À¶†À¶ºà·” (Completed) Âœ” 39

A+ A-

” පුතු අත්තම්මිගෙන් පොල් තෙල් බෝතලෙ ඉල්ලගෙන එන්නකෝ..”

” හලි අම්මි පොද්දක් ඉන්ද..පතියා ඉත්තනට ඉල්ලදෙන එන්දම්..”

” ඔය ඔය හිමීට දරුවෝ..”

මෙච්චර වෙලාම මගෙ ලගට වෙලා කැරකි කැරකි හිටිය මී පැටියා කාමරෙන් එළියට දුවලා ගියා එයාගෙ අත්තම්මිව හොයාගෙන. මේ කොල්ලට නම් හෙමින් ගමනක් ඇත්තෙම නෑ අප්පා. කොල්ල යන දිහා බලාගෙන හිටිය මම බැලුවෙ මගෙ අතේ තිබුන පොඩි බෑග් එක දිහා. හදුන්කූරු හරි, ගිනි පෙට්ටිය හරි , පහන්තිර ටික හරි , පොල් තෙල් එක විතරයි අඩු. ඒකත් ගෙනාවම ඔක්කොම ටික හරි. මල් දාලා තිබුන කේනුගෙ මල් වටියත් අරගෙන මම කාමරෙන් එළියට ආවෙ තව ගන්න මොනා හරි තියනවා ද කියලා මතක් කරන ගමන්. ඒ තරමට මගෙ මතකේ හොදයි නෙ.

” ආ මෙන්න දරුවෝ.. ඔක්කොම ගත්තා නේද…”

” ඔව් අම්මා ඔක්කොම ගත්තා.”

කුස්සියෙ ඉදල එළියට ආපු ලලිතා අම්මගෙ මගෙ අතට පොල් තෙල් බෝතලේ දෙන ගමන් ඔක්කොම හරි ද කියලා අහද්දි මම ඔලුව වනලා ඔව් කිව්වා. 

” අම්මා මහන්සි වෙන්නෙ නැතුව ඉන්න හරි ද.. උයලා තියෙන්නෙ බඩගිනි උනොත් කන්න. රෑ වෙන්න කලින් එනවා අපි. පරිස්සමින් ඉන්න.”

” හරි හරි දරුවෝ. ඔය දෙන්නත් පරිස්සමින් ගිහිල්ලා එන්නකො. ඉදුවර පුතා කොහෙද ඉන්නවා කිව්වෙ.”

” එයා පන්සල ලග ඉන්නම් කිව්වා. අපි ගිහිල්ලා එන්නම් අම්මා.”

” බායි අත්තම්මි…”

” බායි රත්තරන්. බුදු සරණයි.”

ලලිතා අම්මටත් යන්නම් කියලා කොල්ලවත් අතින් අල්ලගෙන මම එළියට බැස්සෙ පන්සල් යන්න.අද පෝය. ගොඩක් දවසකින් සතියෙ දවසක නිවාඩුවක් ලැබුනා. උදේ ඉදලා කොල්ලත් එක්ක නටලා නටලා හවස් වෙනකොට අපි දෙන්නා ලෑස්ති උනේ පන්සල් යන්න  කියලා. ලලිතා අම්මා නම් සිල් ගන්න ගිහිල්ලා දැන් ටිකකට කලින් තමා ආවේ. ඒක නිසා එයා ගෙදර හිටියා. ඉදුවර මල්ලිටත් කතා කරාම ඒ මල කෝලමත් එක පයින්ම කැමති උනා අපිත් එක්ක එකතු වෙන්න. තාම වෙලාව හතර හමාරට විතර ඇති. ඒක නිසා හදිස්සියක් නෑ.

ගුරු පාර දිගෙ හිමි හිමීට ඇවිදගෙන ආපු මට එක පාරටම බැලුනෙ වම් අත පැත්ත වෙන්න් තිබුන තේව්ලගෙ ගෙදර දිහා. දොරවල් එහෙම වහලා දාලා. බයික් දෙකත් පේන්න නෑ. කොහෙ හරි යන්න ඇති සමහර විට.

තේව්ලා මෙහෙට ඇවිල්ලා දවස් හතරක් ගෙවිලා ගිහිල්ලා. පහු ගිය දවස් ටිකේම මම පුලුවන් තරම් එයාලව මග ඇරියා. පාරෙදි දැක්කත් මග ඇරලා හිටියේ. කොච්චර කොහොම කිව්වත් අපිට දිගටම කෑම නම් දෙන්න උනා. කැලුම් අයියට ආයෙ කෑම දෙන්න බෑ කියන පණිවිඩේ ලලිතා අම්මා කියලා තිබුනත් පහුවදාම ආයෙ කැලුම් අයියා කියලා තිබ්බා එහෙම කරන්න එපා කෑම දෙන්න කියලා.  පොරොන්දු උනා නම් පොරොන්දු උන විදිහට වැඩ කරන්න කියලා අරුන් ටික කැලුම් අයියට කෑ ගහලා. අන්තිමට කැලුම් අයියා ගැන හිතලා ලලිතා අම්මා කැම දෙන්න කැමති උනා. ඒත් මට එහෙට යන්න දුන්නෙ නෑ කෑම අරගෙන. කැලුම් අයියටම තමා උදේ හවස කෑම අදින්න උනේ ඒකෙන්. හැබැයි පොර හරි කැමැත්තෙන් වැඩේ බාර ගත්තා. මම හිතන්නෙ ඒ දෙන්නා දැන් ඉස්පිරිතාලෙට යනවා. ඒක  නිසා තේව්ව මට මුණ ගැහෙන සම්භාවිතාවය දැන් ගොඩක් අඩුයි. ඇත්තටම ඒක නම් මට ලොකු සහනයක්. මුල් දවස් දෙකේ බලෙන් කතා කරන්න ආවත් පස්සේ ඒක නැති වෙලාම ගියා. කොහොමත් දැක්කෙ නෑ දන්නෙ නෑ වගේ ඉන්නවා. මට වැඩක් නෑ. ඒ ඇරෙන්න වෙන විශේෂ දේවල් නම් උනේ නෑ මේ ගෙවුන දවස් තුන හතර ඇතුලත. වෙනදා වගේම ගෙවිලා ගියා. ඒ වගේම මේ ප්‍රශ්න නිසාම මගෙ නින්ද නැති වෙලා ගියා. ඒක තමා උන අලුත්ම දේ.

තේව්ගෙ ගෙදරටත් ඇස් දෙක රෝල් කරලා ඔරවපු මම  බැලුවෙ ස්පොන්ජ් බොබ් ඉන්න පොඩි බෑග් එකකුත් කරේ දාගෙන යන මගෙ කොල්ලා දිහා. මේ කොල්ලා කොහෙ ගියත් ඔය ස්පොන්ජ් බොබ් බෑග් එක නම් වරදින්නෙ නෑ. එයාගෙ වතුර බෝතලෙයි, පොඩි සෙල්ලම් බඩුවකුයි, පාට පොතකුයි, පැස්ටල් පෙට්ටියයි තමා ඕකෙ තියෙන්නෙ. අනේ මංදා මේ කොල්ලට ඕක නැතුව බෑ ගමනක් යනකොට.මම ඉතින් ඕකට පොඩි බිස්කට් පැකට් එකක් දානවා. කොල්ලට බඩගිනි උනොත් කන්න කියලා. අද නම් මගෙ කොල්ලා හරි පිං පාටයි. සුදු ටී ශර්ට් එකට තද නිල් පාට ඩෙනිම් ශෝර්ට් එකක් ඇදලා. දුඹුරු පාට හැට් එකකුත් දාලා ඉන්න කොල්ලා තනිකරම තේව්ගෙ කපාපු පලුවක් වගේ. අනිවාරෙන් තේව්ගෙ අම්මා දැක්කා නම් රැවටෙනවා තේව් පොඩි කාලෙ කියලා.  තේව්ගෙ පොඩි කාලෙ ෆොටො මම දැකලා නිසා කිසිම සැකයක් නැතුව මට ඒක කියන්න පුලුවන්. ඒ නහය, කට ,තොල් ඒ හැම දෙයක්ම තේව්ගෙ වගේ. ඒ වගේම තොලට යටින් තියන මෝල් එක. මේ ඉන්නෙ තේව්ගෙ දරුවා කියන එක තවත් ඔප්පු කරා. ඒකමයි මම තේව් දකින හැම වෙලාවෙම කොල්ලව තේව්ගෙන් පුලුවන් තරම් හංග ගෙන හිටියෙ.  මට බයයි කොල්ලව තේව් අදුර ගනී කියලා. අනේ මංදා මම කොච්චර දවසක් මේ රහස හංගගෙන ඉන්න ද. බලමුකෝ පුලුවන් තරම් කාලයක් හංගෙන ඉන්නවා.

එක එක ඒවා හිත හිතම කොල්ලත් එක්කත් කතා කරන ගමන් වෙලේ කඩේ ලගට ආපු මම එතනින් හැරිලා ටවුන් එක පැත්තට නැතුව අනිත් පැත්තට යන්න ගත්තා. ඒ කියන්නෙ ඉදුවරගෙ ගම පැත්තට.  ඒ පැත්තට ටික දුරක් ගියාම හම්බ වෙනවා පොඩි අතුරු පාරක් හරියට අපෙ ගෙවල් වලට යන්න තියන ගුරු පාර වගේ ඒ පාර දීගේ ටික දුරක් ගියාම  තමා පන්සල හම්බ වෙන්නෙ.

ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං

එක පාරටම සාක්කුවෙ තිබුන ෆෝන් එක කෑ ගහන්න ගත්ත නිසා මම ෆෝන් එක අරගෙන බැලුවෙ කවුද කියලා. අම්නෙ ඉතින් අපෙ ඉදුවර කොලුවා. ඇවිල්ල ද දන්නෑ. මම ඉක්මනට කෝල් එක ආන්සර් කරලා කනේ තියා ගත්තා.

” හෙලෝ මල්ලි. “

” හෙලෝ අයියා. ඔයාලා කොහෙද. මම මේ පන්සලට යන ගුරු පාර ලග ඉන්නෙ. “

” ආ ඔහොම ඉන්නවා එහෙනම් අපි මේ ලග ඉන්නෙ. විනාඩියක් යයි එන්න.”

” ආ එහෙම ද හරි හරි හලෝ ඉක්මනට එන්න. බායි.”

මේකා කට් කරලත් ඉවරයි. මාර මනුස්සයෙක් තමා. මම ඒකට හිතින් බැන බැනම ෆෝන් එක ආයෙත් සාක්කුවට දාගත්තා. කොල්ලා ගුරු පාර ලග ඉන්නවාලු. දැන් එන්න ඇත්තෙ එහෙනම්.

” කා ද අම්මි තතා තලේ.”

” ඔයාගෙ ඉදුවර මාමි තමා. අන්න ඇවිල්ලාලු..”

” ඕඕ ඒමඩ අම්මි. ඒ උනාත මම මාමි එත්ත තලා එලා ඉන්දෙ. එලා නෝතියි. ආදෙ මාමි එත්ත කතා කලන්දෙත් නෑ. “

තරහ ගියපු ටෝන් එකකින් කොල්ලා කියද්දි මම ඉක්මනට කොල්ලගෙ මූණ දිහා බැලුවෙ හිනාව පාලනය කරගන්න උතසහ කරන ගමන්. කොල්ලට තරහා ගිහිල්ලා වගේ. අනිවාරෙන් මාමයි පුතයි ආයෙ රන්ඩු වෙලා වෙන්න ඇති. ඊයෙ ඉදුවර වැඩ කරන පොත් කඩේ කලින් වහපු නිසා හවස අපෙ ගෙදර ඇවිත් තිබුනා. මම හිටියෙ නෑ පොල් මෝලෙ වැඩට ගිය නිසා. ඒ වෙලාවෙ තමා රන්ඩු වෙන්න ඇත්තේ.  මේ ඩබලට නම් රන්ඩු උනේ නැත්තම් කෑවෙ නෑ වගේ අප්පා. ඔක්කොමත් හරි අර ලොකු එකා පොඩි එකාට වැඩිය හපන් නේ.

” ඒ මොකද මැණික ඉදුවර මාමි එක්ක තරහා උනේ..”

” ආ මේ.. අම්මි. තලා උලේ මේ.. හයියූ අම්මි. ඔලාට ඇඩක් නෑනෙ ඒත. ඒත මදෙයි මාමිදෙයි පොබ්බම් එතක් නෙ. ම්හුක්.”

අනේ අනේ මටත් හොදෑඩෙ පොඩි ගස් ගෙම්බෝ දෙන්නගෙ ඒවා හොයන්න යනවට. ඇද්ද අහ ගත්තා. කේනු මටත් ගස්සලා මට වැඩක් නෑ කියනකොට මගෙ හිත මටම කින්ඩි දාන්න පටන් ගත්තා.

” ඉදුවල මාමිහ්හ්..”

හෑ යකූ ඒ මොකක් ද උනේ. මෙච්චර වෙලා ඉදුවරට බැනපු එකා නේද මේ.  මගෙ අතත් අත ඇරවගෙන ඉදුවරගෙ ලගට දුවගෙන යන කොල්ලා දිහා මම බලාගෙන හිටියෙ කන්ෆියුස් වෙලා . හැයි යකූ මෙච්චර වෙලා ඉදුවර නෝටි ආයෙ කතා කරන්නෙ නෑ කියපු කොල්ලා පාර අයිනෙ හිටපු ඉදුවරව දැක්කා විතරයි ඔක්කොම අමතක වෙලා වගේ එයාගෙ ලගට දුවලා ගියා. අනේ ඉතින් මේ මාමගෙයි පුතාගෙයි ලව් එක.

” අනෙ අනේ කේනු. දැන් ආයෙ මාමි එක්ක කතා කරන්නෙ නෑ කිව්වා නේද. “

ඉදුවරගෙ අතට වෙලා හුරතල් වෙවී ඉන්න කොල්ලා ලගට ගිය මම එහෙම කියලා කොල්ලගෙ මූණ මිරිකද්දි ඉදුවර බොරු අමනාපයක් මවාගෙන කොල්ලා දිහා බැලුවා.

” ඇත්ත ද කේනු. මාමි එක්ක කතා කරන්නෙ නෑ කිව්ව ද..”

” දෑ අලේ අම්මිදෙ බොලු. තේනු ඒම තිව්වෙ දෑ. මාමි ඊස් ද බෙශ්ට්. “

යසයි යසයි හරිම යසයි. අන්තිමට එයාලා හොද උනා මම වැරදි උනා. මටත් හොදෑඩෙ. මම බොරුවට දෙන්නටම ගස්සගෙන ඉස්සර වෙලා යද්දි මට ඇහුනා අර ඩබලත් හිනා වෙවී මගෙ පස්සෙන් එනවා. ඇත්තටම ඉදුවර ඉන්න එක මට ලොකු හයියක්. මට ඕනෙ හැම වෙලාවෙම ඒ කොල්ලා මගෙ ලග හිටියා.

.

.

.

අපෙ ගමෙ පන්සල තිබුනෙ ගල් තලාවක් උඩ. පෞරාණික පෙනුමක් ගත්ත පන්සලට එන්න ගලේම කොටලා හදපු ගල් පඩි තිබුනා. ගැමි පෙනුමක් ගත්ත පන්සල හිත නිවන හරිම ලස්සන තැනක් උනා. ටිකක් උඩක තිබුන නිසා පන්සලේ පිටි පස්සට වෙන්න තියන කොටසට ආපුහාම හතර වටම හරි ලස්සනට පෙනුනා. ඈතින් ඉර බැහැගෙන යනවා පේනවා. හැම තැනම කොළ පාටයි. හිත නිවනවා.  හිතේ තියන ප්‍රශ්න ටික වෙලාවකට හරි අමතක වෙලා යනවා පන්සලට ආවම.ඇත්තටම මම පන්සල් ආවෙ මාස ගානකට  පස්සෙ කිව්වොත් හරි. වැඩට යන්නයි ,කේනුගෙ වැඩයි, ගෙදර වැඩයි නිසා ඇත්තටම පන්සල් එන එක මගෙන් මග ඇරිලම ගිහිල්ලා වගේ. ඇත්තටම එන්න ආසාවක් නැතුව නෙවෙයි එන්න වෙලාවක් නැතුව. කේනුව ලැබෙන්න ඉද්දි නම් මම පුලුවන් පුලුවන් වෙලාවට ආවා ඉදුවර එක්ක හරි ලලිතා අම්මා එක්ක හරි.

නුවර ඉන්න කාලෙ නම් පුලුවන් හැම වෙලාවෙම ගැටඹේ පන්සලට හරි, දළදා මාළිගාවට හරි එහෙම බැරි උනොත් ලග පන්සලකට හරි ගියා. තේව්ත් එක්ක කොච්චර නම් යන්න ඇති ද…

“හ්ම්ම්ම්…”

ලොකුම ලොකු හුස්මක් පාත දාපු මම බැලුවෙ මගෙ කොල්ලො දෙන්නා දිහා. ඒ දෙන්නා පොඩි බංකුවක ඉදගෙන තරගෙට පාට පාට මල් තිය තිය මල් වට්ටියක් හදනවා. පෝය උනත් හවස නිසා ලොකු සෙනගක් නෑ ඉතින්. ඒක නිසා හරි නිස්කලංකයි.

” මොකද කරන්නෙ මගෙ ලමයි දෙන්නා.”

මෙච්චර වෙලාම වට පිට සිරි නරඹ නරඹ හිටපු මම ඉදගෙන හිටපු තැනින් නැගිටලා කොල්ලො දෙන්නා ලගට ගියෙ එහෙම අහන ගමන්. දෙන්නා පාඩුවේ වැඩ.

” අම්මි මේ. තේනුයි මාමියි පාත පාත අල් හදලවා. තත්තනයි ද අම්මි.”

” ඔව් මැණික. හරිම ලස්සනයි..”

මම කොල්ලගෙ ඔලුවත් අත ගාන ගමන් කියලා  පන්සලට එන්න තියන ගල් පඩි තියන පැත්ත  බැලුවෙ නිකමට වගේ. ඒත් එ පැත්ත නොබලා හිටියා නම් කියලා හිතුනේ ඒ දැක්ක දේත් එක්ක. හිනීයට පපුවෙ පැත්තක් රිදෙන්න ගත්තෙ කොච්චර කොහොම කිව්වත් ඒ දේවල් දිහ බලන්න ශක්තියක් නෑ කියලා මගෙ හිත මටම ඒත්තු ගන්න වගේ.

තේව්… තනියම නෙවෙයි ලස්සන හුරුබුහුටි කෙල්ලෙක් එක්ක. හ්ම්ම්ම් දිනුල්‍යා අවුරුදු හතරකට පස්සෙ උනත් කොහොම අදුර ගන්න බැරි වෙන්න ද දෙයියනේ. ඒ කාලෙ ඉදලම තේව්ව මගෙන් ඈත් කරන්න හදපු ඒ දිනුල්‍යව. ඔව් තේව් හිටියෙ දිනුල්‍යා එක්ක. කාලෙකට කලින් මටම විතරක් අයිති උන ඒ ලොකු අත් දිනුල්‍යගෙ අත් එක්ක පැටලිලා තිබුනෙ හරියට අයිතිය කියන්න වගෙ.. මට දැනුනෙ මගෙ උගුරෙ මොනා හරි හිර වෙලා වගේ. ටිකෙන් ටික ඒ රූප දෙක බොද වෙලා ගියෙ මගෙ ඇස් වලට උනපු කදුලු නිසා කියලා තේරුම් ගන්න මට  මහ ලොකු වෙලාවක් ගියෙ නෑ. මම දැනගෙන හිටියා තේව් මට අයිති නෑ කියලා. ඒත් ඒ දේ මගෙ ඇස් දෙකන්ම දකින්න තරම් මම ශක්තිමත් නෑ දෙවියනේ…කොච්චර හිත රවට්ට ගන්න හැදුවත් මම තාමත් තේව්ට ආදරෙයි. ඒකයි ඇත්ත..

එයාලා තාම අපිව දැක්කෙ නෑ. අපි හිටියෙ බෝධියට කවර් වෙලා නිසා එයාලා අපිව දැක්කෙ නෑ. ඒත් අපි ඉන්න තැනට එයාලව හොදට පේනවා.  ඒ දෙන්නට පිටි පස්සෙන් ආවෙ රනිශ්ක මල්ලි. තේව් අද හරිම ලස්සනයි. සුදු ශර්ට් එකට කලු කලිසමක් ඇදලා කොන්ඩෙ පිටි පස්සට පීරලා වම් අතට සිල්වර් පාට ඔරලෝසුවක් දාලා. හරිම කඩවසම්. කනට කලු පාට කරාඹුක් දාලා හිටියත් ඒකෙන් තේව්ට ලැබිලා තිබුනෙ හරි වැදගත් පෙනුමක්. දිනුල්‍යා ඇදලා හිටියෙ දිග සුදු ගවුමක්. එයාගෙ දිග කොන්ඩෙ එක කරලට ගොතලා තිබුනා. දිනුල්‍යා හිටියටත් වැඩිය ලස්සන වෙලා. මට හිතුනෙම ඒ දෙන්නා හරි ලස්සනට ගැලපෙනවා කියලා විතරයි.

මට මතක් උනේ පළවෙනියටම තේව්ගෙ අතේ දිනුල්‍යා එල්ලිලා ආපු දවසේ මම හැසිරුන විදිහ. කොච්චර මෝඩ ද මම. මම මගෙ ඇස් දෙකෙන් එළියට පනින්න පොරකන කදුලු පිටි අල්ලෙන් පිහලා දැම්මෙ මටම හිත ඇතුලෙන් කින්ඩියට හිනා වෙන ගමන්. එදා මම කොච්චර අයිතිය කියලා කෑ ගැහුවත් අද ඒ කෙල්ල දිනලා ඉවරයි. එච්චරයි මට හිතුනෙ.

මම කදුලු පිහදහෙන කොල්ලො දෙන්නා දිහා හැරිලා බලද්දි තමා දැක්කේ ඉදුවරගෙ බැල්මත් වැටිලා තියෙන්නෙ ඒ දෙන්නා ලගට කියන එක. ඒ ඇස් වල කේන්තියක්. මම කොල්ලගෙ උරහිසට ගැහුවෙ එයාගෙ අවදානය මගෙ පැත්තට ගන්න ගමන්. ඉදුවර මාව ඇදගෙන ගියෙ කේනුගෙන් අඩි දෙක තුනක් ඈතට.

” අයියේ ඒ.. මට තේරෙන්නෙ නෑ බං අයියේ. උබ මෙහෙ විදවනවා. එතකොට එයා.. “

” තරහා ගන්න එපා බං. අපිට කරන්න දෙයක් නෑ. වෙන දෙයක් වෙයිනෙ. හිතන්නෙ නැතුව ඉදාම්කො.”

” අනේ මංදා අයියේ..”

” යමු යමු. මල් පහන් පූජා කරලා ගොඩක් වෙලා ඉන්නෙ නැතුව. ඉක්මනට ගෙදර යමු.”

මම කොල්ලගෙ අතින් ඇදගෙන ආයෙත් කේනු ලගට ගියා. මල්ලි කියන දේ හරි තමා. මම විදවනවා තමා. ඒත් එහෙමයි කියලා අපිට කරන්න දෙයක් නෑ. ඒකයි මම ඒ කතාව එතනින් නැවැත්තුවෙ. මට ඕනෙ උනෙ ඉක්මනට ගෙදර යන්න.  තේව් අපිව දකිනවට මගෙ හිතේ පොඩිමවත් කැමැත්තක් තිබුනෙ නෑ. ඒකයි ඉක්මනට ගෙදර යන්න ඕනෙ උනේ.

ඒත් ඉතින් මේ පොඩි පන්සල ඇතුලෙ කොහොම හැංගිලා ඉන්න ද. මල් පූජා කරන්න බුදු ගේ ඇතුලට යන්න ගියපු අපි තුන් දෙනාව තේව්ලා දැක්කෙ හිතපු නැති විදිහට. අපිව දකිනවත් එක්කම ඒ නපුරු ඇස් ගැස්සෙනවා මම හොදටම දැක්කා. ඒ වගේම දිනුල්‍යාගෙ ඇස් වල තිබුනෙ ලොකුම ලොකු පුදුමයක්. එයා කවදාවත් හිතන්න නැතුව ඇති ආයෙත් මාව මේ විදිහට මුණ ගැහෙයි කියලා. ඒත් ටිකකින් ඒ පුදුමෙන් පිරිලා තිබුන මූණට තරහක් මිශ්‍ර උන අමුතු හිනාවක් ආවෙ හරියට මට නක්කලේට වගේ. ඒ ඇස් දෙපාරක් තුන් පාරක්ම කේනු දිහාවට වගේම ඉදුවර ලගටත් ගියා කියන්න මම හොදටම දැක්කා. දැන් හිතනවා ඇති උබ පැරදුනා මම දිනුවා කියලා. මගෙත් කට කොනට හිනාවක් ආවෙ තේව්ව මට ඕනෙ නම් ලගට ගන්න පුලුවන් ලොකුම හේතුව මගෙ ලග තියන නිසා. ‘ උබ හිතාගෙන ඉන්නවා නම් උබ දිනුවා කියලා. මට පුලුවන් යකෝ විනාඩියෙන් තේව්ව මගෙ ලගට ගන්න. අනෙ මට ඕනෙ නෑ බං උබම තියාගනිම්.’

එහෙම හිතපු මම දිනුල්‍යා දිහාවට අමුතුම හිනාවක් දාලා අර දෙන්නත් එක්ක එන්න ආවෙ අර කෙල්ල මොනා හරි කියන්න කට අරිනවා කියලා දැක්ක නිස. මට ඕනෙ නෑ මේ වගේ පිරිසිදු තැනක දි ඔය වගේ අය එක්ක කතා කරලා හිත නරක් කරගන්න.

කලින් එන්න කියලා හිතපු අපි අන්තිමට පන්සලෙන් ආවෙ පැය එක හමාරක් විතර පන්සලෙ හිටියට පස්සෙ. කොල්ලා නම් හරි සතුටින් හිටියෙ. මම උනත් ආයෙ කිසිම දෙයක් හිතන්නෙ නැතුව ගාථා කියලා හිත නිදහස් කර ගත්තා. අන්තිමට හිතට දැනුනෙ ලොකුම ලොකුම සනීපයක්. තේව්ලත් පන්සලේ ගොඩක් වෙලා හිටියා. අර කෙල්ල නම් මට පේන්නම ද කොහෙද තේව්ගෙ අතේ එල්ලිලා හිටියා වගේම මම ඒවා නොදැක්කා වගේ හිටියා.  තෙව් දිහාවත් බැලුවෙ නෑ. අපි පන්සලෙන් එන්න පැය බාගෙකට විතර කලින් එයාලා යන්න ගියා. ඒක නිසා අපි හිතේ නිදහසේ ත්ව ටිකක් වෙලා පන්සලේ ඉදලා තමා එළියට ආවෙ.

පන්සලෙන් එළියට ආපු අපි සෙරෙප්පු දාගන්න සෙරෙප්පු ගලවපු තැනට ගියත් මගෙ ඇස් දෙක ගියෙ ඊට ටිකක් එහාට වෙන්න වැටිලා තිබුන දෙයක් ලගට….

_____________________________________________

• හායි… දිනුල්‍යා ඊස් බැක්… 😌

• මොනාද ආයු අන්තිමට දැක්කෙ… ?

• කතාව කියවලා හොරෙන් යන්නෙ නැතුව vote එකක් ඔයාලගෙ අදහසක් කියාගෙන යන්න ලමයි.

• මගෙ කතාව කියවන, vote කරන, comment කරන හැමෝටම ස්තූතියි ඒ වගේම ආදරෙයි… ❤️💚

• ආයෙත් ඉක්මනින් මුණ ගැහෙමු

…Nethu…

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 39, novel À¶†À¶ºà·” (Completed) Âœ” 39, read À¶†À¶ºà·” (Completed) Âœ” 39 online, À¶†À¶ºà·” (Completed) Âœ” 39 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 39 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 39 light novel, ,

Comment

Leave a Reply

Chapter 39