À¶†À¶ºà·” (Completed) Âœ” 34

A+ A-

දැන් වෙලාව හතට විතර ඇති. මම හිටියෙ කුස්සියට වෙලා උදේට උයන ගමන්. අද සෙනසුරාදා නිසා මට නිවාඩු. . පුතත් එක්ක ටිකක් වැඩිපුර නිදාගත්ත මම දැන් ටිකකට කලින් ඇහැරලා උයන්න පටන් ගත්තෙ පුතාට කන්න දෙන්න ඕනි නිසා. ලලිතා අම්මත් ලග ගෙදරක දානයක් කියලා උදේම ගියා උදව්වට. ඒක නිසා අද දවල් වෙනකම් මායි පුතයි විතරයි ගෙදර. අද නම් දවසම පුතත් එක්ක ඉන්න ඕනි. ගිය සතියෙත් පොල් මෝලෙ වැඩට ගිය නිසා නිවාඩු දවස් දෙකේවත් කොල්ලා එක්ක ඉන්න බැරි උනා. සතියෙ දවස්වල කලින් ගෙදර ආවත් සමහර දවස්වලට එක එක වැඩ සෙට් උනාම කොල්ලව මග ඇරෙනවා. ඒකමයි අදයි හෙටයි කොල්ලත් එක්කම ඉන්නවා කියලා හිතාගත්තෙ.

” අම්මිහ්හ්…”

උයන්න පටන් අරගෙන විනාඩි විස්සකට විතර පස්සෙ එක පාරටම කාමරේ පැත්තෙන් ඇහුනේ අඩන්න ලං උන මී පැටියෙක්ගෙ කට හඩක්. ඔච්චර වෙලා හොදට දොයියගෙන දැන් තමා ඇහැරලා තියෙන්නෙ. මම ලග නැති නිසා ද කොහෙද අඩන්න තමා ඔය ලෑස්ති වෙන්නෙ. මම ඉක්මනට කප කප හිටිය බෝංචි ටිකත් එහෙමම තියලා à·ƒ’වියට් එකකින් අත පිහදගෙන කාමරේට දුවලා ගියෙ තව ටිකක් පරක්කු උනොත් මගෙ මී පැටියා අඩන්න ගන්නවා කියලා අත් දැකීමෙන් දන්න නිසා. එයාට නිදාගෙන ඉදලා ඇහැරෙනකොට අනිවාරෙන් මම හරි ලලිතා අම්මා හරි ලග ඉන්නම ඕනෙ. නැත්තම් අඩනවා. චූටි කාලෙ ඉදලා එහෙමයි.

හිතුවා වගේම මම යනකොටත් මගෙ පුංචි මී පැටියා ඇද උඩ ඉදගෙන අඩන්න වගේ මූණත් හදාගෙන ඉන්නවා.

” අනෙ අනේ. අම්මිගෙ චන්ඩියා ඇහැරුනා ද ඉතින්…උම්මා.. ගුඩ් මෝනිම් වස්තුව.”

මම එහෙම කියන ගමන් ගිහිල්ලා ඒ බෝල කම්මුලකට හාදුවකුත් තියලා කොල්ලව වඩා ගත්තේ එයත් හිනා වෙවීම මගෙ ඇගෙ එල්ලෙද්දි. වදුරු පැටියෙක් වගේ. පුදුම හුරතලයක් මේකගෙ තියෙන්නෙ.

” ගුම් මෝනිම් අම්මි. අම්මිගෙ තන්ඩියා ඈලුනා අලේ..”

” උම්ම්මා. මගෙ පණ. යමුකො අපි ගිහිල්ලා කට සෝදලා කුක්කු තේ බොමු හලි ද…”

” හලියෝ….”

මම කොල්ලවත් වඩාගෙනම කුස්සියට ගිහිල්ලා කොල්ලව බිමින් තියලා එයාගෙ ප්ලාස්ටික් කෝප්පෙට වතුර ටිකක් දාලා දුන්නෙ කට සෝදගන්න කියලා. කොල්ලා කෝප්පෙත් අරගෙන කුස්සියෙ දොර ලගට ගිහිල්ලා පන්ඩිත සීයා වගෙ කට සෝදනවා. එයාට දැන්ම ඉදලා පොඩි පොඩි දේවල් තනියම කරගන්න දෙන්න ඕනි නැත්තම් ලොකු වෙනකොට එයාටමයි අමාරු.

” අම්මි හලී.. ඉවලයි.”

” හොද පුතා මගෙ. දැන් අර පුටුවට වෙලා වාඩි වෙලා ඉන්න හරි ද අම්මි කුක්කු එක හදලා දෙනකම්.”

හිස් කෝප්පෙත් අරගෙන මගෙ ලගට ආපු කොල්ලගෙ මූණත් පොඩ්ඩක් සෝදලා ලග තිබුන එයාගෙ පොඩි පුටුවෙ වාඩි කරවපු මම ඉක්මනට ලිපෙ රත් වෙවී තිබුන උණුවතුර එක අරගෙන එයාගෙ කිරි එක හදන්න ගත්තා. මගෙ චන්ඩියා නම් ඉන්නවා කකුල් දෙකත් පද්ද පද්ද පුටුවට වෙලා. පුලුවන් නම් තව විනාඩියක් ඉදී ඔහොම. ඊට පස්සෙ හොයන්න දැල් දාන්න වෙනවා.

” ආ වස්තුව කුක්කු එක බොන්නකෝ..”

ඉක්මනට කිරි එක හදලා ඉවර කරලා එයාගෙ චූටි කෝප්පෙට දාපු මම කාර් එකකින් සෙල්ලම් කරන ගමන් බිම දිගා වෙලා හිටපු කොල්ලට කතා කරලා එයාගෙ අතින් තිබ්බා. මම කිව්වෙ බොරු ද ඉතින් දැන් විනාඩි පහකට කලින් පුටුවෙ හිටපු කොල්ලා දැන් ඉන්නෙ බිම දිගා වෙලා. මේකට එක විනාඩියක් එක තැන ඉන්න බෑ.

කොල්ලට කිරි එක බොන්න දීපු මම ආයෙත් උයන්න පටන් ගත්තා. දවල්ටත් එක්කම උයපුහම ලේසී. දර ලිපේ උයන නිසා ටිකක් වෙලා යනවා උයලා ඉවර වෙනකොට. ගෑස් තිබුනත් ඒක හැම වෙලාවෙම පාවිච්චි කරේ නෑ හදිස්සි වෙලාවට විතරයි ගෑස් එක පාවිච්චි කරේ. අනිත් හැම වෙලාවෙම වගේ දර ලිප තමා ඉතින්. දර තියාගෙන ගෑස් එකට උනත් වියදම් කරන එක අපරාදෙ නෙ. වැඩට යන දවසට නම් මේ වෙලාව වෙනකොට උයලා ඉවරයි මොකද පාන්දරම නැගිටිනවා නෙ. අනික ලලිතා අම්මත් ඉන්නවා නෙ.

කොහොම හරි විනාඩි හතලිස් පහක් විතර දගලලා උයලා ඉවර කර ගන්න පුලුවන් උනා. ඒ වෙනකන්ම කොල්ලා නම් එයාගෙ පාට කරන පිංතූර පොතක් අරගෙන පාට කරන එක තමා කරේ. තාම තේරුමක් නෑනෙ ඉතින් රූපවල හිතෙන හිතෙන පාට ගානවා. මම ඉතින් එයාටත් අවදානය දෙන ගමන් උයලා ඉවර කර ගත්තා. එයා ගැන හැම වෙලාවෙම අවදානයෙන් ඉන්න ඕනෙ. මොකද දැන් දගලන වයස නෙ.

ටොක් ටොක් ටොක්…

උයලා ඉවර වෙලා කොල්ලත් එක්ක දත් මැදලා මූණ සෝදගෙන කුස්සියෙ දොරෙන් ගේ ඇතුලට එනකොටම ඇහුනෙ ඉස්සරහා දොරට කවුරු හරි තට්ටු කරන සද්දෙ. මම කේනුත් එක්ක කුස්සියෙ හිටපු නිසා ඉස්සරහා දොර වහලා තිබුනෙ. මම කොල්ලව එතන බිමින් තියලා අතට කාර් එකකුත් දීලා දොර ලගට යන ගමන් කල්පනා කරේ මේ වෙලාවෙ එන්න ඇත්තෙ කවුද කියලා. මම පොඩ්ඩක් ජනෙලෙන් එබිලා බැලුවෙ කෝකටත් හොද නිසා. ඒත් දොර ලග හිටගෙන හිටපු කෙනා දැකලා මගෙ මූණට පුදුමෙකුත් එක්කම හිනාවක් ආවෙ මෙයාව මේ වෙලාවෙ බලාපොරොත්තු උනේ නැති නිසා. මම ඉක්මනට දොර ඇරියෙ ආපු එකා ගෙදර දොර කඩලා දායි කියලා සාදාරන සැකයක් ආපු නිසා. ඒ තරම් තදියම ඒකට.

” ආ සුදු අයියේ ගුඩ් මෝනිම්..”

දොර ඇරපු ගමන් මේකා දත් තිස් දෙකම පෙන්නන ගමන් හිනා වෙලා මට ගුඩ් මෝනිම් කිව්වෙ මම ඒකට ගස්සලා අහක බලා ගද්දි. දැන් තමා මේකට අපිව මතක් වෙලා තියෙන්නෙ.

” අපෝ මගෙ සුදු අයියට තරහා ගිහිල්ලා වගේ. “

” අනේ පලයන් යන්න උබට දැන් තමා අපිව මතක් වෙන්නෙ. මෙච්චර දවස් උන්න ද මලා ද බැලුව ද..”

” අපෝ බොරු කියන්න එපා හලෝ. මම ගිය සතියෙත් ඇවිල්ලා ගියෙ. ඔයා හිටියෙ නෑ කියලා මම මොනවා කරන්න ද හුහ්. “

” ඉදුවල මාමීහ්හ්..”

ඒකා කියපු එකට මොනා හරි කියන්නම් කියලා කට අරින්න ගියත් මට වචන එළියට දාගන්න බැරි උනේ මගෙ චන්ඩියා ගේ ඇතුලේ ඉදලා කෑ ගහගෙන ඇවිල්ලා ඉදුවරගෙ ඇගට පැනපු නිසා. මම දෙන්නටම ඇති තරම් කෝලම් කර ගන්න දීලා කාමරේට ආවෙ ඇදුමක් මාරු කර ගන්න කියලා.

ඔව් ඔව් ඇවිත් හිටියෙ ඔයාලා හිතන ඉදුවරම තමා. මීට අවුරුදු ගානකට කලින් මගෙ සෙක්ට්‍රි කොලුවා. ඉඳුවර ඩිල්මින් කල්පගේ. අවුරුදු දෙකකට විතර කලින් ටවුන් එකේ දි අහම්බෙන් දැකලා තමා මම ඉදුවර මල්ලි එක්ක කතා කරේ. මුලින්ම එයාව දැකලා මම හොදටම පුදුම උනේ නුවර හිටපු කොල්ලා එක පාරටම මෙහෙ මොකක්ද කරන්නෙ කියලා හිතා ගන්න බැරුව. පස්සෙ කතා කරාට පස්සෙ තමා විස්තර දැන ගත්තෙ. ඉදුවර මම එහෙන් ආවට පස්සෙත් අවුරුදු එක හමාරක් විතර අපෙ company එකේ ජොබ් එක කරලා. මුලින්ම තාත්තගෙ යටතේ වැඩ කරත් පස්සෙ කොල්ලට වැඩ කරන්න වෙලා තියෙන්නෙ company එකට අලුතෙන් පත් උන ceo එක්ක. තාත්තගෙ අලුත් කසදෙ පුතා. ඔව් ඔව් තාත්තා මම ආවට පස්සෙ ආයෙත් බැදලා. මම ලොකු විස්තරයක් දන්නෑ ඉතින්. මොකද මට වැඩක් නෑ. දැන ගන්න ඕනෙත් නෑ.

හේ හේ දැන් බලන්න එපා තාත්තා ආයෙ බැන්දා නම් එච්චර ඉක්මනට ceo වෙන්න තරම් ලොකු පුතෙක් හම්බ උනේ කොහොමද කියලා. මෙහෙමනෙ ඉතින් වෙලා තියෙන්නෙ තාත්තගෙ අලුත් නෝනගෙ කලින් කසාදෙ පුතා තමා ඒ. ඒ කියන්නෙ මගෙ step brother. ආන්න ඒකගෙ යටතෙ තමා ඉදුවරට වැඩ කරන්න වෙලා තියෙන්නෙ. ටික දවසක් යනකම් වැඩ ටික හොදට කරත් පස්සෙ පස්සෙ මිනිහා රෝන්ග් සයිඩ් යනවා කියලා ඉදුවරට තේරුනාලු. කොල්ලව උගෙ ඇදට ගන්න ඌ මාර විදිහට try කරලා. පුදුම වදයක් දීලා තියෙන්නෙ කොල්ලට. ජොබ් එක වටින නිසා අල්ලගෙන හිටියත් දවසක් මූ කොල්ලට කැබින් එක ඇතුලෙදිම කරදර කරන්න හදලා. වාසනාවට ඉදුවර කොහොම හරි අමාරුවෙන් උගෙන් බේරිලා පොලිසියෙ ඇන්ට්‍රියක් දාලා. ඒත් අන්තිමට වෙලා තියෙන්නෙ හැම වැරැද්දක්ම ඉදුවරගෙ පිට වැටුන එකලු. අන්තිමට ඌ හොද එකා වෙලා මේ අහිංසකයට නැති වැරදිත් එක්ක වැටිලා. උගෙ ඇගෙ බලෙන් එල්ලෙන්න ආවා කිය කිය ඌ හොද එකා වෙලා. දන්නවා නෙ ඉතින් සල්ලි තියනවා නම් මොනා කරන්න බැරි ද. අන්තිමට කොල්ලට එහේ ඉන්න බැරි තරමට මිනිස්සුන්ගෙන් කතා අහන්න වෙලා. අපෙ තාත්තලා කොල්ලත් එක්ක තිබුන තරහටම වෙන company එකකවත් වැඩක් නොදෙන තැනටම දාලා. එහෙන් අරූගෙ කරදරේත් එක්ක එතන වැඩ කරන්න බැරි නිසා කොල්ලා අත්තම්මා ලගට ඇවිල්ලා. කොල්ලට අත්තම්මා විතරයි හිටියෙ පොඩි කාලෙම අම්මා තාත්තා දෙන්නම දාලා ගිහිල්ලා තිබුනා. එහා ගමේ තමා ඉන්නෙ දැන්.මේ ගමේ ඉදලා කිලෝමීටර් පහක් විතර ඇති. එහෙන් ඇවිල්ලා මෙහෙ ටවුන් එකේ පොඩි පොත් කඩේක තමා වැඩ කරන්නෙ දැන්. මගෙ කතාවත් ඉදුවර දන්නවා දැන්. අපි දැන් ඉන්නෙ මෙහෙ කියලා දන්න නිසාම පුලුවන් හැම වෙලාවෙම ඒකා මෙහෙට දුවගෙන එනවා. ඇයි කේනු ඉන්නවානෙ.

මම ඇදුමකුත් මාරු කරගෙන එළියට එනකොට මාමයි පුතයි දෙන්නම බිම පෙරලිලා සෙල්ලම් කරනවා. අපෙ බටු ඇටේටත් ඉදුවර එනවා නම් ඒ ඇති. ඉදුවරත් කොල්ලට පණ ඇරලා. දෙකම එකයි. ඉදුවරත් තාම පොඩි එකා වගේ නිසා පොඩි එකාටම පෑහෙනවා.

” මල්ලි පොඩි එකාගෙ ඇදුම මාරු කරනවකො. තාම නයිට් සූට් එක පිටින් ඉන්නෙ ඔය. මූණ සේදුවා.”

” හරියෝ… යමු සුද්දෝ අපි ඇදුම් මාරු කරගමූ…”

ඉදුවරට කොල්ලගෙ ඇදුම් මාරු කරවන්න කියලා මම කුස්සියට ආවෙ තුන් දෙනාටම බත් බෙදන්න.

ඒත් එක්කම මගෙ මතකෙට ආවෙ රනිශ්ක මල්ලිව. මට මතකයි ඕකා ඉදුවරට පැණි හැලුවා ඇති වෙන්න. රනිශ්ක මෙයාගෙ පස්සෙන් ආවට පස්සෙ කැම්පස් එකේම ගෑනු ලමයෙක් එක්ක යාලු වෙලා. දවසක් ඉදුවරගෙ අතටම අහු වෙලා. අර company එකේ ප්‍රශ්න උන කාලෙමයි ඒකත් වෙලා තියෙන්නෙ අන්තිමට ඒ හැමදෙයක්ම එපා වෙලා තමා මෙහෙ ඇවිත් තියෙන්නෙ. ඉදුවර නම් කියන්නෙ එයා පස්සෙන් ආවට මුකුත් උත්තරයක් දුන්නෙ නැති නිසා එපා වෙන්න ඇති ලූ. මට නම් හිතෙන්නෙ මුන් ඔක්කොම එකයි. නැත්තම් ඉතින් ඇත්තටම ආදරේ කරා නම් ඔහොම කරයි ද.

මුලින් මුලින් තේව් කතා කරලා දෙපාරක් තුන් පාරක්ම මම ගැන ආරංචියක් තියනව ද කියලා ඇහුව ලු. ඒත් ඉදුවර මුකුත් දන්නෙ නැති නිසා අන්තිමට තේව් විස්තර අහන එක නවත්තලා. ඒ ඇරෙන්න තේව් ගැන ලොකු විස්තරයක් ඉදුවරත් දන්නෙ නෑ.

” ඒ අයියේ අර බෑග් එකේ පාර්සල් එකක පොලොස් ඇඹුලක් ඇති. ආච්ච් අම්මා හදලා. “

මම කල්පනා කර කරම බත් බෙදන ගමන් ඉද්දි කොල්ලවත් වඩාගෙන මගෙ ලගට ආපු ඉදුවර එයාගෙ බෑග් එක පෙන්නලා පොලොස් ඇඹුලක් ඇති කියද්දි මගෙ කටට කෙල ඉනුවා. අම්මේ ඉදුවරගෙ ආච්ච් අම්මගෙ කෑම මාරම රසයි.

.

.

.

” අලේ අම්මි. ඔය බෝලෙ හලියට දාන්නතෝ අප්පා. “

අපි දෙන්නත් කාලා වදෙන් පොරෙන් කේනුටත් බත් කටක් කවා ගත්තා. මේ කොල්ලා කන්නෙම නෑ අප්පා. එක බත් කටක් කවා ගන්න පුදුම දුකක් විදින්න ඕනෙ. අද ඉදුවර හිටපු නිසා කොහොම හරි කවා ගන්න පුලුවන් උනා. කාලා ඉවර උනා විතරයි පොඩි බටු ඇටේට ක්‍රිකට් ගහන්න ඕනෙ උනා. අපි මේ දැන් ඉන්නෙ මිදුලට වෙලා සෙල්ලම් කරන ගමන්. මම බෝලෙ හරියට දාන්නෙ නෑ කියලා බැට් එකත් අතේ තියාගෙන කොල්ලා කෑ ගහද්දි මම බලාගෙන ලොකු නසරානියත් අහක බලාගෙන හිනා වෙනවා. හුහ් මම දානකොට තමා හැමෝමට වැරදි. බෝලෙ හරියට යන්නෙ නැති එක මගෙ වැරැද්දක් නෙවෙයි නෙ ඉතින්.

” හිනා වෙන්න එපා හරිතේ. කලින් පොඩ්ඩක් පැත්තට ගියා තමා. දැන් බලාගන්න මේ ආයුගෙ වැඩ..”

මම ඉතින් දෙන්නටම රවන ගමන් එහෙම කියලා ගැම්ම අරගෙන විරාට් කෝලි වගේ බෝලෙ දාන්න ලෑස්ති උනා. දැන් කියන්න එපා විරාට් කෝලි බෝල් කරන්නෙ නෑ කියලා නම්. මම ඉතින් ඔය ක්‍රිකට් ගැන දන්න මනුස්සයෙක් නෙවෙයි නෙ හුහ්. කොහොම හරි වැඩ්ඩා වගේ බෝලෙ දැම්මත් ඒ බෝලෙත් ගියෙ අපෙ ගේ පැත්තට කියාම්කො. ලැජ්ජාව බාල්දියෙන් එකයි සාම්ත. මම දැක්කා අපෙ කොල්ලා ඉනටත් අත් දෙක තියාගෙන මගෙ දිහා රවලා බලාගෙන ඉද්දි අනිත් එකා බඩත් අල්ලගෙන බිමට නැමිලම හිනා වෙනවා. හරි හරි ඉතින් මනුස්සයෙක්ට වැරැද්දක් උනාම ඔහොම හිනා වෙන්න හොද නෑ මම කියන්නෙ.

°°°°°°°

පුතු මම දැන් ආයෙ කියන්නෙ නෑ. අර අත්තම්මි කතා කරනවා නේද ඇදුම් මාරු කරන්න එන්න කියලා. යන්න ගිහිල්ලා ඇදුම දාගෙන එන්න මගෙන් ගුටි නොකා.”

කොල්ල බෑ කියද්දිම බලෙන්ම සෝදවලා මාත් සෝදගත්තෙ උදේ ඉදලා නටලා නටලම දෙන්නම හොදටම දූවිලි නාගෙන හිටපු නිසා. ඉදුවරත් හවස් වෙනකන්ම ඉදලා දැන් පැය බාගයක් විතර ඇති ගිහිල්ලා. ලලිතා අම්මත් දෙක විතර වෙනකොට ආවා. සෝදවලා එක්කන් ආපු කොල්ලගෙ ඇදුම් මාරු කරවන්න ගියත් අත්තම්මි එක්ක ඇදුම් මාරු කර ගන්න ඕනෙ කියපු නිසා මම ඇදුම් මාරු කරගෙන පහන තියන්න ඕනි නිසා මල් කඩන්න කියලා මිදුලට බැස්සා. ඒත් ටික වෙලාවකින් මට ඇහුනෙ ලලිතා අම්මා කොල්ලට ඇදුම් මාරු කර ගන්න එන්න කියලා කෑ ගහන සද්දෙ. මම ගේ ඇතුලට ගිහිල්ලා බලද්දි බටු ඇටේ ඉන්නවා එයාගෙ චූටි ටවල් එකත් ඇදගෙන ටීවි එක ඉස්සරහා හිටගෙන. කොල්ලට පොඩි සද්දයක් දාලා ආයෙත් මම එළියට බැස්සෙ කොල්ලා මට ගස්සගෙන ලලිතා අම්මව හොයාගෙන යනවා ඇස් කොනට පේද්දි. සද්දයක් දාන්නම ඕනෙ නැත්තම් බෑ.

” මේ පුතේ… අර කැලුම් පුතා පොඩි පණිවිඩයක් කිව්වා. මම කිව්වා පුතාගෙන් අහලා කියන්නම් කියලා.”

මිදුලට වෙලා මල් කඩන ගමන් හිටපු මගෙ ලගට ආපු ලලිතා අම්මා එහෙම කියද්දි මම එයා දිහා බැලුවෙ කැලුම් අයියා කියපු පණිවිඩේ මොකක්ද කියලා අහන ගමන්.

” මොකක්ද පණිවිඩේ අම්මා.”

” වත්තෙ මහත්තයාගෙ අර ලිද ලග තියන ලොකු ගෙදර කුලියට දීලලු. අලුතෙන් ගමෙ ඉස්පිරිතාලෙට එන දොස්තරලා දෙන්නෙක්ලු එන්නෙ. මෙහෙ ඉදලා ඉස්පිරිතාලෙට ලගයි නෙ. ඉතින් එයාලට උදේටයි රෑටයි කෑම දෙන්න පුලුවන් ද ඇහුවා. අතට කීයක් හරි එනවා නෙ. මොකද කියන්නෙ. මම ඔයාගෙන් අහලා උත්තරයක් දෙන්නම් කිව්වා.”

” ඉතින් හොදයි නෙ අම්මා. අම්මා හා කියන්න. අනික කොහොමත් උදේටයි රෑටයි උයන එකනෙ. දෙන්නෙක්ට වැඩියෙන් උයන්න බැරිකමක් නෑනෙ. මට පුලුවන් නෙ උදේටයි රෑටයි දීලා එන්න.අම්මා කැලුම් අයියට කෝල් එකක් දීලා පුලුවන් කියන්න.”

ලලිතා අම්ම කැලුම් අයියට කෝල් එකක් දෙන්නම් කියලා ගේ ඇතුලට ගියා. වත්තෙ මහත්තයා කියන්නෙ අපෙ ගමේ ඉන්න ලොකුම සල්ලිකාරයා. එයාට පොල්, රබර් වගේ වතු තියන නිසා හැමෝටම එයා වත්තෙ මහත්තයා උනා. එයාගෙ ඔය ගෙදර තියෙන්නෙ අපි එන පාරෙමයි. අපෙ ගෙදර ඉදලා පොඩි දුරක් තියෙන්නෙ. මම හැමදාම එන්නෙත් ඔය ගෙදර පාස් කරගෙනමයි. දැන් අවුරුද්දක විතර ඉදලා ඔය ගෙදර වහලා දාලා තිබුනෙ. ගමෙ ඉස්පිරිතාලෙ තියෙන්නෙත් ටවුන් එකේමයි. ලොකු ඉස්පිරිතායක් නෙවෙයි ඉතින්. පොඩි අඩුපාඩු බහුල ඉස්පිරිතාලයක්. කවද්ද දන්නෑ එන්නෙ ඩොක්ටර්ලා දෙන්නා.

ඒවා මේවා හිත හිතම මම ගේ ඇතුලට එද්දි දැක්කෙ එයාගෙ පොඩි මේසෙට වෙලා චිත්‍ර පොතේ බලි කුරුටු අදින මගෙ මැණිකව. එයාට තාම එයාගෙ තාත්තා ගැන ගානක් නෑ. එයා තව ටික කාලෙකින් පෙර පාසල් යන්න පටන් ගනී ඊට පස්සෙ ඉස්කෝලෙ. එයා ටික ට්ක ලොකු වෙද්දි මගෙන් තාත්තා කෝ කියලා අහද්දි මම මොකද කරන්නෙ. මම මොකක්ද එයාට දෙන උත්තරේ. මගෙ දරුවා ඒ ප්‍රශ්නෙ මගෙන් අහපු දවසට මම කොච්චර අසරණ වෙයිද දෙයියෙනේ.. මම දෙවියන්ගෙන් ඉල්ලන්නෙ මාව අසරන කරන ඒ ප්‍රශ්නෙ කවදාවත් කේනු මගෙන් අහන්න එපා කියලා විතරයි.

” මම කැලුම් පුතාට කතා කරා. හෙට ඒ මහත්තුරු දෙන්නා එනවලූ. හෙට රෑ ඉදලම කෑම දෙන්න පුලුවන් නම් ලොකු දෙයක් කිව්වලු. මම කිව්වා දෙන්නම් කියලා…”

“ඒක හොදයි අම්මා..”

දරුවා දිහා බලාගෙන කල්පනා කර කර හිටපු මගෙ කල්පනාව බිදිලා ගියෙ ලලිතා අම්මා කතා කරපු නිසා. ඒ කියන්නෙ හෙට ඉදලම කෑම දෙන්න වෙයි. අවුලක් නෑ ඉතින්. ඒකත් හොදයි.

මම ලලිතා අම්මටත් උත්තර දීගෙනම බුදු කුටිය ලගට ගිහිල්ලා පහන පත්තු කරලා බුදුන් වැන්දෙ හෙට වෙන්න තියන දේවල් ගැන කිසිම දෙයක් නොදැන.

______________________________________

• ආවා ආවා ආවා…..

• තේව්වත් ගේන්න එපැයි නේද ඉතින්…. 🫣

• මොනවා වෙයිද ඉස්සරහට….?

• මගෙ කතාව කියවන,vote කරන comment කරන හැමෝටම ස්තූතියි.. ඒ වගේම ආදරේයි….❤️💚

• ඉක්මනට ඊළග කොටසින් මුණ ගැහෙමු….

Nethu…

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 34, novel À¶†À¶ºà·” (Completed) Âœ” 34, read À¶†À¶ºà·” (Completed) Âœ” 34 online, À¶†À¶ºà·” (Completed) Âœ” 34 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 34 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 34 light novel, ,

Comment

Leave a Reply

Chapter 34