À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 15 |

A+ A-

    ලොකු ඉන්ජිනේරු මහත්තයා මගෙ බෝඩිම් කාමරේ අස්සෙ කරන්නෙ මොනවද කියල වසන්තෙ අයියා උඩබිම් බලන අතරෙ වසන්තෙ බාස් මගෙ කාමරේ අස්සෙ රිංගන්නෙ මොකටද කියල දෙව්දුන් අයියට හිතාගන්න අමාරු වෙන්නැති. දෙන්නගෙම ඇස් නැවතුනේ මගෙ දිහා.

     මං දරුවව අයියගෙන් උදුරගෙන කාමරේට ගිහින් දොර වහගත්තා. මං එකෙකුටවත් උත්තර බඳින්න බැදිල නෑ. මට බදින්න උත්තරත් නෑ.

   මං කාටවත් වරදක් කරල නෑ. ඒත් උන් දැනටම ගොදුරු මානසිකත්වය ඉහේ දරාගෙන ඉවරයි කියල ඒ බැල්මෙන් කියන්න මට පුළුවන්.

      ” හොද තාත්තිල අඩන්නෑ… ” කොල්ලා අන්තිම ටික ඇදල ආදරෙන් කියල මගෙ කම්මුල මොලකැටි අතින් පිහිද්දි මං ඌ තුරුල් කරගෙන ඇදට වැටුණා. දොරෙන් එලියෙ ඉදපු පිරිමි දෙන්නා දොඩමළු වෙනවා මට ඇහුණා. දෙව්දුන් අයියා වෙඩින් එකකට යන ගමන් දැකල ගෙට ගොඩවුණා කියනවා., වසන්තෙ අයියා ගියපු මලගෙදර ගැන කියනවා.. මැරිල ඉන්නෙ කාගෙ කවුද කියනවා ඇහුණා.. වැඩි කතාබහක් ගියෙ නෑ. ඉක්මනටම වසන්තෙ අයියා දොරට බැහැල ගියා. ත්‍රීවීලර් එක ඈතට යනකල් හැලහොල්මනක් සද්දයක් බද්දයක් තිබුන්නෑ. ටිකකින් අයියා දොරට තට්ටු කරගෙන කාමරේට ආවා..

      දොරට තට්ටු කරේ උගෙ හැදියාවට වෙන්නැති. ඒත් ඒක මට ගැහුවා වගේ රිදුනා.

මාව පිට එකෙක් කරලද…

දොරට තට්ටු කරන්න ඕනද මගෙ කාමරේට එන්න?

ආපහු අර අවුරුදු දාසයෙ එකා හිත අස්සෙ වැලලෙනවා මට දැනුනා.

        ” තාත්ති අදනවා.. ”

පොඩි එකා කිව්වෙ හරි දුකෙන්. උගෙ මට තියෙන ආදරේ.. මට හෙනට දුක හිතුනා.

     ” තාත්ති නෝටි පුතා.. එන්න.. අපි සෙල්ලමක් කරමු. ”

    ” තාති නෝටි නෑ. තාත්ති පව්.. ”

” නෑ තාත්ති නෝටි.. ඕන්නැති වැඩ කරලා අඩනවා.. එන්න මගෙ පුතා. තාත්ති අඩාගත්තදෙන්. ”

      ” තාත්ති පව්.. ”

” අපි සෙල්ලමක් කරමුකො.. එන්න.. තාත්ති අඩන්නෑ දැන්. තාත්ති දොයිද කොහෙද. ”

     ” එහෙනං අපත්ති තාත්තිට ලයිට් පාප්පු ගෙනාවෙ නෑ හින්දා එයාට දුක හිතෙන්න ඇති… අපත්ති මං තාත්තිට මගෙ පාප්පු දෙක දෙන්නද?.. ”

    ” අහන්න.. ඕනද කියල… ”

පොඩි එකා ආපහු ඇදෙන් තිබල දෙව්දුන් අයියා ඇදේ කොනක වාඩිවුණා. කොල්ලගෙ සපත්තු ගලවගන්න කොල්ලා නටන හින්දා වෙන්නැති ඒකට උදව් කරනවා ඇහුනා කුටුකුටු ගගා.. බිත්තිය පැත්තට හැරිල වැතිරිල උන්න මං එහෙමම හිටියෙ කතා කරන්නත් හිතක් නොතිබ්බ නිසා.

    කොල්ලා ඇද වටෙන් ඇවිදිල්ලා මගෙ තුරුලෙ වාඩිවෙලා එයාගෙ පාප්පු දෙක මගෙ ලගින් තිබ්බා. ” තාත්ති අදන්න හොද නෑ ගෝනිඅත්තා අල්ලගෙන යයිනෙ… පාප්පු දෙකක් මොනල පැතියත එපා. එකක් තාත්ති ගන්න. තාත්ති අදන්න එපා… තාත්තිට මං ආදලෙයිනෙ.. ”

   කොල්ලා අඩන වෙලාවට මං කියන ඒව කොල්ලගෙන් අහගන්න තරං මං නොදරුවෙක් වෙලා. මං පැටියගෙ කම්මුල අතගෑවා. කොල්ලා මගෙ කම්මුල ඉබලා චූටි අතින් ඔලුවත් අතගානකොට පපුව දියවෙල යනවා වගේ මට තව ඇඩුනා විතරයි.

    
     ” රත්තරං මට.. ඈත ගමන් යද්දි විතරක් පාප්පු දෙක දෙන්න එහෙනං… හා ද?.. ”

     ” එහෙනං මොනල පැතියා ආපහු පාප්පු දාගන්නද? ”

    ” දාගන්න.. ”

” තාත්ති තාම අදනවනෙ.. මොනල පැතියා දුකයි.. ”

     ” අඩන්නෑ ආය.. මට සමාවෙන්න මැනික.. ”

    කොල්ලා මොකද්ද කවියක් කියන්න ගත්තා.. මම කදුලු පිහදාල ඇදේ එහෙමම හිටියා. අයියත් ආව කෝල් එකකට ආන්සර් කරගෙන මිදුලට බැස්සෙ වැස්සත් ටිකක් අකාමකා වෙච්ච හින්දා වෙන්නැති. මට එහෙම්ම නින්ද ගිහින් තිබුණා.

    මට ඇහැරුණෙත් පපුව පත්තු වෙලා..

මගෙ දරුවා?!

   එහෙම්ම ඒ පපුව නිව්නා.. පොඩි එකා කුටුකුටු ගගා බිම ඉදගෙන සෙල්ලම් කරනවා. දෙව්දුන් අයියා කාමරේට ආවෙ සීරියල් එකක් හදාගෙන රස්නෙ බල බල.

    ” මගෙ පුතා ෆෘට් ලූප්ස් කනවද? ”

    ” පුට්ලු කියන්නෙ මොනවද?.. ”

” සස කෑමක්.. එන්නකො කවන්න අප්පච්චි.. ”

   කොල්ලව ඇදේ ඉන්දවලා කවනකල් මම නිදිමත ඇරෙන්න ඔහෙ වැතිරිලා හිටියා. මට නැගිටින්නත් හිත දුන්නෑ. නැගිට්ටම අර මනුස්සයා එක්ක රන්ඩු අල්ලන්න වෙයිද?.. දෙව්දුන් අයියගෙ හිතේ තිබ්බෙ මොකද්ද මං තාම හරියට දන්නෙ නෑ.

     කොල්ලා ඒක නං ආසාවෙන් කනවා ඇහුනා. කොල්ලට කවලා අයියා මගෙ කොන්දට තට්ටු කරා.

    ” යං කන්න. දවසම නිදාගන්නද කල්පනාව?..”

     කන්නෙ මොනවද?.. මට උයන්නත් බැරි වුණා. ඔතාගත්ත බත් එක දැන් පිලුනු වෙලත් ඇති. වෙලාව කීයද මංදා.

      ” ම්ම්.. ”

මට නං නොකා හිටියහැකි.. ඒත් අයියව බඩගින්නෙ තියන්න මට හිත දුන්නෑ. මං නිදිගැට කඩකඩ ඇදේ ඉදගත්තෙ ඒකයි.

     දවාලෙ නිදාගන්නවා කියන එකත් මට හීනයක් වගේ… නැගිටින්න මෙච්චර අමාරු ඒකද දන්නෑ.. ඇග වෙව්ලනවා වගේ දැනුන හින්දා මං ටිකක් ඇස් පියාගෙන එහෙම්ම හිටියා.

   ” පුදුම කම්මැලිකමක් මේක.. ”

අයියා කාමරේට ආවෙ බත් පිගානකුයි වතුර විදුරකුයි අතින් අරන්…

   මූ උයලද?..

   ” කට හෝදගෙන එනවා කවන්න. ”

    මං නිදිමතේම නාන කාමරේට ගිහින් මූණකට හෝදගෙන ඇදට ආවා.. චුට්ටක් නිදිමත ඇරිල ගියෙ වතුරට.

     අයියා චිකන් වගයක් උයල පරිප්පුයි මැල්ලුමකුයි එක්ක සොසේජස් කරල් ටිකක් බැදල තිබ්බා. පපඩම් ටිකක් පිගානෙ කොනක තිබ්බා. පොඩි එකත් කාමරේට ආවෙ සොසේජස් එකක් අතේ තියන් හප හප අනිත් අතෙන් පපඩමක් අරන්.

    මුටත් මං උයල දුන්නම තමා කන්න බැරි..

     ” ඊයා තාත්ති.. චූචි බබෙක් වාගෙ අපත්ති අතින් හම්බු කනවා!.. à·„à·– à·„à·– ” කොල්ලට අයියා අනලා බත් කටක් මට කැව්ව එක මහ විගඩමක් වගේ පෙනිලා.. ඌ හිතන් ඇති උට විතරයි හම්බු වෙන එකෙක් අතින් කවාගන්න ඕන කියල. හරි මගුලක් මේක..

   උබල ඉපදෙන්න කලින් දිනපතාම උබලෑ අප්පච්චි අතින් බත් කෑව මිනිස්සු බං අපි..

     ” කටේ කෑම තියන් කතා කරන්නෑ! ” අයියා සැර කරාට මූ දැන් අයියට බය නෑ. දිව දික් කරලා සොසේජස් කෑල්ලක් හප හප මට à·„à·– තිව්වා.

    ” ආහ්.. අරන් දෙන්නං සෙල්ලං බඩු ආපහු.. ”

   ” ඉතින් මොනල පැතියා තොතේචස් කද්දි කතා කලන්නෑ නෙ ආය.. ”

    ” හොද පුතා වගේ කෑනොගා කන්න… නහය අස්සෙ හිර වුනොත් නහය කපන්න වෙයි ඩොක්ට’ අන්කල්ට කියල.. ”

     ඊටපස්සෙ කොල්ලා ඇදේ ඉදගෙන කකුල් පද්ද පද්ද සොසේජස් එක කෑවා.. ආය කියෙව්වෙ නෑ. කොල්ලට කන්න පුළුවන් තරම් කාල ඉතුරු එක මගෙ පිගානට දාල ගිහින් අත් සෝදන් ආවා.

    ” පුටුවෙ නැගලද ටැප් එක ඇරියෙ?! ”

    ” ආය කලන්නෑ… ”

” එපා පුතා.. ඔයා වැටෙයි .. ”

    ” ආයි කලන්නෑ ඉතින්.. ”

ටැප් එක අරින්න මේකගෙ පුදුම ආසාවක් තියෙන්නෙ. ආය කරන්නෑ කිව්වට ඔය පුටුව පල්ලෙ පෙරලෙනකල් ඕකා ඕක නවත්තන්නෙ නැති වග මං දන්නවා.

   අයියගෙ අත් ගුණේට මගෙ කෑමවලට ලං වෙන්නවත් බෑ. දරුවා කන්න බෑ කියල අඩන්නෙ ඒක වෙන්නැති. ඒත් අයියට රස මං ඉව්වම ලු.. ඌ මගෙ හිත හදන්න ඒ කාලෙ බොරු කිව්වද කියලමයි මං ඉව්ව බත් කටක් කටට ලං කරන හැම සැරේම මට හිතුණෙ.

  මමත් පොඩි එකා වගේ බත් ඔක්කොම කෑවා. රෑ වෙන්න ලඟයි නේද? මට අයියගෙන් වෙන් වෙන්න ඕන වුනේ නෑ.

    ඒත් අයියා එක්ක ගියොත් මට මිනිස්සු වචන කියයි. අයියගෙන් යැපෙන්න ඕනවට කරේ එල්ලුනා කියයි. මගෙම සහෝදරයා මං ගැන අර වගේ හිතුව එක පිට උන් හිතන එක අහන්න දෙයක්ද?..

       මට මගෙ දරුවට ලැජ්ජ කරන්න  හිත දුන්නෑ. මූ මෙහෙමම ඉන්නෙ නෑ.. ලොකු වෙනවා. උට මං කරල තියෙන අපහස ඇති..

      ” අපත්ති අපි ඔක්කොමල තෙල්ලම් කරමු?”

    බිම වාහනේ තල්ලු කර කර ඉදල කොල්ලට කම්මැලි ඇති. අත සෝදගෙන කාමරේට ආව මනුස්සයගෙ කකුලෙ එල්ලුනේ. 

     ” කරමු පුතා.. කරමු. මොකද්ද සෙල්ලම? Anything for you සුද්දා.. like.. anything ”

    ” එනිති නෙවෙයි අනේ… අත්තයා ගෝන්.. තික් තික් තික්.. කලමු? ”

     ” හා.. ඔයා කියල දෙන්නකො… ”

” අලක බිමට දාන්නකො.. මේම.. ” කොල්ලා පෙන්නුවෙ බිත්තියට හේත්තු කරලා තියෙන මෙට්ටෙ. අයියා හිනාවෙවී ගිහිල්ලා ඒක බිම දාල දුන්නා පොඩි එකාට.

      කොල්ලා දුවගෙන ගිහිල්ලා ඒකෙ ටිකක් උඩපැන්නා.

   ” අපත්ති ඇදුම ගලවලා.. මේකෙ දොයියන්න.. ”

     ” ඒ මොකටද?… ”

” තාත්ති කියල දෙන්නකො… මෙයාත.. ” කොල්ලා ඇවිත් මගෙ අතින් ඇදලා මෙට්ටෙට ඇදගෙන ගියා..

    ” මාමා සීයා තාත්තිට කියල දීපු තෙල්ලම අනේ.. ”

  අයියා මං දිහා බැලුවෙ කන්න තරං කේන්තියකින්. කොල්ලා කියන වචනවලට මාත් බය වෙලා අයියා දිහා බැලුවෙ… මං කට අරිද්දි අයියා බිම දණගහගෙන දරුවා තුරුලට අරගත්තා.

මගෙ හුස්ම පපුවෙන් අයින් වෙන වෙන වාරෙට පපුව පුරවලම පපුව ඩිග්ඩිග් ගාන සද්දෙ පිටට ඇහෙනකල් වැඩි වුණා. දෙකන්සෙන් දාඩිය දාන් එද්දි මාව හිටිතැනම වෙව්ලුවා.

    ” මොකද්ද මගෙ පුතා මාමා සියා තාත්තිට කියාදීපු සෙල්ලම?.. ”

    ” අයියෙ.. ”

” වහගං… ” ඒ වචනෙ ඇති. උට තව කතා කරොත් මට වෙන දේ මටම හොයාගන්න වෙන්නැති බව මට දැනුණා.. මගෙ කකුල් පනනැති වෙනවා වගේ දැනුණෙ..

     ” මොකද්ද පුතේ මාමා සීයා තාත්තිට කියල දුන්නෙ.. ඔයා කියන්න අප්පච්චිට.. ”

    ” අත්තයා ගෝන්.. ”

” කොහොමද ඒක කරන්නෙ?.. ”

“  ගවුම ගලවලා… කොන්දෙ උද නැගලා..  අතට තෙල් ගාන්නෝන.. ආහ්.. තාත්ති මං බේබි ඔවිල් එක ගන්නං?! ”

    කොල්ලා ඉස්තෝප්පුවෙ සෙල්ලං කරන්න ගන්න බඩු දාන හාල් මල්ලෙ බේබි ඔයිල් එක හොයන්න දිව්ව අතරෙ දෙව්දුන් අයියා මාව ඇස්වලින් මැරුවා දාගෙන.. ඒ බැල්මට මං බය වුනා.. කොච්චර කියනවා නං වචනයක් කතා නොකර බිම බලාගන්න තරං..

      මාව මරන්න තරං කේන්තියක් එන්නැති. ඒත් මට නිදහසට කරුනු කියන්නවත් කට ඇරගන්න බය හිතුනා. මං ලගට ඇවිති කමිසෙන් ඇදල ගත්ත විදියට මං ජීවිතේ ගැන ආසාවල් අතෑරියා.

    දරු පැටියා බේබි ඔයිල් එක උස්සගෙන කාමරේට දුවගෙන ආවම දෙව්දුන් මාව අතෑරියා.

     ” අපත්ති යන්නෙ ඇයි?.. ” පොඩි එකා අඩාගෙන අයියගෙ කකුලෙ එල්ලුනේ ඌ දොර ලගට යන ගමන් වාහනේ යතුරයි ෆෝන් එකයි ගන්නවා දැකල. දෙව්දුන් දරුවව වඩාගෙන උගෙ කම්මුල ඉබලා ඇදෙන් තියල එලියට යද්දි කොල්ලා ඇදෙන් බැහැල අඩ අඩ පස්සෙන් දිව්වා.

   මං දරුවව ඉස්තෝප්පුවෙ දොරෙන් පිටට යන්න නොදී අල්ලගත්තට කොල්ලා යටිගිරියෙක් බෙරිහන් දිදී අඩන්න ගත්තෙ අප්පච්චි යන්න එපා කිය කිය.

  මාත් දරුවා එක්ක ඉකිගහ ගහ දොර දිගේ රූටල බිම ඉදගෙන ඌ එක්ක තරගෙට ඇඩුවා. පොඩි එකාට මගෙ ඇඩිල්ල හිසරදයක් වෙලා ඌ ම ඇඩිල්ල නවත්තගත්තට මං තවම ඇඩුවා.

     දරුවා මගෙ ඔඩොක්කුවට ගුලි වෙලා නින්ද ගිහින් හිටියා. මං දරුවව ඇදේ ගිහින් තිබ්බෙ හීනෙන් වගේ..

අයියා ආපහු මගෙ මූණ බලන එකක් නෑ.. ඒ සිතිවිල්ල මාව මෙච්චර රිදෙව්ව හේතුව මට තේරුණේ නෑ. හැමදේම දරාගෙන මේ තරම් දුරක් ආව මං ඒ මනුස්සයගෙ රැවුමක් ඉස්සරහ ඒ තරම් කඩාවැටුන හේතුව මං මුලු රෑ ම කල්පනා කලා.. ඒත් ඔලුවට ආවෙ නෑ.

නැවත හමුවෙමු 🤍🦢

මොනර පැටියා තමා හොදටම කරේ 🙂💔

-AN-

මම මගෙ කතා හැම එකකටම හිතුන වෙලාවට ස්පෙශල් චැප්ට’ස් ලියන්න හිතන් ඉන්නවා. ඒව ස්පෙශල් හින්දා ස්පෙශල් රීඩස්ලට විතරයි දෙන්නෙ 😒🖤 මට නම මතක අයට සහ ඒ මතකය ලස්සන එකක් වෙච්ච අය වෙනුවෙන් ඒව ඩෙඩිකේට් කරලමයි ලියන්නෙ.

      Cute/romantic / erotic හැම ටික් එකකින්ම හිතුන විදියට ලියයි. ලිව්වම මම ඔයාලට මේ වගේ නෝට් එකක් දාල කියන්නම්. නම මතක අයට දෙනවා. එච්චරයි  🖤💫

***

කතාව චුට්ටක් කෙටියි තමා.  ඒත් ෆාස්ට් අප්ඩේට්ස් දෙන නිසා ඊටවඩා දිගට ලියන්න අමාරුයි.. කමවෙන්නෝන 🤍 ෆාස්ට් අප්ඩේට්ස් එපානම් දිගට ලියල සතියකට එකක් වගේ දෙන්න පුළුවන්… කෝමද හොද? 🖤💫 කෝකත් එකයි නේද ඉතින්..

Tags: read novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 15 |, novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 15 |, read À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 15 | online, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 15 | chapter, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 15 | high quality, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 15 | light novel, ,

Comment

Leave a Reply

Chapter 16