НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ fourteen

A+ A-

(සින්දුව අහන්න 😁)

“ඕයිහ්… ටේ… උබ සිරාවටම අපේ කුකාට ලවු ද බන්… මට තාම විශ්වාස කරන්න බෑ පට්ට හැපි යකෝ…”

ර්ර්ර්ර්ර්ර් ජිමින්… විසාල කරදරයක් වුණා නේ මේක…යකෝ අපි මේ ලෙක්චර් එකක් මැද්දේ ඉන්නෙ… නිදහසේ ඉගෙන ගන්නවත් දියන්කෝ…

ඌ අහන ඒවා ඇහෙන්නේ නැ වගේ මං අපේ තට්ට නාකි ලෙක්චර බෝර්ඩ් එකේ ඇදපු වගුව දිහා බලාගෙන හිටියා…

ඊයේ ඉදන් මුන් ඔක්කොම මටයි ජන්කුකටයි ආතල් දෙනවා….ජන්කුකට නම් වැඩි ගානක් නැ වගේ… ඒ උනාට මට මේක සෑහෙන්න ලොකු වදයක් වෙලා තියෙන්නේ…

“අම්මෝ උබලා දෙන්න ලවු නේ…”

“සිරාවටම උබ බොටම් උනාද බන්… ගැම්මක් තමයි…”

“ඒ ටේහයුන්ග් ජන්කුක්ගේ පොල්ල ලොකුද… සැප කොහොමද…”

“ඒකනේ අපි බැලුවේ වෙනදට අපිටත් බඩු සපයන එකා එක පාරම සිල් ගත්තේ මොකද කියල…”

“අම්මෝ ඒ ලවු එක… රෝමියෝ ජුලියට් වගේ…”

ලවු නෙවෙයි ඉලවූ… ඊයේ ඉදන් ඔය වගේ එව්වා මගේ ඔලුව වටේ කැරකෙනවා… ෂිට්…

මං හිතුවේ අදවත් මුන් මාව චාටර් නොකර ඉදිවී කියල උනාද කොලේජ් ඒකට ආපු තැන ඉදන් මුන් මගේ මානසික නිදහස උදුර ගන්නවා…

ර්ර්ර්ර්ර්… ජියොන් ජන්කුක්… තමුසේ තමයි මේවට වග කියන්න ඕන මිනිහෝ…!!!ඒත් උට ගානක් නැ… පගය..

“අනේ ඕයි… උබේ බොරු මරිසිය නේ… මට කිව්වෙත් නැ උබලා දෙන්න අෆෙයා එකක් පටන් ගත්තා කියල… යකෝ මං යුන් එක්ක යාලු වෙලා ඉස්සෙල්ලම කිව්වේ බොට…අනික ~”

“ඇති පුත්තිගේ හුතෝ… ඇති… එහෙම ඉලව්වක් නැ… ජන්කුක් කියන්නෙත් මාත් එක්ක නිදා ගත්ත කෙල්ලො ගොඩට වැටෙන එකෙක්… එතන ඇති ලවක් නැ… ජන්කුක් නැතත් මට හිතුනොත් මං වෙන කොල්ලෙක් එක්ක ඇදට යනවා… ප්ලීස් දැන් වත් කට වහපන්… මං උට ලවු නැ!!!”

මං දත් මිටි කාගෙන ටිකක් තදින් කිව්වම ජිමින්ගේ මූන කරත්තෙට අහු වුන කජු ලෙල්ල වගේ උනා…දැන් වත් මේ කරච්චලේ නවත්තාවි නේ…

උපරිම තත්පර දහයක් විතර ගෙවෙන්න ඇති..මන් රවාගෙන ජිමින දිහා බලාගෙන ඉදිද්දී අපේ පිටිපස්සෙන් විශාල ශබ්දයක් ඇහුනා…

ඒ අපේ පිටිපස්සේ පේලියේ වාඩි වෙලා හිටපු ජන්කුක්…මිනිහ වාඩි වෙලා හිටපු බෙන්ච් එක අනිත් ළමයි වාඩි වෙලා ඉදිද්දිම සද්දෙන් තල්ලු කරලා පුක කැඩිච්ච කඩිය වගේ කෙලින්ම ලෙක්චර් හෝල් එකෙන් එලියට ගියා…යකෝ ෆ්ලෑෂ් ගේ මල්ලිද?

මේ මිනිහට එක පාරටම මොකක්ද උනේ…අපේ තට්ට ප්රොෆාත් කන්ෆියුස් වෙලා දොර ආලෝකයේ වේගයෙන් දඩස් ගාල වැහිලා ගියපු හැටි බලාගෙන හිටියා…

වැරදිලාවත් මන් කියපු එක ඇහුනද?

ඇහුනත් මොකෝ මන් උට ආදරෙයි කිව්වේ නෑ නේ…

ඒ උනාට ඔය ගියපු යෑම නම් එච්චර හොද නෑ…පිස්සා මොනවා කරගනිවිද දන්නේ නෑ…ෂිට් ෂිට්…මේ පිස්සත් මට පුදුම වදයක් තමයි දෙන්නේ…

“එහ් බන් මන් හිතන්නේ උට උබ කියපු එක ඇහුනා…අඩෝ මන් හිතන්නේ ඌ උබට සිරාවටම ආදරේ–“

ජිමින කියවගෙන ගියත් ඌ කියාපු දේ සම්පූර්ණ කරන්න කලින් මාත් හිටපු තැනින් නැගිටලා ලෙක්චර් හෝල් එකෙන් එලියට දිව්වා…වෙන මොකටවත් නෙවෙයි..මගේ පිස්සව හොයාගන්න…

මන් දන්නවා…උ මට ආදරෙයි…ඒත් මට එහෙම හැගීමක් පහල වෙන්නේ නැත්නම් මන් මොනවා කරන්නද?

මන් ජන්කුක් එක්ක ඉන්න කැමතියි…ඒකා වැඩ කරන්නේ මන් උගේ දරුවෙක් ගානට දාලා…ඒත් ආදරයක්…අනේ මන්ද…ඒ හැගීම මට ආගන්තුකයි…මන් ඒ හැගීම අදුනන්නේ නෑ…’

මොනවා උනත් අපි යාළුවො…ජන්කුක් වගේම මම ..අපි දෙන්න…අපි දෙන්න අතර මොනවා උනත් අපි හොද යාළුවො…

මන් හොයන්න මුළු කොලේජ් එකම පීරුවා…වෙනද ජන්කුක්ව හොයාගන්න පුළුවන් කිසිම තැනක ජන්කුක් හිටියේ නෑ…

ඒත් එක්කම හෙනයක් ගැහුවා වගේ මගේ ඔලුවට ආවේ උ තනියම ඉන්න ඕන වෙලාවට රූෆ් ටොප් එකට යනවයි කියල මීට ටික දවසකට කලින් කියපු කතාව….

මගේ කකුල් ඉබේම ලිෆ්ට් එක පැත්තට ඇදුනා…

Jungkook’s POV

මේ ලෝකේ පැලෙන්න ආදරේ කරන ඒ වගේම අනිත් පැත්තට ආදරේ ලබන උන් ඉන්නවා නේද..උන් තමයි වාසනාවන්ත මිනිස්සු කියන්නේ…

එහෙම බැලුවම මන් පුදුම අවාසනාවන්තයෙක්…මේ ලෝකේ මන් ආදරේ කරන එකම කෙනාගේ ආදරේ වත් ආපස්සට ලබන්න මට පිනක් නැහැ…

මට ආදරේ දීපු ආදරේ කියල දීපු මගේ මමා මාව දාල ගියාම මන් හිතාගත්තා මන් තවත් කාටවත් ආදරේ කරන්නේ නෑ කියල…

ඒත් මගේම හිත මට ද්‍රෝහි වුනා…අවුරුදු දෙකකට කලින් දැකපු එකම එක රූපයක් මගේ මුළු හිතම අයිතිකරගෙන…හිතට දැනුන ආදරේ නවත්තන්න්න කොච්චර උත්සහ කරත් අන්තිමේදී ඒ ආදරේ ඇබ්බැහියක් තරමටම වැඩි වුන එක විතරයි වුනේ… හේතුවක්?…නෑ..කිසිම හේතුවක් නෑ…ඒත් මන් ආදරෙයි…

ඇත්තටම මන් පිස්සෙක්…හොද සිහියෙන් ඉන්නවා වගේ පිටට පෙනුනත් මගේ හිත ගියපු මගේ කොල්ල…මගේ ළමය මගේ එකම ආදරේ මාව පිස්සෙක් කරලා…

මන් රූෆ් ටොප් එකේ බැම්ම උඩ ඇවිදින එක නතර කරලා ඉස්සරහ හැරුනා…වුනු හැමදෙයක්ම හිතල බලද්දී අන්තිමට වැරදි මන් ම තමයි…

ආදරේ කියන්නෙම සුන්දර වැරද්දක්…

ඒ නිසාම මන් වැරදි කාරයෙක්…

මගේම යාලුවෙක්ට යාළුවා කියන සීමාව කඩල දාල ආදරේ කරන වැරැද්ද කරගත්තේ මන් මයි…

වැරද්දක් කරා නම් අනිවරෙන්ම දඩුවමක් තියනවා…මන් මගේ දඩුවම විදින ගමන්…නොලැබෙන නොගැලපෙන කෙනෙක්ට ආදරේ කරපු වැරැද්දට දඩුවම් විදින ගමන්…

ජන්කුක් කියන්නෙත් මාත් එක්ක නිදා ගත්ත කෙල්ලො ගොඩට වැටෙන එකෙක්…


ඒ වචන මගේ පපුව හාරනවා වගේ…මන් ආදරේ කරන එකාට මන් නිකන්ම නිකන් සෙල්ලම් බඩුවක් කියන හැගීම…මන් නම් කියන්නේ ඒක මේ ලෝකේ කිසිම කෙනෙක් විදින්න සුදුසු හැගීමක් නෙවෙයි…

කොහොම මාව රිද්දුවත් මට උබව අමතක කරන්න බෑ බන්…මගේ මැණික..මන් උබට ආදරෙයි…මෙතන ආදරේ කරන්නේ මන් විතරයි…ඉතින් මන් හිතන්නේ දුරටත් උබට බල කරලා මාත් එක්ක තියාගන්න එක උබට වදයක්…ඉතින්…මන් උබට යන්න දෙන්නම්…

තට්ටු ගානක් උස බිල්ඩිමේ උඩම ඉදන් මන් පල්ලෙහා බැලුවා…මන් මෙතනින් පැන්නත් දුක් වෙන්න එකෙක් නම් නෑ..මොකද මට ආදරේ කරන එකම කෙනා මේ ලෝකෙන් ගිහින් ගොඩක් කල්…

මන් පල්ලෙහා බලාගෙන ඉදිද්දී එක පාරටම දඩස් ගාල රූෆ් ටොප් එකේ දොර ඇරුනා…මන් ඔලුව විතරක් හරවල බැලුව…මන් කැමති නෑ මට තනියම ඉන්න ඕන වෙලාවට වෙන කෙනෙක්ව දකින්නවත්…ඒත් මේ ආපු කෙනා…එයා මොන වෙලාවේ දැක්කත් මට දැනෙන්නේ සතුටක්…මුළු පපුවම ගැලවිලා එලියට එන්න තරම් තදට හදවත ගැහෙනවා…

මන් ඉන්න තැනට ටිකක් එහායින් දණහිස් දෙකට අත් තියාගෙන හති අරින එයාව දැක්කම මගේ තොල් වල මටත් නොදනිම ආදරණිය හිනාවක් ඇදුනා…මන් දන්නේ නෑ…එයාව දකින ඕනම වෙලාවක ඒක ඉබේම වෙනවා…

එයා ලස්සනයි…හීනි දුබුරු ඇස්…හීනි තොල්…බෙල්ල ගාවට දිග කළු කොන්ඩේ…මන් දැකපු ලස්සනම රූපේ අයිතිකාරයා තමයි ටේහ්යුන්ග්…

මන් එයා දිහා බලාගෙන ඉදිද්දී එක පාරටම ඇස් ඇරපු එයා බයෙන් වගේ මගේ දිහා බලාගෙන ඉක්මනට මගේ ලගට දුවල ආවා..,පිස්සු කෝච්චිය හිතුවද දන්නේ නැ මන් මෙතනින් පනින්න යනවා කියල…

“ජ..ජන්කුක්…පිස්සු නැතුව බහින්නකෝ…මන් මන් අරම කිව්වේ ජිමින් වද දෙන නිසා නේ…හොද ළමය වගේ බහින්නකෝ…”

මන් කිව්වේ…කෝලමක්…කට නිකන් මැෂින් ගන් එකක් වගේ…වචන වලින් වෙඩි තියනවා….

මන් මගේ කෝලම දිහා ටික වෙලාවක් බලාගෙන ඉදල නැගල හිටපු බැම්මෙන් බිමට පැනල අත් දෙකත් සාක්කු වල ඔබාගෙන බයෙන් වගේ බලාගෙන ඉන්න එයා ළගට ගියා…

“ම්ම්…ඇයි බොරු කියන්නේ ම්ම්…?”

මන් ඒ ලස්සන ඇස් දිහාම බලාගෙන ඇහුව…හැමදෙයක්ම බොරුවක්…කමක් නෑ..බොරුවක් වුනත් එයාගේ කටින් පිට වෙන එක වචනයක් ඇති මට සැනසෙන්න…

“ජන්කුක් මන්-“

“ශ්ශ්ෂ්…මට කතා කරන්න දෙන්න..මන් උබට ආදරෙයි…ඒත් ඔඋබ එහෙම නෑ…මන් දන්නවා…මාව උබට සැහෙන්න ලොකු වදයක්…එහෙම නේ…”

එයා කතා කරන්න හැදුව..ඒත් මන් එයාට ඉඩ දුන්නේ නෑ…අද ඉදන් මේ මොහොතෙන් පස්සේ මගේ කොල්ල සතුටින් ඉදිවී…

“අහ..-“

“නෑ…නෑ..ඉන්න…මන් ඔයාව මේ වදෙන් නිදහස් කරන්න හදන්නේ මගේ දරුවෝ…තවත් මන් ඔයාට වද දෙන්න ඔයාගේ පස්සෙන් එන්නේ නෑ…ඔයාට ඕනම දෙයක් ඕනම කෙනෙක් එක්ක කරන්න…ඒත් පරිස්සමින්…

මගේ ආදරේ හැමදාටම උබට විතරයි…ඈතින් ඉදන් උබ දිහා බලන් ඉන්න විතරක් මට ඉඩ දීපන්…”

“ජන්කුක්…අහ_-“

අවුරුදු ගානකට පස්සේ මන් මෙච්චර කතා කරාමද කොහෙද..හැමදාම කියවන එයාගේ කටට මන් අද අගුලු දැම්ම…

“මන් යන්නම්…තව දුරටත් ජිමින්ල උනත් උබට වද දෙන එකක් නෑ..කොලේජ් එකේ වයිරල් වුනු අනිත් කතා ගැනත් මන් බලාගන්නම්…තව දුරටත් ඒවා නිසා ඔයාට ලජ්ජා වෙන්න දෙයක් නෑ…මාව සම්පූර්නෙන්ම අමතක කරල දාන්න…මට ආදරේ නැති උනාට කමක් නෑ …ඒත් උබට ගැලපෙන ලස්සන ආදරයක් හොයාගන්න…”

“අහ්…තව දෙයක්…මට කාලේ ආපස්සට යන්න පුළුවන් උනා නම්..මන් උබව දැකපු ඒ මොහොත වෙනස් කරනවා උබව නොදැක ඉන්න පුළුවන් විදියට…මොකද මන් දැකපු මොහොතේ ඉදන් ආදරේ කරා…

උබේ වැරද්දක් නෑ,…උබෙන් යාලු කමකට එහා දෙයක් බලාපොරොත්තු වුනු මගෙයි වැරැද්ද,,..”

ඇස් වලට උනන කදුළු බොහොම අමාරුවෙන් නවත්තගෙන මන් ටේහ්යුන්ග් ඉණ වටේ අත දාල ලගට ඇදල ගත්තා…එයාගේ හීනි ඇස් බෝල කරගෙන ඉන්න දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු මම අන්තිම වතාව කියන එක මගේ ඔලුවට දාගන්න ගමන් ම එයාගේ නළලට පුංචි හාදුවක් තිබ්බ…

“මන් යන්නම්…අන්තිම වතාව නිසා…හාදුවක් දුන්නට සමාවෙන්න….”

මන් දිහා ගල් ගැහිලා වගේ බලාගෙන හිටපු ටේහ්යුන්ග් à·€ දාල මන් පුළුවන් තරම් වේගෙන් ඇවිද්ද…තවත් එතන හිටියොත් මන් ලොකු අමාරුවක වැටෙනවා කියන එක දන්නා නිසාම මන් පුළුවන් තරම් වේගෙන් පාකින් එකට ඇවිත් වාහනේට නැගල ස්ටාර්ට් කරා..

එයාව දැක්ක දවස…එයාට ඇබ්බැහි වුනු විදිය…අපි යාලුවෝ වුනු විදිය… මම අවුරුදු දෙකක් තිස්සේ දුර ඉදන් එයාට ආදරේ කරපු විදිය…ඉවසන්නම බැරි තැන මන් මගේ හැගීම් එයාට කියපු හැටි…මන් ආදරේ කරන්න කියල කරපු හැම දෙයක්ම එයාට වදයක් වුනු හැටි…දැන් ටිකකට කලින් ඒ මූණ…

හැමදේම මගේ චිත්‍රපටියක් වගේ මැවිලා පෙනෙද්දී ඉබේම මගේ අතින් කාර් එකේ ඇක්සලේටර් එක පෑගුනා…  

=======

චොර උනාද මන්ද සගෝ….ඉමොෂනල් වෙන්න තේරෙන්නේ නෑ අප්පා…මගේ හිත හැදෙන්නත් එක්ක මේ කෑල්ල කොහොමද කියාගෙන යන්නකෝ…

Tags: read novel НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ fourteen, novel НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ fourteen, read НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ fourteen online, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ fourteen chapter, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ fourteen high quality, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ fourteen light novel, ,

Comment

Leave a Reply

Chapter 14