À¶†À¶ºà·” (Completed) Âœ” 32

A+ A-

තද නින්දක ඉදලා ඇහැරෙනවා වගේ හැගීමක් එක්ක හිමීට ඇස් අරින්න ගිය මට දැනුනෙ  ඔලුව පුපුරන්න තරම් තද කැක්කුමක් එක්ක ඇගම තලලා දාලා වගේ හැගීමක්. බොද උන ඇස් දෙක ඇහි පිල්ලම් කීපයක් ගහලා පැහැදිලි කරගත්ත මම  හිමීන් ඇස් ඇරලා වට පිට බලද්දි දැක්කෙ  මම ඉන්නෙ hospital room එකක කියලා. දකුණු අත හිරි වැටිලා තියෙන්නෙ ඇයි කියලා බලද්දි තමා දැක්කෙ ඒ අතට ගහලා තියන සේලයින් එක.. හරි සිහියට එනවත් එක්කම මට මතක් උනේ මට සිහිය නැති වෙන්න කලින් උන දේවල්. අනිවාරෙන්  කලන්තේ දානවත් එක්කම තාත්තා  hospital එකට අරගෙන එන්න ඇති. ඒ දේවල් මතක් වෙලා දරාගන්න බැරි දුකක් දැනුනත් දරාගෙන හිටියෙ මේක hospital එකක් නිසා වගේම මගෙ  ලගම හිටගෙන ෆයිල් එකක මොනාද ලියන ගමන් ඉන්න අන්කල් සිරිවර්ධන නිසා. එයාගෙ ලගම නර්ස් කෙනෙක් හිටගෙන හිටියා. තාත්තගෙ හොදම, ලගම යාලුවෙක් වගේම මම දන්න කාලෙ ඉදලා අපෙ ෆැමිලි ඩොක්ටර් විදිහට හිටියෙ අන්කල් සිරිවර්ධන තමා.. ඒත් එක්කම මම දැක්කෙ කියන්න තේරෙන්නෙ නැති බැල්මකින් කොහෙදෝ  දිහවක් බලාගෙන ඉන්න තාත්තව. තාත්තගෙ මූණෙ තියෙන්නෙ තරහක් ද, කලකිරීමක් ද, දුකක් ද, කියලා හිතාගන්න බෑ.  ඒක හරි අමුතු බැල්මක්.

” අහ්ම්ම්…”

දැනුන තද වතුර තිබහටම bed table එක උඩ තිබුන වතුර වීදුරුව ගන්න ගිය මට ඇගෙ අමාරුවටම කෙදිරියක් පිට උනා වගේම මෙච්චර වෙලාම වෙන වෙන අවදාන වල හිටපු තුන් දෙනාගෙම අවදානය මට ලැබුනා. 

” හේෂව් පුතේ කොහොමද දැන් ඔයාට ඇගට අමාරුවක් දැනෙනවද..”

අන්කල් සිරිවර්ධන එහෙම අහන ගමන් බැරෑරුම් පෙනුමකින්  මගෙ ලගට ආවා වගේම එයා අහපු දේවල් වලට මම ඔලුව වනලා නෑ කිව්වෙ මේ වෙලාවෙ කතා කරන්න තරම් ශක්තියක් තිබුනෙ නැති නිසා.

” මොකක්ද දරුවෝ මේ කර ගත්තේ ආ..”

මගෙ ලගට ඇවිල්ලා පල්ස් චෙක් කරපු අන්කල් එහෙම අහද්දි මම බැලුවෙ මම මොනාද කර ගත්තෙ කියලා. එයාගෙ මූණෙ තියෙන්නෙ හරිම සීරියස් පෙනුමක්. ඒ බැල්ම නිසා මට බය හිතුනා කිව්වොත් හරි. මට හිතාගන්න බෑ වෙන්නෙ මොනාද කියලා. මම අන්කල්ගෙ මූණ දිහාම බලාගෙන හිටියෙ එයා අහපු දේ අගක් මුළක් මට තේරුනෙ නැති නිසා.

” රාජිව් පොඩ්ඩක් එළියට යන්නකො. මට හේෂව් එක්ක පොඩ්ඩක් තනියම කතා කරන්න ඕනෙ.”

” හ්ම්ම්.”

තාත්තා ඉන්න නිසා කතා කරන්න අපහසුයි වගේ දැනුන නිසා ද මංදා අන්කල් තාත්තට එළියට යන්න කිව්වා වගේම ටිකක් වෙලා මගෙ දිහා බාලාගෙන හිටපු තාත්තා දොරත් ඇරගෙන එළියට ගියා. නර්ස් ලගටත් ගිහිල්ලා මොනාද කියපු අන්කල් මගෙ ලගට ඇවිල්ලා හිට ගත්තෙ ෆයිල් එකකුත් අරගෙන. ඒත් එක්කම නර්සුත් එළියට room එකේ මාවයි අන්කල්වයි තනිකරලා. මෙච්චර වෙලාම ඇදේ හාන්සි වෙලා හිටපු මම හිමීට නැගිටලා හෙඩ් බෝඩ් එකට හේත්තු උනේ ඒක කතා කරන්න පහසු නිසා. ටිකක් වෙලා යනකම් මුලු කාමරේම තිබුනෙ ලොකු නිහැඩියාවක්.

” boyfriend කෙනෙක් ඉන්නව නේද ආ දරුවෝ…”

කාමරේ තිබුන ලොකු නිහැඩියාව බිදලා දාලා අන්කල් ඇහුව දේත් එක්ක මම ගැස්සිලා වගේ ගිහිල්ලා එයා දිහා බැලුවා. මම බය වෙලා බලාගෙන ඉන්න නිසාමද කොහෙද ආයෙත් අන්කල්ම කතා කරන්න පටන් ගත්තා..

” බය වෙන්න එපා දරුවෝ ඔයා දන්නවා නෙ මම ගැන ම්ම්. බය නැතුව අහන දේවල් වලට උත්තර දෙන්නකො..”

ඇත්ත අන්කල් කියන්නෙ ඇත්ත. මම අන්කල්ව දන්නෙ පොඩි කාලෙ ඉදලාමයි. දෙනුවන් සාරංග සිරිවර්ධන කියන්නෙ ලස්සන හිතක් තියන හරි අවංක කෙනෙක්. තාත්තිගෙ ක්ලාස් මේට් කෙනෙක් උන අන්කල්ට කිසිම දෙයක් බය නැතුව කියන්න පුලුවන් කියලා මම තේරුම් ගත්තෙ පොඩි කාලෙමයි. එයා හරි ලස්සනට මිනිස්සුන්ව තේරුම් ගන්නවා. අනික එයා හරි ආදරෙයි මට. තාත්තා මට සලකන විදිහ ගැනත් එයා ලොකුවට නැතත් ටිකක් විතර දන්නවා එයා.

” ම්.. මේ ඔව් අන්කල්..”

මම බිම බලාගෙනම ඇත්ත කිව්වෙ අන්කල් මේවා අහන්නෙ මොකක්ම හරි හේතුවක් නිසා කියලා දන්න නිසාමයි.

” හ්ම්ම්ම්.. ඔයාලා දෙන්නා අතරේ ලිංගිකව එකතු වීමක් සිද්ද උනාද.. මම අහන්නෙ මේ ලගකදි..”

ඊලගට අන්කල් අහපු දේත් එක්ක මට දැනුනෙ ලැජ්ජාවක් එක්ක පොඩි අපහසුවක්.. ඒක තේරුන නිසාම ද කොහෙද අන්කල් ඇවිල්ලා මගෙ ඔලුව අත ගෑවෙ කිසි දෙයකට බය වෙන්න එපා කියන්න වගේ. ඒක නිසාම මම ඔඩොක්කුවෙ තියන අත් දිහා බලාගෙනම ඔලුව වැනුවා. ඒත් එක්කම මට ඇහුනා අන්කල් ලොකු හුස්මක් පහත දානවා. ඇයි ඒ.

ඊට පස්සෙ විනාඩි ගානක්ම අන්කල් ගත්තෙ මට මේ දවස්වල දැනුන අපහසුතා ගැන අහන්න. මමත් මේ දවස් ටිකේම දැනුන අසනීප ගැන එකක්වත් මග ඇරෙන්නෙ නැතුව කිව්වෙ එයත් හොදට මට සම්පූර්ණ අවදානයම දීලා ඒ දේවල් ගැන අහගෙන ඉද්දි.

” ඇයි අන්කල් මට මොනාද වෙලා තියෙන්නෙ..? “

මට මේ වෙන දේවල් කිසිම දෙයක් හිතා ගන්න බෑ අනේ. මොනා වෙනවද දන්නෑ. අන්කල්ගෙ මූනෙ තියන බැරෑරුම් පෙනුම මාව ගොඩක් බය කරා කිව්වොත් හරි. ඒක නිසාමයි මම අන්කල්ගෙන් මට වෙලා තියෙන්නෙ මොනාද කියලා ඇහුවෙ.. ඒත් අන්කල් ලොකු හුස්මක් අරගෙන ඊලගට කියපු දේත් එක්ක මට දැනුනෙ මුලු ලෝකෙම එක තැන නතර වෙලා වගේ. හරියට මාව ලොක් වෙලා වගේ.  

” දරුවෝ..you are two weeks pregnant… “

දෙයියනේ.. එහෙම වෙන්නෙ කොහොම ද. මම පිරිමි ලමයෙක්නෙ. මට දැනෙන්නෙ මම හීනයක් ඇතුලෙ ඉන්නවා වගේ.

” ඒ..ඒත්  අ..න්කල්  ම්..මම..මම … ප්.පිරිමි à·…à·Š..ලමයෙක්නෙ. එහ්..එහෙම වෙන්නෙ ක්..කොහොමද..”

මේක ඇත්තක් කියලා මගෙ හිතට පිලිගන්න බැරි නිසාම මම ගොත ගගහම අන්කල්ගෙන් එහෙම ඇහුවෙ ඇත්තටම මේ කියපු දේ නිසා තනිකරම මාව කරකවලා අත ඇරලා වගේ දැනෙන්නෙ..

” මමත් මුලින්ම report  දැක්කම ටිකක් excit උනා. ඒත් ඒ විශේෂ  හැකියාව ලෝකෙ සීමිත පිරිමි ලමයින් පිරිසකට පිහිටලා තියනවා. මේ වගේ දේවල් පිට රටවල වගේම මෙහෙත් සිද්ද වෙලා තියනවා දරුවෝ. ඔයත් ඒ වගේ විශේෂ දරුවක් හේෂව්.. “

ඒ කියන්නෙ මම විශේෂ කෙනෙක් ද. මගෙ කුසෙ තේව්ගෙ දරුවෙක් වැඩෙනව ද. මම මගෙ නිදහස් අතින් මගෙ පැතලි බඩ අත ගාන්න පටන් ගත්තෙ දරා ගන්න බැරි හැගීමකින්. මම අම්මා කෙනෙක් ද දැන්. මම අම්මා කෙනෙක්..   ඇත්තටම මට දැනෙන්නෙ මොන වගේ හැගීමක් ද කියලා හිතා ගන්න බෑ. ඒක හරියට දුකක් මිශ්‍ර උන සතුටක් වගේ. මෙච්චර වෙලාම හිර කරගෙන හිටපු කදුලු මගෙ කම්මුල් තෙමාගෙන පහලට වැටුනෙ ඒ නිසාම වෙන්න ඇති.. ඒත් එක පාරටම මට මතක් උනේ තාත්තාව එයා මේක ගැන දන්නවා ඇති ද. ඒක නිසාද තාත්තා කලින් අමුතු බැල්මකින් මගෙ දිහා බලාගෙන හිටියෙ.

” අන්කල් තාත්තා…”

අමාරුවෙන් වචන ගලපගෙන මම අන්කල්ගෙන් එහෙම ඇහුවෙ තාත්තා මේක ගැන දන්නවා නම් වෙන්නෙ හොද දෙයක් නෙවෙයි නිසා.

” රාජිව් දන්නවා දරුවෝ. ඔයා ගෙනාපු ගමන් අපි ටෙස්ට් කරන්න පටන් ගත්තෙ. මුලින් ආපු රිපොට් වලින් ආපු සැකේ නිසාමයි අපි ප්‍රෙග්නසි ටෙස්ට් එකක් කරේ. ඔයාට සිහිය එන්න පැය බාගෙකට විතර කලින් තමා රිපෝට් ආවෙ. ඒ වෙලාවෙ ඇත්තටම මට හිතාගන්න බැරි උනා. රාජිව් හිටියෙත් මගෙ ලගම තමා. ඇත්තටම මට ඒක කියන්න උනා. මම කොහොමද එයාට ඒක හංගන්නෙ.”

අන්කල් කියපු දේත් එක්ක මට හිතා ගන්න බැරි උනා මම ඉස්සරහට මොනාද කරන්නෙ කියලා. තාත්තා මේකට කොහොම react  කරයි ද කියලා පොඩිමවත් අදහසක් නෑ මට. අනික මම කොහොමද තේව්ට මේක කියන්නෙ. මගෙ ඔලුව හරියට පැටලුන නූල් බෝලයක් වගේ.

” ම්ම්ම් or you can have an abortion..if you like.”

” no no i can’t. ප්ලීස් අන්කල් අනෙ මට එහෙම කරන්න බෑ. මේ මගෙ දරුවා..බෑ බෑ මට බෑ..”

අන්කල් කියපු දේ නිසා මට දැනුනෙ මගෙ ඇගම පණ නැති වෙලා යනවා වගේ. මම කොහොමද  මගෙ දරුවා නැති කරන්නෙ. අනේ දෙවියනේ මට බෑ..

” කලබල වෙන්න එපා දරුවෝ.. ඔයා කැමති නම් කරමු කියලා විතරයි කිව්වෙ තේරුනාද. ඔයා අකමැති කිසිම දෙයක් වෙන්නෙ නෑ. කලබල නොවී ඉන්නකෝ..”

මම මගෙ බඩත් බදාගෙන කෑ ගහපු නිසාද කොහෙද අන්කල් මගෙ ලගට ඇවිල්ලා ඔලුව අත ගාන ගමන් මාව සැනසුවා. විනාඩි ගානක්ම මගෙ ඔලුව අත ගාපු අන්කල් දොර ඇරලා තාත්තට ඇතුලට එන්න කිව්වා. එයා ඇතුලට එනවත් එක්කම මට දැනුනෙ ලොකු බයක්.. මම සද්ද නැතුව බිම බලාගෙනම හිටියා.

” දැන් බය වෙන්න දෙයක් නෑ රාජිව්. පුතාව ගෙදර එක්කගෙන යන්න පුලුවන් දැන්. හැබැයි එයා ගොඩක් දුර්වලයි. මම මේ දෙන විටමින් ටික හරියට වෙලාවට දෙන්න. හොදට කන්න දෙන්න. ඒ වගේම සෞඛ්‍ය ගැන හොයලා බලන්න.මම කිව්වෙ ශරීර සෞඛ්‍ය ගැන විතරක් නෙවෙයි තේරෙනව නෙ මම කියන දේ….

මම ඇහුනා අන්කල් ලොකු දේශනයක් තාත්තට දෙනවා. ඒත් ඒ කිසිම දෙයක් මගෙ ඔලුවට නම් ගියෙ නෑ. මම දන්නවා තාත්තා පාඩුවෙ ඉන්නෙ මේ hospital එක නිසා කියලා. ගෙදර ගියාම මොනවා වෙයි ද දන්නෑ. මම දැන් මේක තේව්ට කියන්නෙ කොහොම ද. එයා තාම ඉගෙන ගන්නවා දෙයියෙනේ. එයාට මේක කිව්වොත් එයා අනිවාරෙන් කලබල වෙයි. අනික පහුගිය දවස් ටිකේම උන දේවල්. මට තේරෙන්නෙ නෑ දෙයියනේ…

                                ° ° ° ° ° ° ° °

“කෑවා යකො උබ මගෙ නම්බුව කෑවා. මම කොහොමද යකෝ දැන් සමාජෙට මූණ දෙන්නෙ. ලෑස්ති වෙයන් ඔය බඩේ ඉන්න අවජාතකයව නැති කරලා දාන්න….”

“අනේ තාත්තෙ එහෙම කරන්න එපා. අනේ මම මැරිලා යයි තාත්තෙ… අනේ තාත්තේ..”

” උබට ඕනෙ මගෙ නම්බුව නැති කරලා දාන්න ද ආ. මෙච්චර මහන්සි වෙලා හදාගත්ත නම කැත කරන්න ද උබට ඔනෙ….උබ කොහොමද යකෝ ලැජ්ජා නැතුව අර හිගන්නගෙ දරුවෙක් දරාගෙන ඉන්නෙ. “

මම මොනාද කරන්නෙ දෙවියනේ. Hospital එකේ ඉදන් ඇවිල්ලා පැයක් විතර ගෙවිලා ගියේ මට මගෙ ජීවිතේ පවා එපා කරලා. Hospital එකෙන් ගෙදරට එනකම් පාඩුවෙ හිටපු තාත්තා ගෙදර ආපුගමන් මට කෑගහන්න පටන් ගත්තෙ දරුව ව නැති කරන්න කියලා. මම කොහොමද එහෙම කරන්නෙ. මේ මගෙ දරුවා. තේව්ගෙයි මගෙයි ආදරේ සංකේතය. තාත්තා කියන දේ කරොත් මම මැරිලා යයි.

” අනේ පිං සිද්ද වෙයි තාත්තෙ. මට මේ දේ කරන්න කියන්න එපා. මම කොහොමද එහෙම දෙයක් කරලා ජීවත් වෙන්නෙ. මම ඔයාගෙන් මේ වෙනකම් කිසිම දෙයක් ඉල්ලලා නෑනෙ. මට මේ දේ විතරක් දෙන්න. මම තාත්තා කියන ඕනෙ දෙයක් කරන්නම්. අනෙ මට මෙච්චර දුකක් දෙන්න එපා. මේ පවුකාර වැඩේ කරන්න කියන්න එපා තාත්තේ. තාම ලේ කැටියක් උනත් මේ මගෙ දරුවනේ. අනෙ තාත්තේ. හැබැයි ඔයා එහෙම දෙයක් කරොත් ඇත්තමයි මාත් මැරිලා යනවා. මට ජීවත් වෙලා වැඩක් නෑ.. නම්බුව නම්බුව කිය කිය ඔයාට ඕනෙ මේ ලෝකෙ දැකලවත් නැති කිරි කැටියෙක් ලෝකෙට එන්නත් කලින්ම මරලා දාන්න ද..”

මම සාලෙ හිටගෙන හිටිය තාත්තගෙ කකුල් දෙක බදාගෙන කෑ ගහලා ඇඩුවෙ ඇත්තටම මේ දේවල් මට දරාගන්න බැරි නිසා. ලලිතා අම්මත් කුස්සියෙ දොර ලගට වෙලා අඩනවා. එයාට තේරිලා ඇති වෙලා තියන දේ. ඒත් එයා කියලා මොනවා කරන්නද.

මට ඇහුනා තාත්තා ලොකු හුස්මක් අරගෙන පහත දානවා. ඒත් එක්කම ඒ ලගම තිබුන පුටුවට කඩාගෙන වැටුන එයා අත් දෙකෙන්ම එයාගෙ කොන්ඩෙ අවුල් කර ගත්තා.

” කොච්චර කොහොම කිව්වත් මට බෑ යකෝ ලෝකෙ දැකලවත් නැති කිරි කැටියෙක් නැති කරලා දාන්න. මම කොහොමද එහෙම කරන්නෙ..හිත හදාගෙන මම එහෙම කරන්නෙ කොහොමද. මම එච්චර තිරිසනෙක් නෙවෙයි යකෝ.”

ඊලගට තාත්තා කෑ ගහලා කියපු දේත් එක්කම මම බිම ඉදගෙනම එයා දිහා බැලුවෙ පුදුම වෙලා.

” ත්..තාත්තේ..”

” උබ අද ඉදලා මගෙ දරුවෙක් නෙවෙයි. උබ මෙහෙන් යන්න ඕනෙ.. මගෙ කිසිම දෙයක් මින් පස්සෙ උබට නෑ. උබ කොහෙ හරි පලයන් ගිහිල්ලා ජීවත් වෙයන් කාත් එක්ක ජීවත් උනත් මට ප්‍රශ්නයක් නෑ. උබ අද ඉදලා මට මැරිච්ච එකෙක්..”

” ත්…තාත්…”

” පලයන් තවත් බලාගෙන ඉන්නෙ නැතුව…  උබ තවත් හිටියොත් මම මොනා කරයි ද දන්නෑ.  “

ඉදගෙන හිටපු ටයිල් පොලවෙන් නැගිටපු මම ඉක්මනට මගෙ කාමරේට දුවලා ගිහිල්ලා මගෙ කියලා තියන අත්‍යාවශ්‍යම බඩු ටික විතරක් ගත්තා. ඇදුම් දෙක තුනකුත් බෑග් එකක් අස්සට ඔබා ගත්ත මම බෙඩ් ටේබල් එක උඩ තිබුන ෆෝන් එක අරගෙන සාක්කුවට දාගෙන පහලට බැස්සා.තාත්තගෙ කියලා කිසිම දෙයක් ගන්නෙ නැතුව ඉන්න මම බලාගත්තා. මම පහලට එනකොට තාත්තා ඉන්නවා දැන් ටිකකට කලින් හිටපු විදිහටම ඉදගෙන කොහෙදෝ බලාගෙන.

මම දන්නවා තාත්තා මේ තීරනේ ගත්තෙ මේ දරුවා නිසා. එයා කොච්චර මට නපුරුකම් කරත් කෙනෙක්ව මරන්න තරම් නපුරු හදවතක් තියන කෙනෙක් නෙවෙයි. එයා දන්නවා අනිවාරෙන්  මම යන්නෙ තේව් ලගට කියලා. ඒ දැන දැනත් මාව මෙහෙම ගෙදරින් එලියට දැම්මෙ මගෙ ද්රුවා නිසා. වෙන කිසිම දෙයක් නොකර එයා මෙහෙම කරපු එකට මම දහස් වතාවක් එයාට පින් දෙනවා. එයාට දුක ඇති ඒත් ඊට වැඩිය එයාට එයාගෙ නම්බුව වටිනවා ඒකයි එයා මෙහෙම කරේ. කමක් නෑ හොද දෙයක් උනා නෙ. මට තාත්තා දාලා යන්න දුකයි. මොනවා උනත් මේ මගෙ තාත්තා නෙ. ඒත් මම දන්නවා මම මෙහෙ ඉන්න එකෙන් කාටවත් හොදක් වෙන්නෙ නෑ. සමහර විට මම මෙහෙ ඉන්න ගියොත් තාත්ත්ගෙ හිත වෙනස් වෙන්න උනත් පුලුවන්. ඒකයි මම තාත්තා කියපු ගමන්ම යන්න ලෑස්ති උනේ. මට මගෙ ජීවිතේටත් වැඩිය මගෙ මහත්තයාවයි, දරුවවයි වටිනවා..

” අනෙ දරුවෝ යන්න එපා.. මේ රෑ කොහෙ කියලා යන්න ද..අනෙ යන්න එපා දරුවෝ..”

මම පහලට එනකොටම මගෙ අතේ එල්ලිලා අඩන්න ගත්තෙ ලලිතා අම්මා එයාට දුක ඇති බය ඇති මම යන එකට.

” අනෙ ලොකු මහත්තයා යන්න එපා කියන්නකො..”

” උබට ඔච්චර අමාරු නම් ඌත් එක්කම යන්න පුලුවන්. හැබැයි මීට පස්සෙ මම නැ..”

තාත්තා ලගට ගිහිල්ලා අඩපු ලලිතා අම්මට එහෙම කියලා බැනපු තාත්තා එයාගෙ කාමරේට ගිහිල්ලා දොර වහ ගත්තෙ මගෙ දිහාට එක බැල්මක්වත් නොදීමයි.  මම දැක්කා ලලිතා අම්මත් එයාගෙ කාමරේට ද කොහෙද දුවගෙන යනවා…

” හ්ම්ම්ම්”

ලොකු හුස්මක් අත ඇරලා කදුලු පිහද ගත්ත මම ගෙදරින් එළියට බැහැලා ෆෝන් එක ගත්තෙ තේව්ට මේ ගැන කියන්න. දැන් නොකියා ඉන්න බෑ. මොනවා උනත් කියන්න වෙනවා. එයා මොනවද කියන්නෙ කියලා බලමුකෝ. ෆෝන් එක අරගෙන තේව්ගෙ නම්බර් එක ඩයල් කරලා කනෙ තියා ගත්තත් කිසිම ප්‍රතිචාරයක් තිබුනෙ නෑ. කීප සැරයක්ම ගත්තත් කිසිම ප්‍රතිචාරයක් නෑ. Rings  ගියාට answer කරන්නෙ නෑ.

” à·„à·Š.හෙලෝ.. තේව්…”

” නිකේත් පොඩි වැඩක්  පස්සෙ ගන්න.”

කීප සැරයක්ම කෝල් කරලා අන්තිමට තේව් ෆෝන් එක answer කරපු සතුටට මම කතා කරන්න ගියත් මගෙ සතුට නැති වෙලා ගියෙ කෙල්ලෙක් කතා කරපු නිසා. දැන් රෑ දහයට විතර ඇති මේ  වෙලාවෙ තේව්ගෙ ෆෝන් එක කොහොමද කෙල්ලෙක්ගෙ ලග තියෙන්නෙ. ඒත් එක්කම මම දැක්කෙ සේව් කරපු නැති නම්බර් එකකින් වට්සැප් එකට ඇවිත් තියන  මැසෙජ් වගයක්. මැසෙජ් කිව්වට මැසෙජ්ම නෙවෙයි ෆොටො වගයක්.ටික දවසක ඉදලා එක එක නම්නර් වලින් ඒ වගේ ෆොටෝස් මැසේජ් ආවත් ගනන් ගත්තෙ නැති මට අද ඇවිත් තිබුන ෆොටොස් ටික නිසා දැනුනෙ මගෙ ලෝකෙම කඩාගෙන වැටුනා වගේ. මෙච්චර වෙලාම දරාගෙන හිටපු ශක්තිය නැති වෙලා ගියා වගෙ. මේ දවස් ටිකේම තේව්ගෙ හැසිරීමත් එක්ක මට හැමදේම තේරුනා..මට දැනුනෙ මම හිස් වෙලා වගෙ..

” මට උබව බර නෑ රත්තරන්. උබට කවුරු නැතත් අම්මා ඉන්නවා..”

මගෙ පැතලි බඩ අත ගාන ගමන් එහෙම මුමුනපු මම මගෙ සිම්  එක ගලවලා කඩලා විසි කරලා දැම්මා. මම දන්නෑ මම කරන්නෙ දෙයක් ද කියලා.ඒත් මේ වෙලාවෙ මට කරන්න කිසි දෙයක් නෑ.

යන්නෙ කොහෙද කියලා හිතා ගන්න බැරුව ගේට්ටුවෙන් එළියට ආපු මට මගෙ අතේ තිබුන බෑග් එක කවුරු හරි උදුරලා ගන්නවා වගේ දැනුන නිසා ඉක්මනට හැරිලා බලනවත් එක්කම මම දැක්කෙ මේ ලෝකෙ මට වැඩියෙන්ම ආදරේ මනුස්සයා. ලලිතා අම්මා. මම ඇස් දෙකත් ලොකු කරගෙන එයා දිහා බලාගෙන ඉද්දි තමා දැක්කෙ එයාගෙ අතේ තිබුන ලොකු ට්‍රැවලින් බෑග් එක. එයාගෙ මූනෙ තිබුනෙ හරියට ‘කවුරු උබව අත ඇරියත් මම උබව අතාරින්නෙ නෑ දරුවෝ’ කියන්න වගේ. මෙච්චර වෙලාම දරාගෙන හිටපු වේදනාව මම එයාට තුරුල් වෙලාම අඩන දිය කරලා දැම්මෙ එයත් කිසිම දෙයක් කියන්නෙ නැතුව මගෙ වේදනාව නැති වෙනකම් පාඩුවෙ ඉද්දි..

පැය බාගයක් විතරම කදුලු වලින් වේදනාව හෝදලා දාපු මගෙ නලලට එයා හාදුවක් දුන්නෙ මට ලොකු ශක්තියක් දැනෙද්දි. 

” උබට කවුරු නැතත් මම ඉන්නවා දරුවෝ…”

මගෙ අතින් අල්ලගෙන එහෙම කියන ගමන් එයා ඉස්සර උනේ මමත් මගෙ දරුවත් එක්ක අලුත් ජීවතයක් පටන් ගන්න එයාගෙ පස්සෙන්ම අඩි තියද්දි.

හැම වේදනාවක්ම අමතක කරලා මම මගෙ දරුවා වෙනුවෙන් ජීවත් වෙනවා. දැන් මට තියන එකම අරමුණ ඒක විතරයි.

_____________________________________________

• සනීප නැතුව ඉන්නෙ අනේ. කතාව පරක්කු උනෙත් ඒකයි.

• ඔන්න බබුච්චෙක් ආවා….

• ආයු දැක්ක ෆොටෝස් මොනා වෙන්න ඇති ද..?

• ආයු ගත්ත තීරණෙ හරි ද…?

• ආයුගෙ තාත්තා ගැන මොකද හිතන්නෙ..?

• මගෙ කතාව කියවන , vote කරන, comment කරන හැමෝටම ස්තූතියි . ඒ වගේම ආදරෙයි… ❤️💚

• ඊලග කොටසින් මුණගැහෙමු…..

…Nethu…

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 32, novel À¶†À¶ºà·” (Completed) Âœ” 32, read À¶†À¶ºà·” (Completed) Âœ” 32 online, À¶†À¶ºà·” (Completed) Âœ” 32 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 32 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 32 light novel, ,

Comment

Leave a Reply

Chapter 32