À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටවැනි කොටහා

A+ A-

” අයි තූති අප්පත්ති ඒ දූලා දූලා ගියේ “

” චූටි අප්පච්චිට හොදටම පරක්කු වෙලානෙ පැටියෝ “

මයෙ නිලූෂවත් වැඩ කරන තැනට දාලා මන් ආවේ අපෙ ක්වාටස් එකට. වලව්වේ ඉදන් ගෙනාපු පොල් ගෝනියයි හාල් ගෝනියයි ඇතුළට දාලා මන් ගියේ අපෙ කාමරේට උඩ කමිසෙත් විහික් කරලා .

” ආපු ගමන් කේක් කන්නේ අත හෝදලාද ළමයෝ “

නුරාද මේසෙ උඩ ඉදගෙනම කූඩෙත් පැත්තකින් තියෙලා කේක් එකේ අයිසිනුයි චොකලටුයි කන්නේ කට වටේ උලාගෙන .  පිට මනුස්සයෙක් බැරි වෙලා හරි දැක්කොත් හිතන්නේ මේ ළමයට දෙමව්පියෝ කන්නවත් හරියට අරන් දෙන්නෑ කියලා.

” පත්තේ අත සෝද ගන්තම් අලේ… “

ආයේ කෑ ගහන්නැතුව මන් ගියේ අපෙ අල්මාරිය ටිකක් අස් කරන්න. එදත් නිලූෂ අල්මාරියේ උන්ඩි කරපු ඇදුම් දැකලා අරවා මෙව්වා කිව්වා ඉතින්. බොරුවට මනුස්සයගෙන් වචන අහ ගන්න ඕන්නෑ නෙ නේද. යට ඉදලා පටන් ගන්නවද උඩ ඉදලා පටන් ගන්නවද. කොණ්ඩෙට බූලත් දාන් මුළු සර්වාන්ගේම කර ගැට ටිකක් කඩලා වතුර බෝතලෙන් භාගයක්ම ඉවර කරලා ඇගිලි වලත් ආයේ මග ඇරිච්ච කර ගැටත් ටකස් ටකස් ගාලා කඩලා හා හා පුරා කියලා අත තිබ්බේ උඩම තට්ටුවට. 
ඇල්බම් එක නම් දැන් අපෙ ෆොටෝ වලින්ම පිරිලා ගිහිල්ලා. අලුත් ඇල්බම් එකක් ගන්න කාලේ හරි.

උඩ තට්ටුවේ ඇදුම් ටික නවාගෙන නවාගෙන යද්දී මයෙ අතට අහුවුනේ මයෙ නිලූෂගේ කමිසේකින් වහලා දාපු පොතක් වගේ දෙයක්. මොනාද අප්පච්චියෙ මේ මනුස්සය මේ කරලා තියෙන්නේ . අච්චර අර මේසයක් තියෙද්දී එයා අල්මාරිය අස්සේ පොත් ගහන්. 

ඒකත් මන් මේසෙ උඩ තියෙලා පැයක් විතර යනකම් ඇදුම් නව නව අල්මාරිය අස් කරා. කවදා කාපු කටුද මේ.

“  මට මහන්සි රන් කද “

” අලේ අප්පත්ති මදෙ අල කතන්තල පොත නා නෙ. හෝලා දෙන්නකු මදෙ අප්පත්ති…..”

මන් ඇදේ හාන්සි වෙලාම හිටියෙ ටිකක් ඔලුවේ කැක්කුම ආව නිසා. ඒ අස්සේ පැටියා ඇවිල්ලා මයෙ බෙල්ල බදන් මූණ අත ගගා කුණු කුණු ගාද්දී මන් පැටියවත් උස්සන් ගියේ මේසෙට.

” ආ හලි හලි ඕත තමා අලේ මන් හමතනම සොව්වේ අප්පත්ති……. “

පැත්තකින් වගේ තිබ්බ නරිහාමිගේ කතා පොත අතට ගත්ත හැටියේ පැටියා කෑ ගහන්න ගත්තේ ඒක එයා හොයාපු පොත කියලා. මයෙ අතේ තිබ්බ පොතත් අරන් මට උම්මා එකකුත් දීපු පැටියා මේසෙන් බිමට බැහැලා දුවගෙන දුවගෙන ගියේ පොතත් ඔලුවේ උඩ තියා ගෙන. ඒත් එක්කම මයෙ ඇහැ ගියේ නිලූෂගේ පොතට නිසා මන් ඒකත් අරන් ඇදට පැන්නා. අප්පේ එයාගේ දින පොත.  මුල්ම පිටුවෙනම් බෝල අත් අකුරින් නිලූෂ සත්සිදු එකොළහ වසර කියලා ලියල තිබ්බා වෙද්දී මන් බැලුවේ ඉස්සෙල්ලාම පිටුව. අනාථ නිවසේ ඉස්සරහ දාලා ගියපු පොඩි ළමයෙක් ගැන ඒ පිටුව පුරාවටම ලියල තිබ්බා. පිටු ගානක් පෙරලුවාට පස්සේ මන් දැක්කේ චිත්‍රයක්. මහ ලොකු ලස්සනක් නැති වුණත් බිමට වැටිච්ච පිරිමි ළමයෙක්ව ඇදලා ඒ ළගින්ම හාට් එකකුත් ඇදල තිබ්බා වෙද්දී මයෙ ඇස් ඒ පිටුව පුරාම යන්න ගියේ හරි කලබලෙන්.

1985. 09. 01

නුවර වැව රවුමේ අහම්බෙන් මන් පත බෑවුනේ පොඩි කොල්ලෙක්ගේ ඇගට. තලෙලු කෙට්ටු ඒ රූපෙ දැක්ක දවසෙ ඉදන් මයෙ හදවත ගෙහෙන්නේ අමුතුම තාලෙකට වෙද්දී මට මුළු දවසටම මතක් වෙන්නේ ඒ ජිල් බෝල ඇස් දෙක. තව ටිකක් මට එයා ළග ඉන්න තිබුනා නම්.

අද ට්‍රිප් එකේ අවසාන දවස.

” අපරාදේ ඒ කොල්ලාම බැද ගන්න තිබ්බේ. නාකි මගෙ කරේ එල්ලෙන් නැතුව “

මන් ආයේ පෙරලුවේ අනිත් පිටුව.

1985. 09. 05

මට රස්සාවක් හම්බුනා. ලොකු බරක් නිදහස් වුණා වගේ දැනුනත් මතක ඇති කාළේ ඉදන් මන් හිටපු මේ ගෙදර දාලා යනවා කියද්දී පපුව පිච්චෙනවා. පුංචි උන් ටික මට දාලා යන්න ලෝභයි. හෙට යන්න එපැයි නුවර. අර පොඩි කොල්ලව හම්බෙයිද දන්නෑ.

1985. 09. 07

මහ ලොකු විසාල වලව්වක්. තනිකම කියන දේ තදේටම දැනුනේ මේ වලව්වට ආවට පස්සේ. දූවිලි මකුළු දැල් පිරුණු කාමරේක තනියම ඉන්න ඉන්න මට මතක් වුනේම මයෙ පුංචි උන් ටික. අනාථ නිවාසේ අනාථ කියලා තිබ්බත් ඇත්තටම අපි අනාථයො කියන හැගීමක් වත් දැනුන්නැත්තේ යාලුවෝ පුංචි උන් මයෙ වටේටම හිටපු නිසා. මැඩම්ලා වුණත් වැඩ කරන අය වුණත් කට පුරාම හිනා වෙලා කතා කරද්දී මුළු හිතම පිරිලා යනවා. මේ වලව්වේ ටිකක් හරි හොද කුස්සියෙ නැන්දයි පොඩි හාමුයි.

1985. 09. 09

පොඩි හාමු මට දුන්නු කාමරේ නම් මට දාහෙන් සම්පතක්. මයෙ කාමරේට නිතරම එබෙන පුංචි හොර ගෙඩියව බලෙන්ම කාමරේ ඇතුළට අරන් පුංචි චොකලට් එකක් දුන්නා. එතකොට තමයි හොර ගෙඩියා මාත් එක්ක යාලූ වුණේ. කටින් වචන කියන්න බැරි වුණත් මට අතින් මොන මොනාදෝ කියනවා.

1985. 09. 12

පුංචි හාමු මයෙ දිහා හොරෙන් හොරෙන් බලාන් ඉන්න විදිහ දැක්කම තනියම හිනා යනවා. මන් අමුතු ජීවියෙක් වගේ පේනවා ඇති. ඉස්සෙල්ලා දැක්ක දවසෙ නම් මන් සුද්දෙක් කියලම හිතන්න ඇති.   තාම මතක් වෙනවා බලන් හිටපු විදිහ.

“  හොල ගෙදියා…. ඉන්ත මන් කියන්ත තූති අප්පත්තිත එලාගෙ තදීව බානවා කීලා. හනේ හනේ…. “

මෙච්චර වෙලා පොතටම ඇලිලා හිටපු මන් මේ ලෝකෙට ආවේ පැටියගේ කියවිල්ලට.  පොත හැංගුවා කියලා වැඩක් ඈ කොල්ලා දැකලා ඉවරයි නෙ පොත.

” කියන්න බලන්න චූටි අප්පච්චිට කේලම. රෑට අප්පච්චි කුක්කු දෙන්නෑ හැබැයි “

” ඔලාදේ කුක්කු වල කුක්කු නා අලේ. මන් තූති අප්පත්තිදේ කුක්කුත් බොනවා පාන්දල. ඔලා දොනේ ඉතින් “

යකෝ මේ ළමයා නම්. ඒක තමයි පාන්දර නැගිට නැගිට මාවත් පාගන් යන්නෙ චූටි අප්පච්චි ළගට. උදේට නැගිටිද්දී එයාගේ කුක්කු වල තිබ්බ දත් පාරවල් මගෙ කියලා හිතුවත් එහෙම නෑ බලන් යද්දි . කොල්ලත් ඒවා උරනවනෙ දාගෙන.

” නුරාද මෙහෙ එන්න පැටියෝ. මේකයි ඉතින් මන් මේ නිකන් අප්පා බැලුවේ මේ තඩියව. මයෙ පුංචි වස්තුවට අප්පච්චි චොකලට් එකක් අරන් දෙන්නම්කෝ හාද….. “

මන් කොල්ලව මයෙ ඔක්කට අරන් උම්මා දිදී කියෙව්වත් කොල්ලා මයෙ දිහා බලන් ඉදලා හිනාවක් දැම්මේ මයෙ  මූණටම එබිලා.

” පැතියව සවත්තනෝ නේත ආ….. කපති හොල ගෙදියා මදෙ . හලි හලි අලේ මන් මොතුත් කියන්තෑ. එලා තදීව ලියත්ති මාත් මදෙ තදීව ලීතවා. සැබයි ඔන්ත මන් සාසක් තමා කුව්වේ හලිද. මදෙ තදීව නම් හොලෙන් බාන්න බා හලිද අප්පත්ති “

පස්සේ නිලූෂගේ තඩීව තිබ්බ විදිහටම තියෙලා මයෙ පැහිච්ච සීයාවත් උස්සලා කරට අරන් ගියේ කුස්සියට .

“  තා තීනි තිතක් දාමු නේත අප්පත්ති කුක්කා එත තා සස වෙන්ත “

” ඔච්චර සීනි කෑවොත් පැටියට හැදෙන ලෙඩ හොයා ගන්න බැරි වෙයි “

කේක් තියෙන හින්දම දෙන්නගේ කිරි කෝප්ප වලට දැම්මේ සීනි හැදි භාග භාග වෙද්දි නම් මයෙ පිටේ එල්ලිලා හිටපු පැටියගේ මූණත් එක්ක අවුල් වුනාද කොහෙදෝ .

” රාහුල්ට නුරාද බලන්න ඕනී කිව්වේ “

” ආ ඒක හොදයි. අපෙ එකත් තනියම ඔය මට වද දිදී ඉන්නෙ “

එහෙම කියලා මන් බැලුවේ මිදුලේ තණගොලලේම වාඩි වෙලා මොන මොනාදෝ කියවන පැටව් දෙන්නා දිහා.

” කොල්ලා වැඩට ගියාද විරා “

” ඔව් බන් එද්දි රෑ වෙයි කිව්වා.  එයාට මේ දවස් වල වැඩ වැඩියි කිව්වේ. “

දිනුවා අලුත් කමිසයක් අරන් වගේ. ඇති යන්තම් ගෝනි කමිස නැතුව ඇගේ ගානට තියෙන කමිසයක් අරන්. නැත්තම් ඇන්දොත් අදින්නේ ලොකුම ලොකු කමිස. එතකොට තමයි ඉතින් හතලිහත් පැනපු මනුස්සයෙක් වගේ පේන්නෙ.

( පුංචි හාමුගේ යාළුවා  දිනුල රහල්‍ය  )

(  සැ : යු   ÷  දයාබර මිතු කැල වෙත, මේ අලුත් ලියන්නා   හුදෙක් කතාවේ රස වින්දනය සදහා පමණක්ම මේ මිනිස් රුව  යොදා ගත් බව කරුණාවෙන් සලකන්න 🙏 ❤️ )

” උබ ආයේ කොළඹ යන්නෑද  “

” නෑ බන්. අර කේස් එක හරි. හෝටලේ දෙවැනි උරුමේ දැම්මේ රාහුල්ගේ නමට නෙ. ඒක අයින් කරනව නම් රාහුව දෙන්නම් කිව්වා.  මන් ඒක අයින් කරා ඉතින්. මොනා කරන්නද බන් අප්පච්චිගෙයි අම්මගෙයි හෝටලේ තියා අපෙ ගෙදරත් මට නැති වුණා. අප්පච්චි සෑහෙන්න අපි වෙනුවෙන් මහන්සි වුණා බන් “

” හරි හරි බන් ඔහොම හිතන්න එපා අම්මයි අප්පච්චියි හොද තැනක ඇති. උබේ අප්පච්චිත් හරි පින් පාටටනෙ හිටියෙ. උබ වගේ නෙවෙයි “

” පලයන් යන්න “

ඇත්තටම මට දිනුල ගැන නම් ගොඩක් දුකයි පෙන්නුවේ නැතිවුනාට. එයාගේ ළමයා ඇරෙන්න අනිත් හැමදේම නැති වුණා. මට තාම මතකයි දිනුල දවසක් එයාගේ අම්මව කැම්පස් එකට එක්ක ආවා. එයා අම්මා අම්මා ගගා කියවද්දී අපි කට්ටියම හිතුවේ ගෑණු එක්කෙනෙක් කියලා වුණත් එයාගේ අම්මා එක්ක ආවට පස්සේ තමයි අපි දන්නේ ඒ පිරිමි කෙනෙක් කියලා. දිනුලට වඩා  මිටි කෙට්ටු කළු කොල්ලෙක්. දිනුල නැති තැන මට මතකයි අපෙ කොල්ලෝ සෙට් එකම දිනුවටයි උගෙ අම්මටයි විහිළු කළා. දිනුවට එදා අපි කතා වෙච්ච ඒවා ඇහුනා නම් පන්න පන්න ගහයි අපිට. කොච්චර විහිළු කරත් අපි හරි පෙරේතයි උගෙ අම්මා අපිට හරි ගස්සලා දෙන බත් මුල ගිලින්න.

” අප්පත්ති මදෙ බෝලේ කෝද…… බත්තෙක තීනවා බෝලේ නා නෙ “

” පැටියෝ අප්පච්චි බෝල ගහන්නේ නෑ නෙ ඉතින්. ඔයා දාපු තැනකම තමයි තියෙන්නේ. බලන්න කුස්සියේ පැත්තේ “

” සා……… හුල් එන්ත කූ…….. “

කොල්ලා ආයේ මිදුලට ගිහිල්ලා රාහුල්වත් ඇදන් ගියේ කුස්සියේ පැත්තට. බෝලේ නම් නැති වෙච්ච තරමට හොදයි. නුරාද බෝල ගැහුව දවසට එයා තනිකරම ඔලුවේ හිටන් වැලි නා ගන්නෙ.

” අවුරුද්දට උබ මොනා හදන්නේ දැන් “

” මන් දන්නෑ බන් ඕවා හදන්න. කිරි බතක් නම් යාන්තමට හදන්න දන්නවා “

” අපි දන්නෙත් නෑ තමයි බන්. කමනි නැන්දට කියලා හෙට වත් මොනා හරි හදා ගන්න ඕනී “

අගහරුවදා අලුත් අවුරුද්දත් එක්ක. හෙට ආයේ වලව්වට ගියා නම් හරි නැන්දා හදන මොන මොනා හරි අපෙ ක්වාටස් එකටත් උස්සන් එන්න.

                 💥💥💥💥💥💥💥

” රන්දුනු කේස් එකේ වැඩ ටික ඔක්කොම හරිද. කාජ්ගේ තිත් පොල එකොළහ වෙද්දී වටලන්න ලෑස්ති වෙන්න. තව තව පරක්කු වෙන්න බෑ “

” හරි සර් අපි එහෙම කරන්නම් “

” කාජ්ව පණ පිටින් ඕනී. උට පැන ගන්න බැරි වෙන්න වැඩේ කරන්න “

ලොකු සර් රන්දුනු සර්ටයි ගයාන් සර්ටයි කතා කර කර ඉදලා අපෙ පැත්තටත් බැල්මක් දාලා ගියේ එළියට හදිස්සි වැඩක් කියලා.

” අපිට දැන් ආයේ වැල්ල පිටියට යන්න වෙයිද නිලුවෝ “

” ගොඩක් දුර‍ට යන්න වෙයි නේද බන් “

මන් ආයේ ආයේ බැලුවේ අපි හොයා ගත්ත සාක්ෂි ටික. මන් හාමුට රෑ එන්නම් කිව්වට මොකද මට යන්න බැරි වෙයිද මන්දා තියෙන වැඩත් එක්කලා. කන්නාඩි කුට්ටමත් පැත්තකින් තියාපු මන් පුටුවේ ටිකක් හාන්සි වුණා.

” ගයාන් සර්  නම් දැන් ඇණයක් වී ගෙන එන්නෑ නේද බන්. ඔහොම පාඩුවේ ඉන්නවා නම් කොච්චර හොදයිද “

” මන් කිව්වා සර්ට මන් ගැන. එක්කෝ ඒක වෙන්නැති බන්. එදා මන් ගේට්ටුව ළගදි හාමු මහත්තයව ඉඹින එකත් බලන් ඉදලා. “

” මන් හිතුවේ නෑ ගයාන් සර් අසහනකාරයෙක් කියලා. අප්පෝ මිනිහගෙන් පරිස්සන් වෙන්න ඕනී “

ඇත්ත තමයි පිටින් පේන්නෙ නෑ ගයාන් සර්ගේ ඇත්ත රූපේ. මාත් කලින් ගයාන් සර් එහෙම කෙනෙක් කියලා හිතුවේ නෑ. ඔය වගේ මිනිස්සු තමයි කරන ජරා වැඩ ඔක්කොම කරන්නේ. දැන් ඉන්නවා සිල් වතා වගේ. මට නම් සැකයි ගයාන් සර් ඔහොම හිටියට පාතාල නායකයෙක් වද්ද කියලා. 

” නිලූෂ වරෙන්කො පොඩ්ඩක් “

” මොකද “

මන් මූණ ටිකක් හෝදලා ආයේ මේසෙට යන්න හදද්දී ගිම්හාන් අඩ ගැහැව්වේ මොකක්දෝ ෆයිල් එකකුත් උස්සන්.

“  රෑට සෙට් වෙමුද. බෝතලයක් තියේ “

” මේ රෑට ඉන්න වෙන්නෑ බන්. ගමනක් යන්න තියේ . වෙන දවසක සෙට් වෙන්නම් “

“  හරි හරි බන් එහෙනම්. උබත් අනේ මන්දා “

කරන්න දෙයක් නෑ ගිම්හාන්. රෑට සෙට් වුනොත් මට පහුවෙනිදා  ඉස්පිරිතාලේ තමයි ළගින්න වෙන්නේ මට .  හාමු මහත්තයා එක්ක ජීවත් වෙන්න ලේසි නෑ.

” මන් බැලුවා මොකද තාම නැත්තේ කියලා “

” මෙහෙම හරි එන්න පුළුවන් වෙච්ච එක ලොකු දෙයක් හාමු “

මන් ක්වාටස් එකට යද්දි හාමු කොරිඩෝ එකේ පුටුවක් තියන් ඉදගෙන පාර පැත්ත බලන් ඉන්නවා.

” තූති අප්පත්ති අද සාහුල් ආවා අලේ…. මත කදතෝරුත් දුන්තා “

මන් බැලුවේ හාමු දිහා වෙද්දී හාමු ඉක්මනට ගියේ කුස්සියේ පැත්තට. ඒ මනුස්සයා නිවාඩු දවසෙ වත් ගෙදර ඉන්නැති හැටියක්.

” ඇයි දිනුල ආවේ “

” රාහුල්ට නුරාද එක්කලා සෙල්ලම් කරන්න ඕනී කියලා ආවේ නිලූෂ. ඒක එච්චර දෙයක් නෙවෙයි. මොකද මන් අදුරන්නැති මනුස්සයෙක් ඈ “

“……….. “

මන් මොකුත් නොකියා ගියේ ඇග පත හෝද ගන්න. හාමු මොනාද මන්දා තෙල් දානවා . මෙතෙන්ටම සුවද එනවා.

” තූති අප්පත්ති…… ආ සාම “

” හරි හරි ඔතන ඉන්න පොඩ්ඩක් “

පැටියා කොරිඩෝවේ සරමයි තුවායයි උස්සන් සින්දුවකුත් මුමුණ මුමුණ පැද්දි පැද්දි ඉන්නවා..

” මයෙ හාමු මහත්තයා අද ලස්සනට අල්මාරිය හරි ගස්සලානෙ “

” ආ…… ඔව් ඔව් නිලූෂ දඩි බිඩි ගාලා අස් කරේ. ඇයි ඉතින් කීයක් කියලා වැඩ තියෙනවද. හරි කලබලෙන් ඇදුම් ටික හිටන් නැමු වෙත් අප්පා. අඩුම තරමෙ  ඇල්බම් එක දැක්කත් ආසාවටවත් බලන්න බැරි වුණා නිලූෂ. ඒ අස්සේ නුරාදත් ඇවිල්ලා අරක හොයලා දෙන්න අප්පච්චි මේක හොයලා දෙන්න අප්පච්චි කිය කිය කුණු කුණු ගානවා.  ඔන්න ඔයාගෙ යට කලිසමකුත් අල්මාරිය යට තිබිලා හොයා ගත්තා. සුදු පාට එක දුඹුරු පාට වෙලා. අද දුම් මැස්සත් සුද්ද කරන්නම් කියලා හිටියා ඒකත් බැරි වුණා නෙ. හාල් ගෝනි උස්සලා තාම මයෙ කොන්ද කැක්කුම. පස්සේ ඔයා තෙල් ටිකක් ගාන්න මයෙ කොන්දේ… මේ ඒක නෙවෙයි අහන්නමයි හිටියෙ අද වැඩ ටික කොහොමද ඇයි එන්න පරක්කු වුණේ ආ….. මන් ගොඩක් වෙලා බලන් හිටියානෙ “

මන් අරහෙම කියලා කාමරේ නුරාදත් පේන්න නැති එකේ හාමුව පොඩ්ඩක් තුරුල් කරන් ඉන්නයි හැදුවෙ කොහෙද ඉතින් එක පාරටම මාවත් අරහෙට්ට කරන් අල්මාරිය ළගටම වෙලා පත හෑල්ලක් කියාගෙන ගියා වෙද්දී කරන්න හිතන් හිටපු දේත් එහෙන්ම හේදිලා ගියා.

” වැඩ හාමු “

” ම් රස්සාවේ වැඩ වැඩි නේද කමක් නෑ ඉතින් දැන් හරි ක්වාටස් එකට ආව එකම කොච්චර දෙයක්ද ම්…. “

මයෙ ළගට ආපු හාමු මයෙ කන් පෙත්තකුත් හපලා එහෙන්ම ඒ තොල් තද කරේ මයෙ බෙල්ලට වෙද්දී හේදිලා ගියපු මයෙ හැගීම් ආයේ පණ ගහන්න ගත්තා.

” තූති අප්පත්ති…… මත තොතෝ බලයි වදේ “

” හරි මන් එන්නම් පැටියෝ ඉස්සරහ කබඩ් එකේ උඩ ලාච්චුවේ ඇති ටෝච් එක. ඒක ගන්නකෝ “

මන් එහෙම කිව්වට පස්සේ දොර ළග හිටපු පැටියා යන්න ගියා. හොද වෙලාවට දෙන්නම වැහෙන්න ලොකු ඌල් ෂීට් එක දාලා තිබ්බේ.

” ගිහිල්ලා එන්න එහෙනම් “

හාමුගේ ඇගෙන් අයින් වුණු මන් පැත්තක තිබ්බ සරමත් ඇදගෙන ගියේ කුස්සියේ පැත්තට.

” ඔතෙන්ත වෙලා ඉන්ත හාත…… කෝවත් යන්ත එපා හලිත… දොල ළගම ඉන්ත….. “

” චූටි අප්පච්චි මෙතනම තමයි ඉන්නෙ වස්තු. නිදහසේ ටොටෝ දාන්න “

පැටියගේ කලිසමත් අතට ගත්ත මන් ටොයිලට් එක ළගම පුටුවක් තියා ගෙන වාඩි වුනෙ පැටියට මාව හොදට පේන්නත් එක්කමයි.

” හලි තූති අප්පත්ති….. “

පැටියව එහෙන්ම උස්සලා ගත්ත මන් ටොයිලට් එකට වතුර බාල්දියක් ගහලා ගියේ ටැංකිය ළගට පැටියව පිරිසිදු කරන්න .

” එහෙම කමනි නැන්දගෙන් ඕවා උස්සන් එන්න ඕන්නෑ. අර කෑම වට්ටෝරු පොතෙන් බලාගෙන හදමු හාමු “

” ඔලුව වැදුනද ඇත්තටම ආ….  පොතකින් බලා ගෙන කොහොමද කොකිස් හදන්නේ. කැවුමක් නම් කෙලින්ම තාච්චියට වක් කරන්නයි තියෙන්නේ. කොකිස් එක ගානට ඉරට්ටෙන් ගන්නත් ඕනී නිලූෂ. මයෙ නිලූෂට පුළුවන් ද ඔය වැඩ කරන්න ආ “

හාමු උදේ පාන්දර අපිවත් එක්කන් ආයේ වලව්වට යන්න ලෑස්තිය. මට නම් එපා වෙනවා ඕකේ අස්සට රිංගන්න. හිත රිද්දන්න බැරි කමටයි මොකුත් නොකිය ඉන්නෙ.

” ඕනී දෙයක් කර ගන්න එහෙනම් “

” මේ අහන්න නිලූෂ. ඇත්තටම අපිට කොකිස් හදන්න බෑ. කොන්ඩේ කවුමක් තියා මුං කැවුමක් වත් හදා ගන්න බෑ. එතකොට ආස්මි ඒවා කොහොමත් බෑ. කමනි නැන්දා හැමදාම ඕවා හදන එකනේ. ඔන්න ඔහේ ඒවා ටිකක් අරන් එමු චූටි අප්පච්චි…… “

මයෙ බඩත් මිරිකන් හාමු ගියේ පූස් පැටියටත් අඩ ගහන ගමන්.  මායි පැටියයි ගෙදර ඇදුම් පිටින්ම වාහනේට නගිද්දී හාමු ආවේ සරමට කළු අත් දිග කමිසයක් දාගෙන.

” තින්දුවක් දාන්න අප්පත්ති “

” නැටුමක් නැටුවොත් සින්දුක් දාන්නම් “

හාමු හිනාව කාගෙන එහෙම කියලා කැසට් එකේ බොත්තමක් එබුවත් හරි පැටියා එක පාරටම බැලුවේ මයෙ දිහා.

“  මත තූ බලක් එනෝ වදේ තූති අප්පත්ති……. “

” වතුර බෝතලේ කටේම තියාගෙන ඉද්දි එහෙම තමයි පැටියෝ “

මයෙ හාමු වලව්වට ආවත් හරි මට මතක් වුනේම ලොකු මැණිකේ. නිර්මලත් ඇවිල්ලා. නිර්මල විතරක් නෙවෙයි පස්සේ දෙනුවනුත් වාහනේ සද්දෙට මන්දා ආවේ දොරකඩට.

” චූටි බාප්පි ….. “

” නිවාඩු නේද පුතා. පන්ති වලත් නිවාඩු දුන්නද “

” ඔව්නෙ චූටි බාප්පි.. ආ චන්ඩිත් ඇවිල්ලා ඉන්නෙ මේ. “

දෙනුවන් පැටියවත් වඩන් ගියේ ගෙට. නිර්මාල් ඉස්තෝප්පුවේ ඉදන් පොල් අත්තක් වියනවා.

” පොඩි බේබී ඇතුළට යන්. ඕන් අම්මා කෑම හදනවා “

” අම්මගෙන් කෑම ටිකක් අරන් යන්න තමයි ආවේ නිර්මාල් “

පොඩි බේබී කොල්ලගේ ඔලුවත් අත ගාලා ඇතුළට යද්දි මන් නතර වුණේ නිර්මාල් ළග.

” සුනිල් අයියා කාලෙකින් දැක්කේ නෑ එයාට කොහොමද “

” එයා හොදින් ඉන්නවා අයියේ.  එයත් ඇහැව්වා ඔයා ගැන “

” මන් මතක් කළා කියලා කියන්න “

කොටු කොටු සරමට ඇදල තියෙන අත් නැති බැනියමේ පැත්තක්ම දැලි ගෑවිලා. එයත් කමනි නැන්දා එක්කලා උයන්න ඇති.

” කොල්ලෝ  පුළුවන් නම් දර ටිකකුයි හනසු කෑළි ටිකකුයි ගේන්නකෝ “

වට්ටියෙන් කොකිස් කෑල්ලකුත් කරස් කුරුස් ගාලා හපන ගමන් මන් ගියේ මඩුවට දර ගේන්න.

” උබ එහෙනම් අප් පු අරන් ආයේ ආ වා”

මන් දර ගන්න නැවෙද්දී ඇගේ වැදිච්ච හුළං පාරත් එක්ක මට ඇහුනේ ගොරහැඩි කටහඩක්. මේක නම් හිතළුවක් වෙන්න කොහෙත්ම බෑ. මයෙ කන් වලට හොදටම ඇහුනා. අප්පු මයෙ කන් වල දොන් කර දුන්නත් හරි මට මතක් වුණේ අපෙ පැටියා. එයාටත් අප්පු කියන නම් ඇහුනා කිව්ව‍ එක ඇත්තටමද එතකොට.

” උබ කවුද කියපන් ඉස්සෙල්ලම. ඇයි හැංගි හැංගි කතා කරන්නෙ ආ. කොන්දක් පණක් නැද්ද උබට “

මන් තදින් කතා කළේම මේක කාගේම හරි විහිළුවක්ද කියලා හිතුව නිසා. මන් ආයේ ආයේ කතා කරත් කිසිම කටහඩක් වත් ඇහෙන්නේ නැති වෙද්දී මන් දර ටිකත් අරන් කුස්සියේ පැත්තට යද්දී මට ආයේ ඇහුනේ අප්පු කියන නම.

” ඌයි අලේ….. තුති අප්ප ත් ති ඈ…….. “

” කෝ කෝ ඉන්න ඔහොම දගලන් නැතුව “

මන් ඉස්තෝප්පුවේ ඉදන් පැටියා තනියම සෙල්ලම් කරන දිහා බලන් ඉද්දි නුරාද උඩ පැන පැන කෑ ගහලා අඩන්න ගත්තත් හරි මන් දුවගෙන ගියේ එයා ළගට. පැටියා කකුල තියෙලා තියෙන්නේ නම් තනිකර තෙල් කුඹි ගුලකට.

” ඇයි පැටියෝ මොකද වුණේ ආ…. “

” කූඹි කාලා හාමු. පොල් තෙල් චුට්ටක් ගේනවද “

කකුලේ රතු පාටට බිබිලිත් දාලා තියෙද්දී මන් පැටියගේ කකුල හෝදලා මයෙ සරමෙන්ම හොදට තෙත මාත්තු කළා.

” බාන් නකු තුති අප්ප ත්ති එලාලා නපුලුයි ගුදක්. තාම සිදෙනෝ නේ…… “

” එච්චරයි මිදුලේ නට නට හිටියෙ. තෙල් ටිකක් ගද්දි අඩු වෙයි නුරාද “

රතු වෙලා තිබ්බ කම්මුල් වලටත් හාද්දක් දීපු හාමු මයෙ කොන්ඩෙත් අවුස්සලා ගියේ එළියට.

” දැන් චුට්ටක් අඩුයි නේද ම්….. “

” තුත්තක් අදුයි ත මා. මේ ආන්තකු තූ ති අප්පත්ති…… “

මයෙ පපුවේ ඒ චූටි කම්මුලකුත් තියා ගෙන මොකද්දෝ ලොකු කතාවක් කියන්න ලෑස්ති පැටියා දැන් .

” කියන්නකෝ බලන්න ඉතින් “

” තීයා කුව්වා මත අප්පත්තිලා එත්තම ඉන්ත කීලා. තනීම ඒ මේ කෝවත් යන්ත එපා කුව්වලේ තූති අප්පත්ති. අයි තූති අප්පත්ති තීයා ඒම කුව්වේ මත “

             💥💥💥💥💥💥💥💥

බුදුසරණයි හැමෝටම 🙏

ගිහිල්ලා එන්නම් යාලූලා 🤗

යාලූලාගේ අදහස් වලට ගොඩාරියක් ඉස්තුතියි 🙏❤️  වෝට් වලටත් ගොඩාරියක් ඉස්තුතියි යාලූලා හැමෝටම 🙏🙏❤️ 

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැටවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 61