À¶†À¶ºà·” (Completed) Âœ” 22

A+ A-

“Call back කරනවද නැද්ද.. call back කරනව ද නැද්ද ම්ම්ම්ම්…’

හයියූ මට හිතා ගන්න බෑ අප්පා. මම මේ විනාඩි ගානක ඉදන්  ඇවිත් තියන miss call දෙක දිහා බලාගෙන කල්පනා කරන්නෙ මේකට call back කරනව ද නැද්ද කියලා. එක්කො ඔන්න ඔහෙ ඕනෙ නෑ. එයාට ඕනෙ නම් ආයෙ ගනී නෙ මම මොකට ද call back කරන්නෙ ම්හුක්.. මම තේව්ටත් මැසෙජ් එකක් දාලා ෆෝන් එක පැත්තකින් තිබ්බෙ වැඩ ගොඩ ගැහිලා නිසා. දවස් ගානකින්  නෙ ආවෙ.

ට්‍රීං ට්‍රීං….

පැය දෙකක් විතරම එකතු වෙලා තිබුන ෆයිල් වගයක් චෙක් කර කර හිටපු මගෙ අවදානය බිදුනෙ මගෙ ෆෝන් එක ring උන නිසා. ඉක්මනට ෆෝන් එක අරගෙන බැලුවෙ මේ වෙලාවෙ කවුද කියලා. Call id එක බලපු මම බර හුස්මක් පහලට දාලා කෝල් එක answer කරේ  මේ දවස් ටිකේම උන්න ද මලාද බලපු නැති කෙනාට එක පාරටම මාව මතක් උන හේතුව මොකක් වෙන්න ඇති ද කියලා කල්පනා කරන ගමන්. උදෙත් අරන් තිබුන නිසා විශේෂ හේතුවක් වෙන්න ඇති සමහර විට.

” හෙලො තාත්තා…”

“හෙලෝ මම තමුන්ට කලිනුත් call කරා. මොකද answer  කරේ නැත්තෙ. “

මම හෙලො කියලා උත්තරයක් එනකම් ඉන්නකො මට ඇහුනෙ තාත්තගෙ ගැඹුරු කට හඩ… හුම්ම් තාත්තා. එයාගෙ කටහඩෙ තිබුනෙ කේන්‍තියක්  සමහර විට මම කලින් call answer කරපු නැති නිසා වෙන්න ඇති. එක අතකට එයා කවද්ද මට හොදින් කතා කරේ. මම එහෙම හිත හිතම උත්තර දුන්නෙ උත්තර නොදුන්නොත් එයාට ඒකටත් තරහා යන නිසා.

” නෑ තාත්තා පොඩි වැඩක හිටියෙ ෆෝන් එක silent දාලා තිබුනෙ ඒකයි..”

” හ්ම්ම්. කොහොමද business වල තත්වෙ. කිසිම අඩුපාඩුවක් නෑනෙ”

මට බර හුස්මක් පිට උනා. මට දැනුනෙ මම ගැනම කලකිරීමක්. මෙච්චර දවසකට පස්සෙ අරගෙනවත් එයාට ඇයි බැරි මගෙන් නිකමට හරි කොහොමද කියලා අහන්න. අඩුම තරමෙ accident වෙලා හිටපු නිසාවත් දැන් හොදයි ද අහන්න. පුතා කියලා හිතලා නෙවෙයි අඩුම තරමෙ මනුස්සකමටවත් අහන්න බැරි ද.

“නෑ තාත්තෙ. කිසි අඩු පාඩුවක් නෑ…”

“ම්ම්ම්. මම මේ හදිසියේ කතා කරේ…..

.

.

.

පැයක් විතරම ඇදුන කෝල් එක ඉවර කරලා මම ෆෝන් එක පැත්තකින් තිබ්බෙ ඒක කනේ ගහගෙන ඉදලා කනත් එක්ක රිදෙන නිසා. මෙහෙමයි ඉතින් මේ කතා කරේ තේව් නම් කිසිම අවුලක් නෑ. ඒත් ඒ තේව් නෙවෙයි නෙ හුම්.

මම බොරුවට කලබල උනාට තාත්තා කතා කරලා කිව්වෙ තව මාස තුනකින් පටන් ගන්න අනුරාධපුර branch එක ගැනයි. තව අපිට ඇවිත් තියන අලුත් project වගයක් ගැනයි විතරයි. ඒවා ටිකක් special project නිසා තමා හදිසියේ කතා කරලා තියෙන්නෙ නැතුව වෙන දේකට නෙවෙයි. ඒත් මට පොඩි බලාපොරොත්තුවක් තිබුනා තාත්තා එක පාරක් හරි මගෙ ගැන අහයි කියලා. ඒත් ඒ කතා කරපු පැය ගානම එයා කිව්වෙ business ගැන විතරයි. අන්තිමට එයාගෙ නම්බුව කන්නෙ නැතුව business  බලාගෙන ඉදපන් කියලා කෝල් එක කට් කරා. කමක් නෑ ඕවා මට පුරුදු නැති දේවල් නෙවෙයි නෙ.  හැබැයි අන්තිමට තව සුභ ආරංචියකුත් කිව්වා. මට ඒක තේව්ට කියනකම් ඉවසිල්ලක් නෑ වගෙ. පොඩි බඩගින්නක් ආපු නිසා hot chocolate එකක් එක්ක burger එකක් ගේන්න කියපු මම ආය ෆයිල් චෙක් කරන්න පටන් ගත්තෙ දැනටම වෙලාව තුන හමාර වෙලා නිසා. අද කොහොම හරි මේ ටික ඉවර කර ගන්න ඕනෙ.

.

.

.

” ඇති යන්තම් ඉවරයි….”

අන්තිම ෆයිල් එකත් ඉවර කරපු මම ඒක පැත්තකින් තියලා ඇගේ හිරි ඇරියෙ එක දිගට පැය ගානක් ඉදගෙන ඉදලම ඇග හිරි වැටිලා වගෙ දැනුන නිසා. අපොයි පස්ස නෑ වගෙ. මම ෆෝන් එක අරගෙන වෙලාව බලද්දි මගෙ ඇස් උඩ ගියෙ දැන් වෙලාව පහ හමාරත් පහු වෙලා නිසා. එච්චර වෙලාව යනවා දැනුනෙවත් නෑනෙ අප්පා. තේව් ගෙදර ගියා ද දන්නෑ. මම ගෙදර යන්න බඩු ටික ලෑස්ති කර ගන්න යද්දී තමා දැක්කෙ කලින් ගෙන්න ගත්ත hot chocolate එකෙයි  burger එකෙයි බාගෙ බාගෙ ඉතුරු වෙලා තියනවා කියලා. හයියූ කන්නත් අමතක වෙලා අප්පා. මම ඒ දෙකත් අරගත්තේ යන ගමන් dustbin එකට දාගෙන යන්න. ආයෙ කන්නත් බෑනෙ.  මම ඉක්මනට බඩු ටිකත් ලෑස්ති කරගෙන බෑග් එකත් දාගෙන පහළට ආවෙ තේව්ගෙන් ආපු මැසෙජ් වලට replay කරන ගමන්. එයා කොහොමත් මම office එකේ ඉන්නකොට කෝල් ගන්නෙ නෑ මැසෙජ් දානවා විතරයි. එයා නම් එයාගෙ වැඩ ටික ඉවර කරගෙන ගෙදර ගිහිල්ලා.

“යමු..”

” හොදමයි පුංචි බේබි…”

මම car එකට නැගලා driver ට යමු කියද්දි ඒ මනුස්සයත් හිනා වෙලා උත්තර දීලා වාහනෙ start කරලා පාරට දැම්මා. ඒත් එක්කම තේව්ගෙන් කෝල් එකක් නිසා මම ඉක්මනට ඒක answer  කරේ එයාගෙ කටහඬ අහපු ගමන් දැනෙන මහන්සිය නැති වෙලා යනවා කියලා අත් දැකීමෙන් දන්න නිසා.

” හෙලෝ තේව්..”

” හෙලෝ බබා. ඇයි මෙච්චර වෙලා. “

ඇත්තටම ඒ කට හඩ අහපු ගමන් මෙච්චර වෙලා තිබුන මහන්සියට මොනා උනා ද දන්නැ අප්පා.

” වැඩ ගොඩක් තිබුනා අනේ. ඒකයි වෙලා ගියෙ.”

” මෙච්චර වෙලා යනවා කියලා දන්නවා නම් මම එනවා නෙ pick කරන්න. ඔයා කිව්වෙත් කලින් ගෙදර යනවා කියලා නෙ. ඒක නිසා මම හිතුවෙ කලින් ගෙදර යයි කියලා. ඒකයි car එක ගෙන්න ගන්න කිව්වෙත්.”

” ඒකට කමක් නෑ අනේ. අනික මම හිතුවෙත් නෑ මෙච්චර වෙලා යයි කියලා.”

” හ්ම්ම්ම් . මහන්සි ද “

” ඔව් අලේව්.. ගොඩාලියක් මහන්සි ඔයාගෙ ආයු බබාට. “

එයා මගෙන් මහන්සි ද අහද්දි මම හුරතල් වෙන ගමන් ගොඩක් මහන්සි කිව්වෙ එයා එහා පැත්තෙ ඉදලා හිනා වෙද්දි.

” මොකද ආ හිනා වෙන්නෙ..”

” නෑ ඕයි උබ මහ කෝලමක් ඒකයි. “

” හුහ්… මේ ඒක නෙවෙයි කියන්න සුභ ආරංචියක් තීනෝ….”

” ඒ මොකක්ද. මෙ දැන් උබ කියන්න නම් එපා තේව් ඔයා අප්පච්චි කෙනෙක් වෙන්න යනවා කියලා නම්. මම තාම මුකුත් කරලත් නෑ උබට හුහ්.”

අනේ මේ මිනිහා නම්… ලග හිටියා නම් දෙනවා හොද පාරක් කියන කතා වලට. කියන්නෙම ඔය වගෙ කට කැඩිච්ච කතා තමා. ලැජ්ජා නැති හැටියක් මේකට. හයියෝ දැන් මාව රතු වෙලා ඇති මේ මිනියා නිසා. මම ඒක නිසාම තරහෙන් කෑ ගහද්දි මට ඇහුනෙ එහා පැත්තෙ ඉදලා මහ කැත විදිහට තේව් හිනා වෙනවා. ඒ බූරු පැටියට නම් මොකද ඉතින් ලැජ්ජා නෑනෙ.

” අනේ යනවා යන්න මෝඩයා.”

” හරි හරි ඉතින් කියන්නකො මගෙ කොච්චි කරල  තරහා ගන්නෙ නැතුව…”

” හුම්. මේ අහන්නකො තාත්තාට තව මාසයක් විතර එහෙ ඉන්න වෙයි ලු. “

මම තේව්ට දවල් තාත්තා කෝල් කරලා කියපු දේ කිව්වෙ driver ට ඇහෙන්නෙ නැති වෙන්න. කාවවත් ෂුවර් කරන්න  බෑනෙ ඉතින් ඒකයි.

” ඒ මොකද සුදු මැණික.”

” එයාට ඒ වැඩ ටික ඉවර කරගන්න තව මාසයක් විතර යනවලු. ඉක්මනට කරගෙන එන්න ගියාට ලේසි නෑනෙ ඉතින්.”

” ඒකත් ඇත්ත තමා. දැන් ඕකද උබ කියපු සුභ ආරංචිය ආ..”

” ඔව් ඔව් අනේ… කොච්චර සුභ ආරංචියක් ද බලන්නකො ඒක. මට නම් සතුටුයි හලො..”

” අනේ මංදා බං උබ නම්.”

තේව් සසර කලකිරුන විදිහට එහෙම කියද්දි මම ෆෝන් එකට රවලා අහක බලා ගත්තා. ඉතින් අනේ සතුටු නිසා නෙ කිව්වෙ හුහ්. නපුරා.

” තේව් මේ මම ගෙදරට ආවා. මම ඔයාට පස්සෙ කෝල් එකක් ගන්නම්..”

” හරි මැණික.”

” ආදරේයි තේව්…..උම්ම්මා”

මම driver ට ඇහෙන්නෙ නැති වෙන්න තේව්ට ආදරෙයි කියලා උම්මා එකකුත් දීලා කෝල් එක කට් කරේ දන්නෙම නැතුව ගේට් එක ලගටම ඇවිත් නිසා. කෝල් එකේ හිටපු නිසා ගෙදරට එනක්න්ම ගානක් ගියෙ නෑ. මම බෑග් එකත් අරගෙන වාහනෙන් බහිනකොටම සද්දෙ ඇහිලද කොහෙද කොස්සකුත් අතේ තියාගෙන  එළියට ආවෙ ලලිතා අම්මා. අතු ගාන ගමන්ද කොහෙද ඉදලා තියෙන්නෙ.

” මොකද චූටි මහත්තයා. මහන්සි ද…”

” ඔව් අනේ..ගොඩක් දවසකින් ගිය නිසා අද වැඩ ගොඩයි….”

මම මූණත් අමුතු කරගෙන මහන්සි කියලා කියද්දි ලලිතා අම්මා හිනා වෙලා මගෙ ඔලුව අත ගෑවෙ මාත් පූස් පැටියෙක් වගෙ ඉන්නකොට.

” යන්නකො wash දාලා එන්න. මම කිරි එකක් හදන්නම්. ආන් චූටි මහත්තයා ආස නිසාම මම pan cake හැදුවා..”

ලලිතා අම්මා pan cake ගැන කිව්වා විතරයි මෙච්චර වෙලා හැංගිලා හිටපු මගෙ බඩගින්න එළියට ආවා. ඒක නිසා මම ඉක්මනට එන්නම් කියලා wash එකක් දාගෙන උඩට යනකොට ලලිතා අම්මත් හිනා වෙවී කුස්සියට ගියෙ මගෙ කුක්කු තේ එක හදන්නද කොහෙද.

.

.

.

” රසයි ලලිතා අම්මා..”

” ඇති වෙනකම් කන්න දරුවො තව තියනවා. ඔයාට තමා ඔක්කොම..”

Wash එකකුත් දාගෙන පහලට ආපු මම ලලිතා අම්මා හදලා තිබුන කුක්කු තේ එකත් බොන ගමන් pan cake පහකට විතර වැඩේ දුන්නෙ  ඒක මගෙ කෑම list එකේ උඩින්ම තියන කෑමක් නිසා හී හී. කොච්චර කෑවත් ඇති වෙන්නෙ නෑ. මටත් හදන්න පුලුවන් ඉතින්. දවසක තේව්ට හදලා දෙන්න ඕනි. එයත් හරි ආසයි pan cake කන්න.

.

.

.

_____________________________________________

* හායි ලමයිනෙ. මම ගොඩක් කල් ගන්නවා නේද කතාව දාන්න. ඇත්තටම මේ දවස් ටිකේ ටිකක් busy ඒ වගේම අම්මට ටිකක් අසනීපයි. ඒකයි කතාව දාන්න පරක්කු වෙන්නෙ. අදත් හදිසියේ මේක typ කරේ අඩුපාඩු තියනවා නම් සොරි ලමයිනෙ

* ඔන්න තාත්තා තව මාසයක් ඉන්නවලු. මොනා වෙයි ද දන්නෑ ඉතින්.

* මගෙ කතාවට ආදරෙ කරන හැමෝටම ස්තූතියි. ඒ වගේම මාත් ඔයාලට ආදරෙයි.. ❤️💚

* ඉක්මනට ඊළග කොටසින් මුණ  ගැහෙමු….

❤️💚

…Nethu…

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 22, novel À¶†À¶ºà·” (Completed) Âœ” 22, read À¶†À¶ºà·” (Completed) Âœ” 22 online, À¶†À¶ºà·” (Completed) Âœ” 22 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 22 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 22 light novel, ,

Comment

Leave a Reply

Chapter 22