Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 8 💚

A+ A-

“කුකී ඉක්මන් කරනවාකෝ…තමූසෙට මනමාලයෙක් බලන්න නෙවෙයි යන්නෙ…ඔච්චර හැඩ වෙන්නෙ මගුල…😒”

අම්මාගෙන් ආව හතරවෙනි කෝල් එකෙනුත් කන පිරෙන්න අහගත්ත හින්දා බැරිම තැන මං කූකීට කෑගැහුවා…ඒ කෑහලත් විනාඩි 10කට පස්සෙ තමා පොඩි මහත්තයා සදලුතලයෙන් පහලට බැස්සෙ…මුගෙ මේ පරක්කුව හින්දා තමා හැමදාම අම්මයි තාත්තායි කලින් ගිහින් මට මූ එක්ක එන්න කියන්නේ…

අද යුන්ගිගෙ පාර්ටි එක…එයාගෙ දැන් මාස 2කට කලින් රිලීස් උන සෝන්ග් එක Billboard hot 100 වල සති 8ක් #1 ලූ….කූකී කිව්ව විදියට ඒක සෙලිබ්‍රේට් කරන්නලු මේ පාර්ටි එක දාලා තියෙන්නේ…එයා Billboard awards එකේ අවුරුදු 3ක් නොකඩවා ආටිස්ට් ඔෆ් ද ඉයර් වෙලත් තියෙලු…මං ඉදලා හිටලා Suga කියන සිගර්ගෙ සින්දු ඇහුවට ඒ suga…යුන්ගි කියලා දැනගත්තෙ ඊයේ…මේ හොස්පිට්ල් එකේ වැඩ අස්සෙ ඕවා හොයන්න කොහොමත් වෙලාවක් නෑනේ ඉතින්…කොහොම උනත් ටේගෙ සෙලිබ්‍රිටි බෝයිෆ්‍රෙන්ඩ් එක්ක බලද්දි මං මොකෙක්ද…මට නිකන්ම පැත්තකට වෙන්න වෙයි…කමක් නැ ටේ සතුටින් නේ…නපුරු කෙනෙක් වගෙ පෙනුනත් යුන්ගි ටේට ගොඩක් ආදරේයි , සමහර විට මං ටේට ආදරේ කරනවටත් වඩා…

“හියුන්න්න්න්න්න්න්…🔊”

“මොකද ද à·„à·– තියෙන්න…කන් ඇහෙනවා මගෙ…🙄”

“ඇහුන බව නන් පෙනුනා මටත්…😌😏”

කූකි කට කොනින් හිනාවෙලා මං දිහා අමුතු විදියට බැලුවා…

“හරි හරි…ඔය බෝක්කුව වහන් එනවා යන්න…අර කෙල්ලවත් ගන්න යන්න ඕන…අනික උබේ අහිංසක මිනිහා අතන වේලෙනවා ඇති….”

මං වෙහිකල් එකට නැග්ගට පස්සෙ කූකීත් ගස්ස ගස්ස ඇවිත් වෙහිකල් එකේ පිටිපස්සට නැග්ගා…

මුගෙ දැන් ගැස්සිලි වැඩී…යකෝ මං පරක්කු උනා වගෙ…අද ජිනත් එන හින්දා තමා මුගෙ මෙච්චර කැටයම්…

“කුක්සන්….තමුසෙ අද නෑවේ වතුරෙන් ද නැත්තං පර්ෆියුම් වලින් ද…?🙄😅”

කුකී ඒකටත් මුකුත් නොකියා මට රැව්වා..පව් හැබැයි…කොල්ලට තරහා ගිහින් ද කොහෙද…😅

හපොයි…6ට නේද එන්න කිව්වෙ දැනටමත් 5.45යි…

මං උපරිම වේගයෙන් ඩ්‍රයිව් කලේ නම්‍යුවත් අරන් ඉක්මනට හොටෙල් එකට යන්න හිතන්….

“සොරි ඩාලිං පරක්කු උනා….”

“ඉට්ස් ඕකේ බේබ්….😁”

නම්‍යු හිනාවෙවි ඇතින් පැසෙන්ජර් සීට් එකෙ වාඩි උනා…

“Good evening කුකී….”

“Good evening නූනා….😁”

අද මින්ග් , චෙන් දෙන්නා පාටී එකට එන්නෙ ඩියුටි ඉවර වෙලා නිසා නම්‍යුව ගන්න එද්දි පරක්කු වෙයි කියලා මට යද්දි නම්‍යුව අරන් එන්න කිව්වා… යුන්ගි නම්‍යුටත් පාටී එකට ඉන්වයිට් කරලා…මං උදෙයි දන්නෙ එයාලා දෙන්නම ඇමරිකා වලදි ගිහින් තියෙන්නේ එකම යුනිවර්සිටි එකටලු…මාව හෝස්පිට්ල් ඇඩ්මිට් කරපු සිද්ධියෙන් පස්සේ අපේ චෙනාවයි මින්ග්‍යුවයිත් යුන්ගි හොදට ආශ්‍රය කරනවා…එතකොට දැන් මං ද කැපිලා තියෙන්නේ…..🙂

කල්පනාවේ ගියත් මට තැනින් තැන ඇහුනා කූකිගෙයි නම්‍යුගෙයි ඕපාදූප කතා ටික…ඉස්සර වගේම තමා ඉතින්…

විනාඩි 15කින් අපි හොටෙල් එකට ආවා…වාව් ඒක බීච් සයිඩ් හොටෙල් එකක්….මං හිතන්නේ පාර්ටි එකත් අවුට්ඩෝ එකක්…

අපි තුන්දෙනාම වෙහිකල් එකෙන් බැස්සා…නම්‍යු ඉක්මනට ඇවිත් මගෙ සූට් එක ලස්සනට හදලා මට වින්ක් කලා…

“හැන්සම් අහ්…ඔය ලස්සනින් ටේව පිස්සු වට්ටපන් අද..😁”

“à·‚à·Š…සද්දෙ අඩු කරපන්…ගෙදර නෙවෙයි යකෝ…”

“මෙයාට කියලා වැඩක් නෑ නූනා…මෙයා දැම්මම ටේව බන්දේසියේ තියලා අරයට පුදලත් ඉවරයිනේ…🙂”

“අනේ මේ…උබල දෙන්නට වගෙ ලව් සික් නැ මට…”

අපි තුන්දෙනා කාර් පාර්ක් එකට වෙලා කියව කියව ඉද්දි ජින් ඈත ඉදන් අත වැනුවා එන්න කියලා…ඒ හින්දා කුකී මට නොන්ජල් හිනාවකුත් දාලා ජින් ඉන්න පැත්තට දිව්වා…

“අපිත් යන් හෝප්…”

නම්‍යුයි මායි අත් අල්ලන් බීච් එක පැත්තට ගියා…

“අම්මෝ අම්මෝ ඒ කපල් එක 🤣”

ඔන්න ඉතින් එන්න කලින් චෙන්ගෙයි මින්ගෙයි බෝක්කු කටවල් දෙක ඇරියා…ගර්ල්ෆ්‍රෙන්ට් කෙනෙක් නැ කියලා මෙහෙමත් විහිලු කරනවද…කමක් නැ ඉතින්..🙂

නම්‍යුයි මායි ඇවිත් හිනාවෙවි ඇවිත් අපෙ අය හිටිය ටේබල් එකෙන්ම වාඩි උනා…

හැමෝම එක එක ඒවා කතා කරනවා…පේරන්ට්ස්ලා හිටියේ වෙනම ටේබල් එකක…කපල් තුනක් අස්සෙ මායි චෙනයි විතරයි තනියෙන්…චෙනත් ගර්ල්ෆ්‍රෙන්ට් එක්ක චැට් එකේ…🙂
මාත් ඔහෙ ෆෝන් එක ඔබ ඔබ හිටිය…මං දැක්කා සැරෙන් සැරේ යුන්ගියි ටේයි මං දිහා බලනවා…මාත් දන්නැ වගෙ ෆෝන් එක දිහාම බලන් හිටිය…

“හෝප් දැන් කවද්ද අපිට ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්ව මීට් කරවන්නේ අපිට..?”

මට මේසේ උඩ තිබ්බ ඇපල් ගෙඩිය අරන් නම්‍යුගෙ කටට ඔබන්න හිතුනා…යකෝ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැති බව දැන දැන ඔහොම අහනවද මූනටම…🙂

“අහ්…මේ දවස් වල වැඩනේ…පස්සෙ මුන ගස්සන්නම්…”

“අහ් එතකොට හෝප්ගෙ ගර්ල්ෆ්‍රෙන්ට් නම්‍යු නෙවෙයි ද…?”

“නැ…නැ…😅 යුන්ගි…මං මින්ග්‍යුගෙ ගර්ල්ෆ්‍රෙන්ට්…හෝප් , ජින් දෙන්නා මගෙ පොඩිකාලේ ඉදන්ම යාලුවො…”

“ඔහ්…සොරි සොරි…”

යුන්ගි හරි සතුටින් හිනාවුනා…මාත් ලාවට හිනාවුනා…

හරිනේ ඉතින් දැන් එයා දන්නවා මින්ග්‍යු මගෙ කවුරුත් නෙවෙයි කියලා…

අපි කට්ටයම එකිනෙකාගෙ විස්තර කතා කරමින් රාත්‍රි ආහාරය රසවින්දා…
රෑ කෑමෙන් පස්සෙ අම්මලා තාත්තාලා අපි එන්ජෝයි කරලා එන්න කියලා එයාලා ගෙදර ගියා…චෙනුත් අද කලින්ම ගියා හෙට ගර්ල්ෆ්‍රෙන්ට් එක්ක වැඩ වගයකට යන්න තියෙනවා කියලා…

“අනේ ජින් හියුන් අර පැත්තට යන්කෝ…”

කුකී ටේවත් ඇදන් ජින්ගෙ අතේ එල්ලිලා බීච් එකේ ඈත තිබ්බ චිල්ඩ්‍රන්ස් පාක් එක පැත්තට ගියා…නම්‍යුත් මින්ග්‍යු එක්ක වෙරල දිගේ ඇවිදන් එහාට ගියා…හැමෝටම තමන්ගෙ පාට්නර් එක්ක නිදහසේ එකට ඉන්න ලැබුනේ කාලෙකින්නෙ…කට්ටයම එකේ උපරිම ප්‍රයෝජන අරන් පෙම්සුව විදිනවා…මං වෙරලට වෙලා ඔහේ බලන් හිටිය…මුහුදු රල ඇවිත් මගෙ කකුල්වල හැපිලා ආයෙත් ඈත වෙරල ඇදුනා…මගෙ ඇදුම තෙමෙනවා කියලා මට එතනින් අයින් වෙන්න ඕනකමක් තිබ්බෙ නැ…

“ජේහෝප්…”

යුන්ගිගෙ ගැඹුරු හඩටයි මට මතක් උනේ අනිත් අය ගියාට යුන්ගි තාම මාත් එක්ක මෙතන කියලා…

“ඇයි යුන්ගි…”

“ඔයාට කරදරයක් නැත්තං…මට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුළුවන් ද…”

මං රැල්ල පාගන එක නවත්තලා යුන්ගි ඉන්න පැත්තට ආවා…

“කියන්න…”

“මං මේක ගොඩක් දවස් ඉදන් ඔයාට කියන්න හිටියේ…ඒත් මට….අවස්ථාවක් ලැබුනේ නැ…”

“හ්ම්…”

මට පිටුපාලා මුහුදු දිහා බලන් හිටිය යුන්ගි එකපාරටම මගෙ පැත්තට හැරිලා මගෙ අත් දෙකෙන් අල්ලගත්තා…අනේ මන්දා මගෙ හිතට වෙනදට පොඩි අමුත්තක් දැනෙනවා…

“හෝප් මං ඔයාට කැමති…ඔයාට වගෙ………………………….”

“චටාස්…💥”(ශැපත? 🙂)

යුන්ගි කිව්ව දේ ඇහුනම කොහෙන් ආව ශක්තියකින් ද මන්දා මං යුන්ගිගෙ කම්මුල් පාරක් ගැහුවා…ඇත්තටම මට එයාට ගහන්න ඕන උනේ නැ…ඒත් එයා කිව්ව දේ හින්දා මට නොගහ ඉන්න බැරි උනා…

“වහගන්නවා ඔය ජරා කට…😡 තව එක වචනයක්වත් කියන්න එපා….තමුසේ ටේ එක්ක රිලෙශන්ශිප් එකක් තියන් මෙහෙම ජරා විදියට හැසිරෙයි කියලා මං කවදාවත් හිතුවේ නැ…චික්…”

ඇත්තටම මට යුන්ගි ගැන ලොකු පිලිකුලක් දැනුනා…එයා කොහොමද අර අහිංසක ටේව රවට්ටන්න හිතුවේ…ටේ එක්ක රිලෙශන්ශිප් එකක් තියෙද්දීත් මට ආදරේ කරන්න තරම්…ඇත්තටම පිලිකුල්…ආදරේට බොරු කරන මිනිස්සුව මට කොහොමත් පිලිකුල්…

මට එතන තව මොහොතක්වත් රැදෙන්න ඕන උනේ නැ…යුන්ගි එයාගෙ කම්මුලත් අල්ලන් පුදුමෙන් වගෙ මං දිහා බලන් හිටියා…මං යුන්ගි දිහා හැරිලාවත් නොබලා එතනින් එන්න ආවා…

ඒත් එකපාරටම මාව ඇදිලා ගියා…ඇදිලා ගියා වේගෙට මං කාගෙ හරි උනුහුමක…දැස් පියන් උනත් ඒ කවුද කියලා අදුනගන්න මට වැඩි වෙලාවක් ගියේ නැ…ඒ පර්ෆියුම් එක පාවිච්චි කරන්නේ යුන්ගි…ඒ කියන්නේ මං ඉන්නෙ යුන්ගි ගාවටද…

මං ඇස් ඇරලා ඉක්මනට ඒ තුරුලෙන් අයින්වෙන්න උත්සාහ කරා ඒත් ඒකෙන් උනෙ මං තවත් ඒ අත්වලට හිර උන එක….හිතට ආව තරහට මං එයාගෙ අත හපලා දුවන්න හදද්දීම එයා මාව ආයෙ ඇදලා කිස් කලා…මං කිස් එක රියැක්ට් නොකර යුන්ගිගෙ අත්වලින් මිදෙන්න උත්සාහ කලා…
බැරිම තැන මං මගෙ ඇගේ තියෙන ඔක්කොම ශක්තිය දාලා එයාව තල්ලු කරලා දැම්මා…එයා විසිවෙලා ගිහින් වැල්ලට වැටුනා…

මට මං ගැනම පිලිකුල් හිතුනා…මං මේ ලොකේ වෛර කරන මනුස්සයෙක්වයි මං අද කිස් කලේ…මං අපිරිසිදු උනා වගෙ හෑගීමක් මට දැනුනේ…මං සාක්කුවේ තිබ්බ ලේන්සුව අරන් පිස්සුවෙන් වගේ මගෙ තොල් පිහිදුවා…

“චීටර්…😡 ආයෙත් මගෙ ඇස් දෙකට පේන්න එන්න හිතන්නවත් එපා…මට තමුසෙව ඒ තරම් පිලිකුල්…අයි හේට් යූ…😡”

යුන්ගි වැල්ලෙ වැටිලාම ඇස් දෙකත් ලොකු කරන් මං දිහා බලන් හිටියා…කියන්න ඕන ටික කිව්වට පස්සෙ තව එක තත්පරයක්වත් එතන ඉන්න ඕන උනේ නැ…මං එතනින් එන්න ආවේ ආයෙ කවදාවත් මට ඒ මූන දකින්න ලැබෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන ගමන්…

——————————————
@Beach

“මොකක්ද බොස් ඒ උනේ…”

“ඒකනේ…එතකොට මූට කොල්ලො දෙන්නෙක් ඉන්නවද…?”

“මටත් හිතෙන්නේ…හැබැයි ගොඩක් අය දන්නෙ මුගෙ බෝයිෆ්‍රෙන්ඩ් අර පොඩි කොල්ලා කියලා…සමහර විට ඔය කොල්ලා අරුගෙ අනියම් පෙම්වත ද දන්නැ…”

“වෙන්නත් පුළුවන්…මොනාවා උනත් ඌ ගැනත් අවදානයෙන් ඉන්න…”

“බොස් අන්න අරූ මේ පැත්තට එනවා…”

“යමන් ඉක්මනට මෙතනින්…ඌ දකින්න කලින්…”

——————————————

යුන්ගි කොන්දත් අල්ලන් අමාරුවෙන් වැල්ලෙන් නැගිට්ටා…

“අම්මෝ කොන්ද…ඇයි හෝප් ඔයා මට මෙහෙම කරන්නේ…ඔයා අඩුම තරමේ මං කිව්ව දේවත් හරියට අහන් හිටියේ නැ…😑”

යුන්ගි ඇස් වල කදුලු පුරවන් ඈත යන හෝප් දිහා බලලා හිතින් හීල්ලුවා…

“යුනී හියුන්…..මොකද උනේ කතා කරාද…මොකද කිවෙ…කෝ හෝප් හියුන්…”

ටේ කොහෙදෝ ඉදන් දුවගෙන ඇවිත් යුන්ගි අතේ එල්ලුනා…

“අඩෝ මොකද උනේ…උබ කිව්වද…?”

ටේ එනකොටම වගෙ ඇවිදින්න ගිය සෙට් එකම ආයෙ ආවා…

“මොකෝ වැඩේ අවුල් ගියාද..?”

“යුන්ගි හියුන් ඇයි මේ කටෙන් ලේ එන්නෙ…”

කුකීගෙ කෑගැහිල්ලටයි හැමෝම යුන්ගිගෙ මූන දිහා ඕමනාවෙන් බැලුවේ…යුන්ගිගෙ ඇස්වල කදුලු…

“වැඩේ අනන් වගෙ…”

ජින් ඉනට අත් දෙකත් තියන් යුන්ගි දිහා බලන් හිටියා…ටේ අඩ අඩ එයාගෙ ලේන්සුවෙන් යුන්ගිගෙ ලේ පිහිදුවා…

“මොකද උනේ යුන්ගි…?”

“නම්‍යු මං හෝප්ට කතා කලා…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………..ඊටපස්සෙ එයා ගියා…😑😔”

“ඉට්ස් ඕකේ…හ්ම්…ඔහොම ඉන්නකො අපි මොනවා හරි කරමු…හ්ම්..”(ming)

“ඒත් එයාව කැමති කරගන්න ලේසි නැ…එයා මට වෛර කරනවා…”

“අනේ ඔය කිව්වට එහෙම නැ යුනී හියුන්…”

“ඒත් ටේ…”

“ටේ කිව්ව එක ඇත්ත යුන්ගි හියුන්…
එයා කෑගැහුවට ඔය පෙන්නන තරම් නපුරු කෙනෙක් නෙවෙයි…”

“ඔව් බන්…ඔයා බයවෙන්න එපා…හැමදේම විසදෙයි ඉක්මනට…”(Jin)

“හරි හරි…කට්ටයම යන් දැන්…පාන්දර 1ත් පහුවෙලා…”

මින්ග් වේලාව කිව්වමයි කට්ටියට ගෙදර යන්න ඕන කියලා මතක් උනේ…

“යමු…”

“ජින්…හෝප් ගෙදර ගියාද දන්නැ…?”

“එයා ගිහින්…මං නම්ජුන් අංකල්ට මැසෙජ් එකක් දාලා බැලුවා…”

“හ්ම්..තැන්ක්‍යු බන්….”

හැමෝම පාර්ක් එකට ඇවිත් තමන්ගෙ වෙහිකල් වලින් ගෙවල් වලට එන්න පිටත් උනේ
කරපු කිසිම දෙයක් හිතුව තරන් සාර්ථක නොවුන එකේ වේදනාව කට්ටයගෙම හිත්වල මුලු ගැන්වීලා තියෙද්දි…..

– YO –

💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

Hi Diamonds 💎 ,
දැන් තමා කතාව පටන් ගන්නෙ…😌
ලස්සන ලස්සන බකට් තියෙනවා ඉස්සරහට…

ඉක්මනට හම්බෙමු…

Bye…❤

Tags: read novel Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 8 💚, novel Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 8 💚, read Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 8 💚 online, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 8 💚 chapter, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 8 💚 high quality, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 8 💚 light novel, ,

Comment

Leave a Reply

Chapter 10