À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 07 |

A+ A-

අයියා වාහනේ නැවැත්තුවෙ කුරුනෑගල පහුකරලා බුලුගොල්ල හන්දියටත් ඇවිදින්.

    තව ගෙදරට තියෙන්නෙ කිලෝමීටර් කීයද මතක් වෙද්දි මාව ගැහුණා..

    අයියයි අක්කයි දෙන්නම වාහනෙන් බැහැල ගියෙ ෆාමසියට. අක්කට මොනාහරි බෙහෙත් වගයක් ගන්න තියෙනවා කිව්ව හින්දා.

    ඒසී එකේ සැපට දරු පැටියා හොදටම නිදි. තාම ඌ මල්ලි අතේ හිටියෙ. කොල්ලා ඌ මට දෙන්න කැමති වුනේම නෑ.

       මම මල්ලි දිහාට හැරිල කොල්ලව ගන්න හැදුවෙ කලබලේට.. ” චූටි මල්ලි.. මට තියෙනවනං රුපියල් පන්සීයක් දෙනවා. ”

     කොල්ලා පොඩි දරුවව බදාගෙන පරක්කු කරද්දි මට මළත් එක්ක. මං උට කතා කරන්න නොදී කතා කලෙත් ඒකයි.

     ” උබ දැක්කනෙ අරූ මට කිව්ව දේවල් චූටි.. අනේ මට යන්න ඇරපං මල්ලි.. මට ආපහු ගෙදර යන්න බෑ. ලොකූ ඔහොම නං අප්පච්චි මට කොහොම සලකයිද කියල උබට අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ බං. අනේ මට තියෙනවනං රුපියල් පන්සීයක් දීපං.. අරූ ආය එන්න කලින්.. ”

     ” අනේ අයියෙ.. තමුසෙ ආය දකින්නෙ කවද්ද එහෙනං… චූටි එකාගෙ නමවත් තාම මං දන්නෑ.. ” මල්ලිට ඇඩෙන්න වගේ ආවට ඌත් මං කියන එක අන්තිමට හරි තේරුම් ගත්ත එක සහනයක් වුනා.

    ” මායුර්.. මූ මගෙ මොනර පැටියා…. මං නෑවිත් ඉන්නෑ බං.. පුළුවන් වෙච්ච ගමන් මං උබව බලල යන්නවත් නෑවිත් ඉන්නෑ. මට ගෙදර යන්න බෑ. ඉක්මනට කොල කෑල්ලක මට උබෙ නම්බරේ කියල දීල රුපියල් පන්සීයක් දියන්.. මං අතේ සත පහක්වත් නෑ බං. අර අයියගෙ ත්‍රීවීල් එකේ ආවෙ මං සල්ලි ගෙනාවෙ නෑ චූටි.. ”

    චූටි වෙව්ල වෙවුල උගෙ පර්ස් එකේ තිබ්බ කොල කෑල්ලක් මගෙ අතේ ගුලි කරා.. ඒ එක්කම රුපියල් පන්සීයක් මගෙ අතේ තියල මගෙ කොල්ලගෙ මූණ ඉබගෙන ඇස්වල කදුලු පුරවගත්තා.

    උගෙ අතින් කොල්ලා උදුරගෙන වාහනෙන් බහින එක මහ පවක් වගේ මගෙ පපුවම ගිනිතිබ්බා. ඒත් ඈතින් කොළඹ බස් එක මතුවෙනවා දැක්ක හින්දා මං චූටිගෙ ඔලුව අතගාල වාහනෙන් බැහැල කොල්ලව උස්සගෙන අඹ ගහ යට බස් හෝල්ට් එකට යනකල් තිබ්බ මීටර් කීපෙ දිව්වෙ ඔන්න මෙන්න මිස් වේගෙන පිඹගෙන ආව ප්‍රයිවට් බස් එකට  අත දාන ගමන්.

      බස් එකට නැගගත්ත ගමන් මට දැනුනෙ දිව්‍යලෝකෙ ගියා වගේ හැඟීමක්. කොල්ලා නින්ද කැඩුන හින්දා ඩිංගක් අඩන්න ගත්තා. බස් එකේ සීට් තිබ්බෙත් නෑ. සෙනඟ ඇගිල්ලක් ගහන්න බැරි තරම් පිරිලා. ගොඩක්ම වන්දනා ගමන් ගියපු සුදු ඇදගත්ත මිනිස්සු.

     අපේ අම්මගෙ වයස අම්මෙක් දරුවව වඩාගන්න හැදුවට ඌ කැමති උනේ නෑ යන්න. තව අඩන්න ආව හින්දා මං එහෙමම දරුවට වඩාගෙන ඉන්න තීරණය කළා.

   බැරිම තැන කොන්දොස්තර මල්ලි කෑගහල ඉදගෙන ඉදපු මනුස්සයෙක් නැගිට්ටල මට සීට් එකක් අරන් දුන්නා.

    ටිකක් අඩලා දරුවා යන්තං නිදාගත්තා. මං උගෙ කොන්ද එකම තාලෙට අතගාල කොන්දට හිමින් තට්ටු කළේ දරුවා ඒ රටාවට හුරුවෙලා ඉන්න බව දන්න හින්දා.. රෑටත් මම කොල්ලට නැලවිලි ගීයක් කියල නිදි කරේ අදටත්. ඒ ගමන් මුනින් වැටිල කොට්ටෙ බදාගත්ත පොඩි එකා හිමීට නින්දට වැටෙනවා.

    මට චූටිගෙ ඇස් මතක් වුණා. සෙනඟ පිරිච්ච බස් එකේ මට ඇඩෙන්න ආව එක වාවගන්න අමාරුම වෙච්ච තැන මම කොල්ලගෙ ඔලුව අස්සෙ මූණ ගහගෙන කදුලු පිට අත්ලෙන් පිහල දැම්මෙ, අවසානෙට මං කොච්චර අසරණද කියල තේරුම් අරන්..

******

මං ආපහු බෝඩිං කාමරේට යද්දි  රෑ අටටවත් ඇති.

   තාම හන්දියෙ දන්සල ඇරලා. ඒත් වැඩි සෙනඟක් හිටියෙ නෑ.

     යුගානි නංගි බලෙන් ඇදගෙන ගිහිල්ලා කඩල පාර්සල් දෙකක් හදලා දුන්න එක අරන් මං ගෙදර ආවෙ කොහොමත් දැන් ගිගින් උයන්න නෙවෙයි මැරෙන්නවත් බැරි තරම් ඇගට මහන්සි හින්දා. ඇග සම්පූර්ණ තැලිල තිබ්බෙ.. යුගානි කියන්නෙ අවුරුදු 12ක විතර හුරතල් පොඩි එකියක්. එක දවසක් කෙල්ලගෙ අයියා මට කතා කරා ගෙදර වහලෙ ගහන වැඩකට උදව්වට. එදා පොඩි එකා බලාගත්තෙ යුගානි. ඊටපස්සෙ ඉදන් කෙල්ල දකින දකින සැරේට කෙල්ල පොඩි එකාව ඇදගෙන ගෙට යනවා තියෙන බිස්කට් කෑල්ලක් හරි කොල්ලගෙ අතේ ගුලි කරන්න.

    දන්සල සංවිධානය කරලා තිබුනේ ඒ ගෙදර මිනිස්සු.

    මම ආපහු එද්දිත් වසන්තෙ අයියා ගෙදර ඉස්තෝප්පුවෙ පුටුවක ඉදන් මග බලාගෙන. මාව දැක්ක හැටියෙ උගෙ මූණට එලියක් වැටුණෙ.

     කොල්ලා තාම මං අතේ නිදි. තැලිල පොඩිවෙලා කොල්ලට මහන්සි ඇති සෑහෙන. අනික අනුරාධපුර ගිනි අව්ව..

     ” මොකද බං වුණේ.. කවුද අර උබෙ අයියද? ” වසන්තෙ අයියා දරුවව උස්සලා ගත්ත ගමන් මං සාක්කුවෙන් යතුර අරන් දොර ඇරලා දරුවව ආපහු ගත්තා.

   ” ඔව් බං.. ”

” සහෝදරයද?.. ”

” නැතුව ඉතින්.. සැරයක් කිව්වෙ ඒක තමා ”

    වසන්තෙ අයියගෙ මූණෙ සැනසීමක් ඇදුනෙ ඒ වෙලාවෙ. මං ඌ දිහා නොබලා දරුවව අරන් ගෙට ගිහින් කොල්ලා ඇදෙන් තියලා.. නැශනල් කිට් එක ගලවල තියල පොඩි ජංගි කොටයක් විතරක් ඇන්දුවා කොල්ලට. දාඩියට කොල්ලව පෙගිලා. ඒත් චූටි සැහැල්ලු රෙදි කෑල්ලක් අරන් දරුවව යන්තම් පොරවලා මම නෙට් එක දාල… මෙට්ටෙ හතර කොනට ඒක හොදට යට කලා. නැත්තං මදුරුවො උස්සගෙන යයි මගෙ මොනර පැටියව.

     කාමරෙන් එලියට ඇවිදින් කාමරේ දොර මම ලොක් කරා. වසන්තෙ අයියා සාලෙ ඉදගෙන හිටියෙ..

     ” තේ කහට ටිකක් වක් කරන්නද? ” මං ඇහුවෙ පුළුවන්කමකට නෙවෙයි. ඒත් මෙච්චර වෙලා මං වෙනුවෙන් බලා ඉදපු මනුස්සයට කහට උගුරක් නොදී යවන්න පුළුවන්ද?

    ” ඕන්නෑ ඕන්නෑ. උබට මහන්සි ඇති. ”

” මටත් තිබහයි.. ” මං දර කෑලි දෙක තුනක් ලිපට දැම්මා.

    ” අයියා ඇවිත් ගොඩක් වෙලාද? ”

” මං පැය දෙකක් විතර බලාගෙන හිටියා උබ ආපහු එයි කියල. උබට අතේ හුතේ නෑ කියල මම දන්නවනෙ. දරු පැටියා එක්ක එහෙ අතරමං කරල එන්නද?…… ”

වසන්තෙ අයියා මගෙ අතින් පොල් කොළ ටික උදුරල අරගෙන ලිප පත්තු කරන්න ගත්තා. ” පස්සෙ මට හිතුනා.. ඒ උබෙ අයියා වෙන්නැති කියල. උබව ගෙදර ඇදගෙන ගියානං මං එතන ආත්මයක් හිටියත් වැඩක් නෑනෙ කියල. මම එතන ඉදපු මල් කඩේක මනුස්සයෙක් අතට රුපියල් දාහක් දීලා.. උබේ හැඩ හුරුකම් කියලා.. එහෙම කෙනෙක් ඇවිත් මං වගේ කෙනෙක් හෙව්වොත් ඒ සල්ලි දෙන්න කියල තියල ආවා.. ”

       ” ……… ” මට මගෙ පව්කාරකමේ තරම තේරුනේ දැන්. මං විතරක් නං කමන්නෑ.. මං වටේ එකතු වෙන හැම එකාමත් මගෙ පව් ගෙවන හැටි.. මේ මනුස්සයටත් දැන් කරුමෙ බෝ වෙලා.. මහ කලකිරීමක් මට දැනුනෙ..

    ” ඇයි උබ එල්ලගත්තෙ?… ”

” නෑ.. “

” දැන් උයන්න බෑ නෙ.. හන්දියට දුවල කොත්තුවක් වත් දම්මන් එන්නද උබට. ”

    ” අයියා කාලද?.. ”

” බඩේ පනුවො බොක්සිං ගහනවා බං. දෙන්නම කමු.. පොඩි එකත් නැගිට්ටවල ගනිං ඔය ත්‍රිපෝස ගුලියක් හරි හදල කවන්න. බඩගින්නෙ නිදිකරන්න එපා පව්. “

     ” රෑ ඇහැරිල ඇඩුවොත් මං මොනාහරි හදල කවන්නං අයියෙ… දරුවා නිදාගත්තදෙන්. කොල්ලට මහන්සි ඇති. ”

    ” එහෙනං අපි දෙන්නා කමු මොනවා හරි.. කොත්තු කනවද උබ.. ?”

    ” අනේ ඕන්නෑ බං. දන්සලෙන් ලොකු කඩල පාර්සල් දෙකක් දුන්නා.. ”

     ” උබට? ”

   ” යුගානි බං.. අර පොඩි එකී. ”

” ආහ්… ඉතින් කඩල කාල ඇතිද උබට? ”

    ” කන්න නෙවෙයි මට ඇද බදාගන්නයි ඕන අයියෙ දැන්. අයියට කොත්තු ඕන්නං ගෙනත් කන්න. මට මේ ඇති. ”

  ” මටත් ඕක ඇති බං.. ” වසන්තෙ අයියා මාව ඇදල පුටුවකට තල්ලු කරලා ඌ ම තේ කහට ටිකක් පෙරලා අරන් අඩු කෝප්පෙකට දාල මටත් දුන්නා. ඊටපස්සෙ ජෝගුවෙන් ම ඌ කහට උගුරු දෙක තුනක් බිව්වෙ අල්ලට සීනි හැන්දක් දාගෙන.

    මගෙ සීනි හැන්ද කන්න පවා උට පව් හිතෙනවා ඇති. එච්චර ඌ අරපරිස්සමෙන් වැඩ කරපු බව මට තේරුණා.

    මම කහට එක පැත්තක තිබ්බා. මං කහට බොන්න ආස නෑ. බිව්වොත් බොන්නෙ පැනි රහ දෙයක් කෑවොත් විතරයි. කඩල පාර්සල් දෙක දිගෑරල පිගන් දෙකක තියල.. එකක් මම වසන්තෙ අයියට දික් කරා..

     ” උබට ඇද්ද සුද්දො ඔය ඩිංග.. ”

” මං අලියෙක් නෙවෙයි බං. මේ මට වැඩිත් එක්ක.. උබ කාහං.. ”

     ඇත්තටම මෙච්චර ගොඩක් මට කාල ඉවර කරන්න අමාරුයි නෙවෙයි බෑ. නාස්ති කරනවට වඩා කෙල්ල කරගත්තු පිනට වසන්තෙ අයියා හරි සම්මාදන් වෙන එකම මටත් පිනක් වෙන්නෙ නැතෑ..

    ” අයියා ඇයි උබව අර වාගෙ ඇදගෙන ගියෙ..? උබ ගෙදරින් පැනලද ඇවිත් ඉන්නෙ?.. ” ආසම නැති කතාවට වසන්තෙ අයියා මුලපිරුවා.

     ” පැනල නෙවෙයි බං.. පන්නලා.. ”

” මොකද්ද උබෙ වැරැද්ද? ”

   ” එකක් නෙවෙයි…. එකක් අන්න කාමරේ .. ”

     ” …….. ”

” අයියා උබව ඇදගෙන ගියෙ…? “

  ” අප්පච්චිගෙන් ආපහු සබ්බුව කවන්න… ”

    ” අප්පච්චිද කේස්..? ”

” අයියත් කේස්.. මල්ලි නං ශේප්.. අම්මා කොහොමද දන්නෑ මං.. ”

   ” අම්මෙකුට බෑ බං වැඩි කල් දරුවෙක් එක්ක කේන්තියෙන් ඉන්න.. ”

   ” අප්පෙක්ට පුලුවන් ද?.. ”

” උබ වගේ එකෙකුට බෑ.. “

” මගෙ අප්පච්චි දිහා මං බැලුවා වාගෙ බයකින් මගෙ දරුවා මං දිහා බලනවා දකින්න මං ආස නෑ බං.. ”

      ” උබ ඒ පරම්පරා සාපෙ ඉවර කරපං.. උබ පින්වන්ත දරු පැටියෙක්ගෙ වාසනාවන්ත අප්පෙක් බං. සංසාරෙම පෙරුම් පිරුවත් උබ වගේ අප්පෙක් දරුවෙක් ලබන්නෑ.. ලබන්න බෑ.. ”

      ” ………… ”

මොකුත් නොකිව්වට ඒ වචන තමයි මං අහපු කරුණාවන්තම වචන. වසන්තෙ අයියා ලොකූ කියනවා වගේ මනුස්සයෙක් නෙවෙයි කියල මට පිලිගන්න ඕන වුණා..

ඒත් කොහොම කරන්නද? මිනිස්සු ලස්සන වචන කියල හිත් රවට්ටන්න දක්ශයි. රගපෑම දක්ශ නැත්තං කවුරුත් රැවටෙයිද හිතාමතාම?

    ” උබ කොහොමද ආවෙ?.. ”

” පැනල ආවා.. ”

එච්චරක් කියල මං කඩල ඔතපු ලන්ච් ශීට් කොලේ ඔතලා ඩස්ට් බින් දාගෙන ගිහිල්ලා සිංක් එකට අල්ලල අත හේදුවා.

     වසන්තෙ අයියා කාල බීල යනකල් ඉවසගෙන ඉදපු බරවල් දොරවල් වහල කාමරේ දොර ඇරලා ගිහින් ඇටෑච්’ බාතෲම් එකේ නිදහස් කරලා දතකට මැදලා ඇගපතත් හෝදගෙන ඇවිදින් බලද්දිත් කොල්ලා සැපට නිදි.. අනේ මගෙ මොනර කෝලම..

      ජනේලෙත් හිර කරලා වහගෙන ඇදට ගොඩ වෙච්ච මං කොලු පැටියගෙ කොන්ඩෙ එහෙ මෙහෙ කර කර…. ඔහේ වැතිරිල හිටියා..

   එපාර නිදිමතත් නෑ..

හෙටත් නිවාඩු එක එක අතකට ලොකු දෙයක්.. මේ ඔක්කොම අමතක කරලා මැනික් කැටේ එක්ක දවසක් ඉද්දි සේරම හරියයි.. මං මදුරු දැල අස්සෙන් අත එලියට දාල ලයිට් එක නිවල දාල කරුවලෙත් දරු පැටියා තුරුල් කරගෙන කල්පනා කරේ.. කෙලවරක් පේන්නැති. කලුවරම කලුවර අන්දකාරෙ වගේම බයංකාර.. කෙලවරක් පේන්නැති කලුවරම කලුවර අපි දෙන්නගෙ අනාගතේ ගැන..

ඉතින් කොහෙ නින්දක් කියල යන්නද?..

නැවත හමුවෙමු

🦢

මේක ලියනව නෙවෙයි ලියවෙනවා. 🤍🦢

Tags: read novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 07 |, novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 07 |, read À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 07 | online, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 07 | chapter, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 07 | high quality, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 07 | light novel, ,

Comment

Leave a Reply

Chapter 7