À¶†À¶ºà·” (Completed) Âœ” 06

A+ A-

” ඔව් අම්මා ඒක නම් ඇත්ත. එයා හිතාගෙන ඉන්නෙ එයා සර්වබලධාරි කියලා. පුදුම නපුරුකමත් තියෙන්නෙ.”

” ඒක නම් ඇත්ත ලොකූ. ඔය ලමයා පොඩි කාලෙ ඉදලා ඔහොමමයි. නාහෙට අහන්නෙ නැ. “

හැමෝම අඩලා හිනා වෙලා පැයක් විතර කතා කර කර ඉදලා මායි අම්මයි මේ දවල්ට උයනගමන් ඉන්නෙ හුම්. මායි අම්මයි කිව්වට ඉතින් මම නම්  බලාගෙන ඉන්න එක තමා කරන්නෙ. කොහෙද ඉතින් අම්මා මට උදව් කරන්න දෙන්නෙ නෑනෙ ම්හුක්. මම ඉතින් පුටුවක් උඩට වෙලා තේව් කඩලා දුන්න පේර ගෙඩියක් කනගමන් තේව්ගෙම පලු අරිනවා à·„à·“ à·„à·“…
තේව් නම් කොහෙද මංදා. මම හිතන්නෙ තාත්තත් එක්ක එකතු වෙලා news බලනවද කොහෙද. ඉව්ව් මට නම් පේන්න බෑ news. කොහොම බලනවද දන්නැ මෙයාලා. .

” අම්මට කියන්න එක දවසක් පාර මැද මට ගැහුවා නෙ. මම වැරැද්දක් කරෙත් නෑ. මම හිටියෙ හිමීට පාර මාරු වෙන ගමන්. මෙයා තමා high speed එකෙන් ඇවිල්ලා මාව හප්පන්න හැදුවෙ. ඒ මදිවට එයාගෙ වැරැද්ද වහගන්න මගෙ පැත්තට වැරැද්ද දාලා මට ගැහුවා මිනිස්සු ඉස්සරහා. “

මම හරී…..ම අහිංසක විදිහට අපි දෙන්නා පලවෙනි පාර හම්බ උන වෙලාවෙ උන සිද්දිය විස්තර කරේ අම්මත් පරල වෙලා මගෙ ඔලුව අත ගාන ගමන් තේව්ට දෙහි කපද්දි.* evil smile*

” මොකක් ලොකූ… ඇත්තටම ද..මේ කොල්ලා නම් ඉදපන්කො ඕකා අහු වෙනකම්. කොහොමද දෙයියනේ මේ අහිංසක කොල්ලට හිත හදාගෙන ගැහුවෙ. මගෙ පුතා උනාට කමක් නැ ඕකා අද තමා මගෙන් පාඩමක් ඉගෙන ගන්නෙ. ඔක්කොටම කලින් අර ජෙට් එකක් කියලා හිතාගෙන ඉන්න මල ඉලව්වෙ යතුර ගන්න ඕනෙ. “

” අන්න හරි අම්මා. ඒක තමා කරන්න ඕ…. අව්ව්හ්..

මම puppy eyes දාගෙන අම්මා දිහා බලාගෙන තවත් අම්මව අවුස්සන්න යද්දි එක පාරටම මගෙ මොලෙ හෙල්ලිලා යන්න තරමේ පාරක් මගෙ ඔලුවට වැදුනා.  ඒත් එක්කම මම ඔලුවත් අල්ලගෙන පිටිපස්ස හැරිලා බැලුවෙ මගෙ අහිංසක ඔලු ගෙඩියට එක පාරටම උන විපර්යාසය මොකක්ද කියලා.

හේ හේ මම පිටි පස්ස හැරිලා බලද්දි දැක්කෙ මාව ඩෙවල් දානවද බැදලා කනවද වගෙ බැල්මක් දාගෙන මගෙ දිහා අත් දෙකත් බැදගෙන බලාගෙන ඉන්න මගෙ ආදරණීය සුදු මහත්තයාව. ම්හුක් news බලලා ඉවරයි වgay. ඒ බලාගෙන ඉන්න බැල්මෙන් නම් කියන්න පුලුවන් මම කියපු හැමදේම මේකට ඇහිලා කියන එක. ඒකෙන් අදහස් වෙන්නෙ කෙල්ලනෙ මම ඉවරයි කියන එක හී හී.

” ආ ඇත්තද මැණිකෙ එදා වැරැද්ද මගෙද.”

එයා වැරැද්ද එයගෙද කියලා අහනගමන් මගෙ ලගට ආවෙ මම දත් තිස් දෙකම පේන්න ගොන් හිනාවක් දාගෙන  එයා දිහා බලාගෙන ඉද්දි.

” මේකගෙ බොරු අම්මා. මේ ගොන් අලේ තමා එදා ෆෝන් එකත් කනේ ගහගෙන කොච්චිය අල්ලන්න  දුවන්න වගෙ පාර පනින්න ගියෙ. තව පොඩ්ඩෙන් කෑලිත් නෑ. “

ගැලෙව්වා නේද මගෙ රෙදි ටික නැන්දම්මා ඉස්සරහා. අනේ ඉතින්  මෙහෙමත් ස්වාමි පුරුෂයෙක්. මම ඉතින් ගොන් හිනාවම දාගෙන එයා දිහත් බලලා අම්මා දිහා බලද්දි අම්මත් ඉන්නවා නිකන් ‘අනෙ ඉතින් උබත්’ වගෙ බැල්මක් දාගෙන.

” නැ අම්මා මේ. අහන්නක්….

” අනේ මෙන්න මෙහෙ වරෙන් තවත් බොරු ගොතන්නෙ නැතුව. උබව දැන් අපායට ඇදගෙන යනවා කියන බොරුවලට.”

මම මගේ නිර්දෝශීභාවය වෙනුවෙන් කතා කරන්න ගියත් ආයෙත් මම බොරු කියන්න යනවා කියලා තේරිලද කොහෙද අතිනුත් ඇදගෙන එළියට යන්න පටන් ගත්තා. මාත් ඉතින් අම්මට හිනාවක් දීගෙනම ගොනා සේ එයාගෙ පස්සෙන් ඇදිලා ගියා.

_____________________________________

” මොනාද මගෙ මැණික කල්පනා කරන්නෙ ආ. දැන් මෙතනට ඇවිල්ලා විනාඩි පහලවක් විතර වෙනවා ආව වෙලාවෙ ඉදලා කල්පනා කරනවා. මොකක්ද ප්‍රශ්නෙ ම්ම්ම්ම්.”

එයාලගෙ ගෙදර ඉස්සරහා අඹ ගහ යට හදලා තිබුන bench එකේ වාඩි වෙලා එයාගෙ උරහිසෙන් ඔලුව තියාගෙන ඒ දිග ඇගිලි එක්ක සෙල්ලම් කරනගමන් හිටිය මගෙන් එයා ඇහුවෙ මෙතනට ආවත් හරි කතා නොකර හිටපු නිසා වෙන්න ඇති.

” නැ මහත්තයෝ මම කල්පනා කරේ අද දවස ගැන.”

” ඉතින් මොකද හිතෙන්නෙ අද දවස ගැන.”

“මට හරිම සතුටුයි තේව්. මම කවදාවත් හිතුවෙ නැ මෙච්චර ආදරේ කරන පවුලක් මට ලැබෙයි කියලා. ඔයාව හම්බ උන දවසේ ඉදලා මම හරි සතුටින් ඉන්නෙ තේව්. මගෙ අම්ම නැති උනාට පස්සෙ  මම සතුටින් හිටියෙ ඔයාව හම්බ උනාට පස්සෙ විතරයි. මම හිතාගෙන හිටියෙ මගෙ ජීවිතේ තියෙන්නෙ දුක විතරයි කියලා. ඒත් ඔයා මගෙ ජීවිතේට ඇවිල්ලා ඒක වෙනස් කරා. ඔයාට ගොඩක් පින් තේව් මගෙ ජීවිතේට ආවට. මට  ඔයාට පින් කියනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නැ”

මම ඇස්වල කදුලු පුරවගෙන මට දැනුන හැගීම තේව්ට කිව්වෙ තේව් මගෙ හිස් මුදුනින් හාදුවක් තියද්දි.

” ඇයි පින් කියන්නෙ ආ. මම උබට පිට මිනිහෙක්ද සුදු මැණික.”

“  අනේ එහෙම නැ තේව් ඔයා මොනාද මේ කියන්නෙ මම එහෙම දෙයක් අදහස් කරේ නැ.”

එයා මම කියපු දේත් එක්ක එයාව මට පිට මිනිහෙක්ද කියලා අහද්දි මම ඉක්මනට එයාට උත්තර දුන්නෙ මම තුන් හිතකවත් එහෙම අදහසක් තිබුනෙ නැති නිසා.

” එහෙම කියන්න ඕනෙ නැ සුදු මැණික. උබ තමා මගෙ ජීවිතේම. මගෙ අම්මා තාත්තට පස්සෙ මගෙ ජීවිතේට දැනුන එකම කෙනා ඔයා ආයු. උබෙ ඔය හිනාව තමා මට වටින්නෙ. උබ මගෙ ලග හුරතල් වෙනකොට. ඔය ඇස් වලින් හිනා වෙන්කොට මට දැනෙන්නෙ ලෝකෙම දිනුවා වගෙ හැගීමක්. උබ තමා මගෙ ජීවිතේම. මොන ප්‍රශ්නෙ ආවත් මේ අත අත ඇරෙන්න දෙන්නෙ නැ. මේ ආයු තේව්ගෙම විතරයි. ඒක නිසා ආය කවදාවත් ඔය වගෙ මෝඩ කතා කියන්න ලෑස්ති වෙන්න එපා තේරුනද මගෙ මොඩ අලේට. “

එයා මගෙ ඇස් දෙක දිහා බලාගෙනම එහෙම කියලා මගෙ නලලට හාදුවක් දුන්නෙ මගෙ ඇස් පිය වෙලා යනකොට.

” මම ආදරෙයි මගෙ මහත්තයෝ. මමත් මේ අල්ලගත්ත අත අත අරින්නෙ නැ කවදාවත්ම

මම එයාට තුරුල් වෙන ගමන් එහෙම කිව්වෙ එයාගෙ පපුවට හාදුවක් තියලා. ඒත් එක්කම එයා මාව තුරුලෙන් ඈත් කරලා මගෙ තොල් දිහා බලාගෙන හිටියෙ මත් වෙච්ච ඇස් වලින්.එයා මගෙ යටි තොල මාපට ඇගිල්ලෙන් හිමීට පිරිමැදලා තොල් වලට පාත් වෙන්න යනකොටම….

” පුතාලා එන්න කෑම කන්න.”

තේව්ගෙ අම්මා ගෙදර දොර ලග ඉදලා අපිට කෑම කන්න කතා කරේ එයාගෙ මූණ අපායට ගහපු කැලැන්ඩරේ වගෙ වෙනකොට. මම ඉක්මනට එයාව තල්ලු කරලා  අම්මා ලගට යනකොට තේව්ත් කුටු කුටු ගගා මොනාද කියව කියවම මගෙ පස්සෙන් ආවා. හොදෑඩෙ බූරු පැටියට. ආවා මෙතන වලත්තකම් කරන්න.

__________________________________________

හායි ලමයි….

ආයු කියන්නෙ පොඩි කාලෙ ඉදලා හරියට ආදරයක් ලැබුනෙ නැති කෙනෙක්. ඒකයි එයා  කොච්චර වැඩිමල් උනත් තේව් ලග හුරතල් වෙන්නෙ. එයා වැඩිපුර ආදරේ හොයන කෙනෙක්. ඒක නිසා එයාගෙ චරිතෙ ගැන වැරදි ආකල්පයක් ගන්න එපා ලමයිනේ

Vote කරන comment කරන හැමෝටම ගොඩක් ස්තූතියි

ඉක්මනට ඊලග කොටසින් හම්බ වෙමු….

ආදරෙයි….❤️💚

මම නෙතූ….

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 06, novel À¶†À¶ºà·” (Completed) Âœ” 06, read À¶†À¶ºà·” (Completed) Âœ” 06 online, À¶†À¶ºà·” (Completed) Âœ” 06 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 06 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 06 light novel, ,

Comment

Leave a Reply

Chapter 6