À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 26 |

A+ A-

      ” ආහ්… යසයි..! ” මං කෑගහපු පාර පොඩි එකා ගැස්සිල ගියෙ කර කර ඉදියෙ වැරැද්දක් බව දන්න හින්දා..

    මං ගෙට ගියෙ බීම වීදුරු තුනක් හදාගෙන එන්න.. අයියා බිම තියන ලිලී පොන්ඩ් එකක් ගෙනැල්ලා නෙලුම් පැලේ හිටවන්න ඒකට පස් දාන ගමන් හිටියෙ..

පොඩි ඇටයත් ඒ අස්සෙම කැරකි කැරකි හිටියා.. මම කුස්සියට යද්දි කියලම ගියෙ.. පස් අල්ලන්න එහෙම එපා කියල..

  ඒ වුනාට මූ මගෙ පැටියා කියල මං මතක තියන් ඉන්න තිබුනා.

      මං ගියෙ විනාඩි පහකට.. ඒ ටිකට මූ ටැප් එකක් ඇරල අයියා ගෙනාපු බාජනේකට වතුරයි පසුයි දාල අතින් අනනව හෝ ගාල..

    මේ වෙලාවට තමා මට…

    ටිකක් කෝප්ප කොළවලට බෙදලත් එක්ක.. මිදුලෙ තිබ්බ මල් කඩලා.. මැටි ගොඩ සරසනවා. මූණෙ කොන්ඩෙ පස්සෙ හැමතැනම එකයි මඩ..!

     ” නාවල අත ගත්තා විතරයි නේද දෙයියනේ..?! ”

       ” හා හා ඉතින්.. ” අයියා මැදින් පැන්නෙ මං කොල්ලට කෑගහද්දි කොල්ලා අඩන්න වගේ කට ඇද කරගන්නවා දැකල.. ” පොඩි එකානෙ සුදූ.. කෑගහන්න එපා කොල්ලට. ”

    ” බලන්නකො අයියෙ.. ආය නාවන්න හොදත් නෑ උදේ හෙම්බිරිසාව වගේ ආව හින්දනෙ ඔයාට කිව්වෙ අතපය යන්තම් සෝදල ගේන්න කියල.. ”

       පොඩි එකා මඩ අතින්ම කොන්දෙ මදුරුවෙක් කාල කහන්න වුණා… ඒ ගමන් මූණ ටික ටික ඇදවෙද්දි මම දන්නවා.. ඔය අඩන්න තමා…

   මට දුකත් හිතුන..

      ” පොඩි දරුවො එහෙම තමා හංස.. දැන් ඔයා ඔහොමම ලොකු වුනාද? ළමයි උනාම මඩ ටිකක් අනල මලක් කොළයක් අතගාල කෝම්පිට්ටුවක් උයාගෙන ඒ ළමාකම විඳින්නෝන. ඔයා කියන්නෙ මේ දරුවටත් අනිත් ළමයි වගේ ෆෝන් එකෙයි ටීවී එකෙයි ඉල්ලිලම ඉන්න කියලද? ඔන්න ඔය ඇගිලි හිරිය යන්නවත් මඩ ටිකක් මිරිකපුවාවෙ..  ”

   ” හරි ඒයි… ඒක නෙවෙයි නෙ මං කියන්නෙ… අසනීප වෙයි කියලනෙ…”

     ” කෝ.. ” අයියා අඩන්න ගත්ත කොල්ලව වඩාගෙන එයාගෙ ඇගෙත් මඩ ගාගෙන කොල්ලගෙ මදුරුවා කාපු පැල්ලම කසල දුන්නෙ පපුවට තුරුල් කරගෙන. ” කෝ මායූ… මගෙ පුතා අර සින්දුව තාත්තිට කියල දෙන්න.. මං දැන් කියල දුන්නෙ ඔයාට… ”

     ” ත්..තාත්ති.. නෝති.. මත බය කලා. ” කොල්ලා කන්කෙදිරි ගෑවෙ ඇස්වලින් ආව කදුලු පිහින්න මැටි ගාගත්ත අත ඇහැට ගෙනියන අස්සෙ.. අයියා ඒ අත අල්ලගෙන පිට අත්ලෙන් කදුලු පිහදාල දුන්නා මගෙ කොල්ලගෙ..

      ” අපිට මොකද සහෝදරයා.. ගෝනිඅත්තා ගෙනියපුදෙන් තාත්තිව.. කියන දේ අහන්නැති හින්දනෙ සේරම.. ”

   ” තතෝඩයා කියන්නෙ කවුද.. ? ”

    ” අනේහ්.. මේක.. “  අයියා කොල්ලගෙ මූණ ඉබගෙන තුරුල් කරගත්තම අඩ අඩ ඉදපු එකත් අමතක වෙලා කොල්ලා හිනාවෙන්න ගත්තා..

     දෙව්දුන්කාරයා කියන්නෙ වශියක්. මගෙ මොනර පැටියත් වශී කරගනිපු වශියක්..

   ඒ ආදරේ පපුවෙන් එකයි.. අනම් මනම් නෑ. ඒ ආදරේට සීමාත් නෑ..

       අයියගෙ අතේ පුතා ඉද්දි මට මහ සැනසීමක් දැනුණෙ.. දැන් මං නැතත් මගෙ දරුපැටියා වෙනුවෙන් එකෙක් මේ ලෝකෙ හුස්ම ගන්නවනෙ.. ඉතින් දැන් මැරුනත් බයක් නෑ.

         අයියා කොල්ලත් එක අතකින් අරන්.. බීම තියන් ආව ට්‍රේ එක එක අතකින් අරන් ගිහින් සිමෙන්ති බංකුවක් උඩ තියද්දි කොල්ලගෙ තිබ්බෙ මාරම ලොකුවක්.. දැන් මාව ගනන් ගන්නෙත් නෑ. එයා මටත් වඩා උස ගිහිල්ලනෙ…

     අනේ මෙහෙමත් විගඩම්..

ගනන් ගන්න හොද නෑ.. මොනර බිත්තරේ..

” අපත්ති අයිත් දාල?.. ”

   ” අයිස් දාල බොන්න හොද නෑ සුදුමහත්තයා… ඔයා දැන් මඩ ගාගෙන ආය නාවන්න වෙනව. හෙම්බා හැදුනොත් ඔයා පව්.. චූටියට ඉදන්..”

      ” අනේ… මත එක අයිත් එකක් දාල දෙන්නකො.. මං හෙම්බා ශෝ.. ශෝ.. කියල.. යවන්න දන්නවා… ”

   ” ආහ්.. එකක් දාල දෙන්නං.. හැබැයි මං කියල දීපු සින්දුව තාත්ති බබාට කියල දෙන්නෝන. ”

      ” ම්ම්…. ” කොල්ලා මං දිහා බලලා.. අයියගෙ කනට කරල කුටුකුටු ගෑව එක මට ඇහුනා.

    “  එයා නෝතිනෙ ඒ වුනාත.. ”

    ” නොදන්නකමනෙ සුදුමාත්තයා.. අනුකම්පා කරමු… ” අයියත් රහස කිව්වෙ මොනර බිත්තරේගෙ සද්දෙන්ම.. අල්ලපු වත්තෙ ඉන්න මිනිස්සුන්ටත් ඇහෙන තරම් රහසක් ඒක..

     ” පව්නෙ නේද? ” කොල්ලා අයියා එක්ක ගණුදෙණු කතා කරගත්තා. ඊටපස්සෙ එකඟතාවකට ඇවිදින් මං දිහා හැරුණා..

       ” හිකලි ඩිකලි ඩොක්..

        දමව්ස් රෑ අප්ත කොක්..

        දමව්ස් රෑ ඩවුන්.. ද කොක් ස්ට්‍රා වන්…හිකලිඩිකලිඩොක්!.. ”

    ” උත්කෘෂ්ටයි විලිලැජ්ජයි සුදුමහත්තයා! ”

     ” දත්තනයිද? ”

   ” දස්සනයි දස්සනයි. ඒත් ඕකද මං කියල දුන්නෙ?.. ”

     ” ඔයා එක පාලයි කිව්වෙත්.. මත මතකත් නෑ… ඔයා නෝතී!.. තාත්ති නං.. තොක් තොක් තොක්.. කියල.. අප්පුතිගහනවා!.. ඔයා නපුලුයි!.. ”

     ” බොරු කියන්නෙපා.. දහ පාරකට වඩා කියල දුන්නා. “

   ” ඒ වුනාත.. තාත්ති මත දොයිමත එනකල්ම කියල තෙනවනෙ.. ”

      ” තාත්ති ඔයාට කවි කියල දුන්නා?.. බොරු කියන්නෙපා.. ”

    ” නෑ!.. තාත්ති ඔයා මත තින්තු ගොඩාලියක් කියල තුන්නා නේද?!.. ”

    කොල්ලට හෙනට කේන්ති ගිහින්… ඒ අස්සෙ අයියා දාපු අයිස් කැඩේ දිය කරන්න අත් දෙකෙන්ම කෝප්පෙ අල්ලන් හෙන ගේමක් දිදී හිටියෙ. පොඩි එකා කතාවට අල්ලග්ත්තෙ ඒකයි..

” නැතුව.. තාත්ති ඔයාට පැල්කවිත් කියල දුන්නෙ.. කියන්නකො මොනර පැටියා.. ” මමත් කොල්ලා වගේම අත් බැදගත්තා..

    ” ආහ් එකක් කියන්න.. වැඩිය ඕන්නෑ. “

     ” කියන්න සුදුමොනර පැටියා.. කියලම පෙන්නන්න අප්පච්චිට.. ”

     ” ම්ම්.. ” කොල්ලා මතක් කරේ හෙන ආවේගෙකින්.. නිකටට ඇගිල්ලකුත් තියන්..

     ” තන්ටලේ.. ඒකද?.. ”

    ” ඒක කරත්ත කවියක් නෙ.. පැල් කවි අනේ… අර රෑට ගස් උඩ තියෙන ගෙවල් ඇතුලෙ ඉන්න අත්තලා කියන කවි..  ”

   ” අනේ තෙයියනේ… මත උනු වියෝගා..

පැලේ පැතුල ඔලු අලගෙන… ගියෝයා…

ගෙතල ගියොත් නෑ බති බිති ලියෝයා..!

පැතුල දුක් කෙනෙක් මගෙ තෑතියෝයා!… ”

    කොල්ලා තාලෙ ඇල්ලුවෙ අතකුත් දික් කරගෙන.. කියන වචනවලට අපි දෙන්නට බඩ පැලෙන්න හිනා යන්න ආවත් ඊටවඩා අයියනම් කොල්ලා තාලෙ අල්ලපු තාලෙට හිටිතැන ගල් වෙලා වගේ හිටියෙ..

   අයියා මං දිහා බැලුවෙ පුදුම වෙලා..

   ” හංස..! සුදූ මේ ටැලන්ට් එක නං… ”

       ” පොඩි කාලෙ ඉදල ඔහොම තමා අයියෙ.. පොඩ්ඩක් වචන පැටලෙනවා තාම.. පුංචිම කාලෙ හොදට කතා කර කර ඉදලා… එකපාරටම කතා කරන එක නැවතුනා.. මාස ගාණක්.. ඊටපස්සෙ අවුරුදු තුන හමාරෙදි විතර ආය කතා කරන්න පටන්ගත්තෙ… ”

      අයියා දරුව දිහා බැලුවෙ ඇස්වල ආදරේ පුරෝගෙන.. ඇස්වල පිරිච්ච කදුලු පිට අත්ලෙන් පිහගෙන…පොඩි එකා අයියගෙ බෙල්ලෙ තියෙන මාලෙක එල්ලිලා ඒ සිහියෙන්… අපි කියන දේවල්වලට ඇහුම්කන් දෙන අවදානය දෙන සිරිතක් දරුවගෙ නෑ එයාට අවශ්‍යයි කියල දැනුනොත් ඇරෙන්න.. එයා හිටපු ගමන් එයාගෙ ලෝකෙ තනි වෙනවා. ඩොක්ට’ කිව්වෙ ඒ වෙලාවට එයාට ඉන්න අරින්න කියලා.. එයා කැමති වෙලාවටනෙ එයා අපි එක්ක කතාබහ කරන්නෙ..

   මැනික හරි අහිංසකයි.. දෙවියොත් රකින්නෝන මගෙ රත්තරං මොනර කොල්ලව… මං ඒ දිලිසෙන ඇස් දකින හැම වතාවෙන හදවතින් දෑත් එක් කරලා තිස්තුන් කෝටියකගෙන් ඉල්ලුවෙ එච්චරයි..

     ” ඇස්වහක් නෑ.. මගෙ රත්තරං කොල්ලට.. ” අයියා දරුවගෙ කැරලි ගැහිච්ච රෝද රෝද කොන්ඩෙ මූණෙන් පිහලා ඉහ මුදුනට හාදුවක් තිබ්බා..

    ” මත බීම එක දෙනවද?.. “

   ” ආ මගෙ පුතා.. බොන්න.. ” දැන් හීතල ඇරිල ගිය බීම වීදුරුව දරුවා අත් දෙකෙන්ම අල්ලන් බොන දිහා අයියා බලාගෙන හිටියා..

   මට ආදරේ හිතුනෙ අයියගෙ ඇස්වල දරුවා වෙනුවෙන් පිරිච්ච ආදරේ දැකල..

       අයියා ගෙනාපු නෙළුම් පැළේ හිටවලා… පස් උඩින් සුදු වැලි අතුරලා වතුර බටෙන් පරිස්සමට බේසම පුරවන හැටි මං බලාගෙන හිටියා.. මොනර බිත්තරේ නං හෝ ගාල වැඩ.. වැඩ කිව්වට ඕන්නැති වැඩ.. වතුරෙ අත ඔබනවා.. ගල්කැට ගෙනත් වටේ අතුරනවා.. එකක් නෙවෙයි. දැන් ඉතින් මඩ නාපු එකේ ඕන එකක්. අල්ලන් ආය නාවනවා මොනා කරන්නද?

     අයියා ලොකු පොකුනක් ගල් අල්ලල තියෙද්දින් පොඩි බේසමක පැළේ හිටෙව්වෙ කොල්ලා ඊලඟට පොකුණ අස්සෙ ගිහින් ඒකට පෙරලෙයි කියල වෙන්න ඇති. පොකුනක් කිව්වට ඒක දිය අගලක් වගේ.. ස්වාභාවිකව වතුර උල්පත් පෑදුන තැනක් හාරලා.. ගල් අතුරල නෙලුම් මානෙල් වර්ග එක්ක ලොකු මාලු දාල.. හදල තිබුන නිල්ල ගහන දිය අගලක් ඒක.. ආරක්ෂිත වැටක අවශ්‍යතාව තදට දැනෙන්න තරම් පොඩි එකෙක් මෙහෙ හිටියෙ නෑ නෙ.. දැන් නම් වැටක් ගහන්න ඕන කියල අයියා මං එක්ක කිව්වෙ පොඩි එකා ඉන්න නිසා..

         ” ඒ වුනාත නෙලුම් බබාත තීතල හිතෙයි නෙ සෑට… “

    ” නෙළුම් බබා ඉන්නෙ වතුරෙ මායූ.. එයාට වතුර නැතුව ඉන්න බෑ. ”

   ” මත එයාව.. දොයියද්දි… ලඟත ගන්න ද?…. ”

    ” එහෙම බෑ.. මෙයාට හොදට අව්ව ඕනෙ… වතුර ඕනෙ.. පස් ඕනෙ.. ගැඹුර ඕනෙ.. පොහොර ඕනෙ… නැත්තං මෙයා චූටිවටම ඉදල මැරිල යයි.. ”

    “මලෙනවා කියන්නෙ මොකද්ද අපත්ති.?! ”

      ” ………. ” අයියා ඔලුව උස්සල මගෙ දිහා බැලුවා.. දරුවට කොච්චර දේවල් තේරුම් කරත් ඒ දේ තේරුම් කරන්නෙ කොහොමද?

   ” ………. ඒක මැනික.. අහසෙ දිව්‍යලෝකෙට හරි… නැත්තං ආපහු වෙන තාත්තියෙක් ලඟට හරි බබාල යන එක.. ”

  ” තිවියලෝකෙ දස්සනයිද? ”

   ” මාරම ලස්සනයි.. “

  ” මතත් යන්න ආතයි… ”

    ” මොනාද කියන්නෙ?!.. ” අයියා සැර දැම්මෙ ඒ කිව්ව කතාව අයියට රිදුන හින්දා වෙන්නැති.. පොඩි එකා මගෙ අතේ එල්ලිලා කකුල පිටිපස්සෙ හැංගුනා..

   ” මායු.. එහෙම කියන්න හොද නෑ. ”

     ” ඔයා නෝති.. ”

” ඔයා තමා නෝටි.. ”

   ” මත වෙන තාත්තියෙක් නගට යන්න බැලි හින්දා.. මං යන්නෑ… ඔයා බය වුනාද?… ”

      ” ගියොත් ඉන්න තැනකට හොයාගෙන ගිහින් ඇදගෙන එන්නෙ කන් කෙටියෙන්… ගුටි දිදී… මෝඩ කොල්ලා.. ”

    ” මං නන්නෑ කිව්වනෙ..! à·„à·„à·Š! ” මේකා දැන් මේ මිනිහට සැර පුප්පන විදියට ඒ කාලෙ මම කරානම් දත් සෙට් එක වෙන වෙනම බේසමකට එකතු කරන්න වෙනවා. මුං ඔක්කොගෙම ලොකුලයින් මට තමා..

    ” හරිද දැන්.. යං ද නාන්න?!.. ” මං කොල්ලව ඇදගෙන ගේ දිහාට ගියෙ දැන් මඩ ඇගට වේලීගෙනත් එන හින්දා.. එලියෙ ටැප් එකකින් කොල්ලගෙ කකුල් හෝදනකොට අයියා කෑගැහුවා ගෙට ගිහින් නාවහං කියල. ඒත් මමත් කකුල් දෙක සෝදගත්තා.. ගේ පුරාම මඩ ගාන්න තරම් ඒ පිගන්ගඩොල් කැට නොවටිනා ඒව නෙවෙයි…

   දරුවා සෝද සෝද ඉද්දි අයියා ආවෙ මට තාම වැඩිය වතුර අල්ලන්න කරන්න හොද නැති හින්දා..

   ” කෝ… ” අයියා බේබි ශැම්පු බෝතලේ අරන් කොල්ලගෙ කොන්ඩෙ සෝදවන්න ගත්තා.. ..

     ” අයියෙ… ”

” ම්ම්…. ”

   මේ කතාව නාහා නාහා ඉන්නෙ ඇහුව ගමන් කන් අඩි පලවගන්න වෙන බව දන්න හින්දා.. ඒත් කොයි වෙලේහරි අහන්න එපැයි..

  

” මේ…. අර වන්දි මුදල ගන්න බෑන්ක් අකවුන්ට් එකක් හදාගන්න යන්න වෙයි නේද?.. ”

    ඔන්න රැව්වා.. මං දන්නවා මේව බැනුම් අහන්න වෙන කතා..

     ” දැන් මොකටද මේ හදිස්සියෙ සල්ලි?.. ”

     ” .. දරුවගෙ බෙහෙත් එහෙම- ”

   ” මං ගෙනත් දෙන්නෙ?..! ”

     ” ….. ඔයාටම බරක් වෙන්න පුළුවන්ද අයියෙ එහෙම.. ”

    “… මාව පිට එකෙක් කරන්න ඇයි හංස?… මං පිට එකෙක් ද?.. එතකොට මේ මගෙ පැටියා නෙවෙයි ද?..! ”

  ” එහෙම දෙයක් නෙවෙයි අයියෙ.. අහන්නකො.. මමත් පිරිමියෙක්.. දැන් ගෑනියෙක්වත් මිනිහගෙන් යැපෙන්නෙ නෑ තමන් හම්බකරගෙන කනවා මිසක්. මට මෙහෙම ඔයා මත්තෙ- ”

   ” සුදූ මේ.. කුනුහරුප කියන ඒව දන්නවද?.. ඒව විතරක් අහගන්න ලෑස්තිවෙන්නෙපා මේ පොඩි එකා ඉස්සරහ.. ”

    ” කිව්වම දෙයක් තේරුම් ගන්න බලන්නකො අප්පා.. ගිරිය පුප්පන්න නෙවෙයි.. මට මෙහෙම ඉදල හුරු නෑ ඕයි.. ”

   ” තාත්ති නෝති වතනයක් කිව්වා!.. ” ඒ අස්සෙ කොල්ලා ඇගිල්ල දික් කරේ නාව නාව ඉදපු තාරාවා වතුරෙ පාවෙන්න අතෑරල.. මූ හින්දා මගෙ භාශාව සෑහෙන තනුක කරලයි මම කතා කරන්නෙත් දැන්.. මූ ඩිංග ඇත්තන් කියවන්න ගන්නවා.

   අයියා පොඩි එකාගෙ අත්වල තියෙන මැටි බේසමේ වතුරෙන් සෝදන ගමන් මං දිහා නොබලම උගුර පෑදුවා.

   ” තාත්ති කන්න බොහොම ආසන්නයි මගෙන්.. ”

    ” නෝති වතන කිව්වම හම්බු දෙන්න හොද නෑ..! එතකොත එයා නලක වෙනවා තව ගොඩක්!.. ඔයා ඒක දන්නැද්ද අපත්ති?.. ”

   ” හම්බු නෙවෙයි කෝටුපාර.. දෙන්නෙ.. “

   ” à·„à·’à·„à·’.. හොද වැදේ.. ! ”

  කොල්ලා ආය තාරාවා සෝදන්න සබන් ගාන්න ගද්දි මං බිම දණින් ඉදන් කොල්ලා නාවන අයියගෙ උරහිසකට අත තිබ්බා..

    ” අයියෙ- ”

” කතා කරන්න එපා හංස.! අඩුබඩු ඇඹරිල ඉදගෙන ආය රෙද්-… බැංකු ගානෙ දුවන්න පුළුවන්ද දැන් ත- ඔයාට?!. පාඩුවෙ ඉන්න. මාව අවුස්සගන්න එපා. මෙන්න වැන්දා.. ”

      ” නාකි ඩමයි තූතිනමයිට වදින්න හොද නෑ.. පව්තිද්ද දෙනවා! “

   ” ආහ් දැන් මං නාකි ළමයා?.. ”

” ඉහි.. ඔව්…! ”

    ” බටු ඇටයා.. එනවා.. දැන් වතුර එකත් ඇල් වෙලා.. ” අයියා කොල්ලා අරගත්තෙ තුවායක ඔතලා.. එහෙම්ම ඔතාගෙන කාමරේට අරන් ගියා..

    දැන් ආය අහල වැඩක් නෑ. මං කරබාගෙන නිකන් හිටියෙ ඒකයි..

නැවත හමුවෙමු

🤍🦢

|27 Oct 2024 |

දෙව්දුන් වගේ මනුස්සයෙක් හැම හංසයෙකුගෙම ජීවිතේට එන්න ඕන.. 🤍

තේජාන් 🖤 ද දෙව්දුන් 🤍 ද අතර දෝලනය වෙන අපේ basic හිත් 🙈

හංසගෙ ජීවිතේ හරි සුන්දරව ගලායනවා  මේ ටිකේ නේ.. ම්ම්… ආස නෑ මම ඕවට..

හෙහෙ ඒක නෙවෙයි

මගෙ අනිත් අකවුන්ට් එක ෆලෝ කරන්න හලෝ.. මේකෙ පාස්වර්ඩ් එහෙම නැතිවෙලා.. ෆේස්බුක් කනෙක්ට් කරල ලොග් වෙන්නෙ එහෙම බැරි වුන දවසට අකවුන්ට් එකම නැති වෙයි.. 💔

LOTUS_MAEVE

ඊයෙ ගොඩක් ලියල තිබුනෙ.. මට දෙන්න ඒ මදි වගේ හිතුන හින්දා ආය ලිය ලිය ඉද්දි නිදිමත ආව නිසා දාල නිදාගත්තා..

  

Tags: read novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 26 |, novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 26 |, read À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 26 | online, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 26 | chapter, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 26 | high quality, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 26 | light novel, ,

Comment

Leave a Reply

Chapter 29