À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑනවවැනි කොටහා

A+ A-

මන් හැංගිලා බලන් හිටියෙ හාන්සි පුටුවේ පිටිපස්සේ බිම ඉදගෙන. මොකද මට හිනා යනවා. හිනාව පනියි කියලා බය නිසාම මන් හිටියෙ අතිනුත් කට තදේට වහගෙන.

” කොතු වතිත්ත පුන්ති සාම

අදන් නතන මාලියා

නිතල නිතල දාබ කලන

තූති මාලියා

මදේ මාලියා සූතලා තන්දියා

මදේ මාලියා සූතලා තන්දියා

තෙල්ලම් දෙයත් මා විලෝදෙන් සදයි

ඒ…වා කදා පේලලා දමා දුවයි

තීනි බෝල කන්ත තල්ලි ඊලලා අදයි

වතයි හලි දදයි මදේ මාලියා….

සූතලා තන්දියා…………

ඉති තිත තුත්තක් මතක නා වදේ තූති අප්පත්ති     
                            “

මෙච්චර වෙලා චූටි අප්පච්චි අල්ලන් ඉන්න කැමරාව ඉස්සරහ පස්සත් කරක කරක ඉනත් හොලව හොලව නටපු පැටියා කැමරාවටම මූණ ඔබන් කියනවා මතක නෑලු සින්දුව කියලා . මුදලාලිට අන්දපු සරම තමයි පැටියා දැන් ඇදන් ඉන්නෙත්. මේ කොල්ලා නටද්දී හිනාව හිර කරන් ඉන්න අමාරු නිසාම මට හැංගිලා තමයි එයාගේ නැටුම් ගැයුම් බලන් ඉන්න වෙලා තියෙන්නේ.නිලූෂ නම් දන්නවා මන් හැංගිලා බලන් ඉන්නෙ කියලා.

” අප්පත්ති අයි අලේ ඔලා ආවෙ නත්තේ මන් තුත්තක් සාම අදලා නතුවා. තූති අප්පත්ති නම් වීදිඕ කළා මාව “

“මන් ලාවට ලාවට වගේ දැක්කා මයෙ රන් කද නටනවා හරියට පොඩි ගැඩවිල් පැටියෙක් වගේ. “

හප්පේ චූටි අප්පච්චි දාගෙන මට ඔරවනවා හරියට මන් එයාට කිව්වා වගේනේ. නුරාදට නම් ඒක තේරුන්නෑ ඉතින් ගැඩවිලා මොකාද කියලා නිච්චියක් නැති නිසා.

නිලූෂ දවල්ට කාලා වැඩට ගියේ බත් එකකුත් ඔතාගෙන. එයි දැන් හෙට එළි වෙලා. මටත් ඉතින් මෙහෙම නිදහසේ ඉන්න තියෙන්නේ තව ටික දවසයිනේ. පැටියටයි මටයි දෙන්නටම ඉස්කෝලේ.
කළු බූල අරන් පිටිපස්සේ කොන්ඩේ ටික එක්කහු කරලා පොනියක් දාලා අත් නැති බැනියම් කෑල්ලකුත් ඇදන් සරමත් කැහැපොට ගහන් පැටියා එක්කලා ගියේ එළවලු කොටුව සුද්ද කරන්න.

” අප්පත්ති මේත බාන්නකු…. මන් කදා කන්තද ආ.. “

” හෝදලා කන්න වස්තු… “

තැම්බෙරියා ගහේ තැම්බෙරියා ගෙඩි කළු පාටින් පිරිලා. මන් ඕක හැදුවේ කොළ කන්න. ඒවුනාට නුරාද ඊට වඩා ආසයි තැම්බෙරියා ගෙඩි කන්න.

” ඔලාතත් දෙන්තද අප්පත්ති…. “

” එපා මැණික අප්පච්චි වැඩනේ දැන් “

අතින් තණකොළ ගලවන්න බැරි ඒවා මුල්ලුවෙන් හාරලා ගලවලා දාලා ආයේ එතැන පස් අතින් තද කරා. මගෙ එළවලු කොටුව දකිද්දී හිතට දැනෙන්නේ ලොකු සතුටක්. බණ්ඩක්කා වට්ටක්කා කැරට් කැකිරි පැණි පුහුල් එළ බටු කොච්චි වර්ග හරි ලස්සනට තියෙනවා. ළිද ළගට ටිකක් මෙහාට්ට වෙන්න මයෙ නිලූෂ වෙනම කෑල්ලක හිටවලා තියෙන්නේ එයාගේ ආසම කෑම තවුසි කොළ.

” නුරාද අප්පච්චිට මේ පොල් බෑව ගාලා දෙන්න “

” මොලාත අප්පත්ති පතියත සදලා දෙන්තෙ ඈ අලේ “

පැටියා පොල් බෑවත් අරන් හිරමනේ උඩ ඉදගද්දි මන් යටින් තිබ්බ මැටි පිගානේ. අද රෑට ඉඹුල් කිරි බත් හදන්න කියලා මන් බැලුවේ. නිලූෂ ඉඹුල් කිරිබත් කන්න ආසත් නෑ නෙ පොල් හැපෙනවා කියලා.

” ඉඹුල් කිරි බත් නුරාද… ආසයි නේද ම් “

” සා…….. සෝයි නෙ මදේ අප්පත්ති. මත දෙදි දෙතත් ඕලි හලිත “

” හරි හරි මයෙ පැටියා ඕක ගාලා දෙන්නකෝ අප්පච්චිගේ පැටියා “

කොල්ලගේ කම්මුලටත් හාද්දක් දීලා මන් දර ටිකක් අරන් ලිප පත්තු කරන්න ගත්තෙ ලිප් මුල්ලේ ගුලි ගැහිලා නිදා ගෙන ඉන්න සුදු මහත්තයාව පෝරණුවේ යට දර ගොඩ උඩට දාලා.

” පොඩී උබ මොකද කරන්නේ ඈ දරුවෝ “

” ඉඹුල් කිරි බත් හදන්න කියලා අප්පච්චි. එන්න ඇවිල්ලා ඉද ගන්න “

පත්තු කරපු ලිප උඩින් කේතලේ තියලා පොල් කට්ටකුත් දදා ඉද්දි එළියේ කුස්සියේ දොරින් ඇතුළට ආවෙ අප්පච්චි.

” අප්පේ චූටි හාමු පැටියා පොල් ගානවා වගේ. හොදයි හොදයි පොඩි කාලේ ඉදලා වැඩක් පලක් කර ගන්න ඉගෙන ගන්න එක කොච්චර දෙයක්ද “

” තීයා අයි අලේ ආවෙ “

” පැටියා බලන්න තමයි අප්පේ ආවෙ

අම්මා නැති වුණාට පස්සේ අප්පච්චි නම් සෑහෙන්න වෙනස් වුණා. මන් හරි කැමති ඉස්සර හිටපු අප්පච්චිට වඩා දැන් ඉන්න ආදරණීය අප්පච්චිට.

” අප්පච්චි කිරි එකක් බොමුකෝ. ඉන්න වතුර පැහෙනකම් මන් ඉක්මනට වක් කරන්න “

” පොඩි උබ කරදර වෙන්න ඕන්නෑ. උබලගේ ඉස්කෝලේ ලොකු මහත්තයා ඕන් දැන් ටිකකට කලින් ඇවිල්ලා ගියා වලව්වට “

” ඒ මොකද අප්පච්චි ඒ ලොකු සර් ආවේ “

” වෙද රාළ මහත්තයා හම්බෙලා යනින් ගමන් බන් වලව්වට ගොඩ වැදුනේ කිව්වේ. ඔහේ කතා කර කර ඉදලා ගියා ඕන්. ආ ඒක නෙවෙයි පොඩී ඕන් ලොකු සර් කිව්වා ආයේ ඉස්කෝලෙන් පස්සේ හවස ගුරුවරුන්ට පන්ති කරන්න දෙන්නෑයි කිව්වේ “

අප්පච්චි ඒ කිව්ව‍ එකට නම් මට පුදුම හිතුනා. ලොකු සර් වුණත් කොච්චර කැමතිද අපි ඉස්කෝලේ පන්ති කරනවට.

” ඇයි අප්පච්චි ලොකු සර් එහෙම කිව්වේ “

” ළමයි හවස පන්ති ඉවර කරලා ඔහේ රස්තියාදු ගහනවලු අහු මුළු අස්සවල් වල.. තව මොන මොනාදෝ කිව්වා. මට ඕන් එච්චරයි මතක “

හරි කමක් නෑ ඉස්කෝලේ කරන්න බැරි වුනොත් ළමයින්ට කියානවා වලව්වට එන්න කියලා. හිල්ලාවේ ළමයිමනේ ඉතින් ඉස්කෝලෙත් ගොඩක් දුර‍ට ඉන්නෙ.

” ඊලයි මන්. තෙල්ලම් කලන්ත යන්තත ඈ අප්පත්ති…. “

” එළියට යන්නැතුව ඇතුළේ සෙල්ලම් කරන්න. පැටියෝ මේසේ තියෙන කේක් එක ගේන්නකෝ රත්තරන් “

ඒකෙ ආයේ චොකලට් නම් ඇත්තෙම නෑ. හොද වෙලාවට කේක් ගෙඩියේ ඇතුළට චොකලට් අයිසින් බැහැලා තියෙන නිසා පැටියටත් කන්න වෙන්නේ ඒවා තමයි තනිකරම චොකලට් අයිසින් නැතුව.

” ආ පොඩී ඕන් උබට අයියා මොකක්දෝ එකක් එවලා තිබ්බා. උපන්දිනේට වෙන්ඇති “

” මන් පස්සේ ඇවිල්ලා අරන් යන්නම්කො අප්පච්චි “

ඉඹුල් කිරිබත් කාලා යන්න ඉන්න කිව්වත් අප්පච්චි ඉක්මනට මහ වලව්වට ගියා. හත විතර වෙද්දී තමයි මන් මල් කඩලා පැටියා එක්කලා බුදුන් වැන්දේ. වදින්න කලින් මන් බුදු කාමරේ අතු පතු ගාලා සාම්බ්‍රානි කුඩු අල්ලනවා.  නිලූෂ රෑට වලව්වේ නැති වෙද්දි හරි පාලුයි.

” අප්පත්ති අප්පත්ති අල බාන්නකු තුත්තක් ඔලාදේ පූතා නේත අල ඔන්තිල් ලාවේ ඉන්තෙ “

මන් ජනේලේ වහන්න ගියත් හරි මගෙ කරේ එල්ලිලා හිටපු පැටියා අතත් දික් කරලා පෙන්නුවේ ලොකු ඔන්චිල්ලාව දිහා.

” ඔය ඉදපුවෙ එළියෙත් පොඩ්ඩක් හරි. පුදුමයි ලොකු මහත්තයා එළියට බැස්සා “

සුදු මහත්තයා ඉන්නෙම කුස්සියේ පෝරනුව යට නැත්තම් ලිප උඩ. ඒකා එළියට බහින්න හරි කම්මැලි. මන් ඉස්සරහ පැත්තේ ජනෙල් ටිකත් වහලා පැටියව හාන්සි පුටුවේ වාඩි කරවලා මන් ගියේ කිරි බත් ගුලි දෙකක් බෙදා ගන්න.

” අහ් හා සුදු මහත්තය මන් බය වුණා …. ඔය විජහට උබ ඇතුළට ආවද බන්. අනේ මන්දා.. “

මන් ලිප ළගට යද්දි ගැස්සිලා ගියේ ලිප් බොක්කේ ගුලි වෙලා ඉන්න සුදු මහත්තයව දැකලා. පැටියගේ පිගානෙට එක ඉඹුල් කිරි බත් ගුලියයි මගෙ එකට ගුලි දෙකයි. හෙට උදේට කන්නත් ගුලි දෙකක් තියෙනවා.

මයෙ ඇගට මොකක්දෝ සීතළක්‌ එක්කලා උණුහුමකුත් දැනුනා වුණත් ඇස් අරින්න තරම් වත් මට නෙවෙයි උනන්දුවක් තිව්බේ. ඒත් එක්කම කුකුල්ලුත් කෑ ගහනවා පිස්සුවෙන් වගේ. උදේ වෙලා වෙන් ඇති.

” නිදා ගෙන ඇති නැද්ද මයෙ හාමු මහත්තයට ම්….. “

” අහ් නි ලූෂ කීයට ද ආවෙ “

මයෙ කන් පෙත්තකට හාද්දක් දීපු මයෙ නිලූෂ තවත් මාව තුරුල් කර ගනිද්දී ඇස් අරින් නැතුවම ඒ පපුව අස්සේ මූණ ඔබා ගත්තා. ඒත් වැඩි වෙලා යන්න කලින්ම මයෙ ඇස් ඇරුනේ වතුර බින්දු දෙකක් මයෙ මූණට වැටෙද්දී.

” මේ මල පාන්දර නා ගන්න පිස්සුද මනුස්සයෝ.. දෙයියනේ ඔලුව හරියට පිහද ගෙනත් නෑ “

මන් නැගිටලා සරමත් හදා ගෙන රාක්කේ තිබ්බ මගෙ තුවායත් අරන් හිනා වෙවී ඇදේ ඉද ගත්ත මයෙ කොල්ලගේ ඔලුව හොදට පිහ දැම්මා.

” මගෙ හාමුගේ බන්ඩියේ පැටව් ගොඩක් ඉන්නවා වගේ “

” මට ආයේ බබ්බු හම්බෙන්න මන් ගෑණියෙක් ඈ. එහෙම ඉන්නව නම් කොච්චර දෙයක්ද “

බඩට ඔලුවත් ගහ ගෙන මයෙ කොල්ලා කියන්නේ මාර කතා තමයි. එහෙම පුළුවන් නම් මන් ළමයි මෙලහකට තුන් හතර දෙනෙක්ම වදලා.

” මයෙ පුංචි හාමු දෙයක් අහන්නද මන්. හැබැයි ඔන්න කලින්ම කිව්වා මන් මයෙ වස්තුව අකමැති නම් මට ඒකත් කියන්න හරිද රන්….. සම්පුර්ණ වගකීම මන් භාර ගන්නම්. එදත් මන් ඇහුවට මොකවත් කිව්වෙත් නෑ හරියට “

” මොකක්ද මයෙ චූටි අප්පච්චිට අහන්න තියෙන්නේ ම්…. “

මන් තුවායත් තියෙලා මයෙ නිලූෂව මන් බදා ගෙන එහෙම ඇහැව්වේ හිස් මුදුනට ලොකු හාද්දක් දීලා..

” අලේ අප්පත්ති…… තූති අප්පත්ති බාන්නකු හොල ගෙදියෙත් වදේ අවිල්ලා පතියව මිලිතදෙන දොයි. මන් එලාත හුලෙන් අයියූ ආවෙ…. පතියදෙ කුක්කු එත කු අප්පත්ති……. “

” ඉන්න වස්තු මේක පැහෙනකම් එන්නකෝ අප්පච්චි ගාවට “

මන් පැටියවත් මයෙ අස්සට තුරුල් කරන් හාන්සි පුටුවේ වාඩි වෙලා පැටියගේ කම්මුල් ඉඹගෙන ඉඹගෙන ගියේ එයා හයියෙන් හිනා වෙද්දී.

” නුරාද අප්පච්චිගේ රන්කොටේ…. “

” ඕ අප්පත්ති…. “

මගෙ නිලූෂ පාන්දර අද මගෙන් ඇහැව්වේ එක දවසක් අහපු ප්‍රශ්නෙමයි.  මාත් කැමති නුරාදට එයාගෙම කියලා සහෝදරයෙක් ඉන්නවා නම්. ඒත් හදා ගන්න ළමයෙක් ගන්නවා කියන්නෙම ඒක ටිකක් නෙවෙයි ගොඩක් හිතන්න ඕනී ප්‍රශ්නයක්.  සමහර හදා ගන්න ළමයි ඇත්තටම හොදයි. ඒත් එහෙමත් එක්කෙනෙක් දෙන්නෙක් තමයි  ලොකු වුණාම වෙනස් වෙන්නේ නම්.

නිලූෂ කිව්ව‍ දරුවා නම් ගොඩක් අහිංසක ළමයෙක් කියලා නම් තමයි කිව්වේ. අනාථ නිවාසේ නිලූෂ එක්කලාලු ගොඩක් දුර‍ට හිටියෙ ඒ ළමයා. නුරාදගේ වයසෙමයි කියලනෙ කිව්වේ. ඒ දරුවා හදා ගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි. මාත් හරි ආසයි. ඒත් අපේ පැටියට දුක හිතෙයිද දන්නෑ. මන් සුදු මහත්තයට ආදරෙ නිසා තමයි පැටියා සුදු මහත්තයා එක්ක වුනත් තරහ. මන් කොච්චර වත් පැටියට කියනව ඉරිසියා කරන්න හොද නෑ ළමයි කැතම කැත වෙනවා කියලා. දැන් නම් පොඩ්ඩක් අඩුයි හැබැයි.

” නුරාද කැමතිද පැටියට අයියා කෙනෙක් ඉන්නව නම් ම්…. හැමදාම මගෙ වස්තු එක්කලා ළගින්ම ඉන්න අයියෙක්ට කැමතිද “

” අයි මත සාහුල් ඉන්තෙ අප්පත්ති. එලානෙ මදේ තූති අයියා. මත මාලියෙත් තමා සැබයි නත්තේ “

” හරි හරි පැටියට මල්ලියෙක් ගෙනල්ලා දුන්නොත් මගෙ වස්තු එයාව ආදරෙන් බලා ගන්නවද. මොකද එතකොට ඔයානේ චූටි මල්ලිගේ ලොකු අයියා. එහෙම මල්ලි බබෙක් අප්පච්චිල පැටියට ගෙනල්ලා දුන්නොත් මගෙ රන් කොටේ එයාව හැමදාම හොදට බලා ගන්නවද “

මගෙ පැටියගේ ඇස් නම් දිලිසෙනවා එහෙම කියද්දී. පැටියා කැමති නම් මාත් කැමතියි දරුවෙක් හදා ගන්න අර ගන්න.

” අප්පත්ති මත මාලියෙත් ගෙනෝද ඈ අප්පත්ති….. අලේ පතියා ආදලෙයි මදේ අප්පත්තිත. මන් ලුකු අයියෙත් හින්තා තූති මාලිව හොදත බා ගන්නෝ ඔන්ත .. කාද්ද තූති මාලි මත දෙන්තෙ ඈ අප්පත්ති “

               💥💥💥💥💥💥💥

මන් කුස්සියේ දොර ළගට වෙලා අහන් හිටියෙ ඒ දෙන්නගේ කතාව. එහෙනම් මයෙ හාමු මහත්තයා අකමැති නෑ වගේ. එයාට බය හිතෙන්න ඇති පිට ළමයෙක් ව හදා ගන්න ගමුද කියලා අහද්දී.  මන් ආයේ හැරිලා ගියේ ඉස්සරහට. හාමු මහත්තයා තාම දොරවත් ඇරලා නෑ. මන් දොරත් ඇරලා ඉස්සරහා ඉස්තෝප්පුවට ගිහිල්ලා හිටගෙන බලන් හිටියෙ අපේ මිදුල දිහා.

අනාථ නිවාසේ ඒ ළමයි වුණත් හරි ආසයි එයාලටත් අප්පච්චියෙක් අම්මෙක් ඉන්නවා නම්. වැඩියෙන්ම පොඩි ළමයි. එයාලා තමයි වැඩි පුරම ලොකු අයට වඩා දෙමව්පියන්ගේ උණුහුම හොයන්නේ. අදට මන් අනාථ නිවාසෙන් ඇවිල්ලා අවුරුද්දකට කිට්ටුයි. ඒ අවුරුද්ද ඇතුළත මන් සෑහෙන්න දේවල් කර ගත්තා මෙහෙදි .  රස්සාවක් වගේම පවුලක් මට ලැබුණු වටිනාම දෙක.

” නිලූෂ නැගිට්ටද ආ…. මන් කිරි එකත් ඇරගෙන කාමරේටත් ගියා ඔයාව හොයා ගෙන “

” හුළං ඩිංගක් වැදෙන්න කියලා ඉස්සරහට ආවා හාමු. අප්පේ මයෙ චන්ඩි පැටියා.. කුක්කු එක බීලා ඉවරයිද “

දුවගෙන ආපූ නුරාද එක පාරටම මයෙ ඔක්කට පනිද්දී අතේ තිබ්බ කෝප්පෙන් කිරි පොඩ්ඩකුත් හැලුනා.

” ආන් වාහනයක් එනවා හාමු මහ වලව්ව පැත්තට “

” ටෙලිකොම් එකෙන්ද කොහෙදෝ නිලූෂ. ලයින් එකවත් හදන්න වෙන්න ඇති. හදිස්සියක් වුණාම ඇමතුමක් වත් ගන්න බෑ නෙ. “

ඒක හොදයි. හිල්ලාවේ ලයින් එක ගිය අවුරුද්දේ කැඩුණු පාර දැන් තමයි හදන්න එන්නෙ. කොළඹ පැත්තේ නම් ලයින් හැමගමකම වගේ තියෙනවා. මහ වලව්වෙත් ලොකු ෆෝන් එකක් තිබ්බේ. ඒක නම් මෙලහකට කැඩිලත් ඇති. අපේ වලව්වටත් ගත්තා නම් හරි ෆෝන් එකක්.

” පැටියෝ නුරාද කුස්සියේ පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා බලන්නකෝ ඔයාගෙ යාලුවෝ තුන් දෙනා කිරි බීලා ඉවරයිද කියලා “

මහ පූසි පැටව් දාලා මාසයක් වත් ගියෙ නෑ ඒකා අන්තරස්දහන්. හාමුටයි මටයි හිතා ගන්න බෑ ඒකට මොකද වුණේ කියලා.

” චූටි අප්පච්චි…. පැටියට ඕන් ඕනියි කිව්වේ චූටි මාලි කෙනෙක්ලු. අයියා කෙනෙක් එපයි කියලා කිව්වේ “

” හාමු ඒ ගැන කල්පනා කරාද. මයෙ බේබී ඒ ගැන මොකද කියන්නේ “

මන් කිරි උගුරක් උගුරේ හලන් බැලුවේ මන් දිහා බලන් ඉන්න හාමු දිහා.

” මන් කැමති නිලූෂ. අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමුද ඒ ළමයව මිස්ට කතා කරන්න කලින්. මේකයි ඇත්තටම නුරාද මල්ලි පැටියෙක්ට කැමති කිව්වට ඒ දෙන්නට පොඩ්ඩක් එකට ඉන්න දීලා බලමුද. හෝරාවක් හරි දෙන්නට දෙන්නා කතා කර ගන්න දීලා පොඩ්ඩක් බලමුද අපි. ඒ ළමයා ගොඩක් අහිංසකයි නම් අපේ නුරාද එක්කලා ඉන්න ලේසි වෙයි හැබැයි “

” ඔයාට නිවාඩුත් එකේ ඉක්මනට ගිහිල්ලා බලමුකෝ. මන් එක දිගටම වැඩ කරපු හින්දා දවස් දෙක තුනක් විතර නිවාඩු ගන්න පුළුවන් වෙයි “

හාමු කිව්ව‍ කතාවත් ඇත්ත තමයි ඉතින්. අලුත් සාමාජිකයෙක් ගේන්න කලින් එයා වුණත් අපේ එකාට කැමති වෙලා ඉන්න එපැයි.  නුරාද එයාට අල්ලන්වත් ගහයිද දන්නෑ. ඔක්කොටම වඩා හපන් ඒ පොඩි එකත් සුදායියා ගාගෙනම මගෙ ඇගේම හුරතල් වෙවී ඉන්න ආවොත් නුරාද ඒ පැටියට වෙනස්කම් වත් කරන්න ගත්තොත්. ළමා මනස එච්චරටම බොළදයිනෙ.

” නුරාද කොහෙද ඔය යන්නෙ “

” තීයා ගෙදල ගීල්ලා එන්තම් තූති අප්පත්ති…. “

බයිසිකලේ පැඩල් එක පාගලා කොල්ලා හෙමින් හෙමින් අපෙ වත්තෙ මැද හොදට සුද්ද කරපු පාර දිගේ යන්න ගියෙ වූෆි සින්දුවත් කිය කියා .

” ගියාද පැටියා “

” ඕන් බයිසිකලේ ගියෙ සීයා ගෙදර. ලොකු හාමු ඉන්නවා ඇති නේද. වත්තට වත් ගියාද දන්නෑ “

” නෑ නෑ නිලූෂ අප්පච්චි ඕන් ඉන්නවා. පස්සේ හවස් වෙලා වත් යයි “

මන් ආයෙ ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ වාඩි වෙලා පත්තර ගොඩෙන් පත්තරයක් ගත්තා කියවන්න.
හාමු මහත්තය නම් එයාගේ වාහනේ හෝදන්න කියලා ඒක ඉස්සර ගල් පැදුරට ගෙනාවා.

” හෝස් එක වහන්නකෝ ඒයි “

” මගෙ බයික් එකත් හෝදලා දෙනවද “

කරාමෙත් වහලා මන් ආවෙ හාමු ළගට. කොන්ඩෙට බූල දැම්මට වැඩක් නෑ. හැම තැනින්ම කොන්ඩෙ පැනලා. හාමු මහත්තයගේ පරණ රෝද හතර වගේද මගෙ බයික් කට්ට. කළු පාටින් දිලිසෙනව. ජපානේ හදලා ගෙන්නපු එකක් නිසා ඒක හරි ගණන් අනිත් බයික් වලට වඩා. හැබැයි මගෙ එකේ මහ ලොකුවට තෙල් පිච්චෙන්නෙත් නෑ. මන් ඔහේ බයික් එක ගැන කල්පනා කර කර ඉද්දි අපෙ වලව්ව පැත්තට ආවෙ ලොකු ජිප් එකක්.

” කවුද අනේ ඒ…. “

” ඉන්න පොඩ්ඩක්. ගජේ වගේ “

ඔව් ඔව් ගජේයි දමියයි. අප්පේ දෙන්නා රෝන්දේ ගහලා ගහලා මේ පැත්තටත් අඩිය තියෙනවා.  ගජේ බැහැලා එන්නත් කලින් දමියා දොරත් දඩාස් ගාලා වහලා මොකක්දෝ මල්ලක් උස්සන් හිරික්කියකුත් දාන් මේ පැත්තට එනවා ගජේත් පිටිපස්සෙන් එද්දි.  මන් හිතුවේ දමියට කොල්ලත් එක්කලා ඇඹලයෙක් වගේ ඉදියි කියලා.  මට වැරදිලාද කොහෙදෝ.

” අප්පේ හාමු බේබී දැක්ක කල්. කොල්ලා නම් තවත් ලස්සන වෙලා. අපේ චූටි අයියා හින්දා තමයි නේද හාමු “

” තමුසෙගෙ කට වහ ගනින් ඕයී. පොඩ්ඩක් දැන් වත් වැදගත් විදිහට හැසිරියන් “

” අනේ මේ බබා මගෙන් ඉතින් වදුරු කුණු හරප තමයි අහ ගන්න හදන්නේ ඔය “

එහෙම කියලා දමියා ආයේ අපෙ පැත්ත හැරිලා මට ලොකු හිනාවක් දාලා වට පිට බැලුවෙ ගජේගේ මූණ හාමුගේ පැත්තට හැරෙද්දී .

” යන් පුතාලා ඇතුලට. නිලූෂ මේ ළමයිව ඇතුළට එක්ක යන්න මන් මේක අව්වට දාලා එන්නම්කෝ “

” අපෝ ඇතුළට යන්න ඕනී නෑ අපි ඉස්තෝප්පුවේ ඉන්නම් හාමු “

” කෝ අයියේ පොඩි එකා…..”

” ලොකු හාමුලා දිහාට ගියා කොල්ලෝ. ඉන්න මන් පුතාව අඩ ගහන් එන්නම් “

ඒ දෙන්නම ඉස්තෝප්පුවට ගිහිල්ලා හාන්සි පුටුවෙන් වාඩි වෙද්දී මන් බාටා දෙකත් දාන් ගියෙ මහ වලව්වට. ලොකු හාමු නම් පේන්න නෑ හැබැයි. නුරාදගේ වට්ටි කට නම් ඇහෙන්නේ කුස්සියේ පැත්තෙන්.

” නා ආත්තී මාලියෙත් තමා තූති සාමුත ගෙනෝ කීවේ . මන් මොතතද බොලු කියන්තෙ ඈ අලේ….. “

” නුරාද ආන් දාමි අයියා ඇවිල්ලා ඔයාව හොයනවා “

” දාමි අයියා ආවත ඈ තූති අප්පත්ති පතියව බාන්ත. මන් ගීල්ලා එන්තම් ආත්තී… බායි බායි “

පැටියා මයෙ අතටත් ගහ ගෙන දුවගෙන ගියෙ කුස්සියේ පැත්තෙන් එළියට.

” කොල්ලෝ මොනා හරි බොමුද. මන් වතුර එක නම් පැහෙන්න දාලයි තියෙන්නේ ඕන් “

” එපා නැන්දේ මන් මේ නුරාද එක්ක යන්න ආවෙ. මගෙ යාලුවෝ දෙන්නෙක් ඇවිල්ලනෙ. කෝ ලොකු හාමු…. “

” ඕන් වත්තට ගිහිල්ලා එන්නම් කියලා ගියෙ.. දෙනුවන් බේබී නම් හිටියා චූටි බේබී එක්කලා සෙල්ලම් කර කර. දැන් නම් කාමරේට යන්න ඇති “

මන් අපෙ දිහාට එද්දි මයෙ හාමු ඔක්කොමලාටම කිරි කෝපි හදලා. නුරාදත් ඉන්නවා දමියගේ ඔක්කේ විස්කෝතු කකා මොන මොනාදෝ කියව කියව.

” මෙච්චර වෙලා මොකද කරේ. ඕන් කිරි එක බොන්න “

” ඈ අයියේ අර කේස් එක මොකද දැන්. තාම පොලීසියට බනිනවද “

” ආණ්ඩුව මිනිස්සුන්ව අවුස්සනවා බන්. අනේ මන්දා ඉතින්. ටික දවසකින් ඕක ඇරිලා යාවී. අප්පච්චි කොළඹද “

මාත් හාන්සි පුටුවේ වාඩි වෙලා කිරි උගුරක්‌ තොල ගෑවා. දමියා නම් මේ ලෝකේ සිහියක් නෑ වගේ නුරාදත් එක්ක දොඩව දොඩව පිස්සෙක් වගේ හිනා වෙනවා. කිරි පොඩ්ඩකුත් ඇගේ හලා ගත්තා.

“  ඇයි මෙච්චර ගොඩක් ගෙනාවේ හාමු. පොඩ්ඩක් ගේන්න තිබ්බනේ “

” මන් දන්නවනේ මයෙ නිලූෂට ඕවා කොච්චරක්‌ ඕනී වෙනවද කියලා. ඒකයි ඔච්චර ගෙනාවේ “

හාමු මහත්තය හවස වලව්වට ගියපු පාර මාලු පිනිත් අරන් ඇවිල්ලා. කොල්ලු එක්කලා වැව් මාළු. තවුසි කොළත් තිබ්බා නම් නියමයි බත් එකට.

මන් පහු වෙනදා උදේන්ම ආවෙ අපෙ වැඩ කරන තැනට. දමියා නම් තාම ඇවිල්ලා නෑ. උඩ තට්ටුවට ගිහිල්ලා අත්සනුත් දාලා මන් ගියෙ මගෙ මේසෙට. රස්නි නිසාම කමිසේ උඩ බොත්තම් දෙක තුනකුත් ඇරලා ලිපි ගොනු ටිකේ ඕනී ඕනී තොරතුරු දත්ත එකින් එක මගෙ විමර්ශන වැඩ පොතේ ලියා ගෙන ගියා.

” ඒයි නිලුවෝ මෙහෙට හැරියන්කෝ පොඩ්ඩක් “

” ඇයි කියපන් ඉතින් “

මන් පුටුවත් මෙහාට්ට කරලා හැරුනේ විහාගේ පැත්තට. මොකක් හරි වැදගත් කේලමක් වගේ.

” මන් දැන් ටිකකට කලින් වොෂ් රූම් ගියා බන්. මේ මන් දැක්කා ලොකු සර් රන්දුනු සර්ව බදා ගෙන ඉන්නවා. මුලින් මට හිතා ගන්නවත් බැරි වුණා ඕයී. තාම හිතා ගන්න බෑ. ඒත් එහෙම වුණා “

” මගෙ දෙයියනේ විහා තොත් ඉතින් දිවත් ලෙව කකා බලන් හිටියා නේද. බලන් යද්දි උබත් හරි කෙරුමා තමයි නෙ “

දමියත් පුටුව අරන් ඇවිල්ලා අපෙ ළගට. මට ගානක් ගියෙත් නෑ. ඒ වුණාට රන්දුනු සර් බැදලනෙ.

” රන්දුනු සර් එහෙම කෙනෙක් කියලා හිතුවේ නෑ විහා. පව් සර්ගේ ගෑණි “

” මොන ගෑණියෙක් ගැනද කියවන්නේ තෝ…. “

විහා මගෙන් එහෙම අහද්දී දමියා බැලුවේ මගෙ දිහා.

” ඇයි එදා මෙහාට්ට ආවා බන් සර්ගේ නෝනා බත් එකක්‌ දෙන්න “

” පිස්සුද බන්. ඒ සර්ගේ අක්කා. රන්දුනු සර් තාම බැදලා නෑ. ලොකු සර් නම් දික් කසාද වෙලා කියලා කියන්නේ කට්ටිය නම් . ඒ දෙන්නා අතරේ මෙව්වා එකක්‌ තියෙනවා. නැත්තම් එහෙම බදා ගෙන ඉන්නවද කියන්නකෝ “

” ඒක තමයි නිලුවෝ කලින් මට රන්දුනු සර් රව රව හිටියෙ. බැලින්නම් හේතුව මේකයිනෙ. කමක් නෑ රන්දුනු සර්ට වඩා මගෙ හිකනල් පැටියා කොච්චර හොදද. මන් මොක කිව්වත් මගෙ බබා අහන් ඉන්නවනේ ඉතින්.  මන් ආදරෙයි මගෙ බබාට “

” ගජේ තමයි උබට ගැලපෙන්නේ “

               💥💥💥💥💥💥💥

ගිහිල්ලා එන්නම් යාලුලා 🤗

බුදුසරණයි 🙏

අදහස් වලට යාලූලා හැමෝටම ගොඩාරියක් ඉස්තුතියි 🙏❤️❤️

වෝට් වලටත් ගොඩාරියක් ඉස්තුතියි 🙏❤️

කතාව එක්ක ඉන්න යාලූලා හැමෝටමත් ගොඩාරියක් ඉස්තුතියි 🙏❤️❤️❤️❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑනවවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑනවවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑනවවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑනවවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑනවවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑනවවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 82