À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 24 |

A+ A-

    ” ඇයි දැන්… ”

ඩොක්ට’ගෙනුත් අප්පිරිය වෙන්න බැනුම් අහල කාර් එකට ආවම මූත් මට කතා කරන්නැතුව හෝ ගාල රවනවා.

පොඩි උන් වගේ අප්පා මුනුත්.. ඒත් කමන්නෑ, මොනර පැටියා වගේ හුරතල් වෙන්න ගත්තම හිතාංකො දඩාර උස මහත පිරිමියෙක්..

ඒ වුනාට ඒක වෙනම ආතල් එකක්.

    ඩොක්ට’ පරිස්සම් වෙන්න කියල බනිනකොට මුට මට ගහන්න බැරුව වගේ බලන් ඉදියෙ. මං දැන් දන්නවා දේශනාවක් කට ඇතුලෙ තද කරගෙන ඔය ඉන්නෙ කියන්න.

   කමන්නෑ ඔන්නොහෙ දීපං කියල මං කතාව ඇවිස්සුවෙ ඔය පිප්පිල්ල ඉවර වෙන්නෙ මං හා හ්ම් කියල ඔක්කොම අහන් ඉදල එසේය දේවයන් වහන්ස කිව්වම විතරයි කියන්න.

     ” මගුලෙ තදියමට නටවල… දරුවා අනාත කරපං.. කියල වැඩක් නෑ බං.. උබලට.. ”

කියල වැඩක් නෑ කිව්වට නොකිය ඉදීද බලහංකො.. පතරංගෙ වගේ දිගාරින්නෙ..

      කොල්ලත් හොදට අයිස්ක්‍රීම් එකක් කකා පිටිපස්සෙ.. පොඩි උන්ට කියල තියෙන කාර් සීට් එකක් අරන් ඒකෙන් ඉන්දුවෙ මට උකුලෙ තියන් යන්න අමාරු නිසා ලු.

මට අයිස්ක්‍රීමුත් නෑ… වරදට දඩුවම්..

    ” හරි අප්පා.. ”

   ” හරි?! හරි.. ඇහුණනෙ ඩොක්ට’ කිව්වා?! කකුල ඉන්ෆෙක්ට් වෙලා හරි.. ඔය හදපු එකක් ඇඹරිල හරි ගියාම තව හරි.. බං හංස.. මනුස්සයෙක් වුනාම ඩිංග එහෙමෙහෙ වෙද්දි රෙද්ද කරට අරන් දුවන්න නෙවෙයි ඕන. ටිකක් කල්පනා කරහං. දරුවා අරන් බෑග් අරන් එහෙ මෙහෙ දුවන්න නෙවෙයි.. දවසට විනාඩි දහයකට වඩා ඇවිදින්න එපා කියලනෙ ඩොක්ට’ස්ල කිව්වෙ.. ටිකක් ඉවසල ඉන්න බැරි වුනා. මං ඔය විගඟුල එහෙ මෙහෙ එනකල් ඉදල ගේ ලගට හරි එනවා තමුසෙ ඉන්න බෑ අයියෙ මෙහෙ මාව එක්ක යන්න කියල එක මැසේජ් එකක්.. අඩුම එක මැසේජ් එකක් එවල තියපිය. නෑ.. පුදුම තදියමක් තියෙන්නෙ. දැන් විදෝපිය… බලහන් රෑ වෙද්දි ඕව ඉන්න හිටින්න බැරි වෙනකල් කැක්කුම අල්ලන්න ගත්තෙ නැත්තං.. අර දැනටත් ඉදිමිල කලින් තිබ්බට වඩා. ඇයි බං හංස මෙහෙම කරන්නෙ?! තමන්ටවත් ආදරේ නැද්ද? ඇයි වද දීගන්නෙ?! “

   ” ඉතින් ඒ ගෙදර තව ඉන්න එපා කියල එලියට ඇදල දාද්දි මං බලහත්කාරෙන් ඉන්නද- ”

මගෙත් කට හොද නෑ නෙ. හිතන්න කලින් වචන ඉස්සර වෙනවා.

    අයියා මට රවලා විනාඩියක් නිහඩ වුණේ වාහනේ කොළඹ පාරට  දාන ගමන්..

  කුරුනෑගල ක්ලිනික් එකකට ලියවගෙන ඉදපු හින්දා කුරුනෑගලට ඇවිත් ආය කොළඹ යන්න වුණා. හොද වෙලාවට අයියා අක්කා අරන් ගියෙ කෑගල්ල හොස්පිට්ල් එකකට වෙන්නෝන. නැත්තං අතේ මාට්ටු..

   ” බොරු කරන්න එපා හංස.! කවුරුත් උබව ඔය තත්වෙන් ගෙයින් එලියට ඇදල දාන්නෙ නෑ. ලොකුකමට එන්න ඇති. දැන් මෙතන බබා වෙන්න එනවා. මං දන්නැද්ද හංස තමුසෙව. ”

       ” ලව් එකක් මාට්ටු වෙලා මට රෙදි ගලෝල ගස් බැඳල ගැහුව මිනිස්සු මේ තත්වෙන් මාව එළියට ඇදල දාන්නෙ නෑ?! ” මගෙ කට කොනට ආවෙ හිනාවක් වුනාට ඇහැ කොනට ආවෙ කදුලක්.. මං ඇගිල්ලෙන් ඇහැ පිහදගත්තෙ අයියට නොදැනෙන්න.. ඒත් අයියා මං දිහා හැරිල බලලා ආය ඉස්සරහ බලාගත්තා..

    ” හංස.. ”

    කොල්ලා අඩන්න ගත්තෙ අයිස්ක්‍රීම් එක අතින් වැටිලා… පන්ඩිතකමට මං කවන්න යද්දි බෑ තනියෙන් කන්න ඕන කියල අරගෙන.. පිටිපස්සෙ සීට් එකේ තනියෙන් ඉන්න පුළුවන් කියල ගිය කොල්ලා ලඟට යන්න අයියා මං වෙනුවෙන් වාහනේ නැවැත්තුවා.

එහෙමම ඒ කතාව යට ගිය එකත් හොදයි… ගෙදර යනකල් බැනුම් නාහා ඉන්න මැනික තුරුල් කරන් මමත් නින්ද ගිහින් වගේ ඉදියා. කොයි වෙලේ හරි නින්ද ගිහිනුත් තිබුනා..

      ඊලඟට ඇහැරුණේ ඇදක් උඩ..

සිනිදුම සිනිදු.. පිරිසිදු වටින සුවදක් ආව ඇතිරිලි වල මට එහාපැත්තෙ පොඩි එකත් සෙල්ලම් කර කර හිටියා..

   අයියා ඇවිත් බබාට මොනාහරි කවනවා මට ඇහුනා. එහෙම්ම නිදාගත්තා මම. ඇගට අමාරුවයි.. බෙහෙත් සැරයි නිසා මට පැය ගාණක් හොදට නින්ද ගියා.

###

       ” කෝ.. බේත බී..ල.. තීනි තුට්ටක් කා..ල..- ”

   ” ම් හ්ම්! මත බේත එපා..! මත බේත එපානේ මත බේත එ.පාහ්…”

කොල්ලා අන්තිමේ කදුලු අවිය අතට ගත්තා.

පොඩි එකාට බෙහෙත් පොවන්න මං දගලන්නෙ පැය බාගයක් තිස්සෙ..

     අයියා මට ඇදෙන් බහින්න තහනම් නියෝගයක් දාල තිබුණෙ. අම්බානකට බැනුම් අහන්න වෙන දන්න හින්දා මමත් ඇදට වෙලා ඔහෙ ඉදියා අල ගෙඩිය වාගෙ..

  මෙහෙම ඉන්න මට හුරු නෑ. වැඩ කරලා කරලා නොකර ඉද්දි ඇගට හෙන අමාරුයි ඒකත්. හිතට ඊටවඩා මූසල ගතියක් දැනෙනවා.

       ” ආහ්… මොකද මොකද මේ.. ” අයියා කාමරේට ආවෙ කෑම අරන්.

” අපත්ති මත බේත එපා! බේත එපා කියන්නකො මගෙ නපුලු තාත්තිට! ” කොල්ලා ගිහින් අයියගෙ අතේ එල්ලුනා. එල්ලිලා ඒ ලොකු අත බදාගෙන අඩන්න ගත්තම මට හූනු පැටියෙක් වගේ පෙනුනෙ.

  අයියා ළඟින් ඉද්දි දරුවා මහාමේරුව පාමුල විලක පිපිච්ච නෙලුම් මලක් වගේ.. ඒ හුරතලේ දකිනකොට මට බෙහෙත් පොවන්නෙ නැතුව ඉන්නම හිතුනෙ..

ඒත් බෙහෙත් දෙන්නම එපැයි..

දරුවගෙ චූටි ඇගට දරාගන්න බැරි තරම් බෙහෙත් ගොඩක් හැම දවසකම පොවනකොට දරුවට වඩා මටයි හැමදේම තිත්ත වෙන්නෙ.

ඇයි දෙයියනේ මගෙ දරුවටම දුක් දෙන්නෙ.. ජීවිත කාලෙම ඒ දරුවා දුක් විදී නේද?…

  ඒ ගැන හිතන හැම වතාවකම මට දැනෙන්නෙ මහ කළකිරීමක්. ඒ ගැන මං දවසට කෙලකෝටි වතාවක් හිතල හූල්ලනවා ඇති. ඒත් ඒ දුක හිතින් අයින් වෙන්නෙ නෑ. මගෙ දරුවා ඉන්නකල් දුක් විදී.. මේ බෙහෙත් කොයි තරම් සැර ද?

ඕව දුන්නම දරුවා දවස තිස්සෙම බෙහෙත් මතේ ඉන්නෙ.. මගෙ මොනර පැටියා කොච්චර ශක්තිමත් ද? මට ආඩම්බර වෙන්න ඕන කාරණාවක් ඒක. ඒත් මට දුක නොහිත ඉන්න බෑ.

එයාට බෙහෙත් බොන්න වෙන්නෙ ඇයි? ඇයි මගෙ දරුවා ඒ තරම් දුක් විදින්න ඕන?..

  ස්වභාවධර්මය ගැනත් ඒ වෙලාවට ආවෙ කේන්තියක්. ඇයි අහිංසක දරුවො මේ වගේ ඉපදෙන්නෙ? එයාලට වෛර කරන පාච්චල් කරන මිනිස්සුන්ට ඇයි හෙනයක් වත් නැත්තෙ?… කොහෙවත් සාධාරණයක් නෑ.

අන්තිමට බලද්දි හැමදාම හැමතැනම දිනුවෙ අසාධාරණය.

අපි පව්.. සාධාරණය කියන වචනෙ තමා මේ ලෝකෙ යූස්ලස් ම වචනෙ. කවදාවත් එහෙම දෙයක් මේ ලෝකෙ තිබිල නෑ.. තියෙන එකකුත් නෑ.

    ” කෝ.. තාත්ති බෙහෙත් බීලද දැන් ඔය කියවන්නෙ?! ” අයියා මට ඇහැක් ගහගෙන ගිහින් මගෙ බෙහෙත් ටික බෙඩ් සයිඩ් ටේබල් එකේ ඩ්‍රෝව’ එකකින් එලියට ගත්තෙ මගෙ බෙහෙත් වෙලාවත් හරි හින්දා..

  කෑමට පෙර එක පෙත්තයි තියෙන්නෙ.

   ” කෝ එන්න. අපේ ලොකු බබාට බෙහෙත් පොවල ඉමු.. ” අයියා මගෙ අතේ තිබ්බ පොඩි එකාගෙ බෙහෙත් ටික අරන් පැත්තක තියල මං අතින් තිබ්බා මගෙ තනි බෙහෙත් පෙත්ත..

   බොරු ඕන්නෑ. මටත් බෙහෙත් නං ඇස් දෙකට පේන්න බෑ. අනික මේවෑ තඩි..

    අයියා ඇහැක් ආය ගහල මොනර පැටියා දිහාව මට ඇහෙන් පෙන්නුවා. මං මූණ පුලුටු කරගෙන අඩන්න වගේ ආවා..

       ” ආහ් ඇයි? බෙහෙත් බිව්වෙ නැත්තං මොකද වෙන්නෙ? මායූ.. මගෙ පුතා කියන්න තාත්තිට.. බෙහෙත් බිව්වෙ නැත්තං මොකද වෙන්නෙ කියල.. ”

     ” කැත වෙනවා… “  කොල්ලා හිතල හිතල කිව්වෙ මගින් ම ඇවිත් වාඩි වෙලා මගෙ මූණ දිහා බලාගෙන..

    ” මට කමන්නෑ. ”

” හංස බෙහෙත් බොන්න මගෙන් කෝටුපාර නොකා.. ”

    ” මට බෑ.. බෙහෙත් තිත්තයි  ”

මං අනිත් පැත්ත හැරිල වැතිරෙන්න ගිහින් ආයම කෙලින් ඉදගත්තෙ ලොකුවට රිදෙන්න ගත්තා වගේ රගපාන ගමන්..

ඊටපස්සෙ වෙව්ලන අතින් බෙහෙත් පෙත්ත අරන් කටට දාගෙන වතුර එක්ක බීල.. හරිගියා වගේ ඇදේ ඉදගත්තා..

     ” දැක්කනෙ දැක්කනෙ.. මං ඕක තමා කිව්වෙ බෙහෙත් බොන්න කියල. කියන දේ අහන්නැති වුණාම ඔහොම තමා.. ” අයියා බබාගෙ බෙහෙත් ටික අතට ගන්න ගමන් මොනර බ්බා දිහාට හැරුණා. ” කෝ..  ඔන්න මගෙ පුතා නං තාත්ති වගේ අඩන බබෙක් නෙවෙයි. ඔන්න බේත ඔක්කොම බොනවලු.. තාත්ති බලාගන්න.. ”

    ” මත බෑ! ”

කොල්ලා බෙහෙත් පෙති ටික අත එක්ක තල්ලු කරල අඩන්න ගත්තා.. මූ එසේ මෙසේ මොනර බිත්තරයක් නෙවෙයි. ඌ අං ගිලපු එකෙක්.

ඕවට රැවටෙන්නෙ නැති වග දැනගෙන ඉන්න තිබුනා..

      ” ආහ්.. අඩ අඩ ඉන්නකො… ආ. ”

” මත බේත එපා…! කිව්වම ආන්න මත බේත එපා ඉන්දනෙ! ”

      අයියා මොකුත් කිව්වෙ නෑ. ගිහින් කබඩ් අස්සෙ මොනාද හොයල ඇවිත් ඇදේ ඉදගත්තෙ මං දිහාට විතරක් හැරිල..

      කාසියක්… ඕක මට පේන්න එහෙමෙහෙ කරලා බෙල්ල අස්සෙ ගහගෙන මොකද්ද දහ අට වන්නමක් නටලා.. අන්තිමට හිස් අත දිගෑරල කාසිය එක්ක ටොපියකුත් අරන් මගෙ අතේ තිබ්බා.

    ” මැදික්!! ” කොල්ලා ඇවිත් අයියගෙ අතේ තිබ්බ ටොපිය ගන්න හැදුවට අයියා දුන්නෙ නෑ. ඒක මට දුන්නෙ.

   ” ඒක තාත්තිට. හොද බබෙක් වගේ බෙහෙත් බිව්ව හින්දා. “

    ” මත බේත එපා. ”

” ඔයාගෙ කැමැත්තක්.. ”

    ” මත තොපී ඕන! ”

   ” මටත් ඕන. ඒත් ජීවිතේ අපිට ඕන හැමදේම අපිට ලැබෙන්නෙ නෑනෙ සුදුමහත්තයා. ඔයා ඒව බලාගන්න ඕන. ”

   පොඩි එකාට තේරෙන කතාවක් කියහන් එක්කො.. මට හිනත් ගියාට.. සමහර විට අයියා වගේ මනුස්සයෙක් එයාගෙ ජීවිතේ ඉන්න ඕන.

    මොනර පැටියා මං දිහා බැලුවෙ මහ දුකකින් වාගෙ. ජීවිතෙත් දෙන්න බය නැති මට ඔය ටොෆිය නං මොකද්ද.. ඒත් ඕක දුන්නනම් බෙහෙත් ටික පොවාගන්න වෙන්නැති හින්දා මං ඒක අතේ ගුලි කරගත්තේ අයියා මට රැව්ව පාර…

    ” තාත්ති නෝති.. ”

” තාත්ති ටොෆී කන්නෙ ඒක තාත්ති earn කරපු හින්දනෙ.. එයා නෝටි නෑ. ඔයයි නෝටි. බෙහෙත් බොන්නැති බබාල තමා නෝටි. ”

   ” මත බේත එපා.. ”

” එහෙනම් ටොෆිත් නෑ. ”

” මතත් තොපියක් මවල දෙනවද?… බේත බීවොත්? ”

     අනේ මට හෙනට දුක හිතුනා මැනික ඒක අහපු විදියට. අයියා හිනා වෙලා කොල්ලගෙ ඔලුව අතගාගෙන බෙහෙත් ටික අරන් දරුවට දුන්නා. විනාඩි පහක් විතර දගලලා… කොල්ලා යන්තම් බෙහෙත් ටික බීල දැම්මෙ..

    ” මායුර් ඔයා සුපිරි කොල්ලෙක් නෙ හලෝ. දැක්කද තාත්ති. අන්න එහෙමයි බෙහෙත් බොනව කියන්නෙ. ”

අයියා කොල්ලව වඩාගෙන මුලු මූණම ඉබල ඔලුව මුදුනත් ඉම්බෙ ආදරේ දරාගන්න බැරුව වෙන්නැති.

   ” මත මැදික් කලලා දෙන්න අපත්ති දැන්.. මත තොපියක් ඕන.  ”

    ” මගෙ පුතාට මං චොක්ලට් එකක්ම මවල දෙන්නංකො.. ඕක මොකද්ද.. ” අයියා ආපහු අත හතර අතේ අබරෝලා.. රත්තරං පාට කොලේක ඔතපු චොකලට් බෝලයක් දරුවා අතේ තිබ්බෙ අන්තිමට මැජික් ප්‍රදර්ශනයක් කරන්න වෙනකල් දරුවගෙන් බේරුමක් නැති වෙද්දි..

    කොහොම වුනත් පැයක් විතර අයියගෙ විගඩම් බල බල මාත් පුදුම වුණා.. මූ මැජීශියන් කෙනෙක් වගේ.. ට්‍රික්ස් සෑහෙන ගානක් දන්නවා එකක් වත් මගෙ ටිකිරි මොලේට අල්ලගන්න බැරුව ගියා.

    අන්තිමට කොල්ලා හිනාව නවත්තල මං තුරුල්ලට ඇවිත් ඉදගත්තෙ රතු වීගෙන..

    ” තාත්ති දයපල්.. එකක්.. ”

   ” ආහ්.. ඉන්න මගෙ මොනර පැටියා.. ” මං හෙව්වෙ බෑග් එක.. ඒකෙ තමා ඩයපර් ටික ඇත්තෙ. ඇදෙන් බැස්සොත් බැනුම් අහන්න වෙන හින්දා මම අත දික් කරලා අයියගෙ කොෆි ටේබල් එක උඩ තිබුන බෑග් එකට ඇගිල්ල දික් කරා..

    ” අයියෙ බබාට ඩයප’ එකක් අරන් දෙන්නකො. ”

    ” ඩයප’?.. ” අයියා අරන් ගෙනත් කොල්ලගෙ ඩයපර් එක චේන්ජ් කලා. ඒත් ඊටපස්සෙ මටයි බැනුම් අහන්න වුණේ ආයමත්..

    ” සුදු ඔයා දරුවා තාම ගෙදර තියන්නෙත් ඩයප අන්දලද? ”

   “… ඔව් ඉතින්.. ”

   ” යසයි.. තාත්තා හොදටම කරනවා වගේ.. ”

    ” ඇයි හලෝ.. මේකා වොශ් රූම් යන්න බයයි ඇතුලට වැටෙයි කියල.. ”

   ” ආහ්.. එහෙම කියල ඉස්කෝලෙ යද්දිනුත් ඩයපර් මාරු කරන්න යන්නද හිතන් ඉන්නෙ.. මේ පොඩි උන්ට පොටි ට්‍රේන් කරන්න පොඩි කොමඩ්ස් තියෙනවා නේද? ඒවට වත් හුරු කරන්න ඕන. දැන් අවුරුදු හතරක් කියන්නෙ.. මෙහෙම නං හරියන්නෑ.. මේ ළමයා ඔයාගෙ තුරුලෙම තියන් හදන්නද හිතන් ඉන්නෙ? ”

   ” ඉතින් අප්පා.. මෙයා මගෙ මොනර පැටියනෙ.. ” මං කොල්ලව තුරුලට ගත්තෙ ලෝබකමේ.. මූ කොහෙද ලොකු.. මගෙ චූටි බෝලෙ..

    ” බලු පැටියා මොනර පැටියා ගාන්නෙ නැතුව දරුවගෙ නම කියල කතා කරන්න. මං හදල ගන්නංකො දෙන්නම.. ”

    ” මොනර පැටියට මොනර පැටිය නොකිය.. ආය.. ”

    ” හුරතලේ නෙවෙයි. දරුවට පෞරුෂයක් හදන්න ඕන දැන්ම ඉදල… ඔයාගෙ හුරතලේ එක්ක නං අමාරුයි හංස.. ඔයාගෙ තුරුලෙම ලොකු වෙන්නෙ නෑ එයා සමාජ ජීවියෙක් ළමයො.. එයාට ලොකු වෙන්න දෙන්න.. ”

     ” ඉතින් පෞරුෂයක් හදමු.. මොනර පැටියා කියන්නෙ ආදරේට නෙ.. ”

   ” තාම කොල්ලට බහ තේරෙන්නෙත් නැති එක පුදුමයක් නෙවෙයි. තාත්තා ඔක්කොටම හපන් බබානෙ…. ” අයියා මගෙ ඔලුව ඉබිද්දි කොල්ලට කිචි වගේ.. නැගිටල අයියගෙ කරේ එල්ලිලා හිනාවෙන්න ගත්තා..

   ” එක අතකට තමුසෙ දරුවට අම්මගෙ  හුරතලෙයි අප්පගෙ ආරක්ෂාවයි දෙකම දෙන පුංචි එකෙක් නේද හංස.. ” අයියා මාව පපුවට තුරුල් කරන් ඔලුව අතගාද්දි.. මගෙ පපුව උනු වෙලා යනවා වගේ දැනුනා ඒ ආදරේ උනුහුමට..

  

නැවත හමුවෙමු

🤍🦢

දරුවන්ට අම්මගෙ හුරතලෙයි තාත්තගෙ ආරක්ෂාවයි දෙකම ඕන.. homosexual couple එකකටත් බැරි නෑ ඒක. මොකද අම්මා තාත්තාකමට ලිංග භේද නෑ. ඒ තමා හැම භේදයකටම උඩින් විරාජමාන වෙන උත්තරීතරම පදවිය. පෘතග්ජන සීමාවලින් හිර කරන්න බැරි ඒ හැම සීමාවකටම ඉහලින් ම තියෙන හැඟීමක් දෙමව්පිය ආදරේ.

🤍

ඉතින් ටොක්සික් අප්ඩේට් එක පරක්කු කරන්නෙ ඒක ආවට ගියාට ලියන්න බැරි හින්දා. මං හෙට දෙන්න උපරිම ට්‍රයි කරන්නම්.

අද වන්දනා ගමනක් යන්නෙ.. ඒ ගමන් ලියන්න පුළුවන් ද ඕව 🙈🖤

අනික මේ ටිකේ මොලේ කචල් වෙනකල් වැඩ.. ඉවරයක් නෑ. ලියන්න නෙවෙයි හුස්ම ගන්නත් වෙලාව නෑ. මගෙ සීමා ඔක්කොම පැනගෙන එන්නෙ දැන්නම්. මං පොඩ්ඩක් පිස්සු කෙලියි.. ගනන් ගන්නෙපා ඒ මං නෙවෙයි මගෙ මානසික තත්වෙ 🥲💔

   

Tags: read novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 24 |, novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 24 |, read À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 24 | online, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 24 | chapter, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 24 | high quality, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 24 | light novel, ,

Comment

Leave a Reply

Chapter 27