À¶†À¶ºà·” (Completed) Âœ” 35

A+ A-

” ගුඩ් මෝනිම් අම්මා.”

” ගුඩ් මෝනිම් දරුවෝ. කොල්ලා තාම නිදි ද..”

” ඔව් අම්මා. දැන් මම නෑ කියලා දැනුනම ඇහැරෙයි. “

අද ඉරිදා නිසා ටිකක් වෙලා ගියා මට ඇහැරෙන්න. ගොඩක් දවසකින් තමා ටිකක් වෙලා යනකම් නිදා ගත්තෙ. ඊයෙත් නිවාඩු උනාට උයන්න කලින් නැගිට්ටනෙ. මම ඇග මැලි කඩ කඩ කුස්සියට යනකොට ලලිතා අම්මා උයනවා. එයාට ඉතින් ටිකක් උදේ වෙනකම් නිදා ගන්න කියලා කොච්චර කිව්වත් උදේම ඇහැරෙනවා. අහද්දි කියන්නෙ පුරුදු වෙලාලු. මම ලලිතා අම්මටත් කතා කරගෙනම කුස්සියෙ දොරෙන් එළියට බැහැලා ගිහිල්ලා මූණ කට පොඩ්ඩක් සෝදගෙන ආවා. විනාඩි දහයක් විතර අරගෙන සෝදගෙන කරගෙන  වැලෙ තිබුන ටවල් එකෙන් තෙත මාත්තු කරගෙන ආයෙත් කුස්සියට එනකොට ලලිතා අම්මා කුස්සියෙ හිටියෙ නෑ. ඒක නිසාම මම ලලිතා අම්මා හොයාගෙන යනකොට අපෙ කාමරේ ඉදලා එයා එළියට ආවෙ මගෙ මී පැටියවත් වඩාගෙන. මම එලියට ගිය ටිකට ඇහැරෙන්න ඇති. තාම නිදිමතේ ඇස් දෙකත් පොඩි කර කර ලලිතා අම්මත් එක්ක හුරතල් වෙනවා මගෙ හොර කොල්ලා.

” අනේ අනෙ මගෙ හොර ගෙඩියා ඇහැරුනාද. ගුඩ් මෝනිම් මැණික..”

“ගුත් මෝනිම් අම්මි..”

ලලිතා අම්මගෙ අතේ හිටපු කොල්ලව මගෙ අතට අරගෙන ඒ චූටි මූණ පුරාම හාදු තිබ්බා. මේ කෝලම හිනා වෙනවා ගේ හෙල්ලෙන්න. මම කොල්ලවත් හුරතල් කර කරම කුස්සියට ගියෙ ලලිතා අම්මත් කුස්සියට ගියපු නිසා. මේ කෝලමට කුක්කු හදලා දෙන්න එපැයි. මම කොල්ලට සෙල්ලම් කරන්න දීලා කිරි එක හදන්න ගත්තා. ඇත්තටම මම නම් බබාට පිටිකිරි දෙන්නම නෑ. තනිකර වස විතරයි. දැන දැනම ජරාව දෙන්න ඕනෙ නෑනෙ මගෙ කොල්ලට.  මෙහෙ ඉතින් එළකිරි තියනවා. උදේම මේ ලග ගෙදරකින් එළකිරි ගෙනත් දෙනවා. අපි ඉල්ලලා තියන නිසා අනිවාරෙන් එළකිරි බෝතලේ නම් වරදින්නෙ නෑ. පොඩි ගානක් වියදම් උනත් පිටි කිරි වලට වැඩිය ගුණ නිසා බය නැතුව කොල්ලට දෙන්න පුලුවන්.

.

.

.

” තෝ අලේ මේ ඉදුවල මාමි. තාම නෑනෙ අම්මි. “

” දැන් එයි පුතු. තව වෙලා තියනවානෙ. ආ මේ බත් කට කන්න නැත්තම් එක්කන් යන්නෙ නෑ හරි ද.”

දැන් වෙලාව නමයට විතර ඇති. මගෙ පොඩි දගයා මේ මිදුලට වෙලා පාර බල බල ඉන්නෙ ඉදුවර එනකම්. අද අපි කතා උනේ පහළ දොළට යමු කියලා. අපි ඊයෙ හවස යන්න ලෑස්ති උනත් ලලිතා අම්මා කෑ ගැහුවා හවස් වෙලා යන්න එපා කියලා. ඉතින් අපි කතා උනේ අද යමු කියලා.අපෙ ගෙදරින් ටිකක් එහාට වෙන්න තියන කැලේ මැද තමා දොළ තියෙන්නෙ. ගුරු පාර දිගේ ඉස්සරහට ගියාම පොඩි අඩි පාරක් තියනවා කැලේ ඇතුලට යන්න. ඒකෙන් ඇතුලට ටික දුරක් ගියාම හම්බ වෙනවා ඇල. මිනිස්සු ගිහිල්ලම අඩි පාරවල් හැදිලා තියෙන්නෙ. ඒක නිසා යන්න එන්න අපහසුවක් නෑ. ඒ අඩි පාර දිගෙ පොඩි දුරක් තමා යන්න තියෙන්නෙ. මේ දවස් වල වැස්සත් අඩු නිසා අවුලක් නෑ වතුර අඩුයි. ඒක නිසා බය වෙන්න දෙයක් නෑ. ඒක හේතුවක් කරගෙනම ලලිතා අම්මගෙන් අවසර ගන්නත් පුලුවන් උනා අපිට හේ හේ.

මම හිතුවෙ කොල්ලට නම් දැන් ඒක ගැන අමතක වෙලත් ඇති කියලා. මේ දගයට ඒක හොදට මතක තිබිලා. කොහොම හරි ඒක පිටම දාලා කොල්ලට බත් කටකුත් කවාගන්න පුලුවන් උනා. දොළට එක්කන් යන්නෑ කියන්න විතරයි තියෙන්නෙ මේකා හායි ගාලා කට අරිනවා. ඇයි ඉතින්  එක්කන් යන්නෙ නැති වෙයි කියලා තියන බයට. බත් කකා කොල්ලා ඉදුවර එනකම් බලාගෙන ඉන්නෙ. හිච්චි චන්ඩියට තරහා ගිහිල්ලා ඉන්නෙ තාම එයාගෙ ඉදුවර මාමි නැ කියලා. කොහොම හරි ඒවා මේවා කිය කිය කොල්ලට කවන ගමන් මාත් කාලා ඉවර කරා.

“අල්ල අම්මි මාමි එනෝ. යේ යේ…”

පිගානත් අරගෙන කුස්සියට හැදුවත් මට යන්න බැරි උනේ කොල්ලා ඉදුවර එනවා දැකලා කෑ ගහගෙන දුවගෙන ගියපු නිසා. මම හැරිලා බලද්දි ඒකා එනවා බෑග් එකකුත් කරේ දාගෙන පොඩි එකෙක් වගෙ හිනා වෙවී. අනේ මංදා මේ කොල්ලා නම් තාම කේනු වගේ අප්පා. පුදුම හුරතලයක් තියෙන්නෙ. කේනුවත් වඩාගෙන හුරතල් කරන ගමන් කොල්ලා ආවෙ මගෙ ලගට.

” ගුඩ් මෝනිම් සුදු අයියේ..”

” ගුඩ් මෝනිම් සුද්දා. ඔය උදේ ඉදලා බලාගෙන ඉන්නෙ එනකම්. “

” ටිකක් වෙලා ගියා හලෝ. ආච්ච් අම්මා ට්‍රිප් එකක් ගියා නෙ. ඉතින් ගෙදර වැඩ ටිකත් ඉවර කරලම ආවෙ. “

” හරි හරි බම්. කාල ද ආවෙ.”

” ඔව් ඔව් කාලා ආවෙ.”

අපි කතා කර කරම ගේ ඇතුලට එනකොට ලලිතා අම්මත් කුස්සියෙ ඉදලා එළියට ආවා. එයාලට කතා කරගන්න දීලා මම කුස්සියට ගිහිල්ලා ගොඩ ගැහිලා තිබුන භාජන සෝදන්න ගත්තා. ඉක්මනට වැඩ ටික ඉවර කර ගත්තා නම් කලින්ම ගිහිල්ලා එන්න තිබුනා. දවල් උනත් අවුලක් නෑ ගස් වලින් ආවරනය වෙලා තියන නිසා අවුව වැටෙන්නෙ නම් නෑ. ඒත් දවල් වෙන්න කලින් ගිහිල්ලා එන එක හොදයිනෙ.

මම කුස්සියත් අස් කරලා එළියට එනකොට අර බඩල ඉන්නවා කාටුන් එකක් බල බල. පොඩි එකාට වැඩිය ආසාවෙන් කාටුන් එක දිහා බලාගෙන ඉන්නෙ ලොකු එකා. මම කිව්වෙ බොරුද ඉතින්. මේකා කේනුටත් වැඩිය හපන් වෙලාවකට.

” අලේ අම්මි. නමුකො. බබාට ජෝ නාන්න ඕලෙ. “

මාව දැක්කා විතරයි පොඩි දගයා පරල වෙන්න ගත්තා. වෙනදට නාමු කිව්වම මැරෙන්න හදන කම්මැලියා අද බලන්න එපැයි. අනෙ අනෙ ඉතින්. මම දෙන්නට ඉන්න කියලා කාමරේට ගිහිල්ලා කේනුගෙයි මගෙයි ඇදුම් ටවල් එකයි අරගෙන ආවා. ඉදුවරත් ඇදුම් අරන් ඇවිල්ලා තිබුන නිසා. ටවල් දෙකකුයි සබන් කෑල්ලකුයි කේනුගෙ පොඩි බාල්දියයි අරගෙන අපි ලලිතා අම්මටත් කියාගෙන මිදුලට බැස්සෙ නාන්න යන්න. ලලිතා අම්මා නම් කටින් කටටම කිව්වෙ තුන් දෙනාම පරිස්සම් වෙන්න කියලා. ඉතින් අපි කීකරු දරුවො වගේ ඉන්න පොරොන්දු උනා. ඒත් ලලිතා අම්මා නම් කිව්වෙ පොඩි එකා කෙසේ වෙතත් ලොකු උන් දෙන්නව තමා ෂුවර් නැත්තෙ කියලා. බලන්නකො ඉතින් අපි වගේ බෝ පැළ දෙකකට ලලිතා අම්මා කියපු කතාව හුහ්.

විනාඩි පහලවක් විතරම අඩි පාර දිගෙ ආපු අපි තුන් දෙනා අන්තිමට නතර උනේ හිත නිවෙන පරිසරයක් ලග කිව්වොත් හරි. මෙතන මාරම ලස්සනයි වගේම හරිම නිස්කලංකයි.  පිරිසිදු වතුරත් එක්ක තනිකරම කොළ පාට ලෝකයක්.වතුර ගලාගෙන යන සද්දෙ, පොඩි පොඩි කුරුල්ලන්ගෙ සද්දෙ,ගස් හුළගට හෙලවෙන සද්දෙත් එක්ක එතන ඉන්න එක වෙනම හැගීමක්. මුළු හිතම නිවනවා වගේ.

“  නාමු. නාමු. යේ යේ…”

බලන්න එපැයි දොළ දැක්කා විතරයි කොල්ලගෙ සතුට. කොල්ලව මම මෙතනට එක්කගෙන එන්නෙ නැතිම තරම්. එකක් වෙලාවක් නැතිකම සහ මට තනියම කොල්ලව එක්කගෙන එන්න බයයි. ඒකමයි මම කොල්ලව මෙතනට එක්කන් එන්නෙ නැත්තෙ. ඉදුවර ආවොත් හරි ලලිතා අම්මා හරි එක්ක විතරයි එන්නෙ. මේ අද ආවෙ මාස ගානකට පස්සෙ. ඒක නිසාම කොල්ලට සතුටුයි ඉතින්.  මම කේනුගෙ ටී ශර්ට් එක ගලවලා පොඩි ශෝර්ට් එක විතරක් ඉතුරු කරා. ඉදුවරත් සැහැල්ලු කොට කලිසමක් ඇදන් හිටීය නිසා ටී ශර්ට් එක විතරක් ගලවලා ඇළට බැස්සේ කොල්ලත් එක්ක. මම පොඩි ශෝර්ට් එකට අත් කපපු බැනියමක් තමා ඇදන් ආවෙ. ඒක පිටින්ම මම වතුරට බැස්සා. මට බැනියම ගලවන්න බෑ හිතුනා. කේනු උරලම මගෙ නිපල් සාමාන්‍ය ප්‍රමාණයට වැඩිය ටිකක් ලොකුයි. ඉදුවර ඉන්න එක අවුලක් නැ කොහොමත් මට බැනියම ගලවන්න පුලුවන්. ඒත් සමහර වෙලාවට මෙතනට නාන්න ගමේ කොල්ලෝ එනවා. හදිසියේවත් දැන් ආවොත් කියලා තමා මම බැනියම ගලවන්නෙ නැතුව හිටියෙ. කෝකටත් හොදයි නෙ ඉතින්.

වතුර ගොඩක් ගැඹුරු නෑ ඒක නිසා බය නැතුව ඉන්න පුලුවන්. පුතාට උනත් ලොකු අවුලක් නෑ. ඉවුර ලගට වෙන්න වතුර තිබුනෙ පුතාගෙ පපුව ලගට වෙන්න වගේ. වැස්ස නැති නිසා වතුර අඩුයි.

කොහොම හරි අපි පැය එක හාමාරක් විතරම ඇළෙ නැටුවා. සෙල්ලම් කර කර ඉද්දි වෙලාව යනවා තෙරුනෙවත් නෑ අප්පා.   වතුරේ නටලා නටලම අන්තිමට අපෙ අත් වල රැළි වැටිලා තිබුනා සීතලට. ඒත් පුතාව ගොඩට ගන්න ලේසි උනේ නෑ. තවත් තියාගෙන හිටියොත් අසනීප වෙයි කියලා බය හිතුන නිසාම බොරු දාහක් කියලා කියලා කොල්ලව ගොඩට ගත්තා. ඉදුවරටත් නටන්න තියනවා නම් ඇති. ඒකව ගොඩට ගන්නත් මට පුදුම කට්ටක් කන්න උනෙ.  තෙත ඇදුම් ටික ගලවලා අලුත් ඇදුම් ඇදගෙන අපි දොළ ලගින් එන්න පිටත් උනා.

” දැන් ගියාම ලලිතා අම්මගෙන් බැනුම් අහන්න වෙන්නෙ අපිට බලනවකො වෙලාව. “

අඩි පාර දිගේ ඇවිදගෙන එන යන ඉදුවර එහෙම කියද්දි මම ඒකා දිහා හැරිලා බැලුවෙ හරියට මම ද වෙලා ගියෙ උබ ද වෙලා ගියෙ කියලා අහන්න වගේ. කොල්ලා නම් මගෙ අතට වෙලා හොදට යනවා. ඉදුවරගෙ අතේ අපෙ තෙත ඇදුම් ටිකයි කේනුගෙ බාල්දියයි තිබුනා.

” හරි හරි ඉතින් ඔහොම බලන්න එපා හලො  බය හිතෙනවා නෙ.”

මගෙ බැල්ම දැකලා ඔලුව කහ කහම ඉදුවර එහෙම කියද්දි මම ඌට ටොක්කක් ඇනලා ආයෙ යන්න පටන් ගත්තා. අඩි පාර දිගේ ආපු අපි කැලෙන් එළියට ඇවිල්ලා ගුරු පාරට එනවත් එක්කම ඉදුවර මගෙ ඉනට එක දිගට අනින්න ගත්තා. මම ඒකා දිහා බැලුවෙ මේකට එක පාරට උනේ මොකක්ද කියලා බලන්න උනත් ඉදුවරගෙ බැල්ම තිබුනෙ අපිට ඉස්සරහා තිබුන මොකක් හරි දිහාවකට.  ඉදුවර බලාගෙන හිටපු පැත්ත බලපු මට හිතුනෙ ආපහු කැලේ ඇතුලට දුවලා යන්න.

” අපෝ අදත් ඉන්නවා.”

මම ඉදුවර දිහා බලාගෙනම එපා උන ටෝන් එකකින් එහෙම කියද්දි එයත් ඒක අනුමත කරන්න වගේ ඔලුව වැනුවා.

” කොහොමද හලො එතනින් යන්නෙ.”

” උන් අපිව දැක්කා. ආයෙ හැරෙන්නත් බෑනෙ. අපි සද්ද නැතුව පාඩුවෙ යමු. මොනා හරි කියාගෙන ආවොත් ඇහුනෙ නෑ වගේ ඉමු.”

මම එහෙම කියලා ඉදුවරගෙ අතින් අල්ලගෙනම ඉස්සරහට ඇවිදගෙන ගියා. අපිට ටිකක් ඉස්සරහින් තියන ලොකු ගහක් යට බයික් දෙක තුනක් නවත්තගෙන කයිය ගහන ගමන්  හිටියෙ කසුන් කියන්න කොල්ලයි එයාගෙ සෙට් එකයි. කෙටියෙන්ම කියනවා නම් ගමේ රස්තියාදුකාරයෝ ටික. ඔය කසුන් කියන එකාගෙ වැඩේ මට පැණි හලන එක. ඒකට අවුරුදු තිස් පහක් විතර ඇති මම හිතන්නෙ.  ඌට මගෙ ගැන තියෙන්නෙ පුදුම ආසාවක්. මාව දැක්ක දවසේ ඉදලා ඕකා මගෙ පස්සෙන් එන්නෙ. දරුවත් එක්ක තනියම ඉන්න නිසා කරදර කරනවා වැඩී ඔය මිනිහා. අපෙ ගෙදරට එනකොට දවසක් දැකලා එදා ඉදලා ඉදුවර මල්ලිටත් පුදුම වදයක් දෙන්නෙ උන් ටික. උන්ට ගැනුද පිරිමි ද කියලා ගානක් නෑ ආතල් එකක් අරගෙන අත ඇරලා දාන එක තමා උන්ගෙ වැඩේ. උන් හිටියෙ අපිට ඉස්සරහින් නිසා ගෙදර යන්න නම් අනිවාරෙන්ම උන් ටිකව පාස් කරගෙන යන්න ඕනෙ.

එතන කොල්ලෝ පහක් හයක් විතර ඉන්නවා ඇති මම හිතන්නෙ. අපි ටික ටික ලං වෙනවත් එක්කම මම දැක්කා ලග හිටපු එකෙක් කසුන් කියන එකාට මොනවා හරි කියනවා. ඌ අපිට පිටුපාලා බයික් එකේ ඉදගෙන හිටිය නිසා අපිව දැක්කෙ නෑ. අරූ ඒක කියලා ඉවර වෙනවත් එක්කම ඌ ඔලුව උස්සලා බැලුවෙ පැණි බැල්මකුත් මූණෙ තියාගෙන. අනිවාරෙන් කියන්න ඇත්තෙ අපි එනවා කියලා වෙන්න ඇති. මම දැක්කා අනිත් උන් ටිකත් අපි දිහා බලාගෙන මොනා හරි කියනවා.  ඒත් එක්කම ඒකා බයික් එකෙන් බිමට බැහැලා කටේ තිබුන සිගරට් එක බිමට දාලා පෑගුවා.

” ආ අයියයි මල්ලියි නාන්න ගිහිල්ලා වගේ. කිව්ව නම් අපිත් එනවා නෙ..”

” ම්ම්ම් ෂාහ් පද්ද පද්ද එන විදිහ ආස හිතෙනවා…”

” ඒයිහ් මෙහ් පොඩි මල්ලිහ්. එන්න බැරි ද පැයකට විතර..”

අපි උන් ටිකව පාස් කරගෙන යන්න හදනවත් එක්කම උන් ටික කෑ ගහන්න ගත්තෙ එක  එක ඒවා කිය කිය. මට දැනුනා ඉදුවර අල්ලගෙන හිටපු මගෙ අත තද කරනවා. පුතාට නම් ගානක් නෑ එයා මගෙ අතට වෙලා ඔහේ යනවා වට පිට බල බල. මම ටිකක් වේගෙ වැඩි කරලා යන්න හැදුවත් යන්න බැරි උනේ අර කසුන් කියන බල්ලා මගෙ අතින් අල්ල ගත්ත නිසා.

” කොහෙද සුදු මැණිකෙ යන්නෙ… උබට දරුවෙක් ඉන්නවා කියලා කියන්නවත් බෑ බං. මම උබට මාර ආසයි බං. උබ මට කැමති කිව්වොත් රැජිනක් වගේ බලාගන්නෙ. රැජිනක් වගේ. කොහෙද උබට නෑනෙ කිසිම උනන්දුවක්.”

ඌ මගෙ ඇග දිහා මත් උන ඇස් වලින් බලාගෙන එහෙම කියද්දි මට දැනුනෙ ලොකු අපහසුවක්. මම උගෙ අතින් මගෙ අත ගලව ගන්න කොච්චර උත්සහ කරත් ඒ දරදඩු අත් වලින් ගැල වෙන්න මට බැරි උනා.මම කොච්චර බය උනත් ඒ බය මූණෙන් පෙන්නන්නෙ නැතුව ඉන්න උපරිම උත්සහ කරා. අපිට ඌට මුකුත් කරන්න බැරි එකම හේතුව උගෙ ගති ගුණ. ඌට කිසිම අණක් ගුනක් නෑ. මේකත් එක්ක රන්ඩු වෙන්න ගියොත් අනිවාරෙන්  පස්සෙ පළිගන්නවා. ඒක උගෙ හැටි. මට මේකත් එක්ක රන්ඩු වෙන්න බැරිකමක් නෑ. මට තියන එකම බය මගෙ කොල්ලා. ඒක නිසා අකමැත්ත පෙන්නලා පාඩුවෙ ඉන්න එක තමා හොද. හැබැයි මූ මට හරි ඉදුවරට හරි  කරදර කරන්න ආවොත් තමා මූ මගෙ හැටි දැන ගන්නෙ.

අනිත් එක ඒකගෙ තාත්තා තමා  අපෙ ගමෙ ඉන්න ලොකු සල්ලිකාරයා උන වත්තෙ මහත්තයා.  ඒ මනුස්සයට සල්ලි තියන නිසා ඒ සල්ලි වලින් රගන්නෙ එයාගෙ පුතා. ඒ වගේම මොන ජරා වැඩේ කරත් ඒ මනුස්සයා මේකව බේර ගන්න නිසා අපි මොනවා කරත් වැඩක් නෑ. අන්තිමට ඒ හැම දෙයක්ම යන්නෙ අහිංසක මිනිස්සුන්ගෙ පිටින්.  ඒක නිසා ගොඩක් මිනිස්සු මෙයාලත් එකක් හැප්පෙන්න කැමති නෑ.

” අනෙ අයියේ අපිට යන්න දෙන්න ප්ලීස්… “

මගෙ අතින් අල්ලගෙන ඉන්නෙ කසුන්ට ඉදුවර මල්ලි බයෙන් බයෙන් එහෙම කියද්දි මම දැක්කා ඌ කට කොනින් හිනා වෙනවා. ඊට පස්සෙ ඌ මගෙ අත අත ඇරිලා ඉදුවර දිහා හැරිලා බැලුවෙ තොල කට ලෙවකන ගමන්. මට ඒ බැල්ම දැක්කම දැනුනෙ හරි අප්‍රසන්න හැගීමක්.

” මට උබත් වැඩි නෑ චූටි මල්ලි… අයියවයි උබවයි දෙන්නවම බලාගන්න බැරි කමක් නෑ මට. මොකද කියන්නෙ ආ..”

” ආ ආ මේ කසුන් අයියා ඌ මගෙ හොදේ… “

කසුන් ඉදුවර දිහා බලාගෙන අපි දෙන්නම වැඩි නෑ කියද්දි මෙච්චර වෙලා පිටිපස්සට වෙලා හිනා වෙවී මේ සිද්දිය දිහා බලාගෙන හිටපු තව එකෙක් කෑ ගහලා ඉදුවර මල්ලි උගෙ කියද්දි මගෙ අත මිට මෙල උනා. මට හිතුනෙම මුන් හැමෝටම ගහගෙන ගහගෙන යන්න. මම ඉවසගෙන හිටියෙ මුන්ව අවුස්ස ගත්තොත් අපිට මීට වැඩිය ප්‍රශ්න එන නිසා.

” අත්තම්මී…”

මෙච්චර වෙලාම මේ උන දේවල් වලට බය වෙලා මගෙ අතට වෙලා හිටපු කොල්ලා ඉස්සරහා බලාගෙන අත්තම්මි කියලා කෑ ගහපු නිසා හැමෝගෙම අවදානය කොල්ලට ලැබුනා වගේම ඒත් එක්කම අපි දැක්කෙ ගුරු පාර දිගේ ඈතින් ඇවිදගෙන එන ලලිතා අම්මව. ඇත්තටම අම්මව දකිනවත් එක්කම මට දැනුනෙ ලොකු සහනයක්. ලලිතා අම්මව දකිනවත් එක්කම කසුනුයි උගෙ ගෝලයෝ ටිකයි කලබලා උනා.

” අපි පස්සෙ හම්බ වෙමුකො සුදු මැණික.. බායි සුදු මල්ලි..”

අම්මව දැක්කත් එක්කම කලබල උන උන් ටික අපි දෙන්නා දිහාවට කෑදර බැල්මවල් ටිකක් දාගෙන උන්ගෙ බයික් ලගට ගියෙ ලැබුන අවස්තාවෙන් මායි ඉදුවරයි වේගෙන් වේගෙන් ඉස්සරහට ඇවිදගෙන යනකොට. මට දැනෙනවා ඉදුවර ඉන්නෙ බය වෙලා. එයා විතරක් නෙවෙයි මම උනත් පෙන්නුවෙ නැති උනාට හිටියෙ බය වෙලා. කේනුට කිසිම දෙයක් නොතේරුනත් එයත් කසුන්ලා කතා කරපු විදිහට එහෙම  බය වෙලා හිටියේ. එහෙන් අරූ අල්ලපු ව්දිහට අතත් රිදෙනවා. ඒ හරිය ටිකක් රතු වෙලා වගේ. ඊට පස්සෙ අපි අතරේ ඒ උන දෙ ගැන වචනයක්වත් හුවමාරු උනේ නැති තරම්. අපි දෙන්නම කොල්ලත් එක්ක කතා කර කර ලලිතා අම්මා ලගට ඇවිදගෙන ගියා. එයා අපිව දැකලද කොහෙද එන එක නතර කරලා පාර අයිනට වෙලා බලාගෙන ඉන්නවා.

” මම මේ මගට ආවෙ පරක්කු මොකද බලන්න. “

අපි ලගට එනවත් එක්කම මූණ නපුරු පාට කරගෙන ලලිතා අම්මා එහෙම කියද්දි මම ඉතින් නිදහසට කරුණු කියන්න පටන් ගත්තා.

” මේ ඩබලව ගොඩට ගන්න බැරි උනා අම්මා ඒකයි වෙලා ගියෙ. “

” එහෙමද..2ඒක නෙවෙයි කවුද අර අතන හිටපු කොල්ලො ටික. ඔයාලත් එක්ක මොනාද කතා කරේ.”

” ආ අර කසුන් එහෙම හිටියෙ අම්මා. මුකුත් කිව්වෙ නෑ. නිකන් යනකොට දැකලා කතා කරා. “

මම එහෙම කියනකොට ලලිතා අම්මා අපි දෙන්නා දිහාවට දැම්මෙ අපිව ෂුවර් නෑ වගේ බැල්මක්. ඇත්ත කියන්න බෑ අප්පා. එතකොට අම්මා බොරුවට කලබල වෙනවා. ඒකයි මම බොරු කිව්වෙ.

” හ්ම්ම් හ්ම්ම් උන් එක්ක වැඩිය ආශ්‍රයට නොයනවා නම් හොදයි. තේරුනා ද..”

අපි දෙන්නා දිහාම බලලා බරපතල විදිහට එහෙම කියද්දි අපි දෙන්නත් ඉතින් පූස් පැටව් දෙන්නෙක් වගේ ඔලුව වැනුවා.

°°°°°°°

                           

” අනේ දුවන්න එපා දරුවෝ. වැටෙයි ඔයා.”

” ඇටෙන්නෙ නෑ අලේ. ඔලා ඉන්නතෝ පාඩුඒ.”

අපි හිටියෙ ඊයෙ අලුතින් බාර ගත්ත කෑම ඕඩරේ දෙන්න යන ගමන්. උදේ ඇලෙන් නාලා කරලා ඇවිල්ලා තිබුන බඩගින්නටම ලොකු බත් එකකටත් වැඩේ දුන්න අපි තුන් දෙනා හවස් වෙනකන් සෙල්ලම් කරලා පොඩි නින්දකුත් දැම්මා. උදේ උයලා ගිය නිසා ආයෙ උයන්න ඕනෙ උනේ නැති නිසා ආපු ගමන් කාපු එක තමා අපි කරේ. ඊට පස්සෙ ඉතින් සෙල්ලම් කරලා නිදාගෙන එහෙම රෑට කලින්ම උයන්න පටන් ගත්තා. මොකද අර ඩොක්ටර්ලා දෙන්නට කෑම දෙන්න එපැයි. හැබැයි අද නම් දෙන්නෙක්ට නෙවෙයි හතර දෙනෙක්ටම කෑම ඕනෙ කියලා කැලුම් අයියා කෝල් කරලා කියලා. හැමදාටම නෙවෙයි අදට විතරයි. ඉතින් හතර දෙනෙක්ට කෑම හැදුවා. වැව් මාළු හදලා, පොලොස් උයලා, පොල් සම්බෝලයක් එක්ක පරිප්පු තමා අද හැදුවෙ.

  ඉදුවරටත් මම අද ඉන්න කිව්වා. මොකද එයාගෙ ආච්ච් අම්මා ආයෙ එන්නෙ හෙට  නිසා. තනියම ඉන්න ඕනෙ නැනෙ ගෙදර ගිහිල්ලා. කොල්ලත් ඉතින් එක පයින්ම කැමති උනා ඉන්න. ඉතින් අපි තුන් දෙනා මේ උයාගෙන කරගෙන  ඒ ගෙදරට යන ගමන් ඉන්නෙ. දැන් වෙලාව හතට විතර ඇත. කොල්ලගෙ වැඩේ කලුවරේ පාර පුරා දුවන එක. මගෙ කටත් රිදෙනවා ඒකට වැටෙයි කියලා කෑගහලම. මේකා මටත් සද්දෙ දාන ගමන්  මගෙ අතේ තියන ටෝර්ච් එළිය දිගේ දුවන එක කරන්නෙ.

විනාඩි දහයකට විතර පස්සෙ අපි අදාල ගේ ලගට ආව. එතන තිබුන පොඩි ගේට්ටුවත් ඇරගෙන ගේ ලගට ගිය මම පොඩ්ඩක් හයියෙන් කතා කරේ ඇහෙන එකෙක්ට ඇහෙයිනෙ කියලා හිතාගෙන. ගෙදර ලයිට් දාලා තියන නිසා පැහැදිලිව අපිට වට පිටාව බලාගන්න පුලුවන් උනා. ඒක ටිකක් ලොකු මිදුලකුත් එක්ක තනි තට්ටුවෙ සැප පහසු ගෙයක් උනා.

” ගෙදර කවුද… ගෙදර කව්…

මම කතා කරන එක නැවැත්තුවෙ දොරෙ නොබ් එක ඇරෙන සද්දෙ ඇහුන නිසා. අපි තුන් දෙනාම සද්ද නැතුව බලාගෙන හිටියෙ ගේ ඇතුලෙ ඉදලා මොකෙක් හරි එළියට එනකම්.

” ඔය්..යා.”

ඒත් දොර ඇරගෙන ආපු කෙනා දැකලා මට දැනුනෙ මගෙ කකුල් දෙකේ ඉදලම පණ නැතුව යනවා වගේ හැගීමක්…

__________________________________________

• අනෙ සමාවෙන්න ඕනි කියපු වෙලාවට එන්න බැරි උනාට. පොඩි අවුලක් උනා ඒකයි…

• කවුද දොර අරින්න ඇත්තේ….?

• කසුන් ගැනයි එයාගෙ සෙට් එක ගැනයි මොකද හිතන්නෙ… ?

• මගෙ කතාවට ආදරේ කරන හැමෝටම මාත් ආදරේයි…. ඒ වගේම ස්තූතියි…. ❤️💚

• ඉක්මනට ඊළග කොටසින් මුණ ගැහෙමු…. ❤️

…Nethu…

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 35, novel À¶†À¶ºà·” (Completed) Âœ” 35, read À¶†À¶ºà·” (Completed) Âœ” 35 online, À¶†À¶ºà·” (Completed) Âœ” 35 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 35 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 35 light novel, ,

Comment

Leave a Reply

Chapter 35