À¶†À¶ºà·” (Completed) Âœ” 08

A+ A-

කෝල් ID එක දිහා මම බය වෙලා බලාගෙන ඉන්නකොට තේව් මගෙ අතින් තදට අල්ලගෙන ඇස් වලින් කිව්වෙ call එක answer කරන්න කියලා. මම වෙව්ලන අතින් ෆෝන් එක answer කරලා කනෙ තියාගත්තෙ තේව් මාව සන්සුන් කරන්න වගෙ මගෙ අත හිමීට පිරිමදිනකොට

“හෙලෝ ආයු උබ කොහෙද ඉන්නෙ.”

එහා පැත්තෙන් තාත්තා කලබලෙන් වගෙ කතා කරනකොට මම තේව් දිහා බැලුවෙ අසරණව. එයා ඇස්වලින්ම ඇයි කියලා අහද්දි මම ෆෝන් එකේ speaker දැම්මෙ එතකොට එයාටත් තාත්තා මොනාද කියන්නෙ කියලා ඇහෙන නිසා.

” à·„à·™.ල්..ලො   තා..ත්තා. මම මේ ය්.යාලුවෙක් එක්ක එළියට ආවා.”

” උබ කොහෙ හිටියත් කමක් නැ. මේ දැන්ම ගෙදර වරෙන්. හදිස්සියක්.”

” හරි තාත්ති”

Beep beep

ආයෙ මුකුත් කියන්නෙ නැතුව තාත්තා call එක cut කරේ මම කදුලු පුරවගෙන තේව් දිහා බලාගෙන ඉන්නකොට. මට හිතා ගන්න බෑ ඇයි තාත්තා මෙහෙම එක පාරටම එන්න කිව්වෙ කියලා. එයා සාමාන්‍යයෙන් මට මෙහෙම කතා කරන්නෙ නැතිම තරම්. ඒකයි මට ගොඩක් බය.

හැබැයි තාත්තා කතා කරේ තරහා ගියපු කටහඩකින් නෙවෙයි එයාගෙ කටහඩේ තිබුනෙ කලබල වෙලා ඉන්නවා වගේ ගතියක්.

” අනේ මට බයයි තේව්. තාත්තා දැනගෙනවත් ද. “

” බය වෙන්නෙ නැතුව ඉන්නකො මැණික. අපි දන්නැ නෙ මොනාද වෙලා තියෙන්නෙ කියලා.  අපි ඉස්සෙල්ලාම ගෙදර ගිහිල්ලා බලමු තේරුනද. මොන දේ උනත් ඔයත් එක්ක මම ඉන්නවා කියන එක මතක තියාගන්න. බය නැතුව දැන් ගෙදර යමුකො.”

තේව් කියන්නෙ ඇත්ත මොනා වෙලාද කියලා අපි දන්නෑනෙ. ඒක හරියටම දැනගන්න මට ගෙදර යන්නම වෙනවා.

___________________________________

” ටිකක් ඉන්න Mr. Ayuksha. Sir දැන් එළියට එයි.”

” හරි Mr. සිල්වා.”

තාත්තගෙ සෙකට්‍රි එහෙම කිව්වට පස්සෙ මම එතන තිබුන සොෆා එකෙන් ඉදගත්තෙ තාත්තා එළියට එනකම් කියලා. මම දැන් ඉන්නෙ අපෙ ගෙදර තියන මම අකමැතිම කාමරයක් ඉස්සරහා.ම්ම්ම් තාත්තගෙ office room එක. එයාට මාව මග ඇරෙන්න මූලික උන තැන. එයා එයාගෙ ජීවිතේ වැඩි කාලයක් ඉන්න ඇත්තෙ මේක ඇතුලෙ වෙන්න ඇති . එයාට වැදගත් උනේ එයාගෙ business. ඒක නිසා එයාට මාව මග ඇරුනා ඒකයි මම කිව්වෙ මම ආසම නැති තැන මේක කියලා.

තාත්තා මට කෝල් කරලා එන්න කිව්වට පස්සෙ මම ඉක්මනට තේව්ව එයාගෙ ගෙදරට දාලා එහෙමම ගෙදර ආවෙ වෙලා ගියොත් තාත්තට තරහා යන නිසා. තේව් එයාව ගෙදරට දාන්න යනකන්ම කරේ මගෙ බය නැති කරන්න දේවල් කිව්ව එක. එයා කිව්වෙම බය වෙන්න එපා ඕනි දේකට එයා ඉන්නවා කියලා. ඇත්තටම එයා මට ලොකු ශක්තියක් උනා මට ඕනි වෙන හැම වෙලාවෙම.

ඒ දේවල් ගැන හිත හිතම මම නියපොතු හපන්න පටන් ගත්තෙ  ඉබේමයි.කලබල වෙන හැමවෙලේම මේ නියපොතු හැපෙන එක මට සාමාන්‍යයයි. මම ඒ දේවල් ගැන කල්පනා කර කරම තව විනාඩි දහයක් විතර ඉන්නකොට office room එකේ දොර ඇරුනෙ මගෙ අවදානෙ ඒ පැත්තට යනකොට. ඒ ගමන්ම තාත්තා room එකෙන් එළියට ආවෙ කොහෙ හරි යන්න වගෙ හොදට ලෑස්ති වෙලා.

” මට මාසෙකට විතර ඔසී යන්න වෙලා business වැඩකට. අද රෑට flight එක. “

මම තාත්තා කියපු එකත් එක්ක එයා දිහා බැලුවෙ පුදුම වෙලා. එයාට මෙහෙම business trip යන්න වෙන එක සාමාන්‍යය දෙයක් උනත් මෙහෙම හදිස්සියෙ යන්නෙ ඇයි කියන එක මට හිතාගන්න බැරි උනා. මම එහා දිහාම බලාගෙන ඉන්නකොට එයා ආයෙත් කතා කරන්න පටන් ගත්තා.

” මම තමුන්ට කතා කරේ මම නැති උනා කියලා business වල කිසිම අඩුපාඩුවක් වෙන්න බැ කියලා කියන්න. මම දන්නවා මම නැති උනා කියලා තමුන් ඒ දේවල් වල අඩු පාඩු වෙන්න දේන්නෙ නැ කියලා.කොහොමත් මම එහෙ හිටියට මෙහෙ හැමදෙයක් ගැනම touch එකේ ඉන්නෙ කියන එක හොදට මතක තියාගන්නවා.  අනික තමුන් ඔය නටන නාඩගම් නතර කරගන්න ඕනෙ.  මම උබ  කරන හැමදේම ගැන ඇහැ ගහගෙන ඉන්නෙ. කිසිම නරක ආරංචියක් එන්න බැ තේරුනාද තමුන්ට.”

තව විනාඩි පහක් විතර මට උපදෙස් දීපු තාත්තා යන්න ලෑස්ති උනේ මම දණ ගහලා තාත්තට වදිද්දි. ඒත් එයා මාව ගණන් ගන්නෙ නැතුව යන්න ගියෙ කියපු දේවල් හොදට මතක තියාගනිම් වැරැද්දක් වෙන්න බැ කියලා තදින් කියලා මගෙ මූණ දිහාවත් බලන්නෙ නැතුව. එයා යන දිහා බලාගෙන හිටපු මම මගෙ කාමරේට ආවෙ සැහැල්ලුවෙන්. හයියෝ බොරුවට නෙ බය වෙලා තියෙන්නෙ ම්හුක්. දැන් තේව්ට ඕක කිව්වම හිනා වෙයි තාත්තා කෝල් කරපු වෙලාවෙ බය වෙලා මම නටපු නාඩගම් ටික මතක් කර කර. මටමයි වෙන්නෙ අප්පාව්. ඉතින් බය හිතෙනෝනෙ ඒකනෙ උනේ.

මම ඉක්මනට තේව්ට කෝල් එකක් දීලා විස්තරේ කිව්වෙ  නැත්තම් එයත් කලබල වෙන නිසා. මම කිව්වත් වගේම මේකා හිනා වෙන්න පටන් ගත්තෙ දෙයක් හරියට දැනගන්න  කලින් පොඩි එකෙක් වගෙ  කදුලු ඉස්සර කරගෙන කලබල වෙනව කියලා. කොහොම හරි හිනා වෙලා හිනා වෙලා අන්තිමට මම කෑ ගහලා එයාව පාඩම් කරන්න යැව්වෙ හෙටත්  එයාට exam නිසා. දැන් සතියක් විතර ඇති එයාට exam පටන් ගෙන. හැබැයි තව දවස් දෙකකින් එයාගෙ exam ඉවරයි මම හිතන්නෙ. මමත් ඉක්මනට bathroom එකට ගියෙ wash එකක් දාගන්න. මම shower එක යටට වෙලා ඉද්දි මට මතක් උනේ යන්න කලින් තාත්තා කියපු එක දෙයක් ගැන.

ලෑස්ති වෙයන් මම ආවට පස්සෙ උබ නටන නාඩගම් නවත්තලා මම කියන දේ කරන්න.”

තාත්තා ඒ කිව්වෙ තේව්ගෙයි මගෙයි සම්බන්දේ ගැන තර්ජනයක් කියලා දන්නවා. අනිවාරෙන් එයා ආවට පස්සෙ ලොකු ප්‍රශ්නෙකට මූණ දෙන්න වෙයි අපිට. ලේසි වෙන එකක් නැ අපිට.බලමුකො.

මම bathroom එකෙන් එළියට ඇවිත් ඉක්මනට ඇදුමක් දාගෙන තේව්ටත් msg එකක් දාලා පහලට ආවෙ දැන් අටත් පහු වෙලා නිසා dinner එක ගන්න. මම dinner එකත් අරගෙන කාමරේට ගිහිල්ලා lap එක අරගෙන ඇදෙන් වාඩි උනේ ඉතුරු උන වැඩ ටිකක් කරන්න.

____________________________________

මම හිටියෙ තේව්ගෙ campus එක ඉස්සරහා වාහනෙට හේත්තු වෙලා තේව් එනකම් බලාගෙන. අද තේව්ගෙ exam ඉවරයි. එදා අපි දෙන්නා එළියට ගිය දවසට පස්සෙ දැක්කෙම නැ අප්පා මගෙ සුදු මහත්තයව. කෝල් මැසෙජ් කරෙත් නැ ඉතින් එයා පාඩම් කරන නිසා. කරදර කරන්න බෑනෙ එහෙම. තාත්තත් එදා ගියාට පස්සෙ එක මැසෙජ් එකක් කෝල් එකක්වත් දැම්මෙ නැ තාම. කමක් නැ ඉතින් ඒ එයාගෙ හැටිනෙ.

තේව් දන්නැ හැබැයි අද මම එනවා කියලා හී හී. සපාසිස් එකක් දෙන්න යන්නෙ මම එයාට. එයාට සතුටු හිතෙයි මාව දැක්කම. මම ඉතින් එයාගෙ සුදු මැණිකනේ. Hug කරයි ද දන්නැ මාව දැකලා සතුටට. අලේ සැජ්ජයි අප්පාව්.

මම හිනා වෙවීම එයා suprise වෙන හැටි හිත හිත  campus එකේ gate එක දිහා බලද්දි දැක්ක දේ නිසා මගෙ අත් දෙක මිට මෙල උනේ ඇස් දෙක තරහටම රතු වෙනකොට….

________________________________________

හායි ලමයිනේ මම ආවා……

ආයු මොකක්ද දකින්න ඇත්තෙ ඉතින්…..?? 😐

ඉක්මනට ඊළග කොටසින් හම්බ වෙමු…..😚❤️

ස්තූතියි හැමෝටමආදරෙයි…..❤💚

මම නෙතූ…..

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 08, novel À¶†À¶ºà·” (Completed) Âœ” 08, read À¶†À¶ºà·” (Completed) Âœ” 08 online, À¶†À¶ºà·” (Completed) Âœ” 08 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 08 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 08 light novel, ,

Comment

Leave a Reply

Chapter 8