‌ ඉතිරි වෙන්නම ඕනී. අපි හතර දෙනාම හතර පැත්තකට යමු බලන්න “

“  වරෙන්කො මෙහාට්ට “

” ම් වැඩේ හරි එහෙනම් “

             💥💥💥💥💥💥💥💥

” නුරාද….. පැටියෝ කුස්සියේ තියෙන පිහිය ගේන්නකෝ. පරිස්සමින් ගේන්න “

” ආ….. මත තුත්තක් විතල බදගිනි වදේ අප්පත්ති “

මන් පිහිය අතට අරන් වැට සුද්ද කරන්න ගත්තත් හරි කොල්ලා මයෙ කකුලකුත් බදාගෙන මූණත් කකුලේ අතුල්ල අතුල්ල  බඩගිනි ගාද්දී මන් බැලුවේ පුංචි හිගන පැටියා දිහා… මයෙ පුතා කන ඒවා කොහෙට යනවද මන්දා. දැන් නම් ලාවට වගේ ඇහි බැමි ටිකකුත් වැවිලා

” මොනාද දැන් ඔය බන්ඩි ගෙඩියට ඕනී “

” කුක්කු පිති එකකුයි. කේත් කාල්ලක් අප්පත්ති. මත ඒ තුත්ත අති අලේ. හදා දෙන්තකු මදෙ අප්පත්ති….. “

කුස්සියට ගියපු මන් එයාගේ කෝප්පේ කට පිරෙන්නම දැම්මේ පිටි කිරි වෙනුවට එළ කිරි. නිලූෂට හෙට ටිකක් වැඩි පුර දෙනවා ඉතින්. උදේන්ම සමරේ මාමාගෙන් එළකිරි බෝතලයක්ම ගත්තා මන්. ආයේ වැට සුද්ද කරන්න යන්න කම්මැලි හින්දා මන් ගියේ මයෙ කොල්ලගේ තඩියා නැත්තම් දින පොත බලන්න. ඒක ඔහේ පෙරලන් යද්දි මයෙ ඇහැ ගියේ එක පිටුවකට

1985. 09. 19

ඉස්සල්ලම නුවරට ආපු දවසෙ ඒ වැව රවුමේ මාත් එක්කම වැටුනු ඒ පිරිමි ළමයව අද තමයි මට හම්බුනේ.  මට හිතෙන විදිහට ඒ ළමයා ගැන තියෙන්නේ ආකර්ෂණයක්‌. කොල්ලා වගේම තමයි නමත් ලස්සනයි. නිර්මාල් එයත් අද මාව දැකලා පුදුම වුණා.

මයෙ ඇගේ ලේ පිච්චෙන්නේ මේවා දකිද්දී තමයි. එහෙනම් ඒක තමයි නිර්මාලුත් ඉස්සර මුල් දවස් වල මයෙ කොල්ලගේ වටේ කැරකි කැරකි හිටියෙ.

1985. 09. 21

අදත් හරි අමාරුවෙන් පුංචි හොර ගෙඩියව අල්ලන් චුට්ටක් ඒ පැටියව හුරතල් කරා. මේ ළමයා පුදුම විදිහට බයයි නෙ. ඒවුනාට මන් දැක්කා අදත් මයෙ ජනේලේ අස්සෙන් ඔලු ගෙඩිය දදා මන් දිහා හොරෙන් හොරෙන් බලනවා. අතටම අල්ල ගත්තට පස්සේ අඩන්න මූණ හදා ගන්නවා ඉතින්.

1985. 09. 30

දැන් නම් මටත් පොඩි හාමු දිහා විටෙන් විටේ බැලෙනවා.  තව පොඩ්ඩෙන් අද පොඩි හාමුට අතේ මාට්ටු.  මන් ආසයි එයාගේ උරපත්තට වෙනකම් වවලා තියෙන කොණ්ඩෙට

එහෙනම් ආයේ මේ කොන්ඩේ කපන්න හොද නෑ. මන් පෙරලුවේ ඊළග පිටුව

1985. 10. 2

පොඩි හාමු මට වඩා දෙගුණයක් වැඩිමල්. හැබැයි හාමුගේ මැණිකෙ නම් කලින්ම නැති වුනාලු. තව ටික දවසක් බලමුකෝ. මයෙ හදුන් පොතට නම් හොදටම පිස්සු හැදී ගෙන එනවා

නිලූෂ අදත් නෑ. දවල් කිව්වට මොකද හවස පහත් පහු වෙලා තාම නෑ ඉතින්. රෑ වෙන්න කලින්ම මන් ගියේ මල් කඩන්න.

” නුරාද නුරාද එන්න ළමයෝ බුදුන් වදින්න “

” දන්ම සාදු කීනවත ඈ අප්පත්ති…….. “

” දැන් වදිමු කෝ එන්න “

ඉස්තෝප්පුවේ පුටුවේ ඉදගෙන මන් තේ එකත් තොල ගගා බැලුවේ කඩුල්ල දිහා. දවල් රස්නිය ගැහැව්වේ එහෙනම් හවස වහින්නම තමයි. කළු කරපු අහසේ පිනි පොද එක දෙක බිමට පතිත වෙනවා එක පිට එක. දැන් නම් තිබ්බ ලා එළියත් නැති වෙලා වටපිට අදුරු වෙලා ගියත් හරි මන් දැම්මේ එළියේ ලයිට් එක.

” තූති අප්පත්ති තාම නා නේත “

” ම් ඇයි දන්නෑ පරක්කු. කිව්වනේ මට කලින් එනවා කියලා “

පැටියත් මයෙ ඔක්කේ ඉදන් බැලුවේ කඩුල්ල දිහා. විනාඩිය විනාඩිය ගෙවෙන්න ගෙවෙන්න මට දැනුනේ හිතට මහ මූසල හැගීමක්.  මෙච්චර වෙලා ඔක්කේ ඉදන් හිටපු පැටියත් ඇතුළට යද්දී මන් තාම හිටියෙ කඩුල්ල දිහා බලා ගෙන.

” කෝත යන්තේ අප්පත්ති මේ සා වෙලා”

” යන්කෝ චූටි අප්පච්චි වැඩ කරන තැනට “

නුරාදට ඉක්මනට ලොකු ඌල් ජේසිය අන්දපු මන් එහෙන්ම උඩින් ඌල් ජේසියකුත් දාන් වාහනේ යතුරත් අරන් දොරවලුත් ලොක් කරලා වාහනේට නැග්ගා නිලූෂ වැඩ කරන තැනට යන්න .

“  සර් සර් ඉන්න පොඩ්ඩක්. කාව හම්බෙන්නද යන්නෙ “

තිබ්බ හදිස්සියටත් එක්ක පාර අයිනෙන් වාහනෙත් නතර කරලා නුරාදවත් වඩා ගෙන මන් ගේට්ටුවෙන් ඇතුළට යන්න හැදුවත් කොහෙන්දෝ ඉදලා ආපු මිනිස්සු හතර පස් දෙනෙක්ම මාව වට කර ගත්තා.

” මේ නිලූෂව හම්බෙන්න ආවේ මන් “

” හරි සර්. ඔයා එළියෙන් ඉන්න. අපි ගිහිල්ලා ඒ සර්ව අඩ ගහන් එන්නම් “

එහෙම කියලා එක්කෙනෙක් ඇතුළට යද්දි මායි නුරාදයි ගියේ ගේට්ටුවෙනුත් එළියට. ඇත්තටම මේකට පිට කාටවත් එන්න දෙන්නෑ නෙ ඉතින්.

” සර් ඒ සර් කලින්ම ගිහිල්ලලු. හතරට තමයිලූ වැඩ ඉවර වුණේ…. “

” මොකක් තමුසෙට පිස්සුද අයිසේ දැන් වෙලාව කීයද නවයටත් කිට්ටුයි. තාම ඒ මනුස්සයා ගෙදර ආවේ නෑ. හතරට වැ… ඕ ශිට්….. “

” ඒයි ඒයි සර් කොහෙද යන්නෙ ඔය “

” ආ…. මාව අතාරිනවා. කොහෙද කියනවා මිනිහෝ මයෙ එකා ඉන්නෙ. “

මන් ඉක්මනට අඩිය තියෙලා ගේට්ටුවෙන් ඇතුළට යන්න හැදුවා වුණත් මිනිස්සු දෙන්නෙක්ම අල්ල ගත්තා මාව.

” සර් මෙතන ඉන්න පොඩ්ඩක්. මන් අපේ සර්ට එන්න කියන්නම් “

” කියපන් ඉතින් බලන් නොයිද මට තවත් ගින්දර දෙන්නැතුව “

මාව ආයේ එළියෙන් හිට්ටවලා ඒ මිනිහා ගියේ ආයේ ඇතුළට. මාව මෙතන පිච්චෙනවා. හතරට වැඩ ඉවරයි නම් අඩුම පහ වෙද්දීවත් ගෙදරට එන්න ඕනී මනුස්සයා තාම නෑ. නවයත් පහු වී ගෙන එන්නෙ.

” අප්පත්ති…… බා වෙන්ත එපා අලේ. තූතී අප්පත්ති පොදි එතෙත්ත කියන්තකු ඈ අලේ…….. “

මට කලින්ම දැනුනා මොකක් හරි අමුත්තක්. අර මිනිහත් එක්ක  ටිකක් මැදි වයසෙ වගේ මනුස්සයෙක් ආවේ මගෙ ළගට වෙද්දී ඒ මනුස්සයා මයෙ නම කිව්වට පස්සේ මන් ගල් වුණා. කොහොමද මයෙ නම දන්නේ.

” වලව්වේ පුංචි හාමු අහස්‍ය මනමේන්ද්‍රන් මොකද මේ කලබගෑනියක් කරයි කිව්වේ  “

” ම් මේ නිලූෂ එයා තාම ගෙදර ආවේ නෑ “

කව්ද දන්නෑ ඒ මනුස්සයා. ඒත් මන් එහෙම කිව්වත් හරි ඔරලෝසුව බලපු එයා ටිකක් කලබල වුණා.

” ඉන්න ටිකක්. වාහනේ ඇතුළට දාන්න. යන් ඇතුළට “

ඒ මනුස්සයා එහෙම කියලා යන්න යද්දි මාත් වාහනේ ඇතුළටම දාලා ඒ පස්සෙන්ම ඇතුළට ගියා.

” කෝ රන්දුනුයි ගයානුයි “

” සර් ගයාන් සර්ට කලින් වැඩ ඉවර වුණා නිවාඩු ගත්තත් එක්කලු අද . මන් ගිහිල්ලා රන්දුනු සර්ට අඩ ගහන්නම් “

” ඉක්මනට එන්න කියන්න. වාඩි වෙන්න ඔතනින් අහස් “

ඒ මනුස්සයා එහෙම කියලා ඉස්සරහට ගිහින් වැඩ කර කර හිටපු තුන් දෙනෙග්ගෙන් මොන මොනාදෝ ඇහුවත් මට නෙවෙයි ඒවා එකක් වත් ඇහුනේ. මේ ගෙවෙන තප්පරේ මට සෑහෙන්න දැනෙනවා. මයෙ කොල්ලට නම් මොකවත් තේරෙන්නැතුව මයෙ පපුවට ඔලුව ගහන් වට පිට බල බල ඉන්නවා.

” සර් ඇයි හදිස්සියක්ද…. “

” නිලූෂ තාම ඇවිල්ලා නෑලූ රන්දුනු. දැන් දහයටත් ළගයිනෙ. ආයේ පොඩ්ඩක් මෙයාලගේ ගෙදර ගිහිල්ලා බැලුවා නම් පොඩ්ඩක් නේද “

” සර් මන් එහෙනම් මෙයත් එක්ක ගෙදර ගිහිල්ලා බලලා එන්නම්. නැතුවුනොත් මන් සර්ට ඇමතුමක් ගන්නම් “

” යන් එන්න “

රන්දුනු කියන එක්කෙනා ජිප් එකට නගිද්දී මාත් නැග්ගේ ඉස්සරහට. අපි ක්වාටස් එකට ආවත් මයෙ කොල්ලා නෙවෙයි තාම ඇවිල්ලා හිටියෙ. ආපු හෝඩුවාවක් වත් නෑ

” සර් ඔව් සර්. හරි සර් අපි ඉක්මනට එන්නම් ඔතෙන්ට. ඉක්මනට ජිප් එකට නගින්න “

එයාගේ අතේ තිබ්බ පොඩි සන්නිවේදකයට කවුරු හරි කතා කරත් හරි එයා හරිම කලබලෙන් මාවත් අඩ ගහන් නැග්ගේ ජිප් එකට.

” සර් මොකද වෙලා තියෙන්නේ මයෙ එකාට…… “

           💥💥💥💥💥💥💥💥

” ඇතයෝ….. ඇතයෝ දෝ අලින්තකු ඇතයෝ ….. අයියූ කෝ ඔලා….”

” ඉන්න එනෝ මේ…. “

හිච්චි කලිසම් කොටේකුත් ගහගෙන දොර ඇරපු එයා තුවායෙන් ඔලුව පිහ දාන එකත් නතර කරන් ඇසුත් ලොකු කරන් බැලුවේ මයෙ දිහා. පුදුම ඇති තමයි ඉතින්. එදා විරා ආපු දවසෙ අනුජ ගෙදර ගියා ගියාමයි මන් නෙවෙයි පොඩ්ඩක් වත් එයා ගැන බැලුවෙ වත්. රාහුල් නම් ඒවුනාට විටෙන් විටේ එයාගේ ඇටයා එක්ක කතා කරනවා. බෝල ගහනවා. මන් ඉතින් පොඩි එකාට එයා එක්ක කතාවට යන්න එපා කිව්වත් අහන්නෑ නෙ.

කොහොම හරි ඊයේ උදෙත් වැඩට යන්න කලින් අනුජ මට කතා කරන්න ආවත් රාහුල් වත් අඩ ගහන් දැක්කේ නෑ වගේ එයාව මග ඇරලා වාහනේ පාරට දැම්මා.   අද නම් මන් රාහුල් එක්ක හවස අනුජ හම්බෙන්න ආවේ එළකිරි ගන්න තියෙන තැනක් අහ ගන්න. මොකද දන්න කියන මනුස්සයෙකුට ඉන්නෙ අනුජනේ.

” ම් මේ එන්න ගෙට “

” නෑ නෑ එහෙම ඕන්නෑ. රාහුල් මෙහෙ එනවා කොහෙද යන්නෙ ඔය “

අනුජ ඇතුළට එන්න කියද්දී මන් ඕන්නෑ කියලා පිටිපස්සට ටිකක් ගියත් අපේ කොල්ලා ඔහේ යනවා ඇතුළට. මන් හැබැයි කෑ ගැහැව්ව හැටියේ කොල්ලා ආයේ මයෙ ළගට ඇවිල්ලා මයෙ සරම් කොනෙන් අල්ලන් අනුජ දිහා බැලුවා.

” එළකිරි ගන්න තැනක් තියෙනවද මෙහෙ “

” ඔව් අයියේ වංගුව ළග කඩයක් තියෙනවා නේද. ඒ කඩේට ඉස්සරහ ගෙදර එළ කිරි විකුනවා. මාත් එහෙන් තමයි සමහර දවස් වලට ගන්නෙ “

” ම් හරි “

මන් ආයේ කොල්ලගේ අතිනුත් අල්ලන් ගෙදරට ඇවිල්ලා ගේ ඇතුළට යන්න කලින් බැලුවේ අනුජගේ ගෙදර දිහා වෙද්දී තාමත් අනුජ බලන් හිටියේ මේ පැත්ත.

” අයි ඇතයා එත්ත තලායිත අප්පත්ති “

” නෑ රාහු. ඇයි එහෙම කිව්වේ “

” ඔලා ඇතයත කතා කලන්තෑනෙ ඉතින් “

එදා විරාගේ කතා ඇහැව්වට පස්සේ මට ආයේ අනුජව බලන්නවත් හිතෙන්නැති තරම්.  ඒත් ඇත්තටම අනුජ ඒවගේ කෙනෙක්ද. මයෙන් බලාපොරොත්තු වෙන්නෙත් එයා ඒවාද එතකොට. ඒවුනාට ඇයි මට හිතෙන්නෙම එයාට ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. පිටින් පේන තරම්ම එයා නරකද එච්චරටම.

මායි රාහුයි හවස තේ එකකුත් අපි දෙන්නා ගියේ ටිකක් නිදා ගන්න ඇදට. මට ලාවට ලාවට වගේ නින්ද යාගෙන ආවත් දොරට තට්ටු කරන හඩක් ඇහුනත් හරි මන් නැගිටලා සරමත් හදා ගෙන ගියේ ඉස්සරහට. දොරත් ඇරලා බලද්දී හිටියෙ අනුජ.

” ඇයි “

” මාව අප්පිරියයිද. ඇයි මග අරින්නේ “

පොල්ලෙන් ගැහැව්වා වගේ එහෙම අහද්දී මන් ඇත්තටම ටිකක්  කලබල වුනේ කියන්න මොකුත්ම හිතා ගන්න බැරි වෙද්දී.  දැන් නම් නිදි මතත් ගියා.

” හිතන දේවල් කියන්න මහන්සි වෙන්න ඕන්නෑ. මන් හෙට නිවාඩුවක් ගන්නවා ටික දවසකට. ඒක කියන්න ආවේ. “

“………. “

අනුජ මයෙන් මොකක් හරිම වචනයක් බලා පොරොත්තු වුණත් මන් බලන් හිටියෙ ඒ මලානික වුණත්  දිස්නේ දෙන තද කළු පාට ඇස් දිහා.

” හෙට වැඩට ගිහිල්ලා ආයේ මන් මෙහෙ එන්නෑ “

“………… “

” මන් යන්නම් “

ලොකු හුස්මක්‌ පාත දාපු එයා මයෙ දිහත් ටික වෙලාවක් බලන් ඉදලා යන්න හැරුණත් ආයේ මයෙ දිහා බලලා පුංචි හිනාවක් දුන්නා.

” ඇටයට කියන්න මයෙ බෝලේ හම්බුනා කියලා. ඒක මන් පේර ගහ යට තියෙන හිස් පෝච්චිය උඩින් තිබ්බා. අයියයි දරුවයි පරිස්සමින් ඉන්න. “

එයා වගේම මාත් බලන් හිටියා දොරකඩට වෙලාම. එයා ඇතුළට ගිහිල්ලා දොරත් වහනකම් තාමත් මන් මෙතන.

සමහර හමුවීම් හම්බ වෙන්නේ නැති තරමට හොදයි. සහස්යා උබට මන් වෛර කරන්නෑ. ඒත් උබ වගේ උන් ආයේ මට දකින්නවත් එපා. හරි ලස්සනට උබ මයෙ ජිවිතේ කෑවා.

             💥💥💥💥💥💥💥

ගිහිල්ලා එන්නම් 🤗

බුදුසරණයි 🙏

අදහස් වලට ගොඩක් ඉස්තුතියි යාලූලා 🙏🙏 වෝට් වලටත් ඉස්තුතියි ගොඩාරියක් 🙏🙏❤️❤️❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටහතරවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටහතරවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටහතරවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටහතරවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටහතරවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටහතරවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 65