НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ fifteen

A+ A-

(උඩ සින්දුව මේ චැපියට සම්බන්ද නෑ කෙල්ලනේ…බට් මේක ලියන්න මට අයිඩියා එක ආවේ මේ සෝන්ග් එකෙන්!)

You say you love me, I say you crazy, we’re nothing more than friends 

You’re not my lover, more like a brother, I known you since we were like ten, 

yeahDon’t mess it up, talking like this. Only gonna push me away, that’s itWhen you say you love me,

 that make me crazy, here we go again…

=================================

Taehyung’s POV

“ප්ලීස් යුන්ගි…මට ඌ ඉන්නේ කොහෙද කියල විතරක් කියපන්…?”

“මන් දැන් උබට කිව්වා නේ ටේ..මන් දන්නේ නෑ…එනවා ජිමින් යන්න…”

මූන බෙරි කරගෙන මගේ බෙරි වුන මූන දිහා බලාගෙන හිටපු ජිමින්ගේ අතින් ඇදගෙන යුන්ගිත් අතුරුදහන් උනා…මුන් ඔක්කොම එකයි…ආදෝ වගේ ලිස්සල යනවා…ෂිට්…

“ෂිට්….!!!”

මට මල පැනපු පාර මම මගේම බයික්කේ රෝදෙට පයින් ගැහුවා…

ඇයි මුන් මේ වගේ…ඇයි එකෙක්ට ඌ කොහෙද කියල…ඇයි එකෙක්ට කියන්න බැරි ඌ හොදින් දනැද්ද නැද්ද කියලවත්,..ෂිට් මට පිස්සු වගේ….

අදට දවස් හතරක්….අන්තිම වතාවට කියල මගේ නළල ඉබල අතුරුදහන් වුන මිනිහගෙන් අද වෙනකනුත් මට ආරංචියක් නෑ…

මට විතරයි…මට විතරයි ඌ ගැන ආරංචියක් නැත්තේ…මගේ කෝල්ස් විතරයි මිනිහ ආන්සර් නොකරන්නේ..මගේ මැසේජ් විතරයි මිනිහ සීන් නොකරන්නේ….මට විතරයි ඌ උගේ ගෙට ගොඩ වෙන්න තහනම් නියෝග පනවල තියෙන්නේ…

එදා ඌ අමුතු කතා ගොඩක් කියල අතුරුදන් වුනු වෙලාවේ ඉදන් මට පිස්සු වගේ,…මන් දන්නේ නැ ඇයි කියල…ඌ මගේ ඔලුවේ පැළපදියන් වෙලා…පිස්සා,,..පිස්සු මිනිහ මටත් පිස්සු හදවල…

මට වද දිදී පස්සෙන් ඇවිත් බලෙන්ම මට ආදරේ කරලා බලෙන්ම මගේ හිතේ පැලපදියන් වෙලා කාගේ පර්මිෂන් අරගෙනද මේ මිනිහ මාව මෙහෙම මගාරින්නේ…?

මට මගේ ඔලුව පුපුරන්න වගේ දැනෙද්දී මන් බයික්කේ ස්ටාර්ට් කරලා එහෙම්ම ජන්කුක්ගේ මැන්ෂන් එකට රයිඩ් කරා…

ඒත් වෙනද වගේම තමයි…ජන්කුක්ගේ ගාර්ඩ්ස් ල මට ඇතුලට එන්න තියා ගේට් එක ඉස්සරහවත් ඉන්න දුන්නේ නෑ…තවත් එතනට වෙලා හිටියොත් පොලිසියට කෝල් කරනවාකියල උන් මට තර්ජනය කරපු නිසා මගේ තරහ උන්ගෙන් පිට වෙන්නත් එක්ක කුණුහරපෙන් උන්ට අමතල කෙලින්ම ගෙදරට රයිඩ් කරේ පොඩ්ඩක් මේ විකාර අමතක කරලා නින්දක් දාන්න හිතාගෙන…

මේ දවස් තුනට මට හරියට නින්ද ගියේවත් නෑ…රෙද්ද…කන්න ගියත් ජන්කුක්..බොන්න ගියත් ජන්කුක්…නිදා ගන්න ගියත් ජන්කුක්…රෙන්න ගියත් ජන්කුක්…මට පිස්සු හැදුනේ නැති ටික විතරයි…

බල්ලෙක් වගේ මගේ පස්සෙන් වැටිලා ඉදිද්දී වදයක් කරදරයක් වගේ දැනුනත්…ඒ වදකාරයා නැති වුනාම මට මෙහෙම පිස්සු හැදේවි කියල මන් හීනෙකින් වත් හිතුවේ නෑ…

මන් ජන්කුක්ට ආදරේ කරන්න පටන්ගෙන වත්ද?

ආදරේ හරි මොන ලබ්බක් හරි…මට දැන් ඕන එකම කෙනා ජන්කුක්…

අපේ මැන්ෂන් එකේ ගාඩ්න් එකෙන් බයික්කෙ දාපු මන් ගාර්ඩ් කෙනෙක්ට යතුරත් විසික් කරලා කෙලින්ම ඇතුලට ආවෙ වොෂ් එකක් දාගෙන නින්න්දක් දාන්න හිතාගෙන…

ඔහොම නවතියන් ටේහ්යුන්ග්!

පඩිපෙළ නගින්න පලවෙනි අඩිය තිබ්බ විතරයි ඒ පුදුම තරම් නපුරු විදියට ඇහුනු මගේ ඩැඩ් ගේ කටහඩට මන් ගල් ගැහිලා වගේ එතනම ස්ටක් උනා…මගේ ඩැඩ්…මට මගේ කන් විශ්වාස කරගන්න බැරි වුනා…මොකද මගේ ඩැඩ් කවමදාවත් මට ඔය තරම් සැරෙන් තියා පොඩ්ඩක් වත් සැර කරලා නෑ…

පුදුමෙට මගේ ඇස් දෙකත් හීනි වෙලා යද්දී මන් හැරිලා බැලුවේ මාව මරන්න වගේ බැල්මක් දාගෙන මගේ ඉස්සරහ ඉන්න ඩැඩ් දිහායි…කලකිරිලා වගේ මගේ දිහා බලාගෙන හිටපු මාම් දිහායි…ඇයි මේ…?

“ඔව් ඩෑඩ් කියන්න…”

ඩෑඩ් ගේ කටහඩ කොච්චර දරුණු උනත් මන් පුළුවන් උපරිම සාමාන්‍ය විදියට එයාල ලගට ගිහින් ඇහුව…ගෙදරින් පිට මන් මොන වගේ හැසිරුනත් ගෙදරදී මන් එයාලගේ සුවච කීකරු චූටි පුතා…

*චටාස්!*

“වූබින්!!!”

ඒත් මට කියල කට ගන්න උනේ නෑ…අනිත් පැත්තට කීන් ගාල මූණේ පැත්තක් හිරිවැටිලා යන්න ලැබුණු කනේ පාර හින්ද විසි වෙලා ගියපු මන් බිමට ඇදගෙන වැටුනා….කනේ පාරේ සද්දෙයි මමා ඩැඩ් ගේ නම කියල හයියෙන් කෑගහපු සද්දෙයි දෝංකාර දෙද්දී මගේ කටින් ඉබේම ඉකියක් පිට වුනා….

මගේ ඇස් වලට කදුළු පිරුන…වැදිච්ච පාරේ සැරට විතරක් නෙවෙයි…මගේ ඩැඩ් ගේ වෙනස දරාගන්න බැරුව මගේ ඇස් වල කදුළු පිරුනා…මගේ ඩෑඩ් ජීවිතේට මට අතක් උස්සල නෑ….

“ආවුහ්…!”

බිම වැටිච්ච මට වැඩි වෙලා කම්මුල අල්ලාගෙන වෙන දේවල් ප්‍රොසෙස් කරගන්න වුනේ නැහැ…යකෙක් වගේ මගේ ලගට ආපු ඩැඩ් මගේ කොන්ඩේ අහුරක් මිටි කරලා අල්ලාගෙන මාව කෙලින් කරද්දී මට ඉබේම කෙදිරි ගෑවුනා දැනුනු වේදනාවට….

“මේ මොනවද අයිසේ?මේ මොනවද?උබ ගැන ඕනවට වඩා විශ්වාස කරලා උබට නිදහස දුන්නේ වේස කමේ යන්නද බල්ලෝ..?”

මගේ ඉස්සරහ බිම විසිරිලා ගියපු ෆොටෝ නිසා මට තේරුම් ගියා ඩැඩ් ගේ වෙනසට හේතුව…ඒ ඔක්කොගෙම තිබ්බේ මන් මීට මාස තුන හතරකට කලින් කෙල්ලෝ එක්ක නටපු නාඩගම් ටික..

ඉතින් මන් මොනවා කියල කියන්නද?මීට කලින් කවදාවත්ම ඇහුවේ නැති ඩැඩ් ගේ සැර වචන නිසා මන් ගොළු වෙලා ගියා…

“යනවා තමුන්ගේ කාමරේට…අද ඉදන් තමුන්ට මගේ අවසර නැතුව එලියට බහින්න තහනම්….එලියට යනවා නම් යන්න පුළුවන් කොලේජ් විතරයි…ඒකත් ගෙදරින් කොලේජ් එකට කොලේජ් එකෙන් ගෙදරට ඩ්‍රයිවර් එක්ක….”

“ඩැඩ්…ඔයාට බෑ මාව හිර කරන්න…මන් කොල්ලෙක්…අනික මන් ළමයෙක් නෙවෙයි….”

පැය ගානක් යනකම් කුණුහරපෙන් විතරක් මට ඇමතුව ඩැඩ් අන්තිමේදී මාව නිවාස අඩස්සියේ තියන්න ලැස්ති වෙද්දී නම් මගේ කටට පන ආව….

“ඇත්තද?එහෙනම් අන්න දොර ඇරල තියනවා බැහැල යන්න පුළුවන්…තමුන් මගෙන් කාල මටම සද්දේ දානවද?ආආ…බැහැපන් එලියට….උබේ කියල කිසි දෙයක් මෙහෙ නෑ…බැහැල යන්න පුළුවන් යන දිහාවක….”

මන් මොනවා කියල කරන්නද?යන්න කියද්දීත් එතන ඉන්න මට ඕන වුනේ නෑ…ලග තිබුණු ස්ටූල් එකට වාරු වෙලා නැගිටපු මන් සාක්කුවේ තිබ්බ පර්ස් එකයි ෆෝන් එකයි ඒ ස්ටුල් එක උඩින්ම තියල…. එක පාරක්වත් මාම් ඩැඩ් ගේ මූන දිහා නොබලා කෙලින්ම එලියට බැස්ස….යන්නේ කොහෙද කියල නොදැනම මන් අතේ සතයක් නැතුව පාරට බැහැල ඔහේ ඇවිදගෙන ගියා…

හරි මන් පිලිගන්නවා…මන් කරපු දේවල් වැරදියි…ඒත් මන් එයාලගේ ළමයනේ…අනික…

මන් මන් වෙනුවෙන්ම නිදහසට කාරනා ඉදිරිපත් කරගන්න ගියත් මන් කරපු දේවල් වල කිසිම සාදාරන හේතුවක් තිබිල නෑ කියන එක එක පාරටම මගේ ඔලුවට ආවා…එයාල හරි…මන් කරලා තියෙන්නේ හැමෝමව රිදවන වැඩ…

පොඩි කාලේ ඉදන් මට පුංචි අඩුවක් වත් වෙන්න නොදී ආදරෙත් අඩු නැතුව දීල මාව හදපු මාම් ඩැඩ් දෙන්නගේ හිත් මන් රිද්දුව…මන් ගැන හදාගෙන හිටපු ඒ ලස්සන ප්‍රතිරුපේ බිදිලා යද්දී එයාලට එයාල ගැනම ලජ්ජා හිතෙන්න ඇති…කවදාවත් නැතුව අද ඩෑඩ් ගේ ඇස් වල කදුළු පවා මම දැක්ක….

මන් එක්ක නිදියපු සමහර කෙල්ලෝ සිරාවටම මට ආදරේ කරලා උන්ගේ වජිනිටි එක පවා දුන්නට පස්සෙත් මන් උන්ව අතැරලා දාල තියනවා….එයාලට කොහොම දැනෙන්න ඇතිද?

විශේෂම කෙනා මන් වටේ ගියපු වේස බඩුවක් බව දැන දැනත් අඩුවක් නැතුව මට ආදරේ කරපු ජන්කුක්….කොච්චර වැරදි කරත් එයාගෙම ළමයෙක් වගේ මට සලකන හැටි…මීට දවස් තුනකට කලින් උගේ ඇස් වල පිරිලා තිබුණු කදුළු….

මේ හැමදෙයක්ම හෙනයක් ගැහුවා වගේ ඔලුවට එද්දීමන් කොයිතරම් නම් පවුකාරයෙක්ද කියල මට හිතුනා…

රෑ අටට විතර කිට්ටු ඇති…වටේම කළුවරයි…කදුළු පිරිලා බොද වුනු ඇස් වලට මාව පහු කරගෙන වේගෙන් යන වාහන වල එලි වැදුනා…

මට කාලය ආපස්සට යන්න තිබ්බ නම්…මේ හැම දෙයක්ම හරිගස්සන්න තිබ්බ…ඒත් මට ඒක කරන්න බෑ…මට දැන් ඕන හැම දෙයක් ම අලුතෙන් පටන් ගන්න…ජන්කුක් එක්ක…

ජන්කුක් නැති දවස් තුනට ඔලුවට වදයක් වෙන තරමට එයාව විතරක් මතක් වෙන්නේ මොකක් නිසාද කියල නොතේරෙන්න තරම් මන් මෝඩයෙක් නෙවෙයි…

මන් ජන්කුක්ට ආදරෙයි!


ඒත් එයාව රිද්දපු මට එයා සමාව දේවිද?

-==================

ඊලග එක සුබ දායක වේවිද?

අසුබ දායක වේවිද?

මන් නම් නොදනී…

මේ කෑල්ල කොටයි…මොකට ඊලග කෑල්ල සැහෙන්න දිගයි….

තව හරියටම චැප්ටර්ස් පහයි කෙල්ලනේ…

Tags: read novel НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ fifteen, novel НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ fifteen, read НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ fifteen online, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ fifteen chapter, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ fifteen high quality, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ fifteen light novel, ,

Comment

Leave a Reply

Chapter 15