À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 12 |

A+ A-

      ” කෝ ”

මම හිටියෙ තුවායෙන් තොලේ ලේ පිහ පිහ. දරු පැටියා අඩ අඩම ඇවිදින් ඇදට නැගලා නින්ද ගිහින් තිබුණා වැටිච්ච විදියටම ඇදේ..

    මගෙ රත්තරං මොනර පැටියගෙ කම්මුල රතු පාට වෙනකල් ඉදිමිලා.. මට දැනුනෙ මං මහ පො න්න තාත්තෙක් කියලා. මට බැරි වුනා මගෙ දරුවට අත උස්සපු පරයගෙ ඇගිල්ලක් ගානෙ කඩලා දාන්න.

    වාහනේ කන උඩට ඇවිත් නතර කළේ හෝන් ගහගෙන. මගෙ තුනටියෙ වැදිල මාව මහ පාර මැද්දෙ ඇදගෙන වැටුණා. වැස්ස තදයි. මං අරූට කෙලින්න හිතාගෙන පාරට පැන්න මිසක් වෙන සිහියක් පතක් තිබ්බෙ නෑ. වාහනයක් ආව බවක් වත් මම දැක්කෙ නෑ.

    දෙව්දුන් අයියා මගෙ අතකින් ඇදල නැගිට්ටෙව්ව හැටියෙ තොල පුපුරලා ඉදපු මට සංග්‍රහ කළේ තව කම්මුල් පාරකින්.

    ” තව හැදිල නෑ නේ?… ” දත් මිටිකාගෙන හීන් සද්දෙන් ඇහුව ඌ මාව ඇදගෙන පාරෙ අයිනකට ගියෙ උදැල්ලත් උස්සලා පැත්තකට විසිකරලා.. දෙව්දුන්ගෙ උස මහත‍යි.. මං කාපු පාරෙ සැරයි දැක්ක මැර කපල් එක ආගිය අතක් නැති වෙනකොට මහ වැස්සෙම මූ  මගෙ ගෙපිළට ගොඩ වුණේ මගෙ ගේ කියල දැනගෙනද නැද්ද මං දන්නෑ.

    ” පර බල්ලා තෝ තව හැදිලා නෑ නේද?! තෝ හැදෙන්නෙ කවද්ද?! කියපං, ‘ට හුකන්ඩ… තවම තොගෙ බලු ගතිය ඇරිල නැත්තෙ ඇයි?! ” දෙව්දුන් මගෙ උරිස්වලින් ඇදලා හෙල්ලුවට මං ඉහට නැග්ග මාරයා උහුලන්න බැරුව දත් කාහෙන හකු පූට්ටු කරගත්තා මිසක් උට උත්තර දුන්නෙවත්.. උගෙ යස්ස මූණ දිහා බැලුවෙවත් නෑ.

    ” බල්ලො බලල්ලු වාගෙ පාරවල් ගාගෙ හුකාගන්ඩ තොට හිරිකිතක් නැද්ද?! … මට ලැජ්ජයි.. මං තොට ආදරෙත් කරා… ”

ඌ අන්තිම ටික කිව්වෙ සද්දෙ වහලා. ඒත් ඒ වචන ටික තමා මට සද්දෙටම ඇහුනෙ.. පපුව පත්තු වුණේ.. මං පලවෙනි වතාවට උගෙ මූණ දිහා බැලුවෙ..

   හොද වෙලාවට මම තෙමිලා හිටියෙ.. සමහර විට උට මගෙ කදුලු පේන්න නැතුව ඇති. මං ඌ තල්ලු කරලා දාල දොර ඇරගෙන ගෙට ගියෙ ගේ මැදින් වතුර බිංදු පාරක් අතුරගෙන.. හරියට.. මං පැනලා දිව්වත් උට මං සලකුණු තියලා යන නොහික්මුන වේස වැලිපොළගෙක් ගානට.

      ඇත්තටම.. ගැහුවත් මට ඌ ගැන කේන්තියක් නෑ. මට කේන්තිය තිබ්බෙ මං එක්ක. මමයි අනාගත්තෙ… මගෙ ජීවිතෙත් අනලා වටේම ජීවිතත් ඇනුවෙ..

    මං හිතුවෙ දෙව්දුන් යන්න යයි කියලා. සතියකට කලින් ආපහු දැක්ක දා ඉදලා මේ මුලු කාලෙම ඌ කළේ මාව මගාරින එක.. ඒත් ඌ ගේ ඇතුලට ආවා.. මගෙ කාමරේටත්..

   ඇදේ ඉන්න දරුවා දැකල දෙව්දුන් අයියා අන්දුන් කුන්දුන් වුණාට තව වචනයක් වත් කතා කරේ නෑ. ඌ ම මගෙ පොඩි කබඩ් එක ඇරල දරුවගෙ රෙදිවලට අතක්වත් නොතිය මගෙ රෙදි සේරම ඇදල එලියට දැම්මෙ මගෙන් පලිගන්න වෙන්නැති. රෙදි ගොඩ උඩ වැටිච්ච තුවායක් අරන් මගෙ ඔලුවට දාල ඌ වටේ පිටේ බල බල බාත් රූම් කෑල්ලට ගියා.

    මගෙ ඩෙනිම් කලිසමේ දණිස් හරිය රතු වීගෙන ආවා. තුනටියත් තැලිලා වගේ ගතියක් දැනුනා..

   අයියා ආවෙ ෆස්ට් ඒඩ් කිට් එක අරන්. දරුවා කොයි වෙලෙත් වැටිලා තුවාල කරගන්න හින්දා මං ඒකෙ පුලුන් කෑල්ලක් අඩු වුනත් නිතරම ආය පුරවල තියන්න වග බලාගත්තා.

   තුවායෙන් ඔලුව පිහ පිහ ඉදපු මගෙ අත තොල ලගින් ඇදල පැත්තකට විසි කරේ කුනු මාලු කෑල්ලක් වාගෙ.

    මූ සර්ජිකල් ස්ප්‍රයිට් බෝතලේ ඇබේ ගලවලා පුලුන් කෑල්ලක් තෙමුවෙ බෙතඩින් බෝතලේ අතේ ගෑවි ගෑවි ඇහේ ඇනෙන තරං ලොකුවට තියෙද්දි..

   මුට ඕන හැම අවස්ථාවක් ම පාවිච්චි කරලා මාව මට්ටු කරන්න. ඒත් මං දැක්කෙ නැති ගානට අහක බලාගත්තා විතරයි.

     ‘ ඕක තියහං.. කිව්වම. මං මේක ඉවර කරලා ලෙලිගහල දෙන්නං ‘

     කාලෙකට කලින්.. විදුලි කොට කොට වැස්සක් පටන්ගන්න ලකුණු අහසෙ ඇදුනු රෑක.. දෙව්දුන් අයියා හිටියෙ ඔන්ලයින් ස්ටඩීන් සෙශන් එකක. අවුරුදු දාසයක මම ඔය වෙනකල් පොල් ගෙඩියක් ලෙලිඅරින්න ඉගෙනගෙන තිවුන්නෑ. ඒත් ඌ ඉස්සරහ එච්චරම නෝන්ජල් වෙන්නත් මට මොකද්ද වගේ දැනුනා. ඒක හින්දා මම නෑහුන ගානට උදැල්ල බිම හාන්සි කරලා ඒකෙ බෙල්ල මුලින් දනිහෙ තියාගෙන පොල් ගෙඩිය ඒකෙ ඇන්නා..

   ඇන්නා තමා.. උදලු තලේට අතෙන් ලේ පැන්නා.. මට හිතුනෙ ඇගිල්ලක් බිම ද කියල… වාසනාවට ඇනිලා තිබ්බෙ පිට අල්ලෙ.. à·„à·„à·Š… හරි වාසනාව.

    මට මතකයි.. සර්ජිකල් ස්ප්‍රයිට් වෙනුවට බෙතඩින් හොය හොය මූ මහ රෑ තිස්සෙ බැනුම් අහ අහ මං වෙනුවෙන් බෝඩිම් කාමර ගානෙ දිව්ව දවස්..

   මට බැන බැන.. ගහන්න හද හද.. පුලුන් කෑලිවල බෙතඩින් පොවලා මගෙ ලේ පිහදැම්ම මනුස්සයා.. අද සර්ජිකල් වලින් මාව පුච්චන්න හදන්නෙ.. ආදරේ දෙපිටින් ගියාම ඔහොම වෙන්නැති.

හරි හුත්තක් තමා මේ ආදරෙත් එක අතකට.

     

     මගෙ හක්කෙන් අල්ලලා ලඟට ඇද්ද දෙව්දුන් අයියගෙ වටිනා ටක්සිඩෝ.. සූට් සේරම මඩ ඉහිලා.. තෙතබරියං වෙලා.. මං හින්දා ජීවිතේ ම මඩ ඉහගත්ත මනුස්සයා මූ. රෙදිවල මඩ ඩිංගක් ඉහුණා කියල ගානක් වත් නැත්තෙ ඒක වෙන්නැති.

  තොලේ සර්ජිකල් ගෑවිච්ච ගමන් මට කෑගැහෙන්න ආවත් මම දත් කාගෙන ඉවසුවා. ඒත් ඇස් කාගන්නද? කොච්චර තදයෙක් වෙන්න දැගලුවත් දෙව්දුන් අයියගෙ නපුරු ඇස් ඉස්සරහා මගෙ නිරුවත ඉබේම එලියට එන්නෙ පුරුද්දටම වෙන්නැති. කදුලු කැටයක් රෝල් වෙලා වැටුණ එක මං අතෙන්  පිහදගත්තෙ ඇස් එක්කත් කේන්තියෙන්.

     මගෙ ඇගත් මාවම අසරණ කරනවනම් වෙන උං ගැන කවර කතාද?

     දෙව්දුන් අයියා මගෙ මූණ දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා. මං ඒ වෙලාවම ඒ ඇස් මගෑරියා. හූල්ල ඇරගෙන අයියා දණිහෙ බිම තියලා දණගැහුවෙ මං ඉස්සරහා..

   කමිසෙ උස්සල බැලුවා.. අත් දෙක හරෝ හරෝ බැලුවා. දනිහෙ තියෙන ලේ පැල්ලම් දැක්කෙ ඉන් පස්සෙ වෙන්නැති..

       ඩෙනිම් කලිසමේ කොන් උඩට නවන්න හැදුවට ඒව හිරයි.. මේ මං අවුරුදු දා හතේදි විතර ගත්ත ඇදුම්.

මගෙ දරුවට මං අඩුපාඩුවක් කළේ නෑ. ඒ අඩුපාඩු ඔක්කොම පිරිමැහුවෙ මගෙ මදිපාඩු දරාගෙන. මට ඇදුමක් ගන්නත් ලෝබකමේ දහ අතේ දවස් ගනන් කල්පනා කරලා.. ඒ අදහස හිතින් අතෑරල, තියෙන හම්පඩ ටිකම දිය වෙනකල් හෝද හෝද ඇන්ද මම.. දරුවව චැනල් කෙරෙව්වෙ ලංකාවෙ හොදම ඩොක්ට’ කෙනෙකුට. මගෙ දරුවා මෙච්චර හරි සනීපෙන් ඉන්නවා දකින එකම මගෙ එකම සැපත වුණා. ඒ ගැන නං මගෙ කිසිම පසුතැවිල්ලක් නෑ.

        දෙව්දුන් මගෙ දරුවා දිහාව බැලුවා. ඌ නින්ද ගිහින් ඉන්නෙ. බෙඩ් ශීට් එකක් අරන් මගෙ ඔඩොක්කුවට දාල බලන් ඉදියා..

        මම බලන් හිටියෙ දෙව්දුන් ම ඒක කරනකල්.. කොච්චර පරිනත වුණත්.. ඒ අත්වල හුරතල් වෙච්ච අවුරුදු දාසයක පොඩි එකා මේ හිත අස්සෙ මැරිල නෑ.. ඌ තාම හුස්ම ගන්නවා. මූ ආපහු මගෙ පැල අස්සට රිංගල කළේ ඒ බොලඳ පොඩි එකා කූද්දපු එක. නිදාගෙන ඉන්න යක්කු ඇහැරපු එක.

මගෙ අයියට කේන්ති යන්නැති. ඌ නාහෙන් පිබගෙන නැවිලා මගෙ පස්ස උස්සවලා බෙඩ්ශීට් එක සරමක් වගේ මට ඇන්දුවා. ඊටපස්සෙ ඉස්සරහින් රෙද්ද එහාමෙහා කරලා කලිසමේ බොත්තම් පන්නලා කලිසම ගලවලා පුටුවක් උඩට දැම්මා.

      දණිහ බිම ඇනුන හැටියට ලෙලිගිහිල්ලා.. ලේ කකුල දිගත් වැක්කෙරිල තිබුණා. අයියා බැලුවෙ මගෙ මූණ දිහා..

    දැනටම ඒ මූණ බලාගෙන ඉදපු මම ඇස් අස්සෙ කැකෑරුන අනුකම්පාව දැක්කා. ඌ තව දකී කියලා වෙන්න ඇති තුවාලෙ දිහාම බලාගෙන පුලුන් කෑල්ලක් කඩලා ගත්තා.

    සර්ජිකල් බෝතලේ පැත්තකට කරලා බෙතඩින් එක ඇරලා රතු පාටින් ම රතු පාට හෝදල පලවෙනි පුලුන් කෑල්ල මනුස්සයා ඩස්ට් බින් එකක් කියල මම කාමරේ තියන් ඉදපු ඉවරවෙච්ච තීන්ත බකට් එකට විසි කරා.

තව පුලුන් කෑල්ලකින් ආයෙත් පාරක් මගෙ දනිස් පොල්කට්ට තෙත කරලා කොට්න් පෑඩ් එකක් එක්ක ගෝස් කෑල්ලකින් ඔතලා ප්ලාස්ටර් අලවලා නැගිටලා මගෙ කොන්ඩෙ ඇවිස්සුවෙ අතේ හුරුවට වෙන්නැති.

   ඒත් කරේ මොකද්ද කියල මතක් වෙච්ච ගමන් අත ඇදල අරන් මං දිහා බය වෙලා වාගෙ බැලුව විදියට මගෙ හිත රිදුනා.

   කකුලට බෙහෙත් දාල මූ මගෙ පපුව අතගාල පිහියකින් ඇන්නා.

           ” තෙමාගන්න එපා. ”

මං නියපොත්තක් කටට ලං කරලා ආය අහක් කරේ මූ මං නියපොතු කනවට කොච්චර ආස නැද්ද කියල මතක් වුණ හින්දා.

    

     ඒ කාලෙ නියපොතු කන එක මගෙ පුරුද්දක් වෙලා තිබුනෙ. නින්දෙනුත් නියපොතු කනවා කියල මූ හැමතිස්සෙම බැනගත්ත ගමන්. දවසක් කොහොඹ තෙල් බෝතලේක මගෙ ඇගිලි ඔබලා තියල තිබුනා නිදාගත්තට පස්සෙ.

මම නියපොතු කෑව අන්තිම දවස ඒක.

    දැන් ඒ වගේ මාව පරිස්සම් කරන්න එකෙක් නැති එකේ ආපහු හිතට පීඩනයක් ආපු හැටියෙ නියපොතු ටික කටට ලංවෙන්න පටන්ගෙන තිබුණා.

  මං මෙච්චර අවාසනාවන්තයි. ලෝකෙ ලස්සනම ආදරේ එක පපුවක් අස්සෙ ගුලි වෙලා විඳිනකල් ඉවසීමෙන් බලන් ඉදපු දෙයියො හිනිපෙත්තටම ලං වෙනකල් ඉදලා කෙලල ඇරියෙ පත බෝම්බයක් සුන්නද්දූලි වෙලා යන්නම.

    එදා එච්චර ආදරේ නොවින්දා නම් මං අද මෙච්චර වේදනාවක් නෑ. මේ හැමදේම ගනුදෙනු. ස්වභාදහම කියන්නෙ ආදරණීය අම්මා කෙනෙක් නෙවෙයි. අපිට දෙන තරමටම ආපහු ගන්න ගනුදෙනුකාරයො දෙන්නෙක්. අපිව විකාර සෙල්ලමක ඉත්තො කරලා එහෙ මෙහෙ ඇද ඇද ආතල් එකක් ගන්න සෙල්ලක්කාර සූදුකාරයො දෙන්නෙක්. හොද නරක කියන්නෙ ඒ දෙන්නගෙ නම් විතරයි. හොද කෙනා හොදත් නෑ.. නරක කෙනා නරකත් නෑ. අපි දන්න කෙනා අපිට හොදයි. කැමති පිළට ගිහින් සෙල්ලම් කරන මෝඩ ක්‍රීඩකයො ටිකක් අපි. ඒත් අපිට ගැලවිලා යන්න ක්‍රමයක් තියෙනවා කියලද? එහෙම එකක් නෑ.

    සමහර විට නිවන කියන්නෙ එහෙම එක ක්‍රමයක් වෙන්න ඇති. මම දන්නෑ. කොහොම නමුත් මේ කරුමක්කාර ලෝකෙන් ගැලවිලා දුක කෙලවර කරන්න පුළුවන් නං.. ඒත් අපි ආදරේට ආසයි.. බැඳීම් අතාරින්න බයයි. ඒ තන්හාව අපිව අතාරින්නෙ නැතුව දෙන්නෙකුගෙ සතුට වෙනුවෙන් නටවන ඉත්තො කරලා. අන්තිමට බලද්දි තමන්ට ඉන්න එකම හතුරා තමන්මයි. එකම මිතුරා වෙන්න පුලුවනුත් තමන්ටම විතරයි.

       ” තුනටිය වාහනේ වැදුනා නේ? ”

     “  ඒක ගානක් නෑ.. ”

ඒත් අයියා ඉණට ඇගිල්ල තිබ්බා විතරයි මට කෑගැස්සුනා. ගාණක් නෑ ඒත් තැලිලා.

  දෙව්දුන් බෙඩ්ශීට් එක බුරුල් කරලා මාව හැරෙව්වා. යට ඇදුමත් පාත් කරලා ඉන පැත්තෙන් බලද්දි රතු පාට ලොකු තැල්මක් කලු පාටට හැරීගෙන එන. ලොකුවට තුවාල නෑ. ඒත් ඒ අස්සෙ ලේ පිරිල තිබුණා.
   
   

    

     සිද්ධාලේප එක අරන් අත්වල රත් වෙනකල් අතුල්ලලා මනුස්සයා මගෙ තුනටියෙ ඇතිල්ලුවා. රිදෙන තරමට මට ඇඩෙන්න ආවා. හුස්මෙ වේගෙ වැඩි වෙද්දි දත් කාගත්තට ඒක දෙව්දුන් අයියගෙන් හංගන්න මට පුළුවන් වුනේ නෑ. අයියා මාව ඇදලා අරන් පපුවට හිර කරගත්තම  මං මිනිහගෙ ශර්ට් එක දත්වලින් හපාගත්තා. දත්වලට අහුවෙච්ච හමත් හැපෙන්න ඇති. ඒත් අයියා පැමිණිලි කළේ නෑ.

  මට අත් පටලලා ඒ පපුවට තුරුල් වෙන්නමයි හිතුනෙ. ඒත් මට ඒකට අවසර නෑ. ඌ දෙනවට එහා ගන්න ගිහිල්ලා වචන අහන්න ඕන උන්නෑ මට.

     මාව නිදහස් කරපු දෙව්දුන් ඇදේ ඉදගත්තෙ මගෙ දරුවගෙ කම්මුල අතගාගෙන.

     දරුවා දිහා බලාගෙන ටික වෙලාවක් කල්පනා කරපු මනුස්සයා දිහා  බලන් ඉදලා මාත් බිම බලාගත්තා.

     ” කාගෙද හංස මේ දරුවා? ”

” … මගෙ.. ”

    දෙව්දුන් අයියට අදහන්න බැරි වුන බව මට හිතුනා. ඌ නිරුත්තර වුනේ ඒක වෙන්නැති. ඌ කොහෙ අදහන්න ද.. මටත් මුලින් අමාරු වෙච්ච කොට..

     ” මෙච්චර ලොකු දරුවෙක් උබට අහසින් පාත් වුණාද?… ”

      ” ……….. ”

අයියගෙ තරහ සාධාරණ ද අසාධාරණ ද කියන්න තරං තෝරන්න මට තේරුන්නෑ. මම කතා කළේ නෑ.. නැගිටල කොර ගහගෙන එලියට ගියෙ බෙඩ් ශීට් ගැටගහන පිටින්..

         ” හංස..? ”

” ඇත්ත කියනවා හංස.. ”

   ” දරුවා මගෙ දෙයියනේ.. දරුවා මගෙ.. මං කීවනෙ.. ”

     ” උබ මට බොරු එකක් දෙකක් නෙවෙයි කරලා තියෙන්නෙ හංස.. “  මේ පාර කේන්තියක් වෙනුවට ඒ ඇස්වල මැවුනෙ හිස්බවක්. තරහ ගන්න වත් මාව අප්පිරිය වුනාද මං දන්නෑ.

    ” මං තමුසෙට කරපු බොරු අස්සෙ මගෙ දරුවා නෑ අයියෙ.. ”

    ” හංස.. ”

” මගෙ දරුවට බනින්න එපා. ඌ තරං අහිංසක එකෙක් මේ ලෝකෙ නෑ අයියෙ.. ඌ අහිංසකයි.. ”

    ” ඒ නොදන්නා නොදරුවට බනින්න ඌ මට මොන වරදක් කළාටද? ”

    ” මං නෙ වැරදි කළේ.. නේද? ”

   ” උබ වැරදි නොකර මං උබට බැන්නෙ නෑ නෙ. ”

    ” වැරැද්දට දඩුවම සාධාරණ ද කියලත් නිකන් ඉන්න වෙලාවක හිතලා බලන්න ලොකු ඉන්ජිනේරු මහත්තයො. අදටත් මං ඒ දඩුවම විදිනවා. කෙලවරක් නෑ ඒ දඩුවම.”

    ” උබ තාම හැදිල නෑ. දඩුවම වැඩි නං හැදිල ඉන්න එපැයි. ”

   ” මගෙ දරුවගෙ කම්මුලට ගැහුව පාහර බල්ලෙක් අල්ලගෙන ඉබින්න කියලද මට කියන්නෙ?! ” මගෙ සද්දෙ වැඩි වෙන්න ගත්තෙ මෙච්චර කාලයක් ඉවසගෙන තනියෙන් විද දරාගත්ත දුක් කදුලු වේදනා සේරම අයියා ඉස්සරහ හංගල තිබ්බ රාක්ක පෙරලිලා මගෙ පපුව උඩ වැදෙද්දි.. මූ ආය නාවානං මං පැමිණිලි නොකර දරාගනී.. ඒත් මූ ඉස්සරහ මට අසරණ වෙන්නත් බයක් නෑ. මගෙ හැමදේම මම දුන්නෙ මුට. මගෙ පිරිමිකමත්. ඒ පිරිමිකම නොබිඳ එදත් මූ ආරක්ෂා කරා.. අදත් කරන බව නං දන්නවා මොනා වෙනස් වුණත්..

     ” උබේ වැරැද්දක් හින්දා දරුවත් ගුටිකනවා ඇති. නිකන්ම පොලු උස්සගෙන තොට කෙලින්න එන්න උන්ට දෝදු ද?! “

   ” මගෙ කොල්ලා ලෙඩෙක් අයියෙ.. ඒ ලෙඩ දරුවට නින්දක් නොදී රෑ දෙගොඩහරියෙ බජව් දානකොට.. උබ කියපං.. උබ මං වුනානං දෙකට නැවිල ගෙට රිංගගෙන දරුවගෙ කන්වල ඇබ ගහනවද?! මාත් පිරිමියෙක්. උබට ඇදේ පෙරලගන්න ඉඩ දුන්නයි කියල මගෙ අහවල් එක හැලුන්නෑ. ඇරත්.. ඒ කේන්තියට මිනීමරන්න ගෑනියෙකුටවත් බැරිකමක් නෑ අයියෙ. දරු දුක දන්න එකෙකුට විතරයි ඒක තේරෙන්නෙ. දවල් තිස්සෙ වෙවුල වෙවුල කොහොමද මං මගෙ දරුවට කන්න හොයන්නෙ?! මං නැහුන්නැත්තං දරුවා බඩගින්නෙ.. උට බෙහෙත් ඕන.. මේ ඔක්කොම විදදරාගෙන වටේ ගෙවල්වල වේසිගෙ පුතාල නලවන්නත් මට බෑ බං. මට දැනටම මහන්සියි. මං පොඩි කොල්ලෙක් දෙයියනේ.. කවුරුත් මාව තේරුම් ගන්නැත්තෙ ඇයි!? දරුවා නොහිටින්න ඇත්තමයි මං හුස්මත් අතෑරල ගොඩක් කල් බං. ඌ අතෑරගන්න බැරිකම මිසක් ”

    ” උබට මැරෙන්න තරං මොකද්ද වෙලා තියෙන්නෙ?! වේසකමට නටල කරගත්ත ඒවට කවුද පලි?! මට බොරු කියල මාව පව්කාරයෙක් කරලා මාව නැති කරා. මේ දරුවත් මං එක්ක ඉද්දි ඉපදිච්ච එකෙක්ද? මට එච්චර බොරු කරේ.. මං උබට කොච්චර ආදරේ කරාද කොල්ලො?! මං උබට කොච්චර ආදරේ කරාද සුදූ?! මං කොච්චර ආදරේ කරාද කියල තමුසෙට මතකද? මැරෙන්න හිතෙන තරං හේතු හදාගත්ත එකට මං මොකද්ද කරන්නෙ කියනවකො.. මං සුදූට අඩුවක් කරේ නෑ.. බඩට නොකා හරි මං උබට බැලුවා. උබව රැක්කා පස්සෙන් ගියා. ඒත් උබ මගෙ ඇස් වලට වැලිගහල.. කමන්නෑ මැනික. මං උබ එක්ක තරහ නෑ. අර අසරණ පොඩි එකාගෙ මූණ බැලුවම උබම පේද්දි මට උබ එක්ක තරහ ගන්න බෑ. ඔය වචන විතරක් මගෙ කනට ඇහෙන්න කියන්නෙපා හංස. මං අතිනුයි උබ මැරුම් කන්නෙ ඊලඟට. ”

      ” අයියෙ.. ”

හැම දේම අමතක කරල මම මටම උරුම වෙලා තිබ්බ ඒ පපුවට වැටුනා. මම දන්නෑ දැනුත් අයිතියක් තියනවද කියන්න. මට ඒව හිතන්න හිතුන්නෑ. මට අසරණකම එලිපිට පෙන්නන්න හිත හදාගන්න පුළුවන් වෙච්ච පපුව අස්සෙ මූණ ඔබාගෙන මම ඇස් රිදෙනකල් ඇඩුවා.

    අයියා මාව ආපිට බඳා නොගනිද්දි මට තව රිදුනෙ හේතුව හිතාගන්න මට පුළුවන් වෙච්ච හින්දා..

ආදරේ කරා කිව්වට.. කරනවා නොකිව්ව හේතුවක් ඇති. මට මුලු සංසාරෙම රිදෙන්න ගත්ත හේතුව ඒක.

🤍🦢

බාගෙට ලියද්දි ඩිලීට් වෙලා ගියා.. 💔 ආය ලිව්වා මම..

පරණ කුනුගොඩ බඳාගෙන අඩනවා අන්න 😒💔 මුංගෙත් මාර මරිසි තමා තියෙන්නෙ.. 🤷‍♀️

නඩුත් හාමුදුරුවන්නෙ බඩුත් හාමුදුරුවන්නෙ 
    

Tags: read novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 12 |, novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 12 |, read À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 12 | online, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 12 | chapter, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 12 | high quality, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 12 | light novel, ,

Comment

Leave a Reply

Chapter 13