À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 05 |

A+ A-

අබ මිටක් උඩ දැම්මට බිම නොවැටෙන ගානට සෝ ගාල බැතිමත්තු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වදින්න පෝලිම් ගැහිල. සුදු ඇදගෙන නොහිටින්න කඩි රැලක්ම තමයි. මං ඒක චූටි එකාගෙ කනට කරලා කිව්වම සුදුපාට ඇදුම අස්සෙ ඉදපු සුදු බෝලෙට හිනාව වාවගන්න බැරි වුනා.

මං කරගත්තු එක. ඔක්කොම හැරි හැරී බලනවා. මං වසන්ත අයියට ටිකක් මුවා වුණේ කොල්ලවත් ඇදගෙන..

මගෙ අත් දෙකෙන්ම ලොකු නෙලුම් මල් වට්ටියක් අල්ලන් හිටියෙ.. කිටි කිටියෙ අහුරලා නෙළුම් මල් පන්සීයක්.. ඉතුරු වට්ටිය වසන්තෙ අයියා දෝතින්ම අරන් හිටියා.

හුළඟට බෝ පත් ලෙලදෙන සද්දෙ සිරි සිරි ගාල ඇහෙද්දි… ඒ බෝපත්වල උපන්න හීතල අතින් අරන් එන හුළං රැලි කම්මුල්වලට වැදෙද්දි දැනෙන කුල්මත් හැඟීම මාව ඕනවට වඩා භක්තිමත් කලාද ත් මංදා. නෙලුම් මල්වල සුවදට මාව මත් වෙන තරම්.. මං මගෙ දරුපැටියා දිහා බැලුවා.

චූටි නැශනල් කිට් එකක් අන්දලා ඉදපු මැනික අතට මං නටුව එක්කම නෙලුම් මල් තුනක් දුන්නෙ වට්ටියක්ම ඕන කියල එතන දෙකක් කරන්න ගත්ත හින්දා. මහ උජාරුවට මල් තුනම ඇබින්දන් ඇගිලිකොටවලින් අල්ලන් මගෙ කලිසමෙත් චූටිම ඇගිල්ලකින් එල්ලිලා..මල් මිටත් අතින් අරන් තියන චූටි චුට්ටන් අඩි සුදුම සුදු සිනිඳු වැල්ලෙ එරෙද්දි මට මූ මිරිකන්නමයි හිතුනෙ..

මල් ටික පූජා කරනකල් කොලුපැටියා වඩාගන්නත් බෑ. කකුල් රිදෙනවත් ඇති.. දැන් පැයක් විතර පෝලිමේ.. ඒත් කොල්ලට අද ගානක් නෑ.. අතේ මල් තුනක් තියෙනවනෙ..

” සුවද බලන්නෙපා මැනික… බුදු සාදුට පූජා කරන්නනෙ යන්නෙ අපි.. ”

” සුවද එනවනෙ.. ”

” ආවට කමන්නෑ… ඉබින්නෙපා. ”

” බුදුතාදු තර්හා වෙයිද? ”

” තරහ වෙන්නෙ නම් නෑ.. බුදුසාදු හරී හොදයි.. ඒත් බුදුසාදුට දුක හිතුනොත්.. ”

” මං ආත නෑ… දුකින් ඉන්න බුදුතාදුලට. බුදුතාදු පව් නේද තාත්ති.. ”

” ඒකනෙ.. සුවද බලන්නෙපා ඒ හින්දා. ”

” ඔයත් බලන්නෙපා හොදද.. මාමා සීයා බලන්නත් එපා කියන්න. ”

” මාමා සීයට පිස්සුවක් නෑ.. පූජා කරන මල්වල සුවද බලන්න.. ” වසන්තෙ අයියගෙ ගොරහැඩි කටහඩට දැන් කොල්ලා හුරු වෙලා.. සිගරට් බීඩි මරලම උගුර හීරිච්ච ටකරම වාගෙ වෙලා තිබුන හැටියට පොඩි උන් නෙවෙයි මුලින් මටත් බය හිතුනා, බොරු ඕන්නෑ. උට දැන් තේරෙනවා පොර සැරෙන් වගේ කතා කරන්නෙ විහිලුවට කියලත්..

ඇත්තටම මුට ඇති ලෙඩක් නැද්ද කියල මටත් හිතෙන්නෙ මේ වගේ වෙලාවට. ඔය වයසෙදි නෙවෙයි… අවුරුදු දහයෙදිත් මට ඔය කවුරුහරි විහිලුවට සැරෙන් කතා කරාම ඇඩෙන්න එනවා. මගෙ කොල්ලා ඒකට.. ඉක්මනට ඕන දේකට හුරු වෙනවා.

මල් පූජා කරලා දෝත් මුදුන් දීල මං මොනවත්ම ඉල්ලුවෙ නෑ.. මගෙ දරු පැටියට අනාගතයක් ඇරෙන්න. හැමදේම අතෑරල අතාරින්න කියාදීපු බුදුන්ට හෙවන වෙච්ච බෝධිරාජයානණ්ගෙන් වත් ඒ වගේ ඉල්ලීමක් කරන එක පව් නැතුවැති. නිවන් දකින්න කලින් ඌ ජීවත් වෙන්න ඕනා. මං නැති කාලෙක මගෙ දරුවට යන කල ගැන හිතල මං හැම රෑකම ගැහුනා..

ආපහු හැරෙද්දි මගෙ දරුපැටියා වඩාගන්න පුළුවන් වුණ එකම මහ සැනසීමක් වුණා. කොල්ලා දුකෙන් වගේ මල් අස්නෙ තියපු මල් තුන දිහා බලාගෙන ඉද්දි මගෙ පපුව පත්තු වුනේ පැයක් විතර ඌ මල් තුන හොදම යාලුවො කරගෙන කියව කියව ඉදපු හැටි දැක්ක හින්දා.

” මගෙ පුතාට මං නෙලුම් ගහක්ම අරන් දෙන්නං.. එතකොට හැමදාම නෙලුම් මල් ඉපදෙයිනෙ මැනිකට කතා කර කර ඉන්න.. ”

කොල්ලගෙ මූණ පත්තු වුනේ වෙසක් පුර පසලොස්වක හඳ වගේ..

” නෙලුම් ගස් ඩොකුද තාත්ති?.. මට ගස් නගින්න ඔයා ගානව කීවනෙ. ”

” නෙලුම් ගස් හැදෙන්නෙ වැව් වලනෙ මැනික.. ”

” එතකොට… පීනන්න ඕනද නෙලුම් ගන්න? ”

” බෝට්ටු වල යන්න ඕන. ඒත් ඉතින් ඔයාගෙ චූටිකාලෙ නෑව්ව බේසම අරන් හදමුකො, ඉවරනෙ. ”

” අතින් ගන්න පුළුවන් ද එතකොට? ”

” ඔව්නෙ.. හැබැයි ඔයා බලාගන්න ඕන. ගස් නිකන්ම හැදෙන්නෑ. පරිස්සම් කරන්න ඕන. ”

” තාත්ති මාව පලිත්සම් කරන වාගෙද? ”

” මහා.. පන්ඩිත කොල්ලෙක්.. ”

ජෙලි වාගෙ කම්මුල චූට්ටක් හපල මං ඉබිද්දි කොල්ලට කිචිකැවිල දගලන්න ගත්තා. වසන්තෙ අයියා පස්සෙන් මං ඔහෙ ගියෙ ඊලඟට යන තැන පොරට තීරණය කරන්න ඇරල. මාව එක්ක ගිහින් ගහක් යට තිබුණ ගලක් උඩ මට වාඩිවෙන්න පොඩි රෙදි කෑල්ලක් එලලා දුන්නෙ රුවන්වැලි සෑයට යන අතරමඟ..

ඈතින් රුවන්වැලි සෑය මහ පර්වතයක් වාගෙ තේජමානව වැජඹෙද්දි මං පිටු නොපා වාඩි වෙලා දරුවා ඔඩොක්කුවෙම තියාගත්තා.

මට බිමින් තියන්න හිතුන්නෑ. පැයක් හිටෝල තිබ්බ හින්දා මට මහ පව්කාරකමක් කරා වගේ දැනෙන්න අරන් තිබුන හින්දා මං පව් ගෙවන්න වගේ කොල්ලව වඩාගෙන බදාගෙනම හිටියෙ.

අයියා මගින් කන්න ෆ්‍රයිඩ් රයිස් දෙකක් අරන් තිබුනා. දන්සල්වල පෝලිම්. ඒවගෙ හිටගෙන ඉන්න ගියොත් මේ ගමන එන්න වෙන්නෑ කියල වසන්ත අයියා මග නැවැත්තුවෙත් ඉදල හිටල.

” සුදු මහත්තයා සැර හබුං කනවද..? ” වසන්ත අයියා මගෙ බත් එක ලිහල මගෙ ලගින් තියල වතුර බෝතලේකින් වතුර ටිකක් පොඩි බාජනේකට දාල තිබ්බා මට අත සෝදන්න.

” සැර හබුං කන්නෙ කෝමද? ”

” සුදුමාත්තයට මාමා සීයා සැර නැති හබුං එකක් කියල හදවගත්තා. කාල බලන්න.. රසද කියල.. ”

” ඒක හින්දද ගොඩාක් පලක්කු උනේ..? ”

” මූ හෙනට පැහිලනෙ හංසයො.. කනවා තමුසෙ.. පොඩි එකාට හැන්දක් ගෙනාවා. ”

” මොනර පැටියට පුළුවන්ද කන්න හැන්දෙන්?.. ”

” මොනල පැටියා තාත්තිගෙ මෙතක් උස හින්දා.. අද පුළුවන් ”

” එතකොට හෙට? “

” හෙට තාත්ති කවන්න ? ”

” ඇයි හෙට මොනර පැටියා ආපහු කොට වෙනවද?.. ”

” මේ ගවුම ගැලෙව්වම… මං ආය චූචි බබෙක් වෙනවනෙ තාත්ති… ”

” ගවුම.. ” මං හිනාවෙවී බලන් ඉද්දි කොල්ලා හැන්දෙන් බත් ඇටවලට දැනටම ඇනිල තියෙන කැරට් කෑලි අහුලල අනලා.. හැන්දෙන් බාගයක් යන්තමට පුරවගෙන… පුලුවන් හැටියට බත් කටක් කාගත්තා. මට කොච්චර බඩගිනි වුනත් එවෙලෙ ඒක බලන් ඉන්න එක බඩගින්නට වඩා ලොකුවට දැනුනා.

කොල්ලා මං බලන් ඉන්න දිහා බලලා.. චුට්ටක් කල්පනා කරා..

” තාත්ති අද.. ඔයා චූචි බබෙක් වෙලාද?.. තාත්තිට මං හබුං කවන්නද? ”

” මැනික කන්න රත්තරං… ” මං කොල්ලගෙ ඔලුව ඉබලා අත සෝදගනිද්දි කොල්ලා බත් කටක් අනලා මගෙ කටට ලං කරා. හැන්දෙ බත් ඇට පහකට අඩුවෙන් ඉතුරු වෙලා තිබ්බෙ. ඉතුරු ටික මගදි හැලිලා තිබුනා.

මං කට ඇරලා ඒ බත් ඇට පහ කෑවෙ බත් ඇට ගානට වඩා හැන්දෙ ආදරේ පිරිල තිබුණ හින්දා.

කාල ඉවර වෙද්දි අයිස්ක්‍රීම් විකුනන මනුස්සයෙක් දැකල පොඩි එකා පරල වෙන්න ගත්තා. උගෙ මාමා සීයා නැගිටල ගියෙ කොහොම හරි අයිස්ක්‍රීම් දෙකක් අපි දෙන්නට ගේන්න ලෙයින් දිවුරලා කොල්ලට.

සෙනඟ අයිස් ක්‍රීම් ට්‍රක් එක වටේ මැස්සො වාගෙ වහල. පොඩි උන් එක්ක ආවම ඔහොම තමා.. ඒත් පොඩි උන්ට හපන් මගෙ වයසෙ උන්.

වසන්ත අයියත් ඇරියෙ නෑ. කීයට හරි අයිස්ක්‍රීම් එකක් ගන්න එක උගෙ ඉලක්කෙ වුණේ මගෙ කොල්ලගෙ ඇස්වල විතරක්ම වීරයෙක් වෙන්නද මම දන්නෑ.

මං ඒ අතරෙ දරුවව පිහදාලා.. මූණ පොඩ්ඩක් සේදෙව්වා. තනියෙන් කෑවා වගේ නෙවෙයි.. ඇදුම්වලයි මූණෙයි අත්වලයි ඉදුල් නාලා. මං ලේන්සුවක් පොගව පොගව ඔක්කොම පිහදැම්මෙ කොල්ලා දන්න පටන්ගෙන අඩයි කියල. ඉදුල් නෙ.

ගෙනාව සේරම වසන්ත අයියගෙ බෑග් එකට අහුරලා මම එතන අස් කරා. ශොපින් බෑග් එහෙම ඔක්කොම එක ශොපින් එකකට දාල ගැටගහල පැත්තෙ සාක්කුවකට එබුවා.

පා සටහන් පමණක් තබා යන්න කිව්වට බත් ඇට දෙකතුනක් නම් තිබුනා. ඒක ඔය කූඹියෙක් හරි කෑවදෙන් කියල මම කොල්ලව වඩාගත්තා.

මං හැරිලා අයිස්ක්‍රීම් ට්‍රක් එක දිහාට යන්න ගත්තෙ බෑග් එක එතන තියල. අද කන්න පුළුවන් අයිස්ක්‍රීම් එකක් නෙවෙයි ඒක. පොඩි එකාට යන ගමන් අරන් දෙමු කියලා අයියව එක්ක එන්න හිතාගෙන ලඟට ගියාට… මට වසන්තෙ අයියා ලඟට යාගන්න ලැබුන්නෑ.

මගෙ ඇස් ඉස්සරහ අවුරුදු ගානකට පස්සෙ පනපිටින් ඉදපු රූපයක් මාව පූජා භූමිය තුලම ආයෙත් නොමර මැරුවා..

නැවත හමුවෙමු

🦢

Tags: read novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 05 |, novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 05 |, read À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 05 | online, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 05 | chapter, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 05 | high quality, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 05 | light novel, ,

Comment

Leave a Reply

Chapter 5