À¶†À¶ºà·” (Completed) Âœ” 19

A+ A-

මගෙ මහත්තයා.. උම්ම්ම්මා “

මම හිටියෙ මාවත් තුරුල් කරගෙන සැනසීමෙන් නිදාගෙන ඉන්න මගෙ මහත්තයා දිහා බලාගෙන. ඒ සැනසීමෙන් පිය වෙලා තියන ඇස්, වාත්තු කරා වගෙ තියන නහය, ලා රෝස පාට තොල් පෙති, ඒ තොලට යටින් තියන මෝල් එක. ඒ හැමදේම එක්ක එයාව පේන්නෙ හරියට දිව්‍ය ලෝකෙන් බැහැපු කුමාරයෙක් වගෙ. හරිම කඩවසම්. කොච්චර බලාගෙන හිටියත් එපා වෙන්නෙ නැ.

දැන් වෙලාව උදේ අටට විතර ඇති. ඊයෙ රෑ පන්සල් ගිහිල්ලා ඇවිල්ලා නිදාගත්ත පාර තාම අපි දෙන්නා ඇදේ. එයා නම්  මාවත් තුරුල් කරගෙන හොදට නිදි. මම දැන් ඇහැරලා පැය බාගයක් විතර උනත් මේ මිනියා මාව බදාගෙන ඉන්න විදිහට මට නැගිට ගන්නවත් බෑ අප්පාව්. ඔක්කොම දඬු අඩු ටික මගෙ ඇගට දාගෙන හොදට බුජි. කොච්චර නැගිටින්න හැදුවත් ඒ ශක්තිමත් අත් කකුල් වලින් බේරෙන්න බෑ අප්පාව්. අලි මස් ද මංදා මේකා කන්නෙ. නිදාගෙන ඉන්න විදිහට ඇහැරවන්නත් ලෝබයි අප්පා.  අහිංසකයා වගෙ නිදාගෙන ඉන්න ලස්සන. මගෙ නපුරු කුමාරයානෙ ඉතින් මේ…. මම එයා ගැන හිත හිතම එයාගෙ කම්මුල් වලට මාරුවෙන් මාරුවට  හාදු තියලා ඒ ගන ඇස් බැමි දිගෙ මගෙ ඇගිල්ල අරන් ගියා. මම දන්නැ මේ පැය බාගෙට කොච්චර ඒ මූණට හාදු දුන්නද කියලා. මම නැගිටපු වෙලාවෙ ඉදලා කරේ ඒ මූණ පුරාවට හාදු දීපු එක. ඇයි අනේ කොච්චර දුන්නත් එපා වෙන්නෙ නෑනෙ ඉතින් හුම්. ඇහැරලා හිටිය නම් මාව ලැජ්ජා කරලම මරයි මෙයා .. ආයෙත් පාරක් එයාගෙ නළලට  කිස් එකක් දෙන්න ගියත් එක පාරටම තේව් මාව පෙරලගෙන මගෙ උඩට ආවෙ එක පාරටම උන දේ නිසා මම ඇස් දෙකත් ලොකු කරගෙන එයා දිහා බලාගෙන ඉද්දි.
මේකා බොරුවට ද  එතකොට නිදාගෙන ඉදලා තියෙන්නෙ ම්හුක්..

” මොකද සුදු මැණික පුදුම වෙලා වගෙ ම්ම්ම්ම්.” 

” ඔයා බොරුවට ද නිදාගෙන හිටියෙ අනේහ්..”

” නිදාගෙන නම් තමා හිටියෙ. ඒත් කොහෙද හොර පූසෙක් උදේ පාන්දරම ඇවිල්ලා මූණ පහුරු ගාන්න පටන් ගත්තා නෙ. කොහෙ නිදාගන්න ද ඉතින්.. “

හයියූ ඒ කියන්නෙ එයා ඇහැරලා ඉදලා තියෙන්නෙ…. ලැජ්ජාවෙ බැ අප්පාව්ව්ව්….

” හලි හලි ඉතින්. දැන් නැගිටින්නකෝ. මටත් නැගිටින්න ඕනි. අම්මත් බලනවා ඇති කලින් දවස් ටිකෙ උදේම ඇහැරලා කුස්සියට ආපු ලොකු පුතා කෝ කියලා. කෝ කෝ අයින් වෙන්න ඉතින් මට නැගිටින්න.”

මම තේව්ව තල්ලු කරන ගමන් අයින් වෙන්න කියද්දි හිනා වෙවී මගෙ දිහා බලාගෙන හිටිය එයා ඊළගට පාත් උනේ මගෙ තොල් වලට..

” එපා මිනියෝ. මම තාම දත් මැදලවත් නැ අන්ම්ම්ම්ම්”

තාම දත් මැදලත් නැති නිසා එයාට එපා කියන්න ගියත් මට කියන්න ගිය දේ සම්පූර්ණ කරගන්නවත් දෙන්නෙ නැතුව තේව් මාව kiss කරන්න පටන් ගත්තා… එයා කිසිම කලබලක් නැතුව කිස් කරනවා. 

“අහ්ම්ම්”

මගෙ උඩු තොලයි යටි තොලයි මාරුවෙන් මාරුවට සිප ගත්ත එයා එක පාරටම මගෙ යටි තොල හැපුවෙ මට කෙදිරියක් පිට වෙද්දි. ඒත් එක්කම තේව් එයාගෙ දිව මගෙ කට ඇතුලට දාලා දිග පළල මනින්න ගත්තෙ මට දිව්‍යලෝකෙ පෙන්නලා.

“අව්ව්හ්”

විනාඩි ගානක්ම kiss කරපු එයා අන්තිමට මගෙ යටි තොල හපාගෙනම මගෙ ඇගෙන් අයින් උනා..

” උබව අද යවන්නත් ලෝබයි බං. මෙච්චර දවස් ලග තියාගෙන උබව යැව්වම මට පාළු හිතෙයි ඕයි….”

තේව් මගෙ එහා පැත්තෙන් ඇල වෙලා වහලේ දිහා බලාගෙන කියද්දි අද යන එක මතක් වෙලා මගෙ ඇස් වලටත් කදුලු පිරුනා… මටත් දාලා යන්න ලෝබයි දෙයියනේ… අම්මා තාත්තා නංගි මේ හැමෝම එක්ක මේ දවස් ටික මම හිටියෙ පුදුම තරම් සතුටින්. ඒත් දැන් මට හොද නිසා ඔෆිස් යන්න ඕනෙ. මෙහෙ ඉදලා යන්නත් පුලුවන්. ඒත් ඒක අම්මට උනත් කරදරයක් නෙ. ඒකයි මම ඊයෙ තේව්ට කිව්වෙ අද යන්නම් කියලා. හතර දෙනාම මුලින් අකමැති උනත් පස්සෙ මම කියලා කියලම එයාලව කැමති කරගන්න පුලුවන් උනා.. එයාලා කැමති නැ මම යනවට. ඒත් හැමදාම එයාලට කරදර කරන්න බෑනෙ. අනික මට ආයෙ එන්න පුලුවන් නෙ ඉදලා යන්න.

” මටත් යන්න ලෝබයි තේව්. ඒත් නොයා බෑනෙ. හැමදාම ඉන්න බෑනෙ ඉතින්… මම ඔෆිස් යන්නත් එපැයි..”

” ඒක නිසාමයි බබා උබට යන්න දෙන්නෙ. නැත්තම් යන්න දෙන්නෙ නැ.”

එහෙම කියන ගමන් එයා මගෙ තොල් වලට පෙක් එකක් තියලා හිනා වෙලා ඇදෙන් නැගිට්ටෙ මාත් එයත් එක්කම ඇදෙන් නැගිටිද්දි. wash එකක් දාගන්න ඕනි. හුම් අපි සූද ලමයිනේ…

“හරි හරි දැන් කතා ඇති. මගෙ හොද wifey වගෙ මූණ සෝදගෙන ඇවිත් මගෙ කොෆි එක හදලා දෙන්න…. “

“ආයිහ්.. සිදුනා අප්පා. යනවා යන්න මෝඩ මිනියා…”

ටවල් එකත් අරගෙන bathroom එකට යන්න ගිය මම ආපහු ඔරවගෙන එයා දිහා බැලුවේ කොෆී එකක් හදලා දෙන්න කියන ගමන් මගෙ සූටි පස්සට කීස් කන්න පාරක් ගැහුව නිසා. කදුලුත් පැන්නා අප්පා ගහපු පාරට.. මම එයාටත් බැන බැනම ඉක්මනට රිංග ගත්තෙ bathroom එක අස්සට.

විනාඩි විස්සක් විතර අරගෙන සොදගත්ත මම ශෝර්ට් එකකට කලු බැගී ටී එකකුත් දාගෙන තේව්වත් සෝදගන්න යවලා ආවෙ  කුස්සියට තේව්ගෙ කොෆි එක හදන්න. මම එනකොට අම්මත් ඉන්නවා කුස්සියෙ මොනාද කපන ගමන්…

” ගුම්මෝනිම් අම්මා”

” ආ good morning ලොකූ… දැන් ද ඇහැරුනේ…”

” ඔව් අම්ම ටිකක් නින්ද ගියා අනේ.කෝ තාත්තයි නංගියි.”

” හ්ම්ම්. ඔන්න වත්ත පහලට ගියා දෙන්නත් එක්කම.. අපෙ පුතත් ඇහැරුනද… ඉන්නකො මම දෙන්නටම තේ හදන්නම්..”

” එපා අම්මා. අම්මා වැඩේ කරන්න. මම තේ හදන්නම්.. “

අම්මට වැඩේ කරගන්න කියපු මම තේ හදන්න පටන් ගත්තා..දැන් උදේට කන වෙලාව තමා. ඒත් තේව්ට උදේ කොෆි එක නැතුව බෑනෙ. ඒක නැත්තම් දවසම හරි නෑ කියන්නෙ. පුදුම කෝලම් මේකගෙ තියෙන්නෙ හ්හ්. මොනා උනත් ලලිතා අම්මට පින් සිද්ද වෙන්න මට හොදට උයන්න නම් පුලුවන්. මට සෙල්ලම් කරන්න යාලුවෝත් නැති නිසා මම චූටි කාලෙ ඉදලම කරේ කම්මැලිකමට ලලිතා අම්මත් එක්ක එකතු වෙලා එක එක කෑම හදපු එක. ඒක නිසා මට උයන්න පුලුවන් දැන්. මම විනාඩි පහලවක් විතර අරගෙන තේව්ගෙ කොෆි එකයි මගෙ කුක්කු තේ එකයි හදාගෙන කාමරේට යද්දි හාමු මහත්තයා ඉන්නවා කණ්ණාඩිය ඉස්සරහට වෙලා මූණෙ මොනාද උල උල. අනේව් ඉතින් මගෙවත් නැති කැටයම් මුගෙ තියෙන්නෙ. එයා සුදු ආමි කට් එකට කලු බොටමක් ඇදලා. හරිම handsome එයා එහෙම.

” කොච්චර ක්‍රීම් ගෑවත් ඔච්චර තමයි මහත්තයෝ.. උපන් කැත යවන්න බෑ. “

මම mug දෙක bed tabale එක උඩ තියන ගමන් තේව්ට කියද්දි එයා කට කොනකින් හිනා වෙලා ඊලගට කිව්ව දේත් එක්ක  මගෙ මූණ ඇද වෙලා ගියා.

” ඔව් ඔව් උබෙ උපන් කැත යවන්න බැ තමා බබා.. ඒක පිලිගත්ත එක ලොකු දෙයක්..”

ඉව්ව් නපුරා මගෙ මේ සස්සන මූණ දිහා බලාගෙන කැතයි කිව්වනෙ ම්හුක්.. එයා කණ්නාඩි මේසෙ ලගින් අයින් වෙලා එයාගෙ mug එකත් අරගෙන ඇදෙන් ඉදගද්දි මමත් මගෙ කුක්කු තේ එක අරගෙන  එයාගෙ එහා පැත්තෙන් වාඩි වෙලා ඒ උරහිසෙ ඔලුව තියාගත්තා. හරිම සනීපයි..

” තේව්….”

” ම්ම්ම්ම්”

මම එයාට කතා කරද්දි එයා කොෆි එක තොල ගාන ගමන්ම හූමිටි තිබ්බා.. මම එයාගෙ නිදහස් අත මගෙ අතත් එක්ක පටල ගන්න ගමන් කතා කරන්න පටන් ගත්තෙ මේ දවස් ටිකේම මගෙ හිතේ තියන ප්‍රශ්නයක්.

” මාව ඉක්මනට ඔයා ලගට ගන්නකො තේව්..”

” මොකද සුදු මැණික එක පාරටම එහෙම දෙයක් කියන්න හිතුනෙ…”

මම එහෙම දෙයක් කියයි කියලා හිතපු නැති නිසාම වෙන්න ඇති එයා පුදුම උන කටහඩකින් මගෙන් එහෙම අහනකොට මම බර හුස්මක් පිට උනා.

” එක පාරටම නෙවෙයි තේව්. මට බයයි තාත්තා ආපුහම නිකන් ඉන්න එකක් නැ. එයා මේ දවස් ටිකේ පාඩුවෙ ඉන්නෙත් එයාට මේ bussness tour එක වැටුන නිසා. එයා ලංකාවෙ හිටියා නම් අපි දෙන්නට මෙහෙම ඉන්න දෙන්නෙ නැ.  එයා ආවට පස්සෙ මොනා කරයිද දන්නැ. අනේ ම්..මට බ්..බයයි  ත්..තේව්හ්.

අඩන්නෙ නැ කියලා පටන් ගත්තත් අන්තිම ටික කියනකොට මගෙ කට හඩ බිදිලා ගියා. මම මේ එළියට දැම්මෙ මේ දවස් ටිකේම මගෙ හිතට වද දෙන ප්‍රශ්නෙ. ඇත්තටම මට බයයි දෙයියනේ. තාත්තා ආවම මොනා කරයිද කියලා. එයා කොහොමත් අපිට මේ සම්බන්දේ නිදහසෙ කරගෙන යන්න දෙන්නෙ නැ ඒක මට විශ්වාසයි. තේව් මගෙ mug එකයි එයාගෙ mug එකයි දෙකම අරගෙන bed tabel එක උඩින් තියලා මාව තුරුල් කරගත්තෙ මගෙ ඔලුවට හාදුවක් තියලා. එයාගෙ තුරුල හරිම සැනසීමයි.

” දැන් අඩන්නෙ නැතුව ඉන්නකො සුදු මැණික ම්ම්ම්. බය වෙන්න එපා උබට මම ඉන්නවා නෙ.. තාත්තට මුකුත් කරන්න බෑ. තව අවුරුදු දෙකක් අපි කොහොම හරි ඉවසගෙන ඉමුකො. ඊට පස්සෙ මම උබව මගෙ ලගට ගන්නවා. බය නැතුව ඉන්නකො දැන්. ඒ නැතත් තාත්තා ප්‍රශ්නයක් දැම්මොත් ඊට කලින් හරි මම උබව මගෙ ලගට ගන්නවා. ඒක නිසා ඒ ගැන හිතන්න නැතුව ඉන්න වස්තු. උබට අපෙ අම්මා ඉන්නවා. තාත්තා ඉන්නවා. ඒක නිසා කලබල නොවී ඉන්න. ම්ම්ම්”

මගෙ ඔලුවට හාදුවක් තියන ගමන් තේව් කියද්දි මම තවත් එයාට තුරුල් උනේ හිතට පොඩි සැනසීමක් දැනුන නිසා. ඔව් බලමුකො. හැමදේම හොද විදිහට වෙයි. මොනා උනත් ශක්තිමත්ව ඉන්න ඕනෙ..  බැරිම උනොත් තේව් එක්ක රට යනවා. එතකොට තාත්තට හොයා ගන්න බෑනෙ.

” දැන් ඇති බං හොටු පෙරුවා.  ඉව්ව් පොඩි එකෙක් වගෙ අඩනවා ලැජ්ජාවෙ බැ.. අර එහා ගෙදර පොඩි එකා හොදට උබට වඩා..”

තේව් මාව එයාගෙ තුරුලෙන් ඈත් කරන ගමන් කියද්දි මම එයාගෙ පිට මැදටම පාරක් දීලා දැම්මා. ඇයි අප්පා සෙද්ද.

” මම යනවා අම්මා ලගට ටවුසෙව එපා එපාමයි මට නම්.”

” අනේ අපිට පාඩු වෙයි ගියා කියලා. මම හොයාගන්නවා හොද සෙම්සි කෙල්ලෙක්ව හරි කොල්ලෙක්ව හරි”

” මොකක්ද ටවුසෙ කිව්වෙ. ඉදපන් දෙන්නම් ටොට.”

” ආව් යකෝ අත ඇරපන්. රිදෙනවා. ආයිහ් ආව්ව් අම්මා බේර ගනියෝ.. අව්ව්හ්…..

තේව් කිව්ව කතාවත් එක්ක පයර් උන මම  ඇදට නැගලා තේව්ගෙ කොන්ඩෙ අල්ලගෙන අත් දෙකෙන්ම අදින්න පටන් ගත්තෙ තේව් බේර ගන්න කිය කිය ලතෝනි තියනකොට. හ්හ් හොදෑඩෙ බූරු පැටියට. ආවා මෙතන සෙස්සි කෙල්ලො කොල්ලො හොයන්න. මෙච්චර සෙස්සි කොල්ලෙක් ඉද්දි ආයෙ මොකටද සෙස්සි එවුන්. බොරු ද මම අහන්නෙ.  තේ කෑගහද්දිම පුලුවන් තරම් කොන්ඩෙ අත් දෙකෙන් ඇදපු මම ලොකු වැඩක් කරා වගෙ අත් දෙකත් පිහද පිහද ඇදෙන් බිමට බැස්සෙ තේව් මම දිහා අසරණව බලාගෙන ඉද්දි.

” උබ නම් මහ යක් පැටියෙක් ආයු. බලපන් මගෙ කොන්ඩ ගස් ටික උබෙ අතේ ද කියලා. බුදු අම්මෝ කොහොමත් මට වෙන උන් එපා ඉන්න යක් පැටියා ඇති.”

” ආන් ඒ බය තියාගන්න à·„à·Šà·„à·Š “

තේව් කොන්ඩෙ හදන ගමන් මට බනිද්දි මම හිනා වෙලා එහෙම කියලා  කාමරෙන් එළියට ආවෙ  අම්මව හොයාගන්න. තව පැය දෙකකින් විතර යන්න ඕනෙ. අනික අද හවස important meeting එකකුත් තියනවා.

තේව්ව අම්මව තාත්තව නංගිව දාලා යන්න දුකයි අප්පා…   ඒත් නොයා බෑනෙ ඉතින්…

_______________________________________

හායි ලමයිනෙ…. මම ආවාඊයෙ දෙන්නම් කියලා හිටියෙ අනේ ඒත් බැරි උනා පොඩි වැඩක් නිසා..

* ආයු ගෙදර යන්න හදන්නෙ ඕන්.

* තාත්තා මොනා කරයිද ඉතින් ඉස්සරහට.?

* මගෙ කතාව කියවන, vote කරන, comment කරන හැමෝටම ආදරෙයි… ඒ වගේම ස්තූතියි…. ❤️💚

* ඉක්මනට ඊළග කොටසින් මුණ ගැහෙමු.

…Nethu…

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 19, novel À¶†À¶ºà·” (Completed) Âœ” 19, read À¶†À¶ºà·” (Completed) Âœ” 19 online, À¶†À¶ºà·” (Completed) Âœ” 19 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 19 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 19 light novel, ,

Comment

Leave a Reply

Chapter 19