НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ five

A+ A-

සෝල් ටවුන් එක මැද්දෙ තියන ගෙදරක සිංහයෙක් ඉන්නවා කියන එක හරිම සාමාන්‍ය දෙයක්…..

මේ දැන් මගේ ඉස්සරහ වාඩි වෙලා මන් වගේ දෙකක් වෙච්ච සිංහයාගේ කොන්ඩෙ අත ගානගමන් ඉන්න ජන්කුක් මට කිව්වේ එහෙමයි….

මන් කිව්වා කියල මතක තියාගන්න…ජියොන් ජන්කුක් කියන්නේ අමු පිස්සෙක්….

උගේ හුරතලා සිංහයෙක්…

මන් රූම් එකෙන් එලියට එනකොට සාලේ සෝෆා එකේ දපල හිටපු ජන්කුක්ගේ හුරතලාව දැකපු මන් තව පොඩ්ඩෙන් ස්වර්ගස්ථ වෙනවා…මන් කෑගහල ඒ සතාගේ රෑ කෑම වෙන්න ගිය එකෙන් යන්තම් බේරුනේ මගේ සද්දේ ඇහිල කළු පාට ශෝටක් විතරක් ඇදගෙන දුවල ආපු ජන්කුක් නිසා…

ඒකා මේ ළගදි ලු මේ මැන්ෂන් එකට ගෙනාවේ…ඒත් මේ සතා ඇස් ඇරපු දවසේ ඉදන් හදන්නේ ජන්කුක්ලු…. අනිත් විශේෂම දේ ඌ ජන්කුක් කියන ඕනම දෙයක් කරනවලු…ඕනම දෙයක්….  

විහිලුම දේ ඒ සතාගේ නම කියුටි…ඇත්තටම ජන්කුක්ට පිස්සු…

“ජන්කුක්…උබට කතා කරන්න ඕන කිව්වේ මොකක් ගැන ද?”

ජන්කුක් වාඩි වෙලා හිටපු පුටුව ලග බිම ලැගල ජන්කුක්ගේ කලවයක් උඩින් ඔලුව තියාගෙන පුරු පුරු ගාන සිංහය දිහා ඇහැ කොනින් බලන ගමන් මන් මුලින්ම කට ඇරිය…මේ සතාගේ රෑ කෑම වෙන්න කලින් ඉක්මනට පැන ගනින් කියල මගේ ටිකිරි මොලේ කෑගැහුවා…

“ම්ම්ම්…මන් කෙනෙක්ට ආදරෙයි…”

ඒකට නම් මගේ ඇස් දෙක ටීක් බෝල සයිස් වුනා…

මන් ඒ කවුද කියල අහන්න කට ඇරියත් ජන්කුක් මට කතා කරන්න දුන්නේ නෑ…

“ඉන්න ඉන්න…ටේහ්යුන්ග් ඉස්සෙල්ල මට කියල ඉවර කරන්න දෙන්න…මන් දැන් අවුරුදු දෙකක ඉදන් කෙනෙක්ට ආදරේ කරනවා…ඒත් ඌ කෙල්ලෝ එක්ක වටේ යනවා…මන් දන්න තරමින් එයා ස්ට්‍රේට්…උබ හිතන්නේ මන් මේකට මොකක්ද කරන්න ඕන?”

හරිම සැහැල්ලුවෙන් අර යක්ෂ සතාගේ ඔලුව ඇත ගගා ජන්කුක් කතා කරනව…බලන් ගියාම මූ අපි හැමෝටම කොලේ වහල ගේම ගහන්න හදල තියෙන්නේ…අවුරුදු දෙකක් කියන්නේ කජු ඇට ද කොස් ඇට ද?මු නම් පිස්සෙක්…ආදරේ නාමෙන් අමු පිස්සෙක් වුනු පිස්සෙක්…

“ඉතින් ගොන් හරකෝ උබ ඕක අදාළ පුද්ගලයට කියපන්කො…අයි මීන් ප්‍රපෝස් කරපන්….”

ජන්කුක් ගේ දැවෙන ප්‍රශ්නේ අහගෙන හිටපු මම අන්තිමේදී මේ ලෝකේ තියන බුද්ධිමත් ම උපදෙස දුන්න…ඇයි ඉතින් ආදරේ නම් කෙලින් කියපන්කො ගිහින්..වටේ යනකම් බලන් ඉන්නේ…

“මට බයයි…මට බයයි රිජෙක්ට් වෙන්න….”

ඒ කියපු එකට නම් මට ඇත්තටම ජන්කුක් පව් කියල හිතුන…ආදරේ සම්බන්දව මන් මෙලවහත්තිලව්වක් දන්නේ නෑ තමයි…ඒත් මට ජන්කුකා ගැන දුක හිතුනා…බයයි ලු රිජෙක්ට් වෙන්න…

මන් ටික වෙලාවක් කල්පනා කරා…මන් ජන්කුක්ගේ තැන හිටිය නම් මන් මොනවා කරාවිද?

මට කවදාවත් මට ඕන කියල හිතුනු දෙයක් නොලැබී ගිහින් නෑ…මට ඕන මොකක්ද මන් ඒක හොදින් හරි නරකින් හරි කරගන්න පුරුදු වෙලා හිටියා…පවුලේ එකම ළමය විදියට අපේ තාත්තයි අම්මයි මාව හැදුවේ රජෙක් වගේ…මන් ඉල්ලන්නේ මොනවද ඕන දේ ඒ සැනින් මගේ දෙපා මුල තිබ්බ…

ඒ නිසාම එකා යකා උනා….

“උබල දන්නවා නේ…මන් කෙල්ලෝ එක්ක ඉන්නේ ආතල් එකට… ඇත්තටම මට කවදාවත් මොකෙක් ගැන වත් ආදරේ හිතිලා නෑ…එත් මන් උබ උනා නම් හොදින් හරි නරකින් හරි කෙනාව මගේ කරගන්නවා….”

මේ වෙලාවේ මම ජන්කුක්ගේ තැන හිටිය නම් මන් කරන දේ මම ජන්කුක්ට සරලව කෙටියෙන් පැහැදිලි කරා…ජන්කුක් ටික වෙලාවක් අමුතු විදියට මගේ දිහා බලන් ඉදල,

“ඒ කියන්නේ?විස්තරාත්මකව කියපන්…”

ර්ර්ර්ර්ර්…ගොන් තඩිය…මෙච්චර සරලව කිව්ව මගුල මුට තේරුනේ නැද්ද…ඉතින් මන් ආයේ කට ඇරිය ගොන් වහන්සේට අකුරෙන් අකුර පහදන්න…

“ඒ කියන්නේ…ඌ කැමති උනොත් ආදරෙන් ඉන්නවා…බැරි වෙලාවත් රිජෙක්ට් කරොත් මන් එයාව බලෙන් මගේ කරගන්නවා…දාල යන්න බැරි වෙන්නම….”

මගේ කටින් ඒ වචන ටික පිට වුනා විතරයි ජන්කුක්ගේ මූණ අමුතු වුනා…හරියට දැන් මන් කියපු එක ඌ ට මේ දැන් කරලා බලන්න හිතිලා වගේ…

ටික වෙලාවක් මගේ දිහා අමුතු විදියට බලාගෙන හිටපු ජන්කුක් උගේ යක්ස හුරතලාව ගාර්ඩ්ස් ලට බාරදීලා දොරත් ලොක් කරගෙන ඇවිත් කකුල් අතපය උඩ දාගෙන සෝෆා එකේ වාඩි වෙලා හිටපු මගේ ඉස්සරහින් හිට ගත්තේ මූ මේ මොකක්ද කරන්න යන්නේ කියල මගේ හිත ප්‍රශ්න කරද්දි….

“මන් උබට ආදරෙයි…!”

එක පාරටම….මට මහා හයියෙන් හිනා ගියා…දෙවියනේ ජන්කුක්…මෙයා විහිලු කරන්න පටන් ගත්තේ කවද ඉදන්ද?

මන් උබට ආදරෙයි…හම්මෝ…ආච්චිගේ රෙද්දෙ ආදරේ…

“පිස්සුද ඕයි…උබ මට ආදරෙයි?à·„à·„à·Š à·„à·„à·Š හා…විහිලු කරනවද ඕයි?”

මන් හිනාවෙන දිහා කිසිම හැගීමක් නැතුව බලාගෙන මගේ ඉස්සරහ හිටගෙන හිටපු ජන්කුක්ගෙන් ඇහුවේ බොහොම අමාරුවෙන් හිනාව නවත්තගෙන….

“උබ මට..~~ම්ම්ම්හ්…ජ්ජ්…”

නැ…මට තව වචනයක් වත් කියන්න උනේ නැහැ….ජන්කුක් උගේ ටැටූඩ් අතින් මගේ කට මිරිකල අල්ලගෙන මාව සෝෆා එකට තද කර ගත්තා…මන් පුළුවන් තරම් දගලලා උගෙන් බේරෙන්න හැදුවත් ඌ ඕනවට වඩා ශක්තිමත් වැඩියි….අමුතු බැල්මක් එක්ක ඌ මගේ මූන දිහා බලාගෙන හිටිය….ඒක හරියට…බඩගින්නේ ඉන්න සිංහයෙක් වගේ…ඌ මගේ මූන දිහා බලාගෙන හිටියේ කන්න වගේ….

ආඅ…මිනිහෝ මගේ හක්ක පනීවි…කට හොල්ලන්න බැරි උනාට මොකෝ මන් කෙදිරි ගෑවා… මොකටවත් නෙවේ…මට රිදෙනවා කියල පෙන්නන්න….

ඒත් මේ ජරා මිනිහ කරේ මගේ කට අතෑරලා මාව සෝෆා එක උඩ පෙරලගත්ත එක….මේ මොන ලැජ්ජාවක් ද මේ….ඇයි මට මූව තල්ලු කරන්න තරම් හයියක් නැත්තේ…ආආ…අනිත් දවසෙ මන් දිනපතා ජිම් යනව….

අඩුම තරමේ මට කකුලක් වත් හොලවන්න බෑ… ජන්කුක් උගේ කකුල් වලින් මගේ කකුල් දෙකම ලොක් කරලා මගේ අත් දෙකම උගේ අත් දෙකෙන් සෝෆා එකට තද කරගෙන කට කොනින් හිනා වෙලා මගේ දිහා බලන් හිටියා….. 

“ජන්කුක්…පිස්සුද තමුසෙට….”

“අතාරිනවා මාව….”

“හොද හිතින් කියන්නේ…අත ඇරපන් මාව…”

“ජන්කුක්…පිරිමියෙක් වගේ මාව අතෑරල උබට තියෙන ප්‍රශ්නේ විසදගනින්…”

ජන්කුක්ගේ අතින් මගේ කටට නිදහස ලැබුණු සැනින් ඒක වැඩ කරන්න ගත්තා…ඒත් මන් කොච්චර කියෙව්වත් ජන්කුක් මාව අතෑරියෙ නෑ…ඌ මාව අතාරිනවා වෙනුවට මගේ අත් දෙකම උගේ තනි අතකට අල්ලාගෙන අයෙමත් මගේ කට මිරිකලා අල්ලාගෙන මගේ මූණටම ලං වෙලා රහසින් ඒත් උගේ තියන ගබුරුම කට හඩින් කතා කරා,…

“ශ්ශ්ශ්ශ් ….කට…උබේ ඔය චූටි කට වහගනින්…කට වහගෙන මන් කියනදේ හොදට අහගනින් ටේහ්යුන්ග්..!”

මේ වෙලාවේ මන් කියන්න කැමතියි අති උත්තම පුරුෂ කිම් ටේහ්යුන්ග් කිසිම බයක් නැතුව ජන්කුක්ගේ ඇස් දිහා මරන් කන්න වගේ බලන් ඉදල ඌ à·€ ටිකක් හරි බය කරා කියල….ඒත් ඇත්තටම සිද්ද වුනේ ඒකෙ අනිත් පැත්ත…

මන් උගේ වචන වලට ඉබේම අවනත වුනා…මන් දගලන එක පවා නැවැත්තුවා… ආයෙම වතාවක් මගේ පිරිමි කම කලිසම පල්ලෙන් බේරිලා වැක්කෙරිලා වාෂ්ප වෙලාම ගියා… කැතයිනේ?

මට මේ මොකක්ද වෙන්නේ…මන් බය වෙලා ?මේ ගොන් මිනිහට?

මේ මොන විහිළුවක් ද මේ?

නැ නෑ…මේ ඔක්කොම මන් බීල නිසා…අනික වමනේ ගියායින් පස්සේ කන්න උනෙත් නෑ නේ…ඒකයි..ඔව්…ඒකයි මට ජන්කුක් à·€ තල්ලු කරගන්න වත් බැරි…මේ ඔක්කොම මන් බඩගින්නේ නිසා….

“මන් කලින් කිව්වා වගේම තමුන්ට ආදරෙයි…අවුරුදු දෙකක් තිස්සේ..උබව දැකපු මුල්ම දවසේ උබව දැකපු ඒ මුල් තත්පරේ ඉදන් මන් උබට ආදරෙයි…මෙච්චර කල් මන් ඒක නොකිව්වේ කලින් කිව්වා වගේම රිජෙක්ට් වෙන්න තිබ්බ බය නිසා,…මොකද මට මගේ අම්මගෙන් පස්සේ ආදරේ කියන දේ දැනුනේ උබ ගැන විතරයි ටේහ්යුන්ග්…ඒත් අම්මා මාව දාල ගියා…මන් උබට නොකිව්වේ උබවත් මට නැති වෙයි කියන බය නිසා….

ඒත් උබ හරි ටේහ්යුන්ග්…මන් නිකන් බලන් හිටියොත් වෙන්නේ මට උබවත් නැති වෙන එක…ඒ නිසා …උබේ කැමැත්ත ඇතුව හෝ නැතුව මේ දැන් ඉදන් උබ මගේ විතරයි…මන් මේ උබෙන් කැමැත්ත අහනවා නෙවෙයි….මොකද උබේ කැමැත්තෙන් මට ඇති වැඩක් නැහැ…උබ මගේ විතරයි…ඒක ඔලුවේ තියාගනින්…”

ඒ තමයි මන් මෙච්චර කාලෙකට ජන්කුක්ගෙන් අහපු දිගම වාක්‍ය පෙළ…කවදාවත් වචන දෙක තුනකට වඩා කතා නොකරන ජන්කුක් අද මගේ ඇග උඩ නැගගෙන ලස්සන තර්ජනයක් කරා…මන් උගේ විතරලු…

à·„à·„à·Š…මූ හිතුවද දන්නේ නෑ අර කතා වල ඉන්න බොළද මල් කොල්ලෝ වගේ අනේ…ජන්කුක් මට සමාවෙන්න…මට කරදර කරන්න එපා…මන් ඔයාට ඕන විදියට අද ඉදන් ඉන්නම් කියල මන් උගේ ඉස්සරහ වැද වැටේවි කියල….එහෙම හිතුව නම් සෝ සොරි ජන්කුක්…මන් කවදාවත් උබ ඉස්සරහ වැද වැටෙන්නෙත් නැ…උබට යටත් වෙන්නෙත් නෑ….

ජන්කුක් උගේ හෑල්ල කියවල ඉවර වෙනවත් එක්කම මන් කට කොණින් හිනා වෙලා ඌ දිහා බැලුව…

හරියට පුළුවන් දෙයක් කරපන් වගේ බැල්මක් එක්ක මන් කෙලින්ම උගේ ඇස් දිහා බලාගෙන හිටියා…

“උබට මාව ඕන නම් කෙල්ලක් වෙයන්….මන් කැමති කෙල්ලන්ට විතරයි….උබේ අප්පට කියල සජරි එකක් කරගෙන වරෙන්….එතකොට සලකල බලන්නම් උබේ ආදරේ ගැන…”

කට කොනේ හිනාව තියාගෙනම මන් ජන්කුක්ගේ ගිනි ගන්න ඇස් දිහා බලාගෙන පල් එකට මන් කියල දැම්ම….

මන් හිතුවේ ජන්කුක්ට ඒකෙන් තරහ යාවි කියලා…ඒත් ඌ මහ හයියෙන් හිනා වුනේ මන් මේ ලෝකේ තියන ලොකුම විහිලුව කරා වගේ….

“මන් උබට කිව්වා නේ ටේහ්යුන්ග්….අයි ඩෝන්ට් ෆකින් කෙයා’ අබවුට් යූව ෆකින් විෂ’ස්…යු ආ’ මයින්….ඔන්ලි මයින්…”

පිස්සෙක් වගේ හිනාවුණු ජන්කුක් අන්තිමේදී කිව්වේ එච්චරයි….

මන් ඒ වෙලාවේ හිටියේ පුදුම තරම් කේන්තියකින්….මන් හිටියේ මන් ගැනම කේන්තියෙන්…මන් අකමැති දේවල් බලෙන් කරවන්න දගලන පිස්සෙක් ඉස්සරහ මුකුත් කරගන්න බැරි දුර්වලයෙක් ගානට මන් අසරණ වෙලා…

මගේ තරහින් ගිනි ගන්න ඇස් දිහා බලාගෙන හිටපු ජන්කුක් උගේ බෙල්ට් එක ගලවල අරගෙන මන් දගලද්දී ම මගේ අත් දෙක ඒකෙන් තද කරලා බැදලා දැම්මා….

ෂිට්…ඇයි මන් මේ තරම් වීක්…

උගේ බෙල්ට් එකෙන් බැදලා දාපු මගේ අත් දෙක එක අතකින් මගේ ඔලුවට උඩින් පින් කරගත්ත ජන්කුක් මගේ දැගලිල්ල මැද්දෙම මගේ කම්මුල් මිරිකල අල්ලාගත්තේ තොල් දෙක උල් වෙන විදියට….

ටික වෙලාවක් මගේ තොල් දිහා කන්න වගේ බලාගෙන හිටපු ජන්කුක් කෙලින්ම මගේ තොල් වලට පාත් වෙද්දී කිසිම දෙයක් කරගන්න,අඩුම තරමේ ජන්කුක්ගේ යකඩ අතට හිර වුනු කම්මුල් ගලවගන්න වත් බැරි වුනු මම තද කරලා ඇස් දෙක පියා ගත්තා…

නැහැ…ඒක කොහෙත්ම කිස් එකක් නෙවෙයි….ජන්කුක් මගේ තොල් දෙකම උගේ කට ඇතුලට දාගෙන හපන්නයි උරන්නයි ගත්තේ මට වේදනාව විතරක් ඉතුරු කරලා….

……………………………………

Captain Guk Sparrow 🌚💀

Captain’s beauty 💖

Bye 💀❤

Tags: read novel НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ five, novel НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ five, read НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ five online, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ five chapter, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ five high quality, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ five light novel, ,

Comment

Leave a Reply

Chapter 5