À¶†À¶ºà·” (Completed) Âœ” 13

A+ A-

“සුදු මැනික මේ අහන්නකො…”

Bathroom එකේ ඉදලා තේව් එලියට එන ගමන් මට කතා කරේ සීරියස් මූඩ් එකකින්. මමත් එයාගෙ පැත්තට හැරුනෙ එයා මොනාද කියන්නෙ යන්නෙ කියලා දැනගන්න.

…

…

…

තේව් මට කතා කරගෙනම ඇවිත් මගෙ එහා පැත්තෙන් වාඩි උනෙ ටවල් එකෙන් කොන්ඩෙ පිහදන ගමන්. මම බලාගෙන හිටියෙ එයාගෙ කඩවසම් මූණ දිහා. තාමත් තෙත කොන්ඩෙන් බේරුන වතුර බිංදු එයාගෙ මූණට වැටුනෙ ඒ මූණෙ අයිතිවාසිකම් කියන්න වගෙ. එයා ඒ විදිහට හරිම සරාගියි කියලයි මට නම් හිතුනෙ. හරියට දිව්‍යලෝකෙන් බැහැපු දිව්‍ය කුමාරයෙක් වගෙ මගෙ තේව්.

” මම එච්චරටම ලස්සන ද ම්ම්ම්. ඔහොම කන්න වගෙ බලාගෙන ඉන්න හිතෙන තරමට…”

මම දන්නැ කොච්චර වෙලාවක් මම තේව් දිහා බලාගෙන හිටියද කියලා. මම මේ ලෝකෙට ආවෙ තේව් මගෙ නහය මිරිලා කතා කරාට පස්සෙ. එයාගෙ මූණෙ තිබුනෙ හරි නසරානි හිනාවක්. මම ඉක්මනට බිම බලාගත්තෙ ඒ බැල්ම දැකලා මට ලැජ්ජා හිතුන නිසා. හයියූ.. ලැජ්ජයි අප්පාව්. එයාට නම් මොකද එයා හිනා වෙනවා බූරු පැටියා.ම්හුක්.

” අනේ මංදා. දැන් යාලු වෙලා අවුරුද්දකටත් වැඩී ඒත් තාමත් තමුසෙ මොනා හරි කරපු ගමන් රතු වෙනවා.. පුදුම ලැජ්ජාවක්නෙ යකු මේක. මෝඩ අලේ මගෙ. “

” යනවා යන්න මම ලැජ්ජා උනේ නැ ම්හුක්.”

” ඔව් ඔව් කවුද දන්නැ මේ රතු වෙලා මැරෙන්න හදන්නෙ.”

” මේ එන්..ම්ම්ම්”

නැ මට කියන්න පටන් ගත්ත එක කියන්න හම්බ උනේ නැ. එයාගෙ රතු පාට තොල් ඇවිත් මගෙ තොල් දෙක සීල් කරා. හරි හිමින් පටන් ගත්ත හාදුව ටිකක් වෙලා යනකොට හරි ආවේගශීලි හාදුවක් උනා. විනාඩි දහයක් පහලවක් මන් දන්නැ කොච්චර වෙලාවක් ගියාද කියලා. අන්තිමට හුස්ම ගන්න බැරුව හාදුව නතර කරනකන්ම අපි දෙන්නා හිටියෙ අපේම ලෝකෙක තනි වෙලා. හාදුව නතර කරපු ගමන් මම එයාගෙ බෙල්ල අස්සෙ මූණ හංග ගත්තෙ දැනුන ලැජ්ජාවට. මම දන්නවා මම දැන් රතු වෙලා ඇති.

” මොකද ම්ම්ම් මගෙ මැටි අලෙට ලැජ්ජද. තමුසෙ ඔහොම රතු වෙලා ඉන්නකොට මට හිතෙන්නෙම උබව හපලා කන්න ආයු. උබ හරියට drug එකක් වගෙ. කිසිම දෙයක් නැතුව මාව මත් කරලා දාන්න උබට පුලුවන්. මගෙ පණ.”

එයාගෙ බෙල්ල පාමුල තියාගෙන හිටපු මගෙ ඔලුව බලෙන්ම උස්සලා මගෙ ඇස් දිහා බලාගෙනම මම drug එකක් කියපු එයා අන්තිමට මගෙ නළලටත් හාදුවක් තිබ්බා. මම ආසම එයා මගෙ නලලට දෙන හාදුවට. එතකොට මට දැනෙන්නෙ ලොකු ආරක්ෂාවක්. මම තනි වෙලා නැ කියලා මට දැනෙනවා.

” බලනවකො. කියන්න ආපු එකත් අමතක උනා තමුසෙ නිසා.”

එයා එහෙම කියනකොට තමා මටත් මතක් උනේ එයා bathroom එකෙන් එළියට ආවෙ මොනා හරි කියන්න නේද කියලා. හයියූ. හයියූ. මේ මිනියගෙ වලත්ත වැඩ නිසා ඒකත් අමතක උනා.

” ආ… මම නිසා කොහෙද. ටවුසෙනෙ ආපුගමන් වලත්ත වැඩ කරන්න ගත්තෙ. ටවුසෙ තමා වැරදි එතකොට.”

” මම තාම වලත්තය වැඩ කරන්න පටන් ගත්තෙ නෑ බබා. පටන් ගත්ත දවසට තමුසෙට මෙහෙම ඉන්න වෙන්නෙ නැ ඉතින් එදාට ගොඩක් රිදෙයි. ම්ම්ම්. “

මගෙ උඩ ඉදන් යටටම අමුතුම බැල්මක් දාන ගමන් එයා කියපු දේත් එක්ක මට දැනුනෙ මගෙ මුළු ඇගම රතු වෙනවා වගෙ. දෙයියනෙ ඒ බැල්ම මගෙ මුලු ඇගම ගිනිගන්නවා වගෙ ඒ බැල්මට. මම මගෙ මූණ අත් දෙකෙන්ම වහගත්තෙ ඒ දවස මට මැවිලා පෙනුන නිසා. අර්ර්ර් ආයු මොනාද මේ තමුසෙ හිතන්නෙ.

” තෙව්ව්ව්… කටවහගන්නවා…..”

” ආපූ මගෙ කණත් ඉවරයි. හරි හරි බබා මේ අහන්නකො උබට හරියට තාම සනීපත් නැති නිසා අර විශාල බංගලාවෙ උබව තනියම තියන්න මට බෑ. හදිස්සියක් උනොත් බලන්න කෙනෙක්වත් ඉන්නවා කියලද. ලලිතා අම්මා උනත් දැන් වයසයි නෙ. වෙන à·ƒ’වන්ට්ලා හිටියත් උන් ඔයා බලාගයි කියලා සහතික වෙන්න බෑනෙ. අතත් එල්ලගෙන තනියම වැඩක් කරගන්න පුලුවන් කියලාද.”

තේව් කියන කතාව ඇත්ත ඒ විශාල බංගලාවෙ මාව බලන්න ඉන්නවා නම් ඉන්නෙ ලලිතා අම්මා විතරයි. ඒ මනුස්සයා උනත් දැන් වයසයි. ඒත් මම කියලා මොනවා කරන්නද කොහෙ කියලා යන්නද. මට කියලා නෑදෑයෙක් යාලුවෙක්  කියලා කෙනෙක්වත් නැතිකොට. මට තේරෙනවා ඉවෙන් වගෙ තේව් ඊලගට මොනාද කියන්න යන්නෙ කියලා. ඒත් මම කොහොමද  එයාලට කරදර කරන්නෙ.

” දවස් දෙක තුනකට අපෙ ගෙදර යමු ම්ම්ම්. අම්මත් ඉන්න නිසා බය වෙන්න දෙයක් නෑනෙ.”

” අනේ තේව් මට දැන් හොදයි නෙ. මට පුලුවන් මගෙ වැඩ ටික කරගන්න. කරදර වෙන්න ඕනෙ නැ අනේ.”

මම හිතුව හරි තේව් කිව්වෙ එයාලගෙ ගෙදර යමු කියලා. ඒත් මම කොහොමද එහෙම ගිහිල්ලා එයාලට කරදර කරන්නෙ. අම්මට උනත් මාව එපා වෙයි එහෙම වෙනකොට. අම්මට විතරක් නෙවෙයි හැමෝටම. මම දැක්කා මම දීපු උත්තරෙත් එක්ක තේව්ගෙ ඇස් රතු පාට වෙනවා එයාට තරහා යන්න ඇති.

” තමුසෙට පිස්සුද.  තනියම කොහොමද ඔහොම වැඩක් කරගන්නෙ ආ. අතත් එල්ලගෙන වැඩක් කරගන්න පුලුවන් ද. හදිස්සියක් උනොත් මොනාද කරන්නෙ ආ. “

තේව් කියන්නෙ ඇත්ත. කොච්චර පණ්ඩිතයා වගෙ හොදයි හොදයි කිව්වට අත තාම හොද නෑ. කකුලත් අඩිය ගහලා යනකොට පොඩ්ඩක් කැක්කුම් අල්ලනවා. Doctor  කිව්වා තව සතියක් විතර ප්ලාස්ටර් එක දාලා තියන්න වෙයි කියලා. ඒත් මම කොහොමද තේව්ට කරදර කරන්නෙ.

” ඒත් තේව්..”

” ඇති ඇති. තමුසෙට අපෙ ගෙදර එන්න බැරි අපි දුප්පත් නිසා වෙන්න ඇති නෙ. සැප පහසුකම් අඩු නිසා වෙන්න ඇති නෙ.තමුසෙගෙ අර බංගලාවටම යනවා. මම මොකුත් කියන්නෙ නැ.”

“ම්.මොනාද ත්.තේව් ඔයාහ් කියන්නෙ. එහෙම දෙයක් නෑ දෙයියනේ.ම්හ්හ්.

මට ඇඩුනා මගෙ හිතේ කොනකවත් තිබුනෙ නැති දෙයක් තේව් කියද්දි මට හයියෙන්ම ඇඩුනා. ඇයි මෙයට තේරෙන්නෙ නැත්තෙ මගෙ හිතේ එහෙම දෙයක් නැ කියලා.

” හරි හරි ඉතින් නාඩා ඉන්න වස්තුව. ඔයාගෙ තේව්ට ටිකක් තරහා ගියානෙ ඉතින්. මට බයයි ඕයි තමුසෙව මෙහෙම ගෙදර යවන්න. මගෙ බබා මුරණ්ඩු වෙනකොට ඉතින් මට තරහා ගියා සොරි පණ අඩන්න එපා ඉතින්.”

අඩ අඩ හිටපු  මාව තුරුල් කරගත්ත එයා මගෙ හිස් මුදුනට හාදු තියන ගමන් සොරි කිය කියම මාව නැලෙව්වා. නපුරා එයාම අඩවලා එයාම නලවනවා.

” ඒත් තේව් අම්මා, තාත්තා එයාලා ඔයාට බනී තේව්. දැනටම එයාලා ඔයාට බනිනවා ඇති දැන් දවස් කීයක් ඔයා ගෙදර ගිහිල්ලා නැද්ද. තව ගෙදරත් එක්කන් ගියොත් ඔයත් එක්ක එයාලා තවත් තරහා වෙයි. “

මම මෙච්චර වෙලාම තිබුන ලොකුම ප්‍රශ්නෙ එයාට කිව්වා. ඇත්තටම තේව් දැන් දවස් දෙක තුනකින්ම ගෙදර ගිහිල්ලා නෑ. මම ලගට වෙලා මාව බලාගෙන ඉන්නවා. දැන් ගෙදරත් එක්කන් යන්න හදනවා.ඒ අම්මලා උනත් කැමති වෙන එකක් නෑනෙ එහෙම.

” පිස්සුද බෝලේ ආ. ඒ දෙන්නම තමා කිව්වෙ ඔයාව තනියම ගෙදර තියන්න එපා කියලා. කොහොම හරි ගෙදර එක්කන් එන්න බලන්න කිව්වා. එයාලා හරි ආසාවෙන් ඉන්නෙ ඔයා එනවට. දැන් මට වැඩිය ඒ දෙන්නා ආදරේ එයාලගෙ ලොකු පුතාට. ඔයා හිතනවට වැඩිය ඒ දෙන්නා උබට ආදරෙයි බං. “

…

…

…

කොහොම හරි රන්ඩු වෙලා අඩලා දොඩලා හෙට discharge කරාට පස්සෙ එයාගෙ ගෙදර යන්න තේව් මාව බලෙන්ම කැමති කරගත්තා. අම්මත් කෝල් කරලා අනිවාරෙන් එන්න කිව්ව නිසා මමත් හිතේ නිදහසින් ලෑස්ති උනෙ එයාලගෙ ගෙදර යන්න. එයාලට කරදර කරන්න බැරි නිසා යන්න බෑ කිව්වත් මමත් හරි ආසාවෙන් හිටියෙ එහෙ යන්න.

මගෙ තාත්තා ගැන නම් බය වෙන්න දෙයක් නෑ. එයා මම කොහෙ ගියත් office එකේ වැඩ ටික වෙනවා නම් එයාට ඇති. එයාට ඕනෙ එච්චරයි. මට අපායෙ ඉදලා හරි කමක් නැ වැඩ විතරයි එයාට ඕනෙ. කොහොමත් මෙහෙම office යන්න වෙන්නෙත් නෑ. ගෙදර ඉදලම වැඩ ටික කරන්න තමා මම බැලුවෙ. මැනේජ්ර් ඉන්න නිසා අවුලක් නැ එයා එහෙ වැඩ ටික බලනවා. තාත්තත් අන්තිමට කෝල් කරපු වෙලාවෙ කිව්වෙ ගෙදර ඉදලා කොහොම හරි වැඩ ටික කරන්න කියලා.

” සුදු මැණික දැන් නිදාගන්න..”

තේව් මගෙ ලගට ඇවිල්ලා ඔලුවත් අත ගාන ගමන් කියනකොට මම එයා දිහා බැලුවෙ හොර පූසෙක් වගෙ.

” මේ..මේ.. තේව්… අහන්නකෝ…..”

” මොකද ආ හොර ගල් අහුලන්නෙ. කියන්න ඉතින් මොනාද ඕනෙ.”

” මේ ඔයත් එනවද..?”

” කොහෙද බං මේ රෑ යන්න කතා කරන්නෙ.”

” කොහෙවත් යන්න නෙවෙයි අනේහ්..”

“එහෙනම්”

” මේ ඇදට ඔයත් එනවද. ම්ම්..මේ දෙන්නම තුරුල් වෙලා දොයිය ගමු ද “

මම එයාගෙ අතක් පහුරු ගාන ගමන් දෙන්නම එකට දොයිය ගමු කියලා ඉක්මනට බිම බලාගත්තෙ ලැජ්ජා හ්තුන නිසා. තේව්ගෙන් සද්දයක් නැති නිසාම මම හිමීට ඔලුව උස්සලා බලද්දි තේව් ඉන්නවා ඇස් දෙකත් පුංචි කරගෙන ‘අනෙ උබ නම් මැණික’ වගෙ බැල්මක් දාගෙන. à·„à·“ à·„à·“.

” උබ නම් මහ කෝලමක් බං. ඕකෙ ඉඩ නෑනෙ මැණිකෙ දෙන්නටම. ඔයාගෙ තුවාල පෑරෙයි බබා..”

” අනේ අනේ තේව්…”

එයා මගෙ ඔලුවත් අත ගාලා මගෙ තුවාල පෑරෙයි කියනකොට. මම ඉක්මනට ඇස් වල කදුලුත් පුරවගෙන එයා දිහා බැලුවෙ එයා මේ බැල්මට රැවටෙනවා කියලා දන්න නිසා. හී හී..

…

…

…

මම හිටියෙ තේව්ට තුරුල් වෙලා හොදට දොයියගෙන.  ඔව් ඔව් හැමදාම වගෙ  මගෙ බැල්මට එයා රැවටුනා කෙල්ලනේ. මම එයාට හොදට තුරුල් වෙලා ඇස් දෙක පියා ගත්තෙ දවස් ගානකට පස්සෙ මට මේ ලෝකෙ තියන  ආරක්ෂිතම තැන ඉදලා නිදි දෙව්දුව ලගට යන්න. දවස් ගානක් විවේකයක් තිබුනෙ නැති ඇස් වලට විවේකයක් දෙන්න…

________________________________________

හායි ලමයිනේ….මම ආවා…..

* ඔන්න ආයු තේව්ගෙ ගෙදර යන්න හදන්නෙ….. මොනා වෙයිද දන්නැ….🙈

~vote කරන comment කරන හැමෝටම  ආදරෙයි…. ❤️💚😚

ඉක්මනට ඊලග කොටසින් මුණගැහෙමු….❤️

…Nethu…

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 13, novel À¶†À¶ºà·” (Completed) Âœ” 13, read À¶†À¶ºà·” (Completed) Âœ” 13 online, À¶†À¶ºà·” (Completed) Âœ” 13 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 13 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 13 light novel, ,

Comment

Leave a Reply

Chapter 13