À¶†À¶ºà·” (Completed) Âœ” 26

A+ A-

” පරිස්සමින් යන්න මැණික ගිහිල්ලා msg එකක් දාන්න හරිද .. “

” හරි තේව්. ඔයත් පරිස්සමින් ඉන්න… ආදරෙයි මගෙ මහත්තයෝ…..”

” මාත් ආදරෙයි මැණික…”

විනාඩි ගානක දෙතොල් හාදුවකට පස්සෙ මගෙන් ඈත් උන තේව්ට bye කියපු මම ඉක්මනට ඇවිත් car එකට නැග්ගෙ දැනටමත් මට වෙලා ගිහිල්ලා තිබුන නිසා.. ඊයෙ පෝය කියලා නෑ පොඩි පොඩි නෝටි වැඩ කරලා නින්ද යද්දි ටිකක් පාන්දර උන නිසා අද උදේ ඇහැරෙන්න වෙලා ගියා අනේහ්..  අන්තිමට කොහොම හරි තේව්ගෙන් ගුටියකුත් කාලා  දඩි බිඩි ගාලා ලෑස්ති වෙලා මේ office එකට යන ගමන් මම. තේව් ඊයෙ රෑ දෙපාරක් තුන් පාරක්ම කිව්වා  උදේම නැගිටින්න ඕනෙ නම් එලාම් එක තියපන් බබා නැත්තම් ඇහැරෙන්නෙ නැති වෙයි කියලා. මට අමතක උනා අප්පා. ඒකටත් බැනුම් අහලා වෙලා ගිහිල්ලා නිසාම උදේට නොකාම එළියට බහින්න ගිහිල්ලා අන්තිමට එයාගෙන් ගුටියකුත් කාලා තමා මේ ඉන්නේ ම්හුක්..  එයා මම ලෑස්ති වෙනකම් පොඩි breakfast එකක් හදලා තිබුන නිසා හොදයි…

එයාගෙ විකාර මතක් කර කර හිනා වෙවීම විනාඩි හතලිස් පහකට විතර පස්සෙ company එකට ආපු   මම  car එක park කරලා ඇතුලට ආවෙ තේව්ටත් මැසෙජ් එකක් දාගන ගමන්. නැත්තම් ඒකටත් බැනුම් අහන්න වෙනවා නෙ නපුරගෙන්… මම company එක ඇතුලට එනකොටම හැමොම නැගිටලා greet කරපු නිසා මාත් එයාලට ලා හිනාවක් දීලා greet කරලා cabin එකට ආවෙ මගෙ පස්සෙන්ම මගෙ සෙක්ට්‍රි කොල්ලත් එනකොට. මට වැඩිය අවුරුදු දෙකක්ද කොහෙද බාලයි. ඒ උනාට මාර හොද කොල්ලෙක්. මම නැති උනා කියලා නෑ වැඩ ටික හොදට බලාගන්නවා. මාත් එක්ක හරි එකතුයි..

” Good morning ඉදුවර.. අද  schedule එක “

” Good morning sir. අද උදේ දහයට mr. සමරවීරත් එක්ක meeting එකක් තියනවා. තව හවස අලුත් project එක ගැන meeting එකක් තියනවා.”

” ok ඉදුවර එහෙනම්. අර ඊයෙ මම දුන්න file එක miss කවීෂා අතේ එවන්න. ආ තව check කරන්න තියන ෆයිලුත් එවන්න. “

” ok sir.”

.

.

.

පැය දෙකක් විතරම ෆයිල් එක්ක ඔට්ටු උන මම අන්තිමට වැඩ ටික ඉවර කරගෙන seat එකෙන් නැගිට්ටෙ ඉදුවර ඇවිල්ලා mr. සමරවීර ඇවිත් කියලා inform කරපු නිසා. මම meeting room එකට යනකොට mr. සමරවීර කියලා කියන්න පුලුවන් අවුරුදු පනහක විතර මිනිහෙක් එක්ක තව එයාගෙ සෙකට්‍රි කියලා කියන්න පුලුවන් ගෑනු ලමයෙක් meeting room එකේ ඉදගෙන හිටියා. මම  ඔය සමරවීර කියන මිනිහා ගැන අහලා තිබුනට අද තමා දැක්කෙ. මම handshake කරලා මගෙ seat එකෙ ඉදගද්දි මට තේරුනා අර සමරවීර කියන මිනිහගෙ ඇස් මගෙ ඇග පුරාම යනවා. මට ඒකෙන් දැනුනෙ ලොකුම ලොකු අපහසුවක්. ඒත් මම මගෙ අපහසුව පෙන්නන්නෙ නැතුවම meeting එක පටන් ගත්තා.

.

.

.

” හරි mr. සමරවීර අපි inform කරන්නම් අපෙ තීරනේ ගැන…”

” ok mr. අයුක්ෂ. මම බලාපොරොත්තු වෙනවා හොද ආරංචියක් මට අහන්න ලැබෙයි කියලා. Then See you soon. “

අම්මෝ දැනෙන සනීපයක්. පැයක් විතර ඇදුන meeting එක් ඉවර කරලා අර සමරවීර කියන බඩ තඩියා එළියට ගියාට පස්සෙ තමා මට මෙච්චර  වෙලාම දැනුන uncomfortable ගතිය නැති වෙලා ගියෙ. අර තඩියගෙ ඇස් මගෙ ඇගෙන් ඈත් උනේම නෑනෙ අප්පා. ඌ මගෙ දිහා බලාගෙන හිටියෙ හරියට පූසෙක් කරවල කෑල්ලක් දිහා බලාගෙන ඉන්නවා වගේ. ඉව්ව් මතක් වෙනකොටත් අප්පිරියයි අනේහ්. Meeting එක පටන් ගත්ත වෙලාවෙ ඉදලම උගෙ බැල්ම වෙනස් උනේම නෑ. ඉදකින් නාකි වලත්තයා. යනකොට handshake කරද්දි අතින් අල්ලපු විදිහ. ඊයා. අහසනේ නාකියට.

” Sir මම මෙහෙම කිව්වට මුකුත් හිතන්න එපා. ඒත අර සමරවීර කියන මනුස්සයා sir දිහා බලාගෙන හිටිය විදිහ මට එච්චර ඇල්ලුවෙ නෑ. “

මම අර තඩියට හිතින් පුලුවන් තරම් දෙහි කප කපම මගෙ cabin එකට ඇවිල්ලා hand sanitizer බෝතලේම අරූ අල්ලපු අතට හලා ගද්දි ඉදුවර ඇවිල්ලා කියපු කතාවත් එක්ක මම ඉක්මනට ඌ දිහා බැලුවා. ඒ කියන්නෙ ඒ පොඩි එකාටත් තේරිලා. ඔව් ඉතින් තේරෙන්නෙ නැතුව තියෙයි ඈ ඒකා ඇඹලයා වගෙ මගෙ දිහා බලාගෙන ඉන්නකොට.

” මටත් ඒක තේරුනා ඉදුවර. මට හිතුනෙම ඒකගෙ අර දත් ටික බඩට යවන්න. “

” ඔව් sir. Sir කෝකටත් ටිකක් පරිස්සමෙන් ඉන්න ඒ මනුස්සයත් එක්ක වැඩ කරද්දි. “

” හ්ම්ම්ම් ඔව් මටත් ඕක හිතුනා. “

ඉදුවර මට යන්නම් කියලා cabin එකෙන් එළියට ගිය නිසා. මම ආයෙත් වැඩ ටික කරන්න පටන් ගත්තෙ අර මිනිහා අල්ලපු අත sanitizer දාලා හොදට clean කරගෙන. මොන විෂබීජ ද කියලා කවුද දන්නෙ හුහ්..

ටිකක් වෙලා වැඩ කරන ගමන් හිටපු මම ෆෝන් එක අරගෙන තේව්ට කෝල් එකක් ගත්තෙ උදේ ආවත් හරි තාම එයාට කෝල් එකක් ගන්න බැරි උන නිසා. හැබැයි පුදුමෙ කියන්නෙ තේව්ගෙන් එක මැසෙජ් එකක්වත් නෑ. ඇයි දන්නෑ. මොකද එයා සාමාන්‍යයෙන් මගෙ මැසෙජ් වලට reply  නොකර ඉන්නෙ නෑ. මම එහෙම හිත හිතම තේව්ගෙ නම්බර් එක dial කරලා කනේ තියාගත්තේ එයා මේ වෙලාවෙ ගෙදර ඉන්න ඕනි නිසා.

” හෙලෝ සුදු මැණික….”

තත්පර ගානක් යනකොටම එහා පැත්තෙන් තේව්ගෙ කට හඩ ඇහෙනකොට නිකන්ම මගෙ මූනට හිනාවක් ආවා.

” හෙලෝ  තේව් . මොකද අනේ මැසෙජ් එකක්වත් නැත්තේ. මම බය උනා. “

” සොරි සුදූ.. campus එකේ වැඩ වගයක් කරන ගමන් හිටියෙ. ෆෝන් එක බලන්න බැරි උනා. දැනුත් මේ vibrat වෙන සද්දෙට බැලුවෙ. “

” හුම්ම් ඒනම් කමක් නෑ ඉතින්.  කෑවද තේව්. “

” ඔව් ඔව් කෑවා.. මේ උදේ අම්මලා කතා කරා. අදත් ඉදලම එනවා කිව්වා. අදත් මෙහෙ එනවකෝ”

” ඒ මොකද ඒ. අද එනවා කියලා කිව්වනෙ.”

” දවස් ගානකින් ආවෙ කියලා බාප්පලා අදත් ඉදලම එන්න කිව්වලු. මොකද කියන්නෙ අදත් මෙහෙ එනවද..ම්ම්ම්.”

තේව් එහෙම කියද්දි මම කල්පනා කරේ මොකක්ද කරන්නෙ කියලා. යන්න නම් අවුලක් නෑ ඉතින්.

” අද බෑ අනේ..”

පොඩ්ඩක් අවුස්සලා ගන්න ඕනි හුහ්. උදේ මට ගැහුවත් එක්කනේ.

” මොකක්ද ඕයි වරෙම්කො. තනියම ඉන්න කම්මැලී බම්. “

“  බෑ වගෙ තේව් අද නම්..”

” අපෝ ඕයි ඇයි බැරි. එනවකො”

මම බොරුවටත් එක්ක එන්න බෑ කියද්දි තේව් නහයෙන් අඩන්න ගත්තෙ පොඩි එකෙක් වගේ. හයියූ… මට හිනාවක් ගියෙ දැන් තේව්ගෙ මූණ මට මැවිලා පෙනුන නිසා. ඇති දැන් තැලිච්ච දෙල් ගෙඩිය වගෙ කරගෙන.

” එන්නම් එන්නම් අනේ විහිළුවක් කරේ සුදු මහත්තයෝ. රැවටුනා නේ..”

” ආ ඇත්ත ද සුදු නෝනා විහිළුවක් ද කරේ. දෙන්නම්  උබට අද මම. ලෑස්ති වෙලා ඉදාම් ඈ. “

” අනේ මේ මම තියනවා හුහ්. වැඩ තියනවා. Bye. උම්ම්ම්මා.”

තේව් අන්තිමට husky voice එකෙන් කිව්ව එක ඇහිලා මම රතු වෙලා ගියෙ ඒ කිව්ව එකේ යටි අරුත තේරුන නිසා. ඒක නිසාම මම ඉක්මනට වැඩ තියනවා කියලා කෝල් එක කට් කරේ එයාගෙ හැටි දන්න නිසාම ආයෙ මුකුත් කියන්න කලින්. මම දන්නවා තව මොනා හරි එයා කිව්වා නම් මම පිපිරිලා යයි මෙතන.

ඊට පස්සෙ ගෙවුන පැය ගානමය යට කරේ වැඩ වලට. දවල්ට පොඩි bun එකක් ගෙන්න ගෙන කෑවෙ තේව් එයා කෑවා මටත් කන්න කියලා මතක් කරපු නිසා. නැත්තම් දවල්ට කන්නත් අමතක වෙනවා.

.

.

.

හවස අලුත් project එක ගැන තිබුන meeting එකත් ඉවර කරලා ඉතුරු වෙලා තිබුන වැඩ ටිකත් ඉවර කරලා හතරට විතර මම ගෙදර යන්න ලෑස්ති උනේ ටිකක් කලින් ගියාම ලේසි නිසා. උයන්නත් එපැයි. කඩෙන් කන්නත් පුලුවන් ඉතින්. ඒත් මම ආසයි තේව්ට උයලා දෙන්න. අද තේව් ආස special  මොනා හරි හදන්න ඕනි. ඒකමයි මම වැඩ ටික ඉක්මනට ඉවර කරලා ගෙදර යන්න හදන්නෙ.

මේසෙත් අස් කරලා බඩු ටිකත් අරගෙන මම company එකෙන් එළියට ආවෙ තේව්ටත් පිටත් වෙන්න යන්නෙ කියලා මැසෙජ් එකක් දාන ගමන්.

ඊයෙ අරන් ගිය බඩු තියන නිසාම කෙලින්ම මම තේව්ලගෙ ගෙදරටම ආවා. ඇදුම් ඕනෙත් නෑනෙ රෑට එයාගෙ එකක් අදිනවා. හෙට office අදින්න පෙරේදා ඇදපු එක තියනවා. ලේසියි පහසුයි.

මම වාහනේ ගෙදර මිදුලට දාද්දිම වෙනදා වගේම තේව් එළියට ආවෙ හිනා වෙලා.ඒ හිනාව දැක්කත් ඇති තියන මහන්සිය නැති වෙලාම යනවා අනේහ්.එයා හරියට මැජික් එකක් වගේ. මම ඉක්මනට car එකෙන් බැහැලා දුවලා ගිහිල්ලා එයාට තුරුල් උනේ එයත් හිනා වෙලා මගෙ ඇග දෙපැත්තෙන් අත් දෙක දාලා තුරුල් කර ගද්දි. එයා හිටියෙ ශොර්ට් එකක් විතරක් ඇදගෙන. උඩ කොටස නිරුවත් හ්හ්. එයා දැන් ද කොහෙද නාලා තියෙන්නෙ. කොන්ඩෙන් තාම වතුර වැටෙනවා.

” මහන්සි ද ම්ම්ම්.”

” ටිකක් විතර මහන්සි අනේහ්..”

මගෙ නළලට හාදුවක් දීලා  මහන්සි ද අහද්දි මම තොලත්  නොපිටට හරවගෙන එයාට උත්තර දුන්නෙ එයා හිනා වෙලා මගෙ නහය මිරිකද්දි.

” යමුකො ඇතුලට.. “

තේව් මාව තුරුලෙන් ඈත් කරලා කියද්දි. මාත් එයාගෙ පස්සෙන් ගේ ඇතුලට ගියා.

” අහ්හ්..”

ඒත් වැඩි දුරක් මට යන්න හම්බ උනේ නැත්තෙ තේව් මාව ලග තිබුන බිත්තියකට හිර කරගෙන මගෙ තොල් වල රස බලන්න ගත්ත නිසා.

” මට මේ මාශ්මෙලොස් අද දවසම miss උනා..උම්ම්මාහ්.”

විනාඩි ගානක්ම මගෙ තොල් වල රස බලපු එයා අන්තිමට එහෙම කියන ගමන් මගෙ තොල්වලට පෙක් එකක් තිබ්බෙ මම එයාට පාරක් ගහලා කාමරේට දුවලා ය්ද්දි. ලැජ්ජයි අනේහ්.

.

.

.

Wash එකකුත් දාගෙන තේව්ගෙ ඇදුමකට බැහැලා මම හිටියේ කුස්සියට වෙලා මොනාද හදන්නෙ කියලා කල්පනා කරන ගමන්. තේව් නම් කොහෙද මංදා අනේ. මම හිතන්නෙ bathroom එකේ ද කොහෙද.

“ම්ම්ම් තේව් ආස විදිහට රයිස් එකක් හදලා. චිකන් ඩෙවල් දාලා, චොප්සි එකක් හදනවා. ආ තව මදි වගෙ නම් චිලි පේස්ට් එකකුත් හදලා ගන්නවා. ඒම හොදයි. “

අන්තිමට කල්පනා කරලා තේව් ආසම recipe එක හදන්න හිතා ගත්තා. චිකන් එකයි, සොසේජස් එකයි cool යන්න එළියෙන් තියලා. මම ඕනෙ කරන අනිත් බඩු ඔක්කොම ලගට ගත්තේ එතකොට ලේසි නිසා.

කපන කොටන ඒවා එකින් එක ඉවර කර ගන්නකොට අමු මිරිස් නෑ කියලා දැක්ක නිසා මම පිටිපස්ස දොර ඇරගෙන එලියට ගියෙ අම්මගෙ වගාවෙ ඒ හැම දේම තියන නිසා. කොහොමත් අම්මලා කඩෙන් ඒ දේවල් ගේන්නෙ නෑ. පුලුවන් හැමදේම ගෙදරම හදලා තියෙන්නෙ. ශෝයි අප්පා. මම දැක්කා මම එළියට බහිනකොටම තේව් කුස්සියට එනවා.

” අනේහ් තේව්හ්….එන්නකෝ….”

Author pov

එක පාරටම එළියන් ඇහුන ආයුගෙ කෑ ගැසීම නිසාම තේව්ගෙ අතේ තිබුන පිහිය බිමට වැටුනා.  කෑ කෑගැහිල්ල ඇහුන තේව්ට හිතුනෙම එයාගෙ අයියා බබාට  කරදරයක් වෙලා ඇති කියලා. ඒක නිසාම එක පිම්මට පිටිපස්සෙ දොරෙන් එළියට ගියපු තේව්ට දකින්න පුලුවන් උනේ……

……

______________________________________________

* හායි ලමයිනේ….. මම ආවා… exam එකක් ලමයිනෙ ඒකයි කතාව පරක්කු වෙන්නෙ.

* අන්තිමට මොකක්ද ඒ උනේ….?

* මගෙ කතාවට ආදරේ කරන හැමෝටම ස්තූතියි… ඒ වගේම මාත් ආදරෙයි…❤️💚

* ඉක්මනට ඊළග කොටසින් මුණ ගැහෙමූ…..

* ආදරෙයි….❤️💚

…Nethu…

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 26, novel À¶†À¶ºà·” (Completed) Âœ” 26, read À¶†À¶ºà·” (Completed) Âœ” 26 online, À¶†À¶ºà·” (Completed) Âœ” 26 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 26 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 26 light novel, ,

Comment

Leave a Reply

Chapter 26