À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිහත්වැනි කොටහා

A+ A-

” අ à·„à·Š “

උදේ පාන්දරම ඇහැරිච්ච මන් නුරාදවත් තුරුල් කරන් තදේටම ගොරව ගොරව ඉන්න නිලූෂ දිහාත් බලලා ඇදෙන් බහින්න හැදුවත් ඉනෙන් පහළ මුළු සර්වාන්ගේම ඇදුම් කා ගෙන යද්දි මන් කෙදිරිත් ගාගෙනම ඉන්ද වුනා.  රෑ තිබ්බ නැති කැක්කුමක්‌ දැන් ඇවිල්ලා වෙද්දී මයෙ යටි බඩ පුපුරු ගසනවා වගෙ.

කොච්චර ඇග ඇදුම් කන්න තරම් රිදුනත් මයෙ මුළු හිතම අමුතුම සතුටකින් පිරිලා ගිහිල්ලා තිබුනා.  වෙනදාට වඩා හරි ශක්තිමත් හැගීමක් නිලූෂ ගැන මයෙ හිතේ පැළ පදියම් වෙද්දී මන් ඇදෙ දිගා වෙලා ඒ නළල් තලයට සිපුමක් තිබ්බා. ඒත් මට‍ මදියි කියෙලා හිතෙද්දි මන් කළේ ආයේ ආයේ ඒ මුළු මූණ පුරාවටම සිපුම් තිබ්බ එක වෙද්දී එයා ඇහැරිලා මයෙ පැත්තට හැරිලා මාව තුරුල් කර ගත්තේ අඩවන් වෙලා තිබ්බ ඒ ඇස් වලින් මයෙ දිහා බලාගෙන .

” මන් ඊයේ මයෙ හාමු මහත්තයාට කිව්වා ටිකක් අමාරු වෙයි කියෙලා. ඇගත් ටිකක් රස්නිද මන්දා ”

” ඉස්සෙල්ලාම නිසයි අමාරු වුනේ. පස්සේ ආයේ කරද්දි හරි නිලූෂ “

ඒ පපුවේ හිටලා තිබ්බ මයෙ දත් පාරවල් මන් හරි පරිස්සමින් අත ගෑවා. 

” මයෙ ළග බෙහෙත් තියෙනවා. බත් ටිකක් කාලා ඒ ටික බොමු. එතෝට හරි යයි. “

එහෙම කිව්ව‍ එයා මයෙ නළලට සිපුමක් තියද්දි මාත් තව තව ඒ පපුව අස්සේ ගුලි වුනා.

” තව ටිකක් මෙහෙම ඉදලම යමු “

” ම් ”

මට‍ තව එයාගේ තුරුලෙම ඉන්න හිතුනා වෙද්දී මන් තව ඉමුයි කියෙලා කිව්වා.  ඊයේ රෑ මන් මයෙ නිලූෂගෙම වුණු දවස. මයෙ මේ කාමරේම මන් එයාගේම වුනා වෙද්දී බිමට එලා ගත්ත ඒ ලා පාට ලොකු රෙදි කෑල්ල රෑ නිදා ගන්න කලින් මන් හරි පරිස්සමට නවලා අල්මාරිය අස්සේ ගැහැව්වා.

” මයෙ හාමු මට ස් සමාවෙන්න ඕනී”

” ඇයි එහෙම කියන්නේ. ඊයේ රෑ මන් ගොඩක් සතුටු වුනා නිලූෂ. අදත් මන් සතුටින්. මන් ආසයි ඒ හැගීමට “

මන් එහෙම කියද්දී නිලූෂ හිනා වෙලා මයෙ කම්මුලට අත තිබ්බා.

” ඒකට නෙවෙයි බේබී. මට‍ මයෙ හාමුගේ හැගීම් කලින්ම තේරුම් ගන්න බැරි වුනා. මන් මන් හිතුවේ අපෙ හීන වලට ගිහිල්ලම ලස්සන දවසක මේ අවස්ථාව මතක හිටින විදිහට ගන්න. “

” මයෙ නිලූෂ එක්කලා ඉන්න හැමදවසම ලස්සනයි තමයි මයෙ නිලූෂ. අද දවසයි අපි ලස්සන කර ගන්න ඕනී. අපෙ හීන වලට ගිහිල්ලාම අපි අපි ගැනම හිතන්න ගත්තොතින් අද තියෙන තත්වේ හෙට තියෙන්නැති වෙන්නත් පුළුවන්. මන් ඒ කිව්වේ ඇත්තටම මට‍ හෙට දවසක් ගැන විශ්වාසයක් නැහැ නිලූෂ. මට‍ මයෙ පැටියයි මයෙ මහත්තයයි එක්කලා සතුටින් ඉන්න ඕනී කොහොම මොන විදිහටකට හිටියත්. මන් කියන්නෑ මහත්තයෝ මන් මේ කියන දේවල් හරියි කියෙලා. ඒත් මන් මේ කියන්නේ මට‍ දැනිච්ච දේවල්. මන් හරි ලෝභයි ඔය දෙන්නාට නිලූෂ. හැමෝගෙම හීන හිතන පතන විදිය බලාපොරොත්තු එක වගෙ නැහැනේ. මයෙ හීනේ අද සතුටින් ඉන්න එක නිලූෂ.  මයෙ නිලූෂ මතක තියා ගන්න මේක… ඊයේ දවස මයෙ ජිවිතේ වින්ද ලොකුම සතුටක්. අමතක නොවෙන විශේෂම දවසක්. “

” ඒ කියන්නේ තව ලොකුම සතුටක් තියෙනව බේබී හාමුට “

මන් මෙච්චර හෑල්ලක් කියවන් ගියත් එයාට මතක හිටිලා තියෙන්නේ ඒක විතරයි.

” ම් එක අවස්ථාවක සතුටු වුණු තරම් මයෙ නිලූෂ මට‍ ඒක මෙහෙමයි කියලා විස්තර කරන්න බෑ. මන් අප්පච්චියෙක් වෙලා මයෙ රන් කදව මේ අත් දෙකට ගත්ත දවස මට ආයේ අමතක වෙන්නේම නැති අවස්ථාවක් නිලූෂ “

” ඒ හැගීමට වෙන මොන හැගීමක් වත් සම කරන්න බැහැ හාමු බේබී “

එයා කොහෙදෝ පැත්තක් බලන් කියද්දී මන් ඒ මූණ දිහාම බලන් හිටියේ ඇයියේ එයා එහෙම කිව්වේ කියලා වෙද්දී එයා ඉක්මනට නැගිට්ටලා නිදාගෙන ඉන්න පැටියා ළගට ගිහිල්ලා නුරාදව උස්සලා වඩා ගත්තා .

” ඇයියේ ඒ පැටියා දැන් නැගිටිවී ඔහොම උම්මා දෙන්න ගියොත් “

නිලූෂගෙ රැවුල් කොට ඇනෙන නිසා කොල්ලා නිදි මර ගාතෙම ඇඹරෙනවා.

” හාමු ගෙ පැටියා නිදා ගෙන ඉද්දි මට‍ කම්මැලි බේබී “

” දෙන්නා එහෙනම් හුරතල් වෙවී ඉන්නකෝ. කිරි බෝතලේ තාම ඉස්තෝප්පුවේ වෙන්නැති මන් කිරි උණු කරන්නම්කෝ . “

එහෙම කියලා මන් ඇදෙන් බැස්සේ මයෙ මුළු ඇගම ආයේ ඇදුම් කා ගෙන යද්දි.

” මෙන්න මෙහෙ ඇදෙ හාන්සි වෙලා ඉන්න පැටියගේ අප්පච්චියෙ. නුරාදයි මායි කිරි උණු කරලා ගේන්නම් නේද පැටියෝ “

යන්න ගියපු මන් ආයේ ඇදටම පත බෑවුනේ නිලූෂ ඇද්ද පාර වෙද්දී ආයේ මට‍ කෑ ගැස්සුනා.

” අයියෝ මට‍ අමතක වුනා à·„à·š à·„à·š. කරට එන්න කෝ “

” මට‍ රිදුනා අනෙ “

එහෙම කියපු මන් හරි බරි ගැහිලා හාන්සි වෙලා ෂීට් එක පොරව ගත්තේ වදුරු පැටියෙක් වගෙ කරේ එල්ලිලා යන නුරාද දිහයි නිලූෂ දිහයි බලා ගෙන. කමනි නැන්ද වත් ඇවිල්ලා හිටියොත් මල කෙලියයි තමයි වෙන්නේ නිලූෂගෙ කමිසෙත් නැති නිසා පිටෙයි පපුවෙයි පිරිලා තියෙන කැළැල් කැපිලා පේනවා එයාගේ පාටත් එක්කලා.

            ………………………………

“  අහ්හ් පැටියෝ අද නම් හපන්න එපා මගෙ මුළු ඇගම ඔයාගේ අප්පච්චි ඌවා කරානේ “

කිරි එකත් සාස් පානකට දාලා ලිපත් පත්තු කරාපු මන් ඒක උණු වෙනකම් බලා ගෙන හිටියා වෙද්දී මයෙ කරේ එල්ලිලා මයෙ උරහිසෙ ඔලුව ගහන් හිටපු නුරාද හපන්න ගත්තේ බේබිගේ දත් අච්චු තිබ්බ තැන් වෙද්දී ආයේ එව්වා දැවිල්ල ගත්තා .

” කොහෙද පැටියෝ හකුරු එක “

බෝතල් එකින් එක ඇර ඇර බලලා තමයි මන් කිතුල් හකුරු මුලත් හොයා ගත්තේ.

” ආ කොල්ලෝ මට ඩිංගක් පරක්කු වු.. දෙයියෝ………… මොකෑ කොල්ලෝ මේ ඇගේම පලු දාලා. හන්දියෙන් ගෙනාව කෑම එකවත් අවුලක් වුනාද ඈ පුතේ. ”

” ආ ඒකනේ නැන්දේ පස්සේ මොනා හරි ගානවා ඒකට.  මන් මේ කිරි එක බේබීට දීලා එන්නම්කෝ. වැස්ස නිසා ද මන්දා එයාට අසනීප වෙලා “

” බේබීට සනීප නෑ. මන් විගහට මොනා හරි හදලම ගන්නම්කො. ඊට කලින් කැද එකක් හදන්නම් මන් “

කමනි නැන්දා එහෙම කියද්දී මන් පැටියා එක්කලා අපෙ කිරි කෝප්ප තුනත් අරන් ඉක්මනටම ආවේ කාමරේට. මන් එද්දි බේබීට ආයේ නින්ද ගිහිල්ල.

” නුරාද චූටි පුටුවේ ඉදන් කුක්කු එක බොන්නකෝ ආ .  විස්කෝතුවකුත් කන්න පැටියෝ “

මන් බබා විස්කෝතුවකුත් දෙද්දී කොල්ලා එක දෙකට කඩලා කෑල්ලක් අරන් කිරි කෝප්පේ ඔබන් කෑවා. බබා විස්කෝතු බනිස් ගෙඩියක්‌ වගෙ ලොකු නිසාම කෑළි වලට කඩාගෙන තමයි ඉතින් කිරි එකේ පොගන්න වෙන්නේ.

” අ à·„à·Š ආවද “

” ආ හාමුගේ කිරි එක. කමනි නැන්දා කැද එකක් හදන්නම් කිව්වා හාමු මහත්තයට බොන්න. මයෙ දිහා බලන් ඉන්නැතුව කිරි එක බොන්න උණු පිට “

” උඩට කමිසයක් දා ගන්න “

බේබී එහෙම කියද්දීයි මට‍ කමිසෙත් මතක් වුනේ.

දවල් වෙද්දී අපි තුන් දෙනාම ගියෙ තේ වත්තට වෙද්දී සෝමේ මාමයි අනිත් කට්ටියයි වැඩ. මාත් වැඩ කරන්න යන්න හැදුවත් සෝමේ මාමයි හාමුයි දෙන්නම කෑ ගැහැව්ව නිසා නුරාදයි මායි දෙන්නම හිටියේ නුග ගහ යට ඉදගෙන. බේබී හාමු තේ වතු කොටස් වලට ගිහිල්ලා එකින් එක ඒවායේ වැඩ බලනකම් අපි දෙන්නා කළේ සෙල්ලම් කරපු එක. ඒවුනාට මන් පැටියා එක්කලා සෙල්ලමට ආවට මොකද වෙලාවකට පැටියා දොළ ළගට වෙලා ඔහේ කල්පනා කරනවා. මන් දෙතුන් තුන් වතාවක් කතා කරායින් පස්සේ තමයි නුරාදට ත් මයෙ කටහඩ ඇහුනේ.

” ඉක්මනට යමු නිලූෂ. අප්පච්චි ගෙදර ඇවිල්ලා ඇති මෙලහකට “

මන් ටිකක් යනින් ගමන් නුරාද එක්කලා ඇඹුල් පේර ගහකින් ගෙඩි ටිකක් කඩා ගනිද්දී අපිට ඉස්සරහින් ගියාපු එයා මග නැවතිලා අපිට කෑ ගැහැව්වා.

” ඇති නුරාද. නැත්තම් පැටියගේ අප්පච්චිගෙන් ගුටි කන්න වෙනවා මෙතැන තව තක් ගැහි ගැහි හිටියොත් ”

පැටියා එයාගේ චූටි සාක්කු දෙකේ ලා කොළ පාට ඉදුණු බටු ඇඹුල් පේර ගෙඩි පුරවාගෙන එයාගේ අතෙත් තිබ්බ පේර ගෙඩි මට‍ දුන්නා.

“  ආ  ”

කෑ ගැහැව්වට මොකද මන් බේබීට පේර ගෙඩි ටිකක් දුන්නයින් පස්සේ හිනා වෙලා ගත්තා.

” දැන් කොයි වෙලේ හරි මෙව්වයේ බරටම පැටියගේ කලිසම බිම තියෙයි නිලූෂ “

” දැන් හරිනේ. ”

එයා එහෙම කියද්දී මන් කොල්ලව වඩා ගත්තා.  මයෙ හාමු එයාගේ අප්පච්චියි ඇවිල්ලා ඉදියි කියෙලා කිව්වට මොකද ලොකු හාමු නෙවෙයි පේන්නෙ වත් හිටියේ.

” අප්පච්චි අද එන්නෙ නැති වෙයිද දන්නෑ නේද නිලූෂ “

” ගොඩක් දුර‍ට එයි බේබී.  “

කොහොමත් ලොකු හාමු හැමදාම වගෙ එයාගේ වතු වලට ගිහිල්ලා වැඩත් බලන නිසා ඉක්මනින් එයි. පැටියා මිදුලේ සෙල්ලම් කරද්දි බේබී මාවත් එක්කගෙන එයාගේ කාමරේට ගියෙ මයෙ අතට බෙහෙත් දාන්න වෙද්දී මන් එයාගේ මේසේ පුටුවේ උඩින් ඉදගෙන හිටියේ ළග තිබ්බ පොත් පතුත් බල බල.

” මේ ෆොටෝ එකේ කව්ද මේ ඉන්නේ “

මේසේ පැත්තකින් මන් දැක්කේ පරණ වෙච්ච ෆොටෝ එකක්. උඩට කරන් කොන්ඩේ ගෙඩියක් ගහගත්තු තියුණු ඇස් දෙකක් තියෙන ගාම්භීර පෙනුමකින් යුත් උස මහත පිරිමි කෙනෙක්.

” දන්නෑ නිලූෂ අප්පච්චිගෙයි අම්මගෙයි ලාච්චුවේ තිබ්බේ. පොඩ්ඩක් බලන්නකෝ අනෙ මේ මනුස්සයගෙ ඇස්ම තමයි දිනුලට තියෙන්නේ. ”

” බේබී හාමුට දිනුලගේ ඇස් හොදට මතකයි වගේනේ බලන් යද්දි “

” ඇයි ඒයි දිනුලයි මායි දෙන්නා ටිකක් ටිකක් විතර එක වගේනේ පෙනුමෙන්. ඒවුනාට මේක බලන්නකෝ අනෙ ඒ ඇස් දෙකම තමයි තියෙන්නේ නිලූෂ. හප්පේ මට‍ අමතක වුනා නේ ඔයාගේ ඇස් දෙකට කන්නාඩි ඕනියි කියෙලා “

” මට‍ ළග පේනවා හාමු. කෝකටත් මේක තිබ්බ තැනින්ම තියන්න බේබී. ලොකු මැණිකෙට තරහ යයි “

ඇයි දන්නේ නෑනේ ඒ දෙන්නා ඒ ෆොටෝ එක ළග තියන් ඉන්නේ. ලොකු මැණිකෙගේ මල්ලි කෙනෙක් හරි අයියා කෙනෙක් හරි වෙන්නැති. ලොකු හාමුට නම් නෑදෑ කවුරුත් නැහැල්ලු නේ.

” දැන් නම් ඉතින් පැය ගානක් යනකම් තෙමා ගන්නවා හෙම නෙවෙයි. තුවාලේ පැසවන්න පුළුවන්. “

” මයෙ දොස්තර හාමු කියන දෙයක් තමයි ඉතින් “

මේ දවස් ටිකේම අතට බෙහෙත් දැම්මේ මයෙ හාමු මහත්තයා තමයි. එයාගේ අත් ගුණෙයි බෙහෙත් හොද නිසයි මයෙ අත ඉක්මනට සනීප වුනේ.

” කොල්ලෝ වාහනේ ඇති මයෙ තව මල්ලකුත් ඒකත් ගෙනෙන්කෝ මෙහාට්ට “

ගුණේ මාමා එක්කලාම ලොකු හාමුත් හවස හතර වගේ වෙද්දී වලව්වට ආවේ තව ටිකක් ලොකු පිරිමි ළමයෙකුත් එක්කර ගෙනමයි. .  මන් වාහනේ ඇතුළේ තිබ්බ මලු දෙකම උස්සන් ඇවිල්ලා ඉස්සරහින් තියද්දි පොඩි බේබිත් කාමරේ ඉදලා ආවා.

” ආ පුතා ඕන් නිවාඩු නිසා ලොකුනැන්දයේ පොඩි එකාවත් මන් අරගෙනම ආවා. අපෙ නුරාද කොලුවටත් හොදයි නේ ඉතින් “

” කොහොමද පුතා මහන්සිද. මන් කමනි නැන්දට කියෙලා බොන්න මොනා හරි හදන්නම්කො “

මයෙ හාමු එහෙම කියෙලා කුස්සියේ පැත්තට යන්න යද්දි නුරාදත් එයා පස්සෙම ගියා වෙද්දී මන් සාලේ කොනකට වෙලා ඔහේ හිටියා.

” නිලූෂ “

” පැටියා කාමරේද “

” එයා චිත්‍ර අදිනවා. මන් කිරි එකකුත් දීලයි ආවේ ”

පනාවෙන් ඔලුවත් පීර ගෙන පාඩම් ටිකක් කරන්නම් කියෙලා මේසෙට යන්න හැදුවා වෙද්දී කාමරේ දොරත් අරන් ආවේ මයෙ හාමු.

” මොකෝ ඔහොම බලන්නේ “

එයා ළගට ගියාපු මන් ටික වෙලාවක් ඒ මූණ දිහා බලන් ඉදලා එයාව මයෙ අත් දෙකින් බදා ගෙන ඒ උරහිසෙ ඔලුව ගහ ගත්තා.

” ඔයාගේ කෝපි එක හරි රසයි. සීනි ගානට. කමනි නැන්දටම කියන්නැතුව මයෙ බේබී හාමු හදලා දෙන කෝපි බොන්න මන් හරි කැමති .  “

කමනි නැන්දා ලොකු හාමුටයි අර ආපු පොඩි එකාටයි කෝපි වක් කරද්දි හාමු බේබී මට වක් කරලා ගෙනාවා.

            …………………………………..

” පුතා පුතා…. මොකක්ද මේ තියෙන්නේ ආ. ඔය ඇස් දෙක හොදට ඇරලා මේ කාමරේම හොයලා බැලුවා නම් පේන්නැද්ද කියන්නකෝ. හැමදේටම මන්ම ඉන්න ඕනී. බලන්න මට‍ වැඩ කීයක් කර ගන්න බැරි වුනාද කියලා ඔහේගේ මේ පොතක්‌ හොයන්න වුණු එකෙන්. ඩෑඩ්ව ආයේ මට‍ හොස්පිටල් ගෙනියන්නත් තියෙනවා. ග්රෑන්ඩ් මාව බලන් ඉන්න. මන් සුප් එකක් හදලත් ඇති ඒකත් තව ටිකකින් පොවන්න. බ්‍රවුනිට මස් තම්බලත් තියෙනවා. ඒවා එක්කලා බත් දාන්න. මන් යනවා “

මයෙ පොතකුත් හොයලා දීපු අම්මා ඒකටත් එක්ක හරි යන්න වැඩ ගොඩකුත් මට‍ පවරලා ගියෙ ග්‍රෑන්ඩ්පාව
හොස්පිටල් ගෙනියන්න. අම්මි මා එක්කලා ග්රෑන්ඩ් පාගේ ගෙදර නැවතෙද්දි අප්පච්චියි දෙව්මියි ඕස්ට්‍රේලියාවේ ගියා සතියකට විතර කලින්.

වලව්වේ ඉදලා ඉදලා මෙහෙ ආවත් හරි අප්පච්චියි නංගියී නෙවෙයි මන් ගැන අපෙ අම්මිලාට මොනවත්ම කිව්වේ. කොහොම හරි මන් හොද තැනකට ඇවිල්ලා අප්පච්චි ළගට ඉක්මනට යන්න ඕනී.

කුස්සියට ගියාපු මන් කිරි එකකුත් හදා ගෙන ගියෙ පාඩම් කරන්න වෙද්දී පැය දෙක තුනක්ම දන්නෙත් නැතුව ගෙවිලා ගිහිල්ලා තිබ්බා. ග්රෑන්ඩ් මාගෙ සුප් එක දෙන්නත් එක්කලා මන් කුස්සියට ගිහිල්ලා රත් කරාගෙන කාමරේට ගිය. ඇදෙ හාන්සි වෙලා හිටපු එයාගේ ඇස් වල මන් එද්දි කදුලුත් පිරිලා තිබ්බ වයේම මාව දැක්ක හැටියේ එයාගේ ඇදුමේ කොනකින් කදුළු පිහා ගත්තා.

” ප් පුතේ ”

” සුප් එක බොමු ග්රෑන්ඩ් මා. “

මන් හැන්ද අරන් හරි පරිස්සමින් ග්රෑන්ඩ් මාට ඒක පෙව්වා වෙද්දී එයා මයෙ අත අල්ලන් ඇතියි කියෙලා කිව්වා.

” ආ බෙහෙත් ටික බොන්න “

මේසේ උඩ තිබ්බ එයාගේ බෙහෙත් දීලා වතුර කෝප්පෙත් මන් එයාගේ අතට දෙද්දී බෙහෙත් අහුර කටේ දාන් වතුර උගුරු තුන හතරක් බිව්වා.

” පුතේ ම යෙ හිතට හරී බරයි වගේ. වෙනදට වඩා මට‍ හරි මහන්සි. ඇගත් එක්කලා රිදෙනවා. “

අපේ ග්රෑන්ඩ් මා හොදටම දැන් වයස නිසා නිකන් ඇදෙ හාන්සි වෙලා හිටියත් ඇග රිදෙනවා. ඉතින් ඒ රැලි වැටුනු අත මන් අල්ලගෙනම එයා දිහා බලද්දී එයාගේ ඇස් වලින් ආයේ කදුළු මෝදු වුනා.

” මයෙ කිරි අම්මේ. මොනා හරි කියන්න තියෙනවා නම් හිතේ හිර කරන් ඉන්නැතුව මට‍ කියන්න. මාව විශ්වාස කරන්න. ”

” පුතේ මයෙ චූටි දු à·€ නැති වුනා පු තේ. අපි ඒකි ට හරියට වෙනස් කම් කරා පුතේ මුලදී. ඒකි අපිව දාලා ගියත් හරි මට‍ හරි හමන් නින්දක් නෑ. “

” මොකක් අපෙ අම්මට නංගි කෙනෙක් ඉන්නවා “

මන් ගැස්සිලා ගියා ග්රෑන්ඩ් මා කියපු දෙයින්. දෙයියෝ මන් දන්නෙත් නෑ. අඩුම තරමෙ අප්පච්චි වත් මට‍ කියන්න තිබුනා. අපෙ අම්මා නම් අපි එක්ක වැඩිය කොහොමත් ඉන්නෑ නේ. ඒ වුණත් මයෙ අප්පච්චි අපි එක්කමයි.

” ඔයාගේ අම්මයි එයාගේ නංගියි දෙන්නම නිව්න්නෝ. නමත් එක අකුරකින් වෙනස්. ඒ දෙන්නම එක වගේ. හැබැයි මයෙ චූටි දුව හරි අහිංසකයි. ඔයාගේ අප්පච්චි කලින් බදින්න හිටියේ එයාව. ඒත් එයා නැති වුනායින් පස්සේ තමයි ලොකු ඒකිව ඔයාගේ අප්පච්චිට බන්දලා දුන්නේ. අප්පච්චි මේ ගැන මොකවත් දන්නෑ. එයා තාම හිතන් ඉන්නේ කැම්පස් එකේ එයා එක්කලා යාලූ වුණු කෙල්ල කියලා.”

මොනාද මේ කනට ඇහෙන්නේ මයෙ. එතකොට අපේ අප්පච්චි මේ මොකුත්ම දන්නෑ.

” ඇයි අපෙ අම්මි ඒ වගෙ කැත වැඩක් කරේ. තමුන්ගේම නංගිට. එයාගේ නංගිට එහෙම කරන එකේ අපි ගැන කවර කතාද ග්රෑන්ඩ් මා. කොහොමත් අම්මි අපි ගැනත් වැඩිය හොයලා බලන්නෑ නේ. පව් මයෙ අප්පච්චිත්. ඇයි එතෝට පුංචි නැතුවුනේ “

” මයෙ චූටි දුව එයාගේ පළවෙනි දරුවා මේ ලෝකෙට එද්දිම නැති වු “

” මොකක් ඒ කොහොමද..  එයාට ළමයෙක්. එතෝට අපෙ අප්පච්චි වත් දන්නෑද ඒ ගැන මොකුත්ම ග්රෑන්ඩ් මා”

” නෑ පුතා අප්පච්චි දන්නෑ හැබැයි අප්පච්චිගෙ අප්පච්චි වීරඅප්පු ලොකු හාමු ඔය ගැන ඔක්කොම දේවල් දන්නවා “

” ඒ කොහොමද “

මන් ඒ කොහොමද කියලා අහද්දී ග්රෑන්ඩ් මා ජනේලෙන් ඈත බලාගෙන ලොකු හුස්මක්‌ පාත දැම්මා. මේක කතාව අස්සේ ලොකු කතාවක් තියෙනවා වගෙ.

     ……………………………………

” අම්මි තා කවන්න. මත ලුකු වෙන්න ඕනිනේ අම්මියෝ “

” ඇති ඇති බබා ඔය දරුවට කැව්වා. ඔහොම කැව්වොත් ඕකට නැගිට ගන්න බැරි වෙන්න බතල වෙයි “

මන් මේ වැඩ ඇරිලා මහන්සි නිසාම හාන්සි පුටුවේ ඉදගෙන කමිසේ බොත්තමුත් ගලව ගලව හිටියේ පැත්තකින් වාඩි වෙලා මයෙ නෝනා හාමිනේ රාහුල්ට තඩි බත් පිගානක් ගිල්ල ගිල්ල ඉද්දි.

” මොනාද ඒයි දරුවට කියන කතා. කොල්ලා චුට්ටක් බෝලේ වගෙ හිටියට මොකද. බලන්න අනෙ මයෙ සුදු බෝලේගේ ලස්සන. මයෙ මහත්තයගෙ ඇස් දෙකමයි තියෙන්නේ. ඔන්න අදට කාලා ඇති පැටියෝ. තව කෑවොත් මයෙ පැටියා කැතවෙයි නේ. “

එහෙම කියලා සහස් කුස්සියේ පැත්තට යද්දි රාහුල් වතුර ටිකක් බීලා පැන්නේ මයෙ ඔක්කොටම වෙද්දී මට‍ කෙදිරිල්ලකුත් පිටවුනා.

” සිදුනද අප්පත්ති යෙ ඈ “

” රිදුනා තමයි ඔහොම මයෙ ඇගටම පනිනවද. පොඩ්ඩක් හිමීට පනින්නම බෑද රාහු… “

” බානේ අප්පත්ති “

බෑනේ කිව්ව රාහු බබා මයෙ කමිසෙත් ගලවලා ඔලුව පපුව උඩින් තියා ගෙන අතේ බැදන් ඉන්න මයෙ අම්මයේ ඔරලෝසුව අත ගගා හිටියා.

” අප්පත්තියේ මතත් ඔලෝසුවත් ඕනී අතේ දාන්ත “

” හෙට බබාට අප්පච්චි ලස්සන ඔරලෝසුවක් අරන් දෙන්නම් මන් හොදද “

” හා “

ටික වෙලාවකට පස්සේ රාහුල්ට නින්ද යාගෙන එද්දි සහස් ඇවිල්ලා එයාව වඩා ගෙන කාමරේට එක්ක ගියා වෙද්දී මාත් ගියෙ ඇග හෝද ගන්න.

” දිනූ බත් බෙදන්නද “

” හරි බබා මන් එන්නම් “

කලිසමකුත් දා ගත්ත මන් කුස්සියේ පැත්තට ගිහිල්ලා එයා බත් බෙදන කම් එයා ළගට වෙලා දැවටි දැවටි හිටියා.

” මම් ආසම කෑමක්. හරි සුවදයි බබා “

” ඒවුනාට මහත්තයගෙ අම්මා තරම් රසට හදන්න බෑ නේ “

එයා මාළු ඇඹුල් තියල් දාලා තියෙද්දී මන් කන ඇඹුලටම එයා හදලා තිබ්බා කළු කරලා . මට මහ ගොඩක් ඇඹුල් කන්න බැරි නිසා එයා ඇඹුල දාන්නෙම මට‍ කන්න පුළුවන් විදිහට.

මයෙ බිරිද සහස්යා මිතේෂි මට‍ ඉස්සෙල්ලාම හම්බුනේ මයෙ අප්පච්චිගෙ මළ ගෙදර දවසේ එයාගේ අප්පච්චි එක්කලා ඇවිත් ඉද්දි . මයෙ අප්පච්චිගෙ මැනේජර්ගෙ දුව. මයෙ දෙවැනි අම්මා වෙච්ච එයා මේ අවුරුදු ගානටම මට හයියක් වෙලා මයෙ ළගින්ම හිටියා.

” මන් මේ රහටත් ආසයි සහස් “

” හොදට කන්න.  අද කොහොමද හෝටලේ වැඩ. “

” හොදයි ඉතින් වෙනදා වගේම තමයි. මේ රාහුල් තාම අර ළමයා ගැන කියවනද ඔයා එක්කලා “

වීරගෙ ගෙදරින් ආව වෙලේ ඉදන් අපේකාගේ කටේ තියෙන්නෙම එයාගේ මල්ලි බබා ගැන.

” ඔව් ඔව් අනෙ මාත් එක්කලා හරි හරියට කියවනවා ඒ දරුවා ගැන. “

” ඒකටත් එක්කලා හරියන්න අපි දෙන්නා රාහුල්ට චූටි මල්ලියෙක් ගේමුකෝ සහස් “

” ගේමු අනෙ ගේමු එකට දහයක්ම ගේමු හාද. හැබැයි ඔන්න බත් කවන්න ඕනී ඔයා. රෑට නැගිටන් නලවන්නත් ඕනි ඔයා. බෙහෙත් විදින්න ඒ ඔක්කොම වැඩ ටිකත් කරන්න ඕනි ඔයා. මොකද මට‍ ඉන්න මේ බබාලා දෙන්නගෙම වැඩ ටික කරලා ඉවර වෙද්දී මේ බලලා මේ හැරෙද්දී දවස ඉවරයි “

” දහයක් ඕන්නැ. එකෙක් හදමු “

” ම් හදමු හදමු එහෙනම්. මයෙ හාමු මහත්තයා කියන දෙයක් තමයි ඉතින් “

          ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ගිහිල්ල එන්නම් යාලූලා 🤗❤️

බුදුසරණයි හැමෝටම 🙏🙏

වෝට් කරන කමෙන්ට් කරන යාලූලා හැමෝටම ස්තුතියි ගොඩක් 🙏💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිහත්වැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිහත්වැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිහත්වැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිහත්වැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිහත්වැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) විසිහත්වැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 28