À¶†À¶ºà·” (Completed) Âœ” 47

A+ A-

එදා සිද්දියෙන් පස්සෙ සතියක් ගෙවිලා ගියෙ හරිම ඉක්මනින්. අවුරුදු හතරකට පස්සෙ මම සතුටින්ම හිටියෙ මේ කාලෙ ඇතුලත කියලා කිව්වොත් හරි. මේ සතිය ඇතුලත උන විශේෂම දේ තමා කේනු මට හොදටම ලං උන එක. එයාට දැන් මාව නැතුව බැරි තරම්. කොයි වෙලාවෙත් අප්පච්චි කියාගෙන පස්සෙමයි. Hospital එකට යන්නෙත් පුදුම අමාරුවකින්. බයික් එකට නැගලා යනකොට හූ තියලා අඩන්නෙ කොල්ලා යන්න එපා කියලා. මොනවා කරන්න ද හිත ගලක් කරගෙන ඇහෙන්නෙ නෑ වගේ යනවා. රෑ නිදාගන්න ටිකට ඇරෙන්න මම දැන් ඉන්නෙම ආයුගෙ ගෙදර.  රෑ ඉන්න එකට ආයුගෙ ලොකු කැමැත්තක් නෑ කියලා තේරුන නිසා මම කොල්ලා නිදා ගත්තට පස්සෙ ගෙදර එනවා. Night duty වැටෙන දවසට නම් අවුලක් නෑ. උදේ යන්න තියනකොට තමා කොල්ලව අඩවන්නෙ නැතුව දාලා යන්න අමාරු. රෑට අනිවාරෙන් එනවා කියලා රටේ නැති බොරු කියලා තමා යන්න උනේ. රෑට ඉතින් අනිවාරෙන් යන්න ඕනෙ බලන්න නැත්තම් ඉවරයි. කොච්චර මහන්සි උනත් කොල්ලගෙයි ආයුගෙයි මූණු දැක්කම ඒ හැම මහන්සියක්ම නැති වෙලා යන්න තත්පරයක්වත් යන්නෙ නෑ.

අවුරුදු හතරක් කොල්ලව මග ඇරුන එක ගැන  ලොකු දුකක් තියනවා නැත්තෙ නෑ. ඒත් දැන් උන දේවල් වෙලා ඉවරයි. දුක් උනා කියලා අපි කාටවත් බෑ ඒ දේවල් ආයෙත් හරවන්න. මගෙම වැරදි නිසයි කොල්ලව මගෙන් ඈත් උනේ. මින් ඉදිරියට ඒ වගේ දෙයක් නොවෙන විදිහට වැඩ කරන එක මගෙ වගකීමක්. කොහොමත් ආයෙ කවදාවත් මගෙන් ඒ වගේ වැරැද්දක් වෙන එකක් නෑ. ඒක මට හොදටම විශ්වාසයි.

මේ ගෙවුන සතිය ඇතුලත කොච්චර ආයුව මූනට මුණ ගැහුනත් එයා මාත් එක්ක කතා කරේ නැතිම තරම්. එයා කරේ පුලුවන් තරම් මාව මග ඇරපු එක. අවශ්‍යම දේකට ඇරෙන්න වචන දහයකට වැඩිය කතා කරන්න නැතුව ඇති. ඇත්ත මම වැරැද්දක් කරා තමා. මම ඒක එක හිතින්ම පිළිගන්නවා. ඒත් ඒ හැමදේම කරේ එයා වෙනුවෙන්. එයාව පරිස්සම් කරගන්න. එයාව අවුරුදු හතරකට කලින්  මග ඇරියෙ ආදරේ නැතුව නෙවෙයි නෙ. එයාට කරදරයක් වෙයි කියලා තිබුන බයට. ආයු ගැන මුලින්ම හදවතට දැනුන හැගීම අදටත් මගෙ පපුවෙ පරිස්සම්. ඒ තැන වෙන කාටවත් ගන්න  තියා ඒ තැනට වෙන කෙනෙක්ට ලං වෙන්නවත් බැ. මගෙ මේ පපුව ගැහෙන්නෙ ආයු වෙනුවෙන් විතරයි. ආයු මට ආදරෙයි මට ඒක දැනෙනවා. ඒත් මම හිතන්නෙ එයා තාම මට සමාව දෙන්න ලෑස්ති නෑ.

ඇත්තටම මෙතන ලොකුම අසාධාරණය උනේ එයාට. ගොඩක්ම දුක් වින්දෙ එයා. දරුවෙක් එක්ක අප්පෙකුත් නැතුව ජීවතේ විදෙව්වෙ එයා. අපි කාටත් වැඩිය ලොකුම දුකක් හිතේ හිර කරගෙන දුක් විදලා තියෙන්නෙ එයා. ඒක ඇත්ත. ඒත් මේ තරහා ඇති නැද්ද. කවදා වෙනකම් මේ විදිහට ඉන්න ද. අපි ජීවිතේ ඉස්සරහට යන්න ඕනෙ නැද්ද. මට තේරෙන්නෙ නෑ. එයා මේ විදිහට මාව මග අරිද්දි දැනෙන්නෙ පපුව පිහියකින් හූරනවා වගේ හැගීමක්. එයාට මගෙ මූණවත් බලන්න ඕනෙ නෑ කියලා හිතෙද්දි මට පිස්සු වගේ.

ගෙවුන දවස් ගැන හිත හිත බයික් එක අරගෙන ආපු මම බයික් එක පොඩ්ඩක් slow කරේ දැකලා පුරුදු මූණක් වගේ දැක්ක නිසා. හොදට බලද්දි තමා දැක්කෙ දැකලා පුරුදු මූණක් නෙවෙයි අදුරන ගස් බල්ලෙක් කියලා. 

‘ මූ මොකද මෙතන කරන්නෙ. “

බයික් එක ඌ ඉන්න තැනට ටිකක් මෙහයින් නවත්තගෙන මම බලාගෙන හිටියෙ ගෙවල් වලට හැරෙන ගුරු පාරට පොඩ්ඩක් මෙහාට වෙන්න බයික් එක නතර කරගෙන  තව කොල්ලෙක් එක්ක කතා කර කර ඉන්න රනියා දිහා. ඔව් ඔව් ඒ ගස් බල්ලා තමා ඉන්නෙ. අද මම උදේ hospital එකට ගියාට ඌට night duty. දැන් වෙලාව හතර හමාරට විතර ඇති. මූ මොන මගුලටද මෙච්චර කලින් එළියට බැහැලා. මුගෙ ඔන් එක හයටනෙ.  ඌ කතා කරන්නෙ කාත් එක්ක ද කියලා පේන්නෙ නෑ ඒ කොල්ලා ඉන්නෙ මට පිටුපාලා නිසා. කෙට්ටු පොඩි කොල්ලෙක් වගේ හැබැයි. පේන විදිහට නම්  ලොකු  ආරවුලක් වගේ.කියන්නෙ මොනවද කියලා ඇහුනෙ නැතත් අර කොල්ලා අත් දික් කර කර අරූට බනිනවා වගේ තමා පේන්නෙ. පාරෙන් මෙහා පැත්තෙ උන්ට ටිකක් ඈතට වෙන්න හිටිය නිසා උන් මාව තාම දැක්කෙ නෑ.

” අඩෝ හුත්..”

ඒත් එක පාරටම මගෙ කටින් යහපත් වචනයක් පැන්නෙ මගෙ ඇස් ඉස්සරහම දැක්ක දේ නිසා. යකෝ රනිශ්කයා අර කොල්ලගෙ කම්මුලට කිස් එකක් දුන්නා යකූ. තරෙන් වගේ අත පය විසි කර කර මොනවද කියපු කොල්ලගෙ කම්මුලට කිස් එකක් දෙනවත් එක්කම උගෙ කටත් වැහිලා ගියා. හැබැයි ඒ කොල්ලගෙ මූණ දැක්කා විතරයි මගෙ කට නම් අක්කරයක් විතර ඇරුනා හැබැයි. රනියා කිස් එක දෙනවත් එක්කම තරහා ගියපු කොල්ලා ගස්සලා අහක බලා ගත්ත නිසා තමා ඒ මූණ දැක්කෙ. අපෙ ඉදුවර කොලුවනෙ ඉදලා තියෙන්නෙ.

කට කොනකින් හිනා උන මම  බයික් එක ස්ටාර්ට් කරගෙන උන්ගෙ ලගට ගියෙ රනියා මගෙ බයික් දැක්කා විතරයි ගැස්සිලා යද්දි. උගෙ මූනෙ නම් තිබුනෙ ‘ මම අද ඉවරයි’ කියන්න වගේ බැල්මක්. ඔව් ඔව් පුතෝ තෝ අද ඉවරයි…

” ආ මල්ලේ… හෙට උදේට විස්තරේ කියන්න ලෑස්ති වෙලා වරෙම් ඈ. යන්නාම්ම්ම්…. බායි පොඩි මල්ලි…”

උන් දෙන්නටම පොඩි වින්ක් එකක් දීලා රනියගෙ ඔලුවටත් එකක් ගහලා  විනාඩියක්වත් එතන ඉන්නෙ නැතුව ආවෙ ඩබල මම දිහා යකෙක් දැක්කා වගේ බලාගෙන ඉද්දිමයි. උන්ට හිතා ගන්න බැරි උනා මම හිතන්නෙ උනේ මොකක් ද කියලා. මටම හිනා උන්ගෙ මූණු දැකලා. රනියට තේරෙන්න ඇති ඌ කරපු වැඩේ මම දැක්කා කියලා. හෙට උදේට අල්ල ගන්නම්කො ඕකව. දැන් කරදර කරේ නැත්තෙ ඉතින් උන්ගෙ ලස්සන මොහොත විනාස කරන්න බැරි නිසා.

මම උන්ගෙ මූනු මතක් කර කර හිනා වෙවීම බයික් එක ඊලගට නතර කරේ වෙලේ කඩේ ලග.

” අප්පේ මේ අපෙ දොස්තර මහත්තයා නෙ..දැන් ද මහත්තයෝ ඉස්පිරිතාලෙ ඉදලා එන්නෙ “

” ඔව් මුදලාලි මේ ගෙදර යන ගමන්.”

මාව දැක්කා විතරයි මුදලාලි බුලත් කාලා රතු උන දත් සෙට් එක පෙන්නලා හිනා වෙලා කතා කරා. මාත් ඉතින් ලෝබ නැතුව හිනා වෙලාම කතා කරා. දැන් ගමේ හැමෝම වගේ දන්නවා මායි රනියයි තමා ගමට අලුතින් ආපු දොස්තරලා කියලා. ඒක නිසා ගමේ හැමෝගෙන්ම වගේ අපිට ලැබෙන්නෙ ගෞරවනීය ආදරයක්. ඒක හරි අවංක ආදරයක්.

“ආං දැන් අනිත් දොස්තර මහත්තයත් ඇවිල්ලා චොකලට් එකක් අරන් බයිසිකලේ පියාබලා ගියා. “

මුදලාලි පාර දිහා බලාගෙන එහෙම කියද්දි මගෙ කට කොනට හිනාවක් ආවා. ඉදපන්කො ඔය ගස් බල්ලව බාගෙට මරනවා හෙට.  චොකලට් එකකුත් අරන් ගිහිල්ලා පරයා.

” ආ ඔව් මුදලාලි මට හම්බ උනා එනකොට..”

” ආ ඒක තමා.. මොනවද මහත්තයෝ ඕනෙ..”

” මට අර චොකලට් දෙකක් දෙන්න. තව අර රතු පාට ටිපි ටිප් එකෙන් දෙකකුයි,ලොකු චොකලට් බිස්කට් පැකට් එකකුයි දෙන්න මුදලාලි.”

මම මුදලාලිට ඕනෙ කරන බඩු ටික කියලා බලාගෙන හිටියෙ ඒ ටික දෙනකම්. මට මතක් උනේ ඉස්සර ආයුව බලන්න යනකොට එක එක කඩචෝරු අරගෙන ගිය හැටි. පොඩි ටොෆියක් හරි ඕනෙ ඔය කෝලමට. දැන් ඉතින් එක එක අරන් ගිහිල්ලා හරියන්නෙ නෑනෙ. කෝලම් දෙකක්ම ගෙදර ඉන්නවානෙ. මේ ටික දවසට කොල්ලා මම එනකොට මොනවම හරි ගේනකම් බලාගෙන ඉන්නවා. කොච්චර තරහා උනත් කොල්ලට විතරක් මොනවා හරි අරන් ගියාම පොඩි එකාගෙ අම්ම මූණ එල්ල ගන්නවා. ඒකගෙ තියෙන්නෙ තනිකරම බොරු මරිසි.

” ආ මුදලාලි මේකෙන් ග්‍රෑම් දෙසීයකුත් දෙන්න. සීය සීය වෙන වෙනම දාන්න.”

වට පිට බල බල හිටපු මම දැක්කෙ වීදුරු බෝතලයක් ඇතුලෙ රතු පාටට දිලිසි දිලිසි තියන බූන්දි. අලුත් පාටයි වගේ. මම මුදලාලිට ඒකෙනුත් දෙන්න කිව්වෙ මගෙ කොල්ලගෙ අම්මා කොච්චර බූන්දි වලට පෙරේතද කියලා  මතක් උන නිසා. ඒකත් වෙන වෙනම දාලා ඉල්ලුවෙ ගෙදර ගිහිල්ලා රන්ඩු බේරන්න බැරි නිසා. මම ඉන්න තැන කරේ නැති උනාට මම පේන්න නැති උන ගමන්  මම ගිහිල්ලා දෙන ඒවාගෙන් කොල්ලගෙන් ඉල්ලලා මූ රන්ඩු කරනවා. මම එනකොට මුකුත් උනේ නෑ වගේ ඉන්නවා. අනේ ඉතින් ඒකා හිතාගෙන ඉන්නෙ මම දන්නෑ කියලා.

“  ආ මහත්තයෝ…”

” බොහොම ස්තූතියි මුදලාලි…”

” පරිස්සමින් මහත්තයෝ. රත්නත්තරේ පිහිටයි…”

මුදලාලි දුන්න බඩු ටිකත් අරගෙන සල්ලිත් ගෙවලා මම බයික් එකට ලගට ආවා. හෙට ටවුන් එකට ගිහිල්ලා ආයුලගෙ ගෙදරට බඩු ටිකක් ගෙනල්ලා දාන්න ඕනේ.  මේ දවස් ටිකේම මායි රනියයි දෙන්නම කෑවෙ එහෙන්. එදා රෑ sift එක වැටිලා තිබුන දවසෙත් බඩු ටිකක් ගෙනත් දැම්මා. ගමේ කඩෙන් ලොකුවට ගන්න බඩු නෑ. ඒක නිසා ටවුන් එකටම යන්න වෙනවා. හෙට නිවාඩු නිසා ටවුන් එකට ගිහිල්ලා අරගෙන එනවා. කොල්ලට ඕනෙ කරන බඩු එහෙමත් ගේන්න ඕනෙ.

මම ගෙදර  ඇවිල්ලා වොශ් එකක් දාගෙන ගෙනාපු බඩු ටිකත් අරගෙන ආයෙත් බයික් එකට නැග්ගෙ මගෙ කොල්ලො දෙන්නව බලන්න යන්න.  Hospital  එකේ නැහිලා නැහිලා කොච්චර මහන්සි උනත් එක කොල්ලත් එක්ක ඉන්න තියන විනාඩියක්වත් අපතේ යවන්න ලෝබයි මට.  ඒකයි මහන්සි අරින්නෙවත් නැතුව අනිත් අතට යන්නෙ.

කඩුල්ල පන්නලා තිබුන නිසාම මම කෙලින්ම බයික් එක මිදුලට දැම්මා. ඒත් මෙච්චර වෙලා තිබුන මගෙ සතුට වාශ්ප වෙලා ගියෙ  ඉස්තෝප්පුවෙ කොල්ලෙක් එක්ක හිනා වෙවී කතා කර කර ඉන්න ආයුව දැක්කට පස්සෙ. මිදුලෙ තව බයික් එකකුත් තිබුනා. මගෙ බයික් එකේ සද්දෙට ද කොහෙද ඒ දෙන්නගෙම  අවදානය මට ලැබුනා වගේම ඒ වෙලාවෙ තමා ඒ කොල්ලව හරියට දැක්කෙ. ඒ හිටියෙ දිනේෂ් කියන කොල්ලා මම හිතන්නෙ. ගමේ පොල් මෝල අයිතිකාරයාගෙ මල්ලි මම දන්න විදිහට.  මට දුකක් දැනුනෙ ආයු ඒ කොල්ලත් එක්ක කතා කර කර හිටිය නිසා නෙවෙයි. එයා ඒ විදිහට මාත් එක්ක කතා කරපු කාලයක් මට මතක නැති නිසා. එයා වෙන මිනිස්සුන්ට හිනා වෙලා කතා කරනවා මාව මග අරිනවා. මම මටම කින්ඩියට හිනා වෙලා බයික් එකෙන් බැස්සා.

” ආ මේ අපෙ දොස්තර මහත්තයා නේ.”

බඩු මල්ලත් අරන් ඉස්තෝප්පුවට යනකොට අර කොල්ලා මාත් එක්ක හිනා  වෙලා කතාකරත් ආයු අහක බලාගත්තා. පපුව හූරගෙන යනවා වගේ වේදනාවක් දැනුනත් මම වේදනාව හංගගෙනම ඒ කොල්ලත් එක්ක හිනා උනා.

” මේ පැත්තෙ මොකද doctor මොකක් හරි හදිසියක් ද..”

මගෙ දිහා හොදට බලපු ඒ කොල්ලා මගෙන් අහද්දි මට හිතුනෙ ඒකගෙ මූණ කට පොඩි කරලා දාන්න. යකෝ මගෙ ගෑනිගෙ ගෙදරටම ඇවිල්ලා මගෙන් ආවෙ මොකටද අහන්නෙ. මම තරහා ගියත් ඒක පෙන්නන්නෙ නැතුව සද්ද නැතුව හිටියෙ ඒකා ඇත්ත දන්නෙ නැති නිසා. ඌට උත්තරයක් දෙන්න කට ඇරියටත් ඊලගට ආයු කියපු දේත් එක්ක මට දැනුනෙ දරාගන්න බැරි දුකක්..

” ආ නෑ දිනේෂ් අයියා.. මේ ඉන්නෙ මගෙ නුවර යාලුවෙක්.. නුවරින් ආවට පස්සෙ ආයෙත් හම්බ උනේ එයා මෙහෙ hospital එකට ආවට පස්සෙ. මම දන්නෙත් නෑ අහම්බෙන් දැකලා කතා කරේ. අද පුතාව බලන්න එන්න ඇත්තෙ..වෙන මුකුත් සම්බන්ධයක් නෑ..”

” ආ එහෙමද…”

උබ හරි දක්ෂයි බං හරිම නිළේ අල්ලලා හුස්ම හිර කරන්න. මම දැක්කා ඒක කියලා එයා කට කොනින් හිනා වෙනවා. සතුටු ඇති මට රිද්දලා. ඒත් මගෙ මූණ දැකපු එයාගෙ ඇස් ගැස්සෙනවා මම හොදටම දැක්කා. සමහර විට තේරෙන්න ඇති එයා කරපු දේ බරපතලකම.. උබ ඔය වචන වලින් මිනිස්සුන්ව රිද්දවන්නෙ අදක ඊයෙක ඉදලා නෙවෙයි බං.

” අප්පත්තී.. ඔලා ඇයිල්ලා.”

ඒත් එක්කම ගේ ඇතුලෙ ඉදලා දුවගෙන ආවෙ මගෙ කොල්ල.. මට දැනුනෙ මෙච්චර වෙලා හිතේ තිබුන දුක හේදිලා ගියා වගේ. චූටි ටවල් කෑල්ලකුත් ඇදගෙන තාරා පැටියෙක් වගේ දුවගෙන ආපු කොල්ලා මාව දැක්කා විතරයි මගෙ ලගට දුවගෙන ආවෙ කෑ ගහගෙන. කොල්ලට පිටිපස්සෙන් ලලිතා අම්මත් ආවා.  වොශ් දාලා ද කොහෙද මගෙ කොල්ලා. මම මගෙ කකුලෙ එල්ලිලා හිටපු දග බෝලෙව උස්සලා වඩා ගත්තා.

” අප්පච්චිගෙ හීරෝ වොශ් දැම්ම ද ආ…”

” ඕනෙ අප්පත්තී.. අප්පත්තීගෙ හීලෝ වොත් දැම්මානෙ. තේනු දැන් තුදයි දේ ද අප්පත්තී.”

කොල්ලා හුරතලේට කේනු දැන් සුවදයි නේද කියලා   අහද්දි මම කරේ කොල්ලගෙ සුදු බන්ඩිය ඉම්බ එක. මගෙ රැවුල් කොට ඇනෙද්දි දැනුන කිචියටම ද කොහෙද කොල්ලා හයියෙන් හිනා වෙන්න ගත්තේ මගෙ හිතම පුරවලා. මම දැක්කා දිනේෂ් කියන එකා පුදුමෙන් මායි දරුවයි දිහා බලාගෙන ඉන්නවා. මම ඌව ගනන් ගන්නෙ නැතුව ගේ ඇතුලට ගියෙ කොල්ලගෙ ඇදුම් මාරු කරවන්න.

” අද මොනව ද මගෙ මැණික කරෙ ම්ම්ම්.”

” තේනු අද තෙල්ලම් තලා. ඊත පත්තෙ දෝවින් බුත් එතේ තලර් තලා. තාටුන් බැලුවා. ඊත පත්තෙ වොත් දැම්මා. තේනු අප්පත්තී එනතම් බලාදෙන හිතියා. තේනු මිත් යූ අප්පත්තී… “

කොල්ලා කටත් උල් කර කර අද දවසේ කරපු දේවල් කියද්දි මට දැනුනෙ කොල්ලව එක කටට ගිලලා දාන්න. ඒ තරම් හුරතලයක් මේකා. ඒත් එක්කම මිදුලෙන් මට ඇහුනෙ බයික් එකක් ස්ටාර්ට් කරගෙන යන සද්දෙ. අරූ යන්න ඇති.

…

…

…

” කේනු මොනවද ඔය කන්නෙ ආ..”

මායි දරුවයි හිටියෙ සාලෙට වෙලා ටීවි බලනගමන්. කොල්ලා මම ගෙනත් දීපු ටිපි ටිප් එකත් බදාගෙන මගෙ ඔඩොක්කුවට වෙලා හිරු එකේ යන පිනෝකියෝ බලනවා. ටීවි එකේ ගිලිලා හිටපු අපි දෙන්නම ගැස්සිලා ගියෙ එක පාරටම ඇහුන ටකරන් වොයිස් එක නිසා. තව පොඩ්ඩෙන් කොල්ලවත් බිමට වැටෙනවා යකූ ඒ සද්දෙට.

” අයි අලේ තෑගහන්නෙ. තේනු බය උනා.”

මගෙ අත් අස්සෙ රිංගගෙන කොල්ලා ආයුට නෝක්කාඩු කියද්දි මම ආයුව ගනන් නොගෙනම ටීවි එකට අවදානය දුන්නා.

” කෑගහන්න නෙවෙයි. දැන් ඕවා කාලා බඩ පිරුනම රෑට කන්නෙ කොහොමද ආ. “

” අලේ බොලුවත තෑදහන්නෙ නැතූ ඉන්දකෝ. තේනු හබුන් තනෝ. ඔලා තමා තන්නෙ නැත්තේ. අප්පත්තී ඔලා දන්නෙ නෑදෙ ඇමදාම බද පිලුනා කීලා තුත්තක් තාලා අත්තම්මිදෙන් බැනුම් අහන්දෙ අම්මි තමා. “

යෝ කොල්ලෝ. කොල්ලා කියපු දේත් එක්ක මගෙ හිනාව පුපුරලා ගියා. කවුද හිතුවෙ කොල්ලා මේ වගේ උත්තරයක් දෙයි කියලා. මේ කොල්ලා නම් පන්ඩිත සීයෙක්. මම දැක්කා ආයු ලැජ්ජාවටම රතු වෙලා ඉන්නවා. 

” එනවකො ආයෙ අම්මි ගාගෙන. තමුනුත් හිනා වෙවී ඉන්නවා. අප්පච්චි පුතයි දෙන්නම එකයි. මම යනවා යන්න.. “

බොහොම අමාරුවෙන් නවත්ත ගත්ත හිනාව ආයෙත් එළියට පැන්නෙ අපි දෙන්නටම කෑගහපු ආයු ගස්සගෙන ගිය විදිහ දැකලා.

දඩාස්…

හයියෙන් හිනා වෙවී හිටපු මම මගෙ හිනාව බොහොම අමාරුවෙන් නවත්ත ගත්තෙ කුස්සියෙන් ඇහුන සද්දෙ නිසා. තව කල් ජීවත් වෙන්න ඕනෙ නම් කට වගගෙන ඉන්න එක ඇගට ගුණයි වගේ.

…

…

…

මම ඇදේ නිදාගෙන හිටපු කොල්ලගෙත් නළල ඉඹලා ලලිතා අම්මටත් යනවා කියාගෙන එළියට බැස්සෙ  ගෙදර යන්න කියලා. කාලා බීලා සෙල්ලම් කරලා අන්තිමට හැමදාම නිදාගන්න වෙලාවට කොල්ලා මගෙ අතේම  නින්දට වැටෙද්දි තවත් ඉන්න බැරි නිසාම ලෝබකමේ මම  බයික් එක ලගට ආවා. මේ දවස් ටිකේම කොල්ලව දාලා යද්දි දැනෙන්නෙ එසේ මෙසේ දුකක් නෙවෙයි.  ගෙදර ගියාම දැනෙන්නෙ පුදුම පාලුවක්. හැමවෙලාවෙම කොල්ලො දෙන්නා ලගට වෙලා ඉන්න තියනවා නම් කියලා හිතෙනවා.  අද රනියත් නෑනෙ පුදුම මුස්පේන්තුවක් ඇත්තෙ ගෙදර. ඒත් ඉතින් මොනවා කරන්නද.

” තේව්..”

මම බයික් එකට නැගලා ඒක ස්ටාර්ට් කරගන්න උනේ නෑ ගේ ඇතුලේ ඉදලා ආපු ආයු මට කතා කරා. මම ප්‍රශ්නාර්තයක් මූණෙ තියාගෙන එයා දිහා බලාගෙන ඉද්දි එයා මගෙ ලගටම ඇවිල්ලා හිට ගත්තා. ගෙදර ඉස්තෝප්පුවෙ දාලා තියන ලයිට් එක නිසා මිදුලෙ බාගයක්ම තිබුනෙ එළිය වෙලා. ඒ මූණෙ තියෙන්නෙ දුකක් වගේ.

” අනෙ මට සමාවෙන්න තේව්..”

මගෙ ලගට ආපු එයා බිම බලාගෙම සමාවෙන්න කියලා කියද්දි මට හිතා ගන්න් බැරි උනා එයා ඇයි සමාව ඉල්ලන්නෙ කියලා.

” හවස දිනේෂ් අයියට අර විදිහට ඔයා ගැන කිව්වට..”

ආ ඒකට ද එයා මේ සමාව ඉල්ලන්නෙ. වෙනදට එයා කොච්චර කතාකරේ නැතත් මම බලෙන් හරි මොනවා හරි කියනවා. කොල්ලට ගේන දේවල් වලින්ම එයාටත් දීලා ගත්තෙ නැත්තම් බලෙන්ම ඇගේ ගහනවා. අද ඒ මුකුත් මම කරේ නෑ. එයා කරනවා වගේම මාත් එයාව මග ඇරියා. වෙන සමහර විට මම වැරදි ඇති. ඒත් මට දුක හිතුනා. සමහර විට ඒකෙන් එයාට අවුල් යන්න ඇති ඒක තමා මේ සමාව ඉල්ලනවා ඇත්තේ.

” ආ ඒක අවුලක් නෑ. කොහොමත් එක පාරටම දරුවගෙ අප්පච්චි මම කියලා කියන්න විදිහක් නෑනෙ. අනික මම දන්නවා ඔයා කැමති නෑ කියලා දරුවගෙ අප්පච්චි මම කියලා කියනවට. ඒක නිසා අවුලක් නෑ අයුක්ෂ ඒක ගැන හිතන්න එපා අමතක කරලා දාන්න. “

” අනේ එහෙම දෙයක් නෑ තේව්.”

” අයියෝ ඒක ගැන හිතන්න එපා. අප්පෙක් වෙන්න සුදුසු නැති මට මෙහෙම හරි මගෙ දරුවා ලග ඉන්න දෙන එකම ඇති බං. වෙන මුකුත් ඕනෙ නෑ. “

එහෙම කියපු මම බයික් එක ස්ටාර්ට් කරගත්තේ එතනින් යන්න. මට ඕනෙ උනේ නෑ ආයු එක්ක තවත් කතා කරලා ඒ හිත රිද්දන්න.

” ඉහික්..”

ඒ දුක පිරුන මූණ දිහා තවත් එතන ඉන්න බැරි නිසාම මම යන්න ගියත් මම නැවතුනෙ ඇහුන ඉකි බිදින සද්දෙ නිසා.  මම ඔලුව හරවල බලද්දි තමා දැක්කේ  ඔලුවත් බිමට නමාගෙන අඩන ආයුව. එයා අඩනවා බලන්න තරම් ශක්තියක් නැති නිසා ඉක්මනට බයික් එකෙන් බැහැපු මම එයාව තුරුල් කර ගත්තා. කොල්ලා ඉකි ගහනවා

” අනේ ම්ම..ට ස්..සමාවෙන්න තේ…ව්.. ම..ට ඕනෙ උනේ ඉහික් ඔයාට රිද්ද…න්න. ඒකයිහ් එහෙම ක්..කිවේ… ඉහික්..”

” ඒක මම අමතක කරා බං. හයියෝ පොඩි එකෙක් වගේ අඩන්නෙ නැතුව ඉන්නවකෝ. අඩලා මූණත් කැත කරගන්නවා දැන්..”

විනාඩි ගානක්ම මගෙ තුරුලට වෙලා අඩපු එයා අන්තිමට අඩන එක නවත්තලා සංසුන් උනා. ඒත් මගෙ පපුවෙන් අයින් උනෙ නෑ. මම එයාගෙ ඔලුව අත ගාන එක නතර කරෙත් නෑ. අන්තිමට එයා කතා කරා.

” මට සමාවෙන්න තේව්. මම තරහෙන් හිටපු නිසයි ඔයාව මේ දවස් ටිකේ මග ඇරියෙ.  නැතුව ආදරේ නැතුව නෙවෙයි. ඔයා මට හැමදේම හංගපු නිසා මට දුක හිතුනා. මට ඕනෙ උනේ ඔයාට පොඩ්ඩක් රිද්දන්න. ඔයාගෙ පපුවට තුරුල් වෙලා ඉන්න ආස හිතුනෙ නැතුව නෙවෙයි. ඒත් මට ඕනෙ උනේ පොඩ්ඩක් ඔයාට රිද්දලා ලං වෙන්න. මම වැරදි ඇති . සමාවෙන්න තේව්.. මම මහ මෝඩයෙක් වගේ වැඩ කරේ. අද උන දේ හොදටම ඕනවට වැඩී කියලා තේරුනේ ඔයාගෙ මූණ දැක්කට පස්සෙ. අනේ මට සමාවෙන්න තේව්. “

” à·‚à·Šà·‚à·Šà·‚à·Š.. ඒක ඉවරයි බබා.. “

” ඔයා පුතත් එක්ක ඉන්න විදිහට මට ඉරිසියා හිතෙනවා. මට තවත් ඔයාගෙන් ඈත් වෙලා ඉන්න තරම් ශක්තියක් නෑ තේව්.. ඔයා බොරු කියපු එකට මේ දවස් ටිකේම ඔයාව මග ඇරලා රිද්දුවත් මට අමතක උනා මම විතරක් නෙවෙයි ඔයත් පහුගිය කාලෙ දුක් වින්දා කියන එක. මම හිතුවෙ මගෙ ගැන විතරයි. තවත් ඔයාගෙන් ඈත් වෙලා දුක් විදින්න බෑ තේව්. මේ අවුරුදු ගානම මම විදෙව්වා තවත් නම් බෑ. මට ඔයාව ඕනෙ තේව්. අනේ ම්..මට ත..වත් ඔයාගෙන් ඈ..ත් ව්..වෙලා ඉ..ඉන්න බෑහ්..

ම්..මම  ඔ..ඔයාට  ග්..ගොඩක් ආදරෙයිහ් ත්..තේව්ව්.”

අන්තිමට එයා ඒක කිව්වා. මම මෙච්චර දවසක් එයා කියනකම් බලාගෙන හිටපු වචන ටික නොහිතපු වෙලාවක නොහිතපු විදිහට එයා කිව්වා. මට දැනුන සතුට වචන කරන්න තේරුනේ නැති තරම්. මගෙ ඇස් වලින් කදුලු කඩාගෙන වැටුනේ ඒ වචන මට දරාගන්න බැරි උන නිසා.

” මම දන්නවා මැණික මම වැරදි.. ගොඩක් වැර්දී. ඔයාට හැමදේම හැංගුවා. ඒත් ඒ හැමදේම කරේ ඔය වෙනුන්වෙන් මැණික. ඔයා වෙනුවෙන් විතරමයි. මට තව එකම එක අවස්තාවක් දෙන්න රත්තරන්. උබලා දෙන්නට හීරීමක්වත් වෙන්න දෙන්නෙ නෑ.. තාමත් මේ පපුව අස්සෙ ඉන්නෙ උබ විතරයි මගෙ මැණික. උබ විතරයි. මම හිටියෙ පිච්චි පිච්චි බං. මම හිතුවෙම උබෙ ආදරේ මට ආය ලැබෙන එකක් නෑ කියලා. මම පොරොන්දු වෙනවා මැණික උබලා දෙන්නව දාලා ආයෙ කවදාවත් යන්නෙ නෑ කියලා..උබලා දෙන්නව කවදාවත් මම තනි කරන්නෙ නෑ. මේ අල්ල ගත්ත අත කවදාවත් අත අරින්නෙ නෑ වස්තුව..

මමත් ආදරෙයි රත්තරන් උබයි දරුවයි තමා මගෙ මුළු ලෝකෙම..”

මම ඒ නළලින් හාදුවක් තිබ්බා. අවුරුදු ගානකට පස්සෙ ඒ මූණෙ මම තොල් තද කරා.. අවුරුදු ගානකට පස්සෙ ලැබුන තොල් පහසටම ද කොහෙද මම දැක්කා ආයුගෙ ඇස් දෙකත් පිය වෙලා යනවා.

” අපි ආය මුල ඉදලා පටන් ගමු තේව්. හැමදේම මුල ඉදලා පටන් ගමු. අලුත් විදිහට.. අපේම ලෝකයක් හොයාගෙන යමු තේව්.. “

” අනිවාරෙන් මගෙ මැණික. අපෙ නරක කාලෙ ඉවරයි. මේ පටන් ගන්නෙ අපේ වසන්ත කාලේ…..”

ආයුගෙ ඇස් දෙක දිහා බලාගෙනම එහෙම කියපු මම ඒ රතු පාට තොල් වලට පහත් උනේ අවුරුදු ගානකට පස්සෙ ලැබුන උණුසුම අත අරින්න දැනුන ලෝභකමට. මම කරන්න යන දේ දැනුන නිසාමද කොහෙද ආයු ඇස් දෙක පියාගෙම මට අවසර දුන්නෙ අවුරුදු ගානකට පස්සෙ මම ඒ තොල්වල රස බලද්දි.

ඉතින් මෙච්චර කල් අපි දෙන්නා දෙතැනක විදවන්න ඇත්තේ මේ වගේ ලස්සන ජීවිතයක් අපි දෙන්නටම ලැබෙන්න තියන නිසා වෙන්න ඇති. අපෙ ආදරේ තව තවත් ශක්තිමත් කරන්න ඕනෙ නිසා වෙන්න ඇති. ආය කවදාවත් මගෙ වස්තුවගෙ අත මම අත ඇරෙන්න දෙන්නෙ නෑ.

අනිවාරෙන් දුෂ්කරම කාර්තු වලට පස්සෙ ලස්සනම ලස්සන වසන්ත කාර්තුවක් එනවා.. හරියට මේ අපේ ජීවිතවලට ආවා වගේ. බය නැතුව ශක්තිමත්ව ජීවිතේට මූණ දෙන්න කවදාවත් වැටෙන්න එපා.. ඉක්මනින්ම වසන්තය එයි… අලුත්ම විදිහට…

______________________________________________

• ඔන්න ආයුවයි තේව්වයි එකතු කරා… ❤️💚

• තව කොටස් තුනයි ලමයි… (මට ලෝබයි මේ කතාව ඉවර කරන්න)..🥺❤️

• ඉතින් අදහසක් කියාගෙන යන්න හොදේ… මට reply  කරන්න බැරි උනාට ඔයාලා දාන හැම comment එකක්ම මම කියවනවා හොද ද.. මම පුලුවන් වෙලාවට reply කරන්නම්… 🥺❤️

• මගෙ කතාවට ආදරේ කරන හැමෝටම ස්තූතියි ඒ වගේම ආදරෙයි… ❤️💚

• ඉක්මනින් ඊළග කොටසින් මුණ ගැහෙමු….

**ආ තව දෙයක් කියාගෙන යන්න ලමයි. ඊලග කතාව zhanyi කරන්න ද non ff කරන්න ද .. මට හිතාගන්න බෑ අලේ.. ඔයාලා කැමති විදිහක් කියන්නකෝ… **

…Nethu…

Tags: read novel À¶†À¶ºà·” (Completed) Âœ” 47, novel À¶†À¶ºà·” (Completed) Âœ” 47, read À¶†À¶ºà·” (Completed) Âœ” 47 online, À¶†À¶ºà·” (Completed) Âœ” 47 chapter, À¶†À¶ºà·” (Completed) Âœ” 47 high quality, À¶†À¶ºà·” (Completed) Âœ” 47 light novel, ,

Comment

Leave a Reply

Chapter 47