À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑතුන්වැනි කොටහා

A+ A-

” තව ටිකක් මෙහෙම ඉමුකො හාමු. මොකෝ ඉතින් අදත් මයෙ හාමු මහත්තයට ඉස්කෝලේ යන්න තියෙනවා කියලා ඈ…. “

” එහෙනම් අද ඔයා උයන්න. මන් මිදුල් අතු ගාලා ගේ අතු ගාන්නම්. කාලෙකින් මයෙ නිලූෂ හදන කෑමක් කෑවේ නෑ වගේ “

එහෙම කියපු හාමු මහත්තයා තව තවත් මයෙ අස්සට ඇවිල්ලා ආයේ පාත් වුනේ මගේ මූණට. පැටියට නම් තාම නින්ද ගිහිල්ලා. දැන් නම් උදේ හතත් පහු වී ගෙන එන්නෙ.

” ඊයේ රෑ හාමු පැටියට ගැහැව්ව පාර සැර වැඩියි ටිකක් “

” දෙකක් දුන් නැත්තම් ඔය කොල්ලා ආයේ ඇට්ටර වැඩක් කරොත්. බලන්න ඊයේ මන් බය වුණු තරමක්‌ “

එහෙම කියලා මයෙ හාමු මහත්තය ඉස්සිලා බැලුවේ පාපිස්සේ හොදට ගුලි වෙලා නිදන් ඉන්න එයාගේ සුදු මහත්තය දිහා. මයෙ පුංචි බේබී දුන්නා පැටියගේ පස්සටම චටාස් චටාස් ගාලා ගුටි දෙකක් පූසා මැරිල කියලා හිතාගෙන. පූසට මන් කිව්වත් වගේ කලන්තේ දාලා තමයි තිබිලා තියෙන්නේ.

” මයෙ හාමු මහත්තයගේ අප්පච්චි බලන්න වත් අද යන් නැද්ද ම් “

” අද තුන් දෙනාම ගෙදර ඉමු අනේ. හෙට වත් යන්. අද අපි දෙන්නා මොනා හරි විශේෂ කෑමක් හදමුද ඈ…. අර කෑම පොතෙන් බලාගෙන “

” එළෝලු රොටි හදමුද ටින් මාළු එකකුත් තියෙනවා “

හවසට තේ බොන්න එලෝලු රොටි හැදුවා නම් හොදයි තමයි. හැමදාම විස්කෝතුම කන්නත් බෑ නේ ඉතින්.

” එලෝලු රොටී වලට මාළු නෙවෙයි එළවලු නේ දාන්නේ දරුවෝ “

” හරි ඉතින් අපි ටින් මාළුත් දාමු හාමු. එළවලු විතරක්ම කන්න බෑ. පැටියගේ එකට නම් බිත්තරේකුත් දාමු නේද “

” එහෙම කරමු එහෙනම්. මයෙ මනුස්සයා කියන දෙයක් තමයි ඕන් “

හාමු හිනා වෙලා එහෙම කියලා මයෙ කම්මුලටත් හාද්දක් දීලා නැගිටලා ගියේ කාමරෙන් එළියට. අදත් අර මාමා බයිසිකලේ ඇවිදිල්ල එළ කිරි බෝතලෙත් දීලා ගියේ හාමුගේ අතට. ඇති යන්තම් තාම උදේ කිරි එක බිව්වේ නෑ. මන් ලිප පත්තු කරලා උදේට කන්න උයන්න බත් එක ලිපේ තියන්න ගත්තා

” අප්පත් ති බදගිනි කුක්කු එත හලි ද මදේ “

පැටියා නිදි මර ගාතේම ඇවිල්ලා හාමුගේ පිටිපස්සත් බදන් එහෙම කිව්වේ ඈනුමකුත් ඇරලා.   හාමු කරාමෙත් වහලා අත් දෙකත් සරමෙන්ම පිහා ගෙන පැටියව වඩා ගත්තෙ ලිප ළග හිටපු මටත් හිනාවක් දාලා. ඊයේ රෑ හාමුගෙන් රත් චෙන්න කාපු ගුටි මේ වෙද්දී පැටියට හරි ඉක්මනට අමතක වෙලා.

” රසද ම්…. කෝ ඉතින් මයෙ වස්තු මැණික ඔක්කොම ටික ගුඩු ගුඩු ගාලා බොන්න ඕනී “

” ම්… “

එච්චරටම තිබහා වෙලා. හාමුයි මායි හකුරු කෑල්ලක් එක්කලා බංකුවෙ වාඩි වෙලා කිරි එක තොල ගෑවා.

” අයියේ තූති අප්පත්ති ඔලා පෝ කිලි තුත්තක් දාන්තේ ඈ “

” එතකොට රසයි වස්තු. ඉව්වට පස්සේ කාලා බලන්නකෝ මයෙ වදුරු පැටියා “

පැටියා මයෙ පිටේ එල්ලිලා ඉද්දි මන් ගාපු පොල් චුට්ටෙන් මිටි කිරි ටික මිරිකලා දැම්මේ ගොජ ගොජ ගගා ඉදෙන මාළු හට්ටියට. උදේට මුහුදු මාළුයි ගෝවා තෙල් දාලයි චූටි පරිප්පුවකුයි. පැටියට උගුරෙන් පහළට යන්න පාප්පුම තියෙන්න එපැයි.

” අයියූ ඔලාදේ මේ බාන්නකු මදේ තූති අප්පත්ති…. ඔදතෝම කයියෝ ඌවා කලලා අලේ. බාන්නකු අප්පා… ගුදාලියක් මදේ තූති අප්පත්තිත සිදෙනෝත ඈ… “

පැටියා මයෙ උරපත්ත වටේටම ඒ චූටි ඇගිලි හරි පරිස්සමින් අරන් යද්දි එයාගේ අප්පච්චිව මතක් වෙලා මට හිනාවක් ගියා.

” ටිකක් දනවා නම් තමයි පැටියෝ. මයෙ පැටියා චුට්ටක් උර පත්ත අත ගෑවා නම් හරි හැබැයි “

” හලි ඒනම් නාලායත තෙල් තුත්තක්‌ ගාලා පාත්තමත අත ගාන්තම්කු හලිත “

” නෑ නෑ ඔහොන්ම අත ගාන්නකෝ මයෙ පුංචි පැටියා. නාරායන තෙලේ ඕන්නෑ “

පැටියා මයෙ උර පත්ත අත ගානකම් මන් ඉදිලා තිබ්බ බත් එකත් කූරු ගාලා ඒකට දැම්ම රම්පෙ කොලයි කුරුදු කොළෙයි අයින් කරලා දැම්මා. මන් හරි ආසයි බතට කුරුදුයි රම්පෙ කොළයි දාන්න.

ඉද ගත්තට පස්සේ මන් පොඩ්ඩක් පැටියගේ කලිසම් කොටෙත් පාත් කරලා බැලුවේ හාමුගේ පාර තාමත් තියේද බලන්න. ඇගිලි හතරම හරි ලස්සනට හිටලා.

” කාසම ඉලිලත ඈ තූති අප්පත්ති “

” නෑ නෑ පැට්ටෝ මන් මේ නිකන් පොඩ්ඩක් බැලුවේ “

මයෙ හාමු මහත්තයා දෙකට තුනට නැවීගෙන ටොයිලට් එක මදිනවා. කොට කලිසම තව උඩට ගිහිල්ලා තියෙද්දී දුඹුරු පාට කලවා බේරිලා පේනවා. කන්නාඩි කුට්ටම තියෙන නිසා හොදයි ඉතින්. නැත්තම් කොහේද මට දුර පේන්නෙ

” ටොයිලට් එකට යන්න ඕනිද “

” නෑ නෑ හාමු. ඔයා ඔහොන්ම කරගෙනම යන්න. උයලා නම් ඉවරයි “

උදේ හොදට අව්ව වැටිලා තිබ්බට මොකද දැන් අහසත් කළු කර ගෙන පොඩි පොඩි වැහි බින්දු වැටෙන්න ගත්තා වෙද්දී මන් ඉක්මනට ගියේ එළියේ වැලේ වනලා තිබ්බ රෙදි ටික ගන්න. හාමු මහත්තයා නම් පැටියට වචන කියලා දෙනවා කතන්දර පොතකුත් කියව කියව.

” ඇයි මේ “

” දෙන්නම නාමුකෝ මයෙ නිලූෂ ම් “

ඇතුළට ඇවිල්ලා දොරත් වහන්න හදද්දීම මයෙ හාමු ඇවිල්ලා පිටිපස්සෙන් මාවත් බදා ගෙන එහෙම කියද්දී මටත් ආස හිතුනා මයෙ බේබී එක්කලා වැස්ස තෙමෙන්න.

” පැටියත් එයිද එළියට “

” මන් වැඩ ගොඩක්ම දීලා ආවේ පුටුවෙන් නැගිටින්නවත් එපා කියලා “

පිනි පොද ලොකු ලොකු වැහි පොද වෙලා අපිව සිප ගද්දි මායි හාමුයි දෙන්නම එළියේ තණ ගොල්ලේ උඩ බලාගෙන හිටියේ අපේ ඇදුමුත් තෙත් වෙලා යද්දි. මගේ සුදු දූල් බැනියම නම් භාගෙට තෙමිලා. මයේ ඇස් මගේ ඇග පුරාම දුවන හාමුගේ ඇස් එක්කලා පැටලුනේ මගේ හිතේ රාග ආල හැගුම් උඩ දුවද්දි. භාගෙට තෙමුණු කෙහෙ රැලි දැන් නම් පුංචි හාමුගේ බෙල්ල දිගේ ඇලිලා හරි ලස්සනට .

” ටැංකිය ළගට යමුද හාමු ම් “

” තව චුට්ටක් වෙලා ඉමු “

මගෙ හැගීම් උත්සන්න වෙන්න වෙන්න හාමු මාව මෙතන තියා ගෙන අවුස්සනවා. එයාගේ නහර පෑදුනු අත මයෙ අතේ පැටලෙද්දී මන් ඒ අත තද කරන් මයෙ හාමුගේ උර පත්තේ ඔලුව තියා ගත්තේ ඇසුත් පියාගෙන.

” මේ වැස්සේ නිදි මතද මයෙ කොල්ලට ම්…. “

” නෑ මගෙ හාමුගේ උණුහුම විදිනවා. කොච්චර සීතළ වුණත් හාමු ළගින් එන රස්නිය හින්දා සීතළ දැනෙන් නෑ මට . මන් හරි තණ්හාසයි මයෙ හාමුගේ උණුහුමට “

ඇද හැලෙන වැස්සෙම මන් ඔලුවත් උස්සලා ඒ ඉන වටේට අතත් දාලා තව ටිකක් මන් මයෙ පුංචි හාමු මහත්තයව මයෙ ඇගටම තද කර ගෙන පාත් වුණේ ඒ තොල් වලට.  හුස්ම ගන්න අමාරු වුණු තැන අපි ඈත් වෙලා එහෙන්ම තෙත තණගොල්ල ගොඩේ ඇලවුනා.

” කුඩැල්ලෝ රිංගයිද දන්නෑ “

” ලේ බීලා බීලා වැටෙන් නැතා බිමට “

මට එක පාරටම ලොකු හච්චිමක් ගියත් හරි තමයි හාමු මහත්තයා නැගිටලා මාවත් ඇදන් ගියේ ටැංකිය ළගට නා ගන්න.

” අප්පත්ති…… පතියත් එන්තද නා ගන්ත ඈ අලේ “

” එන්නෝ “

හාමු අතිනුත් අඩ ගහනකොට පැටියත් හිනා වීගෙනම ඇවිල්ලා මාව බදා ගත්තෙ හාමු අපි දෙන්නව නෑවිලා යන්න බාල්දියකුත් වක් කරද්දි.

” තොක් නේත අප්පත්ති වත්තෙ නාත්ති ඈ තූති අප්පත්තියේ….. “

” ඔව් ඔව් ශෝක් නම් තමයි. හැබැයි පැටියෝ ආයේ එහෙම වැස්සේ තෙමෙන්න යන්නෑ….. “

අපි තුන් දෙනාටම කොත්තමල්ලි වක් කරන ගමන් හාමු එහෙම කියලා පැටියට පේන් නැති වෙන්න මට ඇහැක් ගැහැව්වා.

මොනවා නැතත් නුරාද ඉන්නෙ හාමුගේ සුදු මහත්තය එක්කලා තරහ වෙලා. පූසව දැක්ක දැක්ක තැන හුම් ගාගෙන අඩියකුත් හප්පලා ගස්සගෙන තමයි යන්නෙ.

” ආ……… සා…… හුල් එනෝ ….. “

අපි සීතළ යන්නත් එක්කලා හාන්සි පුටුවේ කේක් කකා කොත්තමල්ලි තොල ගගා ඉද්දි පැටියා කෑ ගහගෙන දුවගෙන දුව ගෙන ගියේ දොර අරින්න.

” පැටියෝ චූටි අයියට දෙන්නකෝ තුවාය ඔලුව පිහදන්න “

” හන්දියට ආවා බන් බඩු ගන්න. මේන් ඉතින් රාහුල්ටත් මෙහෙ එන්න ඕනී කිව්වනේ “

වැස්ස සැර කමට ඈත කඩුල්ල හිටන් වත් පේන්නෑ.

” කාලද ආවේ දිනුවෝ “

” ඔව් බන්. ගයාන් සර්ගේ අම්මා ඉඹුල් කිරි බත් හදලා අපිටත් එක්ක “

හිනාවකුත් දාලා එහෙම කියාගෙන දිනුල මහත්තයා ගිහිල්ලා වාඩි වුණේ හාන්සි පුටුවේ

” එයාගේ අම්මා ඇවිල්ලද ඉන්නෙ “

” ඔව් බන් ඇවිල්ලා ඉන්නෙ “

දිනුල මහත්තයගේ ඇස් මගෙ පැත්තට හැරුනේ මාත් ඇස් හීනි කරගෙන එයා දිහාම බලන් ඉද්දි. මට එදා හාමුට කියන්න බැරි වුණා නේ ඔය වගක්. සර් ගේ අම්මා කියන්න ඇති දිනුලට මන් ගයාන් සර්ව බලන්න ආවා කියලා.

” ගයාන්ට දැන් කොහොමද දිනු “

” තාමත් සිහියක් පතත් නෑ විරා. තුවාල ටික නම් හොදයි එයාගේ. අද උදෙත් මන් බලන්න ගියා ඉතින්  “

ලොකු හුස්මක් පිට කරපු දිනුල මහත්තය ජනේලෙන් එළියේ ඇද හැලෙන වැස්ස දිහා බලාගෙනම හිටියේ මොකක්දෝ එකක් කල්පනා කරනවා වගේ.

” උබ මොනාද බොන්නේ… සීතළ යන්නත් එක්ක කෝපි එකක් වක් කරන්නද පිටි කිරිත් දාලා “

” හරි බන්. වලව්වේ කෝපිද විරා “

” ඔව් බන්. තව තියෙනවා මන් ළග බෝතලයක්ම. ගෙනියන්න දෙන්නම් උබටත් යද්දී “

මාත් ගියේ කුස්සියේ පැත්තට එයාලත් එක්ක. මයේ හාමුගේ අප්පච්චි වලව්වේ පිටිපස්සේ කෑල්ලෙත් පොඩිවට කෝපි වත්තක් හිටෝලා තියෙන්නේ. හැබැයි ඒවා නම් හාමු විකුනන්නේ නෑ. වලව්වේ වැඩ කරන අයටයි අපිටයි දෙනවා.

” නුරාද පැටියෝ කේක් එක ගේන්නකෝ “

” ඒ බන් කේක් එකේ උඩ චොකලට් අයිසින් නම් නැති වෙයි බන්. හරි අමාරුයි තියා ගන්න නුරාදගෙන් “

” කමක් නෑ තාම පොඩි උන් නේ බන් “

පැටියා කේක් පෙට්ටියත් උස්සන් ඇවිල්ලා හාමුගේ අතට දීලා රාහු එක්කලා ආවේ මන් ළගින් ඉද ගන්න.  රාහුල් නම් තව ටිකක් මහත් වෙලා වගේ. කලුමත් නැති තද නිල් පාටට හුරු ඇස් දෙක කොල්ලගේ මූණට හරි ලස්සනයි.

” සසයි නුලාද ඔලාදේ කේත් කාල්ල ම්… “

” සාවී අයියා මත දුන්තේ හලු.  තා කාල්ලත් කන්ත සාහුල් “

” නුරාද යාළුවට තව කෑල්ලක් දෙන්නකෝ අප්පච්චිගෙන් ඉල්ලන් “

මාත් හාමුගෙන් කෝපි එකක් ඉල්ලගෙන ඒක තොල ගගා හිටියෙ කට ඇතුළෙම දිය වෙන කේක් කෑල්ලේ රස බල බල.  රාහුල් නම් කටට දෙකට දා ගත්තා එයාගේ කේක් කෑල්ල නම්

” අම්බූ මෙලා ලුකු වෙලා තා තුත්තක් “

” ආපු දුප් යන්ත ඔලා….  අපා අලේ ඒතව ළගත ගන්ත සාහුල්. එලා ගුදක් නාත පූතෙක්. දෙන්ත හිතෙනෝ මත හොත ගුති දෙතක් “

අපි තුන් දෙනාම බලන් හිටියෙ නුරාදගේ කියවිල්ල දිහා. දෙන්න හිතෙනවා ගුටි දෙකක් කියපු කොල්ලා හාමුගේ දිහත් බලලා පූසා දිහා බැලුවේ කිව්වත් වගේම ගුටි දෙකක් දෙන්නද දන්නෑ.

” එලා හුදයි හලු. බාන්නකු ආදලේ හිතෙනෝනේ “

” මත නම් ඒම නා “

නුරාද කටත් ඇද කරලා රාහුල්ට එරෙව්වත් රාහු පූසව වඩා ගෙන එහා පැත්තේ වාඩි කරෝලා නුරාදට හිනාවක් දැම්මා.

” නිලූෂ නිලූෂ….. පොඩ්ඩක් මේක කඩලා
ගන්නකම් කොටුවෙන් තක්කාලි ගෙඩියක් ගේන්නකෝ දරුවෝ “

” ආපෝ මන් ඕක කඩන්නම්. හාමු ගිහිල්ලා ගේන්න. නෑ නෑ මන්ම ගේන්නම් “

බලාගෙන ඉද්දි ඒ මූණ දෙල් වුණත් හරි මයෙ හාමුගේම කළු ලොකු කුඩේ අරන් බැස්සේ එළියට.  කුඩැල්ලෙක්වත් කකුලේ එල්ලෙයිද දන්නෑ..  මන් සරමත් නවාගෙන ගැටයකුත් ගහලා වැට ඇරලා කොටුවට රිංගුවා .  මන් තක්කාලි ගෙඩි දෙකකුයි තව මාළු මිරිසුත් ඔහොන්ම කඩා ගෙන ඉක්මනට ඉක්මනට ගෑටුවේ ටැංකිය ළගට. හිතුවා වගේම තඩි කුඩැල්ලෙක්

” අද නැද්ද පුතා වැඩ “

” නෑ මාමේ අද නෑ “

දිනුල හාමුත් එක්කලා මොන මොනාදෝ දොඩව දොඩව හිනා වෙනවා. මන් ඉතින් බංකුවට වෙලා ඒ දෙන්නා දිහා බලන් ඉදලා ආවේ ඉස්සරහට.

                 💥💥💥💥💥💥💥💥

” අනේ බන් උන්ටත් මහ ඕන්නැති විගඩමක් නෑ නේ බන්. උබ පාඩුවේ ඉදින් “

” ඒක තමයි බන්. එයාලගේ පුතා දැන ගන්න එපැයි පාඩුවේ ඉන්න. විහින්නේ ගුටි කන්න එන්නෙ. මට නම් හැබැයි තාම ටීච මොකවත් කිව්වේ නෑ “

” පොඩි කාලේ කොහොමත් ළමයි දගයි බන්.  ලොකු වෙද්දී හොදට ඉදියි “

මන් ආයේ බංකුව දිහා බලද්දී මයෙ කොල්ලා නෙවෙයි පේන්න හිටියෙ. මේ ඩිංගට මයෙ නිලූෂ කොහේ මක බෑවුනාද.

” එයා ගියා ඉස්සරහට.  මන් හින්දා උබට වදේ නේද. උයන්නත් වුණානේ “

” අම්මේ ඔව් ඔව්. ඒක නෙවෙයි උබට බැරිද මන් අහන්නේ අර ගයාන්ව අමතක කරන්න ඈ බන් “

දිනුවගේ මූණ නරක්‌ වුණාට කරන්න දෙයක් නෑ. ඔහේ නිකන් ඉන්නවට වඩා හොදයිනේ ගෑණු ළමයෙක් හරි පොඩ්ඩක් හොයලා බැලුවා නම්.  අපේ ඉස්කෝලෙත් ඉන්නවා අවුරුදු තිහක් වෙලත් තාම බැදලා නැති ටීචස්ලා.

” ඇයි එහෙම කියන්නේ උබ “

” උබ ඔහොම තනියම විදව විදව ඉන්නවට වඩා හොද නැද්ද ආයේ පාරක් ගෑණු ළමයෙක් හරි හොයලා බැලුවා නම්. රාහුල්ටත් හොදක් වෙයිනෙ බන් “

” අනුජට සිහිය ආවා හෝ නැතා මන් මයෙ ළගට ගන්නෙ එයා විතරයි බන්. මාව දැනුනු ඒ හිතව කොහොමද මන් මයෙ හිතින් අයින් කරන්නේ “

එච්චරටම අමතක කරන්න බැරි තරමට මුට මේ මක් වෙලාද තියෙන්නේ. අනික මේ දෙන්නා අදුර ගෙනත් වැඩි දවසක් නෑ නේ . මන් හිතන්නෑ අවුරුදු ගානක් යනකම් වත් ආයේ ගයාන්ට සිහි එයි කියලා.  කෝමා වෙච්ච අයගෙන් කීයෙන් කීදෙනාද කියන්නකෝ එහෙම සිහි එන්නෙ ආයේ. අනේ මන්දා ඉතින් . උගෙ යාලුවා කියලා මට ඉතින් බල කරන්න බෑ නේ දිනුලට.

මන් උයලා ඔක්කොම කරලා දිනුවා එක්ක සාලෙට එද්දි නුරාදගෙයි රාහුල්ගෙයි එක එක විදිහට මයෙ නිලූෂ ෆොටෝ ගන්නවා. අපේ අම්මේ අපේ කොල්ලා රාහුල්වත් බදාගෙන කම්මුලට උම්මා එකක් දීගෙන කැමරාව දිහා බලන් ඉන්නවා. මායි දිනුලයි කිසිම හාවක් හූවක් නැතුව බලන් හිටියෙ ඒ තුන් දෙනා දිහා.

” තූති අප්පත්ති මේමත් ගාන්ත “

” හිනාව පොඩ්ඩක් අඩු කර ගන්න පැටියෝ “

රාහුල් නම් ෆොටෝ වලට ඔහේ ඉන්නවා. ඒකටත් එක්ක ඉන්නවා අපේ පැටියා එක එක විදිහට

” අප්පත්ති…. ඌලා ඉවලත ඈ අප්පත්ති “

” ඇයි බඩගිනිද “

” නා නා තාම නා අප්පත්ති . එන්ත යමු සාහුල් මදේ කදතෝලු පෙට්ටිය පෙන්නන්තම්කු ඔලාත “

පැටියා උඩ කමිසෙත් පුටුවේ උඩට දාලා රාහුල් එක්ක යද්දි මන් මයෙ නිලූෂ අතේ තිබ්බ කැමරාව ගත්තා ෆොටෝ බලන්න.

” මට ඕක කලින්ම කියන්න තිබ්බනේ නිලූෂ. දැන් කමක් නෑ. දිනූ ගිහිල්ලා ඉවරයි නේ “

” හාමු එහෙනම් රාහුල්ව ගන්න එන වෙලාවට ගිහිල්ලා දුන්නා නම් හරි”

කෝපි එක දෙන්න අමතක වුණා නේ මට. මයෙ කොල්ලත් දැන් තමයි කියන්නේ කෝපි බෝතලේ දුන් නැද්ද කියලා.

” චුට්ටක් ඉන්න “

නිලූෂ කාමරේට යන්න ගියත් මන් එයාවත් මගෙ පැත්තට හරවන් බැලුවේ ඒ රතු ගැහිලා තියෙන ඇස් දිහා. එයා අඩලා.

” මොනාද මයෙ හාමු මහත්තය බලන්නේ ඈ “

” ඇයි මේ ඇස් දෙකත් හොදටම රතු වෙලා. මොකක් හරි ප්‍රශ්නයක්ද. නැත්තම් කේන්ති ගියාද මොකකට හරි “

මන් නිලූෂත් එක්කම ඇදෙන් වාඩි වෙලා බලන් හිටියේ මූණ දිහා. දිනුල නම් ටිකකට කලින් ගෙදර ගියා. රාහුල් නුරාද එක්කලා මෙහෙ.

” හාමු දුකට නෙවෙයි ටිකක් කේන්ති ගියා. ඒකයි මේ දැන් හරි “

” ඇයි මොකක් හරි මගෙ අතින් වැරැද්දක්‌ වුනාද ම්…..  “

” නෑ නෑ එහෙම දේකට නෙවෙයි හාමු. පොඩ්ඩක් බලන් ඉන්නකෝ රාහුලුයි නුරාදයි දිහා. මේ රාහුල් පොඩි කමට නෙවෙයි ඉන්නෙ “

ආ ඒකටනේ මේ චූටි අප්පච්චිට කේන්ති ගිහිල්ලා තියෙන්නේ හොදටම. මන් ආයේ පාරක් ගිහිල්ලා බැලුවේ හාන්සි පුටුවේ එයාගේ පපුව උඩ මූණත් තියන් නිදා ගෙන ඉන්න නුරාද දිහා. රාහුල් පැටියවත් බදා ගෙන පිටට තට්ටු කර කර නුරාදගේ හිස් මුදුනට හාදු දෙනවා.

” යාළුවොනේ නිලූෂ. තාම ඒ දෙන්නම හරි පොඩි අනේ. ඔයත් හිතන දේවල් නම් අනේ මන්දා. ඉන්නකෝ මන් පැටියව ඇදට ඇරගෙන එන්නම් “

මන් නැගිටලා ගියේ හාන්සි පුටුව ළගට. පව් අනේ රාහුත් නිදි කිරනවා පැටියවත් බදා ගෙන. නුරාදත් හොදට රාහුල්වත් බදාගෙන ඒ පුංචි පපුවට බර වෙලාම නිදි හොදට.

” අයි එලා ආලෙයි “

” නෑ නෑ පැටියෝ. එන්නකෝ ඔයත් ඇදට ගිහිල්ලා මල්ලි එක්කලා බයි ගන්න “

මන් නුරාදව ඇද අයිනට දාලා රාහුල්ටත් ඒ හරියෙම කොට්ටයක් දාලා නිදා ගන්න දුන්නා.

මයෙ නිලූෂ දමාගෙන පිටි ගුලිය මිරිකනවා. කුස්සිය නම් ගන්න දෙයක් නෑ ආයේම අස් කරන්න එපැයි කියලා මතක් වෙද්දී හිතට දැන්නේ පුදුමාකාර දුකක්. කමක් නෑ ඉතින් අස්පස් කරන්න දෙන්නම ඉන්නවනෙ. අල කෑළි ටිකට මන් දැම්මේ පොඩි වංගෙඩියට දාලා කොටා ගත්ත සුදු කොච්චි ටික. ටින් මාළු ටිකත් ඒකටම පොඩි කරලා දාලා ඇතිලියත් ලිපේ තිබ්බා.

” මේකනම් හදලා ඉවරයි. දැන් ඇතුළට දාමු අපි “

” ත්‍රිකෝණ හැඩේට ගන්න අමාරුයි නේ හාමු “

කවුද අනේ කියන්නේ එලෝලු රොටී වලට ත්‍රිකෝණ හැඩයක්ම ඕනී කියලා. මයෙ මනුස්සයට ඉතින් ඔක්කොම කියලා දෙන්න ඕනී.

” හැඩයක් ඕන්නෑ බන්. බෝලේ තුනී කරලා ඒකට මෙව්වා ටික දාලා දෙකට නවමු “

මන්ම පොඩි ගුලියක් අරන් ඒක පිගානේ දාලා තුනී කරලා දැම්මේ එලෝලු ටික. පැටව් දෙන්නගේ එකට එලෝලු අඩුවෙන්  දලා තම්බපූ බිත්තර කෑලි දෙක දෙක දැම්මා.

” ශීතකරණේ ඇති එළවලු අස්සේ ගහපු මාගරින් එක. අරන් එන්නකෝ “

මාගරින් එකක් පේන්න තිබ්බොත් දවසයි දෙකයි තියෙන්නේ. ඉවර වෙන විදිහ හිතා ගන්න බෑ . ඒකත් පැටියම කනවා ඇති හොරෙන්.

” මේකේ නෑ නේ හාමු මාගරින් “

” මොකා…..ක්.  යකෝ මන් ඊයේ ගෙනාපු එක ඕයී. දැන් නම් මට අම්මපා. මන් ඕක හැංගුවනේ ශිට් විතරක් “

එන කේන්තියට පිටි එකම පොළේ ගහන්න තරම් කේන්ති මට. මන් ඕක මැල්ලුම් අස්සේ හැංගුව එකනේ මේ දැන් අන්තරස්දහන් වෙලා තියෙන්නේ .

” තූති අප්පත්ති….. කෝන්ත අලේ මේ ආ “

” අප්පච්චියි මායි තමයි හැදුවේ. රසද ම් “

” ගුදාලියත් සසයි තූති අප්පත්ති. සැබයි තුත්තක් සා වදී වදේ “

මගෙ දිහාට බැල්මක් දැම්ම පැටියා හිනාවක් දාලා බිත්තර කෑල්ලක් කටේ ඔබා ගත්තා.

” මේ ගෙදර දැන් හොරෙක් ඉන්නවනෙ චූටි අප්පච්චි. ඊයේ ගෙනාපු මාගරින් පැකට් එක ඔක්කොම කාලා. දැන් අයිස්ක්‍රීම් පෙට්ටි තියා මාගරින් පැකට් එකක් වත් මට තියා ගන්න වෙන්නෑනේ. අහුවෙද්දෙන්කෝ හොරාව මට. මන් අර බාල්කෙ එල්ලලා කොස්ස කැඩෙන්න ගහන්නේ “

නිලූෂ නම් හිනා වෙනවා හෙමීට. මන් පස්සේ බැලුවෙ මයෙ දිහාම මූණත් සතපනහා කරන් බලන් ඉන්න පැටියා දිහා.

” නුරාද ඔයා දැක්කද ඒ හොරාව “

” අප්පත්ති ඒ පූතා වෙන්ත බලිත “

” පූසා ශීත බබාව අරින්නෑ නේ පුතා. වෙන කවුරු හරි තමයි අරන් තියෙන්නේ “

අප්පේ පැත්තක නිදන් ඉන්න පූසව අහු කරන්න ලෑස්තිය මයෙ කපටි හොර ගෙඩියා.

” සාහුල් අලේ තා තුත්තක් මදේ ඔඋව අත ගාන්තකු…… මෙතන තුත්තක් සිදෙනෝනේ “

” හලි ඔලා අස් වා ගන්තකූ ඉත්මනත “

” නුරාද….. යාළුවට කරදර කරන්න එපා පැටියෝ. දෙන්නා සද්දේ නැතුව නිදා ගන්න දැන්”

ලාම්පුවේ දැල්ලත් අඩු කරලා මන් ඇලවුනේ මයෙ කොල්ලා ළගින්ම. වැස්සේ තෙමුණු නිසාද මන්දා ටිකක් ඔලුවත් කැක්කුමයි වගේ.

එලාම් එක කෑ ගහන ගත්තත් හරි මන් දඩ බඩ ගාලා නැගිටලා ඒක වහලා බැලුවෙ වෙලාව. මගෙ දෙයියනේ තාම පාන්දර දෙකයි. කවුද අනේ දෙකට එලාම් තිබ්බේ. හොදට කටත් ඇරන් නිදා ගෙන ඉන්න නිලූෂ දිහාටත් බැල්මක් දාලා මන් ආයේ නිදා ගත්තා.

” ඕන් සර් මේකත් අපේ මැණිකෙ දෙන්න කිව්වා. හොද කන්කුන් දළු ටිකක් “

” ඒක හොදයි මාමේ. කොච්චර දෙයක්දා “

මන් සල්ලිත් දීලා කොළ මිටියයි කිරි බෝතලෙයි අරන් ආවේ ගේ ඇතුළට. කිරි එක පැහෙන්න තියලම තුන් දෙනාට කතා කරනවා. මන් නැගිට්ටේ කිරි මාමාගේ බෙල් සද්දෙට.

” සුදු මහත්තයා……. පූස් පූස් පූ…..ස්. කොහේදෑ උබ නිදා ගත්තෙ ආ කොල්ලෝ.  ආ මේ කිරි ටික බීලා ඉදින්කෝ බන්ඩි පිරෙන්න “

පැටව් දෙන්නා නම් දෙපැත්තකට වෙලා හොදට බුදි.

” නිලූෂ නිලූෂ… අටත් පහු වෙලා නැගිටින්න “

” ම්.. “

එයාගේ හාවක් හූවක් වැඩිය නැති නිසාම මන් නිලූෂගේ ඇග උඩත් නැගලා මයෙ කට ගෙනිච්චේ ලා දුඹුරු පාටට දිලිසි දිලිසි තියෙන කුක්කුවකට.

” අ à·„à·Š හා මු… මගෙ දෙයියනේ හාමු… “

” මොකද ඕයී තමුසේ ඔහොම කෑ ගහන්නේ. මාත් බය වුණා “

මන් එයාගේ හැගීම් අවුස්සන්න හැදුවත් කොහෙද ඉතින් එයා කෑ ගහගෙනම පස්සට වෙලා ගත්තෙ ළග තිබ්බ එලාම් ඔරලෝසුව.

” මේක වැඩ කරන්නැද්ද කොහෙදෝ හාමු. මන් ඊයේ දෙකට එලාම් තිබ්බ එකනේ මේ වැදිලා නැත්තේ “

            💥💥💥💥💥💥💥💥

ගිහිල්ලා එන්නම් යාලුලා 🤗

බුදුසරණයි හැමෝටම 🙏

අදහස් වලට වෝට් වලට ගොඩාරියක් ඉස්තුතියි යාළුලා හැමෝටම 🙏❤️ යාලුලාගේ අදහස් සෑහෙන්න වටිනවා මට ❤️❤️❤️🤗

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑතුන්වැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑතුන්වැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑතුන්වැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑතුන්වැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑතුන්වැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑතුන්වැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 74